භවයෙන් භවේ 🥀 ( Yizhan )

Від Imalzaa

2.5K 357 97

අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ... Більше

Part 1 ✽
part 2 ✽
Part 3 ✽
Part 4 ✽
Part 5 ✽
Part 6 ✽
Part 8 ✽
Part 9 ✽
Part 10 ✽
Part 11 ✽
Part 12 ✽
Part 13 ✽
Part 14 ✽
Part 15 ✽
Part 16 ✽
Part 17 ✽
Part 18 ✽
Part 19 ✽
Part 20 ✽
Part 21 ✽
Part 22 ✽
Part 23 ✽ (BONUS )
Part 24 ✽

Part 7 ✽

101 14 2
Від Imalzaa

" අනේ නාන්නනේ ආවෙ ඉතින්..ගලවන්න දෙන්නකෝ..හික්.."

" නෑ ඕන් නෑ ඔහොම නාපන්.."

" ඉත්න් ඔයා ගලවන් ඉන්නේ.."

" මං ගැලෙව්වට තව්සෙට බෑ..බොන්නත් බැරුව බීල දැන් වෙරි වැනි වැනී හිටපන්.."

අසාධාරණයි නේ..අකේන් ටී ශර්ට් එක ගලවලා මට තමා දෙන්නෙ නැත්තේ...අනී ඉතින් චුට්ටක් කෙට්ටු උනාට මගෙ ඇගත් ලස්සනයි හරිද හ්ම්ම්..

" තිසරූ...එන්න ඔයා මෙහෙට බොරුකාරයා එක්ක ඉන්න එපා..කෝ එන්නකො..හික්.."

" නේෂී ඒ දෙන්නට පාඩුවේ ඉන්න දෙන්න.."

" එහෙම කොහොමද එයා බොරුකාරයා එක්ක ඉන්නේ..ඔයත් යන්න.. ශකිල අයියා..බොරු කාරයා.."

"  හා හා මට වඩා බොරු කිව්වෙ ඔය ලග ඉන්න එක්කෙනා.."

✽ ශකිල ( doctor අයියා )

" පලකෝ ශකිල අව්ස්සන්න එපා මූව.."

" එහාට වෙන්න..මං යනව නෙෂි ලගට..නේෂියෝ එන්නකො යන් පල්ලෙහට.."

that's my boy..තිසරු ඇවිල්ල හැමදාම මගේ පැත්තෙ ඉන්න කොල්ලා..ආදරෙයි නේ ඉතින්..දැන් මේ බූරු පැටව් දෙන්න අව්ස්සන වෙලාව..

" තිසරූ..ආදරෙයි මං නේ ඉතින්..මෙතන ගැබුරු නෑ නේ අප්පා පහලට යන්ද.."

ඉන්න තැන ගැඹුරු නැත්තෙත් නෑ..ඒත් ඉතින් පීනන්න බෑ නේ වෙරි වෙලා හිටියට මොකද මට හොදට පීනන්න පුලුවන්..

" නේෂි කියන දේ අහන්න ඔහෙට යන්න එපා ගැඹුරු වැඩී..තිසරු ඔහොම හිටපන්.."

" තිසරූ..වරෙන් මෙහෙට නේෂි එක්ක උබට ආයෙ කියන් නෑ.."

අකේනුයි ශකිලයි කොච්චර යන්න එපා කිව්වත් අපි දෙන්න නෙවෙයි ඇහුවේ..

" තිසරූ.. "

ඇල්ලෙ ගැඹුරුම හරියට එනවත් එක්කම තිසරු කකුල ලිස්සලා වැටුනා..එයාට පීනන්න බෑ..පීන ගන්න බැරුව අත පය ගසන තිසරු දිහා මං තප්පර කීපයක් ඇස් පිය ගහන් නැතුව බලන් හිටියා..

" ඒයි නේෂි එයාව අල්ල ගන්න නේෂී.."

අකේන්ගෙ කෑ ගැහිල්ලත් එක්ක සිහියට ආව මං ඉක්න්මනට එහාට පීනලා තිසරුගෙ අතින් අල්ලන් ගොඩට ආවා..

" කැහැක්..කැහැක්..ශ කි ල..කැහැක්.."

" ඕ මගෙ මැණික මේ ඉන්නව මං කෝ හරි හරි ඔයා හොදින්.."

අපි ලගට දුවන් ආව ශකිල අයියා..වතුර පෙවිල හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න තිසරුව බදා ගත්තා..
අනේ මං නිසා නේ මෙහෙම උනේ..

" අකේන් මම_ "

" ඔයා හිතුවක්කාරයි නේෂි ඇයි එපා කියන දේම කරන්නේ..තිසරුට මොනා හරි උනානම් මොකද කරන්නෙ අහ්..අනික ඔයා බීලා බීල වෙරි වෙලා තමුසෙට පීන ගන්න බැරුව ඔහොම උනානම්.."

" අනේ අකේන්.."

" කටවහන් ගිහින් නගින්න කාර් එකට.."

දන්නවා මං වැරැද්දක් කරේ..මං නේ තිසරුව පහලට එක්කන් ගියෙ එයාල එපා කියද්දි..අනික මං කව්ද එයාලගේ..තිසරු අකේන්ගෙ හොදම යාලුවා..මං කව්රුත් නෙවෙයි..කොහෙන්දෝ ඉදල ආව කිසිම දෙයක් මතක නැති එකෙක්..

අකේන් මට සැර කරා..ගොඩක් සන්සුන් විදිහට කිව්වත් ඒක අණකිරීමක් කියල එයාගෙ ඇස් දෙකෙන් තේරුනා මට..තෙත ඇදුම් පිටින්ම මං කාර් එක ලගට ආවා..තිසරු තාම ශකිල අයියගෙ අත් දෙක උඩ කොල්ල ගොඩක් බය වෙලා...එයා මැරෙයි කියල හිතෙන්න ඇති තමන් ආදරේ කරන අය දාල යන්න බය හිතෙන්න ඇතී..මට මගෙ ජීවිතේ ගැන අගයක් නැති උනාට අනිත් අයට එහෙම නෑ එයාට ආදරේ කරන්න මිනිස්සු ඉන්නවා..මොකක්ද නේෂි ඔයා මේ කරේ..

" ඇයි දැන් තමුසෙ මූණ එල්ලන්.."

" මුකුත් නෑ අකේන්..මට සමාවෙන්න.."

" ම්ම්..ඔයා හිතුවක්කාරයි නේෂි..දෙයක් එපා කිව්වම අහන්න..නරකකට නෙවෙයි නෙ එහෙම කියන්නේ ඔයාගෙම හොදට.."

" සමාවෙන්න අකේන්..අනේ තිසරු මං නිසා එ_එයාට මොන හරි උනානම්.."

" ශ්....ඇති දැන් ඒක හිතන්න එපා..ඔයාට මුකුත් වෙනවට මං කැමති නෑ මට ඔයාව ගොඩක් වටිනව නේෂි පරිස්සම් වෙන්න ඒ නිසා.."

" හ්ම්ම්ම්.."

" කෝ ඇදුම මාරු කර ගාන්නකෝ සීතලයි නේ අසනීප වෙයි ඔයා.."

" මෙතන කොහොමද ඇදුම් මාරු කරන්නෙ අකේන්.."

" කාර් එක ඇතුලට යන්න ඉතින්.."

" තෙමෙනවනෙ එතකොට.."

" හ ඒනම් ඔහොම මාරු කර ගන්නවා ඔක්කොටම පේන්න.."

" අනේ.... "

මං කාර් එකට වෙලා ඇදුම් මාරු කරනකන් අකේන් එලිය බලන් කාර් එකට හේත්තු වෙලා හිටියා..එයා ලොකූ කල්පනවක මොනාද මෙච්චර කල්පනා කරන්නේ..

" අකේන් හරි..ඔයත් ඇදුම් මාරු කර ගන්න.."

" ටවල් එක දෙන්නකෝ.."

මගෙන් ටවල් එක ඉල්ල ගත්ත එයානම් ඒක ඉනට ඇදගෙන ශෝට ගලවලා වෙන ශෝටක් ඇද ගත්තා..මට බෑ නෙ අනේ ඒම කරන්න ලැජ්ජයි නේ..

" අකේන් මචං අපි යනවා..නේෂි යනවා.."

" ශ_

" හරි මචං හරි පරිස්සමින් පලයන්.."

මං එයාලගෙන් සමාව ගන්න හිතල කතා කරත් අකේන් මට ඉස්සර උනා..ඉතින් මං වැරැද්දක් නේ කරේ සමාව ගන්න ඕනි...

" අපිත් යමු නේෂි..රොටී කාල යන්ද මගින්.."

" හ්ම්ම්.."

" ඇයි අව්ලෙන්.."

" මගෙ හිතට හරි නෑ අකේන්..තිසරු මාත් එක්ක තරහද දන් නෑ..අනේ මං හිතල කරේ නෑ අකේන් ඒක..ශකිල අයියත් මට ඒ වෙලාවෙ රැව්ව.."

" overacting නේ ඔයා ඉතින්..උන් ඕක ගනන් ගන් නෑ නේෂි හිතන්න එපා ඒක දැන් ඉවරයි නේ.."

" ඒ උනාට් අක්_"

" ඇති නේෂි මං කිව්ව නෙ දැන්..කාර් එකට නගින්න යමු.."

⏳⏳⏳⏳⏳

" සීයේ කොහොමද.."

" නරකක් නෑ චූටි මහත්තයා..මොනාද කන්නේ.."

" වෙනද ඒවම තමා ඉතින්.."

" සුදු මහත්තයා මොකදෑ මේ මූණ දෙක කරන් අද.."

" අනේ සීයේ මම..."

" මෙයා හිතනව වැඩී සීයා ඒකයි ඔය.."

" ඔනෑවට වඩා හිතන්න එපා සුදු මහත්තයා..ඉන්නකෝ මං උණු උණු රොටී ගෙන්නම්..."

කඩේ සීය මට දැන් ගොඩක් කිට්ටුයි..මේ මනුස්සයා හරි අමුතුයි..මගෙ හිතේ තියන හැම දේම දන්නව වගේ එයා නිතරම කතා කරන්නේ..

" ඒ පාර මොනාද ආයෙ කල්පනා කරන්නේ.."

" මුකුත් නෑ ඉතින්.."

" හා ඔයා මේ මට නෙ නේද නේෂි මුකුත් නෑ කියන්නෙ හාකො ඈ.."

" අනේ..."

" අනේ පනේ නෙවෙයි..කන්න ඉක්මනට මගෙ ඇගට හරි නෑ වගේ.."

" ඇයි අකේන් අසනීපයිද ඔයාට.."

" මංද නේෂී..ඔලුව ටිකක් කැක්කුමයි.."

අකේන්ගෙ ඇගට හරි නෑ කිව්ව නිසා ඉක්මනට කාල අපි ගෙදර ආවා..හැමදාම වගේ අදත් සීය මගෙ අතින් අල්ලලා මට අවවාදයක් දුන්නා...

" සුදු මහත්තයා..ආදරේ කරන්න බය වෙන්න එපා..දෛවය තීරනය කරයි හැමදේම..අසීමිත ආදරයක් සුදු මහත්තයාගෙ ජීවිතේට ඉක්මනටම එනවා..වැඩිය නොහිත ඉන්නකෝ.."

" අකේන් කෝ ඔයා..නිදිද.."

රෑ නවයටත් ලගයි වෙනදට මේ වෙලාවට ටීවි බල බල ඉන්න අකේන් අද පෙන්න නෑ..එලියෙත් බලල නැති නිසා මං ගියෙ එයාගෙ කාමරේට..

" අකේන්..ඇයි මේ.."

" දෙයියනේ අකේන් ඔයාට උනනෙ හොදටම.."

" නේෂී.."

" ම්ම්ම්.."

" යන්න එපා ඉන්නකෝ.."

" හරි මං ඉන්නම්.."

ඇදේ අයිනෙන් ඉදගෙන නලලට අත තියල බලද්දි අකේන්ට හොදටම උන..මහ ලොකුවට කිව්වෙ මං අසනීප වෙයි කියලා ඒත් මෙයාටනේ දැන් නැගිට ගන්න බැරි..

යන්නත් එපා කියලා මගෙ අත අල්ලන් තුරුල් කර ගත්තෙ පොඩි එකෙක් වගේ..කෝ දැන් අර මාව බලා ගන්නවා කිව්ව පරිනත අකේන්..

" අකේන් මේ ඉන්නකෝ මං ටවල් එකක් තෙමාන එන්නම්.."

" යන්න එපා නේෂි..හැමදාම මාව දාලා යනව ඔයා.."

" මොනාද අකේන් කියන්නෙ මං යන් නෑ..විනාඩියක් දෙන්නකො මට ඉක්මනට එන්නම් මං.."

අකේන්ගෙ අත අතෑරල මං ආවෙ කුස්සියට භාජනේකට වතුර ටිකක් දාගෙන ටවල් එකත් අරන් එද්දි අකේන්ට නින්ද ගිහින්..සීතල නිසාද කොහෙද වෙව්ලනවා..රෑ වෙලා නිසා බෙහෙත් ගන්න එක්කක් යන්න විදිහකුත් නෑ..

ඇදේ කොණේ ගුලි වෙලා ඉන්න අකේන් ලගට ගිහින් තෙත ටවල් එකෙන් මං එයාව පිහ දැම්මා..ඔයා හරි හොද මනුස්සයෙක් අකේන්..කවදාවත් වරදින්න එපා ඔයාට..මාව මෙහෙම හොදින් බලා ගන්න පිනම ඇති ඔයාට..

" නේෂී.."

" ම්ම්ම්..කියන්න අකේන්.."

" මාව දාලා යන්නෙ නෑ නේද.."

" මං යන් නෑ අකේන්..නිදා ගන්නකො දැන්.."

ආයෙත් පොඩි එකෙක් වගේ මගෙ අතෙන් අල්ලගෙන නිදිමතේ කියවනවා..ඇයි අකේන් මට ඔයාව දාල යන්න එපා කියන්නේ..මං නැති උනාම ඔයාට පාලු තියෙයිද..ටවල් එකයි වතුට භාජනෙයි පැත්තකින් තියලා මං ආයෙ අකේන්ට ලන් උනා..

" නේෂියෝ.."

" ම්ම්ම්.."

" මාව බදා ගන්නකෝ..අනේ..සීතලයි මට.."

එයාව බදා ගන්නෙ කොහොමද මං මට ඒක නුහුරු දෙයක්..ජීවිතේට කෙනෙක්ට මෙහෙම ලන් වෙලා බදාගෙන ඉන්න මට පුලුවන් උනේ නෑ..

" අනේ නේෂී.."

එයාගෙ ඇගට මගෙ අතෙන් ඇදල අරන් මාව තදින් බදා ගත්තා..නුහුරු පහසක් එක්ක මට කවදාත් දැනිල නැති සැනසීමක් දැනුනා..ඔයා පුදුම මනුස්සයෙක් අකේන් මට ඔයා ගැන කියන්න වචන නෑ..ඔයා ලගට මං ආවත් හරි මේ ටික දවසට මං සැනසීමෙ ජීවත් උනා..

" මාව දාල යන්න එපා නේෂි..ආයෙත් යන්න එපා.."

" මොනාද අකේන් කියන්නේ..කො නිදා ගන්න දැන්.."

" මං ඔයාට ආදරෙයි නේෂි..මං ආදරෙයි.."

" අකේන් ඔ_ම්ම්.."

මාව තවත් තදින් තුරුල් කරන්..එක පාරම මගෙ තොල් උඩ එයාගෙ තොල් තද කරා..

පින් සිද්ද වෙයි අකේන්..ඒ දේනම් කරන්න එපා..මං මහ කාලකණ්ණියෙක් අකේන්..මට ආදරේ කරන ඔක්කොම මං මරා ගන්නවා..ඔයාට එහෙම වෙන්න දෙන්න බෑ රත්තරං..ඔයාට මට ආදරේ කරන්න බෑ කවදාවත්ම..මට වඩා ලස්සන ආදරයක් දෙන්න පුලුවන් කෙනෙක් ඔයාට හම්බෙයි..වරදින් නෑ අකේන් ඔයාට ඔයා හොද මනුස්සයෙක්..ඔයාගෙ ජීවිතේ ආදරේ කරන කෙනා කවුරු උනත් ඒ මං වෙන්න බෑ..ඔයාට තව ගොඩක් කල් ජීවත් වෙන්න තියෙන්න ඕනි අකේන්..



*****


Продовжити читання

Вам також сподобається

THE PASSION Від JEON>>>

Романтика

2K 566 11
لم أعد نفس الشّخص شيءٌ ما قد تغير... قبل وجودكِ و بعده هناك حياةٌ جديدة، شغف جديد... أنتِ آخر ما تبقى في كتاب الحياة و الشّغف... _𝐉𝐄𝐎𝐍 𝐉𝐔𝐍𝐆𝐊...
141K 372 99
Erotic shots
30.8K 1.3K 16
kongpob is a teen dad before he came out gay he had a one night stand and the women ended up pregnant. After that he finds out he has a daughter now...
ආරාධනා දෑස් 💕 Від Aruni Nimanthi

Щоденники та біографії

1.2K 236 22
මොනවදෝ කියනවා 💚 ❤️ මටත් එය හැගෙනවා නමුත් මගහැරෙනවා 💚 ❤️ නුඹ මගෙ දැනෙනවා.