- Plot 23 -

By Bulbz_D

856K 113K 38.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 109 -

5.5K 833 472
By Bulbz_D

" මට මොකක් හරි අව්ලක් දැනෙනවා මේකේ.... " අරවින්ද් කිව්වේ එයාගේ මූණ වහලා තිබ්බ රෙදිකඩ පහළට අදින අතරේ... මූණට දාලා තිබ්බ දාඩිය ඒකෙන්ම පිහිදාගත්‍ත අරවින්ද් ආයේ නළල රැලි කලේ කල්පනාවෙන්.....

එයාල මේ ඉන්නේ ආශාක්‍යසිංහ සීමාවෙ එහා කෙළවරටම වෙන්න තිබ්බ යොරෙල් විලේජ් එකේ අතඇරලා දාලා තිබ්බ පරණ වීදියක..... එතන කණ්ඩියට හේත්තු වෙලා හති අරින ට්වින් ඩබලයි , තාමත් වටපිටාව දිහා ඇස් යවන මියුනුයි දිහා බලපු අරවින්ද් ආයේ ෆෝන් එක අතට ගත්තේ නොඉවසීමෙන්..... මේ දෙවෙනි දවස එයාලා හතර දෙනා මුළු ඩොමිඩා විලේජ් එකම හොරෙන් පීරන....

" එක්කො වේඝර්ණ සීමාවෙම වෙන්න බැරිද අරවින්ද් අය්යේ ? " සනෝශ් ඇහුවේ අරවින්ද් තරමක විශ්වාසෙන් නෑ කියන්න ඔළුව වනද්දි... කල්පනාවෙන්ම මොහොතක් ගෙවෙන්න ඇරපු අරවින්ද් එතන බිමින් දණ ගහගත්තේ මියුනුත් ඒ පැත්තට කිට්ටු කරද්දි.... අරවින්ද් පොළොවට අත තිබ්බේ කහ ගැහිලා තිබ්බ තණකොළ අගිස් එයාගේ ස්පර්ශයට නතු වෙද්දි.... එයාගේ බලජාන ඉක්මනින්ම ඒ තණකොළවල ජීවය යන්තමින් සංවේදනය කරගත්තේ කල්පනාකාරී විදියට.....

" සනෝශ්... " අරවින්ද් කතා කළේ සනෝශ් ඉක්මනට එතනට දුවන් එද්දි... එයා තණ කොළ ඉගිකළේ සනෝශ් අත බිමට තියලා පහත් වෙද්දි.... අරවින්ද්ට අල්ලගන්න බැරි උන තණකොළවලින් එන සංවේදනයන් සනෝශ් ඉක්මනින්ම අල්ලගත්තේ එයාගේ නිල් පාට වුන ඇස් දෙක පියාගෙන.....

" මේවා මැරෙන්න අරන් වැඩි දවසක් නැහැ... කවුරුහරි නිතර ඇවිත් තියෙනවා තමයි... " සනෝශ් කන්ෆර්ම් කළේ අරවින්ද් ආයේ නිශ්ශබ්ද වෙද්දි.. ඇත්ත කතාව මිනිහත් දැන් ඉන්නේ කිසි දෙයක් හිතාගන්න බැරුව.....එයාට කලින් සීයට දෙසීයක සැකයක් තිබ්බ මෙතුල වේඝර්ණාරච්චි හංගලා ඉදියේ මෙතන කියලා... මේ අවුල් වෙලා තියෙන පරණ ගෙවල් ඒකට හොදම සාක්ෂිය... එක අතකට ගවීෂ් ඉදිය නම් සෙන්ස් එකෙන් අදුරගන්නවා....

" අරූ ඊයේත් වේඝර්ණ විලේජ් එක අනිත් පැත්ත ගැහුවාලුනේ... ? " අරවින්ද් ප්‍රශ්නයක් ගානට දාලා ඇහුවට අනිත් කොල්ලෝ තුන් දෙනාම අරවින්ද් දිහාවට හැරුනේ ඌ ඒක දන්නේ කොහොමද ගානට.....

" සුදු මාමව හොයන්නද ? " මියුන් ඇහුවේ අරවින්ද් උත්තර නොදී කට ඇද කරද්දි..... අරවින්ද් උත්තර නොදීපු එකට තද උන මියුන් අරවින්ද්ව බැලන්ස් නැති වෙලා වැටෙන විදියට ඇගේ වැදීගෙනම එයාව පාස් කළෙ අරවින්ද් සාප කරපු එක නෑහුන ගානට...

" මට හිතෙන්නේ එයාලා ගවීෂ් අය්යාව නම්මගන්නේ මෙතුල මාමාව ඇපේට තියන් ..  ඒක නිසා මොන දේ උනත් මෙතුල මාමව පණ පිටින් තියනවා... මොකද  ඉස්සරහට නම්මගන්නත් එපැයි..... "

" ඔව් , ඒත් අරුට ඒක තේරෙන්නෙ නැනෙ... මගේ උන් ඒම නෑ යැයි යැයි... " අරවින්ද් තාලෙට කිව්වේ මෙතන අදාළ එකා නැති නිසා මියුන් දිහාවට කට ඇද කරලා....

" ඉතින් අනී ඔයාත් කියන්නේ මෙවීනා අක්කා ඒම නැ කියලා ? " තනෝශ් ආපස්සට ඇහුවේ සනෝශ් ඒ පරක්කුවට ඇනපු ටොක්කට ඔළුව බදාගෙන..... ඊයේ පෙරේද මැන්ශන් එකේ ගිය දඩාරවලිය ගැන අදහස් ප්‍රකාශ කළත් වැරදිනේ...

" මං වැරදි දෙයක්ද කිව්වේ ලොකු බූරුවො ? " තනොශ් ඇහුවේ ගෙඩි ගැහිලද බලන්න ඇස් දෙක උඩ යවලා එයාගෙම ඔළුව අතගාගන්න අතරේ....

" උබ දැන් කාගේ පැත්තෙද ? " අරවින්ද් සැර කරලා ඇහුවේ තනෝශ් උත්තර නොදී සනෝශ්ගේ පිටුපස්සට මුවාවෙද්දි....

" ටීම් ගවිස්ය්යා......"

" මොකක්ද යකො කියන්නේ ? " අරවින්ද් නැට්ට පාගගෙන නැගිට්ටේ තනෝශ් තව සනෝශ්ගේ පිටිපස්සට වෙද්දි....

" ලොකු බූරුවා කැමති ගවීසය්යට.... ඉතින් මාත් ඒම... " තනෝශ් ඔහේ පාවලා දුන්නේ සනෝශ් රවාගෙන එය දිහාවට හැරුන විදියට කට පියාගෙන...

" හය්යය්යොව්ව්.... මට කියවුනානේ.... ඒම නැ අරවින්ද් අය්යට තමා කැමති.....හෙහෙ...අනේ..... බුදු අම්මො මෙන්න ගහනෝ.......ඕඕඔ....  "තනෝශ් කැගැහුවේ සනෝශ්ගෙන් පස්ස පැලෙන්න කන්න වෙන එකෙන් බේරෙන්න මියුන්ව හොයාගෙන දුවන ගමන්...... මියුන් අය්යා විතරනේ ටීම් ගවිස් කිව්වම ගහන්නැති කෙනා මෙතන.....

" අර දැක්කද මියුන් අය්යේ ? හරිම නරකයි... මට ගහනවා අප්පා.... ! " මියුන්ගේ පිටිපස්සට රිංගගත්ත තනෝශ් කිව්වේ චූදිතයෝ දෙන්නට ඇගිල්ලයි දිවයි දික් කරලා.....ඒත් මේ සැරේ මියුන් අය්යත් එයාව සත පහකට ගණන් ගත්තේ නැ කියල තේරුන තනෝශ් කරබාගෙනම ආයේ සනෝශ් ගාවට ගියේ එයාගේන් පස්ස රත් වෙන්නම පාරක් කන්න හිත හදාගෙන....

" මෙතන ඉදලා තියේ නම් කවුද එයාව මෙතනින් අයින් කරගත්තේ ? " අරවින්ද් ඇහුවේ තාමත් කල්පනාවට වැටිලා ඉදපු මියුන්ගෙන්.. එයා මේම නිශ්ශබ්ද වෙන්නේ මොනා හරි ලොකු දෙයක් ඔළුවේ වැඩ කරනකොට වව අරවින්ද් දන්නව.. ඒත් ඒක කන්ෆර්ම් වෙනකන් මියුන් ඒ ගැන වචනයක්වත් නොකියන බවත් අරවින්ද් දන්නවා....

"  පාළුවට ගියපු තැන් බලලා වැඩක් නැ.......  " මියුන් ඒ සැරේ නම් නිහඩතාවේ බිදලා උත්තර දුන්නේ අරවින්ද් ඌ ඉතිරි ටික කියනකන් බලන් ඉද්දි....

" එහෙනම් අනිත් පැත්තේ ඉදන් හොයනවද ? " මියුන් නිශ්ශබ්ද වුන තැන අරවින්ද් ඇහුවේ මියුන් එක පාරක් විතරක් ඔළුව වනද්දි....

" මටත් හිතෙනවා.. "සනෝශ් කන්ෆර්ම් කළේ එයාගේ බ්ලැක් පිස් කෙන් මූණ කවර් කරගෙන....

ආශාක්‍යසිංහ කොල්ලො හතර දෙනාගෙම, කොටින්ම එන්ගේජ්මන්ට් එක ඉන් අනිද්දට තියෙන අරවින්ද්ගේ පවා දවස් දෙකක් තිස්සේ ප්‍රථම රාජකාරීය වෙලා තියෙන්නෙ මේක..... ඒත් ආශාක්‍යසිංහ විලේජ් එකෙනුත් මෙතුල වේඝර්ණාරච්චි ගැන සලකුණු හොයාගන්න එයාලට තාමත් පුළුවන් වුනේ නැ.... සමහරවිට එයාලා තවත් නොසන්සුන් වෙන්නෙම ඒක නිසා කිව්වට වැරදි නැහැ.....

අනිත් පැත්තෙන් ගවීෂ් ඉන්නේ තවමත් පැකිළීමෙන්.... ඉර මුදුන් වීගෙන ආවත් එයාට තවමත් ඩ්‍රොප් සෝන් එකට තියන අඩියක් ගානෙ පැටළෙනවා වගේ ... තෝරගන්න විදියක් තිබ්බ නම් එයා කොහෙත්ම මේක කරන එකක් නැහැ....

ඩ්‍රොප් සෝ්න් එකත් බ්‍රින්ධව් කන්දට තිබුන කැලැවත් මායිම් කරගෙන තිබ්බ එළිමහන් පාළු නිසරු බිමේ ගවීෂ් නැවතුනේ එයාගේ මූණ කවර් කරන් ඉදපු බ්ලැක් පීස් එක පහළට දාන අතරේ... ඊයෙයි පෙරේදයි සම්පූර්ණ බර්ඩ්‍රේන් යොරෙල් ගම්මාන , එයාලගේ හැම ඩන්ජන් එකක්ම පීරලත් තවමත් කොල්ලට බැරි වුනා සුදු මාමාගේ කෙස් ගහක විස්තරයක් හොයාගන්න... හිතුව තරම් මේක ලේසි නැති බව ගවීෂ් දැනටම තේරුම් අරගෙන ඉවරයි.. ඒ වගේම ජිවිතේ පළවෙනි වතාවට අතිශය නින්දිත විදියට ප්‍රිවිරුට දිපු බැට්ල් ප්‍රොමිස් එක කඩන්නත් ගවීෂ් තිරණය කරලා ඉවරයි. ඇත්තටම ගවිෂ් මේ එළියට ආවේ එයා ගිවප් කරන බව කන්ෆර්ම් කරන්න....සමහර විට ප්‍රිවිරුව හංගලා තියාගන්න පුළුවන් වෙයි . අඩුම සහය පෙළ බර්ඩ්‍රේන් විලේජ් එකේවත්.. ඒ දවස් තුනේ කොහොමහරි සුදුමාමාව රිලිස් කරගන්න බවට කොල්ලගේ හිතේ කොහොමටත් තියෙන්නේ ටිකක් තද විශ්වාසයක්.. අනිත් අතට මේ වගේ දෙයක් නිසා ප්‍රිවිරුට මොනවා හරි කරලා මෙච්චර කල් ළගින් ඉදපු කෙල්ලගේ හිත බිදිනවා වගේ රිස්ක් එකක් ගන්නත් ගවීෂ් කොහෙත්ම ලැස්ති නැහැ.... ඒ කෙල්ලගේ හිත හය්ය කරන්නම දවස් තුනක් ගිය බව කොල්ලට අමතක නැ...

අරවින්ද්ට කේනාල් ආශාක්‍යසිංහව මරන්න සිද්ධ වුනාට පස්සේ එයාගේ ධාහන්රා එක පවා බිදෙන විදියට එයා දුර්වල උන බව ගවීෂ් දන්නව.. ගවීෂ් හොදටම දැකලා තියෙන අරවින්ද්ට තවමත් තියෙන ලොකුම පසුතැවිම , කම්පනය ඒක.. ඒ කොල්ලා එහෙම් පිටින්ම විදවන්න හේතුවත් ඒක.. එයා මුල් දවසේම ප්‍රිවිරු ගැන එයාට වෝන් කළ විදිය ගවීෂ්ට අමතක නැහැ. ඇත්තටම ප්‍රිවිරුව කාලා බලලා නැතත් , ඌ ටිකක් වෙනස් චරිතයක් බව ගවීෂ් දන්නවා..  

ඒක අතකට ඩ්‍රොප් සෝන් එකේ බැට්ල් ෆීල්ඩ් එක හරි අමුතු තැනක්.. හරියට ජිවයක්වත් නැති පාළු මුඩු බිමක් උනාට ගොඩක් බැදිම්වලට ජිවය ලැබුනේ මෙතනින්නේ.. දැන් සැහෙන වෙලාවක ඉදලා බැට්ල් ෆීල්ඩ් එක හිස් වෙලා තිබ්බ නිසාම ගවීෂ් , ආයේ සාක්කුවට අත ඔබන් අතුරු විදි පැත්තට හැරුනේ කල්පනාවෙන්.. එක්කො ප්‍රිවිරු පොල්ල තිබ්බ ද ? 

ඒක වඩා ලේසියි.. මේ වෙලාවේ එයාගේ ඔළුව කිසිම ෆයිට් එකකට ලැස්ති නැති බව ගවීෂ් දන්නවා.. එයා මේ වෙද්දි සුදු මාමා හොයාගෙන තිබ්බා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව පැරදෙන්න හරි ෆයිට් කරන්න තිබ්බා.. ඒත් සුදු මාමා කොහේද කියන ප්‍රශ්නේ මේ ලෝකේ ජිවත් කරවලා මැරෙන්න කොල්ලට කිසිම උවමනාවක් නැහැ.. අහ් !! සේරටම වඩා ආඝර්වාක්ෂිසාපයක් තියෙනවානේ දරුණුවටම... ඒක සිරාවට වැඩ කරන එකක්ද මන්දා මියුන් ඇස් බෝල් කරලා බලන විදිය නිතරම ඔළුවට එන්නේ.. පිස්සු කෝලම!!ගවීෂ්ට ලා හිනාවක් ගියේ ඉබේම වගේ.. ඒත් හදිසියේ එයාගේ කනට අහුවුන සියුම් සද්ද එක්ක ගවීෂ් ඉක්මනින්ම පිටිපස්ස හැරුනේ සැහෙන වේගෙකින්..

'' ගවීෂ් අය්යේ !!''

අඩන්න ඔන්න මෙන්න ඉදපු වාශිත්ගේ කටහඩ ගවීෂ්ව බය කලේ වෙන මුකුත් නිසා නෙවේ , වාශිත්ගේ බෙල්ලට තද වෙලා තිබ්බ හීනි කිණිස්ස නිසා.. වාශිත්ව තදින් අල්ලගෙන ඉදිය ප්‍රිවිරු දිහා බලපු ගවීෂ් කිසිම කලබලයක් පෙන්නන්නේ නැතුව අත් සාක්කුවෙන් එළියට ගත්තේ එයාගේ බලජාන ක්‍රියාත්මක කරගන්න පරක්කුවට.. බයක්වත් , කලබලයක්වත් ගැවිලා නැති ගවීෂ්ගේ ඇස් දෙක නිසාම වාශිත් ඉක්මනින්ම සන්සුන් උනේ ගවීෂ්ගේ සිග්නල් එකට... එක අතකට ගවීෂ් අය්යා එයාව බේරගන්න බව පොඩි එකා දන්නවා....

'' සීමාව පන්නගන්න එපා ප්‍රිවිරු ! " ගවීෂ් තදින් කිව්වේ , පැහැදිලි අනතුරු ඇගවීමක් විදියට... ඒ කටහඩේ කොහොමටවත් තිබ්බේ විහිළුවක් නම් නෙවේ..... ප්‍රිවිරු , ආශදීට වගේම වාශිත්ට ක්ලෝස් බව ගවීෂ් දන්නවා...ඒ වෙලත් ඒ දෙන්නවම පාවිච්චි කරන එක ගැන ගවීෂ්ගේ හිතේ තියෙන්නෙ මරන්න තරම් කේන්තියක්.....

" මම පන්නනව නම් මොකද ගවීෂ් අය්යේ ? කොහොමටත් මාව මරනවා නම්... ? " ප්‍රිවිරු කැගැහුවේ ගවීෂ් ඒත් සන්සුන්ව බලන් ඉද්දි.....

" දැන් නම් ඒකට මට සැහෙන හේතු ගොඩ ගැහෙනවා ප්‍රිවිරු !! " ගවීෂ් උත්තර දුන්නේ වටේ තරංග සීල් කරන අතරේ.... එක ඇසිල්ලකින් පරිසරයත් එක්ක තිබ්බ හැම සම්බන්ධයක්ම බිදිලා යද්දි , ගවීෂ්ගේ ශක්තිය තේරුම් ගත්ත ප්‍රිවිරු ගවීෂ්ගෙන් අඩියක් පස්සට තිබ්බේ වාශිත්ගේ බෙල්ලට කිණිස්ස තද කරන ගමන්...

" මම උබට එළියට යන්න විදියක් හදලා දෙන්නම්... " ගවීෂ් කිව්වේ ප්‍රිවිරු ඒත් විශ්වාස කරන්න බැරි ගානට බලන් ඉද්දි....

" මම එළියට යනවද නැද්ද කියලා ඔයා තීරණේ කරන්නේ කොහොමද ? ! " ප්‍රිවිරු ආපස්සට ඇහුවේ ගවීෂ් තව අඩියක් ඉස්සරහට තියද්දි.. එක අතකට ගවීෂ් කලබල නොවෙන්න හේතුව ප්‍රිවිරු වාශිත්ට මුකුත් නොකරන බවට තියෙන අධිවිශ්වාසේ....ඒත් කොල්ලගේ හිතේ තිගැස්මක් නැතුව නෙවේ...

" උබ හිතුවද කෙල්ලවයි කොල්ලවයි ඇපේට තියාගත්තම මම උබව අතාරිවි කියලා ? සර්පයොන්ව වැදගත් විදියට මරන්නැ ප්‍රිවිරු !! ,එක පාරක් අහුවුනා කියන්නේ මැරෙනකන් පොල්ලෙන් ගහනවා මිසක්.... " ගවීෂ් පැහැදිලි හඩින් එයාගේ දෙවෙනි අනතුරු ඇගවීම කළේ වාශිත්ව ළගට ඉල්ලන අතරේ.....  ඒත් ප්‍රිවිරු වාශිත්ගේ බෙල්ලට කිණිස්ස තද කළේ ගවීෂ්ව කලබල කරන තරම් ආවේගෙකින්.....

" දන්නවා !! උබ නෙවේ නම් උබලගේ කවුරුම හරි මාව මරනවා !!!! "

" මම කිව්වා උබව එළියට යවන්නම් කියලා... "

"ඒක තීරණය කරන්න උබ කවුද ?? අපේ ජිවිතවලත් ප්‍රධාන චරිතේ උබලා වෙන එක හරිද ?"

" නිකන් ඔළු හෝදගන්න එපා , උබටත් මේක ඇති වෙලා නම් තියෙන්නේ... ඉස්සෙල්ලා කොල්ලව අතැරපන් !!...."  ගවීෂ් ප්‍රිවිරුට උත්තර දුන්නේ අඩු නොවුන කේන්තියෙන්....වාශිත් කොච්චර බය උනත් ගවීෂ් ගැන තියන විශ්වාසෙටම කොල්ලාගෙන් කිසිම බයක් පේන්නවත් නැ ... දෙය්යනේ ගවීෂ් පොඩි එකාට මුකුත් වෙන්න දෙන්න නම් එපා.... !!

" මට කොල්ලාව දීලා ඕනේ මගුලක් කරපන් ප්‍රිවිරු !!"

" මම ජීවත් වෙන්න නං උබ මැරෙන්නම ඕනේ !! "  ප්‍රිවිරු කැගැහුවේ ගවීෂ් අත මිට මොළව ගනිද්දි....

" ප්‍රිවිරු අය්යේ.... " වාශිත්නුත් ඔළුව ඉස්සුවේ ප්‍රිවිරුව සන්සුන් කරගන්න.... ප්‍රිවිරුගේ ඇස් දිහා කෙලින් බලාගෙන ඉදපු ගවීෂ් එයාට හිතාගන්න බැරි තරම් වේගෙකින් ප්‍රිවිරුගේ කිණිස්ස තිබ්බ අත තද කරලා අල්ලගත්තේ ගවීෂ්ට ඉක්මනින්ම ඇජස්ට් උන වාශිත් ප්‍රිවිරුගේ අත අස්සෙන් එළියට පනිද්දි.... එතනින් නැවතුනේ නැති පොඩි එකා ප්‍රිවිරු ගවීෂ්ට ඇටෑක් කරන්න හදපු අතත් පිටිපස්සට කරලා අල්ලගත්තේ ප්‍රිවිරුට හෙළවෙන්න බැරි විදියට....

" වාශිත් යන්න මැන්ශන් එකට !! " ගවීෂ් සැර කළේ වාශිත් පැකිළීමෙන් එහාට වෙද්දි......

" අනේ එපා ප්‍රිවිරු අය්යේ... " වාශිත් ආයේ කතා කළේ ගවීෂ් තාමත් ඉන්නේ පුපුරන කේන්තියෙන් බව දැන දැනමයි.... වාශිත් සේෆ් නිසාම ගවීෂ් පොඩි එකාව එහාට තල්ලු කළේ ඊළග තත්පරේ ප්‍රිවිරු සැහෙන වේගෙකින් ක්‍රියාත්මක කරපු බලජානවලින් ගවීෂ්ගේ ඕරා එකට බාධා කරද්දි... ඒ වගේ ඇසිල්ලකට අවධානේ වෙනස් උනාම ඇති සටනක් උනත් කණපිට ගැහෙන්න... ගවීෂ් සෙන්ස් එකට එන්න කලින්ම ප්‍රිවිරුගේ ශොට් එක එයාගේ ඔළුවට වැදුනේ ගවීෂ් සැහෙන අඩිගාණක් පස්සට වෙද්දි..... ඒ සැණින් එයාගේ ඔළුවට ආවේ එක දෙයයි... ප්‍රිවිරු එක්ක ෆයිට් එකක් ප්‍රිවිරුට අසාධාරණයි කියන්න බැරි තරම් කොල්ල පවර්ෆුල්... ගවීෂ් , ආයේ ඉස්සරහට ඇටෑක් කළේ ඒ පරක්කුවට......

සාමාන්‍ය සටන් නීතිවලට පිටින් යන විදියට ප්‍රිවිරුගේ අතේ තියන කිණිස්ස නොසලකා හරින්න තීරණය කරපු ගවීෂ් , ලොකු හුස්මක් ගත්තේ බලජානවල පාලනය එයාගේ අතට සම්පූර්ණයෙන් නතු කරගෙන.....  එතනින් එහාට තවත් සටන බේරන්න බැරි බව තේරුන වාශිත් ඉක්මනින්ම පැත්තකට උනේ, ගවීෂ්ගෙයි ප්‍රිවිරුගෙයි බල කවයන් එකිනෙක ගැටුන වේගෙට අතුරු වීදියේ සැහෙන තරමකට ඩැමේජ් ඇති වෙද්දි....... ප්‍රිවිරුගේ බෙල්ලෙන් අල්ලගෙන එයාව බැට්ල් ෆීල්ඩ් එක වෙනකන් තල්ලු කරගෙන ආව ගවීෂ් කොල්ලව බිමට අතඇරියේ කිසිම අනුකම්පාවක් නැතුව.......

එතන රතු පාටින් බල කවයන් දෙකේ ඕරා සැරින් සැරේට ගැටුනේ , එක විනාඩියක් ඇතුළත මාරාන්තික සටනක් නිර්මාණය කරලා... සටන ඉක්මනින්ම ඉවර වෙන්න ඕනේ සටනක් වුනත් ගවීෂ් පාරවල් මග අරින නිසාම සටන දිගට ඇදිලා ගියේ සෑහෙන දරුණු විදියට.... මාරුවෙන් මාරුවට ප්‍රිවිරුත් , ගවීෂ්නුත් ඇටෑක් කළේ ගවීෂ් පුළුවන් තරම් ශක්තිය එකතු කරගනිද්දි.... ප්‍රිවිරුගෙන් පපුවට එල්ලවුන පළවෙනි ස්ට්‍රයික්ස් දෙකෙන්ම එයාගේ ඕරා එක මොකකින් හරි බ්ලොක් කරන බව ගවීෂ් අදුරගෙන ඉවරයි ...  වෙනදා තරම් එයාට ධාරිතාවක් නැත්තේ මනස සන්සුන් නැති නිසාම වෙන්න ඕනේ.... ගවීෂ්ගේ පළවෙනි අරමුණ , ටිකකට කලින් එයාගෙ බාහුවේ කැපුමක් ඉතිරි කරපු  ප්‍රිවිරුගේ කිණිස්ස උදුරගන්න එක....  මොකද මේ විදියට තවත් , ශක්තිය අපතෙ යවලා අවදානමක් ගන්න කොල්ලට ඕනෙකමක් නෑ.....

සෑහෙන වේගෙකින් හුවමාරුවෙන ඉරියව් එක්ක සටන බැට්ල් ෆීල්ඩ් එකම අල්ලගත්තේ , ඒකේ මාරාන්තික බවයි බලයයි කල්තියාම දැක්කා යොරෙල්ස්ලා පවා සම්පූර්ණ පළාතෙන්ම අයින් වෙද්දි....නිසරු මුඩු බිමේ අගුරු වැලි ඇවිස්සිලා , දූවිලි අතරින්ම සටන ඇදිලා ගියේ තවත් දරුණු විදියට... ප්‍රිවිරුගේ මෙච්චර පවර් එකක් තිබ්බෙ නැහැ කියලා ගවීෂ් දන්නවා..... ඒත් එයා සටන් කරන්නේ ජිවිතේ වෙනුවෙන්... ඒම මනුස්සයෙක්ගේ පවර් එක කවදාවත් අවතක්සේරු කරන්න බැරි තරම් අසීමිතයි .....මනුස්සයෙක්ට ජීවත් වෙන්න තියෙන ආසාව එයාගේ උපරිම ශක්තිය බවත් ගවීෂ් දන්නවා....

එයාගේ විශේෂ හැකියාවන් පාවිච්චි නොකරම ප්‍රිවිරු එක්ක මේ විදියට හැප්පෙන එක ලේසි නැ කියල ගවීෂ් තේරුම් අරගත්තේ අතේ කැපුමත් අල්ලගෙන තත්පරයකට හිස් කොටේකට මුවා වෙන අතරේ.... ඩැම්න්..  මෙච්චර වෙලා තමන්ගේ ධාහන්රා එක වීක් වෙන්න හේතුව ගවීෂ්ගේ ඔළුවට මීටර් උනේ දැන්....ඒ බ්ලේඩ් එකේ මොනව හරි තියෙනවා ඕරා එක වීක් කරන.... ඒක ෆිසිකල් විදියකට වඩා අදුරු මතකවලින් ඔළුව පුරවලා එයාගේ ධාහන්රා එක දුර්වල කරන විදියේ විෂක්...  එදා අරවින්දගේ ඉණේ ඇමිණිලා තිබ්බ කිණිස්ස වගේ !!!! මේවත්--- මේවත් තහනම් විෂනේ ????  ශාරීරිකව බලපෑමක් නැති මනසත් අධ්‍යාත්මයත් විෂෙන් පුරවන මේ විෂ ගැන ගවීෂ්ගේ ඔළුවේ පිරුනේ දරාගන්න බැරි සීතල අදහසක්.... බැරි වෙලාවත් ----- ?

එයාගේ ධාහන්රා එක එන්න එන්නම වීක් වීගෙන එන හේතුව අදුරගත්ත ගවීෂ් හුස්ම ගන්නවත් වෙලාවක් නොගෙන ආයේ ප්‍රිවිරු දිහාවට කඩන් පැන්නේ ඒ සැරේ නම් ප්‍රිවිරුව බිමටම ඇදලා දාන ගමන්... ප්‍රිවිරු දත් මිටි කාගෙනම ගවීෂ්ව පෙරළගත්තේ  ගවීෂ්ගේ ධාහන්රා එක පළවෙනි පාරට දෙදරන තරම් පන්ච් එකක් පපුවට දීලා.... මේක තවදුරටත් නිකන් ඩොන්ට් කෙයා මට්ටමට දාපු ෆයිට් එකක් ගාණට ගන්න බැරි බව ගවීෂ් දන්නවා.. එයා ප්‍රිවිරුගේ බෙල්ලෙන් අල්ලගත්තේ සැහෙන කේන්තියකින් වගේම එක තත්පරෙන් එයාගේ ධාහන්රා එක ආයේ රිකවර් කරගෙන.... එයාගේ කවදාවත් බිදිලා නැති ධාහන්රා එක දෙදරපු විදියම ඇති ගවීෂ්ගේ කන්ෆිඩන්ස් එක සැහෙන පල්ලමකට වැටෙන්න....

ඇත්තටම නොවුනත්, මනසින් මවන දිගින් දිගටම පිට මැද්දෑවට දැනෙන කසපාරවල්වල වේදනාව එයාගේ ධාහන්රා එක දුර්වල කරන බව ගවීෂ් දන්නවා...  ඇස් නිලංකාර කරගෙන බිමට අතඇරුන ජේන් අයර් පොත..... පොතේ පිටු උඩ රතු පාටින් පාරවල් පැල්ලම් තිබ්බ පුංචි අත්.... සෙප්ටිමුස් ලතින් නවල් එකේ ඉරුණු පොත් පිටු අස්සේ වේලුන මල්.... ගවීෂ් ඇස් දෙක තද කරගෙන ආයේ ප්‍රිවිරුව එහාට තල්ලු කළේ ආයේ ධාහන්රා එකට මුළු අවධානෙම දීලා... ඔව් !! ඒ මනවිෂ තමයි....මේ ඩ්‍රග් එක ගැන අහලා තිබ්බට පළවෙනි වතාවට තමයි ඒකේ බලපෑම ගවීෂ් මේ එක්ස්පිරියන්ස් කරන්නේ....

ප්‍රිවිරුට හිතාගන්න බැරි තරමේ පවර් එකකින් ගවීෂ් ආපස්සට ඇටෑක් කළේ ඒ සැරේ ප්‍රිවිරුගේ ධාහන්රා එක බිදිලා ගිහින් ප්‍රිවිරු බිමට වැටෙද්දි.... ගවීෂ් අගුරු වැලි ගසලා දාන ගමන් නැගිට්ටේ ප්‍රිවිරුගේ රතු පාට ටිකෙන් ටික අඩුවෙන ඇස් දෙක දිහා බලාගෙන.... එයාගේ ඇටෑක් එක ප්‍රිවිරුට සැහෙන තරමක ඉන්ටනල් ඩැමේජ් එකක් කළ බව ගවීෂ් දන්නවා... ප්‍රිවිරු නැගිටින්න හැදුවත් ගවීෂ් ඊට කළින් කකුලෙන්ම කොල්ලව පොළවට තියලා හිර කළේ කිසිම අනුකම්පාවක් නැතුව ... ඒ පරක්කුවට සිතිවිලි පෙරලගෙන මතුවුන , එයාගෙ පපුවට උඩින් තද උන සීයාගේ සපත්තුව හුස්ම හිර කරපු හැගිම නිසාම ගවීෂ් එතනම බිමින් වාඩි උනේ ප්‍රිවිරුගේ කටින් හිනාවක් පනිද්දි..... ගවීෂ් කේන්තියෙන් උගේ කොණ්ඩෙන් අල්ලලා කෙලින් කරගත්තේ ප්‍රිවිරුට තවදුරටත් ආපස්සට ඇටෑක් කරගන්න බැරි බව මතක් කරලා දෙන්න....ඔව් ,මනවිෂ එක්කම උනත් ගවීෂ් ප්‍රිවිරුට සැහෙන ප්‍රමාණෙකින් ඩැමේජ් එකක් දීලා ඉවරයි  .....

"  මොකක්ද ප්‍රතිවිෂ ? " ගවීෂ් තදින් ඇහුවේ ප්‍රිවිරුගේ කොණ්ඩෙන් අල්ලගෙන බෙල්ල උඩට හරවගෙන.... ප්‍රිවිරු ඒත් හිනා උනේ ගවීෂ්ගේ මූණටම....

" හහ්හා.... වේඝර්ණ උරුමය !!!  උබේ තව ගන්න දෙයක් නැ.... " ප්‍රිවිරු වියරු හිනාවක් එක්ක මිමිණුවේ ගවීෂ් දිහා එයාගේ රතු පාට ඇස් කෙලින් එල්ල කරගෙන.... ප්‍රිවිරුගේ වචනවලින් කියවුනේ මොකක්ද කියන්න ගවීෂ් හොදටම දන්නවා.....

" ප්‍රිවිරු !! " ගවීෂ් දත්මිටි කාගෙනම මිමිණුවේ කොල්ලව බිමට අතාරින අතරේ... මේ විදියට එයාගේ සිතිවිලි දිගටම දුර්වල උනොත් අරවින්ද්ගේ වගේම තත්වෙකට එයාගේ පවර්ෆුල් ධාහන්රා එක කඩන් වැටෙන බව ගවීෂ් දන්නවා...සමහර විට ඊටත් වඩා... අවුරුදු ගාණක් දුක් වින්දේ මේකට නෙවේ ගවීෂ් !! ගවීෂ් ආයේ ඇස් පියාගත්තේ මෙච්චර කල් හොදට පාලනය කරන් ඉදපු අදුරු සිතිවිලි එයාගේ ඔළුව වියවුල් ජාලයක් කරද්දි.. වෙනදා තත්පර ගාණකින් ධාහන්රා එක ඇක්ටිව් කරගන්න ගවීෂ් , මේ සැරේ එයාගේ ඇස් ඉස්සරහා මැවුන ඩන්ජන් එකේ සීතල බිත්ති මග අරින්න ඇස් ඇරියේ සැහෙන ඉක්මනින්.... ප්‍රිවිරු සැනසීමෙන් හුස්මක් හෙලපු සද්දේ ගවීෂ්ට නෑහුනාම නෙවේ....

" සමහර දේවල් මනසට ගියාම ඒවට ප්‍රතිවිෂ නැ.......... මාස්ට ගවීෂ් ... " ප්‍රිවිරු උත්තර දුන්නේ සැනසීමෙන් හිනාවෙන අතරේ... එයා සාර්ථකයි...මූ මෙතන මැරුනත් සැලකිය යුතු කාලෙකට එයා ගවීෂ්ගේ ධාහන්රා එක අඩපණ කරලා ඉවරයි ... නිකන් නෙවේ ඕනෙම කාලෙකදි....  කොහොමටවත් මේ වගේ තත්වෙකින් ආයේ ධාහන්රා එකක් කරන්න තරම් ගවීෂ් නිර්භීත නැ... ධාහන්රා එකක්දී පිරෙන අදුරු සිතිවිලි එයාට පාලනය කරගන්න බැරි උනොත් අරවින්ද්ට උනා වගේ එයාගේ අධ්‍යාත්මය ඩැමේජ් වෙන්න යන්නේ බොහොම පොඩි වෙලාවයි.... සරලම වචනවලින් කිව්වොත්, විශේෂ හැකියා නැත්තන් එයා දැන් පවර්ලස්.!!!

ගවීෂ් අත මිට මොළව ගත්තේ එයාට දැනෙන වේදනාව පාලනය කරගන්න... අවුරුදු ගාණක් ධාහන්රා එක ප්‍රැක්ටිස් කරන්න මෙච්චර දුක් වින්දේ දවසක තමන්ගේ එවුන්ව පරිස්සම් කරගන්න... ඒත් දැන් උට ඌවම පරිස්සම් කරගන්න අමාරු බව ගවීෂ් දන්නවා.... හිතට දැනෙන්නේ එසේ මෙසේ අසරණකමක් නෙවේ...!!!

" කවුද උබට ඕඩර් එක දුන්නේ ? ඉසිවර මාමාද !!! " ගවීෂ් කේන්තියෙන් ඇහුවේ ප්‍රිවිරුගේ බෙල්ලෙන් අල්ලන ගමන්....

" උබ ඒක ඉල්ලන් කෑවේ ගවීෂ් අය්යේ.. !! " ප්‍රිවිරු මිමිණුවේ ගවීෂ්ගේ අතින් ආපස්සට අල්ලගෙන.... කොල්ලගෙ අත වෙව්ලනවා... ගවීෂ් ඌව අතැරියෙ ප්‍රිවිරු ආයේ පොළොවට කඩන් වැටෙද්දි....

" ඉල්ලන් කෑවේ..... " ප්‍රිවිරු ආයේ හෙමින් මිමිණුවේ ගවීෂ් මුකුත් කියන්නැතුව බලන් ඉද්දි.... ප්‍රිවිරු එයාට නුදුරක තිබ්බ කිණිස්ස ගවීෂ්ගේ අතේ තිබ්බේ කිසිම පැකිළීමක් නැතුව....

" මරන්න ! "  ප්‍රිවිරු මිමිණුවේ ගවීෂ්ගේ අතින් අල්ලගෙන..... ගවීෂ් කිණිස්ස අතේ තද කරගත්තේ සෑහෙන ආවේගෙකින්... 

" ප්‍රතිවිෂ කියපන් !! " ගවීෂ් තදින් ඇහුවේ තාමත් අඩුනොවුන බලාපොරොත්තුවෙන් .....  මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ !! ඒම නැති වෙන්න බෑ.. ආයේ කාලය අරන් ප්‍රැක්ටිස් කරන්න තරම් දුර්වල වෙන්න බැ... මේ වෙලාවෙ කාලය කියන දේ කොහෙත්ම බෑ !!!! විශේෂ හැකියා විතරක් තියාගෙන කාත් එක්ක කියලා නම් හැප්පෙන්නද !!!

" එයා තනියම නෙවේ... " ප්‍රිවිරු මිමිණුවේ ජිවිතේ ගැන අන්තිම බලාපොරොත්තුව අතඇරලා....

" කවුද ?? " ගවීෂ් ඇහුවේ ප්‍රිවිරු මුකුත්ම නොකිය ඔළුව අහකට හරවද්දි ... ඔව්....ඉසිවර මාමාට විමල් ආශාක්‍යසිංහ එක්ක ගනුදෙනුවක් තියෙන බව ගවීෂ් නොදන්නව නෙවේ.....

" එදා වාශිත් රෙකෝඩ් කළේ එතකොට - " ගවීෂ් හදිසියේම ඇහුවේ ප්‍රිවිරුගේ මූණ එයා දිහාවට හරවගෙන.... වාශිත් ඉන්න ඇත්තේ එතකොට ප්‍රිවිරු එක්ක !!! ප්‍රිවිරු ඒක එක්ස්පෝස් වෙන්න දුන්නේ හිතලමද ?

" ඔයා ඒක ගණන් ගත්තේ නැ ගවීෂ් අය්යේ...උබ ඉල්ලගෙනයි කෑවෙ.... " ප්‍රිවිරු ආයෙ කිව්වේ බලාපොරොත්තුවක් නැති ගානට..... ශෙට් !! ගවීෂ් කේන්තියෙන් අගුරු වැලි පොළොවට අත මිටවලා පාරක් ගැහුවේ තමන් ගැනම කේන්තියෙන්..... ඉසිවර !!! ඉසිවර !!

" ප්‍රතිවිෂක් තියෙන්න ඕනේ !! නේද ප්‍රිවිරු ? " ගවීෂ් ආයේ ඇහුවේ ප්‍රිවිරු ඇස් දෙක පියාගෙන නෑ කියන්න ඔළුව වනද්දි....

" මට කරන්න දෙයක් තිබ්බේ නැ... " ප්‍රිවිරු මිමිණුවේ කිසිම බලාපොරොත්තුවකින් නෙවේ..... ගවීෂ් නිශ්ශබ්ද උනේ හ්ම් සද්දයක් නැතුව... එයාට ආයෙ බලන්න ඕන එයාට ධාහන්රා එක ඇක්ටිව් කරන්න ඇත්තටම බැරිද කියලා... ඒත් , මේ වෙලාවේ ඒම බැරි උනොත් හිත ඇත්ත පිළිගන්න ලැස්ති නැති බව ගවීෂ් දන්නවා.....

" ඒ දරුවා මගේ නෙද ? " ප්‍රිවිරු හදිසියේම ඇහුවේ ගවීෂ් ආයේ උගේ ඇස් මග අරිද්දි.... එයාගේත් ධාහන්රා එක බිදුන නිසා ප්‍රිවිරු දුර්වලයි.... ඒත් කොල්ලා ඒ ප්‍රශ්නේ ඇහුවේ ඇත්තටම බව ගවීෂ්ට පේනවා..

" දරුවා මගේ නෙවෙයිද ? " ගවීෂ් නිශ්ශබ්ද උන නිසා ප්‍රිවිරු ආයේ ඇහුවේ බලාපොරොත්තුවෙන්.....

" උබට සහය පෙළ මැන්ශන් එක සේෆ්ද ? " ගවීෂ් හරස් ප්‍රශ්නයක් ඇහුවේ එක විනාඩියකට සේරම අමතක කරලා..... මේ වෙලාවේ ප්‍රිවිරුව සීයාගෙන් හංගන එක තමයි අංක එක ගවීෂ් ..... ප්‍රිවිරු ඔළුව වැනුවේ ඔව් කියන්න.....

" අම්මා විතරයි .... "

" ඩන්ජන් එකක් තියේනේ ? "

" හ්ම්.. " ප්‍රිවිරු මිමිණුවේ වේදනාව මැඩගෙන.....

" එහෙනම් එහෙට පලයන්.... " ගවීෂ් වෙනසක් නැතුව කිව්වේ ප්‍රිවිරු නළල රැලි කරද්දි....

" මම කිව්වා ප්‍රතිවිෂක් නෑ කියලා ? මාව තියන් ඉදලා ඒම බලාපොරොත්තු වෙනවා නම්---  " 

"  අන්න එතන තමයි ප්‍රිවිරු උබයි මායි වෙනස් වෙන තැන.. මිසක් මේ පිහියෙන්ම උබව නැති වෙන්න කපන එක මට මහ වැඩක් නෙවේ... "  ගවීෂ් මිමිණුවේ පිහි තලය ප්‍රිවිරුට ළං කරලා.....

" ගවීෂ් අය්යේ !! " යාර කිහිපයක් ඈතින් විලාපයක් ගානටම ඇහුන ආශදීගේ කට හඩ එක පාරින් අදුරගත්ත ගවීෂ් කිණිස්ස එහාට ගත්තේ එක තත්පරෙන්.... ආශදි විතරක් නෙවේ වාශිත් යොවන්දි පවා දුවගෙන ආවේ සැහෙන කලබලේකින්.....

" ප්‍රිවිරු ...!! "කෙල්ල කෙලින්ම ප්‍රිවිරු ගාවින් දණ ගහගත්තේ ගවීෂ් කිණිස්ස සාක්කුවේ ඔබාගෙන නැගිටිද්දි.... වෙන්න ඉතිරි කිසිම දේක හොදක් නම් ගවීෂ්ට දැනෙන්නෙ නැති තරම්....

" ගවීෂ් අය්යේ !! ඔයා පොරොන්දු වුනා එයාට මුකුත් කරන්නෑ කියලා... !! " ආශදී කැගැහුවේ ඇස්වල කදුළු පුරවගෙන.... ප්‍රිවිරු කෙල්ලගේ අතින් අල්ලගන්නවා ගවීෂ් බලාගෙන.. ප්‍රිවිරු දුර්වල විදියට ඔළුව දෙපැත්තට වැනුවේ එහෙම නැහැ කියන්න.....

" ඔයා බොරුවට එයාව බේරන්න හදන්න එපා... !! " ආශදි ප්‍රිවිරුටත් කඩන් පැන්නේ ගවීෂ් , කොහෙත්ම බලාපොරොත්තු නොවුන විදියට.... ඒක , ....... !! පපුව හිර වෙන හැගීමට අත මිට මොළවගත්තේ මූණෙන් කිසිම වෙනසක් නැතුව....එක අතකට ප්‍රිවිරු බාගෙට මැරිලා වගේ ඉද්දි කෙල්ල දැන් කිව්වට විශ්වාස කරයිද ප්‍රිවිරු වාශිත්ව ඇපේට ගත්ත බව... වේඝර්ණ කෙල්ලො !! ඉන්න දෙන්නම ආදරේදි හරි බොළදයි ගවීෂ් .... ආදරේ ඉස්සරහා ලේ බැදීම් පවා දෙවෙනි තැනට දාන එක ඉස්සර ඉදන් වේඝර්ණ කෙල්ලොන්ගෙ විදියද ? එතකොට කෙල්ලගේ ආදරේනේ හිතලා ආඩම්බරෙන් හිනා වෙන්නද , අය්යට වඩා ආදරේ ලොකු උන එකට ප්‍රිවිරුට රවන්නද හිතාගන්න බැරිව ගවීෂ් නිශ්ශබ්ද උනේ කෙල්ලගේ ඇස්වල මතුවෙන කදුළුවලට.. මේකි ප්‍රිවිරුට මෙච්චර ආදරේ බව ගවීෂ්ට පේන්නෙ දැන්.....

" ඇයි ගවීෂ් අය්යෙ මේම ? අය්යා නැති වෙන්න කලින් අන්තිමට ඔයාගෙන් බලාපොරොත්තු උනේ මේක නෙවේනේ නේද ? " ප්‍රිවිරු අතින් අල්ලගත්තට ආශදී ගවීෂ්ට කැගැහුවේ ඇස්වල කදුළු පුරවගෙන....

" අක්කා.....??????  " වාශිත් ගැස්සුනේ ආශදීගේ වචනවලට.... ඔව්.. කොල්ලා තාම දන්නේ නෑ යුවනිදු ගැන.... ආශදී වචන මෙච්චර කල් යුවනිදුගෙන් කෝල් එකක් නැති වෙන්න හේතුව කොල්ලට පැහැදිලි කරලා දෙන්නැති.... යොවන්දි ඉකි ගැහුන පොඩි එකාව අත් දෙක අස්සට ගනිද්දි ගවීෂ් කෙලින්ම බලන් ඉදියේ ආශදීගේ කළකිරිම ලියවිලා තිබ්බ ඇස් දිහා.....

 යුවනිදු අය්යා..... ගවීෂ්ගේ ඔළුව ආයේ බර උනේ එයා පිටිපස්සට බර වෙද්දි.... විෂ..... එහෙනම් ඒක වැඩ කරන්නේ මේම..... එක නරක මතකයක අනන්ත පෑරුම් එක්ක.... යුවනිදු අය්යගේ අපාට්මන්ට් එකේ ලේ පිරිලා තිබ්බ විනාසේ ගවීෂ්ගේ ඔළුවට ඇවිත් ඉවරයි .... ජෙෂ්ගේ ලේවලින් පෙගිලා තිබ්බ අලුතින් ගත්ත බේබි කොට් එක..... ලේ මස් විසිවෙන්න බඩ මැද්දෙන් තිබ්බ කැපුම් නවය...  ඒ හා සමාන්තරව වැටිලා තිබ්බ යුවනිදු අය්යගේ වේදනාවෙන් විකෘති උන මූණ.....

ඒ පරක්කුවට ගවීෂ් ඔළුවත් අල්ලන් අඩියක් පස්සට තිබ්බේ එයා බලාපොරොත්තු වුනා වගේ බිමට කඩන් වැටෙනවා වෙනුවට එයාගේ ඉණ වගේ එතුන අත් දෙකක් උඩ එයා පරිස්සමට නතර වෙද්දි..... මියුන්ට ආවේණික සුවද අදුරගත්ත ගවීෂ් , ඇස් දෙක විනාඩියකට පියාගත්තේ මියුන් හුස්ම ගන්න වේගෙට එයා මෙතනට දුවන් ආපු ස්පීඩ් එක අනුමාන කරලා....මියුන් ගොඩක් කලබලයි....  මියුන්ගේ අත එයා වටේ තදින් එතුනේ ගවීෂ්ගේ පිට පපුවට හේත්තු කරගෙන.... * ගොට් යූ... * මියුන් අදහස් කළේ ඒක බව ගවීෂ් දන්නවා.... මියුන්ව අනිත් අය අදුරගත්ත බව ගවීෂ්ට විශ්වාසයි... ඒත් මේ වෙලාවේ මියුන්ව එහාට කරන්න නම් තමුසේ බිම ඇදන් වැටෙන්න ලෑස්ති වෙන්න ඕනේ ගවීෂ්......

" මම එයත් එක්ක ඩවුන් විලේජ් එකට යනවා... " මියුන් කඩන් පැන්න එකෙන් විනාඩියක් විතර පහුවුනත් ආශදි කිව්වේ ස්ථිර විදියට.....

" ආශි !?? "  යොවන්දි කතා කළේ ගවීෂ් මුකුත් නොකිය හිස් හැගීමකින් බලන් ඉදපු විදියට.... ආශදිගෙ වචනවලට වාශිත්ගේ ඉකි ගැහිල්ල විතරක්ම වැඩි උනේ එතන ඇතිවුන නිශ්ශබ්දතාවේ බිදගෙන......

" ප්‍රිවිරුට ඕම සලකනවා නම් මම කොමද විශ්වාස කරන්නේ ඔයා එයාගෙ ළමයට මීට වඩා හොද වෙයි කියලා ? " ආශදී ඇහුවේ අඩ අඩ.....කෙල්ල ඉන්න තත්වේ ගවීෂ්ට නොතේරෙනව නෙවේ....  එයා අසරණයි.... මේම උනේ කාගේ වරදින්ද කියල එයාවත් නොදන්න තරමට අසරණයි...

" එතකොට ළමයා--" යොවන්දි මිමිණුවේ කම්පනයෙන්..... ආශදි උත්තර විදියට කළේ ප්‍රිවිරුව නැගිට්ට ගත්ත එක.... ප්‍රිවිරු ඇත්තටම වීක් බවට වෙන සාක්ෂි ඕනේ නැ.... උට ආශදීගේ උදව්වෙන්වත් නැගිටගන්න බැ .... ඔව්ව් ගවීෂ් කොල්ලගේ ධාහන්රා එක බින්දේ ඒ තරම් ශක්තියකින්.. ඒ තත්වේ යටතේ තමන් දැන් නිදහසට මොනවා කිව්වත් ඒවා හිස් වචන බව ගවීෂ් දන්නවා....

" ඒකද අන්තිම තීරණේ ? " ගවීෂ් අන්තිමේදි ඇහුවේ මියුන්ගෙන් එහාට වෙලා ...

" ගවීෂ් ??? මොනවද අහන්නේ ? දැන් එයාව ඩවුන් විලේජ් එකට් යැව්වොත් කෝමද ඔයා ආයේ මැන්ශන් එකට යන්නේ ? " යොවන්දි ඇහුවේ මියුන්ගේ අතත් ගවීෂ්ව නවත්තන්න කලබලෙන් තව ටිකක් තද වෙද්දි... ඔව්.... ගවීෂ් ඒක නොදන්නවා නෙවේ... අනිවාරෙන් එයාගේයි කියපු දරුවා ප්‍රිවිරුගේ කිව්වම මෙතන ඇති වෙන්නේ ගිනි කන්දක් පුපුරලා යනවා වගේ තත්ත්වයක්.....  ඒත් කෙල්ලව නිස්සාරණේ තව අඩවන්නේ මොකටද ?

" එයා ඒක තීරණය කරලා ඉවර නම් මට ඇගිලි ගහන්න පුළුවන් සීමාවක් තියෙනවා.....උබ කැමැත්තෙන් නේ යන්නේ ආශි  ?? "  ගවීෂ්  ආයේ ඇහුවේ මෙච්චර වෙලා ආයේ අවිනිශ්චිත ගතියෙන් කල්පනා කරපු කෙල්ල ඔළුව උස්සද්දි... ඔව්ව්.. කෙල්ල දෙපාරක් හිතුවෙත් නැහැ උත්තර දෙන්න....

" ඔව්... " ඒ ඇස්වල කදුළු පිරිලා තිබ්බත් ආශදී උත්තර දුන්නේ ස්ථිරව...

" එයාව මෙහෙම තනි කරන්න එපා...... ප්ලීස්...... " කන ළගම මිමිණුන ඒ වචන කිහිපයට මෙච්චර වෙලා නොතිබුන විදියට ගවීෂ්ගේ පපුව බර වෙලා ගියේ දරාගන්න බැරි විදියට..... මියුන් ???? ඔව්... ආශදී පවා කම්පනයෙන් මියුන් දිහා හැරිලා බැලුවේ සද්දේ සැහෙන අඩුවෙන් ඇහුන මියුන්ගේ වචනවලට.... ප්ලීස් ??? නැ... ගවීෂ් කවදාවත් මියුන්ගෙන් අහලා තියෙන වචනයක් නෙවේ... ඌ එහෙම නැවෙන්න ඕනේ එකෙක් නෙවේ..... ඒකත් තමුසේ නිසා ? එයා මියුන්ගේ අතින් අල්ලගත්තේ ඒකටත් එක්ක මතුවුන කේන්තියෙන්....

"  ලැජ්ජ නැත්ද තමුසෙට නහයෙන් අඩන්න !! " ගවීෂ් මියුන්ට විතරක් ඇහෙන්න දත්මිටි කාගෙන මිමිණුවේ මියුන් ඉක්මනින්ම නිශ්ශබ්ද වෙද්දි.... ඒකේ කේන්තියටම මියුන්ගේ අතත් එහාට ගහලා දාපු ගවීෂ්  , ආශදීගේ කෙලින් හිටගත්තේ කෙලින්ම ප්‍රිවිරු දිහාබලන ගමන්.. ඔව්, ප්‍රිවිරු අළු චරිතයක් තමයි.. ඒත් මොකක්ම හරි හේතුවක් නිසා එයාව විශ්වාස කරන්න පුළුවන් බව ගවීෂ් දන්නව.... එයාට මොන දේ කළත් කෙල්ලයි දරුවයි බලාගනිවි කියන අල්පමාත්‍රක විශ්වාසය ගවීෂ්ට තියෙනවා... ඒම් නොවුනොත් ----  ගවීෂ්ගේ ඇස්වලින් කියවුනෙ මොන වගේ තර්ජනයක්ද කියලා කියවගත්ත ප්‍රිවිරු බිම බලාගත්තේ ඉක්මනින්ම..... ගවීෂ් ඊළගට බැලුවේ ආශදී දිහා .....

" දරුවෙක් මල්ලෙක් හදාගත්ත දවසක කියපන්, කොල්ලනේ උබලගේ ලොකු තාත්තා නිදහස හොයන් ගියා.. හරියට කොලොම්බස් වගේ ..... "  ගවීෂ් කටපාඩමින් වචනෙන් වචනේ මිමිණුවේ ආශදී දිහා බලාගෙන....

" ඒ උබේ  ලොකු තාත්තා ආඩම්බරෙන් කියපු අන්තිම වචන පැටියො........." ගවීෂ් මිමිණුවේ එයාගේ හිස් ඇස් පුරවන්න දගලන විදියේ හිනාවකින්..... නැ ගවීෂ් ඒ කතා කළේ කෙල්ලට නෙවේ .... එයාම දවසක කටින් කියන්න ඉදපු දේවල් මේ විදියට කල් ඇතුව කිව්වේ දරාගන්න අමාරු හැගීමක් ඇස්වල හිර කරගෙන..... ආශදී එයාගේ අතින් අල්ලගන්න , හැදුවත් ගවීෂ් අත පිටිපස්සට ගත්තේ දෙපාරක් නොහිත.......

" අය්යේ ? "

" පරිස්සමින්...... අභිරව් ..... " ගවීෂ් ආශදී දිහා බලන්ම මිමිණුවේ තව දුරටත් කෙල්ලට නම් නෙවේ......

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

- මතු සම්බන්ධයි -

#මං හිතන්නේ බාල්දි සීසන් වන් ඉවරයි...

#👉👈 ඊළග එකට ස්නෝස්ප්‍රේ, ඇම්බියුලන්ස්  ඒම අරන් එන්ට....🌚

#ටීම් ගවීෂ් අය සද්දයක්වත් නැනේ අප්පාහ් 95න් පස්සෙ...නැ ඉතින් මේ නිකමට නිකමට......👉👈

#කස්ටියගේ උදාන වාක්‍ය = #වින්ද්ඒමනැ. #බල්බ්මටපස්නයක් 😂 ආදරෙයි හලොව්..

Continue Reading

You'll Also Like

27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
437K 85.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
688K 39.8K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...