- Plot 23 -

By Bulbz_D

875K 115K 39.9K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 91-

5.4K 852 464
By Bulbz_D

" කොහෙද මේ...."

" ෂ්ස්....සද්ද කරන්න එපා ... වරෙන්..." ගවීෂ් කිව්වෙ ඩියෝන්ගේ අතින් ඇදලා ඌව ටෙන්ට් එක ඇතුළට තල්ලු කරන ගමන්....

ගවීෂ් ෂේප් එකේ ඩියෝන්වයි වාශිත්වයි ඇතුළට යවලා එයත් ටෙන්ට් එක ඇතුළට රිංගගත්තේ ටෙන්ට් එක ඇතුළේ ඉදපු සේරමලා හොල්මන් දැක්ක ගානට බලාගෙන ඉද්දි.. මගුල හත් දෙනෙක්ට හැරෙන්න ඉඩක් තියෙද කියහන්කො මේක අස්සේ...

'' බලන් ඉන්නේ ?? වාඩි වෙයන් ඉතින්.....'' ගවීෂ් කිව්වේ වේඝර්ණලාව යන්තං වාඩි කරව ගන්න අතරේ.. මූණට මූණ ආශක්‍යසිංහලා - වේඝර්ණලා ...... අරවින්ද් , මියුන් , සනෝශ් , තනෝශ්...  මේ පැත්තේ ගවීෂ් , ඩියෝන් , වාශිත්....

'' කැගහන්න එපා හරි ? ගැනු ළමයි ඇහැරුනොත් හෙන කේස් එක ඊළගට... '' තාම මොනව ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉදපු පොඩි උන්ට සැර කරපු ගවීෂ් , වාශිත්ව එයාගේ ඔඩොක්කුවට අරගත්තේ ටෙන්ට් එක දැනටම හොදටම පැක් වෙලා තිබුන නිසා...

මියුන් , අරවින්ද් කෝමටත් කලබලයක් කරන්නැ.... පොඩි එකා ඉතින් ගවීෂ් කියන එකකට හෝය්යා...
ප්‍රශ්නේ තියේනේ ට්වින් ඩබලයි , ඩියෝනුයි ඇවිලුනොත් තමයි... ගවීෂ් දිහා ටික වෙලාවක් ප්‍රශ්නාර්ථයකින් බලාගෙන ඉදපු ඩියෝන් මුකුත් නොකිය ඉතිරි වෙලා තිබ්බ එකම හිස්තැනින් වාඩි වුනේ, එහා පැත්තට සෙට් වුන සනෝශ් විසබීජයකින් ඇත් වෙනවා ඩියෝන්ගෙන් එහාට යද්දි.. තනෝශ් මේ මාරුවෙන් මාරුවට බලන්නේ ටෙන්ට් එක අස්සට රිංගගත්ත වේඝර්ණලා දිහායි , උන් සේරටම ඇතුළට එන්න දිලා බලාගෙන ඉදපු අරවින්ද් අය්යා දිහයි...

අවුරුදු දහස් ගාණක් තිස්සේ , උතුරට දකුණට හුළගට ඇරෙන්න හුවමාරුවක් නෑ කියල දිව්රුම් දීපු වංශ දෙකක , ජීවත් වෙන තුන් වෙන පරම්පරාව... එකම ටෙන්ට් එකක් ඇතුලේ , වෙව්ලන සීතලේ නයිටකට සෙට් උනාම .... !!

ඉස්සර ඉදන්ම මේ කොල්ලො ටික එක්ක ඇනගෙන තියෙන්නේ වතාවක් දෙවතාවක් නෙවේ... දෙගොල්ලො විසින් සදාදරණීය විදියට දායාද කරගත්ත තුවාල කැළැල් තාම දෙගොල්ලොන්ගේම ඇගේ තියෙනවා... ඒම උන්ම මූණට මූණ බලාගෙන වාඩි වෙලා ඉන්නවා කියන එක පොඩ්ඩක් නෙවේ සැහෙන්නම අබූත සින් එකක්..

ගවීෂ් උගුර පැදුවේ අරවින්ද්ට කතා කරන්න කියලා වැලමිටෙන් අනින ගමන්.. කෝමටත් , පොඩි ළමයෙක්ට ඉන්නේ වාශිත් විතරයි... පොඩි කිව්වට මේකා මෝරලා තියන තරමට එයාව උනත් මේ දේවල් එක්ක ටච් එකේ තියන්න ගවීෂ්ට බයක් නැහැ.. නැත්තේමත් නැහැ.. ඒත් , අඩුම තමන්ගේ අය්යා තාම එනකං බලන් ඉන්න පොඩි එකා ඇත්තටම වේඝර්ණලාට හය්යක්.. විශේෂයෙන්ම ගවීෂ්ට ඩියෝනුත් , ඩියොන්ට ගවීෂ්නුත් විතරක්ම ඉතිරිවෙලා ඉදිද්දි.. ගවීෂ් ඒ කල්පනාවෙන්ම පොඩි එකාගේ ඔළුව අතගාලා , ඔළුව ඉම්බේ වාශිත් ඔළුව උස්සලා ගවීෂ් දිහා බලද්දි... පොඩි එකාට හෙන ප්‍රශ්න වගේ...

'' මම හිතුවට වඩා නිශ්ශබ්දයිනේ...'' අරවින්ද් ඇහුවේ තාම කවුරුත් හ්ම් සද්දයක් නැති නිසා...

'' ඒකනේ....'' ගවීෂ්නුත් නළල රැලි කලේ මෙතන බලාපොරොත්තු වුන මරාගැනිම වෙනුවට කට්ටිය රවාගෙන රවාගෙන හරි රවුමට වාඩි වෙලා උන්න විදියට.. කෙල්ලො ටිකත් ආවා නම් පට්ට... ඒත් උන් ටික එකතු කරගන්න එක මේ වගේ නැ... කෙල්ලොන්ගේ හැටිනේ කියලා තමා අපේ උරුම දෙක ඒ ගැන හිත හදාගත්තේ....

'' අපි ටිකක් අදුරගමුනේ... ?'' 

'' නිකන් ඉදපන්.. ඔය ඕපදුප දන්නේ හෙන කාලෙක ඉදන්.. '' ගවීෂ්නුත් අරවින්ද්ට මිමිණුවේ එයාලා දෙන්නා දිහා බලන් ඉන්න පරම්පරා දෙකේ කොල්ලො දිහා බලාගෙන...

'' උබම මොනාහරි කියපන්...''

'' උබනේ වැඩිමල්... ''

'' තමුසෙට මොකද කවදාවත් නැතුව මෙතන ඒක මතක් වුනේ ??? ''

'' පලයන් එළියට එහෙනං....''

'' ගස් ගද ටෙන්ට් එකක් අස්සට ආවාට අපිටයි ගහන්න ඕන.....-''

කට්ටියම මාරුවෙන් මාරුවට බෙල්ල හරව හරව බලන්නේ මෙතනට වෙලාත් මුමුණ මුමුණ බැනගන්න එයාලාගේ අනාගත උරුමයන් දෙක දිහා...

'' ශ් ශ් !! අක්කලා ඇහැරෙයි..'' සනෝශ් මතක් කලේ ආයේ ටෙන්ට් එකම සයිලන්ට් කරන අතරේ...

'' දැන් නං ඇහැරිලාත් ඇති.. '' එහෙන් පොඩි එකා වාශිත්නුත් මහදැනමුත්තා වගේ කියවනො....

" ගවීෂ් සීල් කරපන් එහෙනං කෝකටත්..... " අරවින්ද් සන් කලේ ගවීෂ් ටෙන්ට් එක වටේ සැලකිය යුතු දුරකින් තරංග සීල් කරද්දි.... දැන් හරි !! එයා විතරක් වින්ට ජැකට් එකක් දාගෙන කොන් වෙන බැරිකමට ගවීෂ්  ඒකත් ගැලෙව්වේ පැත්තක ඉදපු මියුන්ට ඒක පාස් කරන ගමන්... ඒකා මේ අස්සෙත් ෆෝන් එකේ ටෝච් එළියෙන් පොතක් කියවනවා වෙන කිසිම දෙයක් අදාළ නෑ වගෙ... හැපෝ.. පොත් ගුල්ලා......

'' ඔයාලා අපිට කන්න ඒම මොනවත් ගෙනාවේ නැද්ද ? ටෙන්ට් එකකට එනකොට ක්‍රිස්කො ටින් එකක් අරන් එන්න දන්නැති නරක වේඝර්--- ආව්ව්ව් ලොකු බුරුවො මොකද මට ගහන්නේ ඔහේ ? '' තනෝශ්ගෙත් කට ඇරිලා.....

හැබැයි මෙතන පස්නේ ඔය මොකක්වත් නෙවේ.. ඔව් වෙන මොකක්වත්ම නෙවේ.. වෙනදට වැඩිම සද්දේ තියන , අපරාදේ කියන්න බැරි තරම් දාර කාණු කටක් තියන එකා හාවක් හුවක් නැ නිශ්ශබ්ද්දයි...  !!

'' ඩියෝන් ? '' ගවීෂ් කතා කලේ ඩියෝන්ගේ රියැක්ෂන් එක වෙන් කරලා අදුරගන්න බැරුව.. එයා ඒ ගැන හිතන්නේ මොනවද කියන එක ගවීෂ්ට සැහෙන්නම වැදගත්... ඩියෝන් නැතුව කොහොමත් මේක මෙතනින් අඩියක්වත් ඉස්සරහට දෙයක් නෙවේ...   
'' මං ටිකක් එළියට ගිහින් එන්නං.. '' ඩියෝන් එක පාරටම වගේ නැගිට්ටේ කිසිම ටෙන්ට් එකම සයිලන්ට් කරගෙන..... ටෙන්ට් එකෙන් මිනිහා කඩාගෙන එළියට පනිනකම්ම බලාපොරොත්තු කඩ වුන ගතියෙන් තොල් තද කරගෙන වාඩිවෙලා ඉදපු ගවීෂ් වාශිත්ව එහාට කරලා නැගිට්ටේ ඩියෝන්ව අල්ලගන්න හිතාගෙන.. ඊට කලින් අරවින්ද් ගවීෂ්ව ආයේ වාඩි කෙරෙව්වේ ඒක අවුලක් නැ කියලා ඇස් දෙකෙන් අගවන අතරේ..

'' මෙතන කාවවත් ෆෝස් කරන්නේ නැහැ.. ඔයාලා දෙන්නටත් කැමති තිරණයක් ගන්න පුළුවන්... කැමති නම් ඉන්න .. නැත්තන් යන්න....'' අරවින්ද් ටික වෙලාවකින් කිව්වේ සනෝශ් තනොශ් ඩබල දිහා බලන ගමන්...  තනෝශ් මුලින් හා කියන්න හිනා වෙලා පස්සේ එක පාරටම මතක් වුනා වගේ සනෝශ් දිහා බැලුවේ එයාගේ ආදරණීය ලොකු බුරුවාගේ ඔපිනියන් එක දැනගන්න මතක් වෙලා.. මොකද සනෝශ් කරන්නේ මොනවද , තනෝශ් කරන්නෙත් ඒකම තමයි....

'' සනෝශ් මොකද කියන්නේ  ? ''

'' සනෝශ් ?? ''

'' ඒයි ලොකු බුරුවො... කන් ඇහැන්නැද්ද ? !!!!''

'' අහ් ? ඔව් මට පේන්න බෑ !!!! '' සනෝශ් ඒ සැරේ එයාගේ පුරුදු ගැස් එක්කම දත් මිටි කාගෙන කිව්වේ තනෝශ්නුත් ඒ පාර ඒ තාලේටම රවද්දි... අරවින්ද්නුයි
ගවීෂ්නුයි මූණට මුණ බලාගත්තේ ඒ පාර මියුනුත් පොත වහල පැත්තකින් තියද්දි.. එයාගේ පළවෙනිම බැල්ම කණ්ණාඩිය යටින් එල්ල වුනේ සනෝශ් දිහාවට...

'' හරි දේටද උත්තර දුන්නේ ??  '' මියුන් පළවෙනි පාරට නිශ්ශබ්දතාව බින්දේ ගවීෂ් අරවින්ද්ගේ උරහිසට උඩින් මියුන් දිහාවට එබෙද්දි.. ඒ පාර මොකක්ද ඒ කියන තුන් තේරවිල්ල....

" අරවින්ද් අය්යා ඇයි මියුන් අය්යාගෙන් අහන්නේ නැත්තේ එයා ඉන්නවද නැද්ද කියලා ? එයා ඉන්නවා කියලා ඔච්චරට විශ්වාස මොකද ??  " සනෝශ්ගෙන් ආපස්සට ප්‍රශ්නේ එල්ලවුනෙ ඒ සැරෙ තනෝශ් මියුන් දිහාවට බෙල්ල හරවද්දි... හෆ්ෆ්ට... ඒ පොඩි එකා ගැන අරවින්ද් කිව්ව දේවල් බොරු නෙවේ.... වයසට වඩා සැහෙන දේවල් තේරෙනවා....

" ඌයි මායි ඒ ගැන කලින් කතා කලා... උබල දෙන්නා ගැනයි දැනගන්න ඕනේ.. දෙන්නම බබාලා නෙවේනේ.... "

" ෂ්.... " ගවීෂ් ටෙන්ට් එක නිශ්ශබ්ද කලේ , අඩි සද්දෙට..... එත් එයා හිතනවට වඩා ඉක්මනට ආයේ ටෙන්ට් එකට කඩන් වැදුනේ වෙන කවුරුත් නෙවේ--

" අඩෝ ඩියෝන්...... ? "  ගවීෂ්ට හයිප් එකටම කැගැහුනේ , ඩියෝන් මුකුත් නොකිය එයාගෙ අතේ තිබ්බ කෑම මල්ල කර්ව් එක මැද්දෙන් අතඇරලා වාඩි වෙද්දි.. ඒ ඩියෝන්ගේ ඕකේ එක.... ගවීෂ් ඒක හොදටම දන්නවා... එහෙනම් ඌත් ඕකේ !! ගවීෂ් ඩියෝන්ගේ පිටට තට්ටුවක් දැම්මේ ඩියෝන් සද්දෙ නැතුව කෑම මල්ලෙන් වේඝර්ණලාගේ බිස්කට් සේසතම එළියට ඇදලා ගනිද්දි....

" එහෙනං..... " අරවින්ද් ආයේ පටන් ගත්තේ ට්ව්න් ඩබල දිහාවට හැරෙන ගමන්....

" මොකක්ද කරන්න ඉන්නේ ? " සනෝශ් ඇහුවේ කල්පනාවෙන්....

" ට්‍රිප් එකක් ආව එකේ , නිකන් අපි අදුරගන්නවා විතරයි... " ගවීෂ් ඉක්මනින්ම  උත්තර දුන්නේ , සනෝශ් ටික වෙලාවක් බලන් ඉදලා ගවීෂ්ව ඇහුන්නැති ගානට අරවින්ද් දිහාවට උරහිස් අකුලද්දි.... හරි ! ඒ සනෝශ්ගේ යෙස් එක... !! හිතුවට වඩා මේක මෙච්චර ලේසි උනේ අහම්බෙන්මද කියලා හිතන්නවත් උරුමයන් දෙකට මතක් උන පාටක් නැ....

" නයිටකටනේ සෙට් උනේ... කස්ටිය අදුරගන්න ඒම තෘත් ඕ ඩෙයා ද හොද , හොල්මන් කතාද ? උබලා කැමති එකක් කියහන්.. "

" තෘත් ඕ ඩෙයා....  " සේරටම කලින් වාශිත් කැගහලා ඉවරයි ...හනේ ඇටයා දන්න තෘත් ඕ ඩෙයා.... ගවීෂ් පොඩි එකාව උකුල උඩ තියාගෙනම කොණ්ඩේ ඇවිස්සුවේ ඌ දෙපාරක් හිතන්නැතුව ගවීෂ්ගෙන් ඔලුව එහාට ගනිද්දි...... හහ්... කොණ්ඩේ අවුස්සනවට හැම පොඩි එකාම කැමතිත් නනෙ... පොඩි එවුන්ගෙත් හෙන ගණන් දැන්....

" ඔව් ඒකහ්....." තනෝශුත් හෝය්යා.....

" අම් ඉන්... " 

" අව්ලක් නැ.... හැබැයි කවුරුත් පස්සේ නැ බෑ කියන්න බෑ.... "

" එහෙනං ඔය හිස් බෝතලයක් ගනින්.... මියුන් ඕක අරන් දීපන්... " සේරමලා ඕකේ උනාට පස්සේ අරවින්ද් කිව්වේ මියුන් හිස් එක වෙනුවට බාගෙට පිරුන බෝතලයක් අරවින්ද්ට පාස් කරද්දි....

" ඔතන පොළොව කෙලින්ම නෙවේනේ.... අක්ෂෙන් විසි වෙන්න බලනවා..." මියුන් කිව්වේ අරවින්ද් කටත් ඇරන් අහන් ඉදලා ගවීෂ් පැත්තට හැරෙද්දි...

" අව්ලක් නැ බන් මටත් තේරුන්නැ... ඔන්න කියන විදියකට කරමු... " ගවීෂුත් නෝන්ඩියට කිව්වේ මියුන් රවපු එක නොදැක්ක ගානට... හපො ඉතින් එයැයිගේ සැර !!

" මං මුලින් කරකවන්නේ... " තනෝශ් ඉදිරිපත් උනේ සෑහෙන ගැම්මකින්.....

"  හරි ඔන්න.. එකායි... දෙකායි තුනයි.... "  

වේගෙන් කැරකිලා ගිය බෝතලේ කිව්වා වගේම පොඩ්ඩක් නොමගත් ගිහින් නැවතුන පළවෙනි ජයග්‍රාගකයා........

" අරවින්ද් !!!!!! " සේරමලා කැගැහුවේ අරවින්ද් හෙන ගට් එකෙන් කොණ්ඩෙත් හදද්දි... උන්ගේ හිතේ තලපත් විජේ කියලා වෙන්ටැ.....

" තෘත්ද ඩෙයාද ? "

" හොර බොරු වංචා අපේ නැ.... තෘත්... " අරවින්ද් සිලෙක්ට් කලේ කට්ටියටම ඊළගට තනෝශ් දිහා හැරෙද්දි.....

" මේ මොනවැයි අහන්නේ ලොකු බූරුවො ?? "

" මං දන්නේ මොනවද.. උබනේ කැරකැව්වේ .... " සනෝශ් කිව්වේ තනෝශ් ආයේ අහනවද නැද්ද වගේ අරවින්ද් දිහා බලද්දි ... මොනා උනත් උන්ගේ උරුමය කියන්නේ උත්තරීතර දෙවෙනි තැන නේ.....

"  ඔන්න මම එහෙනං ඇහුවා....?? "

"  හා හා අහපන්.. "

" අරවින්ද් අය්යා බාබිවලට ගොඩාක් කැමති නිසාද රෝස පාට අන්ඩවෙයා අදින්නේ ? "

තනොශ්ගේ වැදගත් ප්‍රශ්නෙට තව පොඩ්ඩෙන් ඌ බිමට පත බෑවෙනවා කියලා ගවීෂ්ට ශුවර්... ඩියෝන්ගේ දාර නෝන්ඩි හිනාවත් එක්ක ටෙන්ට් එක පුරාවට ඝෝෂාව පැතිරිලා ගියේ මියුන්ගේ කටිනුත් යන්තන් හිනාවක් පනිද්දි..... ඩෑම්න් තනෝශ් !!! මේක නම් පිස්ඩුවක් බන් !!!  අමො අමෝ අරවින්ද්ගේ මූණේ ලස්සන...

" අඩෝ අඩෝ වින්ද්... ? උත්තර දීපන් මිනිහෝ මේවාට......."

" ඌයාඅ... ඇයි මං වැරදි දෙයක් ඇහුවද ??? " තනොශ් මූණ නරක් කරන් ඇහුවේ හිනා වෙවීම එයාගේ කනින් අල්ලපු සනොශ්ට....

" මං ගාව රෝස පාට ඒව නැ !! " අරවින්ද් වගකීමෙන් කිව්වේ වේඝර්ණ පොඩි එකාගේ ඉදන්ම ඌට හිනා වෙනවා කියලා නෝට් කරගෙන නහයෙනුත් පිඹින අතරේ......

" ඕ නෝ !!!!! වින්ද් ඉස් අ බාබී බෝයි...... ඉන් ද බාබි වර්ල්ඩ්.... හීස් සො ෆැන්ටැස්ටික්.... වෙයරින් පින්ක් ............*ටීක්*.." ගවීෂ් තාම අතැරලා නැ.....

" ඉදපන් තොගේ රවුන්ඩ් එක එනකන්... "  අරවින්ද් තනෝශ්‍ටත් රවල බෝතලේ උදුරලා ගත්තේ එහෙමම ඒක මැද්දෙන් තියලා කරකවන ගමන්... බෝතලේ කැරකුන පැත්තට මෙච්චර වෙලා කිසිම ගානක් නැතුව අරවින්ද්ට හිනා වෙවී ඉදිය ඩියෝන්ගේ මූණේ හිනාව අතුරුදහන් උනේ , ගවීෂ් ඩියෝන්ට නෝන්ඩියටම අතත් දීලා සුබ පතද්දි....

" තෘත්ද ඩෙයා ද ? "

" ඩෙයා.... " ඩියෝන් කිසිම පැකිලීමක් නැතුව කිව්වෙ තෘත් අහන්න ගිහින් අරවින්ද් වගේ නාගන්න නම් කිසිම කැමැත්තක් නැති නිසා..... හැබැයි ඌ දන්නෑ ඩෙයා එක ඉල්ලගෙන ඌ කරගත්තේ ඊටත් වඩා දරුණු වැරැද්දක් බව.....

" උන්නැහේ සෝශල් මීඩියාවල ඇක්ටිව් නේ , මෙතන ඉන්න ඕනෙම කොල්ලෙක්ට.... මෙන්න මේ චිප්ස් කැල්ල කවලා ඒක රෙකෝඩ් කරලා ස්ටෝරි දාන්න ඕනේ..... "  අරවින්ද් විස්තර කලේ එයාගේ අතේ තිබ්බ චිප්ස් කැල්ල උස්සලා පෙන්නන ගමන්...

" ඕක මොකක්ද ?" ඩියෝන් කිව්වෙ ගැම්මට අත දික් කරල... ඒත් පුතේ අරවින්ද්කාරයගේ මූණේ තිබ්බ පත නෝන්ඩි හිනාව නම් අඩු නැ....

" හැබැයි කවන කෙනායි, කවන විදියයි කියන්නේ මම ඇ.. " අරවින්ද් කිව්වේ චිප්ස් පැකට් එක ඩියෝන්ට පාස් කරන ගමන්.. මොකාටද බලමුකෝ එන්න හදන්නේ....

" හරි දැන් කාටද කොහොමද කවන්න ඕනේ ? "

" කවන්න ඕනේ අපේ මියුන්ට....  හැබැයි අත පාවිච්චි කරන්න බෑ...! "  අරවින්ද්ගේ ඩෙයා එකට ක්ශනික නිශ්ශබ්දතාවෙකුත් එක්ක හීනි සූස් සද්දයකුත් පැතිරිලා ගියේ අරවින්ද් නෝන්ඩි හිනාවක් එක්කම බලන් ඉද්දි....  අරවින්ද් ශානාර්ග ආශාක්‍යසිංහ !!! මූ නම් මහ--

" මට බෑ ! මගේ ඩෙයා එකක් නෙවේනේ... " මියුන් තදින් කිව්වේ කෙලින්ම ඩියෝන්ව නොදැක්ක ගානට...

" ඒකනේ...... " ගවීෂුත් සෙනිකව මැද්දෙන් පැන්නේ අරවින්ද් ඒ සැරේ ඌ දිහා හැරෙද්දි...

" උබම නේද කිව්වේ පටන් ගන්න කලින් නෑ බෑ කියන්න බෑ කියලා....?  " අරවින්ද් ගවීෂ්ගෙන් නෝන්ඩියට ඇහුවේ ඩියෝන් ඒ සැරේ ගවීෂ් දිහා බලද්දි.... මිනිහා දැන් බලන් ඉන්නේ ගවීෂ් ඌව බේරගන්නකන්.. මියුන්ගෙ දාමරික මූණ දැක්කම මොන චිප්ස් කැවිල්ලක්ද !!"

" ඔන්න ඕක කවපන්... " ටික වෙලාවක් තොල් තද කරගෙන ඉදපු ගවිෂ් කිව්වේ උගේ ෆෝන් එක සාක්කුවෙන් ඇදලා වීඩියෝ ඕන් කරන ගමන්... අරවින්ද් !!! සැක් !!  ඌ නම් අපායටම යන්න ඕන !!

" පෝස්ට් කරන වැඩේ කැන්සල් කරමු නේ ? අක්කලා ඉන්නවනේ ලිස්ට්වල ? " සනෝශ් මතක් කලේ තනෝශ් ඔළුව වනද්දි....

" ඒම උනාම මුට ඩෙයා එකක් නැනෙ... !! "

" මියුන්ගේ මූණට ඉමෝජියක් දාලා හරි පෝස්ට් කරන්න ඕනේ එච්චරයි ! "

" ඕක ඉවරයක් කරනවද !! " ඒ කැගැහුවේ මල පැනලා ඉදපු මියුන්... ඩියෝනුත් චිප්ස් පැකට් එක අතට අරන් නැගිට්ටේ මියුන්ගේ ඉස්සරහින් හිට ගන්න ගමන්.... ගවීෂ්ගේ මූණ ඇද වෙලා තියෙන ලස්සන අරවින්ද්ට නොපෙනනවා නෙවේ.... මිනිහා ඇස් හීනි කරන් බලන් ඉන්නේ , පැකට් එක අතේ තියන්ම මියුන් දිහාවට පහත් උන ඩියෝන් දිහා....

" ආයෙ නං මලාට ඩෙයා එපා !!!.. " ඩියෝන් කිව්වේ චිප්ස් කැල්ලක් දත් අස්සේ රදවගෙන මියුන් දිහාවට පහත් වෙන ගමන්..... ළගයි..... ළගයි.... තව ළගයි.... අපරාදේ කියන්න බෑ පොඩි එකා වාශිතුත් බලන් ඉන්නේ අත හපාගෙන... කට්ටිය ම්හික් සද්දයක් නැ..... අනිත් උන් බලන්නේ ඒක උනාට අපේ අරවින්ද් බලන්නේ ඊට වඩා ලස්සනට වෙනස් වෙන ගවීෂ්ගෙ මූණ... බුදු අම්මේ කම්මුල් දෙකත් පිම්බිලාද මන්දා.... වෙන එකක් තියා වීඩියො කරන්න ෆෝන් එක තියන් ඉන්න අතත් වෙව්ලනවා....

" තමුසේ අඩන්නැනේ එහෙම නෑනේ
ගවීෂ් ? "

"  තෝ හැමිනියන් වින්ද් !!! " ගවීෂ් කිව්වෙ දත් මිටි කාගෙන.... ෆක් !! පුදුම ඩෙයානේ යකෝ මේවා....

" හ්නෙහ්හ්... එයාලා කිස් කරයිද ???? මට නං ලැජ්ජයි ලොකු බූරුවෝ මේව බලන්න....! " ඒ අස්සේ තනෝශ් සනෝශ්ගේ අත අරගෙන ඒකෙ මූණ වහන් ඒ අස්සෙන් සිද්ධිය බලනවා... මියුන් ඉන්නේ වාඩි වෙලා රවාගෙන... මියුන්ට උඩින් ඩියෝන් චිප්ස් කැල්ල කවාගන්න විදියක් හොයන්නේ , මියුන්ට අත තිබ්බත් ඌ ගුටි කන බව මනා සේ දැනගෙන......ඉතිරි වෙලා තියෙන්නෙත්  ඕනෙ නම් අගල් ගානක පරතරයක්....

"  ඔච්චර ළං වෙන්න ඕනෙ නැනේ !!!  තමුසේ ඕක මියුන් අය්යගේ කටට ළං කරලා අතාරිනවා....!! මියුන් අය්යා අල්ලගන්න.....!! " ඒ අස්සේ සනෝශ් උපදෙස් දෙනවා... ඩියොන් ඒ සැරේ අරවින්ද් දිහා බැලුවේ ඒම කමක් නැද්ද කියලා අහන්න.....

"  හා හා ඒම ඕකෙ... නැත්තන් මට ගිනි නිවන හමුදාවක් ගෙන්න වෙනවා... "  අරවින්ද් ඕකේ කලේ නෝන්ඩියට හිනා වෙලා.....

ඩියෝන් කටින් අතඇරපු එක මියුන් කටට ගත්ත පරක්කුවට ආපස්සට එළියට දැම්මේ මූණත් වහ කදුරු වගේ ඇද කරගෙන.... බලන්න දෙයක් නෑ උට මල පැනලා ඉන්නේ ආයේ හොදම එකෙන් !!! කන් දෙක විතරක් නෙවේ නහයත් එක්කම කේන්තියට රතු වෙලා..... මියුන් වතුරෙන් කටත් හෝදනවා බලන් ඉදියාට පස්සේ තමා අපේ ගවීෂ්ගේ නහය දැවිල්ල පොඩ්ඩක් අඩු උනේ.... එක අතකට හැබැයි ඔය පොස් පීපල්ලට ඕම වෙලා....!!! කටේ දාපු චිප්ස් කැල්ලක් හරි කටට දාගන්න උනානෙ....

ඩියෝන්ගේ වාරෙ.... ඌ කරකවපු බෝතලේ කරුමෙටම වගේ ගිහින් නැවතුනේ මියුන්ගේ පැත්තට...  මුන් දෙන්නාට අද මොනවා වෙලාද මන්දා.... ආයේ මියුන්ගේ ඇස් නං තාම ගිනි ගන්නවා....

" තෘත්ද ඩෙයාද ? "

" තෘත්.... "

" ෆස්ට් කිස් එක කොහෙදිද ? කාවද ?  " ඩියෝන් ඇහුවේ ආයේ සූ සද්දේ පැතිරිලා යද්දි.... වැඩියෙන්ම සද්ද කළේ පොඩිම එකා වාශිත්ද කොහේ..... ඒ මදිවට ටිකකට කලින් මුන් දෙන්නා ඕල්මෝස්ට් කිස් කරන්න ගියා මදිවට ඩියෝන්ගේ දැන් ප්‍රස්නෙට ගවිෂ්නුත් කට ඇද කලේ අරවින්ද්ගේ හිනාව පුපුරලා යද්දි.... කාටද කියන්නකෝ ඔය ෆස්ට් කිස් ගැන මතක ?? මල සමයං නෙහ්... දහය වසරේ එයාගේ ෆස්ට් කිස් එක කාත් එක්කද කියලාවත් මතක නැති ගවීෂ් මේ හෙනට කල්පනා කරන්නේ කොතනදිද කිස් කලේ කියලා.... ඕවා මතකද දෙය්යනේ මේ සුදු මාමගේ දෑසමන් මලට !!! ඒම දෙයක් උන්නැ... ඒම දෙයක් දන්නෙත් නැ... මතකත් නෑ.... ඔව්....

" ටයිඩ්‍රැක්ස් , රිවර් ගාඩ්න් එකේ......"  මියුන් උත්තර දීලා අහවර කලේ ගවිෂ් උගේ කල්පනාවෙන් සෙනිකව පොළොවට අඩිය තියද්දි.... ඔහ් !! ඌ ඒ කියන්නේ මේ..... ටයිඩ්‍රැක්ස් එකේ ගං ඉවුර ගාවදි..... අහ්හ්හ් !!! අන්න ගවීෂ් තමුසෙලු උගේ ෆස්ට් කිස් එක !!!! හහාඅ.... ගවීෂ් බබා වගේ අහක බලාගත්තේ නලියන කම්මුල්වල මතුවුන හිනාව හංගගන්න... කොහෙද බෑනේ කරන්න ඉතින් මේ ඇසුත් පාවා දෙනවනේ....

" එ කියන්නේ ඇතුලේ කෙනෙක් ? " ඩියෝන් ඇහුවේ කල්පනාවෙන්.....

" එක ප්‍රශ්නෙටයි උත්තර දෙන්නෙ.... " මියුන් ආපස්සට කිව්වේ ඩියෝන් ඇස් දෙක උඩ යවලා පස්සට වෙද්දි.... මියුන්ගේ චාන්ස් එක...... ඌ බෝතලේ කරකවලා අතඇරියේ... අද දවසේ වාසනාව උච්ච වෙලා තියෙන පින්වතා වෙච්ච අරවින්ද්ගේ දිහාවට දෙවෙනි සැරේටත් බෝතලේ කැරකෙද්දි....

"  තෘත් ... " අරවින්ද් කිව්වේ මියුන් අහන්නත් කලින්.... මියුන්ගේ ඇසුත් හරිම පැහැදිලියි....

" ඇයි මාව එළියට යැව්වේ ? ? "  මියුන් ඇහුවේ කිසිම පැකිලීමක් නැතුව... වේඝර්ණලාට වඩා අරවින්ද් - මියුන් අතර තියෙන සීතල යුද්ධය දන්න නිසාමදෝ ආශාක්‍යසිංහලා නිශ්ශබ්ද උනේ මීයට පිම්බ ගානට.... අරවින්ද් ඒ ප්‍රශ්නෙට නොසන්සුන වුන බව ගවීෂ් තෙරුම් අරගෙන ඉවරයි... අරවින්ද් විතරක් නම් බැරිය ගවිෂ් කෙලින්ම බිම බලාගත්තේ මියුන්ගේ ප්‍රශ්නේ එල්ල උනේ උටත් එක්ක කියල තේරුම් අරගෙන.... නැතුව ලාවට වගේ බයකට ඒමම නෙවේ .... කොමටත් මියුන් මේ ප්‍රශ්නේ කවදමහරි අහන බව දෙන්නම කල් තියා දැනගෙන ඉදියා කිව්වොත් වැරදිත් නැතුව ඇති....

" අම්......  " අරවින්ද්ගේ වචන ගිලිලා.... එතන තියෙන්නේ භයානක නිශ්ශබ්දතාවයක්....

" ඒලෙවල් නිසානේ ? " ඒ මැද්දෙන් පැන්නේ සනෝශ්..... අරවින්ද් ඒකට ඔලුව වැනුවේ ලේසියෙන් ප්‍රශ්නෙන් බේරිලා යන ගමන්... මියුන් ඒ ගැන ආයේ අහන්නේ නැතුවම නිශ්ශබ්ද උනේ ගවීෂ් පොඩි එකා වාශිත්ගේ අතේ තිබ්බ චිප්ස් පැකට් එක උදුරලා ගනිද්දි....

අරවින්ද් ඒ ගැම්මටම බෝතලේ ආයේ වටයක් කැරකැව්වේ ඒ සැරේ බෝතලේ සනෝශ් තනෝශ් දෙන්නා මැද්දෑවෙන් නවතිද්දි.... උන් දෙන්නාගෙ නම් ලක් එකත් වැඩ කරන්නේ බෙදිලාද කොහේ......

" මට අල්ලගන්න ඕනේ සනෝශ්ව... "  අරවින්ද් පටන් ගත්තේ  බෝතලේ හැරුනේ කාටද කියලා උන් දෙන්නා රණ්ඩු වෙන්න පටන් ගන්න කලින්.....

" තෘත්... " සනෝශ් කිව්වේ කලබලෙන්.... අරවින්ද් කලින් සැරේ දීපු ඩෙයා එකත් එක්ක ආයේ නම් මලාට අරවින්දගෙන් නම් ඩෙයා එකක් ගන්න කිසිම කෙනෙක්ගේ අදහසක් නෑ වගේ.....

" කවුද බ්ලැක් ඩ්‍රැගන් ? " අරවින්ද් ඇහුවේ අනිත් උන් සේරම නළල රැලි කරද්දි ...හැබැයි තනෝශ්ට නම් ඒකට විසිල් එකකුත් ගැහුනාද කොහේ.....

" මොකක් ??  "

" බ්ලැක් ඩ්‍රැගන් කවුද කියල අහන්නේ ? " අරවින්ද් ඇහුවේ සනෝශ් එක පාරටම නෝන්ඩියට හිනා වෙද්දි.....

" මගේ ටැටූ එක ගැන නම් අහන්නේ , බ්ලැක් ඩ්‍රැගන් කියන්නේ පවර්, ස්ට්‍රෙන්ත්, ඔතෝරිටි !!  මිසක් කෙනෙක් නෙවේ..... " සනෝශ් කිව්වේ එයාගේ වම් අතේ බාහුවේ ඇතුල් පැත්තේ කොටලා තිබ්බ කළු පාට මකරෙක්ගේ ටැටූ එක හැමෝටම පෙන්නන ගමන්..... අරවින්ද් ඇස් උඩ යැව්වේ ගවීෂ්, වගේම ඩියෝන්ගේ කටිනුත් හිනාවක් පනිද්දි... අහගත්තානෙ ඉතින් අරවින්ද්කාරයා........ !!

" ඒත්.. ඒත් බ්ලැක් ඩ්‍රැගන් කියන්නෙ එදා --- ආඅව්ව්ව් ආව්ව් ආව්වා.... හරිම නරකයි !! .... " තනොශ් ආයේ මූණ ඇඹුල් කරගත්තේ සනෝශ් එයාගේ ඉනෙන් මිරිකපු විදියට.....

" ඊළග !! " ගවීෂ් කිව්වේ දැනටම උකුල උඩ නින්ද ගිහින් ඉදපු පොඩි එකාව උස්සලා ඇජස්ට් කරගන්න ගමන්.... පව් ඉතින් කොලුවා... එයාගේ නිදාගන්න වෙලාව පහුනේ දැන්..... ඉතින් උකුල උඩම දොයි....

බොරු ඕන්නැ අද දවසේ , වාසනාව කේන්ද්‍රගත වෙලා තියෙනෙනෙ අරවින්ද් ඩියෝන් වටේද මන්ද මේ සැරේ ඩියෝන් දිහාවට බෝතලේ නැවතුනේ උගේ මූණත් සුදුමැලි කරගෙන... කලින් සැරේ ඩෙයා එක ඇති උට සතියක් චාටර් වෙන්න....

" තෘත් !! "  සනෝශ් අහන්නත් කලින් ඩියෝන් කියලත් අහවරයි.....

" තමුන් කලින් මාර උනන්දුවෙන් ඇහුවනේ අපේ මියුන් අය්යගේ ෆස්ට් කිස් එක ගැන... කියමු බලන්න ඔය අය්යගෙ එක... මතක ද දන්නැ ?? " සනෝශ් ඇහුවේ ගවීෂ්ගේ කැස්ස උග්‍ර වෙද්දි... ඩියෝන්ගේ ෆස්ට් කිස් එකහ් !!!!! ඒ වගේ එකක් අමතක වෙන්නේ කොහොමද !!!!

"  කියපන් කියපන්.... බොරු කිව්වොත් අමතක කරන්න එපා , මම ඉන්නවා පුතෝ ඇ... " ගවීෂ්ගෙත් කට ඇක්ටිව් වෙලා.... ඩියෝන් උත්තර නොදී තාම ඇරියස් එකට බලන් ඉන්නේ සනෝශ් දිහා....

" වෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද දැන් ??  "

"  නෑ !! ඕක තමයි ප්‍රශ්නේ... ෆස්ට් කිස් එක.... " සනෝශ් කිව්වේ අත් දෙකත් බැදගෙන නෝන්ඩියට....

" අර වටරවුම නෙහ් ???   " අරවින්ද් ගානක් නැතුව ඇහුවේ ගවීෂ්ගේ හිනාව ආයේ වතාවක් පුපුරල යද්දි... අඩො අඩෝ අරවින්ද්ලත් දන්නවා එහෙනං වැඩේ.... අපරාදේ කියන්න බෑ ඩියෝන් තාම ඔළුවවත් හැරෙව්වෙ නැ...

" අහ් බලාගෙන ගියාම සෑහෙන ප්‍රසිද්ද පුවතක් වගේ ? " සනෝශ් අතාරින්නෙත් නැ...

" හරි !!  ෆස්ට් ලව් එක... මට පහළවයි... එයාට දාහතයි !! " ඩියෝන් ඇස් දෙක පියාගෙන කියාගෙන ගියේ ගවීෂුයි අරවින්ද්නුයි උගුර යටින්ම හූ තියද්දි..... මියුනුත් අත් දෙක බැදගෙන ඉන්නේ කටේ ඇදුන නෝන්ඩි හිනාවක් එක්ක....

"  අර ක්ලාස් තියෙන , අඹ වට රවුම ගාවදි ඒ අක්කා මාව කිස් කලා.... !! " එතකොට මගේ අනිත් ගර්ල්ෆෙන්ඩ් ඇවිත් ඒ අක්කව තල්ලු කලා... ඒක හරි අපරාදේ තමයි...  ඒත් වැඩියෙන්ම අපරාදේ උනේ ඒ වෙද්දි මං ට්‍රයි කරපු ක්‍රෂ් එක ඒක දැකලා තිබ්බා !! අපරාදේ ඉතින් !! එච්චරයි !! " ඩියෝන් එක හුස්මට කියාගෙන ගියේ ගවීෂ්ගෙයි අරවින්ද්ගෙයි සූ සද්ද මැද්දේ...

"  අපරාදේ ????? අමතක කරන්නත් බැරුව ඇතිනේ දැනුන විදිය ??  " එහෙන් සනෝශ්ගෙන් තව ප්‍රශ්න එකතුත් වෙනවා....

" වෙට් ! ෆ්‍රෙන්ච් වැනිලා ෆ්ලේවර්ඩ් ලිප් ග්ලොස් එකක්.... !! ඉන්ටිමේට් !! " ඩියෝන් ලැජ්ජාවට ඇස් දෙකත් තද කරලා වහගෙනම කිව්වේ තනෝශ් කන් දෙකත් වහ ගනිද්දි.... ඩියෝන්ගේ මූණ තමයි මූණ.... මරන්න ගෙනියන බැටළුවෙක්ගේ වගේ....

" ශාහ් !! බලාගෙන ගියාම හොදටම කරලනේ !! මීට වඩා අඩුවෙන් බලාපොරොත්තු වෙන්නත් බැ ඉතින්.... !! " සනෝශ් නෝන්ඩියට කිව්වේ අරවින්ද් ගවීෂ් දෙන්නම හිනා වෙලා වැඩිකමට කදුළුත් පිහ දාගනිද්දි...

" ඉන්න ඉන්න !! තව තියෙනවා !! " ගවීෂ් ඉදිරිපත් උනේ සැහෙන උනන්දුවෙන්....

" හැබැයි ගවීෂ් අය්යේ කට ඇරියොත් මමත් සේරම කියනවා !! " ඩියෝන් එච්චරයි  කිව්වේ ගවීෂ් මීයා වගේ කට පියාගත්තේ ඒ සැරේ අරවින්ද් මියුන් දෙන්නාගෙම උනන්දුව වැඩි වෙද්දි....

" එයාගේ මොනවද ? "

" ඩියෝන් තෝ - මම අලුත් කෙල්ලට සේරම කියනවා හරිද !! " ගවිෂ් කිව්වේ කලබලේට ඇහැරුන වාශිත්ව ආයේ දොයි කරවන අතරෙ.....

" කෝකත් එකයි !! දැන් කෝකත් එකාආආආ යි !!! කොහොමත් ඉවරයි !! " ඩියෝන් කෑගැහුවේ ටෙන්ට් එක දෙවනත් වෙන්න....

" ඩියෝඕඕන් එපා ... උබ -- !!! "

" මාව එහෙම කිස් කලේ ගවීෂ් අය්යගේ ඒ දවස්වල කෙල්ල !!!  එයා මාව කිස් කලේ ගවීෂ් අය්යා ඉස්කොලේ මිස් කෙනෙක් කිස් කරලා අහුවුන සීන් එකේ රිටන් එකට !!  "

" යෝ යෝ ගවීෂ් !! " අරවින්ද් විසිල් එකකුත් ගැහුවේ මියුන් ඇස් උඩ යවල පැත්තට උන විදියට.....

" බොරු යකෝඔ මේ....ඩියෝන් අමන කතා කියන්න එපා සුදු මාමා දෑසමන් මලක් වගේ මාව හැදුවේ....... !!! "

" බලාගෙන ගියාම වේඝර්ණ කොල්ලො  වටේ ගිහින් තියෙන්නේ නිකන් නෙවේ පවුල් පිටින් !! "

" තමුසෙලාගේ ඔළුව ලොකුකමට කෙල්ලො සෙට් නොවෙන එකට අපි මොනව කරන්නද ? " ගවීෂ් ආපස්සට ඇහුවේ මියුන් පැත්තට වෙලා පොත පෙරලගත්‍ත විදිය යාන්තන් ඇස් අයිනට මීටර් වෙද්දි.... හයොව්ව් කඩවුලේ !!!!  පත්තු උනානේ ගානට !!   හරිනේ අමාරුව !! හරිනේ !!!  කාලා වරෙන්කො දැන් !!!

.
.
.
.
.

- මතු සම්බන්ධයි -

#මේ මොහොත එක්ක ඉන්න.💚✨️
මේ සමහර විට මේ එයාලා හැමෝටම සිත නිදහස් කරන්න , නොමග යවන්න පුළුවන් අන්තිම අවස්ථාව මේ ට්‍රිප් එක..... ඉස්සරහට දේවල් කොහොම විසදෙයිද කවුද දන්නේ ? (ලියන මම ඇර !!! )

#අඩන්න තැන් හම්බුවෙයි , සැනසිමෙන් හිනා වෙන්නත් හම්බුවෙයි.. !! එතකන් හරිත නිම්නය දිගේ ඇවිදින් යමු !! යේය්...

Continue Reading

You'll Also Like

29.9K 5K 51
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
3.1M 236K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
30.2K 6.6K 70
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගට...