- Plot 23 -

Από Bulbz_D

865K 114K 39.6K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Περισσότερα

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 89-

6.1K 819 268
Από Bulbz_D

" උබ කාත් එක්කද බොල මල් නෙලන්නේ ?" ගවීෂ් ඩියෝන්ගේ කරට අත දාගෙනම වාඩි උනේ උගේ මූණේ තියෙන මනමාල හිනාවයි, අතේ තිබ්බ ෆෝන් එකයි බලාගෙන.... ඌ කොච්චර වේගෙන් ඒක ඕෆ් කරලා පැත්තකින් තිබ්බත් ස්ක්‍රීන් එක නම් ගවීෂ් සැහෙන වේගෙකින් රීඩ් කරගෙන ඉවරයි... මොනා නමුත් ඩියෝන්ගේ ක්‍රෂ්වලයි, කලින් කෙල්ලොන්ගෙයි නෝමල් චැට් බැක්ග්‍රවුන්ඩ් එක තිබ්බේ මෙච්චර කල් හිස්ව... ඒත් වැරදිමක් නැත්තන් මේකේ තිබ්බේ අර හිකප් නුයි ටූත්ලස්නුයි ඉන්න කතාවේ සුදු පාට හුරතල් මකර පැටියා....

" ම්.. කෙල්ල කවුරු නමුත් යම් දියුණුවක් තියෙනවා වගේ .. " ගවීෂ් කියාගෙන ගියේ ඩියෝන් අහක බලපු විදියට එයා තාමත් ඉන්නේ කට්ටිය ඉස්සරහ බැනුම් අහන්න උන එකට අවුලෙන් කියලා නෝට් කරගන්න අතරෙ.... දැන් ඉතින් මූව ශේප් කරගන්නත් ඕනේ... පොඩි එකක් යාලු කරගන්නවා වගේ වැඩක් ... සෑහෙනම අමාරුයි....

" කෙල්ල ලස්සනද ඉතින් ? " ගවීෂ් ආයේ ඇහුවේ ඩියෝන් ඒ සැරේ රවද්දි....

" මේ රැවිල්ලට ද ඒ කෙල්ල ඇන්දුනේ ආ ආ ? " ගවීෂ් ඩියෝන්ගේ කම්මුල් දෙකෙන් අල්ලලා දෙපැත්තට හොලවන ගමන් ඇහුවේ ඩියෝන් අතත් ගහලා දාද්දි.. අපරාදේ කියන්න බෑ , මිනිහා කොච්චර ගෑස් දැම්මත් එයාට යන්තන් හිනාත් ගියා කියල ගවිෂ් දැක්කා... ආව් ආව්....ඉතින්....

" මේ .. මේ.. ආශී... යොවන්දි.... අපේ ඩියෝන්ට ගෑනු ළමයෙක් ඉන්නවා........ ඉන්නවා.... " පොඩි කාලේ ඉදන් දෙන්නට දෙන්නා ආතල් එකට ගන්න යූස් කරන බෙන්ටෙන් එකේ දෙබස ගවීෂ් තාලෙටම කිව්වේ ඩියෝන් ගවීෂ්ගේ කට වහද්දි.... කොහෙද... ගවීෂ් මහ හය්යෙන් බෙරිහන් තියලා ඉවරයි , වේඝර්ණලාට විතරක් නෙවේ ආශාක්‍යසිංහලටත් ඇහෙන්නම.....

" ඩියෝන්ට ? එච්චර දෙයක් කරගන්න බැ ගවීෂ් අය්යේ... " ආශදීත් එකතු උනේ , ඩියෝන් අතට අහුවුන හිස් කෑන් එකෙන් ආශදීට දමලා ගහද්දි.....

" මට ඇති කෙල්ලෙක් නෑ.. " ඩියෝන් කිව්වේ මූණත් පුම්බගෙන... ආඅව් ආව් බොලේ ...මේං එක්කෙනෙක්ට ලැජ්ජ හිතිලා....

" මේ... ඔය කෙල්ලගේ නම්බරේ දෙන්න බැරිද.... උබේ එක්ස්ලා ලිස්ට් එකයි ක්‍රෂ් ලිස්ට් එකයි සෙන්ඩ් කරන්න... " ආශදී ඒ සැරේ ඉදිරිපත් උනේ සෑහෙන ගැම්මකින්....

" මේ මේ... අපේ කොල්ලා ඉදල ඉදල දියුණු උනාම උදලු දාන්න එන්න එපා හරිත.... උබලා දන්නෑ මූ සුදු මාමාට දීපු ටෝක් එක.... කැහ් කැහ්... "

" ඇයි ?? "

" මට පාඩුවේ ඉන්න දීපන් කියන්නේ ආඩම්බරකාර මිනිස්සුන්ගේ භාෂාවෙන්, මං තනිවෙන්න කැමති නෑ මාව හොයාගන්න කියන එක නෙවෙයිද ? කැහ් කැහ්..... පේනවනේ ඉදපු විදිය නෙවේ, දැන් ඉන්න විදියයි වැදගත්... " ගවීෂ් ඩ්‍රැමටික් ටෝන් එකෙන් ඇක්‍ට් කරලම පෙන්නුවේ ඩියෝන් දිහා බලාගෙන.... වේඝර්ණලගේ කටවල් වහන්න බෑ කියලා දන්න මිනිහා අත් දෙකෙන්ම මූණත් හංගගෙන....

" ඔව් ඔව්. ඉස්සර කෙල්ලො පස්සෙන් ගිහින් ජූස් නාපුව අදාළම නැ.. ඒවා මතක් උනාම දැන් කෙල්ල එක්ක ජූස් එකක් බොන්න හිත හදාගන්න පුළුවන් නම් ඒකයි වැදගත්... අර අර... මතකද ගවීෂ් අය්යේ පාර මැද්දේ කාපු කම්මුල් පාර ? "

" අහ්හ් !! අර අලුත් කැල්ල එක්ක පාරේ යනකොට එතකොට ඉදපු සුදු අම්මියාව මූණට හම්බුවුන එකනෙ.. "

" ඔව් ඔව්... කෙල්ලො දෙන්නාගෙන්ම කම්මුල් දෙකට දෙපැත්තට චටාස්නෙ.. ඒව මතක් වෙනකොට අර කෙල්ලගේ අතින් අල්ලන්නත් සෑහෙන ගට් එකක් තියෙන්න එපැයි.... "

" ආශදී !!!! " ඩියෝන් සුදුමැලිත් වෙලා.... අන්නහ්.... පව් ප්‍රේමවන්තයා...

" හා හා බය වෙන්න එපා , බ්‍රෝ අපි එයාට මේවා කියන්නෑ...හැබැයි කෝ දැන් මාත් එක්ක ෆිට් කියපන්.. " ගවීෂ් කිව්වේ ඩියෝන්ගේ සුදුමැලි වෙලා තිබ්බ කම්මුල් දෙක අල්ලලා තවත් මිනිහව බයිට් කරන අතරෙ..... ඩියෝන් අහක බලාගත්තේ ගවීෂ් ආශදීට ඇති කියල සන් කරද්දි.. තව ආතල් එකට ගත්තොත් මු අඩන්නත් බැරි නෑ... ඒ තරමට බය වෙලාද කොහේ කෙල්ලට අර ටික යවයි කියලා... එකත් එකටම සෑහෙන වස කෙල්ලෙක් වගේ මේ සැරේ නම් සෙට් වෙලා තියෙන්නේ....

" ඩියෝන්.... " කට්ටිය සන්සුන් වෙනකන් ඉදපු ගවීෂ් කතා කලේ , යන්තන් කට තද කරගෙන සීට් එකට හේත්තුවෙලා ඩියෝන්ගේ කරට අත දාගෙන... මේ සැරේ නම් කොල්ලාගේ කේන්තිය ටිකක් නිවිලා ...

"උබ මට කියන්නැතෙයි ? " ගවීෂ් ඇහුවේ ෆෝන් එකට ඉගි කරලා....

" එහෙම දෙයක් නෑ.... "

" ඒනං ? " ගවීෂ් සද්දෙ අඩු කරල ඇහුවේ ඩියෝන් උරහිස් අකුලද්දි...

" දන්නෑ... ඒක හරියන්නෑ.... " ඩියෝන් මිමිණුවේ වැඩි බලාපොරොත්තුවක් නැති ගානට...... ඩියෝන්ව කවදාවත් මේම දැකලා නැති නිසාම ගවීෂ් පිටට තට්ටු කලේ , මුකුත් කියන්නැතුව... ඩියෝන්ට නියම වෙලා තියෙන්නෙත් මැන්ශන් එකේ කෙල්ලෙක්වමයි... නැත්තන් වෙන නුමුහුම් වේඝර්ණ කෙනෙක්ව.... අනිවාරෙන්ම , මොකද ගවීෂ්ට මොනවාහරි උනොත් තාමත් මීළගට උරුමය යන්න ඕනේ ඩියෝන්ට... ගවීෂ්ගෙන් , උරුමයක් එනකම්ම ඒක එහෙමයි....

" මොකෝ ඒ හරියන්නැත්තේ ? " ගවිෂ් ඇහුවේ කොල්ලගේ පිටට තට්ටුවක් දාලා...

" මට ඔය ඔළුව වැඩි උන් පේන්නම බෑ !! ! " ඩියෝන්ගේ සද්දෙට ගවීෂ් කන් දෙකත් වහගත්තේ ආශදිත් ඩියෝන් දිහාවට හැරෙද්දි......

" හෝව් හොව්ව්.. හරි මගේ කන් ඇහෙනවා මිනිහෝ !! මට කියන්න ඕනේ මෙච්චරයි, යුවනිදු අය්යට උන දේවත් , වැරදිලාවත් සුදු මාමාට උන දේවත් නිසා උබට අඩියක් පිටිපස්සට තියන්න හිතුනොත් .......... කවදාවත් ඒම දේකට වොරි වෙන්න එපා කියල විතරයි... මට ඕනෙ උබ ඒ බර ඔලුවෙන් අයින් කරලා , උබේ නිදහසේ තීරණයක් ගන්න.. "

" අහ් ? "

" ඔව්. හරි කියල හිතෙන මගුලක් කරපන්කෝ......" ගවීෂ් කිව්වේ ඩියෝන්ගේ පිටට තට්ටුවක් දාලා....

" මං දන්නැ.. ! " ඩියෝන් කිව්වේ ආයෙම උරහිස් අකුළලා.....

" උබලටත් ඇහෙනවා කියල දන්නවා හරිද ? උබලටත් එච්චරයි ....ආශදීට ඇර... " ගවීෂ් අනිත් වේඝර්ණලාටත් කතා කලේ , එයාගේ තීරණේ ඒකමතිකව කියන අතරේ...

"මං මොකද කලෙ ? "

" මොකද මං අර ඇටයට කැමති නෑ එච්චරයි !!" ගවීෂ් කිව්වේ රවන ගමන්....

" මොන ඇටයා ද ????????????? " ඩියෝන්ගෙ කටින් පැන්නේ සැහෙන වේගෙකින්.... අහ්හ් , ඔව්.. ඩියෝන් කැමතිත් නැ... කැමත් නෑ නෙවේ ඌ ඉන්නෙ ප්‍රිවිරු හම්බුවෙන වෙලාවක බෙල්ල මිරිකන්න බලාගෙන..... බුහහ්හා... ඩියෝන් නම් ආශදීට කොහෙත්ම ප්‍රිවිරු එක්ක නම් පැටලෙන්න දෙන්නෑ කියල ශුවර්....

" ඒම දෙයක් නෑ කිව්වනේ මම !! "

" හරි හරි ඔයලා තුන් දෙනාටම, එයාලත් නෑ... මෙයාලාත් නෑ.... එහෙම දේවලුත් නෑ... අරම දේවලුත් නෑ... මුකුත් නෑ... මටයි වාශිත්ටයි තමා නේද ඉන්නේ ? " යොවන්දි කිව්වේ ඒ දාර හින්ට් එක අනිත් වේඝර්ණලා තුන්ද්‍ර්නාගෙම ඇගෙ දඩෝරියං ගාලා ඇවිත් වදිද්දි.....ඒ අස්සේ අක්කණ්ඩිට සපෝට් එකට පොඩි පගයා ඔලුවත් වනනව..... ඔය පොඩි එකාව තමා ශුවර්ම නැත්තේ ඉතින්.....

" මේ මේ සිංගල් ජිවිතවලට අපහාස එපා.... " ගවීෂ් කිව්වේ සැහෙන හිත රිදුනු විදියට කටත් ඇද කරලා.....

" ඔයාලා හිතන තරන් ඕක සරල නෑ.... වේඝර්ණ පවුලට උරුමයක් ගන්න ඕනේ දෙයක් කරාවි... මතකනේ එදා... " යොවන්දි මතක් කළේ ගවීෂ් සීට් එකට හේත්තු වෙල යන්තන් හිනා වෙද්දි...

" හරි හාරි... උබලට ඕනේ නම්, ඇච්චො පැච්චො දුසිමක් හැදුවත් කමක් නැ .... හැබැයි කරුම කර ගහන උරුම නම් මගෙන් පස්සේ නෑ.... එච්චරයි ... "

" අන්න ඒකනේ.... මං දොළහක් හදනවා... කට්ටියට දෙක දෙක වෙන්නවත් බෙදලා දෙන්න... කට්ටිය දැන්ම බුක් කරන්න... " ආශදිත් ආතල් එකට ගත්තේ යොවන්දිගෙත් කටින් හිනාවත් යන්තන් පනිද්දි....

ආයෙම වේඝර්ණලාගේ පැත්තෙන් නම් මහා මාළු කඩය ආරම්භ උනේ ආශාක්‍යසිංහ පැත්‍ත පුරුදු නිශ්ශබ්දතාවයෙන් පිරිලා තියෙද්දි.. එයා එක පාරක්වත් ඒ පැත්තට නොහැරුනාට, මියුන් ඇතුළට ආවේ සැහෙන පරක්කු වෙලා කියලා ගවීෂ් දන්නවා... ඔව් ඉතින් අර දොර ගාව හුළං වැදි වැදි ඉන්නැති පහුවෙන කදුවලට හූල්ල හූල්ල.... මෙතන කට්ටිය වට කරගෙන ෆෝන් එක අදින්න බැරි නිසා ගවීෂ් ෂේප් එකේ හැරිලා බැලුවේ මියුන්ව බලාගන්න....

අහ්.. මෙවිනා එක්ක කතාවක්.....
.... ප්ෆ්ට්.. මියුන්ගේ පර්සනැලිටි එක උඩුයටිකුරු වෙන තැනක්නේ ඕක ඉතින්... මෙවීනා එයා දිහා බලපු නිසාම ගවීෂ් ආයේ ඉක්මනින්ම ඉස්සරහට හැරුනේ හෙනම අහම්බයක් වගේ ඔළුවත් කසන්න අමතක නොකර... හොද වෙලාවට තමා නංගිව බලලා අය්යව උස්සගත්තෙ.... ඒ උනාට මොනා උනත් නංගි බබා ඉස්සර ලස්සනයි.... ඕකනේ කියන්නේ සමහර ක්‍රෂ් තියෙනවා පොඩ්ඩක් දැන අදුරගත්ත ගමන් ඒ ක්‍රෂ් නැති උනේ කොහොමදවත් නොදන්න !!.... ඌ ෂේප් එකේ ඉස්සරහට හැරුනා විතරයි මෙන්න ඩියෝන් බලන් ඉන්නවා ස්කැනරේ වගේ....

" මොකද බන් ?? "

" තාම ක්‍රෂ් එක නේ ? ඒකනේ මම කලින් මෙවීනට කැගැහුවම තද උනේ ?? " ඩියොන් ඉදල ඉදල සෑහෙන බුද්ධිමත් ප්‍රශ්නයක් ඇහුවේ ගවීෂ්ගේ මූණේ ඇදිච්ච මීට වඩා වහ කෑව නම් හොදයි බැල්මට ආශදීගේ හිනාව පුපුරලා යද්දි....

" ඔළුව වැදුනද කොහේ හරි ? උබ සිහියෙන් පුතො ඇ ? " ගවීෂ් ඇහුවේ වැරදිලාවත් මෙ කියන කතා අරවින්ද්කාරයට ඇහුනා නම් ඊළගට ඌ නහයෙන් අඩන විදියත් මවාගෙන...

" එහෙනම් මොකටද මෙවිනා දිහා හොරෙන් බලන්නේ ? ඔය ඇස් දෙකත් රතු වෙලා.... මාවනේ ඉතින් තම්බන්නෙ.... " ඩියෝන් ආයේ නෝන්ඩි කලේ සද්දෙ අඩු කරල....දැන් මොකො මුට කියන්නද බැලුවේ නංගි නෙවේ එයාගේ අය්යැන්දිය දිහා කියල ..... ගවීෂ් ඉස්සරහ සීට් එක අස්සේ නළල ගහගත්තේ ඩියෝන්ගේ බුද්ධිමත්බාවය ගැන ඇතිවුන පැහැදීමට....

" ළමාආයි ඔන්න එහෙනම් ඔහිය !! "

ගවීෂ් උත්තර දෙන්න කලින් අරවින්ද්ගේ කටහඩ කම්පාට්මන්ට් එක පුරා පැතිරුනේ වේඝර්ණලා සේරමත් කවුළුවලින් එබිකම් කරද්දි... ඒ වෙනකොටත් ට්‍රේන් එක හිමින් ස්ලෝ වෙනවා.... මීදුම පහත්වෙලා ඔහිය ස්ටේශන් එකම වහගෙන.... දැන් නම් සීතල දැනෙනවා හොදටම....

" හාඅචුහ්හ් " පළවෙනිම සිග්නල් එක ගවීෂ්ගෙන්.... පොඩ්ඩ සීතලට අනිත් අයගේ ඇවිස්සෙන්නේ වෙන වෙන දේවල් උනාට මොකද අපේ කොල්ලගේ නම් ඇවිස්සෙන්නේ පාරම්පරික සෙම අමාරුව... සේරටම කලින් එයාගේ බැක් පැක් එකෙන් වින්ට ජැකට් එක අවුස්සලා ගත්‍ත ගවීෂ් එයාවම ඔතාගත්තේ සීතල ඇගට කාවදින්න කලින්... ඇගේ තියෙන්නේ බර්ඩ්‍රේන් ජාන තමයි....ඒමයි කියල හචිං යන එක නවතිනවා නම් බැරිය...

"හාචුහ්හ්හ් !!" කෝච්චිය නවත්තන්නත් කලින් ගවීෂ් කම්පාට්මන්ට් එක දෙදරන්නම දෙවෙනි කිවිහුමත් ඇරියේ ඒ සැරේ නම් ආශාක්‍යසිංහලාගේත් මූණු නෝන්ඩි හිනාවකින් පුපුරලා යද්දි...... සම්පුර්ණයෙන් දෙකට නැවි නැවීම කම්පාට්මන්ට් එක දෙදරන්න හචිං අරින ලොරි ටෝක් දෙන වේඝර්ණ උරුමය...!! බලන්න ලස්සන දර්ශනයක්....

" මොන විසබීජද මන්දා !! " අරවින්ද්කාරයත් දැනෙන්න නොදැනෙන්න නෝන්ඩිය අතැරියේ ගවීෂ් උත්තර දෙන්න කට හදාගන්න පරක්කුවට උට තුන් වෙනි හචිමත් යද්දි.... අරවින්ද් ශනාර්ග ආශාක්‍යසිංහ !!!!! අමතක කරන්න හොද නෑ !! උ තමයි මේ සීතල පැත්තට එන්න අදහස දාපු අධම දුර්ජනයා.....

කෝම නමුත් ඔහියෙන් එක කෝච්චි පෙට්ටියක්ම සම්පූර්ණයෙන් හිස් කරල , ලෝකෙන් හැංගිලා ගිය බල වංශ දෙකේ තුන් වෙනි පරම්පරවේ දාමරිකයො සැට් දෙකම කඩි මුඩියේ බැහැ ගත්තේ පැතිරිලා යන හීතලට අත් අතුල්ලගන්න අතරේ... කටට අරන් පිටවෙන හුස්මත්, මිදෙන තරමට හීතල.....

" වාශිත්ට කෝකටත් ජැකට් එක දම්මන්න.. " ගවීෂ් යොවන්දිට කිව්වේ ඩියෝන් නම් යකා ගැහිල ගිය ගානට ඔහේ සාක්කුවට අත් ඔබාගෙන ඉද්දි... ඇ බොල උන්ට සීතල නැද්ද ?? කෝ..... අරවින්ද් ? ඌත් නිකන්.... අර ට්වින් ඩබලත් නිකන්... එතකොට මියුන් !! උටත් තාම මහ ලොකු සීතලක් නැහ් වගේ.... සීතලක් නං නෑ කියමුකො... සේරමලාගේ අවධානේ ඉල්ලන්න වගේ , පිට පිටම හචිං යන එකනේ අවුල මෙතන...

* හාචුහ්හ්හ්....*...!!! ඉතින් ආයෙම...!!

මේ වළාකුළු අතරේ ගෙවෙන ජිවිතවලට දිවා කාලය හරිම අඩුයි , ඒත් තවමත් ස්ටේශන් කන්තෝරුවේ කවුළු අතරේ සෙලවෙන ඡායාවන් නැතුවම නෙවේ... හැම නගරෙකටම කලින් දවල් කාලය අහවර කරන එක හරියට මේ නගරේ හුස්මගන්න ඈයොන්ගේ ජානවලටම කා වැදුනු දෙයක් වගේ වෙන්නැති ... ඉතින් දැනටම නගරේ පාළුවට ගිහින්.....

මේ පුංචි නගරයේ මිනිස්සු එහෙම ලහිලහියේ නගරය හිස් කරද්දි ස්ටේශන් කන්තෝරුව ළගම ලී පටි බංකුවේ තවමත් පුංචි සන්සුන් බවක් ඉතිරි වෙලා තිබ්බා.... ඔහිය නගරේට එන අන්තිම කෝච්චිය ඒ විදියට ස්ටේශම අතඇරලා යනවා බලාගෙන ඉදපු ගවීෂ් පැත්තකට වෙලා ෆෝන් එක අතට ගත්තේ අරවින්ද්ව කන්ටැක්ට් කරගන්න....ඔහෙ නෑ ඌ ෆෝන් එක සාක්කුවේ ඔබාගෙන ඉන්නෙ... ඒ තරම් මිනිහා බිසී මේ වෙන මොකක් නිසාවත් නෙවෙ මෙවීනාගේ අයිස්කැප් එක ඇජස්ට් කරන්න... අරහෙට කරනවා මෙහෙට කරනවා...... කෙල්ලගේ බෙල්ල වටේ තියෙන ස්කාෆ් එකත් හදනවා... මූණට වැටෙන කොණ්ඩේ හදනවා... එක විකාරයයිනේ එතන ... අපේ කෙල්ලො නං ඔච්චර බබාල නෙවෙ... අර ආශදියි , යොවන්දියි කිසි කරදරයක් නැතුව ඉන්නෙ ඔය...

" මොකද කරන්නෙ දැන් ? " ඩියෝනුත් ඇහුවේ ගවීෂ් සුප්‍රකට බොරලන්ද පාරයි, අනිත් පැත්තෙන් තියෙන ඔහිය ටවුන් එක දිහායි බලන අතරෙ... උරුමයන් දෙකේම ප්ලැන් එක වෙලා තිබ්බේ කෝච්චියේදිම කට්ටියව ෆිට් කරවන්න... ඉපදුන දවසේ ඉදන් නයි වෙරක්කාර පරම්පරා දෙකක් එහෙම ෆිට් කරන්න හිතපු එකම උන්ගේ ගොන්කම කියල දැන් කොල්ලො දෙන්නම දන්නවා... දැන් ඒක කඩාකප්පල් උනාට පස්සේ ගවීෂ් මේ ෆොන් එක අතට ගත්තේ අරවින්ද්ව කන්ටැක්ට් කරගන්න... කොහෙද !! උට දහසක් රාජකාරිනෙ...

" අපි එහෙනම් උණුවෙන් මොනව හරි කාලා ඉමු නේ ? " ගවීෂ් ෆෝන් එකෙන් මැසේජ් එක සෙන්ඩ් කරල තියලා නැගිට්ටේ වේඝර්ණලා සෙට් එක පුදුම හදිසියකින් ඔළුව වනද්දි.... ඔහිය නගරය කොහෙත්ම හිමිකම් නොකියන අමුතු නාගරික ගතියක් අයිතිකරගත්ත වේඝර්ණලා , එයාලගේ මහා කැම්පින් බඩු අනන් මනන්, ගමන් මළු සේරම උස්සගෙන ස්ටේශන් එක පැත්තෙන් තිබ්බ එකම පාරෙන් උඩට හිමින් ගෑටුවේ , ගවීෂ් මෙච්චර වෙලා ආශදිගේ අතේ එල්ලිලා ඉදිය අවුරුදු දොළහේ අලි කොල්ලව හරහට උස්සල ගනිද්දි....

" ගවීෂ් අය්යේඒඒඒ..... " පොඩි එකා කැගැහුවේ ගවීෂ් ගානක් නැතුව කොල්ලව උඩ පහළ දාන විදියට.... ඇටකිච්චා වගේ ඉදියට ඕකාගෙ කට නම් ඒම නෑ.... දැනටම ඇදිරි වැටිලා නිසාම ඩියෝන් ෆ්ලෑෂර් එක ඕන් කරගත්තේ කෝකටත් වගේ... ඇස් හොදට පේන එක වෙන්ම කතාවක්.. හැප්පෙන්න බැරි මීදුම එක්කනේ.... එහෙන් ඇට මිදුළු විනිවිදින සීතල.....

" එහ් මේ පැත්තේ ටවුන් එකක් තියෙ කියල ශුවර්ද ? " ඩියෝන් ඇහුවේ පෙන තෙක් මානෙක එකම විදියට කැලෑව මැදින් වැටුන පාර දිගේ ටෝච් එක වටේට කරකවන අතරේ.... හෙනම අද්භූත ගතියක් පිරිලා තිබ්බ උස ගස් පිරුන කැලෑව දැක්කම මේ පැත්තට ගිහින් ටවුන් එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියල සැකයි තමයි .. මොකද දැනටම අහස ඇති වෙනකන් අදුරු වෙලා ඉවරයි ... ඒ මදිවට එන්න එන්න තද වෙන හිරි පොද..... ගවිෂ් ආයේ ෆෝන් එක ඇදලා ගත්තේ ජීපිඑස් ඕන් කරගන්න....

" මේ පාරේ කිලෝමීටර් දහයක් විතර පෙන්නනවා !! " ගවීෂ් කිව්වේ ඇස් උඩ යවලා... යකෝ මේ සීතලේ !! මදිවට වැස්සේ... පාරවත් පේන්නැති මීදුමේ....... අරවින්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද් !!!! ගවීෂ් හිත යටින් කැගහන අතරේ අරවින්ද්ගේ චැට් එක ඕපන් කලේ උන් සෙට් එක කොහෙද කියලා හිතාගන්න.. දැනටම එයාලා කිලෝමීටරයක් විතර පයින් ආවා කියලා ගවීෂ්ට ශුවර්.... එතකොට ආශාක්‍යසිංහලා ඉන්නේ එයාලට පස්සෙන්... එත් කිසිම සද්දයක් එයාගේ සෙන්ස්වලට දැනෙන්නේ නෑ කියලත් ගවීෂ්ට ශුවර් ..

" අපි පිටිපස්සෙන් එනවා...... "

අරවින්ද්ගේ මැසේජ් එක රීඩ් කරපු ගවීෂ් කුණුහර්ප දෙක තුනක්ම ටයිප් කළේ ඊළගට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව... අර බූරුවනේ කිව්වේ කෝච්චියෙන් බැස්සම සේරම සෙට්ල් කියලා... හරිම නියමයි !!!.... මීදුම එක්ක පාරත් ශුවර් නෑ....

" ගවීෂ් මෙ... අපි ආපහු ගියොත් මොකද ? " යොවන්දි ඇහුවේ ගවීෂ් තොල් තද කරගනිද්දි... ආපහු කිලෝ මීටරයක් ආපස්සට... කොච්චර කැලි කැපෙන මීදුම උනත් උන්ට බයක් නම් නැ... ඒත් යන්නේ කොහෙටද කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ.....

" ඒහ් අර වාහනයක් එනවානෙ.... " ඩියෝන් කිව්වෙ ගවීෂුත් දැනටම ඇහිලා තිබ්බ වාහනේ සද්දෙට අනිත් අයව පාරෙන් අයින් කරද්දි.... කෝකටත් වගේ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් ඕන් කරපු වේඝර්ණ කොල්ලො දෙන්නා , වාහනෙ නවත්තගන්න බැලුවේ අඩුම තව කොච්චර දුරක් තියෙද කියලා හිතාගන්න බැරුව ඉදපු නිසා.... හැබැයි ඩිමෝ බට්ටෙක්...... ඕනෙ නම් එයාල පස් දෙනාට මේකේ නැගලා ටවුන් එකට යාගන්න එක මහ දෙයක් නෙවේනේ.....

" මාතියලා ටවුමටදැ?? " ලොරිය ස්ලො කරපු ඩ්‍රයිව ඇහුවේ ගවීෂ් ඔළුව වනද්දි.... ඒ පරක්කුවට ඩියෝන් උගේ අතින් ඇද්දේ පිටි පස්සේ ඉන්න උන්දැලැ ටික පෙන්නන්න.... හෆ්ෆට !!! මේං වැඩක්.... නිකන් නෙවේ , එළවලු ගෝනි පටවපු පිටිපස්සෙ තියෙන පොඩි ඉඩේ නැගලා තෙමිච්ච කුකුල්ලු වගේ ඉදියේ.........

ආශාක්‍යසිංහලා !!! ගවීෂ් ඩියෝන් දිහා බැලුවේ උගෙත් හිනාව කටින් පනිද්දි.... කවදා කාපු කටුද මේ.... විශේෂයෙන් අදුරට වැහිලා තියෙන මියුන්ගේ මූණ බලන්නයි දැන් ගවීෂ්ට ඕනේ.... එච්චර පොශ් ජිවිතයක් මේක අස්සට නැග්ගා කියල මතක් වෙද්දි !! අමො අමොර්.... අරවින්ද් තමා දවසකට හරි මිනිහා...

" කැරකෙන ලෝකේ නේද ? " ක්‍රිෂ් එබිලා ගවීෂ්ට කිව්වේ අනිත් පැත්තේ ඉදපු ආශාක්‍යසිංහලාත් එබෙද්දි...

" මේ අරවින්ද් අය්යේ.... මෙයාලවත් මේක අස්සට නග්ගගන්න ලෑස්ති වෙන්න එපා ඇ... " සේරටම කලින් මෙවීනා පැන්නේ අරවින්ද් එයා පරිස්සමට අල්ලන් ඉදපු එයාගේ අක්කව චුට්ටකට අත අරිද්දි....

" ඒම් බැනේ මාතියලා... මේ මාතියලාත් මාතියලාගේ වයසෙ දාන්.... කොල්ලෙකුත් පොඩියට තමා ඉන්නවනේ... කෝමැයි දාලා යන්ටේ ? "

" අපිව එක්කන් යනවද අංකල් ? ටවුන් එකට විතරයි..." ආශදී පුළුවන් තරම් මූණ හදාගෙන කිව්වේ ගවිෂ් කෙල්ලට කතා කරන්න දීල බලන් ඉද්දි..

" වින්ද් . ආයේ වේඝර්ණලා ද ? " ඒ සැරෙ නිශා අක්කත් ඇහුවේ නිශ්ශබ්දතාවය දරුණු කරන විදියේ කටහඩකින්...

" ඔව් අක්කේ.... පාරේ මීදුම වැහිලා... මුකුත් පේන්නෙ නැ... වහිනවත් එක්ක...." අරවින්ද් වටේ තත්වේ පැහැදිලි කළේ නිශා අක්කාට.....

" මේකෙ තව ඉඩ නෑනේ... !! " මෙවීනා මුරණ්ඩු විදියට කිව්වේ මෙච්චර වෙලා නිශ්ශබ්දව බලන් ඉදපු මියුන් දෙපාරක් හිතන්නැතුව බිමට පනිද්දි.... එයා වචනයක්වත් කියන්නැතුව ආශදිට සන් කළේ වාශිත්ව අරන් නගින්න කියල... අන්න අන්න මගේ එකාහ්...!! අපරාදේ කියන්න බෑ මියුනුත් තෙමිලා හොදටම....

" ආශදි නගින්න... " ගවීෂ් කිව්වේ මියුන්ව බදාගන්න හිතෙන ඒවා පොඩ්ඩකට යටට ඔබාගන්න අතරේ.... පස්සේ වෙලාවක දෙන්න බැරිය.... ආශදි , වාශිත්ව අරන් එක අඩියක් ඉස්සරට තියන පරක්කුවට , ඊළගට බිමට පැන්නේ සනෝශ්... ..

" තව කවුරු හරි නගින එකයි ඇත්තේ !! .. " එයා ඒ කිව්වේ සීතලේ වෙව්ලන යොවන්දිට.... සද්දෙ නම් අඩුයි.... ගවිෂ් යොවන්දිටත් නගින්න කියලා සන් කළේ ඩියෝන් නම් මික් සද්දයක් නැතුව් බලන් ඉද්දි.....

" ඒයි ලොකු බූරුවො... !! මාවත් ගන්නකෝඕඔ !!! " තනෝශ් මූණත් ඇද කරගෙන කෑගැහුවේ සනෝශ් ඒ සැරේ ආයේ හැරිලා , තනෝශ්ව උස්සලා අරගෙන බිමින් තියද්දි....

" මේ මොකද මේ.... සේරමලා බහිනවද ඒ පාර ?? " ක්‍රිෂ් හෙනම කොන්ෆියුස් සීන් එකේ ඇහුවේ උඩ බිම බලන ගමන්.... පුදුම වැඩක් උනානේ... අපරාදේ කියන්න බෑ මියුන් , සනෝශ් තනෝශ් ඩබලම බැහපු නිසා මෙවීනාගේ කටත් වැහිලා... ඒ මදිවට මේ වැස්සේ සීතලේ ඉන්න එක ලේසිත් නැ....

" අපිට සේරම යන්න බැරිද අංකල් ? " අරවින්ද් ඉස්සරහට එබුනේ , තාමත් එයාගේ අක්ක නිශාව අතාරින්නේ නැතුව... එයා හැමෝටම වඩා පරිස්සම් කළේ අක්කවනේ....

" මාතියලා... දහතුනයිනෙ... නපුරු ඉලක්කම යේක.. කමක් නැ නගින්ටකො......මේ වරුසාවේ කවුරුත් .... සීතලේ ඉන්ට යෝන නැ..."

" ඇහුණද..... නගිනවලා.. " අරවින්ද් කිව්වේ ලොරියෙන් එබිලා ගවිෂ්ගේ පිටට පයින් අනින අතරෙ.... ගවීෂ් ආපස්සට රවල බලලා , කෙල්ලො දෙන්නයි පොඩ්ඩාවයි ඩිමෝ බට්ටාට ගොඩ කළේ එළවලු ගෝනි අතරෙ පුළුවන් තරමකට ඉඩ හදලා දෙන ගමන්.... ආශාක්‍යසිංහලා කෝමටත් ලොරියේ එක පැත්තකට වෙලා ඉවරයි... ඊළගට එයාලගේ මලුටික පාස් කරපු ගවීෂ් වේඝර්ණලාට ලොරියේ වම්පැත්‍තේ ඉඩ හදගත්තේ බඩු ටිකත් පටවන අතරේ.....

" නගිනවා...! "

" තමුසේ නගිනවා ඉතින් !!"

" මේ නගිනවාද බටු ඇටයෝ !! "

" කවුද මූසලයෝ බටු ඇටයා !! "

ඒ අස්සේ පිටිපස්සේ ඩියෝන් අලුත් වලියකට අත ගහලා..... පුදුම විදියට ඇවිල්ලෙන්නෙ මූත්.... ගවීෂ් ඩියෝන්ව උගේ එහා පැත්තට ඇදලා ගත්තේ , තනෝශ්ව නග්ගපු සනෝශ් ලොරි බාගෙට ගොඩ වෙලා වාඩි වෙද්දි......

" හ්ම් නැගපන්..." ගවීෂ් ඩියෝන්ට සන් කළේ ඌ මියුන් දිහාත් බලලා ආයේ , සද්දයක් බද්දයක් නැතුව ලොරියට ගොඩ වෙද්දි.... ගවීෂ් ඊළගට එයාට කියනකන් බලන් නොඉදපු මියුනුත් ලොරියට ගොඩ උනේ , ගවීෂ්නුත් අන්තිමට ලොරියට ගොඩ වෙද්දි.... ගවිෂ් ලොරියට නැගලා වාඩි වෙනකන් බලාගෙන ඉදපු අරවින්ද් ඩ්‍රයිවකාරයාට සිග්නල් එක දුන්නේ කිලෝ ගාණක් පටවපු හිච්චි ඩීමෝ බට්ටා මීදුම පිරුන පාරෙන් ඉස්සරහට යද්දි....

" සමහර තාරාවොන්ටත් , ඉතින් පාත්තයෝ නැතුවම බෑනේ.... " නැග්ග ගමන් ඒ පිළිගැනීමේ කතාව ක්‍රිෂ්ගෙන්.... ආදරෙයි ක්‍රිෂ් අක්කේ ඉතින් ඇ.... කොහෙද මැද ඇගිල්ලෙන් ආදරේ ප්‍රකාශ කරන්නවත් මේ අදුරේ ඉතින් මූණු පේන්නෙත් නැනේ....

" ආශාක්‍යසිංහ විදියට යන අන්තිම ට්‍රිප් එකනේ... මට ඕනේ නම් උන් එක්ක කතා කරනව තමයි... " ක්‍රිෂ් ඒ ගැම්මටම ඒ හින්ට් එක පාස් කළේ තාම මූණ සවුත්තු මෙවීනට.... කට්ටියම තමන්ගේ පාඩුවේ සන්සුන්... පොඩි කෙල්ලෝ දෙන්නායි සනෝශ් තනෝශ් දෙන්නා නම් මොනවද කුටු කුටු ගානවා.... ඩියෝන් මීක් සද්දයක් නෑ.... යොවන්දි , ආශදී , වාශිත් කෝමටත් ඉස්සරහා හරියේ.....

අරවින්ද් !! අරවින්ද් !! දවසකට දෙපාරක් ඌ තමා මිනිහා.... සාමදාන ප්ලැන් බී එක.... මීදුමෙන් වැහුන බොරලන්ද පාරේ , වෙව්ලන සීතලේ , වැස්සේ සද්දේ අහගෙන ප්‍රධාන වංශ දෙකේ තුන් වෙනි පරම්පරාවන් දෙක එළවලු ගෙනියන ඩිමෝ බට්ටෙක් ඇතුලේ , ජිවීතේ විදිනවා යකෝ "!!!!!

මෙච්චර වෙලා මනෝ ලෝකෙ ගිලිලා තනියම හිනා වෙවී ඉදපු ගවීෂ් පියවි සිහියට ආවේ උගේ වින්ට ජැකට් එක ඇග වටේ තදට එතුන විදියට... එයාගේ වින්ට ජැකට් එකේ දෙපැත්තෙන් අල්ලලා එයාව වින්ට ජැකට් එක මැද්දට පරිස්සමෙන් පැක් කලේ නොවැරදීම මියුන්... කෑලි කැපෙන කළුවර එක්ක මූණුවත් නොපෙනෙන එකේ ඕක පේන්නේ නැනේ ඉතින්.... ගවීෂ් ඇස් දෙක පියාගත්තේ මේ කලුවරේ රතුවෙන එයාගේ ඇස් දෙක ඕනෙම කෙනෙක්ට ලේසියෙන්ම කැපිලා පේන දෙයක් නිසා....

ගවීෂ් ශේප් එකේම ඇස් දෙක පියාගෙනම පොඩ්ඩක් මියුන්ගේ ළගට උනේ එතන ඉදලා කකුල හිරි වැටිච්ච ගානට... මොකාට කියලා පේන්නද ඉතින්... කළුවරත් එක්ක එක එක දේවල් කරන්නත් හිතෙනවා.... මියුන්ගේ මූණ බලන්න ඇස් අරින්න් බෑ , සේරටම අහුවෙනවා ඒ සැරේ... ගවීෂ් එයාගේ වින්ට ජැකට් එක අස්සෙන් යන්තන් අත මතු කරගත්තේ ඒක පහළට ගෙන ගමන්.... හ්ම්. !! මියුන්ගේ සීතල අත සෑහෙන වේගෙකින් ඒ අතේ පැටලිලා ගියේ එ සීතලට වඩා වේගෙකින් මතු වෙන උණුසුම් හැගීමක් පපුවෙන් පටන් අරන් ඇග පුරාවට පැතිරිලා යද්දි.........

.
.
.
.
.

- මතු සම්බන්ධයි -

.
.
.

.. මින්වයිල් ගෙදර ඉන්න පෆ් -- *මාව කපලා* 🥹

#ඔහිය රියල් ලොකේශන් වගේ දැනුනට මට ඕනේ විදියට වෙනස් කළා ඇ.. මේ කියන බොරලන්ද පාරේ වැටෙන්නේ හොර්ටන් තැන්නට.... ඒ ගමන ඔයාලා ජිවිතේ එක පාරක් හරි යන්නම ඕනේ ගමනක් කියලා මතක තියාගන්නකො.✨️💚 ඒකතරම් ලස්සන කැලෑ පාරක්..දවල් වරුවක නම් අද්භූත හරිත වනයක්... හවසක මීදුම් පාරාදීසයක් .. දවසක , මේම යාළුවො ටිකක් එක්ක හරි එළවලු ලොරියක හරි , කාත් එක්ක හරි තනියම බයික් එකක හරි ගිහින් එන්න... මේ අත්දැකිම මට වචනවලට ගන්න බැරි තරම් ලස්සනයි. ..

Συνέχεια Ανάγνωσης

Θα σας αρέσει επίσης

237K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
7.4K 1.8K 12
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙ...
30.2K 6.6K 70
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගට...
82.7K 15.3K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...