සුළඟ නුඹ || Sulaga Nuba [ Sin...

By WinKy_21

36.7K 4.8K 2K

නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️ More

𝑰𝒏𝒕𝒓𝒐↬
ƈԋαρƚҽɾ 01
ƈԋαρƚҽɾ 02
ƈԋαρƚҽɾ 03
ƈԋαρƚҽɾ 04
ƈԋαρƚҽɾ 05
ƈԋαρƚҽɾ 06
ƈԋαρƚҽɾ 07
ƈԋαρƚҽɾ 08
ƈԋαρƚҽɾ 09
ƈԋαρƚҽɾ 10
ƈԋαρƚҽɾ 11
ƈԋαρƚҽɾ 12
ƈԋαρƚҽɾ 13
ƈԋαρƚҽɾ 14
ƈԋαρƚҽɾ 15
ƈԋαρƚҽɾ 16
ƈԋαρƚҽɾ 17
ƈԋαρƚҽɾ 18
ƈԋαρƚҽɾ 19
ƈԋαρƚҽɾ 20
ƈԋαρƚҽɾ 21
ƈԋαρƚҽɾ 22
ƈԋαρƚҽɾ 23
ƈԋαρƚҽɾ 24
ƈԋαρƚҽɾ 25
ƈԋαρƚҽɾ 26
ƈԋαρƚҽɾ 27
ƈԋαρƚҽɾ 28
ƈԋαρƚҽɾ 29
ƈԋαρƚҽɾ 30
ƈԋαρƚҽɾ 31
ƈԋαρƚҽɾ 32
ƈԋαρƚҽɾ 33
ƈԋαρƚҽɾ 34
ƈԋαρƚҽɾ 35
ƈԋαρƚҽɾ 36
ƈԋαρƚҽɾ 37
ƈԋαρƚҽɾ 39
ƈԋαρƚҽɾ 40
ƈԋαρƚҽɾ 41
ƈԋαρƚҽɾ 42
ƈԋαρƚҽɾ 43
ƈԋαρƚҽɾ 44
ƈԋαρƚҽɾ 45

ƈԋαρƚҽɾ 38

489 75 72
By WinKy_21

ඇත්තටම නුවේද්ව ගැස්සුනා.. ඒ කටහඬ එක මොහොතකට නුවේද්ට වචන නැති කරා.. ආපු කෙනා කවුරු උනත් එයා කිව්වෙ ඇත්ත. නුවේද් ගාව තාමත් පොඩි බලාපොරොත්තුවක් තිබුනා පරක්කු වෙලා හරි හසරැල්ගෙන් විශ් එකක් ඒවි කියලා. නැහැයි කියන්නෙ කොහොමද ? ඒත් ඇත්ත කියන්න මේක සුදුසුම වෙලාවද ? කොහොමටවත් නෑ. ඉතින් නුවේද් කරේ හිනාවක් මූණට අරගත්තු එක. අර upset feeling එක හංගගන්න ට්‍රයි කරපු එක..

" පිස්සුද බං.. එහෙම එකක් නෑ.. "

අර හිනාව පොඩ්ඩක්වත් වෙනස් නොකරයි එයා කතා කළේ. හැබැයි අයේශ් , එහෙමත් නැත්තම් මේ වෙලාවෙ නුවේද්ගෙ එහා පැත්තෙ ඉඳන් ඉන්න කෙනා ඒක පිළිගත්තු බවක්නම් පේන්න තිබ්බෙ නැති පාටයි.

" මචන් ඔය නෑ නෑ කියන දේවල් තියෙනව නේද.. අන්න එහෙම තැන්වල අනිවා මොනාහරි දෙයක් තියෙනවමයි.. "

විහිලුවක ස්වරූපයෙන් කිව්වට අයේශ් ඒක ඇත්තටමයි කිව්වෙ කියන්න නුවේද් නොදන්නවා නෙමෙයි.හැබැයි එයා ඒක නොතේරුන ගානටම හිටියෙ තවත් කතාව දුර දිග ඇදෙයි කියලා හිතලා වගේ. ඔතන සෙට් එකෙන් ඔය ටික කාලෙට නුවේද් එක්ක වැඩිපුර ෆිට් උන කීප දෙනෙක් හිටියා. අයේශ් කියන්නෙත් අන්න ඒ කීපදෙනාගෙන් එක්කෙනෙක්..

" හැබැයි බං මෙහෙම එකක් තියෙනවා.. "

නුවේද් ඇස් අයේශ් දිහාවට යැව්වෙ ඒ මොකද්ද කියල උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ.

" අපි හිතන් හිටියෙනම් ශශීගෙයි උබගෙයි මොකක් හරි ජිරිබිරිස් එකක් තියෙනවා කියලා.. හැබැයි උබ මෙහෙම ඉන්නව දකිනකොට ඒක එහෙම නෙමෙයි කියලා හිතුනා.. "

" යකෝ ඒකි මගෙ හොඳම යාලුවා ස්කෝලෙ කාලෙ ඉඳන්ම..  වෙන මගුලක් නෑ.. "

මේ වතාවෙනම් ඒක බොරුවක් නෙමෙයි කියන එක අයේශ්ට උනත් තේරෙන්න ඇති නුවේද්ගෙ ටෝන් එකෙන්ම.

එයා ඔලුව වනලා නුවේද්ගෙ එහා පැත්තෙ තිබ්බ වතුර බෝතලේ අරගත්තෙ නුවේද් ආයෙම ෆෝන් එකට ඔලුව ඔබාගන්නකොට.. ඉතින් විනාඩි දෙක තුනකට කලින් හසරැල්ගෙ නමින් ආපු මැසේජස් දෙකක් Notification bar එකේ පෙන්නනකොට චැට් එක ඕපන් කරන්න කලින් එතනට ආපු භානුක නුවේද්ටයි අයේශ්‍ටයි කතා කරේ එයාලගෙ බ්‍රේක් එක ඉවරයි කියලා දැනුම් දෙන්න වගේ.

නුවේද් හසරැල්ගෙ මැසේජස් දෙක කියෙව්වත් ඒකෙ තිබ්බෙ ෆේස්බුක් වීඩියෝ එකක ලින්ක් එකක් එක්ක
නිදහස් වෙලාවක මේක බලන්න කියලා තිබ්බ මැසේජ් එකකුත් වෙද්දි නුවේද් ඒ වෙලාවෙ හැටියට නිල් පාට හාට් එකක් රිප්ලයි එක විදියට යවලා අයේශ් එක්ක ආයෙම අනිත් අයට එකතු උනා..

තවත් වෙහෙසකර දවසක් අවසානෙ නුවේද් ශශී එක්කම  ලෑස්ති උනේ ආයෙ යන්න. නුවේද් නම් හිටියෙ ටිකක් හිත රිද්දගෙන.ඒකට හේතුව හසරැල් උනාට හසරැල්ට දොස් කියන්න එයාට බෑ.. දවස ඉවර වෙන්නත් තව තිබුනෙ පැය දෙක තුනක පොඩි වෙලාවක් විතරයි.හසරැල්ගෙ විශ් එකක් වෙනුවෙන් මග බලන් ඉඳපු එයාගෙ බලාපොරොත්තුව බිඳිලා ගිහින්.

ශශීනම් එන මග දිගට මොනවද කියව කියව ආවත් නුවේද් කරේ ඒවට හූමිටි තිබ්බ එක විතරයි. රේඩියෝ එකේ ප්ලේ වෙවී තිබ්බෙ කසුන් කල්හාරගෙ සින්දුවක්.වෙන දවසක උනානම් නුවේද් කසුන් එක්කම සින්දුව මුමුණන ගමන් සින්දුවට තාල අල්ලන්න තිබුනා.හැබැයි අද එයාට ඔය සින්දුව රසවිඳින මානසිකත්වයක් නොතිබ්බ තරම්..

" නුවේද්.. යූ ඕකේ?? "

නුවේද්ගෙ හැසිරීම වෙනදට වඩා වෙනස් කියලා තේරුන නිසාමද කොහෙද ශශී බැරිම තැන නුවේද්ගෙන් ප්‍රශ්න කරා..

" ඔලුව චුට්ටක් රිදෙනවා.. ඒක හරි යයි.. "

කියන්න දෙයක් හිතාගන්න බැරිව ඉඳපු නුවේද් අන්තිමට බොරුවක් ගෙතුවෙ හසරැල් ගැන එයාගෙ ලඟම යාලුවො තුන් දෙනාගෙන් හංගන්න තීරණය කරපු එක ගැන පසුතැවිල්ලෙන්.. පුලුවන් ඉක්මනින් මේක ගැන එයාලත් එක්ක කතා කරන්න නුවේද් හිතාගත්තෙ අන්න ඒ වෙලාවෙ. 

" ඉන්න.. මේකෙ පැන්ඩෝල්  තියෙනවද බලමු.. "

ශශී එහෙම කිව්වෙ කාර් එකේ glove box එක ඕපන් කරන ගමන්..

හැබැයි පැන්ඩෝල් හොයන එක පැත්තකට දාල එයා ඒකෙන් අරගත්තෙ චූටි ගිෆ්ට් බොක්ස් එකක්..

" ඒයි.. මේක කවුද දුන්නෙ ? "

නුවේද්ගෙ දිහාවට බොක්ස් එක දික් කරලා ශශී ඇහුවෙ හෙන curious look එකක් එක්ක..

හැබැයි නුවේද්ගෙ මූණෙ තිබ්බෙත් ඊට වඩා පුදුමයක්.. ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්.. ඒක කාර් එකට ආවෙ කොහොමද ?

" මං දන්නෙ නෑ. මං ඕක දැක්කෙත් දැන්.. "

" මං මේක බලන්නද ? "

ශශීගෙ අර කුතුහලය පිරිච්ච කටහඬ ආයෙම ඇහෙනකොට නුවේද් එයා දිහා බලලා ඔලුව වැනුවෙ ඩ්‍රයිව් කරන ගමන් එයාට ඕක ඕපන් කරලා බලන්න පුලුවන් කමක් නොතිබ්බ නිසා..

" බ්‍රේස්ලට් එකක් ? මේ වගේම එකක් ඔයා ගාව තිබ්බ නේද නුවේද් ? "

ශශී අර බොක්ස් එකේ තිබ්බ සිල්වර් කලර් බ්‍රේස්ලට් එක පෙන්නලා අහනකොට නුවේද්ගෙ අර පුදුමය වැඩි උනා..
ඒක කලින් පාර බර්ත්ඩේ එකට සුදූ එයාට තෑගි කරපු , මේ වෙනකොට හසරැල් අයිතිය ලියන් උන්නු එයාගෙ බ්‍රේස්ලට් එක වගේම එකක්.. වෙනසකට තිබ්බෙ අර හෝලි ක්‍රොස් එකත් එක්ක බ්‍රේස්ලට් එකට සම්බන්ධ වෙලා තිබ්බ සිල්වර් කලර් චූටි ගිටාර් එක..

" ආහ්.. එ ඒක.ද.. ඒක නැති උනා.. "

නුවේද් වචන පැටලි පැටලි ශශීට උත්තර දුන්නා...  ඊටත් අර ප්‍රශ්නෙ තාමත් එයාගෙ ඔලුව ඇතුළෙ.. මේක කාගෙන්ද ? සුදූ ? එයාගෙ ගිෆ්ට් එක ඊයෙ රෑම දුන්නනෙ.. පරණ බ්‍රේස්ලට් එක එයාට දීපු සුදූ ඇරුනම බ්‍රේස්ලට් එකක් ගිෆ්ට් කරන්න හිතෙනවනම් ඒ එයාගෙ බ්‍රේස්ලට් එක අයිති කරගත්තු කෙනා !!

හැබැයි නුවේද් පෙර අපර සන්ධි ගලප ගලප ඕවට උත්තර හොය හොය ඉන්න වෙලාවෙ ශශී ආයෙම කෑ ගැහුවයින් නුවේද් අර කල්පනා ලෝකෙන් පොළවට අඩිය තිබ්බා..

" මේකෙ නෝට් එකකුත් තියෙනවා.. "

ගිෆ්ට් එක හසරැල්ගෙන් නම් ඔය නෝට් එක ශශී දකින්න ඕනෙ එකක්නම් නෙමෙයි කොහොමවත්.. ඉතින් නුවේද්ගෙ පපුව එකසිය ගානට ගැහෙනකොට එයාට ශශීව නවත්තගන්න , ඒක බලන්න එපා කියන්න පුලුවන් තැනක නෙවෙයි එයා හිටියෙ.

" කෝ දෙන්න.. මං බලන්නම්.. "

නුවේද් ගත්තෙ අසාර්ථක උත්සහයක්.. මොකද ශශී දැනටමත් ඒක දිග ඇරලත් ඉවරයි..

" විශ් කරේ නෑ කියලා මූණ එල්ලගෙන ඉන්නවනම් දැන් හිනාවෙන්න !
මොකද මම තමයි ඔයාට මුලින්ම විශ් කරපු කෙනා.. "

ශශී නෝට් එකේ තිබ්බ වචන එකින් එක කියවන් යනකොට නුවේද්ට තවත් පැහැදිලි කිරීම් ඕනෙ උනේ නෑ කිසිම දෙයක් ගැන. එයාගෙ රහස ගැන තිබ්බ බය එක මොහොතකට පැත්තකට විසික් කරලා එයා අර නෝට් එක එක අතකින් ශශීගෙන් උදුරගත්තෙ හසරැල් කිව්වත් වගේ ලස්සන හිනාවකින් එයාගෙ මූණ හැඩ වෙනකොට.

බෝල අකුරු වලින්  පිළිවෙලට ලියලා තිබ්බ නෝට් එකේ යටම Smily face එකක් එක්ක cursive වලින් ලියවිලා තිබුනු Angry bird කියන නම දකිනකොටත් නුවේද්ගෙ හිත පිරිලා යන සතුටු හිතෙන හැඟීම.. ඒක වචන වලින් විස්තර කරන්නෙ කොහොමද ?

එහෙනම් එයා අද දවසම දුක් වෙවී හිටියෙ බොරුවටද ? ඒත් එයා ගාව දැන් තියෙන්නෙ හසරැල් දුන්නු ගිෆ්ට් එක විතරයි.එතකොට එයා මුලින්ම විශ් කරපු කෙනානම් කෝ එයාගෙ විශ් එක ?

" කවුද ඔය Angry bird ? "

ඉතින් ශශීගෙ කුතුහලේ ආයෙම.. හැබැයි නුවේද් හරි ලස්සනට බොරුවක් ගලපගත්තෙ කියපු , කියන හැම බොරුවක් ගානෙම හිතින් ශශීගෙන් සමාව ඉල්ලන ගමන්. පසුතැවෙන ගමන්.ඒ මොනා උනත් ඔය පසුතැවිල්ල එයා මේ වෙලාවෙ ඉන්න අර සතුට පිරිච්ච හැඟීමට යටයි..

" ආහ් ඔය සුදූ වෙන්නැති.ඊයෙ මාත් එක්ක තරහ වෙලා හිටියෙ... "

" මං මේක දාන්නද ? කෝ අත දෙන්න නුවේද්.. "

බොක්ස් එක ඇතුලෙ තිබ්බ බ්‍රේස්ලට් එක අරගන්න ගමන් ශශී කියනකොට නුවේද්ගෙ කටින් පිටවුනේ එක වචනයයි..

" එපා!!!!!!!! "

ඒක කියපු විදියට ශශීව ගැස්සිලා යනකොට එයා බැලුවෙ මෙච්චර කෑ ගහන්න තරම් මෙතන තියෙන හේතුව මොකද්ද හොයන්න වගේ..

" මං ඕක සුදූට කියලා දාගන්නම්.. ආයෙ යාලු කරගන්නත් ඕනෙනෙ "

දවසේ කී වෙනි වතාවටද මන්දා නුවේද් ආයෙමත් බොරුවකින් ශශීව නැවැත්තුවා. එයාට ඕනෙ උනේ ඒක හසරැල්ම එයාගෙ අතට දානවා දකින්නයි.. ඉතින් හසරැල් කියන නම වෙනුවට එයා සුදූව අදේශ කරලා සැක නොහිතෙන්න හේතු සාධක ඉදිරිපත් කරේ එයාගෙ ඇස් වල තියෙන හැඟීම් ශශී කියවගනී කියලා බයෙන් වගේ ඉස්සරහම බලාගෙන.

" ඕකෙ..  එතකොට දැන් අර ඔලුවෙ කැක්කුම හොඳද.. ම්ම්ම්.. "

ඔය ගිෆ්ට් එක දකිනකන් නුවේද්ගෙ මූණ වහගෙන උන්නු අඳුරු වලාකුලු කොහෙටදෝ පාවෙලා ගිහින් ඒ තොල් වල තාමත් ඇඳිලා තියෙන හිනාව දකිනකොටයි ශශී එහෙම ඇහුවේ..

ඒ හිනාව හැමදාමත් වගේ ශශීව අතරමං කරනකොට එයා නිහඬවම නුවේද් දිහා බලාගෙන හිටියා මිසක් තව මුකුත් කියන්න ගියෙ නෑ.

ශශීට මතකයි එයා අතීතෙ දවසක නුවේද්ට වෙච්ච පොරොන්දුව.මේ වෙනකල් එයා ඒක රැක්කා.. ඒත් ඉස්සරහට?

කාලයක් තිස්සෙ හැමෝටම අමතක වෙලා තිබ්බ , අනුරාධගෙත් මිහිඳුගෙත් බලාපොරොත්තුවකට ආයෙම පණ ඇවිත්.ඒක කාලෙත් එක්ක හැමෝටම අමතකයි කියලා හිතුවට ඇත්තටම එහෙම නොවෙන විත්තිය නොදන්න එකම කෙනා නුවේද් විතරයි..

ඉතින් එකමත් එක දවසක ශශී නුවේද්ට උන පොරොන්දුව අනාගතේ කවදමහරි දවසක එයාගෙ අතින් බිඳෙන බව එයාට විශ්වාසයි. ඔය කවදමහරි දවස වැඩි ඈතක නැති විත්තිය ශශී දන්නවා.. ඉතින් නුවේද්ගෙ ප්‍රතිචාරය මොන වගේ එකක් වෙයිද ? ශශීගෙ හිතේ තිබුනෙ සතුට මිශ්‍ර වෙච්ච අහිංසක බලාපොරොත්තුවක් ..

අර බ්‍රේස්ලට් එක ආයෙම ගිෆ්ට් බොක්ස් එකට දාපු ශශී ඒක ඩෑශ්බෝඩ් එක උඩින් තියලා ශීට් එකට ඔලුව බර කරලා ඇස් පියාගත්තෙ එයාගෙම හීන ලෝකෙක අතරමං වෙන ගමන්..

ඉතින් ශශීව ගෙදරින් බස්සලා නුවේද් ආයෙම ආවත් හරි එයාට තිබ්බෙ හසරැල්ට කතා කරන්න නොයිවසිල්ලක්.. ගෙදර ආපු බව දන්වලා හසරැල්ට මැසේජ් එකක් තියපු එයා වොශ් දාගෙන කාල බීල ඇවිත් ඇඳට වැටුනෙ ආයෙම හසරැල්ගෙ චැට් එක ඕපන් කරගෙන අර හසරැල්ගෙ නෝට් එක ආයෙම වතාවක් කියවන ගමන්..

ඉතින් හසරැල්ගෙ චැට් එකේ තිබ්බ නිල් පාටින් සලකුනු වෙච්ච අර ලින්ක් එක ඇහැ ගැටෙනකොට හසරැල්ට කතා කරන අදහස පැත්තකින් තියල එයා ඒ ලින්ක් එක ටච් කරේ හසරැල් කියලා තිබ්බත් වගේ මේ වෙලාව එයා නිදහස්ව ඉන්න වෙලාව නිසා..

නොහිතපු විදියට ඒක එයාගෙ අර ෆේවරිට්ම ෆේස්බුක් පේජ් එකේ , එහෙමත් නැත්තම් එයාගෙ හිත නිවන  කටහඩක අයිතිකාරයාගෙ වීඩියෝ එකක් වෙද්දි නුවේද් ඒ වීඩියෝ එක ප්ලේ කරේ හසරැල් මේක එවන්න හේතු කාරණා මොනවද කියලා හිතන ගමන්..

ඉතින් එයාට ඇහෙන්න ගත්තු ඉන්ට්‍රො එක ඒක මොන සින්දුවෙද කියලා අමුතුවෙන් අඳුරගන්න ඕනෙ උනේ නෑ මොකද ඒක කවදත් එයාගෙ ආසම සින්දුවක්..

" මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ... මධු මල් පිපෙනා...
බිඟුරැව් නැඟෙනා...
මේ ප්‍රථම වසන්තයයි... "

සින්දුව අහන අතරෙ එයාගෙ ඇස් නැවතුනේ ගිටාර් එකේ රැදිලා තිබ්බ අතක වෙද්දි ඒ අතේ තිබ්බ බ්‍රේස්ලට් එක අඳුරගන්න නුවේද්ට වැඩි වෙලාවක් ගියෙ නෑ.. ඒත්,

" එකම වගේ බ්‍රේස්ලට් කොච්චර තියෙනවද ? මේ ඇත්තටම එයා වෙන්න පුලුවන්ද ? "

නුවේද් එයාටම මුමුණගත්තෙ වීඩියෝ එක ටිකකට නතර කරලා.. ඊටත් පස්සෙ එයාගෙ ඇස් නැවතුනේ වීඩියෝ එක උඩ තිබුනු කැප්ශන් එකේ.. උඩම තිබුනෙ නිල් පාට හදවත ඉමොජියක් විතරයි.. හැබැයි තව ටිකක් යටට වෙන්න ටිකක් දිගට ලියවිලා තිබ්බ වචන අතරෙ නුවේද්ගෙ ඇස් ගියෙ කලබලෙන් වගේ.. ඒ කියවන අකුරක් ගානෙම නුවේද්ගෙ ඇස් කඳුලු වලින් පිරෙන්න මහ වෙලාවක් ගියෙ නෑ..

" පරක්කු වෙලා හරි ඔයා මේක දකින බව මං දන්නවා..
මේ වෙලාවෙ ඔයාගෙ ඇස් වල තියෙන හැඟීම් මොන වගේද කියලා එකින් එක මට මවාගන්න පුලුවන් තරම් මං ඔයාව කියවන් ඉන්න විත්තිය ඔයා නොදන්න බව මට විශ්වාසයි. පුදුම වෙන්න එපා.. ! ආදරේ කියන්නෙ එහෙම මැජික් එකක් බව මං ඉගෙන ගත්තෙ ඔයා නිසා.
මාව දකිනකොට ඔයාගෙ මූණෙ ඇඳෙන හිනාවට ලෝබ වෙන්න පටන් ගත්තෙ කවද ඉඳලද කියලා මම දන්නෙ නෑ.. ඒත් අහම්බකාරක මුණ ගැසීම් ජීවිතේ අස්සට මොන තරම් ආදරණීය බලපෑම් කරනවද කියලා මට දැන් තේරෙනවා. විශ්වාස කරන්න !! මං  ඔයාට ආදරේ වෙන්න එකම හේතුව ආදරේ විතරමයි...

ජීවීතේ අමාරුම තැනක උනත් ඔයාගෙ අත කවමදාවත්
අත ඇරෙන්න දෙන්නෙ නෑ කියන විශ්වාසයත් එක්ක , සදාකාලික ආදරයක් ඔයා වෙනුවෙන් මං දරාගෙන ඉන්නවා..

ඉතින් ,

සුබ උපන්දිනයක් වේවා වස්තුවේ..!

ඔයා දන්නවා .. ඒත් මං ආයෙ ආයෙම කියනවා..
මං ආදරෙයි !











ලමයි මට මේ සතියෙ ෆයිනල් එක්සෑම් පටන් ගන්නවා.. සති දෙකක් විතර එන්න බැරි වෙයි.. ලියාගන්න වෙලාවක් හම්බුනොත් එන්න බලන්නම්.. 🥺🥺❤️

ඒක නෙමෙයි...
ඔයාලට මතකද මේකේ කිඹුල් පැටව් දෙන්නෙකුත් හිටියා..  😌😌

කතාව ගැන ප්‍රශ්න මොනාහරි තියේනම් අහන්න හොඳේ..

ගිහින් එන්නම්..

Winky_❤️

Continue Reading

You'll Also Like

82K 2.4K 20
ရင်ခုန်ရင် ဒါအချစ်ပဲတဲ့
220K 30K 70
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
Knight By m

Teen Fiction

19.1M 663K 57
COMPLETED [boyxboy] Mason Maloney has lived his whole life in the shadow of his twin brother, Nathan, star quarterback of the football team. While N...