භවයෙන් භවේ 🥀 ( Yizhan )

By Imalzaa

7.3K 782 198

අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ... More

Part 1 ✽
part 2 ✽
Part 3 ✽
Part 4 ✽
Part 5 ✽
Part 6 ✽
Part 7 ✽
Part 9 ✽
Part 10 ✽
Part 11 ✽
Part 12 ✽
Part 13 ✽
Part 14 ✽
Part 15 ✽
Part 16 ✽
Part 17 ✽
Part 18 ✽
Part 19 ✽
Part 20 ✽
Part 21 ✽
Part 22 ✽
Part 23 ✽ (BONUS )
Part 24 ✽
Part 25 ✽
Part 26 ✽
Part 27 ✽
Part 28 ✽
Part 29 ✽
Part 30 ✽
Part 31 ✽

Part 8 ✽

225 28 3
By Imalzaa

මං උදේ ඇහැරෙද්දිත් හිටියෙ අකේන් ලග..මාව බදාගෙන සනීපෙට නිදාන ඉන්න ඒ ලස්සන මූණ දිහා මං ටික වෙලාවක් බලන් හිටියා..

ලස්සනයි ඔයා ගොඩක් ලස්සනයි අකේන් පෙනුම වගේම ඔයාගෙ හදවතත් ගොඩක් ලස්සනයි..මෙච්චර ලස්සන ඔයාට මාව කොහොමවත් ගැලපෙන් නෑ..රෑ උන දේවල් ඔයා ඇහැරෙද්දි අමතක වෙලා තිබ්බොත් හොදයි..මට ආයේ ඒ දේවල් ගැන කතා කරන්න ඕන් නෑ..

අකේන්ට ඇහැරෙන්න නොදී මගෙන් එයාව හෙමීට ඈත් කරපු මං බෙඩ් ශීට එකත් එයාට හොදට පොරවලා ඇදෙන් නැගිට්ටා..දැන්නම් උන බැහැලා ඒත් කසාය මොනා හරි හදල දුන්නනම් හරි..

මූණ හොදන් ඇදුම් මාරු කරන් කුස්සියට ආව මං කසාය එක තැම්බෙන්න ලිපෙන් තියල උදේට කන්න හදන්න ගත්තා අකේන් ආසම විදිහට පොල් සම්බල් තෙල් දාල බිත්තර බැදලා..

" නේෂී.."

" අහ් අ_අකේන් කියන්න.."

" ඊයෙ මො_"

" ඊයෙ මුකුත් උන් නෑ අකේන් ඇයි.."

" ඒනම් ඇයි අර වතුර භාජනේකුයි ටවල් එකයි මේසෙ උඩ ඔයාට උන හැදුනද නේෂි.."

" අහ්ම් ඒක මේ මට නෙවේ ඔයාට උන හැදුනේ ඇග පොඩ්ඩක් තෙමුව මං.."

" අහ් හ්ම්ම්.."

කලබලේනෙ නේෂි ඔයාගේ..ඒ කොල්ල වෙන දෙයක් අහන්න ගිහින් තියෙන්නෙ..ඊයෙ උන දේ ගැන මතක නෑ එයාට..නිදි විකාරෙන් නේ හිටියේ..

" නේෂි බඩගිනි.."

" මේ ඉවරයි..ඉන්න බෙදල දෙන්නම්..බත් කාල මං කසාය එකක් තැම්බුව ඒකත් බොන්න..ඔක්කොටම කලින් මූණ හෝදන් එන්න..සීතල වෙන්න එප ගොඩක්.."

" හ්ම්ම්.."

මූණ හොක්දන් එන්න එයා යනවත් එක්ක මං කෑම බෙදල අකේන්ගෙ කෑම එක වහල තියල මං ඉක්මනට කෑවා..මූණ දෙන්න බෑ මට එයාට පුලුවන් තරම් ඈත් වෙලා හිටියනම් හරි..නැත්තන් එයා මට තවත් ආදරේ කරයි..

කාල බීල අකේන් එන්න කලින් මං ගෙදරින් එලියට ආවා..මිදුලෙ අයිනෙ තියන බෙන්ච් එකේ ඉදගෙන ලස්සන ආදර කතාවක් තියන පොත දිහා බලාන මං ටිකක් කල්පනා කරා..ඒ වගේ ලස්සන ආදරයක් මටත් තිබ්බනම් හොදයි කියල මටත් නොහිතුනාම නෙවේ..ඒත් කොහොමද දැන දැනම ආදරේ කරන මිනිස්සුන්ව මරා ගන්නේ..

ෆැන්ටසියේ ආදර කතා හරි ලස්සනයි..ඒත් මගේ ෆැන්ටසියේ එහෙම ලස්සන ආදර කතාවක් නෑ අකේන්..ඔයාට මගෙ ෆැන්ටසියෙ ඉඩක් නෑ..

ඉන්න හිතක් නෑ මට දැන් මෙහේ..කොහොම හරි ආයෙත් යන්න විදිහක් තිබ්බනම්..දෙයියනේ මං තව කොච්චර කාලයක් මෙහෙ ඉන්නද..

" නේෂි ඔතන මොකද කරන්නේ..සීතලයි නේ ගෙට එන්න.."

" නෑ අකේන් සීතල නෑ ටිකක් ඔලුව රිදෙනවා මං ඒනම් ගිහින් නිදා ගන්නම්.."

" කෝ ඉන්න උනද ඔයාටත්.."

" එපා අකෙන් උන නෑ මං යන්නම්.."

මං එයාව ආයෙත් මගෑරියා ලගට ඇවිල්ල නලලට අත තියල උනද බලන්න ගිය අකේන්ගෙ අත එහාට තල්ලු කරල ගේ ඇතුලට දුවන් ආවා..මට සමාවෙන්න අකේන්..

කාමරේට ආව මං දොර ලොක් කර ගත්තා..නැත්තන් එයා අහන්නෙ බලන්නෙ නැතුව දොර ඇරන් කාමරේට එනවා ගෙව්න දවස් කීපෙට අපි ඒ තරම් ලන් උනා..ඒත් එයාගෙ හිතේ මං ගැන ආදරයක් ඇති වෙලා..එතකොට මගෙ හිතේ මොනාද එයා ගැන තියෙන්නෙ ඇයි අකේන් මං ලග ඉන්න හැමවෙලේම මට සැනසීමක් දැනෙන්නේ..ම_මං අකේන්ට ආදරෙයිද නෑ ඒක වෙන්න බෑ..මගෙ හිතේ එයා ගැන තියෙන්නෙ ලොකු බයක්..







⏳⏳⏳⏳⏳


කාමරේට ඇවිල්ල දැන් පැය හයක් විතර ගෙවිලා දවල් වෙලා දැන් ගොඩක්..අකේන් මොනා කරනවද දන් නෑ..

" නේෂී දොර අරින්නකෝ..මේ මං..තාම නිදිද.."

" තිසරූ.."

" ඔව් ඔව් තිසරු තමා අරිනව හලෝ දොර.."

" අහ් ඉන්න ඉන්න.."

" මොනාද ඒයි දොරත් ලොක් කරන් කරන්නේ..නිදා ගත්තද.. ඔයාගෙ ඔලුව රිදෙනවා කිව්ව කිව්වෙ අකේන්.."

" හ්ම්ම් ටිකක් දැන් අඩුයි ඒයි.අනේ මට සමාවෙන්න තිසරු ඊයෙ_"

" අනේ මෝඩයා ඕක හිතන්න එපා අප්පා මැරුණ් නෑ නේ මං..මැරුණත් එනවා හොල්මක් හරි වෙලා..හ්ම්ම්.."

" ඒත් තිසරූ.."

" අනේ නවත්පන් නේෂි ඕක නහයෙන් අඩන්නේ..ලෑස්ති වෙනවකෝ ගමනක් යන්න.."

" කොහෙද.."

" ස්ටෝබෙරි කන්න ආසද.."

" ඔව්ව්ව්ව්ව්..."

" හී මාත්..අකේන්ගෙ ස්ටෝබෙරි වත්තට යන් ඒනම්.."

" එයාට ඒම එක්කුත් තියනවද.."

" ඔව් කියල නැද්ද.."

" ම්හුක්..අකේනුත් එනවද යන්න.."

" ඔව් ඉතින් උගෙ වත්තට ඌ නැතුව යන්න බෑ.."

" ඔයාල ගිහින් එන්නකො තිසරූ..මගෙ ඔලුව රිදෙනව තාම..සීතලේ යන්න බෑ වගේ..මටත් එද්දි අරන් එන්නකෝ.."

" අනේ මේ හු#තක් කතා කරන්න එපා වරෙන්කො යන්න නේෂී..අනේ.."

" අදින්න එපා ඒයි වැටෙයි මං..එ ඒයී..කිව්ව මෝඩයා.."

ඇද අයියෙ ඉදන් හිටිය මාව යන් යන් ග ගා තිසරු අතෙන් අදිද්දි දෙන්නත් එක්කම බිම..

" ඒ ඔය මොකද ඔය.."

" අහ්හා....නැගිටිනව තිසරූ.."

" හී හී නෑ මේ මේකයි වැටුනනෙ අපි දෙන්නා.."

මගෙ ඇග උඩට වැටුන තිසරු මොකෙක්ද එකෙක් වගේ මාව බදාන ඉද්දි කාමරේට ආවෙ අකේන්..අපි දෙන්න ඉන්න විදිහ දැකලද මංද කොල්ලගෙ ඇස් ලොකු වෙලා..

" නේෂි ඔලුව කැක්කුම හොදයිද.."

" හ්ම්ම්ම්.."

" ම්ම්..ලෑස්ති වෙන්නකො ඒනම්..සීතල නැති වෙන්න ඇද ගන්න ඇදුමක්..මගෙ අයිස් කැප් එකත් දා ගන්න.."

" හ්ම්ම්.."

" හා හා කෝ ඉක්මන් කරන්න..යමු යමූ.."

" තල්ලු කරන්න එපා තිසරූ ආයෙත් වැටෙන්න ඕනිද.."

" දැන් උබ මේක අස්සටත් එන්න ලෑස්ති.."

" එන්න එපාද ඉතින්..අනේ මට බලන්න ඕනි..ඔයාගෙ එක මට වඩා ලොකුයිද බං.."

" තිසරූ..යනව එලියට..නේෂි ඔයා හෝදන් එන්න ඉක්මනට සීතල වෙන් නැතුව.."

යන්න ලෑස්ති වෙන්න ග ගා bathroom එක අස්සටම මාව දක්කන් ආව මිනිහට සයිස් එක බලන්නත් ඕනි වෙලා..අකේන් ඇවිල්ල එලෙව්වෙ නැත්තන් මට මෙයාට ඒකත් පෙන්නන්න වෙනවා..ඉස්සර අකේන් අකේන් ග ගා එයාගෙ ඇගේමයිලූ..දැන් මං ආවට පස්සෙ තිසරුට මං නැතුව බෑ..

ලෑස්ති වෙලා මං එලියට එද්දි දෙන්නත් එක්ක කාර් එකට නැගල යන්නත් ලෑස්තී..

" නගින්න නේෂී.."

" මං තිසරු එක්ක එන්නම් අකේන්.."

අකේන් කාර් එකේ ඉස්සරහ දොර ඇරල නගින්න කිව්වත් මං පිටිපස්සට ගිහින් තිසරු ලගින් වාඩි උනා..

" අනාව් එන්න සුදෝ මං ලගට.."

" වද දෙන්න එපා තිසරු එයාට ඔලුව කැක්කුමයි කියල කිව්ව නේද.."

" ඒක අව්ලක් නෑ අකේන්.."















⏳⏳⏳⏳⏳

" යෝහ් ස්ටෝබෙරී මං එනෝ.."

" ඔහොම ඉන්න..මාත් එනවා.."

" නේෂි ඔහොම ඉන්න ටිකක්.."

වත්ත ලගට ඇවික්ක කාර් එක නවත්තනවත් එක්ක තිසරු කෑ ගහන ඒ පැත්තට දිව්වා මාත් එයා පස්සෙන් දුවන්න ගියත් අකේන්ගෙ අතක් මගෙ අතක් එක්ක පැටලුනා..

" ඇයි අකේන්.."

" කෝ මගෙ අයිස් කැප් එක ඔයා ඒකට ආසයි නේ.."

" අහ් ඒක හෝදන්න දැම්මා.."

" ම්ම්ම්.."

" මං යන්නද.."

" හ්ම්ම් පරිස්සමින්.."

" නේෂී එනවකෝ මේ රතුම රතුයි හලෝ මේවා.."

" මෙ එනෝ.."

අකේන් මගෙ අත අතාරිනවත් එක්කම මං දුවන් ගියෙ තිසරු ඉන්න පැත්තට..

සෑ වෑව්ව්ව්..බලන බලන තැන ස්ටෝබෙරි නේ..ඔක්කොම කඩාන කන්න හිතෙනව දැන්නම්..


" ඒ මේව ගඩන්නද.."

" අනේ කඩල කාපන් බං..අකේනෙයාගෙ නෙ ඕවා මේ වත්තම කාල දැම්මත් මුකුත් කියන් නෑ..උබට කොහොමත් නෑ.."

" ඇයි මට.."

" නෑ නෑ මුකුත් නෑ ඉදිච්ච බලල කඩාන් කාපන්..ආන් අයිති කාරයත් එනවා.."

" මේ මං ඇර පැත්තට යන්නද.."

" පලයන් ඉතින්.."

මං අද දවසට පුලුවන් තරම් අකේන්ව මගෑරියා..තව කොච්චර කල් මේක මට කරන්න පුලුවන් වෙයිද..එකට ජීවත් වෙන එයාව මං කොහොමද මගාරින්නේ..මාව බලා ගන්නෙත් එයා..මගේ කියල කිසිම දෙයක් නැති වෙලාවේ..අකේන්ව මට මගෑරල ඉන්න බෑ හැමදාම..එහෙමයි කියලා එයාට මට ලං වෙන්න ඉඩ දෙන්නත් බෑ..

" නේෂි එන්න අපි දැන් යන්න ඕනී.."

" අනේ තව ටික්කින් යන්කො තිසරූ.."

" බෑ නේ හවස් වෙලා දැන්..ශකිල අයියත් මට හෝ ගාල කෝල්ස් ගන්නවා..ඇත්තමයි මේ මිනිහ මට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ අප්පා.."

මෙහෙට ඇවිල්ල පැය තුනක් විතර ගෙව්නා..ස්ටෝබෙරි කාල කාලම දැන් කටත් එක්ක මොනාද වෙලා වගේ..අකේන්ල ඉන්න හරියෙන් ඈත් වෙලා වෙනම හිටියට මොකද කොල්ලගෙ ඇස් තිබ්බෙ මං ලග මං එහෙ බලන බලන හැම සැරේම එයා මං දිහා බලාගෙන..

හවස හයටත් කිට්ටු නිසා මට තව මෙහෙ ඉන්න හිතුනත් ශකිල අයිය තිසරුට කේස් දාන නිසා යන්න උනා..

තිසරුවත් එයාගෙ ගේ ලගින් ඩ්‍රොප් කරන් අකේනුයි මායි ගෙදර ආවා..එද්දිනම් මට ඉස්සරහ ඉද ගන්න උනා මොකද තිසරු පිටිපස්සට වෙලා හොදට නිදි එනකන්ම..ගෙදර ඇවිල්ල කාර් එකෙන් මං බහින්න හදනවත් එක්කම අකේන් මාව නැවැත්තුවා..

" නේෂි ඔහොම ඉන්න..මට කතා කරන්න ඕනි ඔයා එක්ක.."

" මොනාද අකේන්.."

" මං මොකෙක් වගේද පේන්නෙ නේෂි..ඔයා අද දවසම මාව මාගරින එක මට තේරෙන් නෑ කියලද හිතුවේ.."

" අකේන් ම_ "

" එපා නේෂි ඕන් නෑ මං දන්නවා ඔයා මාව මගාරින්නෙ ඇයි කියලා..ඊයෙ රෑ උන දේවල්  මට අමතක උනා කියල හිතුවද ඔයා අහ්.."

" නේෂි මං තමුසෙට ආදරෙයි..ඒක ඇත්ත..ඔයා මට කැමති නැත්තන් මට ඒක කෙලින් කියන්න..මාත් එක්ක ඉන්න අපහසුයිනම් ඒකත් කෙලින් කියන්න නේෂි ඔහොම මුකුත් නොකියා මගාරින්න එපා.."

" අකේන් මට ආදරේ කරන්න එපා අකේන් plzz.."

" හේතුව.."

" මං මහ කාලකණ්ණියෙක් අකේන්..මං ඔයාගෙම හොදට කියන්නෙ මට ආදරේ කරන්න එපා කියලා.."

" සමහර හරි අපූරු මල් ප්‍රතික්ෂේප කරන්නෙ ඒ මල්වල වැරැද්දක් නිසා නෙවෙයි අකේන්..අවාසනාවකට ඒ මල්වල තියන ආදරේ දරා ගන්න තරම් කැපෑසිටියක් ඒ හිත්වල නැති නිසා.."

" ඔයා ගොඩක් හොද කෙනෙක් අකේන් ඒත් මට බෑ ඔයාට ආදරේ කරන්න.."

" නේෂි මට හේතුව කියනවා.."

" ඔයාට කියන්න බැරි ඔයාට විශ්වාස කරන්න බැරි දෙයක් තියනව..අකේන් මට සමාවෙන්න.."












*****

Continue Reading

You'll Also Like

502K 49.5K 36
ဝမ်ရိပေါ်ရဲ့ ကလေးကို ကိုယ်ဝန်ဆောင်ထားရပြီ/ ဝမ္ရိေပၚရဲ႕ ကေလးကို ကိုယ္ဝန္ေဆာင္ထားရၿပီ Associated Name 一不小心揣了对家的崽儿 Author(s) 美丽子是真的美丽 Translator(s) idun...
1M 73.5K 46
သစ္စာ ဖောက်တဲ့ ex ကို ကလဲ့စားခြေဖို့ အဖေကို ယူ......... ငါ့ကို သစ္စာဖောက်တဲ့ အတွက် မင်းက ငါလေးကို Mom လို့ခေါ်ဖို့သာ ပြင်ထားတော့ ဝမ်ရီလျှို့ ~~ရှောင်...
420K 8K 32
အထန္ေကာင္ေလးနဲ႕ အရမ္းအလို လိုက္တဲ့ daddyႀကီးကို ျမင္ရမဲ့ ficေလးပါ ‌အေမွာင္ ficပါ 25+လို႔ေျပာလို႔ရပါတယ္ ခေလးေတြ မဖက္ရဲ႕ရင္ ဝင္မဖတ္ပါနဲ႕ (အထန်ကောင်လေး...