2023.December.25
11.30.p.m
නේෂි...නේෂි...නේෂි...
නේෂි...නේෂි......
හැම අතින්ම දෝංකාර දෙන්නෙ මගෙ නම.. "නේෂි" මේතරම් ආදරේ මැද්දෙ මං හොයන ආදරේ උණුහුම දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද..
ආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා...
සමනල් සිහිනය පි පු නා...
දේදුනු රේඛා - දෑසම තවරා..
තවමත් මල් සිත - බලා සිටිනවා..
මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා..
අදුර මැදින් එන්න සදලියේ...
ලොකු stage එක්ක ගෙව්න විනාඩි කීපය ඇතුලත කියන තුන් වෙයි සිංදුව..
දේදුනු සායම - දෑස බොඳ කල
මාලති යායක හැලිලා...
මාලති යායක හැලිලා...
සීතල හිම කදු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා...
" Merry Christmas... love you all...
thank you"
✽ මිනායු නේෂත්
රටක් හදුනන ජනප්‍රිය ගානය ශිල්පී මිනායු නේෂත්..වයස අවුරුදු 25යි..නෑ 26 වෙන්න තව පැය කීපයයි..
හැමෝගෙම අත්පොලසන් මැද මං stage එකෙන් බැස්සා..
" සර් මේ වතුර එක.."
" thanks "
" මයුමි රංජිත් අන්කල්ට කෝල් එකක් ගන්න..වෙහිකල් එක අරන් එන්න කියන්න..මට ගොඩක් මහන්සි මෙහෙම්ම ගෙදර යන්න ඕනි.."
" සර් රංජිත් අන්කල්ට අසනීප වෙලා hospital එක්කන් ගියා නේ..සර්ගෙ වෙහිකල් එක තියනවා මං driver කෙනෙක්ව එවන්නම්.."
" සර් ටිකක් රූම් එකේ රෙස්ට් කරන්න.."
" ah noo no.. මං යන්නම්..කී එක දෙන්න.. මයුමි කොහොමද යන්නෙ මං ඩ්‍රොප් කරන්නද.."
" යන්නනම් විදිහක් නෑ තාම.."
" its ok මාත් එක්ක යන්..මගෙ බෑග්ස් ටිකත් අරන් එන්න.."
දවස් දෙකක් තුනක් තිස්සෙ ශෝව්ස්වල සින් කරන්නෙ..Christmas නිසා ගොඩක් invite ආව..බෑ කියන්නත් බැරි නිසා ඔක්කොටම යන්න උනා..ඒ අස්සෙ driver අසනීප වෙලා..පව් වයසක මනුස්සයා..පොඩි කාලෙ ඉදන් මගෙ driver..මිනිහගෙ හිත හරි හොදයි එයාගෙම පුතෙක්ට වගේ මට සලකන්නෙ..මොන උනාද දන් නෑ හෙට ගිහින් බලල එන්න ඕනි..
බෑග්ස් ටිකත් පිටිපස්සෙන් තියලා මං driver sheet එකේ වාඩි වෙලා sheet belt දා ගත්තා..මයුමිවත් මගින් ඩ්‍රොප් කරන් යන්න ඕනි..
පණ්ඩිතකමට යන්න ගියාට හිතේ හයියෙන් යන්නෙ..මට ගොඩක් මහන්සී..
ඔව් හැම අතින්ම මහන්සී..මාව ආදරෙන් තුරුල් කර ගන්න කෙනෙක් හිටියනම්..මං ආදරේ කරන කිසි කෙනෙක්ට මං ලග වැඩි කල් ඉන්න වෙන් නෑ..හැම අතින්ම මං තනි වෙලා..මගෙ හිතේ වේදනාව දන්නෙ මං විතරයි..නේෂි නේෂි කියලා කෑ ගහන කිසි කෙනෙක් ඒ වේදනාව දන්නෙ නෑ..
" මයුමි මට පාර කියන්න ඔයාව ඩ්‍රොප් කරන්න ඕනි තැන.."
" මෙතනින් කොහෙටද.."
" වමට සර්."
" හරි.."
" ඔතනින් ආයෙ වමට..හරි සර්..තව ටිකක් ඉස්සරහා.."
මයුමි මගෙ office එකේ secretary..office එකේ වගේම මගෙ music වැඩ ගැන බලන්නෙත් එයා.. මොනා උනත් හරි හොද කෙල්ල..
✽ මයුමි.
" ඉස්සරහ නිල් පාට ගේට් එක ලග සර්.."
" මෙහෙ නෙවෙයි නේ ඉස්සර හිටියේ.."
" නෑ සර් මං දැන් boyfriend එක්ක ඉන්නෙ.."
" අහ්.."
" thankyou සර් පරිස්සමින් යන්න.. happy birthday සර් "
" thanks මයුමි.."
" ඔයා ආවද බබා.."
" ඔව් සර් එක්ක ආවෙ.."
" අහ් නේෂි සර්..happy birthday සර්.."
" thankyou.. එහෙනම් මං යන්නම්.."
" හරි සර්.."
මයුමිගෙ boyfriend කොල්ල හැන්දකුත් උස්සන් ආවෙ..කෑම හදන ගමන්ද කොහෙද..එයාල හරි ආදරෙන් ඇති..මයුමිට ගොඩක් ආදරේ ඇති මහන්සි වෙලා ගෙදර එද්දි කෑමත් හදලා..ම_ මට ඒ වගේ ජීවිතයක් ගත කරන්න ලැබෙන්නෙ කවද්ද..
කවදාවත් මට ආදරේ විදින්න වෙන් නැද්ද..අම්ම අප්පච්චිගෙ ආදරේවත් ලැබුන් නැති මහ කාලකණ්ණියෙක් මං..මට මාස හතයි ඒ දෙන්න නැති වෙනකොට..දෙයියනේ මට ඒ දෙන්නගෙ මූණුවත් මතක නෑ..ටිකක් තේරෙන කාලෙ එද්දි පුංචි තමා 4to එකක් හරි පෙන්නුවෙ..පුංචි තමා මාව හදා ගත්තේ.. අම්මගෙ නංගි..එයාටත් ඒ වෙද්දි අව්රුද්දක ළමයෙක් හියියා..මගෙ තියන පව්කාර කමට පුංචිටත් අපිව දාල යන්න උනා..මට වයස 18යි..කැන්සර් එකක් නිසා එයත් අපිව දාල ගියා..
එතනින් ඉස්කෝලේ ගමනත් නැවතුනා..අප්පච්චිගෙ තිබ්බ business වලට සීයාතාත්තා මාව join කර ගත්තා..ගොඩක් මහන්සි වෙන්න උනා ඒව ආයෙ උඩට ගන්න..පොඩි කාලෙ ඉදන් සිංදු කියන්න තිබ්බ ආසාව නිසා music field එකට ටික ටික join උනා..ඒක තමයි මට සැනසීමකට තිබ්බෙ..ඔව් මං දැන් ගොඩක් ජනප්‍රිය ගායකයෙක්..මගෙ අම්මට ලස්සනට සිංදු කියන්න පුලුවන්ලු..පුංචි මට නිතරම කියපු දෙයක්..මං පොඩි කාලෙ නැලවිලි ගී කියලා මාව නලවද්දි අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙනවලූ..මගෙ රූපෙ ගතිගුණ හැමදේම අම්ම වගේලු..
මට 23 වෙද්දි ඉස්සර අප්පච්චිගෙ යාලුවෙක්නෙ දුවෙක්ව මට propose කරා..සිනෙල්‍යා..කෙල්ල නරක නෑ හරි අහිංසකයි ලස්සනයි..එයත් නැති වෙලා දැනට මාස හතරක්..ලබන අවුරුද්දේ මැරි කරන්න හිටියේ..මං හරිම පව්කාරයි..එදයින් පස්සෙ අත්තම්ම මාව දකිය දකිය සැරේට මට කාලකණ්ණියා තෝ ඔක්කොලාම මරා ගන්නව කියල බනිනව..මං කොහොමද ඉවසන්නෙ මේව..සිනෙල්‍යා නැති උනත් හරි මං තීරනේ කරා කිසිම කෙනෙක්ට ලන් වෙල් නෑ කියලා..ඒ නිසාම තමා kandy ආවෙ..අම්මගෙ ගෙදර..ලොකුම ලොකු වලව්වක මං තනියම ජීවත් වෙනවා..
තවත් බෑ මට මහන්සී ඇස් දෙක පිය වෙනවා.. Colombo ඉදන් kandyවලට යන්නෙ මං මේ..drive කරන්න අමාරුයි..කොහෙ හරි නවත්තනවද..නෑ තව ටික දුරයි..ඔහොම්ම යන්..පාන්දර පහටත් ලගයි..
දෙයියනේ මගෙ ඇස් පිය වෙනවා..මං මොකද කරන්නෙ..
නෑ මට හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ..ඉස්සරහ තිබ්බ පල්ලමෙන් පල්ලෙහට කාර් එක පෙරලුනා..මට බයයි මං මැරෙයිද..මොකක්ද මේ උනේ..හිතා ගන්න බෑ..