- Plot 23 -

By Bulbz_D

849K 112K 38.1K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -

- 113 -

7.6K 908 611
By Bulbz_D

" උබට තමා ඊයේ  මෙලෝ සිහියක් තිබ්බෙ නැත්තේ !! " 

" අප්ලොශ් එකෙන් එළියටවත් ගියාද දන්නැ.... වින්ද් ???? . "

" ඔව් ඔව් !! උබ ඊයෙ අච්චර නාඩගමක් නැටුවට පස්සේ මියුන් යන්න ඕනේ එළියට තමයි !! අනේ මේ !! "  අරවින්ද් බැන බැනම කන්ද නැග්ගේ පදුරු අතරින් පාර හදාගෙන....

" මං ඌව අල්ලගෙනනේ ඉදියෙ බං... බදාගෙන ඉදියේ........ අනෙ මගෙ කොල්ලා හොදි--"

" මේ !!!!!! නහයෙන් අඩන්න තියාගත්තොත් මිරිකනවා තොගේ බෙල්ල... වරෙන්.. " අරවින්ද් අඩිය ඉක්මන් කළේ ගවීෂ් නහයෙන් අඩන එක පැත්තට දාලා අරවින්ද් යන පැත්තටම හති දදා දුවද්දි... අරවින්ද්ගේ තියෙන්නෙ ලොකු කලබලයක්.. ඇත්තටම මියුන් කොහේ අතුරුදහන් උනාද කියන්න කොල්ලො දෙන්නාගෙම හිත්වල තියෙන්නෙ එක හා සමාන බයක්.... උදේ පාන්දර උන් දෙන්න හොදට බදන් ඇහැරෙද්දි මියුන් අතුරුදහන් වෙලා තිබ්බේ කිසිම සලකුණක්වත් නැතුව.....සේරටම වඩා, අරවින්ද් ට්‍රැක් කරලා තිබ්බ ෆෝන් එක පවා බූත බංගලාවෙම තියලා....!!

සනෝශ්ට කියල ආශාක්‍යසිංහ මැන්ශන් එක , ඩියෝන්ට කියලා වේඝර්ණ සීමාව දෙකම පීරෙව්වත් ඉර මුදුන් වෙනකන් මියුන්ගේ හෙවණැල්ලක්වත් හොයගන්න උරුමයන් දෙකට පුළුවන් උනෙ නැ... හිටගන්න වාරු නැති ගවීෂ්වත් ඇදගෙනම අරවින්ද් මේ බ්‍රින්ධව් කන්දට නැග්ගේ මේක තවදුරටත් කොහෙත්ම පරක්කු කරන්න හොද දෙයක් නොවෙන නිසා.... දැනටම ඕනවටත් වඩා අය මියුන්‍ ගැන දැනගෙන ඉද්දි , මේ තත්වෙ කොහෙත්ම සුළුවෙන් තකන්න කොල්ලෝ දෙන්නම ලෑස්ති නැ... උදේ ඉදන් පිස්සො දෙන්න වගෙ උන් දෙන්නා මියුන්ව හොයපු නැති තැනක් නැ.... !! ගවීෂ් ඉන්නේ ඕකාගේ කනට දෙකක් ගහලා බදාගෙන අඩන්න ඕනේ මානසිකත්වෙක.... මෙච්චර කල් නොකිව්වටයි මේ හිතුවක්කාර ගමනටයි....ඒත් අරවින්ද් ඉන්නේ මියුන්ව හම්බුනාම කෙලින්ම බෙල්ල මිරිකලා දිව උගුල්ලන්න බලන්...

" එතකොට මේ කොහෙද යන්නේ ? "

" මට උදව් ගන්න පුළුවන් එකම තැනට !! "  අරවින්ද් කිව්වේ එයාගේ කලබලකාරී ගතිය හංගගෙන....

" කතා කරද්දි වෙව්ලන්න එපා යකො !! තියෙන දශමෙක ගට් එකත් කැඩෙනවා !! ඌ හොදින් ඇති !!!...නේ ද ??  " ගවීෂ් පපුවේ බය හිරකරගෙන කිව්වේ අරවින්ද් කුණුහර්ප මුමුණ මුමුණම ගවීෂ්ව දකුණු බ්‍රින්ධව් කන්දේ පදුරු අතරින් උඩට තල්ලු කරද්දි.. කන්දේ මෙච්චර උඩකට ලේසියකට මිනිස්සු තියා සතෙක්වත් එන්නෙ නැත්තේ දරාගන්න බැරි තරම් තියෙන පදුරු ඝනත්වය නිසා.....ඒ මදිවට මීදුමයි හුළගයි !!!

" කොහෙද යකෝ ඔය කකුල තියන්නෙ !! " ගවීෂ් තදින් ඇහුවේ අරවින්ද් මෙලෝ සිහිකල්පනාවක් නැතුව තව පොඩ්ඩෙන් පල්ලමට පතබැවෙන නිසා... එක අතකට කොච්චර පීඩනේක ඉදියත් ගවීෂ් වගේ පිටට සන්සුන්ව ඉන්න බැරි අරවින්ද් ගොඩක් කලබලයි... එයා ගොඩක්ම කලබලයි....තියෙන අඩියත් එහා මෙහා වෙන තරමට... ගවීෂ් ඒකේ අනිත් පැත්ත.... හිත ඇතුළ ටොනාඩෝව වගේ විනාශකාරී විදියට නොසන්සුන් වුනාට ගවීෂ්ගෙන් පිටට පේන්නෙ හිටවපු ගල්පිළිමෙක වගේ පෙනුමක්....

අමාරු හරිය නැගලා උඩටම ආපු උරුමයන් දෙක නැවතුනේ දිය ඇල්ලේ උල්පත පටන් ගන්න තැනින්.... ගවීෂ් මෙතන දකින පළවෙනි වතාව... ශුද්ධ වු ජලය ගන්න ඕනේ හරිම තැන තමයි මේක.. ඒත් අවුරුදු ගාණක ඉදන් එයාලා යාදම් වතාවත්වලට වතුර ගත්තේ මීට පහළින්..... එක එක පැතිවලට විහිදුන පුංචි දිය සීරාවන් දිහා බලපු අරවින්ද් , පුරුදු විදියට වම් පැත්තට හැරුනේ උල්පත දිගේ සැලකිය යුතු දුරක් ඉස්සරහට ගිහින්.. කන්දක මුදුනට කොහෙත්ම නොගැළපෙන මේ පරිසරය ගවීෂ්ට තාමත් ප්‍රශ්නයක්.... අරවින්ද් මේ යන්නේ කොහෙටද කියන්න එයාට කිසිම අවබෝධයක් නැහැ.. ඌ දන්නේ සීතලට නහය බ්ලොක් වෙලා කිසිම විදියක ඉවක්වත් නොදැනෙන බව විතරයි..... ඒත් ඒ සීතල ඇග ඇතුළෙන් දැනෙන භයානක සීතලට වඩා ලෙවල් එකක් පහලයි තිබ්බේ.....

එතනින් එහාට තිබ්බේ මලානික අදුරු බවකට හිමිකම් කියපු උසගස් !! කන්දක් උඩ කොහොමද උස ගස් හැදුනේ ?? මලානික ඉර එළිය හරි ලෝබකමට පෙරල එවපු තුරු වියන යට තිබ්බෙ ඝන කළුවරක්... අඩියට වැඩියෙන් පෑගෙන්නෙ හියුමස් තට්ටුව.... ඒක නිසාම කොළ රොඩු අතරින් තියෙන තියන හැම අඩියම ටිකක් ගැඹුරට බහිනවා.... අරවින්ද් ඇවිදින වේගෙකට සම කරන්න ලේසි නැ.. ඌ මේ පාරවල්වල කරක් ගහලා තියෙන්නෙ වතාවක් දෙකක් නොවන බව උගේ පළපුරුද්දෙන්ම ගවීෂ් කියවගෙන ඉවරයි..... ඔව් ,බ්‍රින්ධව් කන්ද එක්ක අරවින්ද්ගේ තියෙන ගනුදෙනු සංකීර්ණයි....

සැලකිය යුතු වෙලාවක් අදුරු වනාන්තරය මැදින් ඇවිදන් ආපු අරවින්ද් අන්තිමේදි නැවතුනේ එයාල මෙච්චර වෙලා පහුකරපු තුරු වියනට හාත්පසින්ම වෙනස් තුරු වියනක් යට.... පිටින් බැලු බැල්මටම ඒක සිමා මාලකයක් වගේ..... මොකකට හරි සීමා තියපු.... ඒත් එතනින් එහාට ඉස්සරහට යන්න පුළුවන් බවක් ගවීෂ්ට නම් පෙනුනේ නැ .... මොකද ඒ තුරු බාධකය සම්පූර්ණයෙන් පාර අවුරලා... හරියට වංකගිරියක ඩෙත් එන්ඩ් එකක් වගේ.... ඒත් අරවින්ද් හති දදා නැවතුනේ අන්තිමට සීමා මාලකය දැක්ක එකට සෑහෙන සැනසීමෙන්...

" වරෙන්... " අරවින්ද් කතා කළේ ගවීෂ් උට කුණුහර්ප කියන්න කට හදාගන්න කලින් අරවින්ද් කිසිම ගාණක් ඇතුව තුරු බාධකය හරහා යද්දි... අරවින්ද් අඩිය තියද්දි එතන තිබ්බ තුරු වියන දෙපැත්තට උනේ මෙච්චර වෙලා එතන නොතිබුන මාවත ගවීෂ්ට නිරාවරණය කරලා.... ඒක මොන විදියක දෘෂ්ඨි මායාවක්ද !!! ආශාක්‍යසිංහලා ගස් වැල් එක්ක ගනු දෙනු කරනවා ගවීෂ් දැකලා නැතුවම නෙවේ.. එයාලට සත්තු එක්ක තිබ්බ ඒ බැදිම ආශාක්‍යසිංහලාට ගස් එක්ක තිබ්බා.. ඒත් කලින් මේවා ඕන තරම් දැකල තිබිලත් ගවීෂ් කට ඇරන් පුදුම වෙන එකට රවපු අරවින්ද් ගවීෂ්ව ඇතුළට ඇදලා ගත්තෙ එයාලා මැදට ආපු පරක්කුවට තුරු බාධකය ආයේ එයාලව පිට ලෝකෙන් එයාලව වෙන් කරද්දි...  හෙනම විකාර ප්ලේස් එකක්නේ මේක.... !!

" ඩැම්න් !! මේ කොහෙද යකො !! "  ගවීෂ් ඇහුවේ අරවින්ද් ඒ සැරේ නම් උත්තරයක් දෙන්න නැවතෙද්දි....

" නියුධාශ්‍රමය.... " අරවින්ද් උත්තර දුන්නේ ගවීෂ් මෙච්චර වෙලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තිබ්බ අඩි එහෙමම ගල් වෙද්දි... හරියට තව අඩියක්වත් ඉස්සරහට තියන්න එයාට අයිතියක් නෑ වගේ හැගීමකින්... වේඝර්ණලාගේ අතීත පුද දෙවොල උන වලෝර දෙවොල වගේම , නියුධාශ්‍රමයට තිබ්බේ ඒ හා සමාන ඉතිහාසයක්.. දැන් නම් එයාලා පහුකරපු තුරු බාධක සීමා මාලකය ගැන ගවීෂ්ට සැකයක් නැහැ....

" නියුධා....ශ්‍රමය ??? ..... වේඝර්ණලාට තහනම් නේද ? " ගවීෂ් ඇහුවේ එයා තව ඉස්සරහට යන්න ඕනෙද කියලා හිතාගන්න බැරුව.....

" මාව වලෝර දෙවොල ඇතුළට ගත්තේ උබේ හොල්මන වෙන්නැති එහෙනන් !!  වැල් බයිල නැතුව වරෙන් වීෂ්... ඉක්මනට කොල්ලව හොයගන්න ඕන... ! " අරවින්ද් කිව්වේ ගවීෂ්ව ගස් අතරින්ම ඉස්සරට තල්ලු කරන ගමන්.. සැහෙන ඝනකම තුරු බාධකය මැද්දෙන් ගමන් කළාට පස්සේ උරුමයන් දෙක නැවතුනේ තරමක එළිමහනට විවෘත වුන ..... අහ් !! ගවීෂ්ගේ වචනවලින් අනුව නම් පිස්සු හැදෙන තරම් ලස්සන තැනක... මේ වෙලාවේ එයාලා ඉන්නේ කලබලෙන් නෙවේ නම් හැමදේම ගස්වලින් නිර්මාණය වෙලා තිබ්බ මේ තැනගොඩක් වෙලා වර්ණනා කරන්න බැරි නැ.... ඒක නිකන් වෙනස්ම විදියක තුරුලතා කලාගාරයක් වගේ....!!

" මේක තමයි නියුධාශ්‍රමය ආශාක්‍යසිංහලා පිස්සුවෙන් වගේ හොයන ගොඩක් රහස්, හැංගුන තැන... "  අරවින්ද් මිමිණුවේ ආඩම්බරකාරී හැගීමකින් උනාට තමන් දැක්ක දේ නිසා ගවීෂ් ඉදියේ තවදුරටත් අරවින්ද්ව අහන්න පුළුවන් මානසිකත්වෙන් නෙවේ.... කිසිම වචනයක් නැතුව ඌ අරවින්ද්ගේ බාහුවෙන් අල්ලගත්තේ ඇගම දරදඩු වෙච්ච හැගීමට..... අරවින්ද් ඒ පැත්තට ඔළුව හැරෙව්වේ එයත් එතනම ගල් ගැහෙන්න තරම් එ දර්ශනය ප්‍රබල නිසා....

මියුන් !!

නෑ !!  ඒ කොළ පාට ඇස් එයාල දිහාවට එල්ල වෙලා තිබ්බේ වෙන කිසිම බාධාවක් නැතුව... මියුන් වටේ ශක්ති රික්තකය උරුමයන් දෙකටම දැනෙනවා.. මියුන්ගේ පහළට බරවුන අතේ තිබ්බේ කොහෙන් හරි කඩාගත්ත මල් කිණිත්තක් ?? අහ් නෑ !! මියුන්ගේ අතේ තියෙද්දිම තවදුරටත් ජීවයෙන් ලියලන විදියේ මල් කිණිත්තක්....!! ඒ ඇස්වල තියෙන්නේ පැහැදිලි ප්‍රශ්නාර්ථයක්....!!

මියුන්ගේ කොළ ඇස් අදුරගන්න පරක්කුවට අරවින්ද් ගවීෂ්ව කවර් වෙන්න උගේ ඉස්සරහින් හිටගත්තේ මියුන් එක්ක හැප්පෙන්න උන් දෙන්නාම එකට තිබ්බත් කොහෙත්ම බැරි බව දන්න නිසා... ඇරත් කිසිම විදියකින් ඌත් එක්ක ඝර්ෂාත්මය තියෙන ගවීෂ්ව රිස්ක් කරන්න අරවින්ද් ලැස්ති නැහැ...

" කවුද එයාව කන්ට්‍රොල් කරනවා ඇත්තේ ?? "  අරවින්ද් ගොඩක් කලබලයි.... මේක උරුමයන් දෙකටම තිබ්බ ලොකුම බය කිව්වට වැරදි නැහැ....එයාල දෙන්නම ගොඩක් බය උන දේ සිද්ධ වෙලා ??? මියුන් එක්ක හැප්පෙන්න ?? උරුමයන් දෙකම ඒක ගැන හිතන්න පුළුවන් තත්වෙකවත් නැහැ... අරවින්ද්ගේ ධාහන්රා එක දුර්වල වෙද්දි සහ ගවීෂ්ගේ මනවිශත් එක්ක කොහෙත්ම නෑ !!! ඒක දරුණු විදියට මැරෙනවට කියන තනිපදයක් !! ඒත් ගවීෂ් ඉවසීමෙන් මියුන් දිහාවට ඇස් ගෙනිච්චේ ඒ ඇස්වල වෙනදට වඩා වෙනසක් කියවන්න පරක්කුවට....

" තිමෞර්ය ! " මියුන්ගේ තොල් අතරේ මිමිණුනේ එයාගේ බෙල්ලේ තාමත් එහෙමම තිබ්බ මාලේ ගවීෂ් නෝට් කරගන්න පරක්කුට... මාලේ බෙල්ලෙ තියෙනව... !!! ඒත් !!ඒත් ඇස් ? ඒ ඇස් කොළ පාටයි ...මියුන් වටෙ තියෙන්නේ අමුතු විදියක දිස්නයක්.. වගේම ශක්ති ආකර්ෂණයක්.... ඒ මියුන් !! ජස්ට් මියුන්... එයාගෙ ඇත්තම විදිය... ඝර්ෂාත්මයෙන් එයාව නොබැදුනා නම් බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ ඇත්තම විදිය... එයාලගෙ පුරාවෘත්තවල වගේම ආඩම්බරකාර තනි හරිත ඇස් , එයා වටේ වෙනස්වෙන අමුතු පරිසරය !! කිසිම කෙනෙක්ට අසමසම ශක්තිය... ආධිපත්‍යය !! ඒ හැම දේම කරට පොඩි සයිඩ් බෑග් එකක් දාන් , ඉදිය කොල්ලගෙන් දැන් පැහැදිලිව පේනවා.... කොටින්ම ගවීෂ් දැන් ගොඩක් වෙලා බලන් ඉදියේ මියුන්ව පළවෙනි වතාවට නේක්ඩ් දකිනවා වගේ ෆීලින් එකකින්...!! මොකද මේ ඉන්නෙ මියුන් ආඝර්ව !! ඇත්තටම මියුන් ආඝර්ව ආශාක්‍යසිංහ....

" උගේ මාලේ තියේ !! " ගවීෂ් සෑහෙන වෙලාවකට පස්සේ මිමුණුවේ අරවින්ද් නළල රැලි කරද්දි..... අරවින්ද්ගේ ප්‍රශ්නාර්ථයකින් පිරුන ඇසුත් ඊළගට එල්ල උනේ මියුන්ගේ බෙල්ලේ තිබ්බ කළු පාට නූල දිහාවට....

" මියුන් ? "  අරවින්ද් කතා කළේ මියුන් එක පාරක් ඔළුව වනලා ඒක තහවුරු කරද්දි... මියුන්ගේ සන්සුන් ගතිය එක්ක එතන ඇතිවුනේ දරුණු ඝනයේ නිශ්ශබ්දතාවයක්.... මියුන්ගේ කොළ පාට ඇස් එයාලා දිහාවට එල්ල වෙද්දි එයාලට දෙන්න උත්තරයක් නැ බව තේරුන උරුමයන් දෙකම ඉක්මනිම අහක බලාගත්තේ වරදකාරි හැගීමකින්... තහනම් වංශිකයෙක් උනත් බර්ඩ්‍රොමිඩා කෙනෙක් කියන්නේ උත්තරීතර ආත්මයක් නිසාම ගවීෂ් අරවින්ද් දෙන්න අතරේ තිබ්බේ සෑහෙන නිශ්ශබ්දතාවයක්.... ඊට අමතරව මූණට අහගෙන යන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක්... එතකොට මියුන් තමන් ගැන හරියටම දන්නවා ? මියුන්ගේ කටින් පිටවුන සමහර වචන මතක් වෙද්දි ගවීෂ් තවත් අරවින්ද්ගේ පස්සට උනේ මේ දැන් ගුටිකන්න වෙයි කියලා ඔළුවෙන් ලැබෙන අමුතුම විදියේ වෝනින් එකට... මියුන් එක අඩියක් තිබ්බත් ඇති අරවින්ද් ගවීෂ් දෙන්නම ඔටොම අඩියක් පස්සට උනේ පොඩි කාලේ ඉදන්ම බර්ඩ්‍රොමිඩා පුරාවෘත්ත ගැන අහලා තියන කතන්දර හිත්වලට දාලා තිබ්බ අමුතු බය නිසා... ඒත් --

" අරවින්ද් ශනාර්ග ආශක්‍යසිංහ !! " මෙච්චර වෙලා නිහඩව තිබ්බ ආශ්‍රමයම  ඒ සද්දෙට හෙල්ලිලා ගියාද කියන්න ගවීෂ්ට සැකයි .... අරවින්ද් වගේම එයත් ඒ හඩ ආපු පැත්තට හැරුනේ සෑහෙන වේගෙකින්.... තනිකරම ස්වේත සළුවලින් සැරසිලා ඉදපු ඇගේ ඇස් නම් කේන්තියටම රතු වෙලා....

" මාස්ට-- " අරවින්ද් මිමිණුවේ ඇය ආයමත් අරවින්ද් දිහාවට කඩන් පනිද්දි....

" මං ඇහුවේ !!! තමුන්ට කොච්චර හය්යක් තියෙන්න ඕනෙද මෙතනට වේඝර්ණ කෙනෙක්ව එක්කන් එන්න !!!! ඒකත් වේඝර්ණ උරුමය!!!!!!! අහ්හ් ??? "

" ඒත් මාස්ට....." අරවින්ද් වචන ඇහිලුවේ ගවීෂ් දිහා බලන්නවත් කරදර නොවී... එයා තාම නිදහසට හේතු අවුස්සනවා...  පැත්තකින් තවමත් ඇගේ ඇස නොගැටුනාදෝ සැක මියුන් ... අනිත් පැත්තෙන් ඇය.. එතන කොහොමටත් තිබ්බේ නොසන්සුන් වාතාවරණයක් !

" වේඝර්ණලා එක්ක ඒත් මේත් ඕනෙ නැහැ !! " ඇය ආයෙම ගිගිරුවේ ගවීෂ් සේරම ගට්ස් එකතු කරන් ඇයට ආචාර කරද්දි....  සමහරවිට මේ කවුද කියල ගවීෂ් අනුමානයක් අරන් ඉවරයි.....  අරවින්ද්ට බ්‍රින්දව් කන්දට තිබ්බේ සම්බන්ධේ... අරවින්ද්ගෙ වේද ඔසුව... වාත කලම්පන හැකියාව !! තමන්ගේ අනුමානේ හරි නම් මේ ඇයම වෙන්න ඕනෙ බව ගවීෂ් දන්නවා.. ඇයගේ ඇස් වේඝර්ණ උරුමය ගවීෂ් දිහාවට එල්ල උනේ සෑහෙන සිහින් වෙලා...

" මාස්ට නාල්‍යා... ? " ගවීෂ් මිමිණුවේ අරවින්ද් ඇස් ලොකු කරද්දි..... අරවින්ද් විශ්වාස කරගන්න බැරුව ගවීෂ් දිහා බැලුවේ එයා ඒක විශ්වාසෙන් මුමුණපු විදියට..... එයා විතරක් නෙවේ මාස්ට නාල්‍යා පවා ඒකට ගැස්සුනා කියල ගවීෂ් නොදැක්කම නෙවේ....

" ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි !! එහෙනම් ඔබට ඔහුව මුණ ගැහෙන්න ඇති ? උබලගේ ලැජ්ජාවක් නැති වේඝර්ණ උරුමය ? " නාල්‍යා කතා කලේ උපහාසයෙන්.... ඔහ්... මේ ඒ අයෝද්මටද ඒම කිව්වෙ.... අහ් !! එහෙනම් අද්-භූත කපල් එක එච්චර හොදින් නෙවේ වගේ.....

" දැනට දෙවතාවක් ඔව්, මං හිතන්නේ... මාස්ට නාල්‍යා. "  ගවීෂ් සන්සුන්ව උත්තර දුන්නේ වෙනස් නොවුන ස්ථිර කටහඩකින්....

" මොකක්ද වෙන්නෙ මාස්ට නාල්‍යා....මාස්ට නාල්‍යා ගවීෂ්ව කලින් දන්නවද ?? " අරවින්ද් ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව ..... ඇය අරවින්ද්ට උත්තර දෙනව වෙනුවට ඇගේ ඇස් නැවතුනේ වේඝර්ණ උරුමය ගාවින් හිටගත්ත හරිත ඇස් දෙක ඇස ගැටෙන පරක්කුවට....... ඇගේ ඇස්වල ක්ෂණික වෙනස්වීමටයි , මියුන්ගෙන් දැනෙන ශක්තියටයි ගවීෂ් අඩියක් එහාට උනෙ අරවින්ද්ගේ පැත්තට... මොකද , මියුන්ගේ ඕරා එක හරි අමුතු විදියට එයාව දුර්වල කරනව ගවීෂ්ට හොදටම දැනෙනවා.... ඒක හරියට කාන්දමකින් දැනෙන ආකර්ෂණයක් වගේ දෙයක්.....

" මියුන් ආඝර්ව ආශාක්‍යසිංහ .... " ඇය ආශාක්‍යසිංහ කියන කොටස හිතලම බර කළාදො ගවීෂ්ට නිකමට නොහිතුනා නෙවෙ... ඒ ඇස්වල තියෙන බැල්මත් වේදනාවත් , සංවේදිකමත් පිරුන බැල්මක්... ඉතින් ඒ ඇයනේ !! මීට කලින් මරලා දාපු බිළිදු හරිත ඇස්වල මව... මියුන් ගැන උනත් ඇයගේ ඇස්වල ඇදෙන්නේ ඊට නොඅඩු වුන සෙනෙහසක්.... මියුන්ගේ හරිත ඇස්වල කොච්චර උනත් තියෙන ප්‍රශ්නාර්ථය නිසාම ගවීෂ් මියුන්ව පස්සට කරගන්න අත දික් කලත් ඒ වෙනකොටත් මාස්ට නාල්‍යාගේ අත මියුන්ගේ හැගීම් විරහිත කම්මුල්වල මෘදුව ස්පර්ශ වෙලා ඉවරයි.... ගවීෂ් මොනාම හරි කියන්න කට ඇරියත් අරවින්ද්ගේ රැවිල්ලට කට පියාගත්තේ ඇය සන්සුන්ව මියුන්ගේ කම්මුලට අත තියල බලාගෙන ඉද්දි.... අනේ අයෝද්ම අංකල් !!!! මේක දාරක සෙනෙහෙ බැරි නන් මොකක් හරි වෙන්නැති ඒත් !!!! .... මියුන්ව මේම අල්ලන්න දෙන්න බෑ.... ම්හ්....

ඇය කම්මුලට අත තියද්දි මියුන් පාර වැරදුන පොඩි ළමයෙක් වගේ උරුමයන් දෙක දිහාවට හැරුනේ අරවින්ද් ගවීෂ් දෙන්නම දෙන්න උත්තරයක් නැතුවම බලන් ඉද්දි.. අරවින්ද් නම් මියුන් දිහා සංකීර්ණ බැල්මකින් බැලුවට මොකද ගවීෂ් නම් කෙලින්ම බිම බලාගත්තේ මියුන්ගේ කොළ පාට ඇස්වලට මූණ දෙන්න බැරිකමට.....

" මාස්ට නාල්‍යා..  ? . " මියුන් අන්තිමට ඇය දිහා බලන් මිමිණුවේ ඇය ඉක්මනින්ම මෘදුව ඔළුව වනද්දි......

" මගේ තාත්තා , භාතිය ආශාක්‍යසිංහ කියලා තිබුනා ඔයාව මුණ ගැහෙන්න කියල... " 

" ඇහ් ? "  " එහ්හ් ? "  ගවීෂ් අරවින්ද් දෙන්නම මූණට මූණ බලාගත්තේ මියුන්ගේ වචනවල කිසිම සැකයක් නොතිබුන නිසා... අරවින්ද්ගේ මූණේ තියෙන උබද මෝඩයා මමද මෝඩයා බැල්ම කියවගත්ත ගවීෂ් උට රවලා අහක බලාගත්තේ අරවින්ද්නුත් කුතුහලේ වැඩිකමට නොඉවසිල්ලෙන් නළල රැලි කරද්දි....

ඇය උත්තරයක් දෙනවා වෙනුවට මියුන්ගේ ටී ශර්ට් එක අස්සෙන් අත දාලා සුරය එළියට ඇදලා ගත්තේ ගවීෂ් ඇස් දෙක ලොකු කරද්දි..... ඇය ඒක ගලවලා අතට ගත්ත එකට නම් මියුන්ගෙන් එල්ල උනේ සෑහෙන විරෝධයක්.... එයා සෑහෙන මුරණ්ඩු විදියට පස්සට වෙන්න හැදුවත් සුරේ අතට ගත්ත ඇය ඒකෙන් ගවීෂ්ගේ ඇගටම දමලා ගැහුවේ අරවින්ද් පවා තිගැස්සෙන තරම් කේන්තියකින්... සුරේ එයාගේ වම් කම්මුලේ කැපුමක් ඇති කරලම බිම වැටෙන්න ගියත් , ගවීෂ් ඒක පපුව හරියට තද වෙන්න අල්ල ගත්තේ සෑහෙන ඉවසීමකින්.... එයාගෙන් වෙන්වුන සුරේ දිහා කම්පනයෙන් බලන් ඉදපු මියුන්ගේ ඇස් මග ඇරපු ගවීෂ් ඊළගට  කෙලින්ම මාස්ට නාල්‍යා බැලුවේ සංකීර්ණ බැල්මකින්....

" ඝර්ෂාත්මය !!! උබලගේ ඔය ජරා රැවටිල්ල නියුධාශ්‍රමයේ සීමාවට අදාළ නෑ වේඝර්ණ !! " ඇය ගිගිරුවේ ගවීෂ් නිශ්ශබ්දවම සුරය අතට මිටි කරගෙන පහළට ගනිද්දි.... එයා ඒ අදහස් කළේ නියුධාශ්‍රමය සීමාවට ඝර්ෂාත්මය බල රහිතයි කියන එකද ? ඒකද මියුන් සාමාන්‍ය ?

" ඒත් මාස්ට නාල්‍යා -- " අරවින්ද් ගවීෂ්ගේ පැත්තට හේතු කියන්න ඉදිරිපත් උනත් ඇගේ පැහැදිලි අනතුරු ඇගවිමක් තිබ්බ බැල්මට ඉක්මනින්ම නිහඩ වෙන්න අරවින්ද්ට සිද්ධ උනා....

" මේ කොල්ලව රූකඩයක් කළාම සතුටු ඇති වේඝර්ණලාට නේද ? " ඇගේ ප්‍රශ්නේ එල්ලවුනේ ගවීෂ්ට... ගවීෂ් සුරේ මිට මොළවන් නිශ්ශබ්දව බලන් ඉදියේ ඇගේ ඇස් දිහා.. කෙලින්ම ඒ දිහා... තමන් වැරැද්දක් නොකළ බව විශ්වාස තැන ගවීෂ් කොහොමටත් ලෑස්තිත් නැ ඒක පිළිගන්න... ඝර්ෂාත්මය හැදුන විදිය ගවීෂ් හරියටම දන්නව.. ඒත්  මියුන් පියවි සිහියෙන් ඉන්න වෙලෙ එයාගේ නිදහසට හේතු කියන්න ගිහින්, කොල්ලගේ අම්මයි තාත්තයි අතර පැරුන තුවාලවලින් උට රිදෙනවට ගවීෂ් පොඩ්ඩක්වත් කැමති නැ කිව්වොත් වැඩියෙන් හරි...

" සේරම වේඝර්ණලාගේ සැලසුම්.... හිටපු උරුමයේ ඉදන්ම එහෙමයි... තමන්ගේම දරුවට මේම කරන්න තරම් තිරිසන්නු!! ගවීෂ් තිමෞර්ය උබත් එච්චරයි .... ලැජ්ජාවක් නැති-- "

" අහේම්...... සමාවෙන්නෝන බාධා කරනවට !!! ගොඩක් කාර්‍යබහුල හෝරාවක් වගේ මේ සොදුරියට !! තවත් අමුත්තෙක්ව පිළිගන්න බැරි කමක් නැහැනෙ ?? " එයාලට උඩ වියනේ අතු පතර අතරේ ඇහුන හුරුපුරුදු කටහඩට අරවින්ද් පවා ඔලුව ඉස්සුවේ නාල්‍යාගේ කම්මුල් දෙකේ රතු පාටටත් ඇස් දෙක නිල් පාටින් කේන්තියටත් දිලිසෙද්දි....

" අයොද්ම !!!! කාගේ අවසරයකින්ද තා-- " ඇය කේන්තියෙන් සම්පූර්ණ කරන්න කලින්ම අයෝද්ම සැහෙන පිම්මකින් ගහෙන් බිමට බැන්නේ ගවීෂ්ට අනුව....... මී පැණි බේරෙන හිනාවක් දාගෙන.... අයෝද්මව මියුන් අරවින්ද් දෙන්නම කලින් දැකලා නැතුව නෙවේ... ඒත් අයෝද්ම මෙතනට ආපු එකගැන අරවින්ද් නළල රැලි කළේ ගවීෂ් කට අයිනෙන් හිනා වෙද්දි... දැන් ඉතින් ස්ටේජ් ඉස් යෝර්ස් ගවිස්... නැත්තන් මුන් හිතන්නේ අපි කොණ්ඩේ බැදපු චීන්නු කියලනේ....

" දෙවියනේ.... තව පොඩ්ඩෙන් ඔන්න මගේ තැලුම්වලට බෙහෙත් කරන්න වෙන්නේත් ඔබටම තමයි සොදුරිය.... මොකක්ද කියන්න ගියේ..... අහ්හ් එතකොට මේ ආශක්‍යසිංහ නෝනලා මහත්තයලා එක්කහු වෙලා මගේ වේඝර්ණ කොල්ලාට මෙම සලකන එක හරිද මං අහන්නේ ? " ගවීෂ්ගේ ඉස්සරහින් හිටගෙන අයෝද්ම ඇහුවේ ගවීෂ් මොනව කියන්නද කියල හිතගාන්න බැරුව බලන් ඉද්දි... අයෝද්ම අංකල් ආපු එක හොදද ......නරකද ... මොනව උනත් නාල්‍යාගේ කෙන්තිය විහිළුවට ගන්න දෙයක් නම් නෙවේ.... අනික අයෝද්ම අංකල් මෙච්චර ආතල් පොරක් උනේ කවදා ඉදන්ද ?? එයාගෙත් මාස්ට නාල්‍යා ඉස්සරහ තියෙන්නෙ වෙනම ලයින් නෙව...

" මොකක්ද තමුන් කියන්නේ අයෝද්ම ?...... "

"  මේ දරුවගේ සිද්දියේදි සිනල්‍යා වේඝර්ණාරච්චි වැරදියි කියල මගේ වේඝර්ණ කොල්ලාට ඒත්තු ගන්නලා මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නෙ කවුද....පොඩ්ඩක් ඉන්නා සොදුරිය කවුද නම ඔයාගේ ?? හිමාන්ථා ? අහ්හ් නැ... ත්‍රිකලා ? නැ... ඔයා රෝස පාටට කැමති නැහැ නෙව... අම්.... හේලාසා නේ... ? " මාස්ට අයෝද්ම ඇහුවේ ගවීෂ් අරවින්ද් දෙන්නා මූණට මූණ බලාගනිද්දි... අංකලුත් පවුලේ නම්බුව නානවනෙ ඉතින් ඇදගෙන... නමවත් මතක නෑ කිව්වම මාස්ට නාල්‍යාගේ කේන්තිය ලෙවල් කිහිපයකින්ම නගින්න ඕනේ !!...

" මම දහයට ගනින්න කලින් නුඹ පිටවුනේ නැතිනම්.........." නාල්‍යා ආයෙමත් තර්ජනය කලේ අයෝද්ම සන්සුන්ව මියුන්ගේ කරටත් අතදාගෙන කොල්ලව පොකුණ උඩින් වාඩි කරවගන්නවා බලාගෙන....

" ඇයි ගියෙ නැත්තන් මොකද ???? ඇයි මාව ගෝනි බිල්ලෙක්ට දෙන්නද.... චහ්.....ඕක ඔයගේ ප්‍රසිද්ද උදාන වාක්‍යය නේ නාල්‍යා.... කේන්ති ගන්න එපා මට නම මතකයි දෙවියනේ.... " අයෝද්ම පොඩි එකෙක් ගානට කිව්වෙ උගෙ ඇත්තම වයසයි, ඇත්තටම අයෝද්ම ආත්මයක් විත්තිය දන්න ගවීෂ් පවා කට ඇරන් බලන් ඉද්දි....ඔව් !! අවුරුදු දහස් ගාණක් තිස්සේ පරම්පරා දෙකෙන් මැරිඩ් කපල් එකකින් වෙන මොනවද තමුසේ බලාපොරොත්තු උනේ ගවීෂ්.....?

" මාස්ට නාල්‍ය....? " අරවින්ද් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඇය දිහාවට හැරුනේ ඇය බිම තියෙන අදෘත්‍යමාන වැලිවලට පයින් ගහලා පහත අත්තක තිබුනු ඇගේ තුරු වදුල් අසුනේ ගාම්භීරව අසුන් අරගන්නව බලාගෙන....

" බොහොම හොදයි...." අයෝද්ම අගය කලේ මියුන්ගේ කරට අත දාන්ම අරවින්ටයි ගවීෂ්ටයි වාඩි වෙන්න කියල සන් කරන අතරේ....වෙන කොහෙද ඉතින්.... බිම තණ බිස්සේ මිසක්... ගවීෂ් අරවින්ද් දිහා බැලුවේ අරවින්ද් ඌවත් ඇදන්ම බිමින් වාඩි වෙද්දි... එතන පොඩි කවයක් නිර්මාණය උනේ ලොකු කතාවක් වෙනුවෙන් බව උරුමයන් දෙක දන්නව... ගවීෂ් දැනට හොරෙන් මියුන් දිහා බැලුවේ දෙතුන් පාරක් නෙවේ....

" හොදයි , අපි පොඩි අතීත කතාවක් කියන්න රැස් වෙලා ඉන්න මේ සුන්දර මොහොතේ ,........... ඔය ළමයි තුන්දෙනා සමාවෙන්න මම මිනිත්තුවකට බාධා කරනවට.... කෝ ඔබේ ජේඩ් පළදනාව නාල්‍යා ? "අයෝද්ම පැහැදිලි අමනාපය පළ කරන කටහඩින් ඇහුවේ ගවීෂ් අරවින්ද් මියුන් මූණට මූණ බලාගනිද්දි..... උන් තුන් දෙනා මූණට මූණ බලාගනිද්දි මාස්ට අයෝද්මගේ ඇස් එල්ල වෙලා තිබ්බේ මාස්ට නාල්‍යා දිහාවට...

" අරවින්ද් !!සර්පයා දුටුවෙහිද ? " ගවීෂ් මිමිණුවේ ඇහෙන නෑහෙන ගානට...

" දුටිමි.. දුටිමි ... පැණි බේරෙන දඩු බෑයකි..... "  අරවින්ද් උත්තර දුන්නේ අයෝද්මයි නාල්‍යායි තවමත් කෙලින් දෙන්නට දෙන්න  ඇස් දිහා බලාගෙන ඉන්න නිසා....

" අතකින් පළවැලකි , අතකින් දඩු බෑය !! "
" මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය !! " අරවින්ද් ගවීෂ් දෙන්නාම පුපුරලා ගියපු හිනාව හිර කරගත්තේ මාස්ටර්ස්ලා  දෙන්න ඉක්මනින්ම අහක බලාගනිද්දි... මාස්ට අයෝද්ම බිම බලාගෙන හිනා වුන විදියයි , මාස්ට නාල්‍යා කේන්තියට නහය රතු කරගත්ත විදියටයි ගවීෂ්ට නිකන්ම බැලුනේ මියුන් දිහා.... ඒත් ආයෙ ඒ කොළ පාට ඇස් එයා දිහාවටම එල්ල වෙලා තියෙද්දි ගවීෂ් ඉක්මනින්ම අහක බලාගත්තේ ඔළුව කසන ගමන්...

" කොහේ කියලද හිතන්නෙ ? සමහර විට පොළොවට පස් වෙලා හරි, අළු ගොඩක් වෙලා හරි ඇති....කවුද දන්නේ හහ්..." ඇය උත්තර දුන්නේ අරවින්ද් පවා ඒකට අමාරුවෙන් හිනාව තද කරගනිද්දි..... ඇයව අවසන් වතාවෙදි මුණ ගැහෙනකොට පවා මේ කියන ජේඩ් පළදනාව පැළදගෙන සිටි බව අරවින්ද්ට හොදටම මතකයි....

" මොකක් ?? අනේ එහෙම හොද නැනේ ? දුක හිතුනානෙ මට...  හරි කමක් නැ.... ඉස්සෙල්ලා කතාවට එමුකෝ..... මේ කතාවෙන් බාගයක් මෙතන ඉන්න එක්කෙනෙක් මේ වෙනකොට දන්නව..... ඔව් ඔව්.. මම කතා කරන්නේ මගේ ආදරණීය වේඝර්ණ කොල්ලා ගැන තමය්......" අයෝද්ම අත දික් කරල සන්සුන්ව ඇවිලුවේ මොන වගේ ගින්නක්ද කියලා මියුන්ගෙයි, අරවින්ද්ගෙයි ඇස් දැක්කම ගවීෂ්ට කියන්න අමාරුවක් නැ.....  අංකල් !!!!!!!

" ඔබේ වේඝර්ණ කොල්ලට වඩා හොදින් මගේ ආශක්‍ය කොල්ලා දන්නවා... " මාස්ට නාල්‍යාත් ඉදිරිපත් උනේ ඒ සැරේ ගවීෂ් අරවින්ද් දිහා බලද්දි...

" ඒත් මගේ කොල්ලායි හොද නාල්‍යා !! "

" මගේ කොල්ලා ඊට වඩා සූදානම්..... "

" පිස්සු හටන් !! වේඝර්ණ කොල්ලො තරම් හොද නැ..."

ඒ පාර වයසක කපල් එක පටන් ගත්තනේ සිංගල් පේරන්ට් වලියක්... මොනා උනත් හැමෝටම අමතකයි මෙතන සේරම නොදන්නවා වගෙ ඉදියට වැඩියෙන්ම දන්න කෙනා තාම නිහඩයි කියලා... අයෝද්ම - නාල්‍යා දෙන්නාගේ "මම තමයි හොදටම කළේ" වලිය තාම කෙරීගෙන යද්දි අරවින්ද් වලිය බේරන්න මැදිහත් වෙනවාත් දැක්ක ගවීෂ් , හිමින් සැරේ ඔළුව ඉස්සුවෙ මියුන් දිහා බලන්න... ඔව් , හිතුවා වගෙම වලිය මැද්දෙන් එ ඇස්වල සම්පූර්ණ අවධානේ එල්ල වෙලා තිබ්බේ ගවීෂ් දිහාවට... මියුන්ගේ කොළ පාට ඇස් කලින් දැකල නැතුව නෙවෙ.. ඒත් ඒ හැම වෙලාවක ඒවා බොහොවිට හිස් උනා.. නැත්තන් නොතේරුම්කමක් , මංමුල ගතියක්.. ඒත් දැන්, ඒ වෙනදට සාමාන්‍ය කළු ඇස්වලින් කියවන ආදරණීය ගැඹුරු හැගීම එහෙමම ඔබ්බගත්ත හරිත ඇස් දෙකක්..!!

ගවීෂ්ගේ පළවෙනි ප්‍රශ්නේ... ඌ කොයි කාලේ ඉදන්ද තමන් ගැන දන්නෙ? දෙක... එයා මියුන්ට බොරු කියද්දිත් ඒ ගැන දැනන් නොහිටියාම වෙන්න පුළුවන් ද ? ඔව් , ඒක නිකන් මොළගෙඩියක් නෙවේනේ...  මියුන් එයාගේ බර්ත් ඩීටේල්ස් ගැන හොයන්න ගත්තේ ගවීෂ් අඩ අඩ ඌව ඕනේ කියල මැරෙන්න හැදුව කාලේ බව අමතක උනේ කොහොමද !!... ඊළග එක එයා මෙතන හොයාගත්තේ කොහොමද ? මොකටද ? එදා එයාගෙ බර්ඩ්‍රොමිඩා බලජාන උපරිම උන දවසේ තමන්ගේ ෆීලින්ස් එයාටත් ෆීල් වෙන බව දැනගත්තට පස්සේ , ඇයි ඒක ඇගෙව්වෙවත් නැත්තේ ? මියුන් හිටිගමන් වේදනාවට පපුව තද කරගන්නව එක අතකට ගවීෂ් දැක්කෙම නැති දෙයකුත් නෙවේ... 
අන්තිමට දැන් දැනෙන භයානකම ප්‍රශ්නෙ..... එයා දන්නව නම් තමන් කවුද කියන්න... , එයා අමරණීය බවත් නොදන්නව වෙන්න බැහැ නේද ? ගවීෂ් ඒ ප්‍රශ්න සේරම ඇස් දෙකේ පුරෝගෙන මියුන් දිහා බලන් ඉදියේ උගුර හිරවෙන තරමේ හැගීමකින්... මියුන්ගේ හරිත ඇස් දෙක දකිනකොට අමුතු විදියට පපුව පෑරෙන්නේ හේතුවක්වත් හිතාගන්න බැරිවිදියට... ඒ හරිත ඇස් ගවීෂ්ට හරි ලස්සනට මතක් කරලා දෙනවා බර්ඩ්‍රොමිඩා කෙනෙක් කියන්නේ උත්තරීතර තහනම් වංශිකයෙක් බව !! ඒත් ඒ ඇස්වල තියෙන ගැඹුරු බැල්මෙන් මිදෙන්න කිසිම විදියක් නැති බව ගවීෂ් දන්නවා....

" හරි හරි !! සන්සුන් වෙන්න සන්සුන් වෙන්න.. " මාස්ට අයෝද්මගේ හඩට ගවීෂ් අයි කන්ටැක්ට් එක බ්‍රේක් කළේ ඇස් පොළොවට බර කරන ගමන්...  එයා දැක්කේ කෝම හරි රණ්ඩුව කෙළවර වෙලා තියෙන බවත් මාස්ට නාල්‍යා ඒ වෙනකොටත් ආශ්‍රමය පැත්තට සෑහෙන වේගෙකින් ඇවිදගෙන ගිය බවත් විතරයි ... මාස්ට අයෝද්ම ඒ දිහා බලාගෙන දුක හිතුන තෙමිච්ච පූසෙක් වගේ අරවින්ද් දිහා බැලුවේ මෙච්චර වෙලා වලිය අහන් ඉදියෙ එයා නිසා...

" මං දැන් වැරදි දෙයක්ද කිව්වේ ?" අයෝද්ම සෑහෙන දුක හිතෙන විදියට ප්‍රශ්න කළේ අරවින්ද් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔව් කියන්න ඔළුව වනද්දි.... යකො අවුරුදු සිය ගාණක් පරණ වේඝර්ණ උරුමයක් නේද මේ බොළද විදියට මේම අහන්නේ ? පවුලේ නම්බුව එහෙමම බිමට සමතලා වෙනව ගවීෂ් බලාගෙන ඉදියේ කටත් ඇද කරන්...
       
" තුන් දෙනාම මෙතනට ආවේ අහම්බයකින් නෙවේ කියල ඔයාලට තේරෙන්න ඕන.... " මාස්ට නාල්‍යා යනකන් බලන් ඉදපු අයෝද්ම ඍෂිතුමා කිව්වේ සෑහෙන බැරෑරුම් විදියට.... එ හඩ හරිම පිළිවෙලක් වුනේ මාස්ට නාල්‍යා මෙතනින් ගියාට පස්සෙ තමයි!!...

" ඉස්සෙල්ලා කියන්න , මීට කලින් තුන් දෙනාට තුන් දෙනා සම්පූර්ණයෙන් අවංක වෙලා තියෙද ? " අයෝද්ම තදින් ඇහුවේ කොල්ලො තුන් දෙනාම එක හා සමාන වරදකාරී හැගීමකින් අහක බලාගනිද්දි....

" තමන් අතරේම ගොඩක් ප්‍රශ්නවලට උත්තර ඇති.... ඔයාලා ඒව හොයාගන්නකන් මෙතනින් එහාට ගමනක් නැහැ...  ! ඉතින්, මං යනවා ඔබේ මාස්ට නාල්‍යාගෙන් ගුටි කන්න.. කෝ ඉතින් මට සුබ පතන්න කොල්ලනේ ... " මාස්ට අයෝද්ම කිව්වේ මහා බල මහා ශක්තිය අරන් නැගිටින අතරේ.....

" රෙස්ට් ඉන් පීස් අංකල්....... " ගවීෂ් දෙපාරක් නොහිත කිව්වේ අරවින්ද් රවපු විදියට උට ආපස්සට රවන ගමන්... පරණ උරුමයක් බැරි නම් අවතාරයක් උනත් කමක් නැ අයෝද්ම අංකල් ඇවිත් බොක්කේ ෆිට් එක ගවිස් කොල්ලාගේ... !! මාස්ට අයෝද්ම යනවා කිව්වට , එක සැරේට ඝන මීදුමක් ඉතිරි කරලා අතුරුදහන් උනේ අරවින්ද් හෙන හය්යෙන් උඩට හුස්මක් අදිද්දි..... මේ මොකත මේ ? අරවින්ද් උගේ ඇගේ එල්ලුන පාර ගවීෂ් හැරුනෙ තාම අයෝද්ම ඍෂිතුමා ඉදපු තැන දිහා ගල් ගිල්ල වගේ බලන් ඉන්න අරවින්ද් දිහා...

" හො - හො - හොල්මන් ??? " අරවින්ද්ගේ කටින් පැන්නේ හරියටම ස්කුබිඩූ වොයිස් එකෙන්... අහ්!! මිනිහා දන්නේ නැහැනේ අයෝද්ම අංකල් ආත්මයක් බව....  අපොයි කොහොමට තියෙයිද එයාගෙ මාස්ට නාල්‍යා කියන්නෙත් හොල්මනක් බව දැනගත්තම ? සූ යයි !!

" එතකොට මාස්ට නාල්‍යා ?? - එ යත්...."

" එයත්  හො - හො හොල්මනක් තමයි ! "  ගවීෂ් නෝන්ඩියටම කිව්වේ අරවින්ද් ඒක කිව්ව වගේ තාලෙට වෙව්ලලා.... අරවින්ද් රවලා සන්සුන් වෙන පරක්කුවට මියුන් පොකුණු ගැට්ටේ ඉදන් පහළට බැහැලා වාඩි උනේ කොල්ලො දෙන්නා ඉදපු තණ බිස්ස උඩින්.... ඒ මියුන්ම බව දන්නව උනත් ඒ ගැන උරුමයන් දෙකේ තියෙන්නෙ තිගැස්මක්... කොටින්ම මියුන් හම්බුනාම කනට දෙකක් ගහලා බදාගන්න ඉදපු එකත් සයිලන්ට් .. බෙල්ල මිරිකල පරලොව යවන්න ඉදපු එකත් සයිලන්ට්.......

" කොහොමද දැනෙන්නේ උබට ? " ගවීෂ් වෙනුවට අරවින්ද් ඇහුවේ මියුන්ව අද දැක්ක ගානට... එයා ඒ ඇහුවේ මියුන්ගේ ඇගට දැනෙන බලය ගැන බව ගවීෂ් දන්නවා... ඒක අහන්න දෙයක්ද , මියුන් වාඩි වෙලා ඉදපු තැන වටේට තණකොළ පවා අමුතු විදියකට දිලිසෙද්දි ? මියුන්ගේ බලජාන තියෙන්නේ තාමත් ඇක්ටිව් වෙලා... සමහර විට ඇගට ආපු අසීමිත ශක්තිය නිසාම වෙන්න ඇති... අරවින්ද්ගේ ප්‍රශ්නේට , එයාගේ හිස් උන බෙල්ල වටේ අත ගෙනියපු මියුන් ඊළගට ගවීෂ් දිහා බැලුවේ උරහිස් අකුලන ගමන්....

" කිසි දෙයක් දැනෙන්නෙ නැහැ.... " මියුන් කිව්වේ සෑහෙන අසරණ විදියට... ඒ හරිත ඇස් උඩ පැහැදිලිව පේන තරම් කදුළු පටලයක් ගවීෂ් නොදැක්කා නෙවේ.... එයා ඒ උත්තර දුන්නේ අරවින්ද් අහපු ප්‍රශ්නෙටම නෙවේ කියලා අරවින්ද්ටම තෙරුනේ ගවීෂ් අහක බලාගෙනම එයාගේ අතේ තිබ්බ සුරේ මිට මොළවගත්ත විදියට.... ඝර්ෂාත්මය ක්‍රියාත්මක නොවෙන නියුධාශ්‍රමය ඇතුළෙ කිසිම විදියකින් ගවීෂ්ගේ මේ වෙලාවේ ෆීලින්ස් මියුන්ට දැනෙන්න බෑ තමයි....මෙච්චර කල් ගවීෂ්ගේ ෆීලින්ස් දැනුන නිසාම මියුන්ට ඒ හැගීම සැහෙන අමාරු ඇති බව අරවින්ද්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ..... ඒත් , එයාගේ සම්පූර්ණ බලය කොල්ලට දැනෙන්නම ඕනේ....ඒක මොන වගේ හැගීමක්ද උරුමයන් දෙකම දන්නේ නැතත් වට පිටාව පවා ඒකට ඕනෙවට වඩා සාක්ෂි පෙන්නලා තිබ්බා... හිතුවොත් -.... හිතුවොත් ඕනෙ දෙයක් කරන්න පුළුවන් ඇති... ආශක්‍යසිංහ - වේඝර්ණ මුහුමක ප්‍රබලබව වගේම භයානකකම ගැන උරුමයන් දෙකම ඉගෙනගන්නේ අද ඊයේක ඉදන් නෙවේ.....

" මාස්ට නාල්‍යා , පුරාවෘත්තයේ ආශාක්‍යසිංහ පුරුක.... මාස්ට අයෝද්ම වේඝර්ණ පුරුක.... " අරවින්ද්ගෙ කලින් ප්‍රශ්නේ කෙලින්ම මගඇරපු ගවීෂ් කිව්වේ අරවින්ද් වැඩි කලබලයක් නැතුවම ඔළුව වනද්දි..... එයා මියුන් ගැන ප්‍රශ්නේ පාස් කළ බව අරවින්ද්ට නොතේරුනාම නෙවේ....

" හරි !! උබ පටන් ගනින්... පිටු ටික කොහෙන්ද කියලම...... "  ගවීෂ් ඉස්සෙල්ලම එයාගේ දැවෙන ප්‍රශ්නේ ඇදලා ගත්තේ අරවින්ද් රවද්දි...

" උබනේ වැඩිමල්.... ගෝ ෆස්ට්.... නේද මියුන් ? " අරවින්ද් ඇහුවේ මියුන් ඔළුව වනද්දි....

" චහ් !! උබලට එතකොට නම් මතකයි මෙතන වැඩිමල් කවුද කියල... " ගවීෂ් වැඩිමනත් එක්ක ඒ හින්ට් එක පාස් කළේ මියුන්ට....

" උබ කියල ඉදපන්කො !!"

" මගේ නෑනේ හොර බොරු වංචා... සිරාවට මුකුත් නැනෙ.. උබල දෙන්න තමා සේරම මට හංගලා තියෙන්නේ... " ගවීෂ් කිව්වේ සෑහෙන වෙලාවක් ඔළුව කසලා....

" මනවිශ ගැන ඊයේ දැනගත්ත නිසා මුකුත් නෑ තමයි ... !!  " අරවින්ද් තදින් කිව්වේ ගවීෂ් ආපස්සට රවද්දි...

" ඇයි උබේ පිටු ටික !! " ගවීෂ් ආයේ මතක් කළේ අරවින්ද් අන්තිමේදි ලොකු හුස්මක් ගනිද්දි.... මියුන් තාමත් බලන් ඉන්නේ ඊයෙ වලියෙදිත් ඇදිලා ආපු මේ පිටු ටික මොනවද කියලා හිතාගන්න බැරුව....

" හරි !! ඊට ඉස්සෙල්ලා මියුන්!! උබ කතා කරලා ඉදපන්... "  අරවින්ද් කිව්වේ ගවීෂ්නුත් මියුන් දිහාවට හැරෙද්දි.....ඒ දෙන්නාගේ මූණුවල තිබ්බ බැරෑරුම් පෙනුම දිහා බලන් ඉදපු මියුන් , එයාගේ සයිඩ් බෑග් එකේ තිබ්බ ලියුම් කවරය ඇදලා අරන් ගවීෂ්ගෙ අතින් තිබ්බේ උරුමයන් දෙක මූණට මූණ බලාගනිද්දි..... ඒකේ තිබ්බ ආශාක්‍යසිංහ සීල් එක අනුව ඒ මොකක්ද කියලා ඒ දෙන්නම අදුරගෙන ඉවරයි .... අර ඍෂි වැසිකිළියක් අස්සේ උරුමයන් දෙක වෙනම මෙහෙයුමක් කරලාත් හොයාගන්න බැරි උන භාතිය ආශාක්‍යසිංහගේ අතුරුදහන් උන ලියුම නෙද යකො මේ ???

" ඔයාගෙ අත්තම්මා..... " මියුන් උත්තර දුන්නේ ගවීෂ් එයාගේ ඊළග ප්‍රශ්නෙ අහන්න කලින්... ඩැම්න් !!! එතකොට ඒ අත්තම්මද ලියුම එතනින් ගත්ත කෙනා ???

" හේමා ආර්යාව ?? .... දෙය්යනේ මට ඒක හිතන්න තිබ්බා !!!  ඒ පාසි වෙන කොහේවත් නෙවේ වලෝර දෙවොලේ පඩිපෙල්වල තිබ්බ පාසි !! එතකොට උබ පෙරේද තනියම බ්‍රින්ධව් කන්දට ආවේ මේකට ??? " අරවින්ද් කියාගෙන ගියේ සෑහෙන වේගෙකින්....

" මෙතුල මාමව බලන්න තිමෞර්යට යන්න බැරි නිසා... " මියුන් උත්තර දුන්නේ ගවීෂ් උගේ උඩ ඉදන් පහළට බලද්දි.... සුදු මාමාව බලන්න ගිහින් ??? මූ කිව්වෙත් නැනේ යකො !!!

" යසයි... බොට ඇහුණද ? ඌ ගිහින් තියෙන්නේ පවුල් වගකීම් ඉටු කරන්න... තමුසේට ඕව තේරෙන්නෙ නැ.... " අරවින්ද් නෝන්ඩි කළේ ගවීෂ් ආයේ මියුන් දිහා බලද්දි...

" කෝමද ඒයි මගේ සුදු මාමට ? " ගවීෂ් ඇහුවේ සැහෙන හැගීම් ගොඩක් හිරකරගෙන... පුළුවන් නම් ගිහින් මේ දැන්ම සුදුමාමා ගාව නැවතෙන්න , ගවීෂ් ඒක කරන්නේ ගොඩක් ආසාවෙන්.....

" අම්....බෝන් ක්‍රැක් එකක් තියේ... තව පොඩි පොඩි තුවාල...... ඒත් එයාට සනීප වෙයි...." මියුන් උත්තර දුන්නේ බැරැරුම් තත්වේ අඩු කරල බව ගවීෂ් නොදන්නවා නෙවේ..... අනිවාරෙන් ඒ තුවාල සැලකිය යුතු තරමක් දරුණු වෙන්නම ඕනේ......

" නරුමයො !! සුදු මාමාත් මාව හදපු පව ඒ ගෙවන්නේ... " ගවීෂ් මිමිණුවේ කේන්තියෙන් වගේම කළකිරීමෙන්..... මියුන් එයාගේ අතින් අල්ලගන්න අත ඉස්සරහට කලත් , ගවීෂ් හිමිට අත පස්සට ගත්තේ ඒක අහම්බයක් ගානට දාලා... ඇත්තටම කොල්ලගේ තියෙන්නේ මියුන්ගේ අත අල්ලන්න බයක්.... එයාගේ බර්ඩ්‍රොමිඩා ඕරා එක එයාට බලපාන විදිය සැහෙන වෙනස් බව ගවීෂ් දන්නවා... හරියට මියුන්ට සිහියක් නැතුව සැහෙන ඇට්‍රැක්ට් වෙනවා වගෙ....

" හේමා ආර්යාව ඔයාට මේක දුන්නා එතකොට ? " අරවින්ද් ඇහුවේ ගවීෂ් දිහා නළල රැලි කරන් බලාගෙන ඉදපු මියුන් ඔළුව වනද්දි... ගවීෂ් ඉක්මනට ලියුම දිගැරියේ , අරවින්ද්නුත් ඒකට උඩින් ඔළුව දාද්දි.... මියුන් මුලින් ලියුමට ඔළුව එබුවත් පස්සේ ඉක්මනින්ම මුරණ්ඩු විදියට ගවීෂ්ගේ උරහිස උඩින් නළල තියාගත්තේ අත් දෙකත් ඉණ වටේ ඔතාගෙන.... කලින් ගවීෂ් අත පිටිපස්සට ගත්ත එකත් එක්කෝ එයාට ලොකුවටම බලපාලා තිබ්බාද මන්ද.... ඒත් මියුන් නෝමල් ඉන්නව වගේ නෙවේ එයාගේ බර්ඩ්‍රොමිඩා ශක්තිය එක්ක... ඒක ගවීෂ්ට දරාගන්න අමාරු විදියේ හැගීමක්.... එය අනුමාන කරලා තිබ්බට වඩා ගොඩක් දැනෙන හැගීමක්... මියුන්ගේ ඒ එක ටච් එකට ගවීෂ්ගේ ඇස් දෙකම රතු පාටින් ගිනියම් වෙච්ච විදිය බලාගෙන අරවින්ද් සැහෙන තනිකඩ සීන් එකෙන් ලියුමට අවධානේ යොමු කළේ මුකුත් නොදැක්ක ගානට....

මේ ලියමන ලියන මොහොතෙත් මං දිහාවට කළු බෝල ඇස් කරකවන පුංචි පැංචාට.....!!

ලියමනේ මුලදිම ගවීෂ්ට ගොඩක් හුරු භාතිය ආශාක්‍යසිංහගේ අකුරුවලින් ලියලා තිබ්බ පේළියෙන්ම ගවීෂ් හිතාගත්තා මියුන් කල් තියා මේම එයාට ගුලි වෙන්න හේතුව... භාතිය ආශාක්‍යසිංහ ඒ ලියුම ලියල තියෙන්නේ මියුන්ට !!.. මියුන්ව අතේ තියාගෙනම... ගවීෂ් මුකුත් නොකිය එයාගේ උරහිස් වටේ එතිලා තිබ්බ අත උඩින් හෙමින් අත තිබ්බේ මියුන්ව සන්සුන් කරගන්න.... මියුන් ඒ ඇෆෙක්ශන් එක දෙපාරක් නැතුව ඇසෙප්ට් කළේ , ගවීෂ්ගේ උරහිස උඩ නළල දෙතුන් පාරක් සුවපහසු විදියට හරිගස්සගන්න ගමන්....

පුතා ආඝර්ව ,

මේ දේවල් පුතාට මම කොහොම ලියලා තියන්නද කියල මම දන්නේ නැහැ .... ඒත් මැණික දැන් ඇගිල්ල සූප්පු කර කර මං දිහා බලන් ඉන්න නිසාම මම මේ වචන අමුණන්නෙත් චූටි පුතාගේ ඇස් දිහා බලන්මයි.... ( ලියමන ලියන්න ඉදියේ ඔයා නින්දට වැටුනම හොරෙන්...  මොකද මොන තාත්තාවත් කැමති නෑ එයාගේ සිංහ පැටියට පේන්න ඇස්වල කදුළු පුරවගන්න... )

සමහර විට මේ ලියමන, මගේ ආත්ම පාපොච්චාරණයක් වෙන්නත් පුළුවන්.. සමහර විට මම හරි සිහියෙන් ලියන අන්තිම වචන වෙන්නත් පුළුවන් .... කාලන්තර දෙකක් අතර ගමනක් වෙන්නත් පුළුවන් .... ඔව්, දන්නවද මේ දැන් ඔයා පුංචි මාපටගිල්ල කටේ දමන් උරනවා.. මම බලාපොරොත්තු වෙනවා මේක කියනවකොට නම් ඒ පුරුද්ද අතැරිලා තියේවි කියලා...

අවුරුදු කිපයකට කලින් ඉදන් මම කතාව කියන්නම්... මම දන්නවා හැමදේම හරි විදියට සිද්ධ වෙලා නම් , මගේ පැටියා තවමත් හොයනවා ඇති ඔයාගේ අම්මා ගැන.... මම ඔයාට කියන්නෑ ගිහින් එයාව මුණ ගැහෙන්න කියලා.. මොකද මේ ලියමන ලියද්දි........ එයා මේ ලෝකේ නැ ආඝර්ව....  !! මගේ මැණික ඔය බඩගිනි කියලා ඇඩුවට , බඩගින්න නිවන්න රබර් සූප්පුව කටේ ගහනවා මිසක් , පරිස්සමට පපුවට තුරුල් කරවන්න එයා දැන් නෑ ආඝර්ව ... කිරි සුවද ඔයාගේ කටේ තියලම එයා ගොඩක් ඈතක.... ( මේ බොද උන අකුරු ඔයාට කියවගන්න පුළුවන් වෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා....)

ඉතින්  ඒ ඇය, තවමත් එයාගේ නම ඔයාලට ඇහෙන නමක් වෙන්නම ඕනේ... ඒ වේඝර්ණ උරුමය , ඔයාගේ අම්මා... ඔයාට ආඝර්ව කියන නම තිබ්බේ එයා.. සිනල්‍යා වේඝර්ණාරච්චි .. මගේ ඇපල්මල... මගේ රතු ඇස් කුමාරිකාව.... මගේ රපුන්සල්... !! එතකොට පුතා දන්නවද මං එයාගේ නිල් ඇස් තියෙන බූතයා.... ( දෙය්යනේ මේ අත ඕනවට වඩා වෙව්ලන්නේ හෘද සාක්ෂියෙන් මට කිසිම සමාවක් නැති නිසා වෙන්න ඕන !! )

ඔයාගේ අම්මව මට මුණ ගැහෙන්නේ යාදම් උත්සවේදි.... එතනින් එහාට මගේ ජිවිතේ ගෙවුන බහුතරයක් ලස්සන දවස් විතරමයි.... මගේ දිහා කටේ කෙල පෙරන් බලන් ඉන්න ආඝර්ව මේව නොදන්නවා උනාට , මේ ලියුම කියවන ආඝර්ව පරම්පරා නීති ගැන දැනගන්නම ඕනෙ... ඔයාට තේරෙන්න ඕනේ , දේවල් සිද්ධ උන විදිය ගැන....ඔයාට මම කියන්න යන දෙයින් පස්සේ සමහර විට ඔයා තාත්තට වෛර කරයි ආඝර්ව ... ඒත් ඒ දේවල් පිටිපස්සේ තියෙන දිග කතාව මගේ මැණික දැනගන්න ඕනෙ...

හැම කලබලයක්ම පටන් ගත්තේ ඔයාගේ රතු ඇස් සීයා ඔයාගේ අම්මව නපුරු කුමාරයෙක්ට දෙන්න කතා කරපු දවසේ ඉදන්... ඔයගේ අම්මා හරි නිර්භීතයි දරුවෝ... එයාවෙලෙ මන්දිරය අතඇරලා ගත්තෙ වැරදි තීරණයක් කියල මම අදටත් තදින්ම විශ්වාස කරනවා..... ඒත් මගේ පැටියා මං දිහ ඔහොම බලද්දි මට හිතෙනව ඒක තමයි ඔයාගේ අම්මා ගත්ත හොදම වැරදි තීරණේ කියලා... එයා මං ළගට ආවට පස්සේ , වැඩි කල් නොගිහින්ම පෙලිකන් කෙනෙක් අපිට ඔයාවත් ගෙනත් දුන්නානේ..... ඔව්ව්...පොඩි පොදියක දාලා තමයි එව්වේ නම්.....

(දෙය්යනේ මට අමතක වෙනවා මම කතා කරන්න ඕනෙ මම තරමින්ම උස ගියපු ආඝර්ව කෙනෙක්ට බව... මොකද මම මේ ලියමන ලියන්නේ තාමත් මගේ තනි අතක පරිස්සම් කරන්න පුළුවන් පැටියා දිහා බලාගෙන නේ... අනේ දැන් නම් ඔයාට නිදිමතට චූටී ඇස් පියවීගෙන එනවා කොල්ලෝ.....)

තාත්‍තා කෙනෙක් වෙන එක හරි ලස්සන හැගීමක් .... අර හිතුවක්කාරී එක්ක ගත්තම කෝමත් ලස්සනට අමතරව පොඩි කට්ටකුත් තිබුනේ නැතුව නෙවේ ආඝර්ව... එත් මම තාමත් ආස ඒ කට්ටට..... මේ උකුල උඩ ඉන්න  හුරතල් පැටියාව බඩේ තියාගෙනත් එයා කළෙත් යස්ස වැඩම තමයි... මම දවසක් වලෝර දෙවොලට එනකොට පැටියගේ අම්ම මෙන්න මට කතා කතා කරනවා ඇහෙනවා.....නිකන් නෙවේ ඔළුවට උඩින් ඇහෙන්නේ... ඔළුව උස්සලා බැලින්නම්,  දෙය්යනේ ගහක් උඩ...!! ලේ වතුර නොවුන විතරයි... යන්තන් පරිස්සමට බස්සගෙන ගඩි ගුඩා ටික කඩලා දුන්නට පස්සේත් මෙන්න ඊළග දවසේ මහ රෑ දොළහ වෙනකනුත් මේ කෙල්ල අතුරුදහන්... අන්තිමට ගග පටන් ගන්න තැන , ගල් වලේ තනියම සීතලේ නානවා... හිතුවක්කාරකම කොච්චරකියනවා නම් මම හැමදාම දුවන් එන්නේ මේ කෙල්ල මොනා හරි කරලා තුවාල කරගනිවි කියන බයට...

ඉතින් සමහර වෙලාවට ඔහොම උනාට , උස්සන් යන්නත් ඕනෙ වෙන තරමට අමාරුත් වගේ රගපානව හොදට.... ඉතින්වෙලාවට ඔයාවයි අම්මවයි දෙන්නම වඩාගෙන මම තැනිතලාවට යනවා.... ආයේ එනවා.... එහෙමට නිදහස් දවස් තිබ්බේ හරි අඩුවෙන් ආඝර්ව.... දන්නවද මේ දැන් ඉන්න පොඩි පැටියා දග උනාට , ඒ කාලේ නම් මැණික හරි සන්සුන්.... ඉතින් වැඩ ඉවර වෙලා වලොර දෙවොලට සිහියක් නැතුව එන මට ඔය ඇට්ටරයගේ එක පයින් පාරක ලස්සන බලන්න පැය ගාණක්ම නින්දක් නැතුව ඉන්න වෙනවා... ඉතින් එයා කියනවා ඔයා හරි තැන්පත් ළමයෙක් වෙයිලු.. ඒත් ඉදල ඉදලා හරි ගහන පයින් පාරට එයාටම ඇඩෙනවා... ඉතින් මං කියනවා දග පැටියෙක් කියල.... කාලෙක අපි රණ්ඩු උනා නහය කවුරු වගේ වෙයිද කියල... තව කාලෙක කොණ්ඩේ කොයි වගේ වෙයිද කියලා... දැන් පැටියා දිහා බැලුවම මට පේනවා...මම දිනලා.. ඒක මගෙ නහය.. මේක මගේ කොණ්ඩෙ... මේ නිකටත් මගේ.. මේ කම්මුලුත් මගේ... දෙය්යනේ මේ  දග පැටියා මගේනේ.... ඔයාගේ අම්මාගේ මූණ බලන් ඒක කියල කැගහන්නයි මට ඕනේ ආඝර්ව !! ඒත්-- මට කවදාවත් ඒක කරන්න බැරි උනා මැණික....

දැන් ආඝර්ව මගෙත් එක්ක තරහට ඉතිරි ටික නොකියව ඉන්න එපා කරුණාකරලා.... ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කාවද කියලා අපි දෙන්නම හොදින් දැනන් ඉදියා... ඔයා මේ ලෝකෙට එන්න තිබ්බේ සීමිත දවස් ගාණක්... සිනල්‍යාගේ වෙනස මට මුලින්ම තේරෙන්න ගත්තේ ඒ දවස්වල... එයා ගොඩක් බයවුනා ඔයාව මේ ලොකෙට ගේන්න....පුරාවෘත්ත ගැන පුතා මේ වෙද්දි දන්නවා නම් , මිට කලින් මේ ලෝකේට ආව හරිත ඇස්වල ජීවය තිබුනේ දවස් කිහිපයි බව ඔයා දන්නවා වෙන්නම ඕනේ... ඔයාගේ අම්මා ඒකට ගොඩක් බය උනා පැටියෝ...

ගස් උඩ නැග්ගා , සීතලේ නෑව කියලා මම හරි නරක විදියට චෝදනා කළාට මොකද එයා කොච්චර ඔයාව පරිස්සම් කළාද කියන්න මම දැක්කා.. මගේ ඇපල්මල හරි වෙනස් කෙල්ලෙක්... තණකොළ පාගන්න එහෙම හරි ආසයි...එයා ඒකට ගොඩක් ආසයි... ඒත්මාස ගාණ පුරාවට එයා කිසිම වෙලාවක සෙරෙප්පු නැතුව කොහේවත් එළියට බැස්සේ නැහැ.. ඒ එයාගේ යටිපතුල් තුවාල වෙයි කියලා නෙවේ... ගලක් පෑගිලා පෙරළිලා වැටිලවත් පැටියට අනතුරක් වෙයි කියලා... දන්නවද ආඝර්ව ? මම බලන් ඉන්නෙ නොඉවසිල්ලෙන්....ඒත් එයා බලන් ඉන්නේ සෑහෙන ඉවසිමෙන්...ඒ දෙක ගොඩක් වෙනස් මගේ පැටියෝ.... පොඩියට බඩ ඉස්සරහට නෙරද්දි , එයා කන එකත් ටිකෙන් ටික අඩු වුනා... මුළු ඇගේම අවයව තෙරපන් , එයා ඔයාව තියන් ඉන්නේ කෝමද කියලා මම අනන්තවත් හිතලා තියෙනවා ආඝර්ව....කන්න පිරියක් නෑ කියල අඩද්දි, වේදනාව වැඩිවෙලා කේන්තියට අඩ අඩම මට කැගහද්දි , සමහර වෙලාවට මල් කිණිති එකතු කරලා ඔයා ගැන කියද්දි , ඔයාට ලස්සන නමක් තෝරද්දි , කොන්ද රිදෙනවා කියලා නහයෙන් අඩද්දි... මට එයා ගැන හැමතිස්සෙම පුදුම හිතුන ආඝර්ව.... එච්චර දග කෙල්ලෙක්ව සන්සුන් කළේ ඔයා... ඉතින් එයා ඇවිත් තියෙන්නෙදාංගලෙත් අඩු නැතුව අරගෙන....ඒ එයා මාව වැඩිපුරම ළගින් බලාපොරොත්තු වෙන කාලේ වෙලත් මම එයා එක්ක ගත කළේ වරුවයි..... එයාට නින්ද යනකන් මම හරි ආසාවෙන් ඔයාව අහන් ඉන්නවා... ඒ හැම පැත්තම තියෙද්දි ඔයා වෙනුවෙන් එයා ගත්තේ හරි පුදුම පරිස්සමක්.... අතඇරලා දාපු දෙවොලක ගල් කාමරේක ඉදන් පාළුවෙන් මගේ මැණිකව පරිස්සම් කරපු විදියට මම එයාට සලකපු විදිය හරිම ලැජ්ජා සහගතයි ආඝර්ව !!...

ඔයා එන්න හරියටම සතියකට කලින් එයා අතුරුදහන් උනා... ඔව් දෙවියනි මට පිස්සු නොහැදුනා විතරයි.... කොහේ කියලා මේ කන්දෙන් පහළට යන්නද එයා ? ඔයාගේ රතු ඇස් අත්තමයි මමයි එයාව නොහෙව්ව තැනක් නැහැ..... මම හිතුවේ මගේ සිහිවිකල් වෙලා මැරිලා යයි කියලා!! කවදාවත් නැතුව මම ඉදියේ සෑහෙන කේන්තියකින්.... සතියේ දවස් හත හෙමින් ගෙවෙද්දි මම අමුම අමු පිස්සෙක් වෙලා ඉවරයි ආඝර්ව.... ඒත් එයා ආපහු ආවා !! ඒත් එදා මට කොහෙත්ම ... ඒ කේන්තිය පිට කරගන්න විදියක් තිබ්බේ නැහැ... මොකද... එදා තමයි වලෝර දෙවොලෙදි ඔයා මේ ලෝකේට ආවේ ආඝර්ව!!... අකුණු , සුළි සුළං... තද වැස්ස... මගේ පැටියව පිළිගන්න මොනවද නොතිබුනේ ? මේ ලෝකේ ආඩම්බරකාරීම තාත්තා විදියට ඔයාව අතට ගනිද්දි මගේ කේන්තිය සම්පූර්ණයෙන්ම නිවිලා ඉවරයි... මමත් නිවිලා ඉවරයි ...... මගේ ආත්මයත් නිවිලා ඉවරයි ආඝර්ව... දැනට වඩා මොළ කැටි අත පය දිග ඇරලා හිරි ඇරගන්නවා මම තාම මතකයි... එතනින් පස්සේ දිගටම ඩුශුං බුශුං දගමල්ලක්......!! සන්සුන් උනේම මගේ ඇපල් මල අතේ විතරමයි... මේ මූණ තාම ඒ කිරි සුවදයි.... ඉඹින්න ලෝබ හිතෙන තරම්....

ඉතින් ඇය එදා තමයි මේ පැටියගේ බෙල්ලට දාලා තියෙන සුරය දැම්මේ..... ඒ වේඝර්ණ උරුමයේ සංකේතය.... මම අදටත් හිතන්නේ , එදා ඒ සුරය ගැන මම එයාගෙන් ඇහුවා නම් ???? එයා මටගැන කිව්වා නම් ??? මෙච්චර ඉක්මනට දේවල් සිද්ධ උනේම හරි නපුරු විදියට කොල්ලො... මට දරාගන්න බැරි තරම් නපුරු විදියට..... තවමත් තේරෙන්නෙ නැති තරම් වේගෙකින්....

ඒ මාලේ මෙච්චර කල් ඔයාව පිට ලෝකෙන් පරිස්සම් කරන්න ඇති.. ඒ ඝර්ෂාත්ම බන්ධනය... විසිතුන ක්‍රමවෙද පොතේ ඝර්ෂාත්මය ගැන තිබුන පිටු කිහිපය ඇය ඉරාගෙන තිබුනේ මටත් හොරෙන්මයි .... පැටියව පරිස්සම් කරන්න විතරක්ම මගේ මෝඩ කෙල්ල හිතන්න ඇති.... පුතාට තිබ්බ ආදරෙන්ම එයාව නොමග යැව්වේ කවුද කියන්න මම අදටත් දන්නැ ..... ඒත් මට වැරදුන තැන මම දන්නවා.. ඉතින් ඔයා ලොකු වෙන්නේ ආශාක්‍යසිංහ මැන්ශන් එකෙ නම් මතක තියාගන්න ඔයා පරිස්සම් වෙන්න ඕනෙ පළවෙනි කෙනා ඔයාගේ සීයා බව.. මගෙ නිශා ඔයාව බලාගනීවි.... එතකොට ඔයාට තනියට තව අය්යා කෙනෙකුයි දග අක්කෙකුයි ඉන්නවා... ඉක්මනින්ම නංගියෙකුත් ලැබේවි... ඉතින් මගේ පැටියට තනියක් වෙන එකක් නැහැ.... ඒ වගේම , මතක තියාගන්න වේඝර්ණ උරුමයව..... මගේ ආඝර්ව එක්ක ඝර්ෂාත්ම බන්ධනය තියෙන්නෙ වේඝර්ණ උරුමයට... ඔයාගේ අම්මාගේ අන්තිම වචන උනේ ජගුවර් ආත්මයෙ කැමැත්ත ඒක නම්,  ඔහු මේ මාලේ නියම හිමිකරු නම් ඒක එහෙමම වුනාවේ කියලා... ඉතින් මං හරි නම් ඒ හොටු පෙරපු කොල්ලා දැන් ලොකු ඇති... මගෙ එකම බලාපොරොත්තුව සිනල්‍යාගේ මල්ලිගේ පොඩි ගති ගුණයක් හරිකොල්ලා ගාව තියෙන්න ඕනේ කියලා විතරමයි.... දෙය්යනේ මට ආයේම අමතක වෙනවා මම කතා කරන්න ඕනේ මේ ඔඩොක්කුවේ ඉන්න පොඩි එකාට නොවන බව...!!

ඔයාගේ අම්මා ඇහුවා දවසක ඔයා මගෙන් ඇහුවොත් ඔයාව අයිති කරගන්න හය හතර නොතේරෙන පොඩි එකෙක්ව මං පැහැරගත්තෙ ඇයි කියලා ? මට දෙන්න උත්තරයක් තියේද කියලා... ඔව් මැණික... ඇත්තටම මමයි වේඝර්ණ උරුමය බේරලා ඇගේ අතට ගෙනත් දුන්නේ.... ආශාක්‍යසිංහ ඊළග උරුමයත් ,වේඝර්ණ උරුමයත් , ඔයත් අතර කෙනෙක් තෝරගන්නේ කොහොමද මම ? ඔයාගේ අය්යාට විස පොවන්න තරම් දරුණු උන එයාලා කිසි කෙනෙක් වේඝර්ණ උරුමයත් යහතින් තියයි කියලා හිතන්නේ කොහොමද වස්තුවේ මම ? ඒත් මට කියන්න නිදහසට හේතුවක් නෑ ආඝර්ව !! සිනල්‍යා තවමත් එයාගේ පවුලට පුදුම ලැදිකමක් තියෙද්දි.... ඝර්ෂාත්මයෙන් ඔයාව සම්පූර්ණයෙන් වේඝර්ණ කෙනෙක් අතට යන්න පුළුවන් බව ඒ මෝඩ කෙල්ලට අමතක වුනේ ඔයාට තියෙන ආදරේ වැඩිකමට... !! එයාව නෙරපුවත් එයාගේ පවුලට තිබ්බේ මට තේරුම් ගන්නම බැරි බැදීමක් ආඝර්ව ... මට කේන්ති යන විදියේ බැදීමක්..... ඉතින් ඔයාව අරන් අප්ලොශ් එකෙන් පිටට පැනලා යන්න මම උත්සහා කළේ දෙතුන් පාරක් නෙවේ.... ඒත් !!! මේක හිතන තරම් සරල උගුලක් නෙවේ කියල මට තේරුනේ එතකොටයි ආඝර්ව !! ඒත් මං හොදටම පරක්කුයි......හැම දේම වෙනස් උනා... ඔයාගෙ අම්මා.... එයාව.... මැරුවා....එයාලා තමයි මගේ කෙල්ලව මැරුවේ !!!! තිරිසන්නු !! මම බය නැතුව කියනවා ඒ ආර්ය වේඝර්ණාරච්චි බව... !! පුතාට පුළුවන් නම් මම වැරදි බව ඔප්පු කරන්න...

මට දේවල් හොයාගෙන එක එක්කෙනාගෙන් පළිගන්න තරම් කාලයක් නැහැ..... ඔව් , මැණික.. !! මට ඔයා වෙනුවෙන් ඉන්න ඕනේ... ඒත් දේවල් සිද්ධ වෙන්නේ එහෙම නෙවෙයි... මගේ ඇපල් මලේ මරණීය දිවුරුවමට පිටුපෑවේ මම... මගේ දඩුවම මම බාර ගන්න ඕනේ... මගේ පැටියම මේ ලෝකේ තනිකරන්න මට පිස්සුයි වගෙ ආඝර්ව .. ඒත් මම මැරෙයි.. මම මැරෙන බව මම දන්නවා... මගේ ඇගට ඒක දැනෙනවා ආඝර්ව .... කොහොමටත් දේවල් සිද්ධ වෙන්නේ මෙහෙම නම් මම ලෑස්තියි .. මට දැන් ඕනේ සිහි විකල් වෙනකන් පසු තැවෙන්න විතරයි !! දෙය්යනේ මගේ අත වෙව්ලනවා හරිම භයානක විදියට !!

පුතා මේ ලියමන කියවන දවසක , මතක තියාගන්න මුලින්ම මුණ ගැහෙන්න ඕනේ ඔබේ අත්තම්මාව... ඇය තවමත් වලෝර දෙවොලේ ඉන්නම ඕනේ... ඇය නැත්තන් , ඔබ මෙ කිසි දෙයක් ගැන හිතන්න ඕන නැහැ....!! මම දන්නවා සියල්ල මේචුයුරි ආත්මයේ කැමැත්ත... ඒත් මම බලාපොරොත්තු වෙනවා මගේ පුතාට තව පණිවිඩයක් තියන්න... ඉතින් මගේ භස්ම එක්ක තියෙන වයිරෝඩිය ඔයාගේ අම්මගේ.... හරි කෙනා හම්බුවෙනකන් ඒක පුතා ගාවින් තියාගන්න.... ඒ වගේම මගේ දරුවට හිතුනොත් ඔයා ගැන හොයාගන්න, මම ඒත් එක්කම  පණිවිඩයක් තියලා ඇති... ඉතින් ඒක හොයාගත්තොත් , අනිවාරෙන්ම නියුධාශ්‍රමයට ගිහින් ඇයව මුණගැහෙන්න....

ඉතින් මගේ පුංචි වස්තුව, මැරෙනකන් ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා... දන්නවද මගේ උකුල උඩම මේ වෙද්දි ඔයාට නින්ද ගිහින්.... හීන ගොඩයි මගේ පුතේ , ඒත් ලියාගන්න හරි බරයි වස්තුවේ...... අම්මගෙයි මගෙයි වැරදි නිසා මගේ පුතා තනිවෙයි කියලා මට බයයි.. අහ්....නැ, ඒම උනාද කියල අනාගතේ ඉන්න ආඝර්වගෙන් මට අහන්න පුළුවන් ද... ඒම තනිවුනා නම් අම්මට සමාව දෙන්න... ඒත් මේ තාත්තට සමාවෙන්න එපා ආඝර්ව !!.. මේ උකුල උඩ ඉන්න ඔයා උරෙන් උර ගැටෙන්න පුළුවන් තරම් ලොකු උන දවසක ඔයාව බදාගන්න පුළුවන් වෙනවා නම් මම ගොඩක් සතුටින් ආඝර්ව... ඒත් --

දෙය්යනේ මට හරි ලෝබයි දරුවො.... කොමද මෙච්චර හුරතල් වුනේ මගේ පැටියා ම්ම් ? ටික දවසකින් දණ ගාවි, ටික දවසකින් වැටි වැටි නැගිටිවී.. ඉක්මනට එක ළග චූටි කකුල් තියලා දුවගෙන යාවි ... අර පුංචි කකුළුවෙක් වගේ.... ඊට පස්සේ ඉස්සරහ දත් දෙක මතු වෙයි නේද ? මටකිරි දත් මතු වෙනවා බලන්න හරි ලෝබකමයි මගේ වස්තුව... මේ මිට මෙලවිලා තියෙන අත දිග ඇරේවි... පැස්ටල් කූරු අත්වලට අහුවේවි...... ඒවායින් බය නැතුව කුරුටු බලිත් අදිවී !! සීනුවක් වගේ පුංචි පුංචි වචන කතා කරාවි... ඔයාගේ පළවෙනි වචන අම්මා වේවිද තාත්තා වේවිද ආඝර්ව ? දෙය්යනේ මට මතකයි අපි ඒකටත් අපි රණ්ඩු කළා.. ඒත් ඔයා ඒක කියද්දි අපි දෙන්නම නැ ඒක අහන්න... මම ගියාම ඔයාගේ අම්මාගෙන් සමාව ගන්න බව පොරොන්දු වෙන්නම් ආඝර්ව .. මැරෙනකන් පසුතැවිලා මැරෙන්නම්... මගෙන් සිද්ධවුන වැරදිවලට මාත් එක්ක කේන්ති ගන්න එපා මැණික.... ටික ටික ලොකු වෙලා කටහඩ ගැඹුරු වෙද්දි ඔයා ලොකු කොල්ලෙක් වෙලා ඉදිවී.... වෙලාව හරි ඉක්මනට ගිහින් තියේවි , ඔයා මේක කියවද්දි... පුංචි රැවුලක් ඇති නේද මගේ වස්තුවට දැන් ? ඒ වෙද්දි හැමදේම හොදින් තියෙන්න ඕනේ ආඝර්ව ....

( මට හිතාගන්නම බැරි මේ වෙලාවේ මෙච්චර ලෝබ හිතෙන විදියට හීනෙන් හිනා වෙන්න තරම් මගේ පැටියා මේ බලන හීනේ මොකක්ද කියලා.... ? සුරංගනාවියොද , නැත්තන් සුර දූත පැටව්ද ? අනේ නිදාගන්න මගේ සිංහ පැටියෝ තාත්තා තාම ඔයා ගාවනේ.... )

නවතින්නම් ආඝර්ව . මට හරි මහන්සියි... ඔයාව පපුවට තුරුල් කරන් සමහරවිට මම හෙට එළි වෙනකන් අඩයි... ඒ කදුළුවලින් මේ ලියුම පෙගෙන්න ඕනෙ නැ.... ඒ පසුතැවීම මට අයිතියි... දරුවො, පළවෙනි වතාවට වගේම අන්තිම වතාවට කියන්නම් , මගේ ජිවිතේ ලස්සනම මොහොත ඔයා තමයි මගේ වස්තුව.. මේ ලෝකේ මගේ පුතාට නොලැබෙන දෙයක් තියෙන්න බැහැ...

ජිවිතේ පරිච්ඡේදෙන් පරිච්ඡේදට පිටු පෙරළන්න පුළුවන් කතා පොතක් විදියට පරිස්සමට පාවිච්චි කරන්න.... පෙගුන පිටු රැලි වැටුනම ඒවා ඉස්මතු වෙනවා මගේ දරුවා දැකලා ඇති ? ඒවා තමයි පස්සේ දවසක නිතරම පෙරළන්න හිතෙන පිටු වෙන්නෙත් ....ඉතින් , ඒවා දවසක පෙරළලා බලලා ආඩම්බර වෙන්න... ලස්සන පරිච්ඡේද ආයේ කියවලා බලලා හිනා වෙන්න....හොද කතා පොත්වල හිස්පිටු නෑ ආඝර්ව , ඉතින් කිසිම පරිච්ඡේදයක් හිස් නොවෙන්න වග බලාගන්න...

ඉතින් ඔයාට ලියන්න ඕනේ හොදම පොතක් නම් ඉස්සෙල්ලම ලෝබකම අතාරින්න.... අනිත් අය පුරවන වචනම දාලා පිටු නිස්සාරණේ පුරවන එක නවත්තන්න.... ඒක අමුතු පොතක් කරන්න.... බය නැතුව හැමදේම ලියන්න.... එතකොට ඔයාටම හැම තිස්සෙම ආස හිතෙයි ඔයාගෙම කතාවෙ ඊළග පිටු පෙරළන්න.... ඒ වගේම නරක පරිච්ඡේදකින් පස්සේ තමන්ට ඕන විදියට අලුතින් පටන් ගන්නත්.....  වැදගත්ම දේ ලියන ගමන් රසවිදින්න... අන්න එතනදි, ඔයා සාර්ථක ජිවිත ලියන්නෙක් වෙලා ඉදිවි......වගේම මගේ පුතා , ජිවිතය තිරපිටපතක් නොවෙන බව මතක තියාගන්න....ස්ක්‍රිප්ට් නැති ජීවිතේ බය නැතුව සීමාවක් නැතුව ලියන්න ආඝර්ව !! සමහරුන්ගේ පොත්වල කොළ ඉවර වෙනවා තමයි.... ඒත් මගේ පුතාට එහෙම වෙන්නේ නැහැ.... පුතා ඒක දන්නවා... පරිස්සමෙන් පිටු පෙරළන්න....!!

මේච්‍යුරි ආත්මයේත් , ජගුවර් ආත්මයේත් ආශිර්වාද ඔබට හිමිවෙන්නම ඕන .... ආඝර්ව , ලස්සන මනුස්සයෙක් විදියට ලොකු වෙන්න..... !!

ඔයාව පපුවට තුරුල් කරගෙන සැනසීමක අංශුමාත්‍රය හොයන ,
භාතිය ආශාක්‍යසිංහ ...

.
.
.
.

.
.
.
.

~ මතු සම්බන්ධයි ~

*භාතිය ආශාක්‍යසිංහ , අළු ද ? ඒත් තවමත් ඒ මගේ ආසම චරිතය...🥺🤍

# අනේ බලන් ඉදපු අයට ආදරෙයි.. මම ආයේ රැට දෙන්නෑ කියලා දිවුරුවාට මට ඇකඩෙමික් පැත්ත බැලන්ස් කරන්නම වෙනවා.. මේකෙන් පස්සේ ෆුල් ටයිම් යන්න ලේසි එතකොට . 💚

Continue Reading

You'll Also Like

817 151 15
ග්‍රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්‍රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග...
701 65 8
Original Name: Princess Wei Yang/Concubine's daughter is Poisonous Original Author : Qin Jian Genre : Drama, Mature, Josei, Romance This is not my ow...
1.5M 191K 157
အမျိုးသားကိုယ်ဝန်ဆောင် "ကော"များပါဝင်သည်။ အမ်ိဳးသားကိုယ္ဝန္ေဆာင္ "ေကာ"မ်ားပါဝင္သည္။
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...