- Plot 23 -

By Bulbz_D

1.6M 181K 57K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 111 -

12.3K 1.3K 1.1K
By Bulbz_D

එක දිගට වුන කලබල ගොඩකට පස්සේ, පහුගිය කාලය පුරාවට සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ ගිලිලා තිබ්බ බන්ෂ් එක අද ආයෙම ඝෝෂාවලින් පිරිලා ගිහින්.. ඒ වෙන මොකටවත් නෙවේ , ඩ්‍රොමිඩා ප්‍රධාන පෙළ උරුමය අරවින්ද් ශනාර්ග ආශාක්‍යසිංහගේත් , මෙවීනා අයාන්දි ආශාක්‍යසිංහගෙත් විවාහ ගිවිස ගැනීමට.... වැඩිමනත් එක්කලා පහු ගිය දවස්වල වේඝර්ණාරච්චි පෙළපත පැත්තෙන් ආරංචි උන විස්තර උත්සවේ හැමෝගෙම කටවල් අග රැදෙන උණුසුම් ආරංචි වෙලා ඉවරයි ....

පවුලෙන් නෙරපපු මෙතුල වේඝර්ණාරච්චිගේ අතුරුදහන් වීම , ආර්ය වේඝර්ණාරච්චිගේ සිව්වෙනි පරම්පරාවේ සිගිත්තා ගැන අනාවැකි , සහය පෙළ මැදුර උණුසුම් විදියට පිළිගත්ත ආර්යගෙ බාල මිණිපිරී ආශදි වේඝර්ණාරච්චි , ඒ අතරෙම වේඝර්ණ උරුමයට සහය පෙළට ඇතිවුන හිමිකම , ළමයා කාගේද , දරු දුකට පැනලා ගිය වේඝර්ණ උරුමය මාස්ට ගවීෂ් තිමෞර්ය වගේ මාතෘකා මේ වෙද්දි ඩ්‍රොමිඩා යොරෙල්ස්ලා අතර පැතිරිලා ගිහින් ඉවරයි .... හැමදේම එක්ක වේඝර්ණාරච්චි මැන්ශන් එක පිටතින් මළගෙයක් වගේ නිහඩ වුනේ , ආශාක්‍යසිංහ පාර්ශවය ඒකටත් හරියන්නම උත්සවේ සැමරුම් පවා දෙගුණ තෙගුණ කරද්දි....

එකත් එකටම ආශාක්‍යසිංහලා කලාකාමී මිනිස්සු කියලා හිතෙන්නෙ මුන්ගේ එන්ගේජ්මන්ට් සෙරමනිස් දැක්කම.. අරවින්ද්ගේ බැන්ක්වෙට් එක ප්ලැන් කරලා තිබ්බේ තනිකරම ආශාක්‍යසිංහ කියල කියන්න පුළුවන් කැලැවක් මැද්දෙ.... කැලැවක් වගේ, වනාන්තරෙ ව්ගේ කියල අපේ ගවීෂ් මේ ඉරිසියාවට කිව්වට , බන්ෂ් එකේ හරිම නෝමල් විදියේ ඩෙකරේශන්ස්වල පවා තිබ්බේ අමුතු ලස්සනක්.... ඇත්තටම එයාගේ එන්ගේජ්මන්ට් එක දවසේ තිබ්බ ටෙන්ශන් එක මෙතන නැ කියලමයි, ගවීෂ්ට හිතෙන්නේ.... ඒ ආශාක්‍යසිංහ ඉහළ පෙළේ හොදකම නිසා නෙවේ.. සමහරවිට මේ ගොනා , ගොන් කරත්තෙට කරගහන්නේ මාර ආසාවෙන් නිසා වෙන්න පුළුවන් .....

අරවින්ද් , උගේ එන්ගේජ්මන්ට් එකට කලින් කොහොම හරි සම්පූර්ණ කරපු එක දෙයක් තිබ්බා...ඔව් , මෙතුල වේඝර්ණාරච්චිව හොයාගත්‍ත එක... අහ් !! සමහරවට හරියටම කිව්වොත් මෙතුල වේඝර්ණාරච්චිව හංගලා තිබ්බ තැන *අහම්බෙන් වගේ* හොයාගත්ත එක.... හැබැයි මේමයි හොයාගත්ත කිව්ව්ට සුදු මාමව එතනින් එළියට අරන් තිබ්බේ චූටි මාමා... අරවින්ද් කළේ එයාලගේ වත්මන් ලොකේෂන් එක වලෝර දෙවොල කියල හොයාගත්ත එක..... සුදු මාමව හම්බුනාම ගවීෂ්ගේ ඊළග් ප්ලැන් එක උනේ පුළුවන් තරම් ඉක්මනට සුදු මාමව බලන්න යන එක.... ඒත් අපරාදේ කියන්න බෑ එයැයිව බූත බංගලාවට එක්කන් ආව එකා ඒකට තදින්ම විරුද්ධ උනේ එයා කියන දේ අහන්නැති බව දන්න නිසාම ඩියෝන්වත් ඇපේට අල්ලගෙන .... අන්තිමට සීයා එයාව මරන්න වගේ හොයන නිසායි, සුදු මාමා බේරගත්ත එක එයාගේ වැඩක් කියල හිතන නිසයි ඩියෝන් දාපු දැඩි වාරණ ටික අකමැත්තෙන් උනත් පිළිගන්න ගවීෂ්ට සිද්ධ උනා.... ලොකු අව්ලක් නැ කිව්ව්ට සුදු මාමාගේ නළලෙයි අත්වලයි තුවාල තිබ්බ බව ගවීෂ්ට දැනටම ඇහිලයි තිබ්බේ..... එක අතකට අවී මාමායි , අත්තම්මයි ඉන්න නිසා එයාට බයක් නැහැ, සුදු මාමා ගැන තියෙන බැදීමට එන වදවීම හැරුනම....

ගවීෂ් මේ ඉන්නේ එන්ගේජ්මන්ට් එකේ වෙන දේවල් සම්පූර්ණයෙන්ම පේන මානෙක නෙවේ..... හරියටම කියනවා නම් , උඩහ කණ්ඩියෙනුත් එහා.... කිසිම ආශාක්‍යසිංහ කෙනේක්ටවත් , ඩ්‍රොමිඩා යොරෙල් කෙනෙක්ටවත් සාමාන්‍යයෙන් බැලුවම පේන්නැති ඉසව්ව්ක.... ගවීෂ් ලේසියට අදින්නැති ඩ්‍රෙස් කෝඩ් එක නිසාම එයාව වෙනස් විදියට කැපිලා පේනව අඩු බව ගවීෂ් දන්නවා... ඇරැත් මාස්ක් එක දාලා ඉන්න නිසාම බැලු බැල්මට ඒ පැනලා ගිය වේඝර්ණ උරුමය ගවීෂ්ය කියලා කාටවත්ම කියන්න බැරි තරම්... මොකද බෙල්ල වැහෙන්න දිගට වවලා තිබ්බ කැරලි කොණ්ඩෙට මේ වෙද්දි ආයෙම ගුඩ්බායි කියන්න මිනිහට සිද්ධවෙලා තිබ්බ නිසා... ඇත්තටම මිනිහාට තාම බයයි මිනිස්සු උගේ කොණ්ඩේ ගැන මොනවා හිතනවද කියලා... මොකද ඒක කැපුවේ බාබර් මියුන්.... බාබර් මියුන් නම් කියන්නේ එයා තරම් හොදට කාටවත් කපන්න බැරි විත්තිය.... ඒකට හොදම උදාහරණේ තමයි තැනින් තැන උදුගොව්වෝ කාලා වගේ වැඩි පුර කොට වෙච්ච් කොණ්ඩේ......මියුන්ට අනුව ඒකත් ස්ටයිල් එකේම කොටසක්ලු... ගවීෂ් මේ කෝකටත් කියලා කැප් එකක් දාන් ඉන්නෙ ඒ ස්ටයිල් එකේ ලස්සන වැඩිකමටමයි.....

" එක නෙවේ.... ශිහ්.... බලපන්කෝ බං අර බැක් ඩ්‍රොප් එකේ කැත.... එව්..මොනාද අර කැත පාට මල්... අර බලනවකෝ අර කැතම කැත කැන්ඩ්ල්ස්.... ඊයා මියුන්... උබටවත් කියන්න බැරි උනාද අර ඉටිපන්දම් මහ විකාරයි කියල.... අනේ අම්මපා කාගේ හරි රැවුලක්වත් ගිනි ගනින් !!!! අරකි යැයි ගැවම මේකත් හනේ බබා ලස්සනයි තමා කියලා උම්බැ කියනැති... මොන පොශ් වැද්දොද බන් මෙතන ඕපන් මයික් එකක් සෙට් කළෙ? මේක මහ කැලැව වගේනේ..... අනික බන් ඊයා අර ඩෙකරේශන්ස් .... අවුට් ඩෝ එන්ගේජ්මන්ට් එකක් ප්ලැන් කරන්නේ මෙහෙමද ? ඊයා.... කැත...ශික්.... " ගවීෂ් ආපු වෙලාවේ ඉදන් මියුන්ට පෙන්නන්න දගලන්නේ මේ අයිටම්ස් කොච්චර --- කැතද කියන එක....

මියුන් අත් දෙක බැදන් නිශ්ශබ්දව බලන් ඉද්දි මිනිහාට එන්නේ එක්තරා සැනසිලිදාය සතුටක්... ගවීෂ් හිතන් ඉන්නේ මියුන් නිශ්ශබ්දව ඉන්නේ මේක් කැත බව ඌත් පිළිගන්න නිසා කියලා ... මොකද ගවීෂ් දන්නැ මියුන් මේ මෙච්චරට නිශ්ශබ්දව අහන් ඉන්නේ එයා මේ පහුගිය දවස් තුනටම හරියට කතා කරපු පළවෙනි වචන ටික මේක නිසා බව.......ඔව්, අරවින්ද්ගේ එන්ගේජ්මන්ට් එකේ අඩුපාඩු ටික කියන්න මතක් වෙනකන් ඊයේ පෙරේද දවස් දෙකේම ගවීෂ් මියුන් එක්කවත් අත්‍යාවශ්‍යම හේතුවකට පවා කතා කරේම නැ.....

දවල් වරුව කෙසේ වෙතත් සහය පෙළ බංගලාවේ රැට ඉන්න මියුන්ට අරවින්ද්ගෙන් කිසිම අවසරයක් තිබ්බේ නැ.... සනෝශ් - තනෝශ් ඩබලට අනුව අරවින්ද් මියුන්ව පරිස්සම් කරන්නේ දීග දෙන්න ඉන්න ගෑනු ළමයෙක් වගේලු... දවල් වරුවේ ගවීෂ් කොච්චර නිශ්ශබ්ද උනත් එයා මොකද කරන්නේ කියලා බලාගෙන හරි ඉන්න පුළුවන් බව මියුන් දන්නවා ... ඒත් රැට මොනව වෙනවද මියුන්ට සත පහක විශ්වාසයක් නැ....ඉතින් රැට පොතක් පෙරලන් , පෆ් කෝලම වඩාගෙන සෙල්ලම් කර කර අරහෙට මෙහෙට හොල්මන් කරන මියුන්ගේ නොනින්ද දැන් ආශාක්‍යසිංහ මැන්ශන් එකේ අනිත් අයට නම් අතිශය සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බේ... ට්වින් ජෝඩුවට අනුව යාන්තන් ඉර එළිය වැටෙන්න පටන් ගත්ත ගමන් මියුන්ගේ වැඩේ පස්ස කඩාගත්ත කඩිය වගේ බූත බංගලාව පැත්තට දුවන එක... ඒ යන එකා ආයේ ආවේ අරවින්ද් අය්යා දෙතුන් සැරේ කෝල් කරලා " උබ එනවද මාව ඔතනට ගෙන්න ගන්නවද ! " කියලා සැර කළාට පස්සේ...ආපු ගමන් ආයෙ උදේ වෙනකන් බලු පැටියා හුරතල් කර කර මැන්ශන් එකේ මධ්‍යම රාත්‍රී හොල්මන් සේවය.... ආයේ උදේට බූත බංගලාවේ හාමු මහත්තයාගේ සේවය....!

ගවීෂ්ව බූත බංගලාවට එක්කන් ආපු පළවෙනි දවසේ රැ අරවින්ද්ට ඒක කියද්දි , සනෝශ් නොහිටින්න මියුන් මැරෙන්න කන්නේ එදා වේඝර්ණාරච්චි මැන්ශන් එකට රිංගුවට.... අනිත් පැත්තට මියුන් වලිය ඇද ගන්නේ ගියේ බූත බංගලාවේ අයිතිය උගේ බව කියාගෙන.... අන්තිමට එතනත් ට්වින් ඩබල මැදිහත් වෙල රණ්ඩුව බේරුවේ සැහෙන අමාරුවෙන්....

එදාම , කිසිම විදියකින් එයාට සුදු මාමව හොයන්නවත් එළියට බහින්න එපා කියලා ඩියෝන් කියපු එකට ගවීෂ් කවදාවත් නැතුව එකග උනේ , අරවින්ද් , ඩියෝන් දෙන්නා විලේජ් එක අනිත් පැත්ත ගහලා හරි එයාව හොයාගන්න බවට තිබ්බ විශ්වාසේ නිසා බව මියුන් අනුමාන කළා... ඉතින් පහුවෙනිදම සුදු මාමා හම්බුවෙනකන් ගවීෂ්ගේ පළවෙනි දවස ගෙවුනේ සෑහෙන කල්පනාවක... උදේ වරුවටම මියුන් කොච්චර උත්සහ කළත්, ගවීෂ්ගෙන් එක වචනයක් ගන්න බැරි උන තරම්.... කොහොමටත් බූත බංගලාව මුළුමනින්ම සුද්ධ කරලා නැහැ... ඒත් ගවීෂ් හැමතිස්සෙම බූත බංගලාවෙ තිබ්බ සොල්දරයට වෙලා කල්පනා කරන බව නෝට් කරගත්ත මියුන් එතනත් සුද්ධ කරලා දෙන්න ගත්තේ පැයක වගේ අඩු කාලයක්.... ඇත්තටම උඩ තට්ටුවේ සොල්දරය ගොඩක් පරණ උනත් ඒක කෙලින්ම ඕපන් උනේ ගග පැත්තට ..... ගග නැවිලා ඇඹරිලා ඉස්සරහට යන හැටි පේන එතනට වෙලා ගවීෂ් කළේ දවසෙම කල්පනා කරන එක... ඩියෝන් ඔළුව ඔබලා යන වෙලාවට ඇරෙන්න අනිත් කිසිම වෙලවක එයාගෙන් වචනයක් පිටවෙනව මියුන්ට ඇහුනේ නැති තරම්... එයා කොච්චර කතා කරන්න හැදුවත් ඒ වෙලාවට ගවීෂ් කළේ හූමිටි තියල ඔළුව වනලා පැත්තට උන එක...

පෙරේදා සුදු මාම පරිස්සම් කියලා දැනගත්තට පස්සේ නම් ඒ මූණේ එක්තරා සැනසීමක් තිබ්බා.. ඒත් ඊයේ උදේ මියුන් බූත බංගලාවට වාර්තා කරනකොට ගවීෂ් ඉදියේ සොල්දරය උඩම අසනීප ගතියෙන්... සමහර විට හිතුව තරම් ඉක්මනට එයාව සාමාන්‍ය තත්වෙට ගන්න බැරි බව මියුන්ට හරියටම තේරුනේ එදා... කිසිම උණක සේයාවක්වත් නැතුව එයා සැහෙන වේදනාවකින් එක එක දේවල් කියෙව්වෙ අසිහියෙන් වගේ... ඒ වෙලත් ඊයේ හවස් වරුවෙමත් ගවීෂ් ඉදියේ තඩි පොත් දෙක පෙරළ පෙරළ..... අඩුම මියුන් ඉන්නවද කියලවත් අමතක ගාණට..... එච්චරට වැහිලා තිබ්බ කට මේ දැන් නම් බෝක්කුව වගේ ඇරිලා තියෙන්නෙ අරවින්ද්ගේ එගන්ගේජ්මන්ට් එකේ අඩුපාඩු ටික කියවන්න.....

" උබවත් සිරාවට කිව්වේ නැද යකු අර වේවැල් බකට් කැතයි කියලා.... අඩුපාඩුවට සදහටමඔබමගේ ජෝඩුවත් ආවම තියෙයි අපායට ගහපු කැලැන්ඩරෙ වගේ.... මේවට ආපු අපිටයි ගහන්නෝන....." ගවීෂ් මාස්ක් එකට වැහුන කට ඇද කර කරම කියවන් යනවා මියුන් අහගෙන....

" ඇතුළට හොද ඇති... " මියුන් කිව්වේ ගවීෂ් ආයේ එයාටම කට ඇද කරද්දි.....

" ඉතින් යනවකෝ තමුසේ.... අල්ලන් ඉදියා වගේනෙ කතාව.... "

" ම්ම් ?? " මියුන් ඇහුවේ ගවීෂ්ගේ අත දිගේ ඇස් පහළට අරන් ඇවිත් ....හහ්.. ගවීෂ්නුත් මෙච්චර වෙලා අල්ලන් ඉදපු මියුන්ගෙ සුළැගිල්ලෙන් අල්ලලා අත එහාට දමල ගැහුවේ ඒක අහලා ඌ වැඩේ වරද්දගත්ත බව මියුන්ට සෙනිකව තේරුම් යද්දි.... ගවිෂ් ආයේ අත් දෙක පපුවට කරලා බැදගන්න කලින් මියුන් ආපස්සට ගවීෂ් සුළැගිල්ලෙන් අල්ලගත්තේ ගවීෂ් දෙවෙනි සැරේටත් අත ගසලා දාද්දි.... දැන් නම් මොන විදියට සැර කළත් ගවීෂ් ආයේ පැය ගාණකට අතින් අල්ලගන්න නොදෙන බව අත්දැකිමෙන් දන්න මියුනුත් අත් දෙක සාක්කුවට ඔබාගත්තේ තොල් නොපිට පෙරලන්නත් අමතක නොකර...

" කෝ අරු නැද දැන් ? මං කියන්නේ උට පැපොලවත් හැදුනොත් මේ කසාදේ වෙන්නැ නේද ? කෝ උබලගේ චාරිත්‍ර වෙනස්නෙ ..? " ගවීෂ් ආයේ කටර් එක වගේ ඇක්ටිව් උනේ මියුන් ඒ දිහාවට සම්පූර්ණ අවධානේ දෙද්දි...

" ලොකු වෙනසක් නැහැ.... උබලගෙ වගේ තමයි........" මියුන් උත්තර දුන්නේ ආයේ පීඨිකාව පැත්ත බලාගෙන.....

" උබ කොහොමද වේඝර්ණ ඒවා දන්නේ ? චහ්.. "

" ඉතින් මම එදා බලන් ඉදියෙත් මෙතනම ඉදන් තමා තිමෞර්ය ..." මියුන් උත්තර දුන්නේ , සන්සුන් විදියට.... ඩැම්න් හරිනේ... එතකොට තමා ගවීෂ්ට මීටර් උනේ මියුන් එයාව මෙතනටම එක්කන් ආව එකට හේතුව.... මෙතනට කෙලින්ම පීඨිකාව පේනවා... එදා එයා ඉදියේ පීඨිකාව උඩ... මියුන් ඉදියේ මෙතන... ඇත්තටම මෙතනට පේන විදිය හරි වෙනස්... වගේම බරයි... ඈතින් මේච්‍යුරි ගහ , ජගුවර් පිළිම.... වගකීම් වගේම උරුමයේ බරපතළකම හොදට පේන තැනක්...

" තිමෞර්ය ... මං.... ඒක .... කිව්වෙ... උබව නිශ්ශබ්ද කරන්න නෙවෙ.... " මියුන්ගේ කලබලකාරී කටහඩ ගවීෂ්ව පියවි සිහියට ගෙනාවේ ඒ කටහඩේ තිබ්බ වදවීමට... එයා කල්පනාවට වැටෙන හැමසැරයකම මියුන්ගෙ ඇස්වලින් ඒ වදවීම කියවගන්න අමාරු නැ ගවීෂ්ට..... එ ඇස් නොකිය කියන්නෙම මොනවහරි කියන්න කියලා...

" මම හිතන්නේ ටිකක් වෙනස්...... අනික මේ..... ඒකෙන් පස්සෙත් ළගක් වෙනකන් මම ගණන් ගැනුනේ අන්මැරීඩ් විදියට තමා .... " ගවීෂ් උත්තර දුන්නෙ ප්‍රශ්නෙ මගඇරලා.... එකා එකා එනවනේ මේ දැසමන්මලට අනං මනං කියාගෙන.... වටේ ගියා වගේනේ කතාව...

" කෝමද මැරිඩ් කියලා ගන්නේ එතකොට ? "

" ඇයි ඇයි... උබට වේඝර්ණ කෙල්ලෙක් බදින්නද ? " ගවීෂ් ගාණක් නැතුව ඇහුවේ මියුන්ට තද උන පාර නහයත් එක්ක රතුවෙනවා බලාගෙන.....

" මට පේන්නෙ ඔව් වගෙ... කවුද අනේ මල්ලි බබා කැමති කෙල්ල.. ? සහය පෙළද ප්‍රධාන පෙළද ? "

" ඔය ඉතින් මගේ යකා අවුස්සගන්න හදන්නේ තිමෞර්ය ! "

" දැන් උබට කසාදයක් විතරයි අඩු... ! " ගවීෂ් නෝන්ඩියට කිව්වේ මියුන් ඔරොවගත්‍ත විදිය බලාගෙන....

" අහන දේට ඇරෙන්න ඉතිරි ඔක්කොටම උත්තර දෙනවා.... " මියුන් මිමිණුවේ ගස්සගෙන.... හෆ්ෆටසිරි මේන් වැඩක්.... මේකාගේ කෝලං බලහන්කො....කුචි කුචි සොප්‍ට් මල්ලියාහ්......

" මොකක්ද දැන් උබ අහන්නේ ? බදින්නද හදිසිය ?.. තාම ඤාන දතවත් ආවද ? ඒක කමක් නැ කියමුකො... කො උබ පිනි ජම්බු ගහෙන් වැටුනද අඩුම ? "

" මොකක්ද ?? !"

" පිනි ජම්බු ගහෙන් වැටුනද මිනිහෝ අඩුම ? නැනේ.. දහනවයේ පොඩි එකෙක්ට තියෙන අසහනයක් බලපන්කො.... ඒ වුනාට මල්ලි බබා අසහනේ හොද නැ හරිද.... වේඝර්ණ කෙල්ලො එකෙක්වත් නැති උනත් , නො වොරීස් මම හරි කරගහනවානේ.... " ගවීෂ් කියවන් ගියේ මියුන්ට දැන් නම් තදවෙලා වැඩිකමට ඇඩෙන්න එන බව දැක දැකම....එයා මෙතන මැරේජ් එක ගැන කතා කරන්නේ සිරියස්... සිරියස් දේවල් ගැන කියද්දි ආතල් එකට ගත්තම මියුන්ට කේන්තිය වැඩි වෙලා ඇඩෙන්න එන බව ගවීෂ් දන්නවා...

" ....... හා හා.... උබ අඩනවා නෙවේනේ ? " ගවීෂ් නෝන්ඩි කිරිල්ල නැවැත්තුවේ මියුන්ගේ රතුවෙලා තිබ්බ මූණ තව ටිකකින් පිපිරෙයිද ශුවර් නැති නිසා...බුදු අම්මේ කිව්වත් කේන්තියටම ඇඩෙන්න ඔන්න මෙන්න....

" හරි හරි ඉතින්.. මය් කැකුලාට ඩෝං ගිහින්ද ඉතින් ? " ගවීෂ් හිත හදන්නෙත් කොල්ලගේ කේන්තිය ආතල් එකට අරන්... වෙනදා උනා නම් මියුන් සැහෙන ගස්සලා අහවර උනාට දැන් හිත යටින් මිනිහා ඉන්නේ ගවීෂ් කතා කරපු එකට සැනසීමෙන්... හැබැයි ඒ කතා කළේ අරවින්ද් නිසා කියලා මතක් වෙද්දි හීනියට මෝදුවෙන ඉරිසියාවක් නැ කිව්වොත් අමූලික බොරුවක්... මේ දැන් මියුන් ආයේ තොල් උල් කරල කට ඇද කළේ ඒකට.... ඒත් ගවීෂ් යස අගේට තොප්පිය දාගත්තේ වෙන එකකට...

" දැන් උබට බදින්නද ඕනේ ? කෝ වරෙන් එහෙනන්...අරුගේ එක කඩාකප්පල් කරල අපි දෙන්න බදිමු !! හාද ? කෝ වරෙන් ඉටිපන්දමක් උස්සන් ගිනි තියමු මේක... එනවකෝ කෝ .... " ගවීෂ් ගාණක් නැතුව කිව්වේ මියුන්ගේ අතින් අල්ලලා අදින ගමන්... අහළ පහළක මිනිස්සු නැති නිසා හොදයි...නැත්තන් එයාලගේ කලින් උරුමය භාතිය ආශාක්‍යසිංහගේ ෆොටොකොපිය වගේ පුතණ්ඩියට මේ වද දෙන මාස්ක් දාපු කොල්ලව මෙතනින් පන්නගන්නේ ගල්වලින් ගහලා.....

" කෝ ඉතින් බදින්න හදිසිය උබටනේ... කෝ දැන් එනව ඉතින්... හැබැයි පස්සේ නාහෙං අඩන්න තියාගන්න බැ හරිද ? මේව හෙන ළාමක ඇටකටු !! ඔරොත්තු දෙන්නෙත් නැ ... " ගවීෂ් කියවන් ගියේ මියුන්ගේ පස්සටත් එකක් ගහලා..... මියුන් ආයේ කේන්තියට මූණ රතු කරන් ඉදියත් ගවීෂ්ට ආතල් එක ගන්න දීලා බලන් ඉදියේ ආපු වෙලේ ඉදන් කටර් එක වගේ කියවන්න ගත්ත නිසා... මොකද කලින් දවස් දෙකේ ඒ තරමට භයානක නිශ්ශබ්දතාවය මියුන්ට දරාගන්න අමාරු වෙලයි තිබ්බේ...

".-අහ්හ්..මේ.... ගස් ගදක් ආව නිසා බැලුවේ... ආන් වැදි රජු වඩිනවා.... " මියුන්ගෙ රතුවෙන මූණෙන් ආතල් ගන්න එක නවත්තපු ගවීෂ් සිරියස් මූඩ් එකක් ආදේශ කරන් ඉස්සරහට හැරුනේ මියුන් අරවින්ද් දිහා එක පාරක් බලලා ආයෙ ගවීෂ්ගේ මූණ දිහා බලද්දි ...... එයා ඒ හිනා වෙන්නෙ ඇත්තට... එවෙලෙ දැනෙන ක්ෂණික සැහැල්ලුවට... ඒත් ඒක නැතිවුනාම ...... ? මනුස්සයෙක් හිනා වෙද්දි බලන්න ඕනෙ කට දිහා නෙවේ ඇස් දිහා කියන එකට හොදම උදාහරණය ගවීෂ් වෙන්න ඕනේ.... මාස්ක් එකට වැහිල තිබ්බ නිසාමදෝ හිනාව පිටිපස්සේ තාමත් තියන හිස් ඇස් දෙක මියුන්ට ගොඩක් පැහැදිලියි...

අරවින්ද් තීම් එක මැච් වෙන්න ඩ්‍රෙස් කරලා ඉදියේ එයාගෙ ටෑන් ස්කින් එකටයි , කර්ලි හෙයා එකටයි ගැළපෙන්න... ගවීෂ්ට ඕනේ ඔට්ටුවක් දාන්න පුළුවන් , මේ අවුට්ෆිට් එක සිලෙක්ට් කළේ මියුන් බව..... ඌ මියුන් දිහා බැලුවේ ගවීෂ් ප්‍රශ්නේ අහන්නත් කලින්ම මියුන් එයා දිහාවට දීපු ලා හිනාවෙන් ඒක එහෙම බව කන්ෆර්ම් කරගෙන... යෙලො වයිට් ශර්ට් එකට , බ්‍රවුන් ක්‍රොස් බෙල්ට් එක... ආයේ ඇන්කල් හයිට් ලෙදර් ශූස්.... අරවින්ද්ට ගැළපෙනම වයිබ් එක... උගේ රස්ති ටයිප් එක එහෙම් පිටින්ම ලෙෆ්ට්.... මෙච්චර ෆැෂන්බ්ල් , ඩීසන්ට්, ඊස්තෙටික් සිලෙක්ෂන්ස් තියෙන්නේ මියුන්ට බව ගවීෂ් දන්නව....හැබැයි ඊට වඩා විශ්වාසෙන් කියන්න පුළුවන් දේ, මළාට අරවින්ද් වගෙ එකෙක්ට ඔච්චර දෙයක් තනියම කරගන්න බැ කියන එක...

අරවින්ද්ට යොරෙල්ස්ලාගෙන් තියෙන්නේ ඇත්තටම සැලකිය යුතු පිළිගැනිමක්... වෙන්නම එපැයි..ගවීෂ් විලේජ් එකේ කටයුතුවලට මැදිහත් වෙනවට වඩා දෙගුණයකින්වත් අරවින්ද් ඒවා එක්ක ඉදියා... ඒත් අරවින්ද් පුරුද්දටම වගෙ සාක්කුවේ අත ඔබාගන්නවා බලන් ඉදිය ගවීෂ් කට අයිනෙන් හිනා වුනේ මියුන් දිහ බලලා... ගොන් ප#යා !! ඉන්නේ නම් විස්සකට නෙළන්න වගේ , ඒත් පපුව ගැහෙනවා ඇති එකසිය ගානට..... මෙවනේ යකෝ ආතල් !!අසහනකාරි ටහු#න්නා.... !! ගවීෂ් මේ කවදාවත් නැති තරම් කුණුහර්ප ගොඩක් පාවිච්චි කරන්නේ අරවින්ද් එක්ක තියෙන කේන්තියයි , උගේ නර්වස් ගතිය දැක්කමයි එක්ක එන අමුතු කෘර සතුටයි එක සැරේ පිට කරගන්න බැරුව.... නොදකින් , හිච්චි මනමාලයා..... ලෑලි කැලි කරගැහුවම මුන්ටත් හෙන ලොකුයි.... අරවින්ද් දෙවෙනි සැරේටත් වට පිට බැලුවේ හැමෝටම හෙන නර්වස් විදියට හිනා වෙලා....

" මෙ...උබ පොඩ්ඩක් ඌ ගාවට පලයන්... හිච්චි මනමාලයා කලිසමේ සූ දාගනිද දන්නෙත් නැ........" ගවීෂ් කිව්වේ මියුන්ව ශේප් කරගන්න පුළුවන් විදියේ තට්ටුවක් දාන අතරේ.... ඒත් මියුන්ගේ මූණේ තිබ්බේ ගවීෂ්ව එතන දාලා යන්න පැකිලෙන බැල්මක්....

" කෙල්ලක් ගානට දාන්න එපා මිනිහෝ..... මට තනියම ඉන්න පුළුවන්.. " මියුන් මුකුත් කියන්න කලින්ම ගවීෂ් ආයෙ කිව්වේ ඒ සැරේ මියුන් තර්ක කරන්නැතුවම නිශ්ශබ්ද වෙද්දි.... බොරු ඕන්නැ මියුන් මේ දවස්වල එයාට මාර සොෆ්ට් බව ගවීෂ් දන්නවා.... ඒ මියුන්ගේ සාමාන්‍ය විදිය නෙවේ... එයා හිතලම ගොඩක් ඉවසන බව ගවීෂ් දන්නවා.. ඒ වෙලාවට මියුන් දිහා බැලුවම ඔළුවට එන්නේ පට්ට විශ්වාසයක්... ජීවිතේ පසුනොතැවෙන විදියට ගත්ත හරිම තීරණේට කියන තනිවචනේ මියුන්.... මියුන්ගේ වචනවලින් කියනව නම් බය නැතුව ඇඩික්ට්ඩ් වෙන්න පුළුවන් විදියේ මනුස්සයෙක්.... ගවීෂ් ඒ කල්පනාවෙන්ම මියුන්ගේ අතින් අල්ලගත්තේ මියුන් ඒ පරක්කුවට එහෙමම අත උඩට අරන් ඩීප් කිස් එකක් තියද්දි.....

" ඒයි පාහරයො !!!.. " ගවීෂ් මතක් කලේ එයාලා ඉන්න තැන.... මිසක් එයා නම් කිසිම විදියකින් අත ඇදලා ගන්න නිකමටවත් හිතුවේ නැ.... මියුන්ගේ පළවෙනිම කිස් එක එයාට ලැබුනේත එතනට.... ඉතින් තාමත් හිත වැඩියෙන්ම අදුරන්නෙත් එතනට දැනෙන පහස තමයි.... මියුන් දැන් මෙතනින් එක පාරයිද පහළට බැස්සේ එයාට ලේසියෙන් අනිත් අයගේ අවධානෙන් ගැළවිලා මෙතනට එන්න බැරි බව ගවීෂ් දන්නවා... භාතිය ආශාක්‍යසිංහගේ එකම පුතා... අරවින්ද් වගේ නෙවේ මියුන් ලේසියකට විලේජ් එකට නොගිය නිසා එයා දිහාවට කුතුහලෙන් එල්ලවෙන ඇස් ගාණ වැඩි බව ගවීෂ් දන්නවා...මොකද ඒ තරමින්ම භාතිය ආශාක්‍යසිංහ ගැන එයාලගේ හිත්වල තිබ්බ ගෞරවය තවමත් එහෙමම ජීවත් උනා...

මියුන් යනකන් බලන් ඉදපු ගවීෂ් , ආයේ සාක්කුවට අත් ඔබාගත්තේ මියුන් අරවින්ද් ගාවට ගිය විදියට බෙල්ලත් ඇද කරලා.... මියුන්ව දැක්ක ගමන් අරවින්ද් සැහෙන ඉක්මනින් රිලැක්ස් උන බවත් ගවීෂ් බලාගෙන... එයා මියුන්ගේන් මුකුත් අහන්න කලින්ම මියුන් ආපු පැත්ත දිගේ ඇස් ගෙනිච්චේ අහම්බෙන් වගේ සුදුපාට ලිනන් ටී එකේ අයිතිකාරයාව අදුරගෙන... පුළුවන් නම් ඇවිත් පලයන් !! අරවින්ද්ගේ වචන අමතක නෑ කොල්ලට.... ගවීෂ් නෝන්ඩියට හිනා උනත් මාස්ක් එක නිසා ඒක පේන්නැති බව මතක් උන කොල්ලා ඊළගට අත ගෙනිච්චේ ගැම්මට කොණ්ඩේ හදන්න...අහ්, මියුන් ඒක කැපුවනේ.... ගවීෂ් ඒ අතම ඇස් මට්ටමට ගෙනත් අරවින්ද්ට මිඩ්ල් ෆින්ග එක වෙනුවට පින්කි ෆින්ග එක සයින් කළේ ගවීෂ් කොහෙත්ම බලාපොරොත්තු නොවුන විදියට උගේ කට අයිනෙනුත් නෝන්ඩි හිනාවක් පනිද්දි.... අන්න එතකොට තමා ගවීෂ්ට මතක් උනේ උට ආපස්සට රවන්න ඕන බව... !!!

මියුනුත් මේ පිටිපස්ස හැරුනේ අරවින්ද්ගේ නෝන්ඩි හිනාවට හේතුව හොයාගන්න... හේතුව ඇති සැටියෙන් දැක්ක මියුන් , අරවින්ද් ටිකකට කලින් එයාගේ අතට දිපු මල් සැරසිල්ලෙන්ම කොල්ලගේ ඇගට දමලා ගැහුවේ කටත් ඇද කරගෙන.... මියුන් ඉරිසියාවටම මොකක් ද කියාගෙනම අරවින්ද්ගේ ඇගේ වැදීගෙන එහා පැත්ත ගියේ , ගවීෂ්ටත් ආපහු රවපු අරවින්ද් මියුන්ව අල්ලන්න උගේ පැත්තට දුවද්දි..... හනෙ හනේ ඉතින් අය්යලා - මල්ලිලාගේ කෝලං..... ප්ෆ්ෆ්ට්... !!

ආයේ වටපිටාව හිස් උන විදියත් එක්ක ක්ෂණික තනිකමක් එයාව වහගන්නවා ගවීෂ්ට දැනෙනවා...එයා මේ හැගීමට දෙන නම ක්ෂණික තනිකම.... මියුන් ළග ඉදියම නැති වෙන, පේන මානෙන් ඇත් උනාම එයාවම ගිලගන්න දැනෙන... !!

ගවීෂ්ගේ කල්පනාව බිදුනේ එයාගේ එහා පැත්තෙන් ඇවිත් හිටගත්ත මනුස්සයට.... ඇයි ඉතින් මේ පැත්තට මිනිස්සු එන්නැනේ !!!.. මනුස්සය කිව්වට පොඩි එකා ඇවිත් කෙලින්ම ගවීෂ් ගාවින් හිටගත්තේ ඒ කවුද කියලා අදුරගන්න පරක්කුවට ගවීෂ් ඉක්මනින්ම රිලැක්ස් වෙද්දි....

" අහ් ඇච්චා... කෝ අනිත් බාගේ ? " ගවීෂ් කතා කලේ ඔරොවගෙන හිටගත්ත විදියටයි බාහුවෙ ඇතුළ් පැත්තේ ගහලා තිබ්බ පුංචි ටැටූ එකෙනුයි ඒ ට්වින් ඩබලගෙන් සනෝශ් බව අදුරගෙන... එකත් එකටම තනෝශ්නුත් පහළ ඉද්දි මේ යකා මොකද උඩ ??? ගවීෂ් ආයේ බැලුවේ පහළ පොඩි කෙල්ලෝ දෙන්නට මොනවදෝ මන්දා මහා දේශනයක් දෙන තනෝශ් දිහා....

" කවුද එව්වේ දැන් දරුවව ?" ගවීෂ් ඒ ඇහුවේ අරවින්ද් මියුන් දෙන්නා බරපතල මොනවද කතා කර කර ඉදපු පැත්තට එහෙමම ඇස් ගෙනිහින්..... මියුන් දමාගෙන අරවින්ද්ට මොනවද කියනවා... නිකන් නෙවේ වචන හතර පහකට වතාවක් නහය දිගේ පහළට ලිස්සල එන ස්පෙක්ස් දෙක හද හදම.... එයා මෙච්චර ගොඩක් කතා කරනවා ගවීෂ් මේ දැක්කමයි ... හරියට ප්‍රසන්ටේශන් එකක් කරනවා වගේ මියුන් ඒ කතා කරන විදිය හරිම ප්‍රොෆෙශනල්.... මියුන්ගේ හැල්ලම අහන් ඉදපු අරවින්ද් ඔළුව වනලා පිටටත් තට්ටු දෙකක් දානවා ගවීෂ් බලාගෙන....

" අරවින්ද් අය්යා කියන්න එපා කිව්වා මාව එව්වේ එයා කියලා... " ගවීෂ්ගේ කලින් ප්‍රශ්නෙට සනෝශ් ඔහේ කියලා දැම්මෙ ගවීෂ් ඇහි බැම උඩ යවද්දි..... පුහ් !!! වින්ද් ද ?

" ඌ හිතුව ද මට තනිකම් දොසෙ කියල. ..$& !! "

" මට ඒක අදාළ නැ.. " සනෝශ් කිව්වේ ගවීෂ් ඒ පාර ඌ දිහාවට හැරෙද්දි... මේ පොඩි එකා නම් හෙනම පණ්ඩිතයි හරිද... ගවීෂ් රවල , ආයේ ප්‍රධාන පීඨිකාව දිහා බැලුවේ විමල් ආශාක්‍යසිංහගේ සම්ප්‍රාප්තියට... ගවීෂ්ගේ අත ඉබේම මිට මෙළවුනේ , කේන්තියෙන්..... තමන්ගේ උත්තරීතර පාලනය වෙනුවෙන් ඩ්‍රොමිඩා යොරෙල්ස්ලා ඔල්වරසන් දෙද්දි ගවීෂ් නිශ්ශබ්දව බලන් ඉදියේ සනෝශ්නුත් නිශ්ශබ්ද බව වැඩිවෙලා නොගිහින්ම නෝට් වෙද්දි.... අඩුම පොඩි එකාගේ මූණේ කිසිම හැගීමක්වත් නැ.... ඇස් දෙක හීන් වෙලා විතරයි....

" දෙපැත්තකට වෙලා ගේට්ටු ලොක් කරන් ඉදියට මොකද දෙකම එක වල්ලේ පොල් තමයි...... " සනෝශ් බය නැතුව මිමිණුව එක ගවීෂ්ට හොදටම ඇහුනා....ඌ උත්තරයක් නොදී සමච්චලේට හිනා උනේ පොඩි එකා ඒක කියපු විදියට....ඕකමයි හේතුව ගවීෂ්ටත් පොඩි එකාගේ පර්සනැලිටි එකේ අල්ලලා යන්න... පොඩ්ඩක් පණ්ඩිත උනාට , පොඩි කාලේ අත්දැකිම් එක්ක අරවින්ද්ගේයි ගවීෂ්ගෙයි යන්තන් හරි තියෙන ගැතිකම මුගේ ගැවිලාවත් නැ....

ආශාක්‍යසිංහ සම්පූර්ණ පරම්පරාවම දැකලා තිබ්බත් ගවීෂ්ට තාම එයාලා අදුරගන්න එක ලේසි නැ.... කොණ්ඩේ දිගම දෙවෙනි පරම්පරාවේ මැදිවියේ ගැහැනිය එයා අදුරගත්තේ භාතිය මාමාගේ ට්ව්න් විදියට.... මොකද එයා තමයි මෙවීනාව එක්කන් ආවේ.... පරණ තරහවල් සේරම පැත්තට දැම්මොත් කෙල්ලත් සිරාම ලස්සනයි ... ඔළුව වටෙ ෆ්ලවර් ක්‍රව්න් එකක්... හරිම සිම්පල් ඩ්‍රෙස් එකක්.... ගවීෂ් ඊළගට බැලුවේ අරවින්ද් දිහා.... උගෙ රියැක්ශන් එක බලාගන්න..... කලන්තේ දායිද ශුවර් නැනේ....... ඌහ්.. ගවීෂ් බලාපොරොත්තු කඩවීමෙන් උරහිස් ඇකිළුවේ අරවින්ද්ගෙන් පෙනුන අතිශය සාමාන්‍ය හැගීම නිසා... මොකද ඌ අරවින්ද්ගෙන් බලාපොරොත්තු වුනේ මේක නෙවේ කියල ගවීෂ්ට නිකමට හිතෙනවා... කෝ මෙතන මුගෙ එග්සයිට්මන්ට් එක ????

" ප්‍රජාවට ආතල් විතරයි...... " සනෝශ් මිමිණුවේ ගවීෂ්ට පැහැදිලිව ඇහෙන විදියට....

" ඇයි මොකක්ද උනේ ? " මෙතන මොකක් හරි අවුලක් තියෙන බව අරවින්ද්ගෙ සන්සුන් පෙනුමෙන්ම ගවීෂ් තේරුම් අරන් ඉවරයි...

" දන්නවා ඇතිනේ..... අරවින්ද් අය්යට දෙසැරයක් හැමෝම ඉස්සරහ ඇඩුනා අක්කාගේ වැඩ නිසා.... ඉතින් ඊයෙ උදේ.... ඒ දෙන්නා බ්‍රේක් අප් උනා... අහ්... බ්‍රේක් අප් උනා නෙවෙ... ලයික් අරවින්ද් අය්යා ඩම්ප්ඩ් හ'... ඔහොම වෙලා මදි...." සනෝශ් කියන් ගියේ තනිකරම නෝන්ඩියට......

" ටහු..&#& !! සිරාද මේ ?" ගවීෂ් විශ්වාස කරගන්න බැරුව ඇහුවේ කටින් පිටවුන වචන ටික බොහොම අමාරුවෙන් කන්ට්‍රොල් කරගෙන...

" ක්‍රිෂ් අක්කා ගියාට පස්සේ පොර කුකුල්ලො වගේ... මෙවීනා අක්කානේ එළවගත්තේ... "

" හොව්ව් හොව්ව්. ෆුල් ස්ටෝරිය කියපන්... !! " ගවීෂ් හෙන උනන්දුවෙන් ඇහුවේ සනෝශ්ව පැත්තකට කරගෙන... කුහක මියුන්....මෙච්චර වටින ස්ටොරිය කිව්වෙ නැ නේ ...!! යකෝ මේවා බ්‍රෙකින් නිව්ස් වෙන්න එපැයි.... ගවීෂ් සැහෙන උනන්දුවක් කතාවට දීපු බව තේරුන සනෝශ් උගුර පෑදුවේත් සැහෙන උනන්දුවෙන්....

" අරවින්ද් අය්යා බී ලයික් --" අපි මේ ගැන පස්සේ කතාකරමු සුදු...." දෙන් මෙවීනා අක්කා - පස්සේ කතා කරන්නේ මොකටද !! ඔයාට බෑනේ මට බනින්න ..... ඒ පාර අරවින්ද් අය්යා අගේන් බී ලයික්.. " ඇයි බැරි ?? ඔයා වැරදි බව නොදැන නෙවේ බේරුවෙ සුදු.... හෙට වෙද්දි නිදහසට හේතුවක් හොයාගන්න මට කේන්ති යන්නෙ නැති වෙයි අඩුම.... !! " ආයේ මෙවීනා අක්කා - දැන් ඒක ඔයාටත් ප්‍රශ්නයක් නැද්ද -- අරවින්ද් අය්යා - නැ. !! මෙවීනා අක්කා - " කේනාල් අය්යා ඉදියා නම්--- එච්චරයි කිව්වෙ..... අරවින්ද් අය්යා ආවේශ උනා... එයා කවදාවත් මෙවීනා එක්කට කැගහලා නෑ එහෙම.... " සනෝශ් හති දැම්මේ ගවීෂ්ගේ ඉවසීම බල්ලට දාලා.....

" අඩෝ !!! ඊට පස්සෙ ? මොනාද අමු ගවයා කිව්වේ ?"

" නවත්තනවා සුදූ ඔය විකාරේ !!! මං කේනාල් නෙවේ යකෝ!!! මම අරවින්ද් !! අරවින්ද් ශනාර්ග ආශාක්‍යසිංහ !!! ඒකයි මම තාම මගේ සුදූට ආදරේ !! ඔයා කියනවා වගේ කේනාල් අය්යා ඉදියා නම් උබට ආදරේ කරන්නෑ තමයි !!.. " සනෝශ් ඒ වගේම කරලා පෙන්නුවේ අරවින්ද් වගේම නහයෙන් පිඹලා..... ගවීෂ්ට වැඩිමනත් එක්ක හිනා සනෝශ් ඒක ඒ ඇක්සන්ට් එකෙන්ම ඒක කියපු විදියට... එක අතකට රවන් ඔරොවන් ඉදියට වෙලාවකට හෙන හුරතල් මේකාත්...

" හැබැයි පස්සේ එයාම කිව්වා මෙවීනා අක්කට ටයිම් ගන්න කියලා.... කේනාල් අය්යා විදියට නැතුව අරවින්ද් විදියට පුළුවන් නම් එයාට ආදරේ කරන්න කිව්වා.. බැරි නම් ඒත් එයාට ආදරෙයි කිව්වා... මොකද එයාට ආදරේ කරන්න තෝරගත්ත එකට පසුතැවීමක් නෑ කිව්වා..... ඒක තාමත් එයාගේ හොදම තීරණේ නොවුනට, හදවතින්ම ගත්ත එකම තීරණේ කිව්වා... " සනෝශ් ඒ සැරේ කිව්වෙ ගවීෂ් මූණ ඇද කරද්දි... පහයා අච්චර ටෝක් දීලා අන්තිමට පුරුදු හරක් බානම දක්කලානෙ ඉතින්....මං ඒකිට ආදරෙයි බන් යැයි යැයි... ගවීෂ් කට ඇද කළේ අරවින්ද්ලා ඉන්න දිහාවට හැරිලා.... ගොන්කම ඉතින් හෝදලා අරින්නද කියපන්කෝ..... සෙරමනි එක ඉවර වෙනකන් , ගවීෂ් මෙ බලාගෙන ඉන්නේ උගේ බෙල්ලෙන්ම අල්ලගන්න.....

ඒත් එක්කම ගවීෂ්ගේ වගේම සනෝශ්ගේ අවධානේ හොරකම් කළේ , ගාඩ් කෙනෙක්ගේ පණිවිඩයකට අනුව නැගිට්ට විමල් ආශාක්‍යසිංහ .... ගවීෂ් සාක්කුවෙන් අත් එළියට ගත්තේ නළල රැළි කරලා... තමන්ගේ මුණුපුරාගේ එන්ගේජ්මන්ට් එකේදි නැගිටලා යන්න තරම් එයාට තියෙන හදිසි වැඩේ මොකක්ද ? අරවින්ද් සනෝශ්ව මෙතනට එව්වේ එයා කරන ගොන් වැඩවලින් නවත්තන්න බව දැනදැනම ගවීෂ් සනෝශ් දිහා බැලුවේ සනෝශ් යකාට ගියාවේ වගේ සපෝට් එකට ඔළුව වනද්දි... අන්න සනෝශ්ව ගවීෂ්ගේ ගාඩ් එකට තියන්න ගිහින් අරවින්ද්ට වැරදුන තැන... ගවීෂ් එක්ක ඕනෙ රිස්ක් එකක් ගන්න ඒ කොල්ලා ලැස්තියි....

විමල් ආශාක්‍යසිංහ ගියේ බන්ෂ් එකේ ඇතුළු ඍෂි කුටි පැත්තට බව අදුරගත්ත ගවීෂ් , සනෝශ්ටත් එයාව ෆලෝ කරන්න දීලා පිටි පස්ස පැත්තෙන් ඍෂි ආශ්‍රමය පැත්තට කිට්ටු කළේ සැහෙන කල්පනාවෙන්... ඇති තරම් ළගකට ගිය ගවීෂ් කෝකටත් වගේ වේෂකවයක් ඇක්ටිව් කරන්න හිතුවේ එයා විතරක් නෙවේ සනෝශ්ගේත් පරිස්සම ගැන හිතලා.. වෙනදා පුරුද්දට ධාහන්රා එකට ඇතුළු වෙන්න ගිය ගවීෂ් එයාගේ වර්තමාන සීමාවන් එයටම මතක් කරලා දුන්නේ එයාගේ ඇගේ එකතුවුන ශක්තිය එක විනාඩියකින් මනවිෂෙන් බිදලා දාද්දි... සනෝශ්ට එයාගේ දුර්වල ගතිය තේරෙන්න කලින් ගවීෂ් එතන ගලකට වාරු දුන්නේ අත මිට මොළවලා ගලට ගහන ගමන්.. මොන දේ දරාගත්තාත් තමන්ට තවදුරටත් තමන්වවත් පරිස්සම් කරගන්න බෑ කියන හැගීම දිරවගන්න කොල්ලට තවමත් අමාරුයි... ඉස්සර ඒක මොන තත්වෙන් වැටිල ඉදියත් ධාහන්රා එකකට යන්න පුළුවන් මට්ටමේ ශක්තියක්... පුහුණුවීමක් කොල්ලාට තිබුණේ..... ඒත් දැන් ??

සනෝශ්ව ඒත් එයාගේ පිටිපස්සට අරන් කවර් කරගත්ත කොල්ලා පිටිපස්සේ මළුවේ පාළුවට ගියපු නටබුන් අතරේ හැංගුනේ විමල් ආශාක්‍යසිංහ ඉදපු පරණ මැද මළුව මෙතනට හොදටම පේන නිසා... ගවීෂ් ආයේ කෝකටත් වගේ සනෝශ්ව ගල පිටිපස්සට කළේ එයත් මෙ වෙලේ කලබල නොකර පස්සට වෙලා ඉන්න බව තේරුම් අරගෙන....

විමල් ආශාක්‍යසිංහ මුණ ගැහුනෙ හිස වැහෙන්නම කළු ලෝගුවක් දාපු හැඩි දැඩි ආගන්තුකයෙක්ව...... ඒ උසත් , පුළුල් උරහිසුත් එක්ක ඒ පිරිමි කෙනෙක් බව ලේසියෙන්ම කියන්න පුළුවන් .... ඒත් එක්කම ඉදිය ඉසිවර වේඝර්ණාරච්චිව අදුරගත්ත පරක්කුවට ගවීෂ්ගේ අත මිට මෙළවුනේ කේන්තියෙන්.... ද්‍රෝහියා !!!! ඒත් එයා ඊට වඩා නොසන්සුන් උනේ කළු පාට ලෝගු කාරයගේ අතේ තිබිලා විමල් ආශාක්‍යසිංහගේ අතට මාරු උන පොත නිසා.....!!!!!

විසිතුන ක්‍රමවේද තහනම් පොත !!!!

ගවීෂ්ගේ ඇග සීතල වුනේ , පොත මොකක්ද කියලා අදුරගත්ත සනෝශ් ලොකු හුස්මක් උඩට ගනිද්දි.... එයාට කලින් පොඩි කොල්ලා කඩන් පනියිද ශුවර් නැතිකමට ගවීෂ් කොල්ලව අල්ලගත්තේ ගත්තේ කෝකටත් වගේ... මේක තනිකරම එයාගේ වැරැද්ද !!! සුදු මාමාව බේරගත්තට පස්සේ අඩුම මේක එතනින් අයින් කරවගන්න තිබ්බ උබට !!! එයාලා ඒක හොයාගෙන !!! ඒත් කොහොමද සුදු මාමා ඒක හැංගුවේ ලේසියට අහුවෙන තැනක නෙවෙයි ? ඒ තැන හරියටම දැනගෙන ඉදියෙත් එයාම විතරයි !!! ආයේ ගවීෂ්ගේ පපුව හිරවෙන්න ගත්තේ එයා ලෝගුකාරයා දිහා අවධානේන් බලද්දි.... වැරදිලාවත්--

නැ... !!.. කීයටවත් ඒ සුදු මාමා නෙවෙ... එයා මෙච්චර උසවත් මහතවත් නැ... එක විනාඩියකට සුදු මාමාවත් සැක කරන්න තරම් ප්‍රබල උනේ එයාගේ හිතේ තියෙන මනවිෂ කියලා මතක් උනාම ගවීෂ්ට හිතෙන්නේ ලැජ්ජාවට පොළොව පලාගෙන යන්න.. එයාව අත් දෙකේ හදපු සුදු මාමාව විනාඩියකට හරි සැක කරන්න තරම් උබ් පහත් උනේ කොහොමද ගවීෂ් ? එක නෙගටිව් හැහීමක් පවා එයාව මුළුමනින්ම දුර්වල කරන විදිය දරාගන්න එයාට තවමත් අමාරුයි...

එච්චර භයානක දෙයක් විමල් ආශාක්‍යසිංහගේ අතට මාරු වෙනවා ගවීෂ් බලාගෙන ඉදියේ සෑහෙන අසරණව... එයාගේ ධාහන්රා එක හොදට තිබ්බා නම් එයා මෙතන මැදට පනින්න දෙපාරක් හිතන්නෙ නැ , විශේෂයෙන්ම සනෝශ් එහා පැත්තේ ඉද්දි.. ඒත් දැන් මැද්දට පැන්නොත් පොඩි එකා පිට වැටෙන රිස්ක් එක වැඩි බව ගවීෂ් දන්නවා...

" එයාව ඉන්න තැනකින් හොයාගෙන මරන්න ඕනේ... මං හිතන්නැ මනවිෂ එක්ක ඒක අපිට අමාරු වෙයි කියලා.... " ඒ කතා කළේ ඉසිවර වේඝර්ණාරච්චි ... ඒ කිව්වෙ තමන් ගැන බව ගවීෂ් දන්නවා... සනෝශ් නළල රැලි කලත් එ පොඩි කොල්ලා තවමත් මනවිෂ ගැන අහලා තියෙන්නෙ බැරි බව ගවීෂ්ට විශ්වාසයි.... ඉසිවර වේඝර්ණාරච්චි !!! තමන් පළවෙනි වතාවට සේරමලා අවතක්සේරු කරලා එහෙනම් !!!

" ඌව මරන්න ඕනේ අපි නෙවේ ! " ලෝගුකාරයාගේ කටහඩ තදින් කිව්වේ විමල් ආශාක්‍යසිංහ ඊළගට කතා කරද්දි...

" හැම දේටම තියෙන්නෙ මාස හතරයි... ආත්ම කැදවන්න නම් , මේ හැමදේම ඉවරයක් වෙන්න ඕනේ නැද්ද ? !!!... "

" විමල් ආශාක්‍යසිංහ හිතන්නේ මම ආවට ගියාට වැඩ කරනව කියලද ? සෑහෙන කාලයක් බලන් ඉදියා..... කිසිම වැරැද්දක් වෙන්න බැ...." කළු ලෝගුකාරයා කිව්වෙ රළු කටහඩකින්...

" උබට වඩා වැඩිකාලයක් මමයි බලන් ඉදියේ...මගේ ආයෝජනයේ වටිනාම දන්නවනේ ?? "

" අහ් !! ඒ මහ ලොකු ආයෝජනය උන භාතිය ආශාක්‍යසිංහගේ ලියුම හොයාගන්න බැරි උනාද තාම ? "

" ඒ ගැන මම බලාගන්නම්..ඝර්ෂාත්මය තියෙන්නේ කාත් එක්කද කියලා හොයාගත්තද උබලා ඉස්සෙල්ලා ?? " විමල් ආශාක්‍යසිංහ ඇහුවේ රළු ආධිපත්‍යයක් තියෙන කටහඩකින්..... ඝර්ෂාත්මය ?? එයාලා ඒ ගැන දන්නවා !!! ඩැම්න් !!! මෙච්චර කල් මෝඩයෙක් උනේ උබද එතකොට ???? තමන්ගේ අසරණකම නිසා දැනෙන පුපුරන කේන්තියන්ම ගවීෂ් වෙව්ලනවා... අයෝජනය කිව්වේ භාතිය ආශාක්‍යසිංහට !!!! එතකොට ආශාක්‍යසිංහ මැන්ශන් එකේ මියුන් ලොකු වෙන්න හේතුවත් සමහර විට ??? .... අවුරුදු විස්සකට කලින් අතීතේ හිතන තරම් සරල නැ වගේ.. ඒත් ඒක පිටිපස්සේ මෙච්චර දෙයක් ???

" ඔය පොතේ ඝර්ෂාත්ම බන්ධනේ ගැන පිටු ටික නැහැ .... සමහර විට ඔබතුමා දන්නවා ඇති ඒක අවුරුදු විස්සකට කලින්ම ඔතනින් ඉරෙන්න ඇති කියලා... " උත්තරය ලැබුනේ කළු ලෝගුකාරයාගෙන්..... ඒ කටහඩ ඕනෙවට වඩා ගැඹුරු පිරිමි කඩහඩක්... ඒත් ඒ කටහඩ තියෙන සහය පෙළවත් ප්‍රධාන පෙළවත් කිසිම කෙනෙක් ගවීෂ්ට මතක් කරගන්න අමාරුයි.... එතකොට ඒ වේඝර්ණ කෙනෙක් නෙවේද ?? ඒත් ----- ගවීෂ්ගේ අවධානේ බිදුනේ දුවගෙන ඇවිත් එතනින් හිටගත්ත අරවින්ද් දිහාවට... ඔව් !!! අරවින්ද් ශනාර්ග ආශාක්‍යසිංහ !!! එයා විමල් ආශාක්‍යසිංහගේ එහා පැත්තෙන් හිටගත්තා !!!

" ඒ මොන-- " සනෝශ්ගේ කටින් පැන්නේ ගවීෂ් කොල්ලව ආයේ පස්සට ගනිද්දි... සනෝශ් ගැස්සුනේ අරවින්ද් කිසිම පැකිලීමක් නැතුව විමල් ආශාක්‍යසිංහගේ එහා පැත්තෙන් හිටගත්ත විදියට......වින්ද් වින්ද්.!!!!! ඔව්ව් පැහැදිලිවම විමල් ආශාක්‍යසිංහගේ අතේ තිබ්බ පොතට අරවින්ද්ගේ බැල්ම එල්ල උනා... ඒ ඇස්වල කිසිම වෙනසක් උනේ නැ.... ඌ ඒක දැක්කා.. ඒ තියෙන්නේ මහ රැ මහන්සි වෙලා උන් හොයාගත්ත පොත බව අරවින්ද් දැක්කා !!! ඒත් එයා කළේ ඒක නොදැක්ක ගානට අහක බලාගත්ත එක.... මේම විශ්වාසයක් ආයෙ ආයේ බිදින එක මුට සෙල්ලමක්ද !!!??

නෑ, උට හේතුවක් තියෙන්නම ඕනේ !!
ඒ වෙලත් ගවීෂ්ගේ හිත තාමත් කැගහන්නේ ඌ එහෙම නැති බව...ගවීෂ් විශ්වාස කරන්න කොහෙත්ම ලෑස්ති නැති පිට ඔළුව දෙපැත්තට වැනුවේ සනෝශ් ඉක්මනට එයාගේ අත් දෙකෙන්ම ඒ සැරෙ ගවීෂ්ව අල්ලගනිද්දි... ඔව් , කොල්ලට මෙ වෙද්දි දැනිලා ඉවර වෙන්න ඕනෙ ගවීෂ්ගේ ඕරා එක ආයේ බිදිලා ඉවර බව..... මනවිෂ එයාගේ විශ්වාසේ කැඩුන තැන අදුරගෙන හිත දුර්වල කරද්දි , ගවීෂ් මේ හිටගෙන ඉන්නෙත් සනෝශ් එයාව තදින් අල්ලන් ඉන්න නිසා.. ඇහට පෙන්නැති විසක් එක්ක සටන් කරන එක අමාරුයි....!!

" ම-මට...හි-තාගන්න බැ... අර..අරවින්ද් අය්යා ??? " සනෝශ් හොදටම බය වෙලා....ඔව් , සාධාරණයි උන්ගේ උරුමේ...උන් විශ්වාස කරන , උන්ව බලාගන්න එකම එකා..... සනෝශ් ඒ පීඩනේටම කරන්නේ ගවීෂ්ව තද කරලා බදගන්න එක... ගවීෂ් පොඩි එකාගෙ උරහිසෙන් අල්ලගෙන තද කළේ එයාව සන්සුන් කරගන්න... මොකද සනෝශ්ට කේන්ති ගියොත් මෙතන ලොකු කලබලයක් වෙයි කියලා හොදටම ගවීෂ් දන්නවා....

" නෑ , අය්යා අපිට වඩා දෙයක් දන්නවා කොල්ලො..... හරිද ? " ගවීෂ් සනෝශ්‍ට මිමිණුවේ සෑහෙන විශ්වාසෙන්... එයා කියන ඒවල වගකීමක් කොහොම ගන්නද ගවීෂ් දන්නේ නැහැ.. මොකද අරවින්ද්ගේ ඇස් එ තරම් හැගීම් විරහිතයි... ඒවා කෙලින්ම එල්ල උනේ ලෝගුකාරයා දිහාවට.. සැහෙන පරික්ෂාකාරී බැල්මක්.... ඒත් ඊට කලින් අරවින්ද්ටත් නොපෙනෙන විදියට එයා කවර් වෙලා ඉවරයි .... ඒ කවුරු උනත් එයාත් අරවින්ද්ව විශ්වාස කරන්න ලැස්ති නැහැ වගේ ?

" හැමදේම වෙලාවට සිද්ධවෙයි... " කළු ලෝගුකාරයා කිව්වේ වැඩිමනත් අරවින්ද් දිහා බලාගෙන .... අරවින්ද්ගේ බැල්මත් ඒ හා සමානව කෙලින්... ඉසිවරත් ලෝගුකාරයාත් ආපහු යන්න ඕනේ එයාලා ඉන්න තැන පාස් කරන් බව තේරුන ගවීෂ් , සනෝශ්වත් උස්සලා අරන් පැති මළුවට පැන්නේ එයාලගෙන් සෑහෙන තරමකට දුරකට වෙන අතරේ.... පැති මළුවෙන් නැවතෙන්නේ නැතුව ගවීෂ් පිටිපස්සේ සීමාමාලකය ගාවටම ගියේ කොහෙත්ම එයාලගේ ඇහැ නොගැටෙන්න.... වේඝර්ණ කෙනෙක්ගේ හැකියාවන් අවතක්සේරු කරන්න ගවීෂ් ලැස්ති නැ .. විශේෂයෙන් ඝර්ෂාත්මය ගැන පවා එයාලාගේ කටින් පිට වෙලා තියෙද්දි....... බන්ෂ් එකෙන් එළියටම යනකන් සනෝශ්ව එක්කන් ආපු ගවීෂ් මොහොතකට සන්සුන් උනේ බන්ෂ් එකේ යොරෙල්ස්ලට එන්න අවසරය තිබ්බ සීමාවෙන් නැවතිලා... ගවීෂ්ගේ ගැඹුරු කල්පනාව බිදුනේ සනෝශ් එයාගේ බහුවෙන් අල්ලගත්ත විදියට... ඒ කොල්ලා තාමත් ඉන්නේ සැහෙන කම්පනෙන් වගේ......

" ගවීෂ් අය්යේ ? "

" එයා ගැන සැකයක් තියාගන්න දෙයක් නැ... අනිවාරෙන් ඌ තනියම නාන්නයි යන්නේ....අල්ලගන්නංකෝ ඕකව....!!!... " ගවීෂ් කෙටියෙන් උත්තර දුන්නේ සනෝශ් එයා කියන්න ගියේ ඒක නෙවේ කියන්න ඔළුව දෙපැත්තට වනද්දි....

" එහෙනම් ? " කොල්ලා කතා කළේ සැහෙන සිරියස් පිට නිසාමදෝ ගවීෂ් ඇහුවේ නළල රැළි කරගෙන.....

" මම එයාව දැකලා තියෙ... මං හිතන්නේ මේ එයා තමයි....... " සනෝශ් කිව්වේ එයාටම ඒක තහවුරු කරගන්න වගේ ඔළුවත් විශ්වාසෙන් වනලා... වටේ පිටේ යොරෙල්ස්ලාගේ අවධානෙ එයාලට එල්ල වෙන්න කලින් ගවීෂ් කොල්ලව ඇදගෙන පැත්තකට උනේ කවදාවත් දැකලා නැති විදියට සනෝශ්ගෙන් පෙනුන කලබල ගතියට.... එයා දැක්ක දේවල් ඇති එක අතකට මෙහෙම කලබල වෙන්න තරම්....

" මට වාඩි වෙන්න ඕනෙ නැ !! " සනෝශ් ඒ මුරණ්ඩු විදියට කිව්වේ එයාව කණ්ඩියක් උඩින් වාඩි කරවන්න හදපු ගවීෂ්ට...

" බුදු අම්මෝ හරි හරි ඔහොම ඉදන් කියන්නකෝ එහෙනම් !!.. කොහෙදිද දැක්කේ ? "

" ගොඩ කාලෙකට කලින්... අම්...මේ..... යාදම් එක කාලේ....අර කර්ව් එක දවසේ... " සනෝශ් විස්තර කළේ සැහෙන කලබලේකින්.... කලබලේකට වඩා ඒක අමුතු විදියක බයක්ද මන්දා...

" කලබල නොවී හරියට කියපන්...උබ පොඩි එකෙක් නෙවේනේ ගොත ගහන්න ... " ගවීෂ් ඒ කිව්වේ සැරෙන් නෙවේ....සනෝශ් වෙනද වගේ නෙවේ දේවල් කියන්න පැකිලෙන බව හොදටම තේරුන නිසා....

" ඩි-යෝන් අය්යාට තුවාල උනේ... අර කර්ව් එක දවසේ... ඒ කාලේ...." සනෝශ් කිව්වේ එයා හරියට දන්නැති මේ සිද්ධියට ගවීෂ් නළල රැලි කරද්දි... ඩියෝන්ගේ පිටේ ගිනියම් කොටු තියල කොල්ලට වද දීපු සිද්ධිය වෙන්න ඕනෙ මේ....

" ඉතින් ?? " ගවීෂ් ඇහුවේ හදිසියෙන්....

" එදා මෙයා තමයි , අය්යාව ගෙනත් දැම්මේ ... මායි මල්ලියි දැක්කා.... මේ ලෝගුවමයි... මේ උසමයි.... " සනොශ් දත් මිටි කාගෙනම කිව්වේ ගවීෂ් කල්පනාවෙන් නළල රැලි කරද්දි.... ඩියෝන්ගෙන් එදා සිද්ධිය ගැන ඌ පන්න පන්න අහන්න ගියේ නැති බව ගවීෂ්ට මතකයි.... ඒත් ට්වින් ඩබල ඒක දැකලාද එතකොට ??

" ඩියෝන්ව ගෙනත් දැම්මා කිව්වේ ? "

" අය්යගේ පිටේ...... පිටෙ.... අර... "

" ඔව් ! බර්න්ට් මාක්ස්.. මං දැක්කා... !! අර ලෝගුකාරයාද ඩියෝන්ව ගෙනත් දැම්මේ ? හරියට කියපන් විස්තරේ වෙව්ලන්නැතුව... ." ගවීෂ් ඒ සැරේ නම් කිව්වේ පොඩි එකාව කණ්ඩිය උඩින් වාඩි කරවල... කොල්ලට දාඩියත් දාලා.. යකො මාර වැඩක්නෙ මේක... අර ඩියෝන්කාරයාවත් වෙව්ලුවේ නැ මෙච්චර....

" එදා අරවින්ද් අය්යා කර්ව් එකේදි ෆේන්ට් උනානෙ.... අපි දෙන්නවනේ යැව්වේ වතුර ගේන්න.... "

" ඔව් ඉතින් ? " ගවීෂ් කලබලෙන් උත්තර දුන්නේ එදා අරවින්ද්ගේ ධාහන්රා ෆේලිය එක මතක් කරගෙන...

" ඒ... ඒ වෙලේ.... අපි දෙන්නා දුරට දැක්කා..... එයා... අය්යව පිටිපස්සේ මළුව උඩට අතාරිනවා.... " සනෝශ් උත්තර දුන්නේ ගවීෂ් අත මිට මොළව ගනිද්දි.. එතකොට ඩියෝන්ගේ සිද්ධියෙත් , යුවනිදුගේ සිද්ධියෙත් මෙයා ප්‍රධාන පුරුකක්.. !! ඩියෝන්ව ගෙනත් දැම්මේ එයා නම් එයාට කිසි දෙයක් මතක නැති වෙන්න බෑනේ මේ ලෝගුකාරයා ගැන ??

" පොඩ්ඩෝ, උබේ ෆෝන් එක තියෙද ? " ගවීෂ් කල්පනාවෙන් ඇහුවේ සනෝශ් ඔව් කියන්න ඔළුව වනද්දි.... ගවීෂ් ඒක දෙන්න කියන්න අත දික් කළේ සනෝශ් සාක්කුවෙන් ෆෝන් එක ඇදලා ගනිද්දි...

" ඩියෝන් අය්යා එ වෙලෙ.. ෆේන්ට් වෙලා ඉදියේ ........" ගවීෂ්ගේ අරමුණ තේරුම් ගත්ත සනෝශ් කිව්වේ ගවීෂ් උට රවලාම ෆෝන් එක උදුරලා ගනිද්දි.... ගත්තගමන් ෆොන් ලොක් ස්ක්‍රීන් එකේ ඉදිය ටූත්ලස් දිහා බලපු ගවීෂ් කට ඇද කළේ මුන් හැමෝටම ගහපු මකර පිස්සුව මොකක්ද කියලා හිතාගන්න බැරුව... දැන් කවුරු හරි දෙතුන් දෙනෙක්ගෙම වෝල් පේපර්ස්වල මකරු දැක්ක බව ගවීෂ්ට ලාවට වගේ මතකයි.....

" පැහිච්ච්කම් නැතුව මේක ඇරලා දෙනවා.... !"

" අම්....... " සනෝශ් ගල් ගිල්ලා වගේ බලන් ඉදියේ ෆෝන් එක දිහා....

" ටෝක් කරන කැලි ගැන හොයන්න නෙවේ යකො... ඩියෝන්ට කෝල් එකක් අරන් දීපන් උගෙන් අහන්න.... "

" කෝ දෙන්න මෙහාට !! " සනෝශ් ෆෝන් එක උදුරලා අරන් කිව්වේ ගවීෂ් ඉණට අත් දෙක තියාගෙන අනිත් පැත්තට හැරෙද්දි... බුදු අම්මේ පොඩි උන්ටත් ෆොන්වල ලොක් දාල පරිස්සම් කරන්න දේවල් අද කාලෙ....හුහ්.... සනෝශ් පැහිච්ච හැටියට සුදාම්මිලා දහයක්වත් මැනේජ් කරන්න ඕනේ , ඔය ආශාක්‍යසිංහලා වටේ යන්නැ කිව්වට...කවුද ඕවල ඇත්ත නැත්ත දන්නෙ... ෆෝන්වලටත් ලොක් දාන්නේ ඉන්නෙ.... මියුනුත් මේමද දන්නැ...!!

" හෙලො.. මේ.... මෙතන ගවීෂ් අය්යා ඉන්නවා.... "

සනෝශ් හුස්මක්වත් ගන්නැතුව කියන් ගියේ ඩියෝන් ආන්ස කරන පරක්කුවට .... ගවීෂ් ඉණටත් අත් දෙක තියන් ආයේ ඒ පැත්ත හැරුනේ පොඩි එකා කෝල් එක අරගෙනත් ඉවර නිසා... සනෝශ් ගවීෂ් අතට ෆෝන් එක පාස් කළෙ ගවීෂ් කටත් ඇදල ෆෝන් එක ගනිද්දි...

" ගවීෂ් අය්යේ ?" ඩියෝන් ඇහුවේ කලබලෙන්....

" ගවීෂ් තමා !! මොකද යකෝ උබ බය වෙලා වගෙ... ? "

" හරි !!! ..... පොඩි එකා මොනවද කිව්වේ ?? කේන්ති ගන්න එපා ...මං පැහැදිලි කරන්නම් ..... " ඩියෝන් ඉදිරිපත් උනේ ගවීෂ් ඒ මොනොත්තක්ද ගාණට නළල රැලි කරද්දි..... සිරියස් වෙලාවටත් පිස්සු කෙලිනවා මුන් ඉදගෙන....

" පැහැදිලි කරන්න අටමගලක් නෙවේ යකෝ...... මට එදා ඩන්ජන් එකේ සිද්ධිය සම්පූර්ණයෙන් දැනගන්න ඕනේ .... ඔව් ඒකට තමයි ගත්තේ... වෙන මොකටද ???? හරි !! ෆ්‍රී උනාම වරෙන්... එනකොට සහය පෙළ පවුල් පොත කොහෙන් හරි උස්සන් වරෙන්... හරි.. !!! හෙන ගහපන් !! තිබ්බා !! "

.
.
.
.

- මතු සම්බන්ධයි -

A/N -
#හෙට දෙන්න ඉදියේ. මරණ තර්ජන නිසා අද දුන්නා.. 🌚 5000යි 🫢

# දන්න අය දන්නවා chap 3 ඉදන්කිය්න්නේ මියුර්ය සෙට්වෙන්නත් කලින් ඉදන්ම මේකේ ගෝස්ට් ශිප් එකක් තිබ්බා....... ඒත් ඉතින් කතාවට විතරයි මම හැපි එන්ඩින් එකක් ප්‍රොමිස් උනේ... බුඅහහාඅහා....🫠

Continue Reading

You'll Also Like

14.1K 3.6K 30
දේගු උසස් පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබපු යුන්ගි හදිසියේ සිය දිවි නසා ගන්න හේතුව මොකක්ද..? "I began to pray for a miracle." "There's one thing I still...
2.1M 201K 69
BL ဝတ္ထုရေးတဲ့ စာရေးဆရာတစ်ယောက်က သူဘယ်လောက်ဘဲ ကြိုးစားရေးနေပါစေ စာဖတ်သူတွေက အကြိုက်မတွေ့ဘူး။ယုတ္တိမရှိဘူးဆိုပြီး ဆိုးဝါးတဲ့ မှတ်ချက်တွေပေးတယ်။ တစ်နေ့...
6.4K 685 10
ප්‍රේමයේ කොන්ඩිස් වීදුරුව, මන්දගාමීව කලතමි......✨
171K 508 17
​ကျောင်းသားတစ်​ယောက်ရဲ့ဆရာမ​များကိုကြမ်းခဲ့​သောဇာတ်လမ်းဖြစ်ပါသည်။စိတ်ကူးယဥ်ဇာတ်လမ်းပါ။ဇာတ်ညွန်း​ရေးသူမှာ WBIဖြစ်ပါတယ်။ဖတ်ရှူ​ပေးတဲအတွက် ​ကျေးဇူးတင်ပါ...