- Plot 23 -

By Bulbz_D

860K 114K 39.3K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 112 -

7.6K 881 633
By Bulbz_D

" හාචුහ්....!!! හාචුහ්....!!!!. හාචුහ්... !!!!!!!! " එක පේළියට ගියපු කිවිහුම් පේළිය නිසාම
ගවීෂ් ඇස් දෙකත් පොඩි කර කරම වේඝර්ණ උරුම රහස් පොත වැහුවේ සැහෙන මහන්සියකින්.... ටිකකට කලින් මුදුන් වෙලා තිබ්බ ඉරත් දැන් නම්  බටහිරට බර වෙලා ගිහින්......

පහු ගිය දවස්වල සොල්දරයට වෙලා රෑ තිස්සෙත් පිනී බෑවට එයාට තිබුනට වඩා පොඩ්ඩක්වත් මනවිෂ පාලනේ කරගන්න පුළුවන් වෙලා තිබ්බේ නැ.... සැරින් සැරේට මරල දාපු අතීතෙ ඇවිස්සෙන එක ලේසි නැ... සීයා කසේ පළවෙනියටම ඇග තුවාල කරද්දි දැනුන වේදනාව ආයෙම සැරින් සැරේට දැනෙද්දි , ලේ ගෑවුන අත්වලින් පොත් කියවද්දි සුදු මාමා අඩපු හැටි , යුවනිදු අය්යගේ මරණේ වගේ සැහෙන දේවල්වල මතක එක සැරේ එයාව රිද්දන්න පටන් අරන්.... ඒ දුර්වල වීම ගවීෂ්  ධාහන්රා එකකට ඇතුළු වෙන එක නවත්තන්න තරම් ප්‍රබලයි.....

ගවීෂ් , පොත් දෙක අතට අරන් නැගිට්ටේ කකුල්වල හිරි අරින අතරේ.... ඊයේ රෑ ඉදන් අද හවසටත් කිට්ටු වෙනකන් එක ඉරියව්වෙන්ම මනස සන්සුන් කරන්න හදපු එක සැහෙන මෝඩ වැඩක්. ඒත් ගවීෂ්ගේ හිත පිළිගන්න ලෑස්තිම නැහැ එයාට ධාහන්රා එකක් ආයෙම හොදට කරගන්න බැරි බවක්.... සොල්දරයෙන් බැස්ස ගවීෂ්ගේ ඇස්වලට මුලින්ම අහුවුනේ ලයිබ්‍රියේ බීන් බෑග් එක උඩම නින්ද ගිහින් තිබ්බ මියුන්ව.... පොත පපුව උඩ... කණ්ණාඩි දෙක මිස් ප්ලේස්වෙලා නහයෙන් පහළට ලිස්සලා ඇවිත්... ඒත් දොයි සැපට...

පුදුමයක් නැ මෙතනින්ම පොතක් පෙරලන් වාඩි උන එක... මොකද මෙතනට සොල්දරය පේනවානේ ... ඒත් කොල්ලට මහන්සියටමද මන්ද එතනම නින්ද ගිහින්... මැන්ශන් එකට ගිහින් සැපට නිදාගන්නැතුව මු මේ කරන විකාර වැඩවලට ගවීෂ්ගේ යකාත් නගිනවා... ඒත් ඒ යකාටත් සොච්චමින් හරි ආල හැගුම් පහල වෙනවා.... මියුන් මෙ ආයේ දුවන් ආවේ අද උදේ පාන්දර .... ඉර එළිය හරියට වැටෙන්නත් කලින්.... ගවීෂ් කොහොමටත් උදෙ කෑම මග අරින නිසාම එක පාරක් විතරක් මේකා සොල්දරයට එබිලා , එයා ඉන්න බව ෂුවර් කරගෙන ගිය බව ගවීෂ්ට මතකයි... ඒත් දවල්ට කන්න කතා කරන්න දෙතුන් පාරක්ම ඇවිත් අන්තිමට බැනුම්නුත් අහගෙන ගස්සන් ගිය බවත් ගවීෂ්ට ලාවට වගේ මතකයි.... මියුන් ගෙනාපු දවල් කෑම එහෙමම මේසේ උඩ බව දැක්ක ගවීෂ් ගිල්ට් ගතියෙන් බෙල්ල කැසුවේ මූණත් ඇද කරගෙන.... දැන් හවස තුන පහුවෙලා උනත් කන්න තියා මියුන් ඒක දිගැරලාවත් නැති බව ගවීෂ්ට පේනවා.... ඕවට තමයි ඉතින් ආයේ මලයකා ඇවිස්සෙන්නේ...
පොත් දෙක පැත්තකින් තියලම ගවීෂ් කොල්ලා දිහාවට කිට්ටු කළෙත් ඒකමයි.....

ගවීෂ් මියුන් ගාවින් හිටගෙන ඉණටත් අත් දෙක තියාගත්තේ ඒකාව එක පාර ඇහැරවන්න ලෝබකමේ.... මොනා නැතත් නිදාගනිද්දි නම් පොඩි එකෙක් නෙවේය කියන්න කිසිම දෙයක් නැ... බලහන් ඉතින් ස්පෙක්ස් කටේ මේකාගේ !! ස්පෙක්ස් දෙක ගැලෙව්වම මියුන්ගේ ඇස් යට කළු වෙලා කියලා පැහැදිලිව පේනව... ඉස්සර පාඩම් කරන්නවත් නිදිමරපු නැති තරන් කොල්ලට පහු ගිය දවස්වල නින්දක් තිබිලා නැ වගෙ....

ගවීෂ් එතනින් පහත් උනේ මියුන්ගේ ස්පෙක්ස් දෙකයි , පොතයි නොදැනෙන ගානට අතට අරගෙන.... එහෙමම කොල්ලගේ නළල උඩින් යන්තන් තොල් තියපු ගවීෂ් , එයාටම හිනා උනේ ඒ යකා නින්දෙන්ම බෙල්ල හරවපු විදියට..... කාගෙන කාගෙන යන්න හිතෙනවා වෙලාවකට.... ඒත් පැහිලවත් නැ පඩි කතා කිව්වට..... සෝන්ග් ඔෆ් අකීලස්..... !! මියුන් කියව කියව ඉදපු පොතට ගවීෂ් කට ඇද කළෙත් යන්තන් හිනා වෙලා.... අකීලස්, ප්‍රටොක්ලස්ගේ පලහිලව් !!! වීරයා වගේ මේක කියවල ඊළගට ඉදියි දවස් දෙකක්ම මූඩ් ගහලා....ප්ෆ්ෆ්‍ෆ්ට්...

  මියුන් කියව කියව ඉදපු තැන පිටුව මිස් නොවෙන විදියට මියුන්ගේ බුක් මාක් එක පිටු අස්සට ඔබලා පොත පැත්‍තකින් තියපු ගවීෂ් , ස්පෙක්ස් දෙකත් එතනින්ම තියලා බීන් බෑග් එක ගාව බිමින් වාඩි උනේ කොල්ලගේ ඔළුවට අත තියාගෙනමයි..... වෙන මොකටවත් නෙවේ කොල්ලගේ ඔළුව ටිකක් අතගාන්න.... ඒත් ගවීෂ් පළවෙනි පාරට ඔළුව අතගාන්නත් කලින්ම මියුන් ඇස් ඇරියේ ගවීෂ්ට හිටි හැටියෙම ඒකාගෙ ඔළුවට පාරක් ගහන්නයි රවන්නයි මතක් කරවලා.... ඉදලා ඉදලා හොරෙන් ලව් කරන්න ගියාම ඒකම මාට්ටු වෙනවනේ සැක්.....

" තිමොම්යර්‍ය..??.." මියුන් නිදිමතේම ඇහුවේ අමාරුවෙන් ඇස් ඇරලා.. දැන්ම නැගිටින්න අදහසක් නෑ වගෙ.... කෝමටත් මේකාට මහන්සි උනාම යකා වගෙ නිදියන්න පුළුවන් නේ.... ගවීෂ් කොල්ලගේ කනින් ඇල්ලුවේ කටත් ඉරක් කරගෙන...

" දැන් ඔතන නිදාගත්තම හරියනවාද අහ්හ් ? " ගවීෂ් සැර කළේ මියුන්ගේ රතු පාට උන කන තව තදින් අල්ලලා මිරිකන ගමන්... අමො මූණත් එක්කම රතුවීගෙන එනවා ඒ පාර.....

" හාමු මහතැන් නිදාගෙන අහවර නම් නැගිටිමුද කන්න..??  " ගවීෂ් තවදුරටත්  කිව්වේ කන අල්ලලා නොරිදෙන්න අඹරන ගමන්... ගවීෂ් දිහා නිදිමතේම බලන් ඉදපු මියුන් , ඒ සැරේ කිසි කතාවක් නැතුව බීන් බැග් එකෙන් පහළට පෙරළුනේ කෙලින්ම ගවීෂ්ගේ ඇග අස්සට.... හොව්ව් !! මේ මොන සමයමක්ද මේ ඒ පාර... ගවීෂ් එහාට තල්ලු කලාට මොකද දගලලා දගලලා මුරණ්ඩුකමට ගවීෂ්ගේ අත් අස්සේ ඉඩ හදාගත්ත මියුන් එයාගේ ඔළුව ගවීෂ්ගේ ලැප්ස් උඩින් තියාගෙන හොදට හරිබරි ගැහිලා ඔළුවත් බඩ අස්සට ඔබාගත්තේ මදි පාඩුවට ගවීෂ්ගේ අතත් ඇදලා අරන් එයාගේම ඔළුව උඩින් තියාගෙන..... දැන් සේරම හරිද දන්නැ පාහරයට... ඔන්න ඕකනේ ඕකනේ !! මල්ලි බබාලව සෙට් කරගත්තම මේ කරුම ගෙවන්නත් ඕනෙ.... ගවීෂ් හිත යටින් මුමුණ මුමුණ බනින බව තේරුන මියුන් ආයේ ගවීෂ්ගේ අත අල්ලන් එයාගේ ඔළුව උඩින් එහා මෙහා ගෙනිච්චේ හෙන අහිංසක විදියට....

වෙනදා උනා නම් මේකා පස්ස රත් වෙන්න පාරක් කාලා මේ දොන්ත කේස්වලට.....ඒත් අද නම් ගවීෂ් පොඩ්ඩක් ඔළුව අතගැවේ මියුන් ඉන්නේ මොකක් හරි ලොකු කල්පනාවක බව පැහැදිලිව පේන නිසා.... එයාගේ ඔළුවේ ලොකු දෙයක් වද දෙනවා... හරියට වැරැද්දක් කළ පොඩි එකෙක් වගේ....වගේ නෙවේ ඌ වැරැද්දක් කරලා තියෙනවා... නැත්තන් මෙච්චර ඇලෙන්න එන්නැ....

" මොකක්ද කළ වික්‍රමේ ?" ගවීෂ් කෙලින්ම ඇහුවේ මියුන්ගේ මූණ ඇද උන විදිය නෝට් කරගෙන... හරිනෙ... මොකාක්ම හරි මරාලයක් දාගෙන ... ඊයේ දවසෙම පේන්න ඉදියෙත් නැනේ....

" කියපන් බලන්න !! " ගවීෂ් ආයේ සැරෙන් ඇහුවේ මියුන්ගේ කනෙන් ඇදලා ඌව නැගිට්ටවගන්න ගමන්...

" කමු.. " මියුන් උත්තර දුන්නේ හදිසියේ නැගිටින ගමන්.... හොරගෙඩියා... ප්‍රශ්නෙ මගැරියා.... !! මොකාක්ම හරි හොරවැඩක් තමා මේකාගේ.... ගවීෂ් රවන් බලන් ඉදියේ මේසේ ගාවට ගිය මියුන් දිහා....

" අරන් වරෙන් එහෙනම් මෙතනට... "

" බිමට ???? " මියුන් ඇහුවේ බරපතළ අපරාදයක් ගානට බිම දිහා බලලා...

" උබේ අර අපාට්මන්ට් එකේ බිමයි මෙතන බිමයි තියන වෙනස මොකක්ද කියපන් !!! " ගවීෂ් ඇහුවේ මියුන් වටපිට බලලා බෙල්ල ඇද කරද්දි.....

" දූවිලි තිමෞර්ය .. ! " මියුන් ඒ කිව්වේ ගවීෂ් රවපු එක නොදැක්ක ගානට.... එව් !!! අරවින්ද් මේමද මූව හැදුවේ ? ශිහ්... මේම නම් මේකාව දීග දෙන්න වෙන්නැ අරවින්ද්කාරයට... එක්ස්පිරියන්ස් ඒම හරිම මදි !! ඒත් මියුන් ඉක්මනින්ම ඇවිත් බිමින් වාඩි උනේ , ගවීෂ් මූ කොහෙන් ඇහිද ගත්ත එකෙක්ද ගානට බලන් ඉදිය නිසා... පොලිශ් කරපු ලී බිම එයාලා දෙන්නා මැදින් , කැම එකයි වතුර බෝතලෙයි  තියපු මියුන් ඊළගට බලන් ඉදියේ එයා දිහා දරුණු ගණයේ බැල්මක් දීපු ගවීෂ් දිහා.... ඔව් , කැම එක කොහෙන්ද කියලා දැක්කම ඒක එහෙම වෙන්නම ඕනේ....

" කොහෙන්ද මේ ? !!! " ගවීෂ් ගෙරෙව්වේ මියුනුත් උත්තරයක් නොදී ඩෝන්ට් කෙයා ගතියෙන් රවද්දි... ආයේ වචනයක්වත් නාස්ති නොකර නැතුව මියුන්ගේ බෙල්ලෙන් අල්ලලා පහත් කරපු ගවීෂ් කොල්ලගේ ටී ශර්ට් එකේ කර අස්සේන් බැලුවේ එයාගේ සුරේට දාලා තියෙන ගැට දෙක දිහා... ඒ කලින් එයා දාපු ගැට දෙක බවම කන්ෆර්ම් කරගත්තත් ගවීෂ් ඊළගට කළේ මියුන්ට තරු පේන්නම පොල් ටොක්කක් ඇනපු එක....

" කවුද තමුසේට අප්ලොශ් එකෙන් එළියට යන්න කිව්වේ ? අහ්හ් ??? මේකද කරපු වීරකම දැන්...අරවින්ද් දැනගත්තම බෙල්ල මිරිකන්නේ මගේ !!!! " ගවීෂ් සැර කළේ දෙවෙනි පාරටත් මොළේ පෑදෙන්න වගේ මියුන්ට ටොක්කක් අනින ගමන්.... ඒත් ගවීෂ්ගේන් බේරිලා ඔළුව උස්සගත්ත මියුන් ආපස්සට ඒ ප්‍රවේගෙන්ම ගවීෂ්ට කදුළු පනින්නම ටොක්කක් ඇන්නේ තරු නෙවේ විශ්වයම පේන විදියට......

" මම නෙවේ එළියට ගියේ !! ඩියෝන් !!!" මියුන් ඒ තදින් කිව්වේ ගවීෂ් කලින් සැරේ ටොක්කට මූණ බෙරි කරන් ඔළුව අතගාද්දි....

" අහ්හ්....ඌ ද ?  ඉතින් ගහන්න ඕනෙද ඕකට ?   "  ගවීෂ් ඒ ඇහුවේ ටොම් ඇන් ජෙරි එකේ වගේ රතු පාටින් උසට ඔළුව ගෙඩි ගැහිලද කියලා බලන්න එයාගෙම ඔළුව වටේ අතගාගන්න අතරෙ.... අනික මේ ඩියෝන්කාරයා මොකද මුට බැලමෙහෙවරකම් කරන්න ගත්තේ ??? මෙතන මොකාක් හරි තියෙනවා... එකෝ මූ වටේ යනවාවත්ද ? වෙන්නත් පුළුවන් ගවීෂ් ..... ඩියෝන් උබට වඩා ලස්සනයි නෙ...ඔව් ලස්සනයි ... උගේ පාට ලස්සනයි... ඇග ලස්සනයි .... එකට එකතු වෙලා තියෙන ඇහිබැම ලස්සනයි .... උගේ පොඩි ගතියක් තියෙනේ නේ.....

" තිමෞර්ය , රිදුණද ?  " ගවීෂ් කල්පනාවෙන් මිදුනේ එයාගේ ඔළුවට උඩින් අත තියන්න පහත් උන මියුන්ගේ අත එහාට තල්ලු කරන ගමන්.... ඕන නැ !!! එක පාරක් හරි වටේ ගිහින් අහුවුනොත් මරලා හංගලා අඩ අඩ හොයන්නේ !!අනික ටොක්කකුත් ඇන්නා !!!  ගෘහස්ත හිංසනය යටතේ නඩු දාන්න වටින්නේ....මේ බූත බංගලාවකට පැහැරගෙන ඇවිත් ටොකු අනිනවට වන්දිය කියද දන්නැ ? ඒ වුනාට ඒක පොඩ්ඩක් පහුවට දාමු , ඉස්සෙල්ලා සී ෆුඩ් රයිස් එකට වැඩි අවධානයක් දෙන්න ඕනෙ....

" නිවිලා තියෙන්නෙ.. කිව්ව වෙලෙ ආවෙ නැනෙ.. " මියුන් කිව්වේ ගවීෂ්ගේ අතට ස්පූන් එකක් දික් කරලා... ආශාක්‍යසිංහ සලකුණ ගහලා තිබ්බ හැන්දෙන්ම ඒක මියුන් මැන්ශන් එකෙන් උස්සන් ඇවිත් තිබ්බ බව ගවීෂ්ට අමුතුවෙන් කියන්න ඕනේ නැ.... හෝව්ව් හොව්ව්ව් !! ඩියෝන් ගෙනත් දුන්නා නම් ආශාක්‍යසිංහ මැන්ශන් එකේ ස්පූන්ස් මේක අස්සට රිංගුවේ කෝමද !!!

" ස්පූන්ස් ගෙනාවේ උබද ?? " ගවීෂ් ඇහුවේ මියුන් නැ කියන්න නළල රැලි කරද්දි...

" අනේ උබ බබා !!! " ගවීෂ් ඇහුවේ මියුන්ගේ කනෙන් අල්ලලා ආශාක්‍යසිංහ සලකුණ උට පෙන්නන ගමන්.... මේන් වැඩක් !! දැන් දැක්කා වගේ හැසිරෙන හැටි විතරක් !!..ගවීෂ් වෙන මුකුත් කියන්න කලින් මියුන්ට එක සැරේටම වගේ හිනාවක් පැන්නේ ගවීෂ් ආපස්සට කට කනටම කරලා රවද්දි....

" ඉරිසියා කරන්නැතුව, ඕක කන්න තිමෞර්ය ....." මියුන් සන්සුන්ව මිමිණුවේ ඉරිසියාවට මූණ පුම්බන් ඉන්න ගවීෂ්ට...

" මම කන්නෑ මේවයින් !! " හැන්දෙන් මියුන්ටම දමලා ගහපු ගවීෂ් ලොකු වතුර බෝතලේත් අරන් නැගිට්ටේ , උට අතක් කියලා දෙයක් මේ ලෝකේ තාමත් ඉතිරි වෙලා තිබ්බ නිසා... ගැම්මට අත හෝදගෙන එද්දිත් හැන්ද තියන් බලන් ඉදපු මියුන්ට රවපු ගවීෂ් කෑම එක උගේ දිහාට ඇදලා ගත්තේ මියුන්ට ඕනේ රෙද්දක් කරගන්න කියලා නොකිය කියලා...

එක අතකට මේ ප්ලේස් එකෙන් ගෙනාවා නම් ඩියෝන්ම වෙන්න ඕනේ... ඉස්සර චූටි මාමා , සුදු මාමා , යුවනිදු අය්යා , ඩියෝන් , එයා අප්ලොශ් එකෙන් එළියට ගියොත් අනිවාරෙන්ම කාල එන තැන මේක.... කොටින්ම මැරිලා වැටෙන්න තරම් සීයාගෙන් ගුටිකාලා , ගවීෂ්ට වමනේ යන කාලේට පවා සුදු මාමා කරන්නේ ඩියෝන්ව යවලා හරි මෙතනින් ගවීෂ්ට කන්න ගෙනත් දෙන එක... මොකද කොහේ කැම එපා කිව්වත් මිනිහා මෙතන කැම එපා කියන්නැති බව මුළු වේඝර්ණ තුන්වෙනි පරම්පරාවේම ප්‍රසිද්ධ රහසක්.... පහුගිය දවස්වල දිගටම එයා මුරණ්ඩුකමට කෑම මගැරිය නිසාම මේ යකා ඩියෝන්ට කියලා ඒක වෙනම ගෙන්න ගත්ත බව නම් ගවීෂ්ගේ ටියුබ් ලයිට් මොළේට තාම නොතේරෙන කාරණයක්.... වේල් ගානක් නොකා ඉදලම ගවීෂ් මේ වෙනකොටත් සැලකිය යුතු කටවල් ගානක් උගුරෙන් පහළට යවලා ඉවරයි.... උගුර වේලිච්ච ගතියට වතුර උගුරු දෙක තුනක්ම හිස් කරපු ගවීෂ් දැක්කේ තාම කන්නේ නැතුව එයා දිහා බලන් ඉදිය මියුන්ව !!!

" කෙළ ගිලින්න එපා යකො !! කාපන් ඉතින්... " ගවීෂ් කටේ පුරෝගෙනම කිව්වේ මෙච්චර වෙලා එයාගේ සීමාවේ තිබ්බ කැම එක පොඩ්ඩක් විතර මියුන් දිහාවටත් තල්ලු කරලා.... දෙන්නත් ලෝබයි... කමක් නැ... යන්තන් ඇග පිරීගෙන ආවා විතරයි නෙ.. ආයේ කෙට්ටු උනොත් බදාගනිද්දි ඇටකටුනේ.. උබටමයි පාඩු ගවීෂ් !! ගවීෂ් අනාගතේ ගැන බරට මනෝපාර ගහලාත් අහවරයි ....

" කමු !! චිලිපේස්ට් අඩුවෙන් දාන්න.... කට්ල් ෆිශ් වැඩියෙන්.. " මියුන් ඇගිල්ල පොයින්ට් කර කරලම උපදෙස් දුන්නේ ඒ ගොනා හැරෙන්නේ මොන පොල් පැළේ කන්නද කියල  ගවීෂ්ට යන්තන් මීටර් වෙද්දි... උපදෙස් දෙන්න නම් ඉන්නව දත කට මැදගෙන... මියුන් කවන්න කියලා නොකිය කිව්ව විදියට අපේ ගවීෂ්ගේ හිත හීනියට උණු උනේ නැ කිව්වොත් අමූලික බොරු.... මොනා උනත් මියුන් කාටහරි කියලා කවාගන්න හරි ආස බව ගවීෂ් හොදටම දන්නවා... පොඩි කාලේ සුදු මාමා එයාව උකුල උඩ තියන් කැව්වට මියුන්ට ඒම නැති බවත් ගවීෂ් දන්නවා... මොකද මියුන් අරවින්ද් දෙන්නම හැදිල තිබ්බේ තනියම... මුරණ්ඩුකමත් අඩු නැතුව...

කලින් එයා චිලිපේස්ට් තලියක්ම දාන් අනලා තිබ්බ පැත්ත අතැරපු ගවීෂ් නිකන් සැර නැති පැත්තෙන් කටක් අරන් තිබ්බ කට්ල් ෆිෂ් කැලි සේරමත් හාරලා හාරලා ඒක අස්සට දාලා බත් කට අතට ගත්තේ මියුන්ට කට අරින්න කියලා ඔරොවන ගමන්.... මියුන් ඉස්සරහට බරවෙලා කට ඇරියේ සැහෙන උනන්දුවෙන්.. කටෙන් බාගයක් ආයේ කැම එකටම හලාගත්‍තට මොකද මියුන්ට පළවෙනි කට කවාගත්ත නිසා ගවීෂ්ට හිනා ගියේ එද කහ වැඩි අල හොද්ද එක්ක මුට බත් ගිල්ලපු විදිය මතක් වෙලා...

මියුන්ට කොහොමටත් හුරු නැ කවුරුත් කවද්දි කන්න.. ඒත් එයා ඒකට ආසයි.. ඒක නිසා වැඩි පරිස්සමට වට්ටගන්නැතුව කන්න හදද්දි බත් කටෙන් බාගයක්ම හලාගන්නවා... ඉතින් ගවීෂ් එක දිගට කටවල් දෙකක් කවනකන් මියුන්ට හපන්න දෙයක් නැ... හපන්න ඉතිරි වෙන ගානට කටේ පුරවගත්‍තම එයා පැත්තකට වෙනවා ඒ කට ගිලිනකන්... ඒක එයාට කොච්චර දැනෙනවද කියලා , බත් පුරෝගත්‍ත කම්මුල් පුම්බන් ඇස්වල කදුළු පුරවන් බලන විදියෙන් ගවීෂ් හොදටම දන්නවා.... මියුන් කියන්නේ ලොකු අම්මායි , භාතිය මාමයි හොදට හුරතලේට හැදුවා නම් සැහෙන නරක් වෙන්න තිබ්බ කොල්ලෙක්... දැන් ඒ මගඇරුන තැන් ආදරේදි හරියට හොයන විදියේ මුරණ්ඩුකාරයෙක්....

" මොකො ඒත් සැරද ? " ගවීෂ් නෝන්ඩියට ඇහුවේ මියුන්ගේ ඇස්වල දිලිසෙන කදුළු පටලෙට... මියුන් මුරණ්ඩුකමට අහක බලාගන්නවත් ගවීෂ් බලාගෙන..... ගවීෂ් නෝන්ඩියට හිනා වෙලා සී ෆුඩ් රයිස් එකේ කට්ල්ෆිෂ් වෙනම වෙන් කළේ මහ බබාට කවන්න.... මෙච්චර වෙලා එයා අනාගෙන තිබ්බ චිලි පේස්ට් තලියත් එහෙමම අයින් කරපු ගවීෂ් සැර නැති හරිය තෝරලා ගත්තේ කවදාවත් උට තිබිලා නැති ඉවසීමකින්....

" ළගට වරෙන් ඉතින්... හැලෙනවනේ... "

" මට ඇති... " මියුන් ඉක්මනින්ම කිව්වේ කලින් කවපු කට යන්තන් ගිලගෙන....

" අනේ මේ !! කෝලං නැතුව එනවා... කෝ ආ කියන්න.... "

" බඩ පිරුන... "

" තොට ආදරේකට නෙවේ කවන්නේ පාහරයා... උබ කෙට්ටු උනාම මටයි පාඩු... දැන් බදින්න හදිසි කිව්වා නේ ? එන්න බය්යං කාලා ලොකු වෙන්න.... එතකොට දත එයි....පස්සත් හැදෙයි... ජම්බු ගහෙනුත් පත බෑවෙයි.... කෝ හොද ළමයා වගේ ආ කියන්න... "  ගවීෂ් කිව්වේ මියුන්ගේ කටට බත් කටක් ඔබලා.... එපා කිව්වට මොකද දුන්නම ගිලිනවා !!

" ඒවට නම් කට ඇරෙනවා හොදට !!.......... කඩේ ඒවට මං කිව්වේ....  " ගවීෂ් ඉක්මනින්ම හරි ගැස්සුවේ ඇනලා ඇනලා හොයාගත්ත ඉස්සා බාගේත් මියුන්ගේ කටට ඔබලා... මේවා වචනේ පරිසමාප්තියෙන්ම සී ෆුඩ් එක්ස්පිරියන්ස් .. මොකද මුහුදේ මාළු හොයනවා වගේනෙ....

" මිරිස් දාන්න එපා සැරයි !! " මියුන්ගේ පළවෙනි කම්ප්ලේන් එක ආවේ කටවල් බර ගාණක් කිසි කරදරයක් නැතුව ගිල්ලට පස්සෙ....

" අනේ හු## !! මේක කොහෙද සැර !! " 

" සැරයි !!! "

" සැර නෑ යකො !! "

" කට දනවා .. "

" දනවා තොගේ -- මං කියන්නැ.... කෝ ආ කියපන්... " ගවීෂ් කිව්වේ ඉතිරි වෙලා තිබ්බ අන්තිම කටත් එකතු කරලා මියුන්ට කවන අතරෙ.. ඒත් ඒ සැරේ ගවීෂ් අත එහාට ගන්න කලින්, මියුන් මැණික් කටුව ගාවින් අල්ලගත්තේ ගවීෂ්ව ළහට ඇදලා අරන් පොඩි පෙක් එකක් තියන්න..  කොහෙද !! ගවීෂ් මිරිස් ගෑවිච්ච අත මැද්දට දැම්මේ මිරිස්වල සැරට මියුන් ආපස්සට නහයෙනුත් පිඹලා බෙල්ල හරවද්දි....

" ඔය අසහනකාරි වැඩ කනකොට කරලා මාව මිරිස් මරුවෙක් කරගන්න එපා... දානවා චිලි පේස්ට් එක නහය අස්සට දැනගනින්... " 

" එකම එකක් ? ... ... තිමෞර්ය !! ඒයි !! එකක් ???  "

" මෙතන අස් කරපන්... මම ගියා අත හෝදන්න... "  ගවීෂ් ඇහුන්නෑ වගේ නැගිට්ටේ මියුන් රවපු එක නොදැක්ක ගානට... පිස්සු කෝලමක් උනානේ !!
කිව්වත් වගේ ගවීෂ්  අත හෝදගෙන ආපහු එනකොට එතන අස් වෙලා...හැබැයි අදාළ එක්කෙනා ගස්සගෙන අහක බලාගත්තේ ගවීෂ්නුත් ඒ තාලෙටම ගස්සලා අහක බලාගනිද්දි...

" චහ්.. " වැරදීමක් නෙවේ නම් ඒ සද්දේ ආවේ මියුන්ගෙන්....

" පුහ්.... " ගවීෂ්නුත් සද්දෙ දැම්මේ ආයේ උරුම පොත් දෙක අතට අරගෙන.....

" ම්හ්ප්.... " මියුන් ආයේ සද්දයක් දානවා ගවීෂ් අහගෙන.... යකෝ හරි කෝලමක් උනානේ මේක !!

" ප්ෆ්ෆ්ට්.... " ගවීෂ්නුත් අතාරින්න ලෑස්ති නැ.....

" හුහ්.... "

" පෲහ්හ්.. "

" චුහ් .. "

" චෙහ්...."

" චොහ්.... "

" හැයි හැයි......"

" යැයි යැයි..... "

" චැයි චැයි...... "

" ඤැං ඤැං... "

" ඤොං....ඤොං... ඔය ඇති යකො !! " ගවීෂ් කිව්වේ මෙතන කොන් දෙකකට වෙලා දෙන්නත් එක්ක කෙකර ගාගෙන උගේ ඔළුවත් කැරකැවිල්ල වගේ නිසා.....

" මම යනවා ගෙදර !!..."  අන්තිමට මියුන් අත් දෙක බැදගෙන ගැස්සුවේ ඔරොවගෙන.... යකෝ , මමද මූව මෙහෙ තියාගත්තේ.... යැයි යැයි.... මම යැනවා ගෙජැර...!!....පුහ්....අර කසාද බැදපු ගෑනියෙක්ගෙ ජාතික දෙබසනේ.... අද නම් ආතල් එකක් නොදි අතාරින්න හොද නැ.....

" ඉතින් පලයන්.... අරවින්ද්ට එන්න කියන්නද දරු පැටියව එක්කන් යන්න ??? අහ් අහ්හ් ??  "

" නැ තනියම යන්න පුළුවන් !! " මියුන් කිව්වේ දමලා ගහලා ඇවිත් උගේ පොතයි කණ්ණාඩි දෙකයි අතට ගන්න ගමන්... අඩෝ අඩො... ගවිස්... උබ ආතල් එකට ගත්තට පොරට සිරාවටම ඩෝං ගිහින් වගෙ......

" අඩෝ මේ... ? ඔය සිරාද ? " ගවීෂ් ඇහුවෙ මියුන් කන් දෙකත් රතු වෙන්නම කේන්ති අරන් තිබ්බ නිසා.... ඔහ් !! ඇමතු ග්‍රාහකයාගෙන් ප්‍රතිචාරයක් නොමැත !!!.....

" ඕයි පාහරයො මේ ? ....."  ගවීෂ් ඇහුවේ මියුන් පොත ගාව තිබ්බ කණ්ණාඩි දෙක අරන් දාගන්නවා බලාගෙන.... තාම උත්තරයක් නැ... රැවිලි එරවිලියි , දඩෝස් ගාලා සද්දෙ එක්ක අවුස්සන පොත් මිටියි විතරයි .....

" අනේ ඉන්න බැරි නම් පලයන්... මට මොකද !! " ගවීෂ් කිව්වෙත් මියුන්ගේ තාලෙටම ගස්සලා..... එයාගේ උරුම රහස් පොත් ටිකටත් දඩාස් ගාලා පැත්තකිම් තියපු ගවීෂ් කිව්වේත් ගස්සලා.. එක අතකට එයා උරුම පොත් දෙක පැත්තකින් තිබ්බ එකෙන්ම එය  සටන පාවලා දීලා අහවරයි... ඒත් මියුන් සයිලන්ට්....

" ................."

" විසාල කරදරයක් උනානේ මේක !! කෝ වරෙන් එහෙනම්........." ගවීෂ් ඒ සැරේ කිව්වෙ මියුන්ගේ අතේ තිබ්බ සෝන්ග් ඔෆ් අකීලස් උදුරලා අරගෙන බීන් බෑග් එක උඩටම විසි කරලා.... ආයේ කෝකටත් මල ඇණයක් වෙන ස්පෙක්ස් දෙකත් ඇදලා ගත්ත ගවීෂ් ඒක මේසේ උඩ තියලා ඊළගට මියුන් දිහාවට හැරුනේ , උගේම ඉණට අත් දෙක තියාගෙන...  මේකාගේ බොරුව බව මොකෝ ගවීෂ් නොදන්නවයැ....

මියුන්ව අඩියෙන් අඩිය පස්සට කරගෙන බුක් රැක් එකකට හේත්තු කරගත්ත ගවීෂ් , ඇස් පියාගත්තේ මියුන්ට කිස් කරන්න ඕකේ එක දීලා... ඒත් ආයෙ කොල්ලට ඇස් අරින්න සිද්ධ උනේ මියුන්ගේන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා... එයාගේ ඇස් කෙලින්ම එල්ල වෙලා තිබ්බ තමයි... ඒත් , ඒවල තිබ්බේ අමුතුම විදියක හැගීමක්... නිකන් හැමදෙයක්ම අමතක කරලා අයිස් කැටයක් වගේ වෙන්න හදන ගවීෂ්ව දිය කරවන විදියේ හැගීමක්... 

" නිකන් රණ්ඩු කරන්න විතරයි ඕන උනේ තිමෞර්ය ... " මියුන් මිමිණුවේ ගවීෂ්ගේ ඇස් දිහා බලාගෙන.... ඒ වචන ගොඩක් බරයි... එයා ඒක කිව්වේ ඇයි කියන්න ගවීෂ් දන්නවා...

" නිකන්.....උබට මාව ගණන් ගන්න කියන්න.... මමත් ඉන්නවා කියන්න... මටත් මොනවහරි කියන්න කියලා මතක් කරන්න....." මියුන් මිමිණුවේ එයා ඉවර කරන පරක්කුවට ගවීෂ් එයාගේ කම්මුලෙන් අල්ලලා තදට ඉඹිද්දි.....

" මග ඇරුනද බං උබව මට ? " ගවීෂ් එහෙමම ඇහුවේ ඒකට උත්තරෙ දැනගෙන .. ඔව්.. මේ දවස් ටිකේම මග ඇරුනා තමයි මහ ගොඩක්..... මියුන්ගේ උරහිස් වටේ අත් දාලා තද කරගත්ත ගවීෂ් නළල උරහිස උඩින් තියාගත්තේ පුරුදු ඉරියව්වට....

" මම තාම බලන් ඉන්නේ උබ හැමදේම මට කියනකන් තිමෞර්ය .. "

" ම්.... "

" උබ මට කියන්න ඕනෙ දේවල් , වෙන අයගෙන් දැනගන්න මම පොඩ්ඩක්වත් කැමති නැ තිමෞර්ය.....ම්ම් ? " මියුන් කිව්වේ ගවීෂ්ගේ පිටට සන්සුන්ව තට්ටුවක් දාලා....

" ම්... මට වෙලාව ඕනෙ මියුන් ......"

" උබ ඉල්ලන්නේ මගේ වෙලාව නම්, ඒක ගෙවෙන්නේ කොහොමටත් උබේ ඔරලෝසුවේ විදියට තමයි...  "

" මගුල !! රොමැන්ටික් ඔපෙරා එකක ස්ට්‍රින්ග් හතරම කැඩිච්ච චෙලො එකක් වගේ උබට ආදරේ කරන එක...!! "

" මොකක් ?" මියුන් එක පාරට හිනා උනේ ගවීෂ් ඒක කියපු විදියට.....

" මම හැමදාම මේකේ සයිලන්ට් චෙලො එක මිස්ට රොමැන්ටික් ඔපෙරා !! මට කියන්න දේවල් නෑ සෝ ජස්ට් ෆක් යූ !! " 

" විල් යූ ? "

" අසහනකාරයා !! "

" තිමෞර්ය ....... " මියුන් බර හුස්මක් එක්ක පැහැදිලිව මිමිණුවේ ගවීෂගේ උරහිස වටේ තිබ්බ අත තද කරලා.... ඒ එයාගේ සැනසීම.. මියුන් එයාගේ නම කියන්නේ නමක් විදියකට වඩා එක එක හැගීම් එක එක විදියෙන් කියන්න බව ගවීෂ් දන්නවා..තරහා ගියත් ඒක තිමෞර්ය !! ආදරේට කිව්වත් එක තිමෞර්ය !! සැනසීමක් දැනුනොත් ඒත් මියුන් ඒක කියන්න තෝරගන්න වචනේ  තිමෞර්ය !! මෙච්චර වචන තියන මනුස්සයෙක්ට සමහර හැගීම් කියාගන්න පුළුවන් එකම තනි වචනේ වෙන්න තරම් " තිමෞර්ය " කියන වචනේ ප්‍රබල බව ගවීෂ් දන්නවා..... ඒක වෙනස්ම විදියේ හැගීමක්....අහ් !!!  පොඩ්ඩක් ට්‍රැක පැන්නම විතරක් ඉතින් ඔන්න තිමවුල්‍ය අය්යේ වෙනවා....

" ම්ම්ම් ?? " ගවීෂ් මිමිණුවේ නිහඩතාවය නිසා.....

" නැ, මං අහන්න ඇහුවේ ඇත්තටම  ආඝර්වක්ෂිසාපය වැඩද ?  "

" #&#-#* !! "

ඒත් එක්කම ගවීෂ් ගැස්සුනේ ඉස්සරහ දොර දෙදරන්න එල්ල උන පාරට....

" මියුන් කොහෙද උබ! !!!!!!! "

වැරදීමක් නෙවේ නම් ඒ පයින් ගහලා දොර කැඩුවේ අරවින්ද් !!! ඩයිනමයිට් කාලා වගේ ...... ගවීෂ් මියුන්ගෙන් එහාට උනේ එක පාරටම අරවින්ද් කඩන් පනින්න හේතුවක් හිතාගන්න බැරුව... ඒත් මියුන් නම් සන්සුන්....මියුන්ගේ මූණේ හැටියට ඒ ඩයිනමයිට් කැවෙන්න හේතුව එයා දැනටම පැහැදිලිව දන්නවා වගේ...

අඩි සද්දේ ඇපැහැදිලි නමුත් , දෙපාරක් නැතුව අරවින්ද් ඇතුළට ආපු බව තේරුම් ගත්ත ගවීෂ් අත් දෙකත් බැදගෙන පැත්තකට උනේ මෙතන කිසිම දෙයක් සිද්ධ නොවුන ගාණට... අරවින්ද් සිරාවට කඩන් පැන්නේ සැහෙන කේන්තියකින් තමයි !! නැත්තන් දොරත් කැඩෙන්නම පයින් පාරක් ගහයිද ?

ගවීෂ්ව හොදටම දැක්කත්, දැක්කෙ නෑ වගේම අරවින්ද් පුපුරන කේන්තියෙන් නැවතුනේ මියුන් ගාවින්... නිකන් නෙවේ ගවීෂ්ට හිතාගන්න බැරි වේගෙකින් අරවින්ද්ගේ අතුල් පාර මියුන්ගේ කන හරහා වැදුනේ ගවීෂ්වත් ගස්සගෙනම.... එයා ඒ පරක්කුවට අරවින්ද්ව පිටිපස්සට තල්ලු කළත් , ඒ වෙද්දි හිතාගන්න බැරි වේගෙකින් ඒක සිද්ධ වෙලා ඉවරයි... අරවින්ද් ඇතුළට ආවේ සැහෙන ආවේගෙකින් බව ඇත්ත... ඒත් ගවීෂ් කොහොමටවත් බලාපොරොත්තු උනේ නැ එයා පළවෙනි පාරට !!!... ඔව් පළවෙනි පාරට මියුන්ට කම්මුලට ගහන්න තරම් ආවේගකින් කොල්ලට අත උස්සයි කියලා...

" මොන $&#*ද වින්ද් !! " ගවීෂ් ඇහුවේ මියුන්ගේ අත් දෙකෙන් අල්ලගෙන ඌව පිටිපස්සට ඇදලා අරන්.... කම්මුල හරහා රතු පාටින් පාර හිටලා තිබ්බත් මියුන්ගේ ඇස්වලත් කිසි බයක් ගෑවිලාවත් නැ.. අඩුම එයා අරවින්ද්ගේ ඇස් කෙලින් මිසක් වෙන දිහාවක් බැලුවෙත් නැ... මේ හිතුවක්කාරකම එක්ක අරවින්ද්ට මල පනින එකත් සාධාරණයි....  මියුන්ගේ මූණම කම්මුල් පාරට රතු වෙලා....

" තමුසේ !!! පැත්තට වෙයන්...!! "

" එහෙම උබට ඕන ඕන විදියට මගේ එකාට අත උස්සන්න දෙයි කියල හිතුවද මිනිහෝ ? "  ගවීෂ් ඇහුවේත් කේන්තිය කාගෙන .. අරවින්ද් එක්ක කේන්ති ගන්න උට දැන් ඇතිතරම් හේතු ගොඩ ගැහිලා තියෙන්නේ......බිම දාගෙන ගහන්න හිතිලායි තියෙන්නෙ !!

" උබම අහපන්.!!!! මොනවද !! මූ ඊයේ !! බ්‍රින්ධව් කන්දේ කළේ කියලා !! අහපන් ඉතින්....... " අරවින්ද් ගවීෂ්ටත් කඩන් පැන්නේ , ගවීෂ් ඒ ඇරේ මියුන් දිහා කෙලින් බලද්දි... බ්‍රින්ධව් කන්දේ ???!!!! ඩැම්න් !!!

" ඇත්තද මේ ? අහ්හ් මියුන් ? "  ගවීෂ් තදින් ඇහුවේ  මෙච්චර වෙලා අරවින්ද් දිහාවට නම් කෙලින් බලන් ඉදියට මොකද ගවීෂ් රවලා බලපු විදියටම මියුන් අහක බලාගෙන ඉවරයි... ඌ ඒක පිළිගත්තා...!! අහක බලාගත්තේ ඒක පිළිගන්න තමයි...!!! ගවීෂ්හේ ඉහට යකා නැග්ගේ අන්න ඒ වෙලේ !!!

" තොට මැරෙන්න ගහන්නෙ මම !!! " ගවීෂ් මියුන්ගේ ඔළුවෙන් අල්ලලාම ඌව එහාට තල්ලු කළේ අඩුනොවුන කේන්තියෙන්.... විසි වුන විදිය පව් තමා !! ඒත් කරලා තියෙන වික්‍රමේ නම් පව් නැ...!! අරවින්ද් ගහපු එකත් පාඩු නැ....!!

" මියුන් උත්තර දිපන් !! " අරවින්ද් ආයෙ මියුන්ගේ කොලර් එකෙන් අල්ලලා ගන්න හැදුවට ගවීෂ් අරවින්ද්ගේ අත එහාට ගසලා දැම්මේ අඩුනොවුන කේන්තියෙන්....

" උබ උට අත තියන්න ඕන නෑ !! "  ගවීෂ්ගේ රතුපාට ඇස්වල තියෙන්නේ පැහැදිලි අනතුරු ඇගවීමක්..

" මොකද තමුසේ... ? "

"  මමනේ #&& ඒක අහන්න ඕන ආ ? ඇයි උබ සේරම ගිහින් සීයාට කියන්නද මූ උබට උත්තර දෙන්න ඕනේ ? ද්‍රෝහිය..!! " ගවීෂ් කැගැහුවේ ඒ සැරේ මියුන් වෙනුවට අරවින්ද් ගවීෂ්ගේ ටීශර්ට් එකෙන් ඇදලා ගනිද්දි...

" ද්‍රොහියා කවුද $&# !! උබ නිසා තමයි සේරම.... වටේ ඉන්න උන්ව පරිස්සම් කරගන්න දන්නෙත් නැ !! ඔළුවට අත හෝදලා යනකන් ඒ දන්නෙත් නෑ..... "

" තමුසේ පැත්‍තකට වෙයන් !! " ගවීෂ් ඒ එහාට තල්ලු කළේ උරුමයන් දෙක මැද්දට පනින්න හදපු මියුන්ව... මියුන් සැහෙන වේගෙකින් විසි වෙලා ගිහින් බිමට වැටුනේ ඒ පාරේ සැරටම මියුන් වේදනාවෙන් කෙදිරිගාද්දි... ඒක රිදුණා.. !! ඒත් ගවීෂ් ඉන්නේ ඒ තරම්ම කේන්තියකින්....ඊළග තත්පරේ ගවීෂ් අරවින්ද්ගේ මූණටම අත මිට මොළවලා පාරක් ගැහුවේ , ඌ ඒ ගහන පරක්කුවට ගවීෂ්ගේ බෙල්ල මිරිකලා අල්ලගත්ත අරවින්ද් ඌව පෙරළ ගනිද්දි.....

" උබ දැන් බලන් ඉන්නේ මම රෝස මලක් ගෙනත් දීලා සොරි කියනකන්ද උට්ටො !!  " අරවින්ද් ඇහුවේ ගවීෂ් උගේ බඩට පාරක් ගහලා ආයෙ ඌව බිම දාගනිද්දි....

" හැමිනියන් වින්ද් ! පිටු ටික කොහෙන්ද කියාපන්...මම තොගේ බෙල්ල අඹරනවා.... !!"

" ගහපන් ඉතින් ගහපන්...!!"

" තමුසේට ඔච්චරද පුළුවන් .?? ආව් ආව්..... යකෝ රිදෙනවා මිනිහෝ....ආව්.... !!!  "

" තොට දෙකක් ඇනගන්න බැරුව ඉදියේ !!"

" ඉදා.මේකත් කාපන් එහෙනන්.... !! අසික්කිත උලමා !! පිටු ටික කොහෙන්ද කියපන් !!! "

" කියන්නෑ පුළුවන් දෙයක් කරපන් !!!

" තෝ !!! කාපන් මේකත්!!! රෙද්ද !!තනියම වීරයා වෙන්නද උබ ?? "

"  තමුසේ වගේ නාන්නෑ යකො !!! දරුදුකට පැනලා ගිය වේඝර්ණ උරුමය ඊයා යකො !!!මටත් ලැජ්ජයි !! ආඅව්ව් යකෝ.... ලේ එන්න ගහන්න ඔට්ටු නැ යකෝ !!! "

" තමුසේගේ ඔය කාණු කට !!! ලේ නෙවේ මොන දතද කඩන්න ඕනේ?? ඕයි බෙල්ල යකෝඕඔ !!! "

" ඊය කෙළ !!! හූරන්න එපා අහ්....!! කොණ්ඩේ යකෝ කොණ්ඩෙ.... කො යකො උබේ කොණ්ඩේ... !!!! "

" පලයන් #&#-#*  !!! අන්තිමට නෑවේ කවදද !!! "

" #&#*ට ගහන්න එපා යකො... ආව් !!!  මං කසාද බැන්දෙත් නැ තාම !! "

" අන්න උබ ඒක කිව්වෙත් නැ..... !! නිකන් රස්තියාදු උනා වෙඩිමක් කියල කිරිකොරහක් බලන්න ඇවිත් !!!"

" බෙල්ල අතැරපන්... තොට විහිළුවක් උනාද මේක....වරෙන් ගහගන්න... පිරිමියෙක් වගේ !! "

" තොට ඒ සැරේ මාව පේන්නෙ ගෑනියෙක් වගේද ? අසහනකාරයා !!!! තව එක පාරක් හරි ගහපන් බලන්න තොට- ඌය්යා !!!!! කවුද මිනිහෝ කොනිච්චන්න කිව්වේ ????

" කැහැටු සතා !!! උබ දන්නේ නයින්ට කිරිපොවන්න විතරයි !! "

" ඇයි උබේ නාගකන්‍යාව බූට් එක තිබ්බ දුකද මේ...... අනේ ආය්යාඅ...ඌවා..... බඩට ගහන්න ඔට්ටු නෑ උට්ටො.. !!! "

" ඇයි මොකද උබ ප්‍රෙග්නන්ට් ද !!! "

"හැමිනියන්  #&-#*!!! "

" කාගෙන්ද කියලවත් මතකද අඩුම ? " 

" ගහපන් මිනිහො !!කට විතරයි වැඩ උබේ.... ඉදා මේකත් කාපන්.. !  "

කලින් ගවීෂ් විසි කරපු පාරට එයාගේ වැදුන ඔළුවත් අල්ලන් මියුන් බලන් ඉන්නේ නයයි පොළගයි වගේ වෙලිලා දෙපැත්තට මාරු වෙවී ගුටි ඇණ ගන්න උරුම දෙක දිහා.... කතාව කෙසේ වෙතත් ගුටි හුවමාරුව නම් සැරටම යනවා..... ඒත් දෙන්නාම අතින් පයින් නිල් වෙන්න ඇනගන්නවා මිසක් මොකටද රණ්ඩු වෙන්නෙ කියලවත් මියුන්ට හිතාගන්න බැ....

" ඔය ඇති තිමෞර්ය !!! "  මියුන් ගවීෂ්ව වලියෙන් ඇදලා නැගිට්ට ගත්තත් මියුන් ඒක කිව්ව සැරට බය වෙන්නත් ගවීෂ් ගන්න ඇත්තේ උපරිම තත්පර දෙකක්.... කවදාවත් නැතුව මියුන්ගෙ රතු කට්ටට කේන්ති යාමේ සීමාවත් නොසලකා හැරපු ගවීෂ් ආයෙ අරවින්ද්ට කඩන් පැන්නේ ඒ සැරේ නම් අරවින්ද් උගේ බලජාන ක්‍රියාත්මක කරගනිද්දි... වෙනදා වලිවල පුරුද්දට ගවීෂ් කඩන් පැන්නට මොකද එයාගේ තත්වේ කොල්ලට හරියටම මතක් උනේ , අරවින්ද්ගේ පළවෙනි ස්ට්‍රෝක් එක පපුව හරහා වැදෙද්දි..... එයා අමාරුවෙන් එකතු කරගන්න හදපු ශක්තිය අරවින්ද්ගේ සැර බාල ස්ට්‍රෝක් එකටම කැඩිලා ගියේ ගවීෂ් සෑහෙන අඩි ගාණක් උඩින් විසි වෙද්දි....

ගවීෂ් උඩින් විසිවෙලා බිම වැටෙනවත් එක්ක එතන ඇති උනේ සෑහෙන නිශ්ශබ්දතාවයක්... ඔව් !! අවුරුදු ගාණක් තිස්සේ දෙන්නාත් එක්ක මරාගෙන තියෙනකොට ගවීෂ්ගේ මේ  වෙනස මුලින්ම තේරෙන්න ඕනේ අරවින්ද්ට නෙවේ ද ? මියුන් ගවීෂ් ගාවට දුවන් ගියෙ එයා විසි වුන විදිය කවදාවත් නොදැකපු දෙයක් නිසා ඇතිවුන කලබලේට.... ඒත් අරවින්ද් ඉදපු තැනම ගල් ගැහිලා එයාගෙම අත් දෙක දිහා බලාගෙන ඉදියේ උන දේ විශ්වාස කරගන්න බැරුව .... ඔව් !! මොකද අරවින්ද් ඒ ශොට් එක ගැහුවේ ගවීෂ්ගේ ඇස්වල රතු පාට මතු වෙලා තියෙද්දි... ඒ කියන්නේ ගවීෂ් ඉදියේ එයාගේ සම්පූර්ණ බලජාන ඇක්ටිව් කරගෙන !!ඒ වෙලත් ???? එච්චර පොඩි ස්ට්‍රෝක් එකකින් ???? 

ගවීෂ් වැටුන තැනම ඇස් දෙක පියාගත්තේ ධාහන්රා එක බිදිලා ගිය නිසාම ඊළග තත්පරේදි එයාගේ මනසම අදුරු සිතුවිලිවලින් වැහිලා යද්දි.... ළගම අතට අහුවුනේ මියුන්ගේ අත බව තේරුන කොල්ලා ඒ බාහුවෙන් තද කරලා අල්ලගත්තේ අදුරට වැටෙන්න තිබ්බ බයට... ගවීෂ්ගේ නියපොතු එයාගේ බාහුව දිගේ කිදා බහින විදියත් ,  සැරින් සැරේට වේගෙන් ඇසිපිය ගැහෙන ඇස්වල රතු පාට ටිකෙන් ටික අඩුවෙන බවත් මියුන් බලාගෙන ඉදියේ සැහෙන කලබලෙන්....

" තිමෞර්ය... තිමෞර්ය ඇහෙනවද ? "  මියුන්ගේ කටහඩ ඔළුවේ දෝංකාර දෙද්දි ගවීෂ් ආපස්සට කැස්සේ පපුවේ වේදනාව පිට කරන්න.... එයාගේ පොඩි කාලේම ඇස් ඉස්සරහ මැවෙද්දි , මෙච්චර කල් ඒක යටපත් කරන් ඉදපු නිසාමදො ඒක ඉවසගන්න ගවිෂ්ට තාමත් අමාරුයි.... මියුන් විතරක් නෙවේ අරවින්ද් ඇවිත් කලබලෙන් එතනින් දණ ගහ ගත්තේ ගවීෂ්ගේ පපුවට අත තියලා බලන අතරේ... එයාට වෙන අසනීපයක් නැති බව තහවුරු කරගත්ත අරවින්ද් , ඊළගට ගවීෂ්ගේ පණ නැති අල්ලට එයාගේ අල්ල තිබ්බේ බල සංසන්දනයකට.... ගවීෂ් අසිහියෙන්ම අත තදින් එහාට ඇද්දත් අරවින්ද් ආයේ අත ඇදලා ගත්තේ මියුන්ටත් ගවීෂ්ව අල්ලගන්න කියලා ඇස්වලින් සන් කරන අතරේ....

අරවින්ද්ගේ ඕරා එක ඇග හරහා විනිවිද යද්දි , ගවීෂ්ගේ ඇස් ලාවට ඇරුනේ අරවින්ද් බලාපොරොත්තු වුන ක්‍රිස්ටල් රතු ඇසුත් ශක්තියත් වෙනුවට රතු පාට අතුරුදහන් වුන ඇසුත් දුර්වල බලජානත් නිසා අරවින්ද් ගල් ගැහෙද්දි.... ගවීෂ් ආයේ ඇස් පියාගත්තේ තවදුරටත් ඒක හංගන්න බැරි බව තේරුම් අරගෙන...අරවින්ද්ගේ ඇස්වල ඇදුන කම්පනය මෙච්චර වෙලා නිශ්ශබ්දව බලන් ඉදපු මියුන්ට උත්තරයක් දීලා ඉවරයි.... එයා ඉක්මනින්ම ගවීෂ්ව කෙලින් කරගෙන අත් දෙක අස්සේ පරිස්සමට ඉඩ හදල දුන්නේ පුළුවන් තරම් තදට කොල්ලව බදාගෙන..... අනිත් පැත්තට අරවින්ද් සෑහෙන හිමින් ගවීෂ්ගෙන් අත එහාට අත ගත්තේ විශ්වාස කරන්න කොහෙත්ම ලෑස්ති නැති පිට ඔළුව දෙපැත්තට වනලා...

" අනේ ඇයි බං මෙ--..... "  ඒ සැරේ නම් අරවින්ද් හංගන්න හැදුවේ නැ.... එයාගේ කටහඩ පැහැදිලිව බිදිලා ගිය විදිය මියුන් අහගෙන....  ගවීෂ් ඇස් පියාගෙනම නෝන්ඩියට හිනා උනේ අරවින්ද්ගේ කටහඩ වෙව්ලපු විදියට...

" තෝ ඔය අඩනවද සෙවලයා...එව්...! " ගවීෂ් වේදනාව අතරින්ම හිනා වෙවී ඇහුවේ මියුන්ගේ අතුත් එයාව තව තද කරලා ඔතාගන්නවා දැනෙද්දි... මියුන් ඒ තද කරල බදාගන්න විදියෙන්ම උගේ වේදනාව ගවීෂ්ට දැනෙනවා.. අරවින්ද් බලන් ඉදිය බැල්මේ තිබ්බේත් ඒ හා සමානව වේදනාවක්... අඩුම ඒක දැනගත්ත වෙලේ එයාටවත් මෙච්චර වේදනාවක් දැනුනද කියලා සැක හිතෙන තරමට තමන් ගාව ඉන්න කොල්ලො දෙන්නාගේ වේදනාව ගවීෂ්ට පේනවා.... උගේ ඇස් බොද වෙන්නෙත් ඒකමයි....

" අනේ බං....වීෂ් -- "

" හරි හරි යකො.. මේක හරියයි..... !!   " අරවින්ද්ගේ බිදිච්ච කටහඩ දරාගන්න බැරි තැන ගවීෂ් කැගැහුවේ බොද උන ඇස් අරිනගමන්.... මේ මනවිශට කොල්ලා මේ සතිය පුරාවට හුරු වෙලා ඉවරයි ... තාම හුරු වෙලා නැත්තේ ධාහන්රා එකකට යන්න බැරි උනාම දැනෙන දුර්වලකමට විතරයි ... හැම උරුමයකම , බලයත් පැවැත්මත් තීරණය උනේ එයාලා ධාහන්රා එකට කරන කැපවීම මත... ගවීෂ් පුහුණු කළේ වේඝර්ණලා අතරින් ප්‍රබලම ධාහන්රා එක... ඒක අරවින්ද් වුනත් පිළිගන්න ඇත්තක්.... ඉතින් ගවීෂ්ගේ නම් ඒ අවුරුදු දහයක පොඩි එකෙක්ගේ ඉදන් විස්සක් වෙනකන් අතීතේ වළදදා කරපු පුහුණුවීම් .....  ධාහන්රා එකකට එද්දි හිතේ ඇතිවෙන භයානක සිතිවිලිවලට විරුද්ධව මනස මෙහෙයවලා බලජාන ඇක්ටිව් කරගන්න අමාරු අරවින්ද් , මේකේ වේදනාව දන්නවා.... වෙන එකක් තියා ගවීෂ්ට තිබ්බ ලොකුම ආඩම්බරයත් මේක බව ඌ දන්නවා... මොකද ඒක එච්චරට ලොකු කාටවත් දෙවෙනි උනේ නැති ප්‍රබල ධාහන්රා එකක් !! ...

" මනවිෂ ? "

" ම්ම්... " ගවීෂ් ඇස් පියාගෙනම උත්තර දුන්නේ අරවින්ද් එතනම බිමට වාරු දීලා වාඩි වෙද්දි....

" මොකාද ඒ ?" අරවින්ද් නිශ්ශබ්ද උනාට මියුන් තදින් ඇහුවේ ගවීෂ් යන්තන් හිනාවෙලා මියුන්ගේ උරහිසෙන් අල්ලන් කෙලින් වෙද්දි.. ඒ කළු ඇස් දිහා කෙලින් බලන්න හය්යක් ගවීෂ්ට නැ....මෙච්චර දේවල් හැංගුවට පස්සෙත්.... ටිකකට කලින් වෙලාව ඉල්ලගත්තට පස්සෙත් ..!! මියුන් මේවට මැදිහත් වෙන්න ඕනෙ නැ... කොහෙත්ම.. ගවීෂ් මියුන්ව අල්ලන් කෙලින් උනේ හිස් වෙච්ච පපුව හුස්මකින් පුරවගෙන... එය ඉස්සරහ ඉදපු අරවින්ද්ගෙන් පේන්නේ අකුණක් ඔළුව උඩට කඩා පාත් උනා වගේ පෙනුමක්... ඌ ගොඩක් ශොක් වෙලා.. ඒ මදිවට.......... ගවීෂ් දකින්න කලින් අරවින්ද් සෑහෙන වේගෙකින් පිහිදාගත්ත ඒ කම්මුල තෙමපු තනි කදුළ !!!!!

"  තාම මැරිලා නෑ යකෝ !! " ගවීෂ් හිනාවෙන්න ට්‍රයි කරන අතරේ මිමිණුවේ අරවින්ද් අඩන එක විශ්වාස කරගන්න බැරුව... අනිත් පැත්තට මියුන්ගේ අත උරහිසට තෙරපෙන විදියෙන් ගවීෂ්ට තේරෙනව එයාට කොච්චර කේන්ති ගිහින්ද කියලා.....ඒ කේන්තිය සාමාන්‍ය නොවන බවත් ගවීෂ් දන්නවා..... ගවීෂ් හිමින් සැරේ මියුන්ව එහාට කළේ, දෙන්නටම කතා කරන්න හිතාගෙන..... බූත බංගලාවේ ලී පොළොව උඩ කොල්ලො තුන් දෙනාම ඉදියේ හැගීම් තුනක අතරමං වෙලා... 

" ඇයි බං නොකිව්වේ ? "

" කියලා වැඩක්ද වින්ද්!!. ප්‍රතිවිෂකුත් නැත්තන්.... " ගවීෂ් මිමිණුවේ අරවින්ද් ආයේ විශ්වාස නොකරන විදියට මූණ ඇඹුල් කරගනිද්දි..... උට දැන් ඇඩෙන්න ආවෙ වතාවක් දෙපාරක් නෙවේ.....  අරවින්ද් උගේ ටී ෂර්ට් එකෙන්ම මූණ පිහිදාගත්තේ ඉක්මනින්ම පාලනය වෙලා....

" එහෙම වෙන්න බෑ වීෂ් !! උබ කෝමද මිනිහෝ ඒම කියන්නේ ? වෙන්න--"

" ඒත් එහෙම වෙලා තියෙන්නේ වින්ද් !! අම්....  පවර්ලස් !! " ගවීෂ් මිමිණුවේ මෙච්චර කල් එයාගේ පපුව හිර වෙලා  තිබ්බ හැගීම..... එතන මියුන් ඉන්නවා... අරවින්ද් ඉන්නවා... ඉතින් ගවීෂ්ට ඕනේ ඇස් වහගෙන හරි දැන් සේරම කියලා දාන්න.... මොකද්  උන් දෙන්නා එයාට අතඇරෙන්න නොදෙන බව ගවීෂ් දන්නවා...

" කවුරුහරි ඇගිල්ලෙන් ඇන්නත් ඒ ඇති වෙයි කඩන් වැටෙන්න කෙහෙල් ගහක් වගේ... උබම දැක්කනෙ ටිකකට කලින්...අම් පවර්ලස්.... නිකමෙක් ? මොකක් හරි වින්ද් !! මගෙන් ඇති වැඩක් නෑ නමට වේඝර්ණ උරුමය !!! එච්චරයි .......... "

" වීෂ් ඕක නවත්තපන් !! මොන විකාරද මිනිහෝ කියවන්නේ උබ ??  "

" මට මේක කරන්න බෑ වින්ද් !!! අවුරුදු දහයක් ප්‍රැක්ටිස් කළේ මට මාවවත් බලාගන්න බැරි තැනට වැටෙන්න නෙවේ ... අහ්හ් දැන් මට කියලා බලාගන්න ඉතිරි මගෙ පොඩ් එකා විතරනේ.. ඒත් මට දැන් ඒකත් බැ.... මට මාවත් බලාගන්න බෑ....!!! . " ගවීෂ් සමච්චලේටම කියවන් ගියේ , මියුන් දිහාවත් නොබල.... අරවින්ද් ඉක්මනින්ම මියුන්ව අල්ලගන්නවා එයා දැක්කත් ඒ ගැන හිතන්න තරම් ගවීෂ් පියවි සිහියෙන් නෙවේ.....

" නම්බුකාර විදියට මැරෙන්නෙවත් කොහොමද බන් !!! උබලත් අනුකම්පා කරපන් , !!බලයක් නැති දරුදුකට පැනලා ගියපු වේඝර්ණ උරුමෙට !! "

" දෙය්යන්ගේ නාමෙට ඕක නවත්තපන් මිනිහෝ !! මේ කොල්ලා මැරෙයි !! " අරවින්ද් කැගැහුවේ ගවීෂ්ව පියවි සිහියට ඇදලා අරගෙන... ඒ මියුන් !!!!  මියුන් ඉදියේ අරවින්ද්ට ගුලි වෙලා.... වැරදීමක් නැත්තන් පොඩි එකෙක් වගේ අරවින්ද්ගේ අත හූරගෙන.... අරවින්ද් , උට හුස්ම ගන්න ලේසි වෙන්න කොල්ලගේ පිට අතගෑවේ මියුන් එයාගෙන් පපුවට අත මිට මොළවගෙනම ගවීෂ්ගෙන් කවර් වෙන්න අනිත් පැත්තට හැරෙද්දි...

" මි- " ගවීෂ්ගේ උගුර හිර වුනේ මියුන් අරවින්ද්ට ගුලි වුන විදියට... අරවින්ද් මියුන්ගේ මේ වේදනාවට කලින් හුරු බව එයා මියුන්ව සන්සුන් කරගත්ත විදියෙන් ගවීෂ් තේරුම් අරගෙන ඉවරයි.... එයාගේ සාක්කුවෙන් පිල්ස් ඇදලා ගත්ත අරවින්ද් ඒක මියුන්ගේ කට අස්සට ඔබාගත්තේ සෑහෙන වෙලාවක් මියුන්ගේ මුරණ්ඩුකම එක්ක එක්ක ඔට්ටු වෙලා.... ස්ලීපින් පිල්ස් ?? අරවින්ද් ඒ දුන්නෙ මොනවද කියලා ගවීෂ් අදුරගත්තේ මියුන් ටිකෙන් ටික සන්සුන් වුන විදියට.... ඒක !!!! ...... සමහර විට ඒක....... මියුන්ට එයාව දැනෙනවා ?? ඒක එහෙමද ? එයා හිතන දේ හරි නම් ???? ගවීෂ්ට කොහෙත්ම හය්යක් තිබුනෙ නෑ මියුන්ට ළං වෙන්නවත්.... එයා හෙල්ප්ලස් විදියට ගල් ගැහිලා බලන් ඉදියේ අරවින්ද් එයා දිහාවට හෙලපු සංකීර්ණ බැල්ම කියවගන්න උත්සහ කරන අතරේ....

" ගවීෂ් ...."

" මුකුත් කියන්න එපා ප්ලිස් !! " ගවීෂ් අරවින්ද්ව නැවැත්තුවේ ටිකෙන් ටික අරවින්ද්ගේ අත් දෙක උඩ සන්සුන් උන මියුන් දිහා බලලා... හරියටම කෑ ගහලා අඩන්න ඕනේ වගේ දරාගන්න බැරි හැගීමක් ගවීෂ්ට දැනෙන්නෙ දැන්..... ඉස්සර ගවීෂ් කරන හැමදේම අනිත් පැත්තට අරන් කේන්ති ගත්ත කොල්ලා , එක සැරේටම වගේ උබේ රැවිලි ගැස්සිලිවලත් හැංගුන තේරුම් තේරුම්ගනිද්දි උබට මේක කලින් හිතන්න තිබ්බ ගවීෂ් !!! හැමතිස්සෙම ගවීෂ් ආදරේ කරන විදිය් නොතේරුනාම පැටලෙන්න ආපු කොල්ලා , කිසිම ප්‍රශ්නයක් නැතුව එළියෙ ඉන්න එකග උනාම , තුවාල ගැන දැන ගන්න පරක්කුවට කෝල් කරද්දි!! දෙය්යනේ ---- කොච්චර දේවල්ද !! ඒ හැමදේම උබ හංගනවා කියලා දැන දැනම ----  ගවීෂ් මියුන්ගේ ඔළුවට අත තිබ්බේ අත වෙව්ලන බව දැක දැකම......

" ෆීලින්ස්ද ? හැමදේමද ? "

" ෆීලින්ස්..... " අරවින්ද් හෙමින් උත්තර දුන්නේ මියුන්ව පරිස්සමට ගවීෂ්ගේ අත් දෙකට මාරු කරලා..... ගවීෂ් එහෙමම මියුන්ව අත් දෙකට අරන් තුරුල් කරගත්තේ වෙව්ලන තොල් තද කරගෙන... කොල්ලව තුරුල් කරගෙන එයාගේ නළල උඩට නළල පහත් කරපු ගවීෂ් , නින්දෙනුත් වේදනාවට  මිට මෙළවිලා තිබ්බ මියුන්ගේ අත අමාරුවෙන් දිග ඇරගත්තේ ඒ අතින් අල්ලගන්න... ඒත් ඒ අත ආයේම මිට මෙළවුනේ ගවීෂ්ගේ ඇස්වලින් එළිපිට කදුළු කඩන් වැටෙද්දි.... එයා ඒ කදුළුවලට නවතින්න දුන්නේත් නැ...

" වීෂ් !!වීෂ්... හරි බං.. හරි.... " අරවින්ද් කලබලෙන් කිව්වේ ගවීෂ්ගේ ඇස්වලින් කදුළු කඩන් වැටෙන්න ගත්ත වේගේ හිතාගන්න බැරුව.....

" ඝර්ෂාත්මය ද මේ ?"

" ම්ම් ..... "

" මූ වෙනස් වෙද්දි මට හිතන්න තිබ්බා.... අනේ මගේ පොඩි එකාට මේවා දරාගන්න බෑ වින්ද් !!ඌ මොනවද යකො දන්නේ.... !! අනේ බං , අහක පිපෙන කැලෑ මලක පෙති තැලුනත් ඇති මූඩ් ගහනවා මේකා....!! "  ගවීෂ් කැගැහුවෙ අරවින්ද්ගෙ ඇග හිරි වැටෙන තරම් ආවේගෙකින්... ඒ වේදනවට වචන කැඩෙනවා...අරවින්ද්ව සීතල වෙන තරම් භයානක විදියට!!...

" සන්සුන් වෙයන් බන් .. !!.. වීෂ් අහපන්  ඉස්සෙල්-- " 

" මට මේක නම් දරාගන්න කියන්න එපා වින්ද්.... ! උට මෙච්චර දෙයක් දරාගන්න දීලා මම උගේම අත් අස්සෙද  සැනසුනේ ? ! හෙණ ගහනවා යකෝ මට !!!!  " ගවීෂ් වේදනාවෙන්ම කෑගැහුවේ අරවින්ද් අසරණව බලාගෙන ඉද්දි.... ඌ මුකුත්ම කියන්න නිර්භීත උනේ නෑ , විශේෂයෙන්ම ගවීෂ් , මියුන්ව  තියාගෙන ඉකිගහන විදියට.... එයා ගවීෂ්ගේ උරහිස තදින් අල්ලගත්තේ ඌ මියුන් එක්කම ඇදගෙන වැටෙන එක නවත්තන්න.. මොකද ගවීෂ් ඒ තරමට වීක් බව අරවින්ද්ට පේනවා....

" උබ වීක් වෙද්දි මියුන් තව වීක් වෙනවා විතරයි ගවීෂ් .... පොඩ්ඩක් දැන් සන්සුන් වෙයන්....  " 

" අනෙ මට පව් වින්ද් !!! මට පව් !!! මුට මේම කරනවට මට හරි පව් බං !!! "

" බං....ඔහොම අඩද්දි බයයි මිනිහො මට !! "අරවින්ද් අවංකවම කිව්වෙ ගවීෂ් මියුන්ව බදාගෙන ඉකිගහන විදියට......

" ඒක හරි වින්ද් !!  ඝර්ෂාත්මය කඩපන් !! නැ , මුට සිහිය ආවම මුගේ මාලේ ගලවලා මුට මාව මරන්න කිව්වා නම් මේක කැඩෙනවා නෙද ??? ඒම කරාට පස්සේ මාලේ විනාස කරපන් !!! මුට මේම බැදෙන්න හොද එකෙක් නෙවෙයි මම !! "

" උබ සිහියෙන් නෙවේ.. ඔය විෂට උබව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා .... " අරවින්ද් තදින් කිව්වේ ගවීෂ්ගේ උරහිසෙන් අල්ලගෙන.... ඒ කොල්ලා කඩන් වැටෙන්න තව අමුතුවෙන් දේකුත් ඉතිරි නැහැ කියලා අරවින්ද්ට පේනවා...

" ඇයි බං මේකා මෙච්චරටම අනුන්ගේ පව් කරගහන්නේ ? අහ් වින්ද් ? උත්තර දීපන්කො බං... මට තනියම කියවද්දි පිස්සුයි වගේ..... !! "

" මම හිත හදන්න දන්නෑ වීෂ්.. ඒත් උබට මගෙන් මොනවද අහන්න ඕනේ ? "
" උබට ඕනේ නෑ නේද බං මේ කොල්ලව මරාගන්න ? උබට ඒම ඕන නම් ටිකකට කලින් උබ ඌව ඒම අත් අස්සට අරන් පරිස්සම් කරන්නැනේ ? කියපන් මිනිහෝ !!!! මට ඒකට විතරක්  උත්තරයක් දිපන් වින්ද්... "

" හැමිනියන් වීෂ් !! " අරවින්ද් මිමිණුවේ දත් මිටි කාගෙන.....

" උබ එහෙම නෑ යකෝ !! අනේ මට මේකව පරිස්සම් කරලා දීපන් වින්ද්.... මට පුළුවන්කමක් තිබ්බ නම් උබට කියන්නෑ බං...!!  "  ගවීෂ් ආයෙම කිව්වේ අරවින්ද්ගේ ඇස් දිහා කෙලින් බලලා...

" තව වචනයක් හරි කිව්වොත් උබට මම මෙතනම මැරෙන්න ගහනවා ගවීෂ් !!! " අරවින්ද් ගිගිරුවේ ගවීෂ් තත්පරේකට සැනසීමෙන් ඇස් පියාගනිද්දි.... ඒ අරවින්ද්ගේ උත්තරේ බව ගවීෂ් දන්නවා... නොපෙන්නුවට ඌ මියුන්ට සැහෙන ආදරෙයි.....

" දෙය්යනේ මට පව් !! "

" අපි කතා කරමුකෝ...කෝඔ.හුස්ම ගන්න බෑ ඕකට..  " අරවින්ද් පුළුවන් තරම් සන්සුන්ව කිව්වේ මියුන්ව පරිස්සමට ගවීෂ්ගේ අත් දෙකෙන් බේරලා අරගෙන... අරවින්ද් මියුන්ව හාන්සි කෙරෙව්වේ ගවීෂ්ගේන් ලොකු දුරක් නොහිටින්න....ගවීෂ්නුත් එතනම බිමට කඩන් වැටෙනවා අරවින්ද් බලාගෙන.... එයා තාමත් ඉන්නේ මනවිෂ එක්කත් සටනක බව විෂ ගැන ඉගෙන ගෙන තියෙන අරවින්ද් දන්නවා... එක කොල්ලෙක් වේදනාවෙන් නිදි.. අනිත් එකා ඌව බදාගෙන මැරිලා යන්න වගේ වේගෙන් හුස්ම අදිනවා ඇහෙද්දි තමයි අරවින්ද්ගේ පපුව හෝස් ගාලා යන්නේ....  නොකිව්වට ඌ පණට වඩා වැඩි දෙයක් උනත් මේ මේ කොල්ලො දෙන්නා වෙනුවෙන් නොදී ඉන්න එකක් නැති තරම් මුන් දෙන්නට පැලෙන්න ආදරෙයි.. මේ වෙලාවේ අරවින්ද් උනත් කෙලින් හිටන් ඉන්නේ පුළුවන්කමකට නෙවේ !!! එයත් සද්ද නැතුව බිමින් වැතිරුනේ බංගලාවේ උඩ පේන විදුරු මැද මිදුලේ අහස දිහා බලාගෙන... ඉර බැහලා ගිහින් නිසාමදෝ දැන් දැන් ටිකෙන් ටික අඩු එළියක් එතනින් ඇතුළට වැටෙන්නේ.... ඇදිරි වැටෙනකන්ම එතන තිබ්බේ සෑහෙන නිශ්ශබ්දතාවයක්...අරවින්ද්ගේ අත තියෙන්නේ ගවීෂ්ගේ උරහිසට උඩින්... බිම දූවිලි පොළොවයි , තවමත් සුද්ධ නොවුන බංගලවෙයි කළුවර වහගන්න පටන් අරගෙන....අරවින්ද්  මොනවත් කියන්න නොදන්නකමට කළේ ගවීෂ්ට හය්යක් දැනෙන්න උරහිස තද කරලා එහෙමම මියුන්ගේත් ඔළුව අතගාපු එක විතරයි... මියුන් ගවීෂ්ව මෙහෙම දැක්කොත් ඒ කොල්ලා මැරෙන්නේ පපුව පැලිලා බව අරවින්ද්ට විශ්වාසයි...

" බං... " අරවින්ද් මියුන්ගේ ඔළුව අත ගාපු විදිය බලන් ඉදපු ගවීෂ් කතා කළේ අරවින්ද් කවදාවත් එහෙමට ආදරේ පෙන්නන්නේ නැති බව දන්න නිසා....

" දැන් එපා.... හෙට කතා කරමු .."

" ම්ම්ම් "

" මියුන්ට කාලේ හරි මේ දේවල් දැනගන්න.... " 

" ම්.. " ගවීෂ් කිව්වේ මියුන්ව තද කරලා බදාගෙන... අරවින්ද් වගේම ගවීෂ් දෙන්නගෙම නින්දක් නැති ඇස් එල්ල වෙලා තියෙන්නේ ඉහළ අහසට... හෙට දවස ලේසි වෙන එකක් නැති බව දෙන්නම දන්නවා......

ඒත් උරුමයන් දෙක හීනෙකින්වත් බලාපොරොත්තු නොවෙන්න ඇති , එයාලා උදේට ඇහැරෙද්දි හිස් උන මියුන්ගේ තැන දකින්න............!!!!!!!

.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

.
.

.

#බුහහහ්හාඅ...

මේ චැප්ටර් එක ලියද්දි මම කරපු ලොකුම වැරැද්ද සිංදු අහපු එක... ඒක නිසා මට පොඩ්ඩක් ඇඩෙන්න ඇවිත් , ෆීලින්ස් අපතේ ගියා... ඒක නිසා ඔයලට ඉමෝසනල් ඩැමේජ් අඩු ඇති 🤧🤧 අහ් නැනේ , ඊළග එකේ මොනා වෙයිද ??? බුහහාඅ.....

මහ රෑ වෙනකන් බලන් ඉදිය අය කවුරුහරි ඉන්නවා නම් ආදරෙයි හොදද..... වචන පන්දාහ නිසා මේවෙලා යන්නේ....🥺♥️

Continue Reading

You'll Also Like

328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
817 151 15
ග්‍රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්‍රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග...
7.4K 1.8K 12
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙ...
6K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...