- Plot 23 -

Galing kay Bulbz_D

861K 114K 39.3K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Higit pa

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 106 -

5.1K 818 344
Galing kay Bulbz_D

සාමාන්‍ය ආලොකයත්, වාතාශ්‍රයත් අඩුවෙන් ලැබෙන ,වේඝර්ණ මැන්ශන් එකේ අදුරු ඩන්ජන් එක සම්පුර්ණයෙන්ම වගේ නිහඩතාවයක ගිලිලා.... ගවීෂ් තාමත් අවිනිශ්චිතව උනත්, කෙලින් හිටගෙන බලාගෙන ඉදියේ සීයා දිහා... ඊයේ ඩිනර් එකේදි සීයාගෙ තිබ්බ අසාමාන්‍ය සන්සුන් ගතියත් එක්ක අද එයාට උදේ පාන්දර ඩන්ජන් එකට කැදවිම ලැබෙනකොටම ගවීෂ් පහළට බැස්සේ ඕනෙම දේකට ලෑස්ති පිට... ඒත් එයාගේ ඉස්සරහා කකුලක් පිට කකුලක් දාන් ඉදපු සීයාගේ ඇස්වල තියෙන්නෙ අධම- සන්සුන් පෙනුමක්... ඉතින් ඒ ඇස්වල ඊළග තීරණය කල් ඇතිව කියන්න අමාරුයි වගේම දරුණුයි......

" ගවීෂ්ට මම එන්න කිව්වේ ඇයි දන්නවද ? " ආර්ය වේඝර්ණාරච්චි ඇහුවේ එයාගේ තේජ්ස පිරුන ඉරියව්ව මාරු කරලා සුවපහසු ඉරියව්වකට එන අතරේ... 

" නෑ සීයේ... " ගවීෂ් උත්තර දුන්නෙ ස්ථිර හඩකින්.....

" වාඩි වෙන්න පුතා... " සීයාගේ මේ ඕනවට වඩා සන්සුන් කටහඩ ඇත්තටම ගවීෂ්ව තවත් සීතල කරවනවා... ඒත් එයා වෙනසක් නොපෙන්වාම සීයාගෙ පැත්තේ තිබ්බ සෝෆා එකෙන් වාඩි උනේ කකුල් දෙක පිළිවෙලකට ළගට අරගෙන.....

" පහුගිය දවස්වල වැරදි ගොඩකුත් උනානේ..... "

" මට සමාවෙන්න සීයේ... " ගවීෂ් හිතට විරුද්ධව ඒ හිස් වචන මිමිණුවේ අත මිට මොළවගෙන .... කොහොමටත් මේ දවස්වල ගවීෂ් සෑහෙන තරමින් නිහඩයි.... ඉදල හිටල හරි කටින් පිට වෙනවා නම් ඒ මේ විදියේ හිස් වචන විතරයි .... ඒ වගේම මේ දවස් ටිකේම ගවීෂ් ඉදියේ රූම් එකේම විතරයි .. කොටින්ම එළියට බහින්න තියා මියුන් මොනවා කරගත්තද කියලවත් හොයන්න තරම් කොල්ලා ඉදියේ සිහියක නෙවෙයි... දවස ගෙවෙන්නෙ කොච්චර ඉක්මනින්ද , හෙමින්ද වෙලාව යනවද නැද්ද දන්නැති කාල රික්තකයක හිර වෙලා වගේ.....

මියුන් විතරක් නෙවේ මේ මැන්ශන් එකේ අනිත් හැමෝම පවා එයාට තරමක් දුරට මගඇරුන බව ගවීෂ් දන්නවා.. මේ අපායෙන් ගැළවෙන්න තිබ්බ එකම බලාපොරොත්තුවේ බාගයක් තිබ්බේ අරවින්ද්ගෙ කර උඩ... ඉතින් දැන් ඒ එකම බලාපොරොත්තුවත් නිකන් පැත්තක් කඩන් වැටුන වහළක් වගේ...  කවදාවත් තනි කණුවක් උඩ වහලක් ගහන්න බෑ වගේ තවදුරටත් මේක අල්ලන් ඉන්නවද නැද්ද කියන්න ගවිෂ්ට විශ්වාසයක් නැ.... දැනට පවා එයා සීයා දිහා බලන්නේ තමන්ගේ විශ්වාසේ බිදුන ඇස් සීයාගේ මූණට ගේන තෘප්තිමත් වියරු හිනාව නොදැක්ක ගානට.....

" ම්ම්... ගවීෂ් මොකද හිතන්නේ ප්‍රිවිරු ගැන ??  "

"  ඒ කිව්වේ සීයේ ? " ගවීෂ් , ආපස්සට ඇහුවේ සීයාගේ දුෂ්ඨකමයි කපටිකමයි එකතුවුන ඇස් දෙක දිහා බලාගෙන.... සමහර විට අහේතුවකම පවා , සීයා ප්‍රිවිරුව ඇදලා ගන්න තියෙන හේතු දෙකම ගවීෂ්ගේ යටි හිත දන්නවා... ඒ වගේම ඒ දෙකම එක වගේ භයානකයි කියන්නත් ගවීෂ් දන්නවා.... ඒත් එයා බලන් ඉදියේ සීයම උත්තර දෙනකන්..

" කොල්ලට දහ අටකුත් වෙන්න එනවානේ...... " ආර්ය වේඝර්ණාරච්චි මිමිණුවේ සිහින් උන ඇස්වලින්.... ගවීෂ් නිශ්ශබ්දව ඔළුව වැනුවේ ඒක තහවුරු කරන්න..... එයාට තාම නිශ්චිත නැ සීයා මේ හදන්නේ ආශදිව කොල්ලට ප්‍රපෝස් කරන්නද නැත්තන් , අරවින්ද් කිව්වා වගෙ----

" ඔය මදැ ජීවත් උනා... " ආර්ය වේඝර්ණාරච්චි කිව්වේ ගවීෂ් කම්පනයෙන් ඔළුව උස්සද්දි... සීයා අදහස් කලේ මොකක්ද කියලා දැන් නම් ගවීෂ්ට නොතේරෙනවා නෙවේ...

" ඒත්- එයාගෙන් කරදරයක් නෑ සීයේ.... " ගවීෂ් මිමිණුවේ සීයට කේන්ති නොයාවි කියන බලාපොරොත්තුවෙන් ....

"මොකක්ද !! "

" එයා මට පිටින් යන්න හදන්නේ නෑ සීයේ..." ගවීෂ් ආයේ කිව්වේ සීයාගේ කේන්ති ගිය ඇස් මගඇරල...

"  කරදරයක් ද නැද්ද , ජිවත් වෙනවද නැද්ද ඒක තීර්ණය කරන්නේ මම !!
"

" ඒත් සීයේ , ඉසිවර මාමාල අපිට විරුද්ධ උනොත්-- "

" ඉසිවරගෙන් මට වැඩක් නැ... උබ කාටද කටගහන්නේ ?? අහ්හ් ?  " ආර්ය වේඝර්ණාරච්චි තදින් කිව්වේ ඒ හඩේ තිබ්බ අනතුරු ඇගවීමටම ගවීෂ් නිශ්ශබ්ද වෙද්දි....  දිගින් දිගට තර්ක කරන්න එයාට තමන් ගැබම විශ්වාසෙකුත් නැහැ!!

" ඔයාම ප්‍රිවිරුව මරන්න.... "  සීයාගේ සීතල හඩ ඩන්ජන් එක පුරා පැතිරිලා ගියේ ගවීෂ් දරදඩු වෙච්ච තොල් , අත් තද කරන් බලන් ඉද්දි.... ප්‍රිවිරුව මරන්න !! හහ්... ඒ පොඩි එකාව මරන්න !! ??

වෙනදා වගේ අරවින්ද් පැත්තකින් නැති නිසාම හිත ඇතුළේ මහ විශ්වාසයක් ඉතිරි වෙල නැ තමයි !!! , ඒත් තමන් ගැන ඉතිරි වෙලා තිබ්බ අන්තිම විශ්වාසෙත් එකතු කරන් ගවීෂ්  විරුද්ධව නැගිට්ටේ ආර්ය වේඝර්ණාරච්චි කොහොමටවත් බලාපොරොත්තු නොවුන විදියට... ගවීෂ්ගේ ඒ පියවරත් එක්ක වටේම ඉදපු ගාඩ්ස්ලා අඩිය ගානේ ඉස්සරහට තිබ්බෙ ආයේමත් බලය කියන්නේ මොකක්ද කියලා ගවීෂ්ට මතක් කරවල දීලා... ඒත් සීයාගෙ එක හෑන්ඩ් සින්ගල් එකකට ඒ ගාඩ්ස්ලා සේරම සන්සුන් උනේ සීයාගේ ඇස් කෙලින්ම එයා දිහාවට එල්ල වෙද්දි ... ගවීෂ් උත්තර දෙනකන් ඒ ඇස්වල තියෙන්නේ අධම විදියක , සමච්චලයක්....

" මට කාවවත් මරන්න බැ !!... " ගවීෂ් පැහැදිලි හඩින් උත්තර දුන්නේ ඕනෙම විදියේ කම්මුල් පාරකට හරි , පාපාරකට හරි ලෑස්ති පිට ... සමහර විට කස පාරවල් සීයකට උනත්... තමන්ගේ අන්තිම පණ බිංදුව හරි සීයට බේරන්නම වෙනවනේ !! මොකද එයා තමයි තාමත් වේඝර්ණ උරුමය !! ඒත් ආර්ය වේඝර්ණාරච්චිගේ මූණේ තවමත් තියෙන්නේ සමච්චල් සහගත හිනාවක්.... සමච්චලයට වඩා ගවීෂ්ගේ හැසිරීම ගැන ඇස් යට පිරෙන ක්‍රෝධයකින් පිරුණ හැගීමක්.....

" බැ ??? " සීයා ආයෙම ඇහුවේ ගවීෂ් දෙවෙනි සැරේටත් තිබ්බ හැම ආත්ම ශක්තියම එකතු කරන් ඔළුව වනද්දි....

" අගෙයි අගෙයි !!! " සීයාගේ වියරු සමච්චල් හිනාව ඩන්ජන් එක පුරා දෝංකාර දෙනවා ගවීෂ් අහගෙන ඉදියේ පපුවට දැනෙන සීතල මැඩගෙන.. ඒ හිනාව පිටිපස්සේ කොහොමටවත් හොදක් තියෙනවා වෙන්න බැ...

" හරිම අගෙයි !!! හැබැයි දැන් ළගදි ඉදන් ඔය ඔළුවට ගහපු උද්ධජ්ජකම මෙල්ල කරන්න මමත් ක්‍රම දන්නවා ගවීෂ් ....." ආර්‍ය වේඝර්ණාරච්චි ඉවසීමෙන් කිව්වේ එයාගේ මේසේ ලාච්චුවේ තිබ්බ රෙදිකඩ අතට අරන් ගවීෂ් දිහාවට හැරිලා.. ඉක්මනින්ම නහය විනිවිදපු ලේ පුළුට ගවීෂ් අදුරගත්තේ එයාගේ නළල රැලි වෙද්දි.... ඒ කුණාටුවක ලොකු පෙරනිමිත්තක් බව ගවීෂ්ගේ හිත දන්නවා... ඒත් කොල්ලා යන්තමින් වෙව්ලන අත් තවත් තද කරන් කෙලින් හිටගත්තේ පුළුවන් තරම් හය්යට... ඒකා මේකා මගින් අතඇරියා කියලා උබට තනියම හිටගන්න කොන්ද පණ නැති වෙන්න විදියක් නෑනේ ගවීෂ්  !!...

ආර්‍ය වේඝර්ණාරච්චිගේ ඇගිලි තුඩුවලින් ගිලිහුණ ලේන්සුව ගාඩ් කෙනෙක් හරහා ගවීෂ් අතට ආවේ ගවීෂ් නළලත් රැලි කරන් ලේවලින් පෙගිලා තිබ්බ ලේන්සුව අතට ගනිද්දි.... සුදු පාට ලේන්සුවේ එක එක සයිස් එකේ අකුරුවලින් මහලා තිබ්බ , බැලු බැල්මට පොඩි එකෙක්ගේ වැඩක් කියලා පේන නම ගවීෂ් කියවගත්තේ මෙච්චර වෙලා පපුවට අරගත්ත අන්තිම හය්යත් මහ භයානක විදියට කඩන් වැටෙද්දි..  මෙච්චර වෙලාවක් හිස් විදියට හැගීම් විරහිත වෙලා තිබුන ගවීෂ්ගේ ඇස් වේදනාවෙනුයි , බයෙනුයි පිරෙනවා බලාගෙන ඉදපු ආර්ය වේඝර්ණාරච්චිගේ කට අයිනෙන් ඇදිලා ගියේ ලොකු හිනාවක්.... නිශ්ශබ්ද හිනාවක් නොවී ඩන්ජන් එකේ නිහඩතාව දෙවෙනි වතාවටත් මකපු සීයාගේ වියරු හිනාවට කියන්න දේවල් උගුරේම හිර වෙද්දි ගවීෂ් ලේන්සුව අතේ ගුලි කරගෙනම අඩියක් පිට්පස්සට තිබ්බේ විශ්වාස කරන්න කොහෙත්ම ලැස්ති නැති පිට ඔළුව දෙපැත්තට වනන අතරේ....

" සුදු මාමට මොකද කලේ !! " ගවීෂ් පළවෙනි වතාවට සීයට කැගැහුවේ එයා හිතපු තරම් සද්දෙන් ඒ වචන පිටනොවුන බව එයාටම තේරෙද්දි.... ඒක නිකන් වේදනාවෙන් කීරි ගැහෙන බොල් හඩක් විතරයි .... මේ ලේන්සුව !! ගවීෂ් අතින්ම මහලා සුදු මාමාට දීපු ලේන්සුව !!  මෙතුලගේ නම මහලා තිබ්බ විකාරරූපි දම්වැල් මැස්මට උඩින් කැටි ගැහිලා තිබ්බ ලේ .... සුදු මාමා -- නෑ.... !!!  "නෑ.......මේක බොරු ! " ගවීෂ් එයාටම මුමුණගත්තේ ලේන්සුව අතේ ගුලි කරන්....

" ඔයා එයාට මුකුත් කලේ නෑ නේද සීයේ ?? " ගවීෂ් ආයේ වෙව්ලන කටහඩකින් ඇහුවෙ ලොකු බලාපොරොත්තුවකින්...

" තාම නම් නැ.... ඒත් -- " ආර්ය වේඝර්ණාරච්චිගේ බැරෑරුම් කටහඩ නැවතුනේ ගවීෂ් එයා ඉස්සරහ දණ ගහපු වේගෙට කට අයිනෙන් ඇදුන හිනාවකින්... ගවීෂ්ට කරන දේවල්වලින් කොල්ලාව තව දුරටත් කන්ට්‍රෝල් කරගන්න බැරි බව තේරුණාම ආර්ය වේඝර්ණාරච්චි තෝරගත්ත විදිය , කලින්ටත් වඩා සාර්ථක බව ගවීෂ් දණ ගහන්න බිමට කඩන් වැටුන වේගෙන්ම එයා තීරණය කරල ඉවරයි..

" ඔහො... ඇයි කලින් නැගිට්ටා නේද ? ඇයි දැන් මේ බිම ....... ගවීෂ් ? "  ගවීෂ් නිශ්ශබ්දවම දණ ගහන් ඔළුව බිමට හැරෙව්වේ ලේන්සුව තව තවත් අතේ ගුලි කරගෙන... මේක හීනයක්ද ? සමහරවිට ඊයේ ඕනවට වඩා බීපු නිසා ?? මේ විකාර පේනවා වෙන්න බැරිද ? ඒත් ඒක හිනයක් නම් මේ පපුව හිර වෙන හැගීමට මේ වෙද්දි ඇහැරිලා !!

" කකුල් දෙක අල්ලලා සමාව ගන්නම් සීයේ... " ගවීෂ් මිමිණුවේ පුළුවන් තරම් ලොකු හුස්මක් අරගෙන.....

" සමාව ගන්න ??  ම්ම්ම්.... එ වගෙ දේකට සමාව දෙන්න මොන වගේ ක්‍රමයක්ද හොද ?? ම්ම්ම් නින්දිත ක්‍රමය දරුණු වැඩිද මන්දා... ඒත් --  " 

සීයා ඉතිරි ටික කියන්න කලින්  ගවීෂ් අත මිට මොළවගෙන ඔළුව බිමටම පහත් කළේ , ලේන්සුව තවත් අතේ තද කරගෙන.... ගල් පොළවේ සීතල එයාගේ නළල ආදරෙන් වගේම ලැජ්ජාවෙන් පිළිගත්ත විදිය ගවීෂ්ට දැනෙනවා....  ආදරෙ දැනුනේ ගිනිගන්න නළල ගල් පොළොවට හීතල වෙද්දි.. ලැජ්ජාව දැනෙන්නේ වේඝර්ණ උත්තරීතර උරුමය විදියට ඒ මැන්ශන් එකේම පොළවේ ගලක් උඩ නළල තියලා සමාව ගනිද්දි....! කකුල් ඉස්සරහ නළල බිමට තියලා ගන්න මේ සමාව ගැනීම සම්පූර්ණ වේඝර්ණ ඉතිහාසය පුරාවට හරිම අතළොස්සක් දෙනෙක් විදලා තියෙන නින්දාවක් විතරයි .... කිසිම විදියකින් තමන්ගේ උරුමයෙන් මේ විදියේ දෙයක් බලාපොරොත්තු නොවුන ආරක්ශකයොන්ගෙ ඉහළ ගිය හුස්ම පවා ගවීෂ්ට පැහැදිලිව ඇහෙනවා.... ආර්ය වේඝර්ණාරච්චි තමන්ගේ මුණුපුරාට ප්‍රසිද්දියේ මේ දේ කරයි කියලා බලාපොරොත්තු නොවුන ගානට එයාලා පවා බලන් ඉන්නේ ආර්ය වේඝර්ණාරච්චිගේ තෘප්තිමත් මූණ නිසා...

එයාගෙ අත් දිගින් දිගටම වෙව්ලුවත් ගවීෂ් දිගටම පොළොවට නළල තද කරන් ඉදියේ ඉවසීමෙන්.. සමහර විට , අර ඵලකේ තියෙන හැම වේඝර්ණ නමක්ම , මේ පොළොව පයට පෑගුන හැම උරුමයක්ම තමුසේගේ මේ කොන්ද පණ නැතිකම නිසා ලැජ්ජාවෙන් වෙව්ලනවා ඇති ගවීෂ්...!! ඒත් සුදු මාමා වෙනුවෙන් උබට ඒක කරන්න බැරිනම් තමයි උබ ලැජ්ජාවට මැරෙන්න ඕනේ  ගවිෂ්....

" චහ් චහ්.... ...හරිම දුක හිතෙනවා.... උබ මට පිටින් යන්න හැදුවේ නැත්තන් මේක මෙච්චර නරක නොවෙන්නත් තිබ්බා..... "

" එයාව රිලිස් කරන්න.... " ගවීෂ් මිමුණුවේ ඔළුව එහෙමම තියාගෙන...... ඒත් ඇත්තටම කොල්ලගේ ඇගට දැනෙන්නේ වේගෙන් නළල පොළොවේ ගහගන්න පුළුවන් විදියේ ආවේගයක්...

" අහ් හා... ඉතින් දැන් ,  එයාගේ මාමාව බේරගන්න ඕනෙද අපේ වීරයට ? " ආර්ය වේඝර්ණාරච්චි ඇහුවෙ සමච්චලේට ..... ඒ වචනවලින් අදහස් කලේ මොකක්ද කියලා දැන් ඉදන්ම දන්න තරමට ගවීෂ් සීයා එක්ක ගැටිලා තියෙනවා....

" මම කරන්නම් !! ඕනෙ කෙනෙක් මරන්නම්... එයාට මුකුත් කරන්න එපා.. සීයේ.... !! " ගවීෂ් කිව්වේ ඇස් දෙක තදින් පියාගෙන......සුදු මාමා බේරගන්නකම් !!! එතකන් ඉවසපන් !! සුදු මාමා වෙනුවෙන් ඕනේ කෙනෙක් මරන්න පුළුවන් !! ඒක පුළුවන් ....!!! ඒකට මේ පොළොවේ නළල ගහගෙන මැරුනත් , මේ විදියට සීයාගෙ කකුල් දෙක අල්ලලා ඒක ලෙවකන්න කිව්වත් ගවීෂ් ඒක කරාවි !!!

" ....සතියක් කල් දෙන්නම්... ආයේ මෝඩ වෙන එකක් නෑ කියලා මම හිතනවා......."  ආර්ය වේඝර්ණාරච්චි කිව්වේ ගවීෂ් ඒ සැරේ නිශ්ශබ්දවම ලේන්සුව අතේ ගුලි කරන් නැගිට්ටිද්දි... කකුලට බරදීලා නැගිටින්න හදන හැම වතාවකම ආයේ බිම ඇදන් වැටෙනවා වගේ හැගීමකිනුත් , නළලෙන් දැනෙන සීතල සදාකාලික නින්දාවක සාපයක් වගේ හැගීමකිනුත් ගවීෂ් නැගිට්ටේ මූණේ කිසිම වෙනසක් නැතුව.. තමන් දිහාවට අනුකම්පාවෙන් එල්ල වෙලා තිබ්බ යොරෙල්ස්ලාගේ මූණුවලට බවා ගවීෂ්ට දෙන්න ඉතිරි ඒ හිස් ඇස් විතරයි ....

කොල්ලා ඩන්ජන් එකෙන් එළියට ආවේ ලොකු කල්පනාවකින්....වෙනදට ගවීෂ් ඩන්ජන් එකට ගිහින් එනකන් ඇස් කන් ඇරන් බලන් ඉන්න සාලේ හිස් වෙලා.... ඒත් ඊට කලින් ගවීෂ්ගේ කන් ග්‍රහණය කරගත්තේ උඩ තට්ටුවෙන් ඇහෙන මිමිණුම්.. සහ ගේට්ටුවට පිටින් ඇහෙන ඝෝෂාව.....ඒ මොකද ?

" සුදුගේ කොල්ලානේ... ඒ... "

" අනේ මන්ද පව් එක අතකට .. "

" ඇයි ඉතින් ඒ මනුස්සය කලබල කරන්නේ ඔය ? "

" කවුද දන්නේ...... පිස්සෙක්නේ කොහොමත්... පිස්සුව වැඩිවෙලාද කොහේ......... "

අවී මාමා !! ගවීෂ් එයාටම මුමුණගත්තේ , තව විනාඩියක්වත් ඉන්නැතුව මැන්ශන් එකේ ගේට්ටුව ගාවට ඉක්මන් කරන අතරේ.... ඒකට කොහෙන් හය්යක් ආවද කියන්නවත් ගවීෂ්ට ශුවර් නැ.... දේවදාර ගස් හරියෙදිම එයාව නවත්තගන්න හදපු චූටි මාමාවත් එහාට තල්ලු කරන් ගවීෂ් ගේට්ටුව ගාවට දුවන් ආවෙ සැහෙන වේගෙකින්..... ලොකු යකඩ ගේට්ටුව වහලා..... දෙය්යනේ !! අවී මාමා !!

" සර් !! මං දන්නවා ඒ ඔයාලා කියලා.... !!! මං යන්නෑ.... පින් සිද්ධ වෙයි  මට මගේ ළමයව ආපහුදෙන්ඩ සර්.....ප්ලිස්........... " අවී මාමා කෑගහලම බැරැඩි උන කටහඩින් වේඝර්ණ මැන්ශන් එකට කැගහන හඩ ගවීෂ්ව ආයේ නොසන්සුන් කරනවා..

අවී මාමා මැන්ශන් එක ඉස්සරහ බිම දණ ගහගෙන.... නිකන් නෙවේ හොදටම වතුර නාලා.... කෝමටත් වේඝර්ණ දෙවෙනි පරම්පරාවේ පොඩි කොල්ලව පවුලෙන් නෙරපපු හේතුව එයා බව බර්ඩ්‍රේන් යොරෙල්ස්ලට පවා අමතක නෑ..... ඉතින් මේ පොඩි අවස්ථාවත් ඇති එයාලට ඒ තරහා පිරිමහන්න.... . ගවීෂ් බලාගෙන ඉද්දිම අවී මාමගේ ඔළුව පිටිපස්සට  වැදුනේ ගවීෂ්ව මාරාවේෂ කරවලා... ගල් විතරක් නෙවේ තව ඉදියොත් මුන් මේ මනුස්සයව මරයි !!

" ඇරපිය මිනිහෝ මේක !! " ගවීෂ් අණ කළේ කේන්තියෙන් ......

" සාප වෙනවා සර්...... මේ අපරාධවලට..... !! මට .....මගේ කොල්ලව ඕනේ......."  අවි මාමා බැරෑඩි හඩින් කැගහන විදියට පපුව කීරි ගැහෙනවා... තවත් බලාගෙන නොහිටපු ගවීෂ් , එයාගෙ ශක්තියෙන් සයිඩ් ගේට් එක ඇද්දේ පළවෙනි ඇදිල්ලෙන්ම දම්වැල කැඩිලා යද්දි ...

" මේකාව අතාරින්න හොද නැ...!! "

" හෙණ ගහන්නේ උබට මිනිහෝ! "

" පුතාවත් පන්නගෙන මාස්ට ආර්යටමද  සාප කරන්නේ !! "

ගවීෂ් අවී මාමගේ පිටිපස්සෙන් යොරෙල්ස්ලා ඉදපු දිහාවට මුහුණලා හිටගත්තේ සෑහෙන තරමක කේන්තියෙන්.... වේගෙන් ආපු ගල්වලින් ගවිෂ්ගේ උරහිසේ වැදිලා විසිදුන එකම එක ගලකට පස්සේ සේරම යොරෙල්ස්ලා නිශ්ශබ්ද උනේ , අවිනාශ්වත් කවර් කරගෙන ඒ මැද්දට පැන්නේ එයාලාගේ උරුමය බව අදුරගන්න පරක්කුවට.....

" මාස්ට ගවීෂ් ?? "

" තව..... එක. ගලක් හරි මේ පැත්තට විසි කරන්න හය්යක් තියෙන එකෙක් ඉන්නවා නම් ඉස්සරහට අඩියක් තියපන් බලන්න!! " ගවීෂ් වචනෙන් වචනේ පැහැදිලිව, තදින් කිව්වේ බර්ඩ්‍රේන් යොරෙස්ලා හැමෝම අඩියක් ගානේ පස්සට තියද්දි.... ඒ කටහඩේ ඒ තරමට මෙල්ල කරගන්න සුළු අනතුරු ඇගවීමක් තිබ්බා....ඉස්සර වගේ උනා නම් ගවීෂ්ගේ කීමට එක පාරින් හැමෝම අවනත වෙන්නෙ නැහැ.. ඒත් අද ඒ ඇස්වල තිබ්බ ආධිපත්‍යයටදෝ මන්ද සේරමල පස්සට උනේ ගවීෂ් තවදුරටත් එක එල්ලේ බලන් ඉද්දි.....

එයාලා සේරම මීයට පිම්බා වගෙ සන්සුන් වෙනවා වලන් ඉදපු ගවීෂ් ඉක්මනින්ම දණ ගහගෙන ඉදපු අවී මාමා දිහාවට පහත් උනේ , එයාව නැගිට්ටවගන්න අදහසින්.... ගල් පාරවල්වලට සැලකිය යුතු තරම් තුවාලයක් නැතත්, හොදටම තෙමිලා බලන් ඉදපු අවිනාශ්ට ගවීෂ් තට්ටු කලේ සන්සුන්ව....

" අවී මාමේ ?? "

" මාස්ට ගවීෂ් ? " අවී මාමා කිව්වේ ඇගකිලිපොලන තරම් කටහඩකින්.... ඒ කටහඩේ තිබ්බ දෙයක්ද නැත්තන් කවදාවත් නැතුව එල්ල උන එයාගේ විධිමත් ආමන්ත්‍රණයේ තිබ්බ දෙයක්ද කියල විශ්වාසෙන් කියන්න ගවීෂ්ට බැ...  ඒ ඇස් එල්ල වෙන්නේ හුරුපුරුදුකමකට වඩා අසරණ කමකින්.... කවදාවත්!! අවී මාමාගේ ඇස්වල කවදාකවත් මෙ වගේ පෙනුමක් දකින්න ගවීෂ් බලාපොරොත්තු වුනේම නැති තරම්....

" අවී මාමෙ නැගිටින්නකො.... අපි යමු.. " ගවීෂ් සන්සුන්ව කතා කලේ අවී මාමාට ඒක ඇහෙනවද කියලවත් විශ්වාසයක් නැතුව....  ජීවිතේ හතර වෙනි දශකෙට කිට්ටු කරපු මනුස්සයෙක්ගේ ඇස් දෙකකට වඩා අද ඉපදුන පොඩි ළමයෙකුගේ තරමට අසරණ වෙලා තිබ්බ ඒ දම්පාට යොරෙල් ඇස් මග ඇරලා ගවීෂ් අවී මාමගේ අතින් ඇද්දේ තියෙන උපරිම හය්යෙන්.....

ඒත් ගවීෂ්ගෙන් අත එහාට ඇදලා ගත්ත අවිනාශ් , එතනම බිමින් ඇලවුනේ ඇගට දැනෙන තෙහෙට්ටු ගතියට... තවමත් සම්පූර්ණයෙන්ම යොරෙල් ඇස්වලින් වහන් නොවුන , මැන්ශන් එකේ ප්‍රධාන ගේට්ටුව ඉස්සරහ අවී මාමා ඔහේ වැතිරිච්ච විදිය ගවීෂ් බලාගෙන ඉදියේ කරකියාගන්න දෙයක් නැතුව.... ඒ අසරණ ගතියම නෙවේද එයාටත් දැනෙන්නෙ ? එයාට අයිති මැන්ශන් එකේ ගේට් එක ඉස්සරහ වෙලා එයාගේම මනුස්සයෙක් මේම ඉන්නවා දකින එක තරම් වෙන කාළකණ්ණි හැගීමක් තවත් නැතුව ඇති....

" සර් මං යන්නැ.... !! " අවී මාමා ආයේ මැන්ශන් එකේ ගේට්ටුවලට කැගහනවා ගවීෂ් බලාගෙන ඉදියේ යන්තමින් බොද වෙන ඇස්වලින්.... පරම්පරා ගානක් පරිස්සමෙන් ආදරෙන් බලාගත්ත ටයිඩ්‍රැක්ස් එක ගිනි ගනිද්දි සුදු මාමව බදාගෙන මට මේ මදැයි කියලා හිනාවෙන්න තරම් හය්ය මනුස්සයා මේම වාරු නැතුව වැලි පොළොවේ හාන්සි වෙලා ඉන්නව බලන්නද ගවීෂ් තමුසේ මේ කෙහෙල්මල් වේඝර්ණ උරුමය උනේ !!!!

" සර්, මේම කරනවා නම් ..... ඇයි මොකටද එද පණ පිටින් අතැරියේ ? " අවී මාමා තියෙන උපරිම හය්යෙන් කැගෙහන එක ඇහෙන්නේ පවා මිමිණීමක් වගෙ... ඒ තරමට ඒ හඩ බැරෑඩි වෙලා බිදෙනවා......

" අපි හොයාගමු එයාව... ඔයා දැන් නැගිටින්න... ඔහොම ඉන්න දෙන්න බෑ මෙතන !! " ගවීෂ් තදින් කිව්වේ අවිනාශ්ව එතනින් එහාට කරන්න ආපු ගාඩ්ලට තද බැල්මක් දීලා... ගවීෂ්ගේ තද බැල්මටම එයාලා පිටිපස්සට උනේ ගවීෂ් අවිනාශ්ගේ බාහුවෙන් අල්ලලා කෙලින් කරගනිද්දි....අවී මාමගේ අත එහෙමම එයාගේ කර වටෙ දාගෙන අවී මාමාව නැගිට්ටවගත්ත ගවීෂ් , එයාව ඊට ටිකක් එහාට වෙන්න තිබ්බ ලී පීඨිකාව උඩින් වාඩි කෙරෙව්වේ සැහෙන තරමක කෝලහල ගොඩකට පස්සේ.....

අවී මාමාගේ මුරණ්ඩුකමක් නම් ගෑවිලාවත් නැ...නෑ කොහොමටවත් මුරණ්ඩුකම නෙවේ එයාටම වාරු නැතිකම මිසක්.... එයාගේ ජිවිතේම සුදු මාමා...!!  ඉතින් මදිද හේතු මේම කඩන් වැටෙන්න ?? අවි මාමා ආයේ ආයේ සුදු මාමාගේ නම මුමුණන වතාවක් ගානෙ ගවීෂ්ගේ ඇගේ තියෙන එකම හය්යටත් කුළු ගලකින් ගහලා කඩන ගානයි.... අවිනාශ්ට අමුතුවෙන් කියන්න ඕනේ නැ මෙතුලට මෙහෙම දෙයක් වෙන්න ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක.. සමහරවිට හොයලා හොයලා හැම විදියකින්ම මහන්සි උනාම , හැමදේටම කලින් එයා මැන්ශන් එකේ ගේට්ටු ඉස්සරහ දණ ගහගත්තේ ඒක නිසාම වෙන්න පුළුවන් ..

සුදු මාමා ගැන වචනයක්වත් කියන්න පරිස්සම් නොවුන ගවීෂ් , පුළුවන් විදියකට අවි මාමාගෙ කොණ්ඩෙයි රැවුලෙයි තිබ්බ වැලි ටික ගසලා දැම්මා... නැත්තන් සුදු මාමා ඉදියා නම් මේ වැලි නාගත්ත එකට මේ මනුස්සයා දවස් ගානක් බැනුම් අහනවා.... හිපෝ හිපෝ ගගා පටන් ගනිවි බනින්න !!

" අවී මාමා දැන් යන්න, සුදු මාමාට මුකුත් වෙන්නැ..." ගවීෂ් කිව්වේ විශ්වාසෙන්..... එයා කිව්ව දේ බරපතළකම ගවීෂ් දන්නවා.. ඒ වගේම අවිනාශ් පවා ගවීෂ් දිහා බැලුවේ මැලවිලා තිබ්බ මූණේ පුංචි එළියක් මතු වෙද්දි....

" මාස්ට ගවීෂ් දන්නවද මගේ මෙතු ඉන්න තැන ? " අවී මාමගේ කතාව ගොඩක් දුරයි.... ඒ තමනුත් මේ වේඝර්ණ යකඩ ගේට්ටුවෙන් එහා පැත්තේ කෙනෙක් නිසාද ? අනිත් බර්ඩ්‍රේන් යොරෙල්ස්ලා වගේ නෙවේ අවී මාමා ඉස්සර ඉදන් එයාට කතා කලේ පොඩි මෑන්ස් කියලා..... ඒ නිකන් නෙවේ ඇහැකුත් කඩල.... තමන් ඇතුළේ තියෙන පොසිටිව් එනර්ජි එක සම්පූර්ණයෙන් හින්දගත්‍ත මේ මනුස්සය දිහා බලාගෙන ගවීෂ් ඔළුව වැනුවේ විශ්වාසෙන්....

" එයා හොදින් ඉන්නවා... " ගවීෂ් කිව්වේ ලේ තැවරුන ලේන්සුව මතකෙන් අයින් කරගන්න වගේ ඉබේම ඇස් දෙක පියාගෙන..... ඒ දර්ශනය මතක් වෙන හැම වතාවක්ම ගවීෂ්ට ගේන්නේ කකුල් පණ නැති ගතියක් විතරයි .... ඉතින් සුදු මාමා වෙනුවෙන් මරන්න ? ඇයි බැරි.. පුළුවන් මරාගෙන මැරෙන්න !! ඒ මනුස්සයා වෙනුවෙන් නරුමයෙක් උනත් වෙන එක මහදෙයක් නෙවේ ගවීෂ්ට .... ඒත් තමන්ව නරුම ගොඩෙන් වෙන් කරලා හදාගත්‍ත සුදු මාමාට මොනවා හිතෙයිද ඒක දැනගත්තම ? ගවීෂ් ලී පීඨිකාව උඩින්ම වාඩි උනේ අත මිට මොළවගෙන... එයාගේ මේ ඕනාවට වඩා තියෙන සන්සුන්කම අවී මාමව කලබල කරාවි කියන බය කොල්ලට තියෙනවා... අනිත් අතට ගවීෂ් ඉන්නේ හිත යන්තන් කලබල වෙන ඇසිල්ලක කොයි පැත්තෙන් බිදෙයිද , රිදෙයිද විශ්වාසයක් නැති තැනක හිර වෙලා....

" මට හු- හුස්ම ගන්ඩ අමාරුයි... "  අවී මාමා අමාරුවෙන් හුස්ම ඇදලා කිව්වේ ගවීෂ් ඒ වේදනාකාරී මිමිණූම මග අරිද්දි... අහන් ඉන්න එයාගේ පවා පපුව හිරවෙන තරම් කඩාවැටීමක් අවී මාමගේ වචනවල.... ටයිඩ්‍රැක්ස් එක ගිනි අරන් ඉවර වෙනකන් ආදරණීය ඇස් දෙකකින්ම බලන් ඉදපු අවී මාමගේ මේ කඩන්වැටිම ගවීෂ්ට ගේන්නේ වෙනම විදියක වේදනාවක්...

සමහර වෙලාවට අපිව සතුටින් තියන්න පුළුවන් දේම තමයි අපිව කඩන් වට්ටන්න පුළුවන් තරමට හැකියාවක් තියෙන එකම දේ වෙන්නෙත්... හරියට දැන් අවී මාමා වගේ වෙන්නැති..... විවේකයක් දුන්නේ මොන වෙලාවෙද කෙවෙන්න බලන් ඉන්න ඇස් දෙතුන් පාරක් පිට පිටම තද කරලා පියාගත්ත ගවීෂ් වචනයක්වත් නැතුව නැගිට්ටේ අවී මාමගෙ උරහිසට තට්ටුවක් දාලා.....

තවමත් අතරින් පතර යොරෙල් ඇස් එයාලා දිහාවට එල්ලවෙනවා ගවීෂ්ට පේනවා... සීයා මේ හැසිරීම ගැන මොනව කලත් තවදුරටත් ඒ ගැන හිතන්න ඕනකමක් ගවීෂ්ට නැ.....එයා එහෙමම වටේ තරංග සීල් කරලා අවී මාමා ඉස්සර හිට ගත්තේ අවී මාමා ඔළුව උස්සද්දි.... කම්මුල දිගේ කදුළු පාරවල් නොතිබුනාම නෙවේ.... ඒ දම්පාට ඇස්වල තියෙන්නෙ ගවීෂ් ඊළගට කියන්න යනදේ ගැන ලොකු බලාපොරොත්තුවක්....

" තහනම් පොත ? "

" එයාලාට හොයාගන්න බැරි උනා... " අවී මාමා මිමිණුවේ ගවීෂ් ඔළුව වනද්දි.....

" ලොකුම.......වස්තුව විතරයි එයලා......කොල්ල කැවේ.... මට සමාවෙන්න පොඩි මෑන්ස්..... ඒත් සාප වෙනවා !!!!! මගේ කොල්ලා---- " අවී මාමා තවදුරටත් මිමිණුවේ ආයේ එයාගේ ඇස් මැන්ශන් එක දිහාවට හරවන අතරේ....

" සුදු මාමා හොදින් කිව්වනේ මම !!!!! " ගවීෂ් කිව්වේ කෙන්තිය මැඩගෙන... අවී මාමා ඉන්නෙ දෙයක් තේරුම් කරවන්න පුළුවන් තත්වෙකද කියන්න ගවීෂ්ට විශ්වාසයක් නැ... ඒත් එයා ලොකු හුස්මක් ගත්තේ ආයේ අවී මාමගේ පිටට තට්ටු කිහිපයක්ම දාලා....

" ඔයා පොත එතනින් ගන්න එපා... ආයේ ගෙදර යන්නවත් එපා රයිට් ? " ගවීෂ් සාමාන්‍ය විදියකට වඩා ටිකක් තද විදියකට කිව්වේ අවී මාමාව මෙල්ල කරගන්න අමාරු නිසාමයි.. එයා කලබල නැ ..ඒත් එයාට මේ දේවල් අහන්න තරම් හිතේ හය්යකුත් නැති බව ගවීෂ්ට පැහැදිලියි.......

" මගේ සුදු මාමා ආයෙ එද්දි අවී මාමා අතුරුදහන් වෙන්න බැ... ඒක නිසා ක්‍රිෂ් අක්කට කියල ආශාක්‍යසිංහ යොරෙල් ගමක හැංගෙන්න... මම කියනකන් එළියට එන්න එපා... වින්ද්-- අම් ආශාක්‍යසිංහ උරුමය ඒකට කේස් දැම්මොත් අවී මාමා දෙපාරක් නොහිතා වලෝර දෙවොලට යන්න ඕනෙ අත්තම්මා ගාවට..... මේක ඕඩර් එකක් !!! " ගවීෂ් අණ කළේ අවිනාශ් කල්පනාවෙන් අහන් ඉද්දි.. ගවීෂ්ගේ හිස්වෙලා තිබ්බ ඇස්වල වුනත් තියෙන ස්ථිර ගතිය අවිනාශ්ට පැහැදිලියි...

" එතකොට මගේ මේපල් ? "

" මං ඒක බලගන්නම්...." ගවීෂ් ස්ථිරව කිව්වේ මැන්ශන් එක දිහා බලලා....

" එයාලා පොඩි මෑන්ස්ගෙන් මොනවද - ඉල්ලන්නේ ... මං ගාව තියෙන ඕන දෙ-" ..

" මං බලාගන්නම් කිව්වනේ !!! .අවී මාමා යන්න දැන්.. එයාට මුකුත් වෙන්නැ..."  ගවීෂ් කිව්වේ කෙලින්ම ආපස්සට හැරෙන අතරේ.... එයා හැරුන බව තේරුම් ගත්ත බර්ඩ්‍රේන් යොරෙල්වරු පවා ටිකක් පස්සට උනේ තමන්ගෙ උරුමයේ ඇස්වල කවදාවත් දැකල නැති තරම් අමුතු විදියේ හිස් බැල්මට... ගවීෂ් , මැන්ශන් එකේ ගේට්ටුවලින් ඇතුළට ආවේ එච්චර හිස් හැගීමකින්.... එතන ගාඩ්ස්ලා පවා එයාලගේ අනාගත උරුමය දිහා බලන් ඉදියෙ ඒ හැගීමෙන්ම තමයි...

එයා ප්‍රසිද්දියේ අවී මාමා එක්ක කතා කළ නිසාම ආයේ කිසිම කෙනෙක් අවී මාමාට අත තියන්නවත් නිර්භීත නොවෙන බව ගවීෂ් දන්නවා.... ගවීෂ් ගේට්ටුව ගාව ඉදපු මේඩ්ස්ලගෙන් එක්කෙනෙක්ට ඇස්වලින් සන් කළේ එයා ඉක්මනින්ම ගවීෂ් දිහාවට කිට්ටු කරද්දි...

" මාස්ට ගවීෂ් ??? "

" ප්‍රිවිරු වේඝර්ණාරච්චිට කියන්න අද රෑට මාව මුණගැහෙන්න කියල..... අපේ තර්ඩ් ෆ්ලෝ මේන් රූම් එකේදි... " ගවීෂ් අණ කළේ හැගීම් විරහිත විදියට... ඒකට ස්ථිර කිරීමක් ලැබෙනකන්වත් පරක්කු නොවුන ගවීෂ් මැන්ශන් එක දිහාවට ඇවිදන් ගියෙ ලොකු කල්පනාවකින්... වෙනදා පුරුද්දට වින්ට හවුස් එක ගාව කොල්ලා ටිකක් ස්ලෝ උනත් ගවීෂ් ආයේ හුස්මක් ගත්තේ තොල් තද කරගෙන.. ඒකි ඒ හිතලා කිව්වා නෙවෙ... කියවුනා !! ගවීෂ් ඒක දන්නවා... ඒත් තවදුරටත් ගවීෂ්ට වින්ට හවුස් එක දිහාවට දෙන්න පුළුවන් එකම එක හිස් බැල්මක් විතරයි ..... සමහර විට ඒ බැදීම මොන විදියකට ඉවර වෙයිද කාලයට බාර කරන්න පුළුවන් විදියේ හිස් හැගීමක්...

දේවදාර ගස් පේළිය පහුවෙනවත් එක්කම එයා මෙච්චර වෙලා සාක්කුවේ ඔබාගෙන ඉදපු ලේන්සුව ගවීෂ් ආයේ එළියට ඇද්දේ ඇස්වල යන්තන් කදුළු පටලයක් බැදෙද්දි.... ඔව් !! මහ දෙයක් නැ.. !!!! මේ වෙනුවෙන් කරන්න බැරි දෙයකුත් නැහැ.... !! ඉතින් ඒ වෙනුවෙන් මරන්න බැරි ඇයි ???

ගවීෂ් මැන්ශන් එක ඇතුළට අඩිය තියනවත් එක්කම එයාගේ පාර හරස් කලේ ප්‍රිවිරු.... ගවීෂ් එක සැරේට තිගැස්සුනත් එයා , වෙනසක් නොපෙන්වාම ප්‍රිවිරු දිහා කෙලින් බැලුවේ ලේන්සුව ඉක්මනින් පහළට දාලා... ප්‍රිවිරු හැදුනේ එයාලා එක්ක නොවුනට , එයාලා විදියට නොවුනට, එයාගේ ගතිගුණ පවා හිතුවක්කාර උනාට , ඒ තාම අවුරුදු දහ අටකට කිට්ටු පොඩි එකෙක්... පොඩි කාලේ ඉදන්ම ඩවුන් විලේජ් එකේ වැඩවලට ඉසිවර මාමා කොල්ලව ඇදල ගත්ත නිසාම ප්‍රිවිරු ඒ අතින් ගවීෂ්ලට වඩා ඉස්සරහින් ඉදිය බව කිව්වට වරදක් නැ තමයි..... ඒත් ගවීෂ්ම දන්නවා කොල්ල කවදාවත් තමන්ට පිටින් යන්න හදලා නැති විත්තිය... අහේතුවකම උනත් ප්‍රිවිරුව දකිද්දි එයාට දැනෙන්නෙ කාළකණ්ණි වරදකාරී හැගීමක්....

" මොකද වෙන්න ඕනේ ? " ගවීෂ් ඇහුවේ ප්‍රිවිරුගේ ඇස් දිහා කෙලින් බලලා...

" මීට් වෙන්න කියලා තිබ්බේ ?? හායි ????  "  ප්‍රිවිරු ඇහුවේ තනිකරම නෝන්ඩියට....

" මෙතනදි නෙවෙනේ.... " ගවීෂ් තදින් කිව්වේ ප්‍රිවිරුව එහාට කරලා එයාගේ පාර හදාගන්න ගමන්....

" මෙතනදි බැරි මොකද ?" ප්‍රිවිරු ආපස්සට ඇහුවේ ගවීෂ් අතමිට මොළව ගනිද්දි ... මූ මේ කතා කරන විදියම වෙන්න ඕනේ සියාට එයා තර්ජනයක් කියල හිතෙන්න හේතුවත් !!!.. ගවීෂ් අතට මෙලවුන ලේන්සුව ගුලි කරගෙන ප්‍රිවිරු දිහාවට හැරුනේ ඒ ඇස්වල ඇත්තටම දුෂ්ඨකමක් හොයගන්න බැරුව.. ඒ හිතුවක්කාරකම විතරයි.... ඒමත් නැත්තන් ලා ඉරිසියාවක්...? සමහරවිට කපටිකමක් ? නැත්තන් ඒ තුනම !!!

" වහ දීලා , පිටිපස්සෙන් පිහියෙන් ඇනලා දෙකෙන් මොකක්ද හොද ? උබලාට මහ දේවල් නෙවේනේ ඕවා නේද ගවීෂ් අය්යේ ??  " ප්‍රිවිරු කින්ඩියට වුනත් කෙලින්ම ඇහුවේ ගවීෂ් නිශ්ශබ්ද වෙද්දි... ඔව් , අර ඉසිවරකාරයා නිකන් ඉන්න එකක් නං නෑ... එයාගේ ඔත්තුකාරයො උනත් ඕනේ තරම් ඇති මැන්ශන් එක ඇතුළෙත්...ඇරත් ඉසිවරකාරයට විමල් ආශාක්‍යසිංහ එක්ක මොකක් හරි යටිකුට්ටු වැඩක් තියෙන බව ගවීෂ් දන්නව....

" ඉන් අනිද්දා හවස ,ඩ්‍රොප් සෝන් එකේ... ඩෙත් එන්ඩ්..... .. පැරදෙන්නේ උබද මමද කියන එක මත තීරණයක් ගමු.... එතකොට අසාධාරණයි කියන්න බෑ උබට...... උබටත් සීයට පනහක අවස්ථාවක් තියෙනවා....." ගවීෂ් කිව්වේ කෙලින්ම ප්‍රිවිරුගේ ඇස් දිහා බලාගෙන... කෙනෙක්ගේ ඇස් දිහා කෙලින් බැලුවම අනිත් හැම දේකටම වඩා ලේසියෙන් එයාව කියවගන්න පුළුවන් ...ඒ ඇස් ඉක්මනින්ම ප්‍රශ්නාර්ථයකින් පිරිලා ආයේ රැලි වැටුනේ ගවීෂ් බලන් ඉද්දිම... ගවීෂ් බලාපොරොත්තු නොවුන විදිට මුකුත් කියන්නැතුව එක පාරක් ඔළුව විතරක් වනපු ප්‍රිවිරු ආපහු හැරුනෙ ගවීෂ් ලේන්සුව අතෙ ගුලි කරගෙනම බලාගෙන ඉද්දි... එයාගෙ ජිවිතේට වඩා එයාට පරිස්සම් කරගන්න තියෙන්නෙ සුදු මාමව... ඒත් මෙච්චර කල් තිබ්බ පරණ අසික්කිත විදියට වඩා ප්‍රිවිරුට සමාන අවස්ථාවක් දෙන්න ගවීෂ් තීරණය කරලා ඉවරයි .... ප්‍රිවිරුවත් , ඉසිවරවත් මේ අවස්ථාව ලේසියෙන් අතාරින එකක් නැහැ කියන්න ගවීෂ් දන්නවා... ඒත් එහෙමයි කියලා පොඩි එකෙක්ව මරලා දාලා මේ සහගහන පරම්පරාවේ සාපවල කොටසක් වෙන්නත් ගවීෂ් ලෑස්ති නැහැ....

සුදු මාමා ඉන්නේ කොහෙද කියලා හිතාගන්නවත් බැරුව කොල්ලා අසරණයි... අනික ගවීෂ් ඉන් අනිද්දා වෙනකන්ම කල් දැම්මේත් තනියම සුදු මාමාව හොයාගන්න හිතාගෙන.... ෆයිට් එකට කලින් සුදු මාමව හම්බුනොත්  නම් ප්‍රිවිරුව බේරන එක ලොකු දෙයක් නෙවේ.... ඒත් තාමත් , ඒ ගැන කිසිම හෝඩුවාවක්වත් නැහැ... සමහර විට තමන්ට මේක හොයන්න වෙන්නෙ තනියම බව ගවීෂ් දැනටම දන්නවා.....

මෙතුල වේඝර්ණාරච්චිගේ හදිසි  අතුරුදහන් වීම වේඝර්ණලා වගේම ආශාක්‍යසිංහලාට පවා තවදුරටත් රහසක් වෙන්න අමාරුයි.. ඒත් , තවදුරටත් එයා හෙල්ප්ලස් බව ගවීෂ් දන්නව... බර වෙලා තිබ්බ පපුව පිරෙන්න හුස්මක් ගත්ත ගවීෂ් අත්වැටේ වාරුවෙන්ම පඩියෙන් පඩිය නැග්ගේ පොදු කාමරෙන් නවතින්නෙ නැතුව කෙලින්ම කාමරේට යන්න... මොකද දවස් කිහිපයක් තිස්සේ හිස් වෙලා තියෙන එයාලගේ පොදුකාමරය තමයි දැන් ගවීෂ්ට දරගන්න අමාරුම දේ !!!

" ගවීෂ් අය්යේ ? "

ඒ පැත්තට ඇස් හරවන්නෙවත් නැතුව කෙලින්ම උඩට නගින්න හැදුව කොල්ලා ගැස්සුනේ ආශදීගේ කටහඩට.... අහ්.. එයාගේ සද්දෙවත් ඇහෙන්නේ නැති තරම් අසිහියෙන්ද උඩට ආවේ ?

" මට කතා කරන්න ඕනේ... " ආශදී මිමිණුවේ ඇහෙන නැහෙන ගානට.... යන්තමින් වගේ සුදුමැලි වෙලාදෝ වගෙත් පේන කෙල්ලගේ මූණ දිහා නළල රැලි කරලා බලපු ගවීෂ් , ආයෙ නැගපු පඩි දෙක බැහලා පහළට ආවේ කිසිම විරෝධයක් නැතුව...

" ම්ම් ?? " වෙනදා තරමින්ම කතා කරන්න බැරි වෙන්න උගුර හිර වෙලා තිබුන නිසා ගවීෂ් ඇහුවේ ආශදී දිහාවට හැරිලා... ඒත් ඒ විනාඩියෙන් කෙල්ලගේ ඇස්වල පිරෙන කදුළු ගවීෂ්ව නොසැහෙන්නම කලබල කලේ එයා මෙච්චර වෙලා සාක්කුවෙ ඔබාගෙන ඉදපු අත් දෙක එළියට අරන් නළල රැලි කරද්දි.... නැ ,කෙල්ල කදුළු හංගන්න හැදුවෙත් නැ....

" මොකද බං මේ ? " ගවීෂ් කලබලෙන් ඇහුවේ කෙල්ලගේ අතිනුත් අල්ලගෙන....

" අය්යේ..... " කෙල්ල ආයේ නැවැත්තුවේ පැකිලීමෙන්....

" ඔව් ළමයෝ කියන්න... කවුද බැන්නේ ? .... " ගවීෂ් පුළුවන් තරම් කෙල්ලව සන්සුන් කරගන්න පුළුවන් විදියේ හඩකින් කිව්වේ කෙල්ලගේ කදුළු පිහිදාන්නවත් හරියට හේතුවක් නොදැන... කෙල්ල නෑ කියන්න ඔළුව වැනුවේ හුස්මක් උඩට අරගෙන.....

" නැ අය්යේ......... මං ප්‍රෙග්නන්ට්.... "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

- මතු සම්බන්ධයි -

.

.
.
.
.
.

# 🫢 හුළගෙන්...හුළගෙන්... මුහුදු පතුල යට ඉදලා ! හුම්.. 😒
#වැඩිය බාල්දි නැ ඉටිම්. වගකීමෙන් කිව්වේ..😶

#break time එක ගැන සැටිස්.. අරහේ මෙහේ ඇවිදලත් ආවා.. විඩියොස්, ෆොටොස්, අදහස් , චිත්‍ර.... ඔයාලගේ එක වචනේ පවා මට ගොඩක් වටිනවා.. ඉක්මනින්ම ආයේ අප්ඩේට් දෙන්න පටන් ගන්න ඒකත් එක හේතුවක්... මට එන්න එන්න වැඩ වැඩි වෙන එකට අමතරව...✨️💚

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

237K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
3.1M 235K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...