- Plot 23 -

By Bulbz_D

859K 114K 39.2K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 102 -

5.2K 841 321
By Bulbz_D

හේමා ආර්යාවගේ ඇස් මුලින්ම හොරකම් කළේ අවී මාමාගේ අතින් අල්ලගෙන ඇස් පිය ගහන්නෙවත් නැතුව බලාගෙන ඉදපු මෙතුල මාමා.... සමහර විට ඇයගේ ඒ තුරුණු බව මැකිලා යන මූණේ ඕනවටත් වඩා සලකුණු තිබුනා අවිනාශ්ට උනත් ඒ කවුද කියලා අදුරගන්න.... ඇරත් , මෙතනින් ඇය වේඝර්ණ මැදුරේ ජිවත් උන අතීතය මතක තිබුනෙ බර්ඩ්‍රේන් යොරෙල් කෙනෙක් උන අවිනාශ්ට විතරමයි....

" මැඩම් ?? " අවි මාමා කිව්වේ පුදුම තරම් කම්පනයෙන්.... කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් උන වේඝර්ණ ආර්යාව ගාවදි එයාගෙම බාලම පුතාගේ අතින් අල්ලගෙන ඉන්න එක ගැන දැනුන කම්පනයටම අවී මාමා එයාලගේ පැටලිලා තිබ්බ අත් පිටිපස්සට ගන්නවත් ගවීෂ් බලාගෙන.. ඒත් එයා පවා නිශ්ශබ්දව බලන් ඉදියේ ඉවසීමෙන්....

" අවිනාශ් යාදව් ?? මිගු යාදව්ගේ කොල්ලා .... ඒ ඔයාද පුතා ? " ඇය ඇහුවේ , මේ ඇය හොයාගෙන ආවේ කාවද කියලා අනිත් අයට තේරුම් යද්දි.... එතකොට ආර්යාව ආවේ අවි මාමාව හොයාගෙනද ?

" මැඩම් ....? " අවී මාමා තවමත් පැටලිලා.....

" ටයිඩ්‍රැක්ස් එක ඔයාගේද පුතා දැන් ? පහළට ආවමයි සිද්ධ උන දේවල් දැනගත්තේ.... ම්ම්... ඔයාව මුණ ගැහෙන්න නම් තමයි ආවේ.... ඒත් --- " ඇගේ ඇස් එල්ල උනේ අවී මාමත් එක්කම ඉදපු මෙතුල මාමා දිහාවට...

සුදු මාමා තවමත් ඉන්නේ සෑහෙන කම්පනයකින් බව ගවීෂ්ට පේනව... ඇරත් අත්‍තම්මා මේ කිසිම දෙයක් දන්නෙත් නැහැනේ....ගවීෂ් අරවින්ද් දිහා බැලුවේ එයාට හාට් ඇටැක් එකක් නොඑන්න ඒක කියාගන්න විදියක් හොයාගන්න....

අනිත් අතට මෙතුලත් ඇස් ඒ හුරු පුරුදු මූණ ගාව තවමත් ළතවෙන්නේ හිතට දැනෙන හුරුකම නිසාමයි ... ගවීෂ්ගේ පළවෙනි කැගැහීමෙන්ම ඒ කවුද කියලා එයා අදුරගත්තත් තවමත් මෙතුලට තියෙන්නෙ අවිනිශ්චිත ගතියක්.... එයා තමන්ව වදපු අම්මාව මුණ ගැහෙන පළවෙනි වතාව !! අවුරුදු විසි හතකට පස්සේ....!!

" මේපල්... ඒ ඔයාගේ.... " අවිනාශ් හිමින් මිමිණුවේ මෙතුල තවත් අවිනාශ්ගේ අත තද කරගද්දි..... එයා දැනටම ඒක දන්න බව තේරුන අවිනාශ් ඉක්මනින්ම නිශ්ශබ්ද උනේ එයාව සන්සුන් කරගන්න පිටට තට්ටුවක් දාලා..... කොහොමටත් කිරි ඇරෙන්නත් කලින් මෙතුලගෙන් ඈත් වුන ඇයට මේ සැලසුම් නොකල හදිසි හමුවීම තරමක කම්පනයක් වෙන්නම ඕනේ.....

" අම්.. අත්තම්මේ... ඒ මගේ සුදු මාමා.... මෙතුල වේඝර්ණාරච්චි .... "

" ම්ම්..... මං අදුරගත්ත දරුවෝ.... " ඇය සන්සුන්ව කිව්වේ කදුළු පටලයක් බැදිලා තිබ්බ ඇස් සුදු මාමාගෙන් අහකට අරගෙන.... ගවීෂ් ඉක්මනින්ම අත්තම්ම වාඩි කෙරෙව්වේ සනෝශ් ගෙනත් දීපු වතුර වීදුරුව එයාගේ අතට දීලා.... ඇත්තටම ඇය ගාවින් තවමත් එන්නේ වැනිලා සුවදක්.... සුදු මාමාත් තවමත් වචනයක්වත් කතා නොකලට නිශ්ශබ්දවම ෆෑන් එක දැම්මේ ටිකක් සන්සුන් වෙලා....

" මම මේ හමුවීම්වලට ලෑස්ති වෙලා ආවෙ නැහැ... කාලය ගෙවිලා කියලා දැනෙන්නේ දැන්... " ඇය මිමිණුවේ ගවීෂ් යන්තමින් ඇදුන හිනාවක් එක්ක අත්තම්මව සන්සුන් කරද්දි......ඇරත් සුදු මාමාගෙන් පවා පෙනුනේ ඇයව හොදින්ම තේරුම් ගත්ත බවක්... එයා නිශ්ශබ්දව අතීත වේඝර්ණ ආර්‍යාවට ආචාර කලේ තොල් අතරේ ඇදුන හිනාවක් එක්ක.... වැළදගැනීමකට තරම් දෙන්නටම තවමත් පහසුවක් නෑ කියලා ගවීෂ් දන්නවා....

ඇගේ රතු පාට ඇස් ඊළගට අරවින්ද් දිහාවට හුරු පුරුදු හැගීමකිනුත් ආයෙමත් මියුන් දිහාවට තරමක තිගැස්මකිනුත් එල්ල වෙනවා ගවීෂ් බලාගෙන.... එයා අදුරගන්න ඕනේ...... ඔව් ඉතින් , ඕනේ කෙනෙක් දැක්ක ගමන් මියුන්ව නම් අදුරගනියි අහවලාගේ පුතානේ මේ කියලා.... ඊළගට ඇය දිහා එල්ලවෙලා තියෙන රතු ඇස්... නිල් ඇස්.... ඇය ඇත්තටම පුදුම වෙන්නම ඕනේ.... මේ තරමට දේවල් සිද්ධ වෙලා තියෙද්දි වෙද්දි ඇය පුදුම වෙන්නම එපැයි.....

" අරවින්ද් ... කොහොමද පුතා ? " ඇගේ වචනවලට අනිත් අයගේ අවධානේත් අරවින්ද්ට එල්ල උනේ උරුමයන් දෙක හොරෙන්ම මීට කලින් ආර්‍යාව බැහැ දකින්න ගිහින් තියෙන බව ආයෙම වතාවක් ඔප්පු වෙද්දි...... ගවීෂ් අරවින්ද් මූණට මූණ බලාගෙන ආයේ කිසි දෙයක් ඇහුනේ නෑ වගේ ප්‍රශ්නේ මග ඇරියේ අරවින්ද් හොදින් කියලා කියන්න විතරක් විනීතව ඔළුව වනද්දි .......

" මෙහෙ එනවා.... මේ අත්තම්ම.. " ගවීෂ් ඩියෝන්ව ඇදලා ගත්තේ ඩියෝන් අතීත වේඝර්ණ ආර්යාවට ආචාර කරද්දි.... ඒ රතු ඇස් දිහා ඇය බලන් ඉදියේ සන්සුන්ව......

" මේ යුවනිදු මේඝවර ? " ඇය ප්‍රශ්න කළේ සැහෙන උනන්දුවෙන්.... ගවීෂ් විතරක් නෙවේ ඩියෝන් පවා එතනම ලොක් උනේ ,මෙතුලගේත් මූණ හිස් වෙද්දි... තහනම් කලාපේ කිසිම තොරතුරක් නොදැන කල් ගෙවපු ඇය කොහොම දැනගන්නද තමන්ගේ ලොකු මුණුපුරාට අත්වෙච්ච ඉරණම ගැන ? ගවීෂ් , සෑහෙන අමාරුවෙන් තොල් අතරට හිනාවක් ගත්තේ ලොකු හුස්මක් අරන්....

" මෙයා මට වඩා ලොකුයි වගේ පේනවද අත්තම්මේ ? " ගවීෂ් හිනාවෙලා ඇහුවේ ඩියෝන්ව උරහිසෙන් අල්ලලා ඉස්සරහට අරගෙන.....

" එතකොට මේ ඔශිව්ද ? " ඇය ඇහුවේ අඩු නොවුන උනන්දුවෙන්.....

" ඔව් අත්තම්මෙ... " ඩියොන් ඔළුව වැනුවේ සේරටම කලින් කොල්ලගේ අතේ තිබ්බ ටැටූ එක ඇගේ ඇහැ ගැටෙද්දි ... ඒත් එක්කම ඇගේ මුවග ඇදුනේ ලා හිනාවක්.... ඔන්න අපේ ඩියෝන් සීතල උන මොහොත....

" ටැ-ටැටුව දැකලා චරිතේ කියන්න බෑ අත්තම්ම... " ඩියොන්ට ගොනා සේ කියවුනෙ ගවීෂ් එ ගවයා දිහා ඉණට අත් දෙක තියන් බලන් ඉද්දි.... පටන් ගත්තනේ බයිල කියවන්න....

" ඇයි මොකද බැරි ? ඔය තියෙන්නේ.... ෆීනික්ස් ශීර්ෂය... ඒ කියන්නේ අළු ගහලා නැගිටීම.... එතකොට හිබෲ සංකේත..... තව මේ සුදු මකරා.... පිවිතුරු හැගීම...... " ඇය බොහොම උනන්දුවෙන් විස්තර කළේ ඩියෝන් පළවෙනි වතාවට නසරාණි වැඩක් කරලා පවුලෙන් හොද අහන ගැම්මෙන්ම උගුර පාදද්දි.....

" එතකොට මෙ ගස් ගදයෝ ටික.... " ගවීෂ් අරවින්ද්ට සන් කළේ ටිකක් සන්සුන්වෙලා ඉදපු මෙතුල මාමාත් එයාලා ගාවින්ම ඇවිත් වාඩි වෙද්දි.... එයා කොහොමටත් ඉක්මනින් නිවෙන විදියේ චරිතයක් වුන එකම ලොකු දෙයක් කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවටල්වලට තමයි......

" මේ ඉන්නෙ මගේ පොඩිම මල්ලිලා දෙන්න මැඩම්.... සනෝශ් ආශාක්‍යසිංහ ... අරයා තනෝශ් ආශාක්‍යසිංහ ..... මේ ලොකු මල්ලි මියුන් ආශාක්‍යසිංහ ... " අරවින්ද් කිව්වේ ඇයට පැහැදිලිව ඇහෙන විදියට.....

" අමාරු නෑ ඒක කියන්න..... " ඇය සන්සුන්ව කිව්වේ මියුන් යන්තන් ඔළුව පහත් කරලා විතරක් අතීත වේඝර්ණ ආර්යාවට ආචාර කරද්දි..... හැපූ !ඉතින් පුළුවන් ද කරන්න ?? මූණේ හිනාවක පොදක්වත් නෑ......

" දෙය්යනේ ඒ හිතුවක්කාර හැසිරීමත් එහෙමම ඇවිත්!! " ඇය සන්සුන්ව හිනා උනේ , ඇය අදහස් කලේ මොකක්ද කියලා තේරුන මෙතුලයි ගවීෂ්නුයි මූණට මූණ බලලා හිනා වෙද්දි.....

" අත්තම්ම මෙහෙ ඉන්නවද ? "

" නෑ දරුවෝ... මම ආවේ මේ දරුවගෙන් දෙයක් දැනගන්න... " අත්තම්මා ඒ සන් කළේ අවිනාශ් දිහාවට.....

" මැඩම් ? "

" ඔය දරුවා ඒ කාලෙත් ටයිඩ්‍රැක්ස් එකෙ ඉදියානේ....... මට දැනගන්න ඕනේ එයා නැති වෙන්න කලින් අන්තිම කාලේ සිද්ධ උන දේවල්.... ඔයාට මතක හැමදේම...!!! " ඇය පැහැදිලිව අණ කරන හඩකින් කිව්වේ ගවීෂ් අරවින්ද් දෙන්නම අවිනාශ් දිහ බලද්දි.... ඔව් , අවී මාමායි සුදු මාමයි අතර තියෙන ඒජ් ගැප් එකත් එක්ක බැලුවම අවී මාමා ඒ කාලෙ සෑහෙන දෙයක් මතක තියෙන්න පුළුවන් වයසක... !! ඇරත් මීට කලින් එයාගෙන් සිනල්‍යා වේඝර්ණාරච්චි ඝැන දැනගත්තට භාතිය ආශාක්‍යසිංහ ගැන අහලා නැති බව උරුමයන් දෙකටම මතක් උනේ දැන්...

ගවීෂ් ඩියෝන්ට එළියට යන්න කියලා සන් කලේ අරවින්ද්ගෙනුත් ඒ ඕඩර් එකම ලැබෙන බව කලින්ම තේරුන මියුන් , සනෝශ් , තනෝශ් දෙන්නත් කිසිම වචනයක් නැතුව එළියට බහිද්දි....

" දැන් හරිද ? " හේමා ආර්යාව ඇහුවේ ගවීෂ් වටේ තරංග මුද්‍රා තියන්න ඇස් හෙමින් වහද්දි.... ටික වෙලාවක් තිස්සෙම ඇගේ ඇස් නැවතිලා තිබුනේ ඇගේම මුණුපුරා මොහොතකට කලින් කරපු දේ ගාව... ඒක වේඝර්ණ උරුමයකින් දකින්න පුළුවන් විශේෂම හැකියාවක් බව ඇය දන්නවා.. ඇයගේ තත්පර ගාණක ආඩම්බරකාරී බැල්ම මදහසකින් සගවාගත් ඇය ආයෙම අවධානේ යොමු කළේ අවිනාශ් දිහාවට ....

" භාතිය ආශාක්‍යසිංහට ටයිඩ්‍රැක්ස් එක එක්ක සම්බන්ධයක් තිබ්බද ? " ඇය අහන පරක්කුවටම අවී මාමා ඔළුව වැනුවෙ එයාට ඒ බව පැහැදිලිව මතක බව අගවලා.....

" මැඩම්, මෙයා මට සේරම කියලා නෑ.... මමම හිතාගත්තු මන්ස්ගාත තමා තියෙන්නෙ..." අවි මාමා ඉස්සෙල්ලම කිව්වේ සුදු මාමාව ඉගි කරලා... ඔව්, සුදු මාම කවදාවත් පවුලේ දේවල් අවී මාමා එක්ක බෙදාගත්තෙ නැ වගේම අවී මාමත් ඒ ගැන ප්‍රශ්න නොකර ඉන්නත් හැමතිස්සෙම පරිස්සම් උනා.... ඒකමයි ලොකු අම්මා ගැන ඇහුවට භාතිය ආශාක්‍යසිංහ ගැන වචනයක්වත් එයාලා මේ මොහොත වෙනකන් අවී මාමාගෙන් අහලා නැත්තේ .....

" මං හිතන්නේ.... මියුන් මැන්ස්ගෙ අම්මා වෙන්ඩේ අපෙ මෙතූගේ ලොකු අක්කා ? " අවිනාශ් ඇහුවේ එයා හිතන දේ හරිද කියලා තහවුරු කරගන්න....

" ඔයා බය නැතුව කියාගෙන යන්න අවී... " මෙතුල කිව්වෙ අවිනාශ්ගේ බාහුව තද කරලා අල්ලගෙන ....

" මං මේ දේවල්වලින් මෙතූගේ ලොකු අක්කා ගැන හැම විස්තරයක්ම දෙතුන් පාර මෙයාට කියලා තියෙනව මැඩම්.... ඒත් මාස්ට භාතිය ගැන කියලා නෑ.... මට ඒක වැදගත්කමක් පෙනුනේ නෑ මැඩම්.... " අවී මාමා කිව්වේ ගවීෂ් , අරවින්ද් දෙන්නම අත් බැදගෙන අවධානෙන් අහන් ඉද්දි.....

" මට දැනගන්න ඕනේ , ඒ දවස්වල මොනවද හරියට උනේ කියලා දරුවෝ... මේක මෙහෙම වෙන්න වගේම ඒ කොල්ලා ජිවත් වෙන බවවත් මම නොදැන ඉන්න හේතුව ..... " ඇය ඇහුවේ සන්සුන්ව....

" ඇත්තටම දවස් දෙක තුනකට කලින්..... මාස්ට සිනල්‍යා ඉදපු රූම් එකට මාස්ට භාතිය ආවා... එයාලා කෝමාත් පොඩ්ඩ ඇත්තන් වංශ අල්ලන් ඇවිළෙන නිසා මට ඒ දවස්වල ඒක තේරුනේ ඒම රණ්ඩුවක් විදියට මැඩම්... මතක විදියට මාස්ට භාතියට හොදටම තරහා ගිහින් ඉදියේ... එයා තමයි ගොඩක් ඒවා කුඩු කලේ.... අපි කවුරුත් එයාව එහෙම දැකලා තිබ්බෙ නෑ මැඩම්.... එයාලා ගොඩක් කලබල කලාම මමා කිව්ව මට සේරම දොරවල් වහන්න කාටවත් එන්න දෙන්න එපා කියලා.... "

" හරි අවිනාශ්..... කියන්න... " ඇය කිව්වෙ තවදුරටත් මෘදු හඩකින්....

" මම දන්නැ එයාලා ගොඩක් වෙලා වාද කලා මැඩම්..... එදා මමා මට කිව්ව කිසිම කෙනෙක්ට ඒ ගැන කියන්න එපා කියලා... අන්තිමේදි මාස්ට භාතිය ගියා.... ඒ වෙනකොට විලේජ් එකේ තිබ්බ කලබල ටිකෙන් ටික විසදිලායි තිබ්බේ... ඒ සිද්ධිය විතරයි මට මතක මැඩම්..... "

" මමා ඔයාට ඒ රූම් එකට යන්න දුන්නෙ නැ ?"

" මමා මට තහනම් කරලා තිබ්බේ මෑම්... " අවිනාශ් කිව්වේ හැමෝම ආයෙ නිශ්ශබ්ද වෙද්දි.....

" ඊට කලින් සතියේ ආව ගිය වේඝර්ණලා කවුද ? "

" එහෙම මතකයක් නෑ මෑම්.... අහ්.... ඕනේ නම් බලන්න පුළුවන් පරණ ලොග් බුක් එකෙන්....... " අවිනාශ් කිව්වේ ගවීෂ් දිහා බලලා....

" ඒම කවුරුත් ඇවිත් නෑ අත්තම්මෙ මම චෙක් කලා... " ගවීෂ් කිව්වේ අරවින්ද් ඒක තහවුරු කරන්න ඔළුව වනද්දි...

" මට හොයාගන්න ඕනෙ කාත් එක්කද මේ දරුවට ඝර්ෂාත්මය තියෙන්නේ කියලා..... මොකද අපි එයාව හංගන්න ඕනේ ඉස්සෙල්ලම.. " ඇය බොහොම කල්පනාවෙන් කිව්වේ මෙතුලගෙත් , අරවින්දගෙත් ඇස් ගවීෂ් දිහාවට හැරවෙද්දි...

" හංගන්නේ ? " ගවීෂ් වෙනසක් නොපෙන්නාම ඇහුවෙ ඇගේ මීළග පිළිතුර බලාපොරොත්තුවෙන්..

" සිනල්‍යා හරි මුරණ්ඩු කෙල්ල පුතා..... මොකක් හරි හේතුවකට එයා බන්ධනය කරද්දි වේඝර්ණ ලේ තියෙන ඕනැම කෙනෙක්ට කොල්ලව කන්ට්‍රොල් කරන්න චාන්ස් එක දීලා තියෙනවා... මම හිතන විදියට ඒ නියම වේඝර්ණ මාලේ හරහා... ඒත්, අනිවාරෙන්ම බන්ධනයේ අයිතිකරු විදියට තෝරන්න ඇත්තේ පුතාට කරදරයක් නෙවේ කියලා ඇයට විශ්වාසම කෙනෙක් වෙන්නත් ඕනෙ.... මම හරි නම් දෙවෙනි පෙළ කෙනෙක් ?? "

" අහ්හ් ? "

-- මට හොයාගන්න ඕනේ කවුද ඝර්ෂාත්ම හිමිකරු කියලා... ඒ වගේම ආශාක්‍යසිංහ මැන්ශන් එකේවදි කවුද කොල්ලාගේ මාලේ මාරු කලේ කියලා... අනිවාරෙන් එයා ලොකු වෙද්දි කවුරුම හරි ඒ මාලේ දිග මාරු කරලා තියෙනවා..... " ඇය සන්සුන්ව කිව්වේ අරවින්ද් මෙච්චර වෙලා බැදගෙන ඉදපු අත් පහළට දාලා කොන්ද කෙලින් කරගනිද්දි....

" ඒ කියන්නේ මට එයාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් මං වේඝර්ණ කෙනෙක් නිසා විතරද ? " ගවීෂ් ඇහුවේ ඇගේ ඇස් කල්පනාවෙන් සිහින් වෙද්දි....

" ඒ කියන්නේ මාලේ ගලවපු වෙලාවක ඔයා එහෙම උත්සහ කරලා තියෙනවා ? "

" ඔව්.. අත්තම්මේ ... අනික........ මම තමා ඕක මුලින්ම ඇල්ලුවේ...... " ගවීෂ් කිව්වේ ඔළුවත් කස කස.....

" මට දැන් සේරම පැටලිල ඉන්නේ.... මැඩම් කියන්නේ එතකොට ආශාක්‍යසිංහ මැන්ශන් එකෙ මියුන් ගැන දන්න තව කෙනෙක් ඉන්නවා කියලද ? " ,අරවින්ද් ඇහුවේ ඊළග ඔළුව කරකැවෙන ප්‍රශ්නෙ.......

" ඉස්සෙල්ලා ඔය ළමයි සන්සුන් වෙන්න..... මම සම්පූර්ණ කතාව කියන්නම්.... දෙන්නම වාඩි වෙන්න... " ,ඇය මෘදුව කිව්වේ ගවීෂ් අරවින්ද් දෙන්නම සාලේ සෝෆාව උඩ කලබලෙන් වාඩි වෙද්දි.. දෙන්නටම කතාව අහන්න තියෙන්නේ හදිසියක්....

" ... ඝර්ෂාත්ම බන්ධනය වේඝර්ණලාගේ තහනම් යාගයක්... කෙනෙක්ගේ ශක්ති අරාව මුද්‍රා තියන එක වගේම මනුශ්‍ය අවියක් හදාගන්න තියෙන තහනම් ක්‍රමය.... සිනල්‍යා ඒක දැක්කෙ තමන්ගේ පුතාව ලෝකේන් හංගලා තියන්න පුළුවන් එකම විදිය විදියට.... මුරණ්ඩු කෙල්ල මේ ක්‍රමේ තෝරගන්න ඇත්තෙත් ඒකයි... මේ ගැන හැම විස්තරයක්ම තිබ්බේ , විසිතුන ක්‍රමවෙද තහනම් යාග පොතේ ... ඒත් ඒ වෙද්දිත් ඒක නැති වෙලා තිබුනේ.... ඒත් මේ කෙල්ල කොහොම හරි ඒක කරලා...... " ඇය විරාමයක් ගත් ඇසිල්ලට හැමෝම එකහෙලා ඔළුව වැනුවේ අවධනෙන්.... අවිනාශ්ට මේ ප්‍රධාන පෙළ කතන්දර අණ්ඩර දෙමළ වගේ උනාට එයත් ඔළුව වැනුවේ මෙතුල වනනවද නැද්ද බලලා....

" ඇය ඝර්ෂාත්මයට තේරුවේ තමන්ගේ ලේ උරුම පරම්පරාව , මම විශ්වාස කළෙත් ඇය භාතිය ආශාක්‍යසිංහට ඒ අවස්ථාව දෙයි කියලා... සමහර විට , මොකක් හරි සැකයක් නිසා කෙල්ල තෝරගෙන තිබ්බේ වේඝර්ණලාමයි.... "

" ආශාක්‍යසිංහ උරුමයට ඕන උනේ පොඩි කොල්ලව විතරයි අත්තම්මේ .... මට ඒක--- "

" තිමෞර්ය පුතා !! භාතිය ආශාක්‍යසිංහ ගැන දන්නේ නැතුව ඒ ගැන කතා කරන්න එපා.... " ඇය තදින්ම කිව්වේ අරවින්ද්ගේ කටින් නෝන්ඩි හිනාවක් පනිද්දි.....ගවීෂ් අරවින්ද්ට රැව්වේ කට උල් කරගෙන නිශ්ශබ්ද වෙලා....

" එතන සිද්ධ උනේ මොනව උනත්, මං ඇස් දෙකෙන් දැකලා දන්න කෙනෙක් භාතිය පුතා..... ඒ කාලේ මේ දේවල් වෙද්දි පුතාලා හැමෝම පොඩි දරුවෝ..... සිනල්‍යව නෙරපුව බව මම දැනගත්තේ භාතිය දෙපාරක් හිතෙන්නේ නැතුවම කෙල්ලව මම ගාවට අරන් ආපු නිසා... නෙරපන එක !! වේඝර්ණලාගේ ඒ තරම් අසික්කිත චාරිත්‍ර තව නැහැ.. " ඇය පිළිකුලෙන් කිව්වේ , තමන් දිහාවට එල්ලවුන ඇස් මග අරින්න මෙතුල බිම බලාගනිද්දි... කෝමද කියන්නේ වේඝර්ණ දෙවෙනි පරම්පරාවෙන් එළියට ඇදල දැම්ම දෙවෙනි කෙනා එයා බව....

"... ඒ වෙනකොට ආර්යට තුන් වෙනි පරම්පරාවට උරුමයක් ඉදියා... " ඇය කෙලින්ම කිව්වේ ගවීෂ් දිහා බලලා...

" ම්.. "

" භාතිය පුතාට ඕනෙ දෙයක් කරන්න තිබ්බා.. එයා ඒ වෙනුවට සිනල්‍යාව මගෙ අත් දෙකටම ගෙනත් බාර දුන්නා... මුල් කාලේ කෙල්ල ඉදියේ මාත් එක්ක ...වලෝර දෙවොලෙ.... ඒ වෙනකොටත් ඇගේ කුසේ වැඩුනෙ උත්තරීතර තහනම් වංශිකයෙක්.... කෙල්ල දිගින් දිගටම බය උනා ඒ දරුවට ජීවිතේ දෙන්න.... අපි ඕනෙ කෙනෙක් දන්නවා බර්ඩ්‍රොමිඩා කෙනෙක් ගැන වංශ දෙකේම තියෙන කෑදරකම... බය... හැමදේම... භාතිය ආශාක්‍යසිංහ දරුවට ආදරෙ කළා කියන්න මට ඕන තරම් හේතු තියෙනවා ... තිමෞර්ය පුතා , අරවින්ද් පුතා දන්නවා සාමාන්‍ය විලේජ් එකේ ඉදන් වලෝර දෙවොලට එන්න කොච්චර අමාරුද කියලා.... එහෙම නේද ?? " ඇය ඇහුවේ ගවීෂ් නිශ්ශබ්දව තොල් තද තද කරගනිද්දි....

" භාතිය පුතා දවසක්වත් , අඩුම එක දවසක්වත් නෑවිත් ඉදියේ නැ.... උරුමය වෙන්නැති ....ඒත් හැම වැඩේම පැත්තට දාලා දුවන් එනවා... ඒ මාස ගානම එයාට නින්දක් තිබුනා කියලා හිතන්න අමාරුයි.... වලෝර දෙවොල කියන්නේ අතැරල දාපු දේවාලයක් දරුවෝ.... ඉස්තරම් කැම නැ.... යන්තන් බඩගින්න නිවාගන්න අලජාති කන්නයි මමත් හුරු වෙලා ඉදියේ ..... ඒක නිසාම අර කොල්ලාගේ වැඩේ සිනල්‍යා කන්න ආස හැමදේම හොය හොය ගෙනත් දෙනවා... අත පය හූරන්, කූඩැල්ලෝ අත පයේ එල්ලන් සේරම වැඩවලින් පස්සේ එයා එහෙම දුවන් එන්න ඕනේ ද පුතා එයාට ඕන වුනේ ළමයව විතර නම් ? "

" ඇතිද උබට !" ඒ අස්සේ අරවින්ද් මිමිණුවෙ ගවීෂ් තොල් තද කරගෙන නිශ්ශබ්ද වෙද්දි.... ම්හ්... ඒ වුනාට ඉතින් -

" ආඝර්ව ඉපදුනේ වලෝර දෙවොලම තමයි... පුරාවෘත්තවල කියවුනා වගෙම කොළ පාට ඇස් දෙකක්..... ඇගිලි පුරුක් දෙකක් විතර චූටි අත්.... එදා තමා මම භාතිය පුතා අඩනවා දැකපු එකම දවස.... ඇත්තටම !!! සිනල්‍යාට දරුවට වඩා නළවන්න අමාරු උනේ දරුවගේ තාත්තව... " ඇය ආයෙම විරාමයක් ගත්තේ , වතුර වීදුරුව අතට අරන්....

" ඒත් පස්සේ දවසෙම මේ මුරණ්ඩු කෙල්ල දරුවව භාතිය ගාවට අරන් යනවා කියලා ගියා... ඒ තමයි මම කෙල්ලව දැකපු අන්තිම දවස.....ඒත් අඩුම එයා ඒ ගැන භාතිය පුතාට කියලාවත් නැති බව මම දන්නේ පහුවදා භාතිය පුතා වලෝර දෙවොලට ආවම... එතනින් පස්සේ හැම දේම වෙනස් උනා... කෙල්ලව මැරුවේ කවුද කියලා මම අදටත් දන්නෑ , ඒත් මම මෙච්චර කල් හිතන් ඉදියේ පොඩි දරුවත් ජීවතුන් අතර නැතුව ඇති කියලා.... ඒ වගේම එදා සිනල්‍යා වලෝර දෙවොලින් ගියාට පස්සේ වේඝර්ණලාගේ උත්තරීතර ජගුවර් ආත්මය අතුරුදහන් උනා.. "

" අහ්හ් ??? අත්තම්ම දන්නවද ජගුවර් ආත්මය මාස තුන හතරකට කලින් ආයේ මතුවුනා කියල ? "

" දන්නවා !! ඒකේ තේරුම කවුරු හරි ඝර්ෂාත්මය කඩන්න හදලා තියෙනවා... " ඇය සන්සුන්ව කිව්වේ ගවීෂ්ගේ උරහිස් සීතල කරගෙන.... ඒ කියන්නෙ තව කවුරුම හරි මේ ගැන හොයනවා ....

" වෙන්න බෑ... මියුන් ඉදියේ එළියේ මැඩම්.. "

" දරුවෝ, ඇත්තටම ඝර්ෂාත්මය කඩන්න බැහැ, ඒ බන්ධනේ හිමිකරුව ඝර්ෂාත්මය අතින් මරන්නේ නැතුව... ඝර්ෂාත්මය කියන්නේ ආඝර්වගේ බලය හංගලා තියාගන්න දේ විතරයි ... ඒත් ඒ මාලේ අතේ තියෙන ඕනෙම කෙනෙක්ට පුළුවන් බර්ඩ්‍රොමිඩා ආත්මයට අණ කරන්න.... ඒ වෙලාවේ ආඝර්වව පාලනය කරන කෙනා මාලේට අත තිබ්බත් ඇති ඒ බලගතු ආත්මය දණ ගහගන්න.... තිමෞර්ය පුතා එහෙම කරලා තියේ කිව්වේ ? "

" ඔව් !! ඒත්... ජගුවර් ආත්මය ආයේ මතුවුන කියන්නේ කවුරුහරි බන්ධනේ කඩන්න හදලා තියේ කියන එකද ?? ඒත් -- " ගවීෂ් නවත්තගත්තේ පපුවෙන් දැනෙන අමුතු හිරිවැටීමට.....

" මැඩම් , ඝර්ෂාත්මයේ හිමිකරුගේ බලජාන අක්‍රිය උන වෙලාවක එහෙම පුළුවන් ද ? " අරවින්ද් කලබලෙන් ඇහුවේ ගවීෂ්ගේ වෙව්ලන අත්වල වැලමිට හරියෙන් අල්ලගෙන එයාව සන්සුන් කරගන්න අතරේ..... ඔව් , ගවීෂ් දුර්වල උනේ එදා... කෙනෙක්ට බන්ධනයට ලේසියෙන්ම අභියෝග කරන්න පුළුවන් උනේ ඒ කාලේ.....

" මට මේක කියන්න දරුවෝ... ඔයාලා දන්නවද ඝර්ෂාත්ම හිමිකරු කවුද කියලා.... ?? "

" අපි හිතනවා, ඒ ගවීෂ් කියලා..... " මෙතුල මිමිණුවේ ආර්යාවගේ ක්ෂණික සැනසීමක් ඇදුන ඇස් ගවීෂ් දිහාවට එල්ල වෙද්දි..... ඒත් එක්කම ප්‍රශ්නාර්ථයකුත්....

" මාලේ පළවෙනි පාරට අල්ලද්දි ඔයාගෙ ඇස්වල පාට , සාමාන්‍ය පාටින් වෙනස් වෙලා තියෙනව ද තිමෞර්ය පුතා ? " ඇය සන්සුන්ව් ප්‍රශ්න කලේ ගවීෂ් තව නොසන්සුන් වෙද්දි... අරවින්ද් එයාගෙ බාහුව තද කරලා අල්ලන් බව කොල්ලට තේරෙනවා.....

" එහෙනම් ඒකයි හේතුව ඒ ඇස්වලට.... කළු පාට ඇස් එක්ක රතු පාට වළල්ලක් ? " මෙතුල සන්සුන්ව ඇහුවේ ගවීෂ් තව නොසන්සුන්වුන බව තේරුන අරවින්ද් උගේ කරටත් අත දාගනිද්දි.... ඌ ඇයි කියලා සන් කලේ ගවීෂ්ට දාඩියත් දාලා බව හොදටම පේන නිසා.......

" ඔව් !! ඒ කියන්නේ එහෙම වෙලා තියෙනවා ?? "

" ම්... ලොකු අක්කා මෙයාව බාර දුන්න දවසේ එයාගේ ඇස් ඒ වගේ වෙලා තිබුනා ටික වෙලාවක් යනකන්... මම හිතුවේ හිතළුවක් කියලා...මොකද ආයේ සමාන්‍ය විදියට ආවා ඉක්මනින්ම........ " මෙතුල උත්තර දුන්නේ සන්සුන් විදියට....

" වෙන්න පුළුවන් ....ඒ ඝර්ෂාත්මය ඇති වුන බවට සලකුණ.... එක පාරයි...."

" ඒ විදියට ඇස් වෙනස් වෙන්නේ ඝර්ෂාත්මය පළවෙනියටම හැදෙද්දි විතරද ??? ඒත් දෙවෙනි පාරටත් එහෙම වෙනවා නම් ?" ගවීෂ් අමාරුවෙන් වචන ගැළපුවේ අනිත් හැමෝගෙම ඇස් එයා දිහාවට එල්ල වෙද්දි....

" මේ ඇස්....... වේඝර්ණලාගේ සාමාන්‍යයෙන් වෙන දෙයක්ද ? " මියුන්ගේ වචන එයාගේ ඔළුවේ දෝංකාර දෙනවා....

" ගවීෂ් ?? ඒක දෙවෙනි පාරටත් උනාද ? " සුදු මාමාගේ ප්‍රශ්නේට ගවීෂ් ඔළුව වැනුවේ හේමා ආර්යාව භයානක විදියට නිශ්ශබ්ද වෙද්දි.....

" ඒක උනෙ ජගුවර් ආත්මය මතු වුනාට පස්සෙද දරුවෝ ? "

" ඔව්... ! ඒ සිද්ධියෙන් මාස තුන හතරකට පස්සේ මම මාලේ අල්ලපු පළවෙනිම සැරෙ.... අහ්හ් !! එදා මම මාලේට අත තිබ්බට එයාට මුකුත්ම උනේ නැ... මට ප්‍රශ්නයක් නැතුව මාලෙ අල්ලන්න පුළුවන් උනා.... !! " ගවීෂ් කිව්වේ ඒ වෙනකොටත් හැමදේම එයාටම තේරුම් යද්දි.... ඔව් හැමදේම හොදට ගැළපුනා..... භයානක නිශ්ශබ්දතාව ඇතිවුනේ ගවීෂ්ට වඩා අරවින්ද් නොසන්සුන් වෙද්දි.... ඔව් , ගවීෂ් ඇරෙන්න වෙන වේඝර්ණ කෙනෙක්ට මියුන්ව කන්ට්‍රොල් කරන්න පුළුවන් නම් අරවින්ද් කොහොම සන්සුන් වෙන්නද ?

" හ්ම්ම්.... වෙන්න පුළුවන් දේවල් දෙකයි.... එකක් ඝර්ෂාත්මයට පිටින් කෙනෙක් බලපෑම් කරලා තියෙනවා.... නැත්තන් , ජගුවර් ආත්මය මතු වුනා කියන්නේ කවුරුම හරි වේඝර්ණ කෙනෙක් එයාගේ මාලේ ගලවලා අරන් තියෙනවා.... ඒ ගත්ත කෙනා මේ වෙද්දි දන්නවා එයා බර්ඩ්‍රොමිඩා කෙනෙක් බව !! "

.
.
.
.
.
.
.
.
.
.

.
.
.

- මතු සම්බන්ධයි -

#ශල ලල ලලා..
වලංටයිම් සප්‍රයිස්...🫢🫢

ඝර්ෂාත්මය කියන්නේ මොකක්ද කියලා තේරුනේ නැත්තන් මියුන් කියන්නේ කුලියට දෙන එයා කූලර් එකක් කියලා හිතන්න... අයිතිකාරයා ගවීෂ් .. ඒත්වෙලේ රෙන්ට් එක ගෙවන කෙනාට පාලනේ කරන්න පුළුවන් . ඒත් ගවීෂ් ඉල්ලුවොත් දෙන්න ඕනෙ . සරලයි. 😂🫢*

Continue Reading

You'll Also Like

437K 85.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
176K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...