- Plot 23 -

By Bulbz_D

866K 114K 39.6K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 94 -

6K 835 411
By Bulbz_D

'' ඔහ් ! මෙන්න එතකොට - ගෑනු ළමයෙක්...!!! ??? ''

මියුන් තාලේට කිව්වේ ඇස් දෙකත් බෝල කරලා ගවීෂ්ගේ ලැජ්ජාවෙන් පිරිච්ච මූණට එබෙන ගමන්.... සැක් !!වනේ හතුරෙකුටවත් මේ වගේ වෙන්න හොද නෑ.... ගවීෂ් කට ඇද කරගෙන , ලැජ්ජ නැතුව ආයේ මල ලේන්සුව අස්සේ දාගත්තේ මියුන්ව නොදැක්ක ගානට....

ම්ම් ? පොඩ්ඩක් ඔහොම නවතින්න.... ඔව් , මේ වෙලාවේ මියුන්ගේ මූණ විස්තර කලේ නැත්තන් ඒක ලොකු අපරාදයක්.. සමාව දෙන්න බැරි අපරාදයක්... දත් සෙට් එකම එළියට දාගෙන සතුට හංගන්න පොඩ්ඩක්වත් මහන්සි නොවුන මියුන්ගේ මූණ.... කහ පාට එළියට හරිම ... හරිම......... ලස්සනයි යකුනේව්ව්.... මේ බලන් ඉන්න විදියට යටිබඩ පුරා ලොකුම ලොකු සර්කස් එකක්.... කතුරු ඔන්චිල්ලාවක උඩ යට යනවා තරං වේගෙන් බඩම ඇඹරෙනවා ද කොහේ....

තමුසේටත් මාර වැඩ තමයි වෙන්නේ ගවීෂ් ... ඉස්සෙල්ලම අර රවාගත්ත මූණට පිස්සු වැටුනා.. ඊළගට ඇස් පිහාටුවලට... ඊළගට කට කෙළවර ඇදෙන පුංචි හිනාවට.... ඒ කාලේනුත් පස්සේ බනිනකොට සැර වෙන මූණට.... නොපෙනන ඈතක් බලාගෙන දාර්ශනික ටෝක් දෙන මූණට ... ඊටත් පස්සේ පොඩි එකෙක් වගේ ගස්සන මූණට... දුක හිතුනම කට පැත්තකට කරන් ඇස් අඩවන් කරගන්න බැල්මට.... දැන් හරිනේ අමාරුව !!! මෙන්න හදුන්වාදෙන අලුත්ම පිස්සුව.... මියුන්ගේ මේ මූණ.... මේ මෝඩ කොල්ලත් දවසින් දවස එයාව පිස්සුවට්ටන එකේ සිමාවකුත් නැ.... ආයේ ආයේ අලුත් දේවල් තියෙන මනුස්සයෙක් ගාව ඒම ඇතියි කියලා හි තෙන දෙයක් තියෙන්න පුළුවන් ද ? ඔව්නේ , මියුන් කොහොමත් තමන්ව එළියට දැම්මේ ටිකෙන් ටික.... පරිස්සමට....

'' ඉතින් , රවන්නත් අමතක වුනා නේ ද ?...'' මියුන් මතක් කලේ ගවීෂ්ගේ සැහැල්ලුවෙලා තිබ්බ මූණට එක සැරේටම හෙන ගැහුවා වගේ රැවිල්ලක් මැවෙන හැටි දිහා බලාගෙන... දැන් ඉතින් රවලා වැඩක් ද ? පිස්සෙක් වගේ කටත් ඇරන් බලන් ඉදියට පස්සේ ? මෙච්චර වෙලා මෙලො සිහිකල්පනාවක් නැතුව එක තැන පිහිදදා තිබ්බ මියුන්ගේ අතට මිනිහා අවධානේ යොමු කලේත් දැන්...

අරවින්ද්ට කටක් ඇරලා කියන්නේ කොහොමද කියපන්කෝ , හරියකට පැයක් කලින් මියුන් නෙවේ මල්සරා ආවත් දිය කරගන්නෑ කියල දහ අතේ දිවුරලා තිබ්බ පපුව දිය කරගෙන අහවරයි කියල....!! නඩුව අහන්න කලින්ම , නිදොස් කොට නිදහස් කරලා ඉවරයි.... ලැජ්ජ වෙයන් ගවිස්.... එව්ව්...

'' මේ... සීතලයි.. බියර් එකක් බොනවා ද ?'' ගවීෂ් ඇහුවේ අත් දෙක සාක්කුවේ ඔබාගන්න අතරේ.. නහයෙන් පිටවෙන හුස්මත් පිටවෙන්න කලින්ම වළාකුළු වෙන තරම් සීතල... මියුන් මුකුත් කියන්නැතුව නැගිට්ටේ ඔළුව වනලා..... කෝමටත් ගවීෂ්ට ඔය අදහස එන්න ඇත්තේ ලේක් එක එහා පැත්තේ තිබ්බ වයින් ස්ටෝර්ස් එක දැක්ක ගමන්ම වෙන්න ඕන කියලා මියුන් හිතාගෙන ඉවරයි... ගවීෂ් ඒ පැත්තට යනකන් මියුන් සද්දයක් නැතුව එයාව ෆලෝ කලෙ , සීතලට හුස්ම මිදෙන විදියට පිට කරලා...

'' කාල්ස්බර්ග් දෙකක් .... ඒහ් මේ... කාල්ස්බර්ග් ෆිට් නේ ?? '' ගවීෂ් ඇහුවේ සාක්කුව අවුස්සන ගමන්ම මියුන් දිහාවට හැරෙන අතරේ...

'' මං බොන්නෑ තිමෞර්ය... ''

''...............?????????? බොරු ? අම්මපා කියහන් ? '' ගවීෂ් ඒක ඇහුවේ මියුන් යන්තං හිනා වෙලා එයාගේ කාඩ් එක සාක්කුවෙන් අරගෙන ගවීෂ්ට පාස් කරද්දි... ඔව් ඉතින් , ඒ පිස්සු කෝලම බියර් එක ඕඩර් කරලත් ඉවර උනාට පස්සේ තමයි කාඩ් එක හොයන්නේ.... හදිසියට අතට අහුවුන සේරම උස්සන් ආවා මිසක , කාඩ් එක තියා කෑෂ් තිබ්බ පර්ස් එකවත් ඒ සාක්කුවේ නෑ කියලා කොල්ලට තේරෙන්නෙ දැන්....

'' නැ මගේක තිබ්බා.. '' ගවීෂ් කිව්වේ ආයේත් සාක්කු චෙක් කරන ගමන්.. සැක්.. නෝන්ඩියේ බැනේ ඉතින්... මිනිහා හොදටම දන්නවා ඌ ඒක ගෙනාවේ නැ කියලා... ඒමයි කියලා ආශක්‍යසිංහ බූදලේ කැලිවලින් රෙද්දක් ඇදගෙන බියර් එකක්වත් බොන්න පුළුවන්යැ.. ඊට හොදයි දුවගෙන දුවගෙන ගිහින් ග්‍රෙගරි වැවට පැනලා හෙම්බිරිස්සාව හදාගෙන මැරෙනවා !... ඒත් යකු බියර් එක !!

'' මේකෙන් ගන්න අංකල්... එකක් ඇති..'' මියුන් කිව්වේ එයාගේ කාඩ් එක ෂොප් එකේ අයිතිකාරයට දෙන ගමන්.. වෙන පැතිවල නෙවේ වයින් ස්ටොර්ස් එකක මේම හැරෙන්න හරි ඉඩක් තියෙනවාට මල් තියලා වදින්න ඕන... හරිම නිස්කලංකයි....

'' එකක් ඇති වෙන්නේ කෝම ද මනුස්සයො.. දෙකක් ඕන අංකල්... '' ගවීෂ් කිව්වේ අතෙන් ලොකුවට දෙකේ ඉලක්කම පෙන්නන ගමන්... බියර් කැන් දෙක අරන් දෙකම ලෝබ නැතුව ගවීෂ්ගේ ඇගේ ගහපු මියුන් පුළුවන් තරම් ඉක්මනට එළියට බැස්සේ ලොකු හුස්මක් අරගෙන... මදැයි පුතේ... කවුද දන්නේ මූ අමද්‍යපයි කියලා...

'' මේ උබ බීලාම නැද්ද? නිකන් බොරු කියන්න එපා ඇ ? අර හෙන ටෝක් දීලා පාටියකත් ගියේ ?? '' සීතලේම එකක් සාක්කුවට ඔබාගෙන අනිත් එක කඩාගන්න අතරේ ගවීෂ් ඇහුවේ මියුන් ඇවිදන් ගිය දිහාවටම ගමන ස්පිඩ් කරලා...

'' බීලා තියෙනවා.. ''

'' මොනව ද ? ''

'' ඇල් වතුර.....''

'' ෂිහ් මෝඩයා !!! '' ගවීෂ් කිව්වේ කකුලක් උස්සලා මියුන්ට පාරකුත් ගහන ගමන්... මේ වගේ සීතල වෙලාවක බියර් එකකින් ලැබෙන ආතල් එක විදින්න පින නැති මෝඩ මි හරකානේ... රස්ටික් තිත්ත රසත් එක්ක සීතලයි පස්සේ දැනෙන පැණිරසයි ගැන මියුන් නම් කවියක් උනත් ලියාවි..

බියර් ගැන මිනිස්සු එක එක විදියට කියනවානේ... සමහර වෙලාවට මිනිස්සු බියර් අර්ථකතනය ඉදිරිපත් කරන්නේ එයාලාගේ මූඩ් එකට අනුව වෙන්න ඕන.. ඒක හරි පුදුමයි.. ඇත්තටම බියර් එකක් බොන හැම සැරේකම තියෙන්නේ වෙනස් රසවල්... මේ වෙලාවේ සීතල එක්කමදො වැඩියෙන්ම දැනෙන රස උණුහුම.. ඊට පස්සේ හරි අමුතු ගම්බද තිත්ත රසක්... ඔහ්.. මුලින්ම දැනෙන්නේ තිත්ත රස... ඇග චුට්ටක් රත් වුනාට පස්සේ බිටර්-ස්විට්නස් එක හොදටම දැනෙන්න ගන්නවා... ඒත් මේ වෙලාවේ හොදම ෆීලින් එක තියෙන්නේ මේ සෙනග අඩු සිතල පැත්තක රස්ටික් තිත්ත රසක් එක්ක තොල් අතරමං කරන එකේ කිව්වොත් වැඩියෙන්ම හරි.... ඒකත් , වැව ඉස්මත්තක කණ්ඩියක වාඩි වෙලා......

'' උගුරක් ඕන ද ?'' ගවීෂ් ෂුවර් නැති පිට ඇහුවේ මියුන් දැන් දෙතුන් පාරක්ම එයා ඒක බොන විදිය දිහා බලන් ඉදපු නිසා මිසක් දෙන්න කැමැත්තකට නම් නෙවේ... බොන්නේ නැත්තන් හොදයි, හේතු දෙකකට... පළවෙනිම එක ඉතින් මූ බොන්න ගත්තොත් අනිත් කැන් එක දෙන්න වෙයි... එතකොට දල ලාභය එක කෑන් එකයි.. දෙවෙනි එක , නිකමට වගේ හිතෙන්නේම මියුන්ගේ ඇල්කොහොල් ටොලරන්ස් එක බියර් එකකටත් කඩන්න තරං පොඩි ඇති කියලා... ඒ පාර වැඩි වෙලා පිස්සු කෙලින්න ගත්තම ?? තුන් වෙනි හේතුව ඇඩ් කලොත් , ඔය පොඩි උන්ට මේවා දිරවන්නෑ කෝමත්...

මියුන් එපා කියන්න ඔළුව දෙපැත්තට වැනුවත් මිනිහා නෙවේ වෙන පැත්තක්වත් බලාගත්තේ... මොකද දන්නැ බලන්නේ ?? උගෙ සල්ලි වගේ ලයින් එකක්ද ? පුහ්.... ගවීෂ් උගේ උඩ ඉදන් පහළට බලලා තව බියර් උගුරක් කටට හලාගත්තේ මූණත් ඉබේම ලස්සනට ඇදවෙද්දි...

අර යුවනිදුවා යන්නම ගියාට පස්සේ.... හරියටම බැලුවොත් අය්යා නැති උනාට පස්සේ මේ බියර් එකක් බොන පළවෙනි වතාව... මොකද සුදු මාමා කොච්චර කැපවිමෙන් බොන්න හිතුවත් , මොකක්දො මන්දා නොදන්න හේතුවකට අවි මාමා බියර් කැන් එකක් දැස මානේවත් තියන්නැ සුදු මාමාගේ... හේතු නම් ඉතින් අපි නොදනි දෙය්යො දනි... ඒත් අපරාදේ කියන්න බෑ , යුවනිදුයි එයායි ඩියෝනුයි එළියට ආපු හැම සැරේකම ගිංගැං ගුලි ගුලි වෙන්නම ගහලා තමයි ආයේ මැන්ෂන් එකට එන්නේ...

ගොඩක් මිනිස්සු , ඒ කියන්නේ ඉදලා හිටලා මොනවා හරි නිසා ඇග රත් කරගන්න මිනිස්සු බොන්නේ දුක හිතුනම අප් එකක් ගන්න... දේවල් අමතක කරන්න.. ඒත් ගවීෂ් එකේ අනිත් පැත්ත... එයාට වැඩියෙන්ම දුක හිතෙන්නේ , කේන්ති යන්නේ ඒ වෙලාවට.... දැනුත් මිනිහා මෙච්චර හිතලාම හිමින් බියර් එක තොල ගාන්නෙත් ඒකයි.... පොඩ්ඩක්වත් අමතක නෑ කලින් දවසක චුට්ටක් වැඩි වෙලා මියුන්ගෙ කෝල්ස් කට් කරලා නටපු විකාරේ....

" ආආආආආආආ........ "

සම්පූර්ණ නිශ්ශබ්දතාවේම බිදලා දලා ගවීෂ් කැගැහුවේ සීතල හුළගට අත් දෙකම දෙපැත්තට දාන අතරේ..

" එක වසාආආන්තයක.......
එක රාආආආආආඅත්‍රියක...... " ගවීෂ් සීතලේම මීදුමින් වැහුන අහසට කෑගැහුවේ මියුන්ගේ කටින් පැන්න දාර නෝන්ඩි හිනාවට රවන අතරෙ.... පාහරයා !!! අමො අමෝ මාස්ටර්, විශාරද මියුන් ආඝර්ව !!! ප්ෆ්ෆ්ට්...

" ළගට එන්න... " සෑහෙන වෙලාවකින් මියුන් කතා කළේ එයාගේ එහා පැත්තට අත තියල පෙන්නලා... චහ්... හිතේ ඇති උගේ... මියුන්ට මිඩ්ල් ෆින්ග එක පෙන්නපු ගවීෂ් තව ටිකක් එහාට උනේ එයාගේ දාන්න පුළුවන් ගෑස් සේරම දාගෙන... මේකයි පුතේ.. වෙනදට උබ මේ දාන කැටයං ටික දැම්ම නම් සේරෝටම කලින් මෙතනින් නැගිටලා යන්නේ ඌ.... ඒත් අද උබ මොන ගෑස් එක දැම්මත් අර යස්ස පාහරයට සිද්ධ වෙනවා ලොවෙත් ඉවසන්න... ඌනේ මෙතන ගවීෂ් ගගා බැනපු එකා... ගවීෂ්ලු !!! පුහ්... !!! භාතිය අංකල්ගේ හොල්මනටම පෙනීයන් !!....

ගවීෂ්ට අනුව මියුන්ගේ සමහර වෙලාවල් තියේ අඩලවත් කේන්තිය බස්සගන්න බැරි... තව සමහර වෙලාවල්වල ආසාවටවත් කේන්ති යන්නෙ නැති... දැන් තියෙන්නෙ ආසාවටවත් කේන්ති යන්නෙ නැති වෙලාව.... ඒකම වෙන්න ඕනේ මේ ශේප් එකේ අතට උඩින් අත තිබ්බේ.... ඔය ගොනා මේ ගානට හැරෙන්නෙ පොල් පැළෙ කන්ට....

පින්න වැටුන සීතල තණබිස්ස උඩ තිබ්බ එයාගේ අත ඒ තණ බිස්ස උඩට තවත් පරිස්සමට තද උනේ හරි අමුතු උණුසුමක් අතම වහගනිද්දි.... අමුතු කියන්නේ නුපුරුදු උණුසුමක් නම් නෙවේ... ඇදිලා යන උණුසුමක්...
සමහර විට ප්‍රේමයේ අල්ලස් කියන්නේ මේවට වෙන්න ඇති... යන්තන් සුළැගිල්ලකට හිතුවක්කාර වෙන්න දෙන එක... ඒ නැත්තන් මහා වැරදීමකින් වගේ අතක් උඩින් අතක් තියෙන එක.... ලොකු කාලයක් තිස්සේ සැලසුම් කරලා ඇස් දිහා කෙලින් බලන එක. !!

ඇයි දෙවියනේ ඇස් දිහා කෙලින් බලන්න තරම් ගට් එකක් එකතු කරගන්න කොච්චර කල් යනවද ? ඒම හිතල බැලුවම ඇස් උනත් අහඹු මොහොතක එකිනෙක ගැටෙන්නේ තනිකර අහම්බෙන් විතරම ද ? අනික හොව්ව්... ගවීෂ් !!!!! අරු අතින් ඇල්ලුව පළියට උබ මොනවද මේ හිතන මනස්ගාත ?

මියුන් අත උඩින් අත තිබ්බෙ සැලසුම් කරලා වෙන්නැති, ඒත් එතනින් එහාට එයාටම ප්ලැන් බී එකක් නෑ කියල ඒ පොඩි එකා බලන විදියෙන් ගවීෂ්ට තේරෙනවා... අත ඇදලා ගන්න කියලයැ මොකො .... ශිහ් !! හරියට වදනක් දෙකක් කියලා යාළු කරගන්නවත් දන්නැති පුදුම කොල්ලො මුන්....

" පුදුම කරුමයක් යකෝ තමුසේ..... " ගවීෂ් රවලා කිව්වේ මියුන්ගෙ අතින් ඇදලා ඒකාව උකුල උඩින් පෙරලගෙන... සෑහෙන වේගෙන් මියුන් පෙරළුනාට මොකද ඒ තරම්ම ඉක්මනින් එයා හරි බරි ගැහිලා හාන්සි උනේ සේරම හර් ගිය පොඩි ළමයෙක් ගානට.... හපේ හප්පේ , ඉතින්... ඒ හිනාව... ගවීෂ් එයාගේ තොල් අතරේ හිනාව හිර කරන් රවාගෙනම තව බියර් උගුරක් බිව්වේ මියුන්ට එහෙමම ඉනන් ඇරලා... ලොකු වචන ප්‍රමාණයක් හුවමාරු නොවුණට ඒක තමයි හොදම විදිය.. මියුන්ගේ මෙච්චර වෙලා තිබ්බ නර්වස් ගතිය අඩුවෙලා එයා සැහැල්ලු වෙනකන් උට ඔහේ ඉන්න දීලා ගවීෂ් බියර් කෑන් එක හිස් කලේ වැව දිහා බලාගෙන....

" ඔලුව ටිකක් අතගාන්න.... "

" ඇහ් ? "

" ඔලුව....... " මියුන් පැහැදිලිව කිව්වේ ගවීෂ් නක්කලේටම හිනාවෙද්දි....

" අනේ මේ... නාලාත් නැ.. ඊයා.. " ගවීෂ් කිව්වේ නහයත් ඇද කරගෙන මියුන්ගේ ඔලුවේ කියල ඉතිරිවෙලා තිබ්බ හිච්චක් කොණ්ඩ කූරුවලින් අදින අතරෙ.... ආයේ සැප සැප........!!

" තිමෞර්ය !"!"

" ඇයි තරු විසුල රැය පේනවද මෝඩයෝ ආඅ ? තොගේ රිටන් එක ... "

" මොකක්ද ? " මියුන් ආපහු ඇහුවේ උකුල උඩ අතට ඔලුව හරවලා ගවීෂ්ගේ මූණ දිහා කෙලින්ම බලලා....අහ් කොහෙද අමතක වෙනවනෙ මෙතන හුළගත් එක්ක මුගේ කන් වේඝර්ණලා වගෙ නෙවේය කියලා..... කන් ඇහැන්නේ නැති මිනිස්සු !!

" තරු විසුළ රැය මිනිහෝ.....!!! "

" වෑන් ගෝඅහ් ගේ.. ? "

" මොකාගේ ?? මං දන්න ගෝවා ගෙඩියක් නෑ......... "

" තිමෞර්ය මේ... " මියුන් කතා කලේ ගවීෂ්ගේ හූඩි එකෙන් අල්ලලා ඌව පහළට ඇදලා අරගෙන....

" කාවද බන් ඔය රවට්ටන්නේ ? ම්ම් ? " හුළගට හොරකම් කරන්න බැරි විදියට මියුන්ගේ සන්සුන් වචන එයාගේ කන් හිරිවට්ටගෙන ඇතුළට ගියේ සෑහෙන සීතලකින්....

" ........ "

" අහ් , පොත් කියවන්නේ කෙල්ලෝ.... මල් එකතු කරන්නෙ ගෑනු ළමයි...... ඒමද ?? වැරදිලාවත් මෙතුල මාමාගේ පොත් අස්සේ මල් දාලා වේලලා , රොචෙස්ටර්ට මරණ තර්ජනයි , සෙන්‍ට් ජෝන්ට ලව් ලෙටර්ස්නුයි ලිව්වේ මගේ තිමෞර්ය ඒම නෙවේනෙ ? " මියුන් ඇහුවේ ගවීෂ්ගේ රැලි වැටෙන නළල දිහා බලාගෙන...... හිටහන් කවුද දෙය්යනේ මේ පාවා දීම කලේ ???

" අහ්හ්හ් !!! සුදු මාමේඒ !!!!!! " ගවීෂ් කැගැහුවේ මියුන්ව එහාට තල්ලු කරන අතරෙ.... හොද වැඩේ අන්තිමට ඉන්න දීපු තැනත් ලෙෆ්ට් කරගත්තා....

" සෙන්ට් ජෝන්ගෙ නිල් ඇස් ගැන එච්චර ආදරයක් තිබ්බද ? මටත් අනිත් අයට වගෙ නිල් ඇස් තිබ්බ නම් මං ගැනත් ඒම ලියනවද ? " මියුන් ඒ පුරුද්දට ඇහුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන් නෙවේ... කවදත් උගේ ෆැන්ටසි දෙබස්වලින් බාගෙට බාගයක් ඌ කිව්වේ තනියම.... නිල් පාට ඇස් ?? ඒ ඉස්සර !!! .... හරිත ෆැන්ටසිය මියුන්ගේ ඇස්වල දකින්න කලින්...... !!

" හරිත ෆැන්ටසියක් ගැන උබ අඩුම නිර්වචනය කරන්නවත් දන්නවද මියුන් ? " කවදාවත් නැතුව ගවීෂ්නුත් ආපස්සට කිව්වෙ යන්තන් හිනා වෙවී.... ගවීෂ් එයා දිහා කෙලින්ම බලාගෙන ඉදපු විදියටදෝ නමින් කතා කරපු නිසාමදෝ මියුන්ගේ මූණේ තියෙන්නේ සැහෙන හැගිම් ගොඩක්....

" ඉතින් ජේන් අයර්ද ආසම ? "

" ම්ම්.. වෙන්න ඕනෙ... " ගවීෂ් කිව්වේ යන්තන් හිනා වෙලා තව බියර් උගුරක් හිස් කරන ගමන්...

" හේතුව ? "

" දැනගන්න ඕනෙ කියල ශුවර් ද ? "

" ම්ම්.. "

" මේ දවස්වල පුදුම හදිසියකින් ජේන් අයර් කියව කියව ඉදිය උබ ඒකට උත්තරේ නොදන්නවා වෙන්න බෑනේ.... " ගවීෂ් යන්තන් හිනා උනේ මියුන්ගේ ඇස් දිහා කෙලින් බලන අතරේ.... ඒ ඇස් පැහැදිලියි..... එයා පළවෙනි බියර් කෑන් එකේ අන්තිම උගුරත් හිස් කරලම නැගිට්ටේ , මියුන් එහෙමම වාඩි වෙලා බලාගෙන ඉද්දි.....

" නැගිටහන්... කාඩ් එක තියෙන්නෙ උබේ අතේනෙ..... " ගවීෂ් කිව්වේ මියුන්ගේ ඉණට කකුලෙන් අනින ගමන්... ඔන්න ඔහේ ආශාක්‍යසිංහ බූදලෙන් දවසක් යැපුනට කමක් නැ.... ගවීෂ්ගේ වදේටම මියුන් නැගිට්ටේ කලින් සාක්කුවේ ඔබාගත්ත කාඩ් එක අවුස්සන අතරේ....

" මොනවද ඕනේ ? "

" අර කූරක ගහපු අල ගෙඩියක්.... " ගවීෂ් කිව්වේ රෑත් එක්ක වැහෙන්න යන කඩයක් දිහාවට මියුන්වත් ඇදගෙනම යන ගමන්.... අල ගෙඩි එක්ක දැන් තියෙන්නෙ එසේ මෙසේ බැදීමක් නෙවෙ... අලගෙඩියක් අතට ගත්තත් මතක් වෙන්නේ මියුන්ට කවපු කහ වැඩි අල හොද්ද.... මොකද් අල කියන්නේ ආගමක් !! අපේ ගවීෂ් දැන් ඒකේ බැතිමතෙක් !!....

" උබ කන්නෙ නැද්ද ? " තඩි කූරක ගහපු උණුම උණු අල ගෙඩිය අරහෙට මෙහෙට හරවන ගමන් ගවීෂ් ඇහුවේ සැහෙන උනන්දුවෙන්....

" ම්...එපා.. " මියුන් කිව්වේ මූණ ඇද කරගෙන... අහ් අමතක උනානේ... සෝ පොස් පීපල්....!! අල ගෙඩි සෙට් නැතුවැති....

" ඒකට කමක් නෑ ආන්‍ටි දෙකක් දෙන්න..." ගවීෂ් කිව්වේ මියුන්ට පේන්නම දෙවෙනි කූරක ගහපු අල ගෙඩියත් , අතට අරගෙන.... මේවා හෙන රහයි යකෝ..... චිප්ස් වගේ ද මේවා.... උණු උණුවේ....... කටින් දුම් පිඹ පිඹම කන්න ඇහැකි... මියුන් ගෙවනකන්වත් නොහිටපු ගවීෂ් අත් දෙකට කූරු දෙකයි බියර් කෑන් දෙකයි අරගෙන එළියට බැස්සේ , සෑහෙන වීරකමක් කල ගානට... කො බලන්න තව හොයමු කඩ.... !! මොකො මියුන් කියල මෙලෝ දෙයක් අරන් දීලා තියෙද කියහන්කෝ මිනිහට නැනෙ... නෑනේ.... අදින්න පුබ්බකයා.... !!!

මියුන් එන්න කලින්ම ගවීෂ් ගිහින් ඊළග කඩේ ගාවින් හිටගෙන ඉවරයි.... එතන තියෙන බඩු බලහංකෝ... මියුන් ඇවිත් එයාගේ එහා පැත්තේන් අත් දෙක බැදගෙන හිටගන්නකන් ගවීෂ් ඉදියේ , එයාගේ කූරේ ගහපු අල ගෙඩියට වගකියන ගමන්.....

" කාඩ් එකේ ....ය්ම්...කියක් විතර අදින්න පුළුවන් ද ? " ගවීෂ් ඇහුවේ මියුන් දිහා බලන්නවත් කරදර නොවී.... අල ගෙඩියක් මෙච්චර රහද ඒහ්....

" එහෙම ප්‍රශනයක් නැ ඇයි ? "

" අඩෝ පට්ට... එහෙනං හොද එකා වගේ මට තව මෙයින් තා දෙකක් අරන් ඇවිත් මෙහෙන් ඉන්න තැනකුත් බලපන්... " ගවිෂ් කිව්වේ මියුන් උට ඇහුනා හරිද කියලා බලාගන්න ගවීෂ්ගේ මූණට එබෙද්දි....

" නිදහස් තැනක්... " ගවීෂ් බර කරලම කිව්වේ ඌ අදහස් කරපු දේ මියුන්ට තේරුනාද නැද්ද බලන්න ඌ දිහා හැරෙන ගමන්..... හරි ලේසි කන් දෙක රතු වෙලාද කියලා තමා බලන්න තියෙන්නේ.... ඔව් ඉතින් හරි ඉක්මනට ඒක රතු කරගන්නවානේ......

" ඇත්තටම ද ?" මියුන් ආයේ ඇහුවේ අඩමානෙට....

" හා හා ... ඉස්සෙල්ලා මෙයින් තව දෙකක් ඕනෙ.... " ගවීෂ් කිව්වේ සෑහෙන වේගෙකින් මියුන් ඔළුව වනද්දි....

" අරවින්ද් අය්යා ? "

" හෙට උදේට බලමු...... " ගවීෂ් උත්තර දුන්නේ මියුන්ට යන්න කියලා ඉගි කරන ගමන්...

" ඔය බලාගෙන !! " ගවීෂ් වැඩි වෙලා යන්න කලින්ම ආයේ කෑගැහුවේ මියුන් ගාබේජ් බින් එකක වැදිලා විසි උන විදියට.... යකො ඒක කිව්ව ගමන් එච්චරට ට්‍රැක් පැන්නද ? ගවීෂ්ගේ යන්තන් හිනා වෙලා සාක්කුවෙන් එළියට ඇදලා ගත්තේ ෆෝන් එක....

අරවින්ද්ගේ මැසේජ්.... ගවීෂ් කෙලින්ම කෝල් බැක් කලේ , ඒ අමුගවයත් තිබ්බ උනන්දුවට දෙපාරක් රින්ග් වෙන්නත් කලින් ආන්ස කරද්දි.....

" මේහ්... "

" ඔහ් ?"

" නෑ මේ........"

" කියපන් හු.##. " අරවින්ද් කිව්වෙ ගවීෂ් ෆෝන් එක කනෙන් එහාට කරද්දි....

" මං මූව තියාගන්නවා අද... " ගවීෂ් කිව්වේ ළග තිබ්බ ගහේ කොළ අඹර අඹර....

" දැන් මට පාන්ද ? "

" දැනුවත් වෙන්න කිව්වේ.... "

" ඒක උබ දැනුවත් කරන්න ඕනෙ නෑ ඌ දැනුවත් කරලාමයි ගියේ.... " අරවින්ද් කිව්වේ නෝන්ඩියට.....

" මොකක්ද ? "

" උබව අද තියාගන්නවා කියලා.... "

" සිරාවට ?? මූව හමගහන්න එපැයි යකො !! " ගවීෂ් මිමිණුවේ කූරක ගහපු අල ගෙඩි ගේන්න ගිය මියුන් දිහා හැරෙන ගමන්....

" උබ දැන්ම කතා කරන්න ඒම යන්න එපා ඇ.... රෑම ගියාට පස්සේ , ගෑස් පොඩ්ඩක් බස්සලා විසදගනින් ... " ගවිෂ් මෙහේ නාගත්ත නෑගැනිම නොදන්න අරවින්ද් ගැම්මට උපදෙස් දෙනවා..... හනේ ඉතින් අපරාදේ වචන....

" උබ හිතුවේ එළි වෙනකන් ඉන්නේ පොල් ගාන්න කියලද මිනිහෝ ? "

" ආයෙ එළි වෙනකන් සොරි කිව්වත් යාලු වෙන්නේ නැති ලයින් එකකනේ ඉන්නෙ උබ... ඒක නිසානේ ? " අරවින්ද් ගොනා සේ ඇහුවේ ගවීෂ් පිටවෙන්න ගියපු කුණුහර්ප ටික තොල් අස්සේ හිර කරගනිද්දි... අම්මපා මේමත් ටියුබ් ලයිට්..... ටියුබ් ලයිට් දැකල තිබ්බට මේම එව දැකල නැ ....

" ආශාක්‍යසිංහ මැන්ශන් එකටම ලැජ්ජ කරන්නැව ඔන්න ඕක තියපන්... අරු එනවා....!!! " ගවීෂ් කිව්වේ අරවින්ද්ගේ කෝල් එක තත්පරෙන් කට් කරන ගමන්..... හම්මට සිරි , කූරු දෙකට හතරක්ම ගේන්නේ ඔය..... මෙහෙම කොල්ලොනේ හොයාගන්න ඕනේ මම්ලි.... !!

"ආ...... " මියුන් එයාගේ අතේ තිබ්බ අලගෙඩි කූරු හතරම ගවීෂ්ගේ අතට දුන්නේ , ගවීෂ් ෆෝන් එක සාක්කුවට ඔබාගෙන දුම් දාන කූරු හතරම අතට ගනිද්දි.... වැඩියක් නැ ඉතින්..... මියුන්ට නම් අගයක් නෑ මෙවල... හපෝ, අතත් පිහි දානවා ටිශූ එකෙන්... කූරේ ගහපු අල ගෙඩි ගැන කියනවා නම්, ඒකේ ලුණු ගානට.... අර කොනෙන් පටන් ගත්තම මේ කොනෙන් ඉවර කරනකන් තේරෙන්නෙම නෑ කූරේ ගහපු අල ගෙඩිය ඉවරයි කියලා....

මෙච්චර වෙලා නිදහසේ කූරේ ගහපු අල ගෙඩිය කකා ඉදපු ගවීෂ් ඔළුව ඉස්සුවේ මියුන් එයාගේ ඔළුව අතගාපු විදියට.... ගවීෂ් බනින්න කට හදාගන්න කලින්ම ඌ ,තොල් තද කරලා ඉවරයි නළලට වැටුන කොණ්ඩේ උඩින්ම.....

" මිනිහෝ.. !! " ගවීෂ් අල ගෙඩියත් හිර කරගත්තේ , වට පිට හැරිලාත් බලන ගමන්..... මෙතන අනාචාරයේ හැසිරෙනවා කියලා ග්‍රෙගරි වැවට ඇදලා දැම්මම ඊළගට..... ගවීෂ්ගේ රැවිල්ලට ඒ සැරේ නම් මියුන් පැත්තකට උනේ නිදහසේ කන්න දීලා....ආයේ කේන්ති ගස්සගන්න හොද නැති විත්තිය මියුනුත් හොදටම දන්නවා..

ගවීෂ් කටත් පුච්ච පුච්චම අලගෙඩි හතරම ඉවර කළේ කටිනුත් දුම් පිඹ පිඹ..... ඒකෙ ආතල් එක තියෙන්නේ මේ සීතලේ කනකොට තමයි.... වෙන එකක් තියා හචුං යන එකත් නැවතිලානේ.... අන්තිමට ඇගිලි ටිකේ තිබ්බ ලුණු කුඩු ටිකත් ශේප් එකේ ලෙවකන්නත් මිනිහා අමතක කලේ නැ... ඇයි යකුනේ දෙම්පසන් කියනවා වගෙ මේවා සේරම සල්ලි යකෝ සල්ලි....... හරි , අන්තිම වශයෙන් තියෙන්නෙ නම්බුකාර විදියට ටී ෂර්ට් එකේ අත පිහිදාගන්න.... හරි... ඉවරයි....

ඉවරයි කිව්වට ඉවරමත් නැ.... දැන් තමයි , ලොකුම ගේම් එක.... ගවීෂ් එහෙමම අත මිට මොළවලා මියුන් දිහාවට දික් කලේ මියුන්ටත් එයාගෙ අත දෙන්න කියල ඉගි කරන ගමන්... නැ උට ඒක තේරුනේ නෑ...... මියුන් අත් දෙක බැදගෙනම බලාගෙන ඉදියේ නළලත් රැලි කරගෙන.....

" රොක් පේපර් සිසර්... ඇයි උබ හිතුවේ ඒක මට මතක නැ කියලද ... එව්ව හදේ... කෝ දීපන් අත.... " ගවීෂ් ගැම්මට කිව්වේ මියුන් අත් දෙක බැදගෙනම යන්තන් හිනා වෙද්දි.... ටික වෙලාවක් එහෙමම ගවීෂ් දිහා බලාගෙන ඉදපු එයා ගවීෂ්ගේ ඉස්සරහින් අත මිට මොලවලා තිබ්බේ සන්සුන්ව..... කොල්ලා ඒ තරන් සන්සුන්....

" දිනයි කියලා එච්චර ශුවර්ද ආ ? " ගවීෂ් නෝන්ඩියට ඇහුවේ , මියුන් ඒ ගානෙම නෝන්ඩියකින් ඔලුව වනද්දි...

" ඔන්න එහෙනම්..............

රොක්............

පේපර්.........

සිසර්......... "

.
.
.
.

- මතු සම්බන්ධයි -

* කවුද ජයග්‍රාහකයා ළමයි ? 😪

#අකමැති අයට නෙක්ස්ට් චැප්ට එක ස්කිප් කරන්න පුළුවන්, ඒත් මම සජෙස්ට් කරනවා උඩින් හරි කියවන් එන්න , වැදගත් කී පොයින්ට්ස් කිහිපයක් තියෙන නිසා...මුන්ට මෙහෙ ලව් කරනවට වඩා ඇතුළේ තවමත් ලොකු කතාවක් ඉතිරිනේ....ඉතින් මම හිතන්නේ ,මේ ඉන්නේ තාවකාලික වලාකුලක ??......💚✨️

Continue Reading

You'll Also Like

13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
690K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
3.1M 235K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?