- Plot 23 -

By Bulbz_D

867K 114K 39.6K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 87 -

5.4K 811 396
By Bulbz_D

" එහෙනම් උබලා පැරදුනොත් අරවින්ද්ටත් ආශාක්‍යසිංහ මැන්ශන් එකේ වහළ උඩට නැගලා ඒකම කරන්න වෙයි... "

" ඒකටඅපි පැරදෙන්න එපැයි..... "

" ඇයි අපි පරදින්න උබලට අපි මොක්කු වගේද පේන්නේ ? "  ඩියෝනුත් ආපස්සට කට ගැහුවේ ගවීෂ්ටත් වඩා හය්යෙන්...

" ලෑලි ඉරන වඩුමඩුවක් වගේ... "

" උබලට.... !!!"

" ඩියෝන් !! ඩියෝන් !! වාඩ් වෙයන්.. " ගවීෂ් කිව්වේ ඩියෝන්ව එක්දාස්විසිදෙවෙනි පාරටත් ඇදල වාඩි කරවන ගමන්.... මේ මනුස්සයාගේ කේන්තිය එක්ක කොහොමද කියහන්කෝ මහා සමාදාන ප්ලැන් එක ක්‍රියාත්මක කරන්නේ ? අනික හෙනම අසාධාරණයි යකෝ !! මියුන්ට සිංදු කියන්න පුළුවන් වෙන්න ඇත්තේ ලොකු අම්මාගෙන්.... ලියුම්වල හැටියට භාතිය ආශාක්‍යසිංහට තාලෙට අප්පුඩියක් ගහන්න බෑ ඔන ඔට්ටුවක්... ඒම එකේ හරි නම් ඌ ඉන්න ඔනෙත් වේඝර්ණ ටීම් එකේ චහ්... අර්වින්ද්කාරයා මෙතන පරණ තරහක් පිරිමහනවා...කු. හ. ක. යා !!

"ඔන්න අලුත් සිංදුවක් එහෙනම්.... " අරවින්ද් කිව්වේ වේඝර්ණලා ටිකත් එයාලගේ සන්තකේටම තිබ්බ බොංගෝ එක අරන් ඒ පැතිවලට හැරිලා වාඩි වෙද්දි.... මෙතන තනිකර තියෙන්නෙ මරාගැනීමක් !! ඇයි වෙන මොකක් හරි වගේ පේනවද ? හහ්....

" අනන්තයට යන පාර දිගෙ....
අනන්තයට යන පාර දිගේ...
ඇය එනවා....
ප්‍රාර්ථනාවේ... " 

හරිත නිම්නයේ සීතල අතරින්...
පිනි වැස්සේ....
අනන්තයට යන පාර දිගේ...
ඇය එනවා....
ප්‍රාර්ථනාවේ....
මල් පොකුරු අරන්....
සීතල පිනි වැස්සේ...."

" උබල..." අරවින්ද් කිව්වේ ගවීෂ්ට උඩින් ආශදී දිහා හැරෙන අතරෙ.... ඔව් ඌ පවා දන්නවා වේඝර්ණලාගේ  සිංදු කියන්න පුළුවන් එයාට විතරයි කියලා.... හැබැයි අපරාදේ කියන්න බෑ වේඝර්ණලා සෙට් එකේම අඩුව පුරවන්න පුළුවන් විදියේ හරිම යුනික් පවර්ෆුල් කටහඩක් තමා කෙල්ලට තිබ්බේ.....

" ඉගිබිගි පානා නෙතු මානේ ඉදිමි නැවතීලා....
නොඉදුල් හාදුව ළග හෙව්වේ සෙනෙහේ නොවේද මා....
මතු හිමි නොවුනට කම් නැ ශියාවේ.....
දනිමී පමාවත් මගෙමයි....
නොහෙලූවානම් මා මුලාවේ
අදටත් නුඹේ ළගමයි...

ආශාක්‍යසිංහලා කෙසේ වෙතත් ගවීෂ් ඩියෝන් දෙන්නත් කට ඇරන් උන්ගෙ කෙල්ල දිහා බලන් ඉන්නේ ... එයා
සින්ග් කරන්නේ ලිරික්ස් නෙවේ ඉමෝශන්ස් !!! වෙන එකක් තියා අරවින්ද් පවා කෙල්ලගේ සිංදුවටත් කටහක් නැතුව කෝඩ්ස් ඇල්ලුවේ ඒ කෝඩ්ස් එක්ක ගැලපුන කටහඩ නිශ්ශබ්ද කෝච්චි පෙට්ටිය පුරාවට පැතිරිලා යද්දි....  ඒක වාව් !! හීනි පොද වැස්සක් වෙලාවට මීට වඩා නොස්ටැල්ජික් හැගීමක් තියෙන්න පුළුවන් ද ?

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ..... "ආශදි සිංදුව ස්ලෝ කරල නැවැත්තුවේ අරවින්ද් දිගටම කෝඩස් ප්ලේ කරද්දි....

"කෝ ඉතිරි ටික.....?
සිදගනාවී.... නුඹමයි සසරේම මා පැතුවේ.....
හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ....

ෙතැනක වූවත් නැත නියයනු සෙනෙහස මේ....
එන අත් භවයක හෝ නුඹ හිම්වෙද ලදුනේ.... ...

ආශදි නැවැත්තුවට අරවින්ද් කන්ටිනියු කරන් ගියේ, සිංදුව නවත්තපු කෙල්ලත් ඉතිරි ටික කියාගෙන යද්දි.... හැමෝම සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි , කෝච්චිය පීලි අතරේ ටකස් ගාන සද්දේ අතරින් ඇහෙන එකම හඩ ඒ ඩුවට් එක විතරයි ...ඒ සේරටම වඩා ගවීෂ්ගේ කම්මුල් සතුටට නලියන්නේ මේම එකට සින්ග් කරන්නේ ආශාක්‍යසිංහ කෙනෙකුයි වේඝර්ණ කෙනෙකුයි නේද කියලා මතක් උනාම.... මහ ලොකුවට හෙනම අහම්බයක් වගේ ප්ලැන් කරලා කස්ටියව එළියට එක්කන් ආවට මොකද අරවින්ද්ගෙයි එයාගෙයි එකම සැලසුම තුන්වෙනි පරම්පරාව සමතයකට පත් කරන එක ...  ඒක කොච්චර අමාරු උනත්, සමහර විට කරන්නම බැරි දෙයක් උනත් ඒක නොකරන්න අසාර්ථක වෙන්නේත් එයාලමයි කියල කොල්ලෝ දෙන්නා හොදටම තේරුම් අරගෙනයි ඉන්නේ...

" මියුන්.... " ඩුවට් එක ඉවර කරපු අරවින්ද් කිව්වේ මියුන් දිහා බලලා.... ගවීෂ්නුත් ඇස් අයිනෙන් ඒ පැත්තට ඇන්ටෙනාව කැරකැව්වේ ඕපදූප හොයන්නමත් නෙවේ , හැබැයි ඒකටත් තමයි....

" උගුර අවුල්... " මියුන් එක පාරට මතුවුන කැස්සක් එක්ක කිව්වේ ගවීෂ් හිනාව නවත්තගන්න තොල් තද කරගනිද්දි...  ඔහෝ !  දැට්ස් මා බෝයි...  ඒම මට බුට් සිංදු කියන්න දෙයිද මැන්ශන් එකේ වහළ උඩ..... ගවීෂ් ඇහිබැම උඩ යැව්වේ කට අයිනෙන් උඩට රොල් උන හිනාව හංගගෙන... අනික ඒ ඇවිත් මේ තිමෞර්යගේ නයිටිංගේල්... තනිකර සිංගල් ප්‍රොපටියක්... එච්චරයි !!

" මියුන් !! කියපන් අයිසේ !! " අරවින්ද් ආයේ කිව්වේ මියුන්ට පයින් පාරකුත් ගහලා...

" සනෝශ් කියන්න... " මියුන් බෝලෙ පාස් කලේ සනෝශ්නුත් ඇහුන්නෑ වගේ එහා පැත්ත හැරිලා වාඩි වෙද්දි.....

" සනෝශ් කියන්නකෝ... !!" අරවින්ද් ඒ පාර සනෝශ්ට කැගහනව.....

" මට බෑ...!! "  සනෝශ් කන්ෆර්ම් කලේ මුරණ්ඩු විදියට....අමො අමෝ මහ ලොකු ගායකයෝ ගොඩක් ඉදපු ආශාක්‍යසිංහලා !! මකකත මේ උනේ ???

" මොකද මොකද ආශාක්‍යසිංහලා ඩිෆිට් එක ගන්නවද ? හූඌ හ්හූ.. එව්ව්..... " පොඩ්ඩ පරක්කුවට ඩියෝන්ගේ කටත් ඇරිලා ගානට....

" හිතේ ඇති !!! ඉදපන් මං කියන්නං..... " ඩියෝන්ගේ නෝන්ඩියට සනෝශ් ආයේ ඉදපු තැනින් ෆෝම් වෙලා නැගිට්ටේ අරවින්ද් දිහාවට හැරිලා.... සනෝශ් බැට්ල් එක ආයේ කෝල් කරපු නිසාම ,  ගවීෂ්නුයි ඩියෝනුයි දෙන්නටම එකට විසිල් එකකුත් ගැහුනේ බැට්ල් එක උච්ච කරන අතරේ.. කාටද විසිල් ගහන්නේ කියලාවත් දෙන්නටම මීටර් නෑ.....

"ඔන්න අල්ලන්න අරවින්ද් අය්යේ...  ජී... සී... ඩීත් ඕනෙ වෙයි..." සනෝශ් කිව්වේ උගේ සීට් එකෙන් නැගිටලා....

" මට රවනා.... මුහුණත් අතරෙ...
නුඹ පෙනුනා කොනකින් වාගේ....
නුබමද මාගේ... තොල් පෙති තෙමුවේ....
ඒ හාදුවේ නැහැ අවසානය දුටුවේ....
අරමුණු මාගේ ... නුඹ ළග තිබුනේ.... 
එක හුස්මක් ළග දවසක් ගෙවුනේ..... -"

" මා උදුරාගත් හාදුවෙ...
මැවි සැලුනා හැම ස්වරයම මගේ හදේ...
හුස්මට මුසුවූ සදෙ නුඹ නිවුනේ.....
මට රවනා....
මුහුණත් අතරෙ...  " 

හැබැයි පුතෝ වැඩේ කියන්නේ මිනිහාත් බුලට් එක තමා... ඒ කටහඩ වයසට වඩා ඩීප්, ලාවට විතර වෙස්ටන් වයිබ් එකක් තිබ්බ කටහඩක්.... ඒ කොහොම උනත් ඌ ඒක කිව්වේ මාර ඇග්‍රසිව් විදියකට.... කොටින්ම කිව්වොත් සනෝශ්ගෙන් ආපස්සට එල්ල උනේ එසේ මෙසේ චැලන්ජ් එකක් නෙවේ..... කොටින්ම වේඝර්ණලා ස්පීච්ලස් වෙන්නම කොල්ලා වැඩේ දීලා ඉවරයි.... අමුක ඩුමුක වෙන්නයි යන්නේ දැන්....

" වාශිත්-- "

" සිංදුවක් මතක් කරනවනේ අය්යා... " වාශිත් කිව්වේ සැහෙන අමාරුවෙන්. පොඩි එක බයත් වෙලා....

" මම ගන්නං.. මම ගන්නං... !!" ඩිෆිට් එක ගන්න තියෙන අකමැත්තට ඩියෝන් පුදුම හදසියකින් අත ඉස්සුවේ බොංගෝ එක අතට අරන්.....  උට ඉතින් ආශාක්‍යසිංහලා එක්ක ඇරගන්නවා නම් සරිගම කන්න උනත් දෙපාරක් හිතන්නෑ.... ගැම්මට යමන් කොල්ලො... ගවීෂ් කිව්වේ කොකටත් කන් ඇබ ගහගන්න ලෑස්ති පිට ...

" ... ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නේ ඇයි එහෙනම්...
කම්මුල් සිබින්න මගේ හොද නම්....
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්...  "

පෙම් හසරැලි මුව රැඳුනේ
නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ
නැලවුණු හැටි මගේ මතකේ
තාමත් ඇත අද වාගේ
ඉන්නම් සැමදා ඔබගේ
සෙවණැල්ලක් වී සසරේ
අවසානේ තෙක් මහදේ
තනිකම නැතිකර සැමදා මට ළං වූවා ඔබ සෙවණේ
ඔබ සිනහව මා
හදේ රැඳුණේ
නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ළං වී කියූ දේ
මතකේ තවම රැඳේ..

"ආඩම්බරයි බැලුවම නම්...
හොරැහින් බලන්නේ ඇයි එහෙනම්...
කම්මුල් සිබින්න මගේ හොද නම්...
ආලෙන් වෙලෙම්ම ඇයි තහනම්... ? "

ඩියෝන් කෙලින්ම එතන තිබ්බ වයිබ් එක උඩියටිකුරු කල කිව්වොත් හරි.... උට සිංදු කියන්න බෑ කියල හොයන්න නැති ගානට ඌ වැඩේ අතෑරලා ඉවරයි..... අඩෝ ඉතින් මේ ඉන්නෙ තව බුලට් එකක් අපිට..... උගේ කටහඩට රැප් එක ගානට මැච්...  ඩියෝන් සිංදුව ඉවර කරල වාඩි වෙද්දි ගවීෂ් පට්ට ගැම්මෙන් කොල්ලගේ පිටට දඩෝරියං පාරක් අතෑරියෙ පිටට පේන්නැති උනාට ඩියොන්ගෙ අත් දෙක ඉදන්ම වෙව්ලන විත්තිය නෝට් කරගන්න අතරෙ.... මිනිහා මාර හයිප් එකකින් සින්ග් කළාට මොකද මෙච්චර සිතලේ උට මදි නොකියන්න දාඩියත් දාලා... අමේ අමේ.....ලැජ්ජ හිතිලා !!! කමක් නෑ කමක් නෑ !!  වැඩෙ දුන්නානේ වෙඩි වගේ.... එච්චරයි ...!!!

" මියුන් දැන්වත් කියපන්.. !!! " අරවින්ද වදින්නැ විතරයි ... මියුන් ඇහුන්නැති ගානටම චිප්ස් පැකට් එකෙන් අහුරක්ම කටේ ඔබාගන්නවා ගවිෂ් බලාගෙන.... ඔය මගේ එකා බොලව්.. !! මගේ එකා !! අරවින්ද් හිතන් ඇති මෙතන උගෙන් ගේම ගහන්න... ගවීෂ්ගෙ කට කනේ... උගේ දාර නෝන්ඩි හිනාව එල්ල වෙලා තියෙන්නේත් අරවින්ද්ගේ කුරුවල් වෙච්ච මූණ දිහාවට තමා.....

" ආව්ස් ආව්ස්.... ඒකට නම් පොයින්ට් එකක් ඇඩ් වෙනවා හරිද..?  " ආශදී ගවීෂ්ගෙ අත කොනිත්තල මිමිණුවේ ගවීෂ් හිනා වෙලා එයාගේ සපත්තු දෙකට පූර්ණ අවධානය යොමු කරද්දි....

" මියුන් තමුසේ මහ සහෝදර ද්‍රෝහියෙක් යකෝ.. " 

" නෑ උබ වැරදි එකාටනේ කියන්නේ වින්ද්.. ඔන්න ඔක නවත්තලා වහල උඩට නැගලා සිංදු කියන්න ලෑස්ති වෙයන්....කෝ කට්ටියම එහෙනම්  අලුත් එකක් පටන් ගන්න ... "

" මට කියනවද මොකක්ද මේ මෙතන වෙන විකාරේ කියල ? !! අර ගවීෂ් වගේ කුණුගොඩකට හිතලම පැරදෙනවද ?  " මෙච්චර වෙලා අරහෙට මෙහෙට සද්ද බද්ද වෙවී තිබ්බ කෝච්චි පෙට්ටියම ආයේ සයිලන්ට් උනේ ඒ සද්දෙට..... මෙවීනා ඒක හය්යෙන් කිව්වා නෙවෙ... ඒත් වේඝර්ණලාගෙ කන් ඇති ඒක ඇහෙන්න... කඩාගෙන නැගිටපු ආශදීවයි, ඩියෝන්වයි කන්ට්‍රෝල් කරගන්න ගවීෂ් නැගිට්ටේ ඒ තත්පරේදිමයි....

" අතැරපන් ගවීෂ් අය්යේ. !! " ඩියෝන් කිව්වේ ගවීෂ්ගේ අතිනුත් ගහල දාන ගමන්.....

" මෙවීනා .. " අරවින්ද් කතා කලේ මෙවීනාගේ කටහඩේ තිබ්බ කේන්තිය පාලනය කරගන්න වෙන්න ඕනෙ... එයාට කලින් එහා පැත්තේ ඉදපු මියුන් මෙවිනාට සැර බැල්මක් දානවා ගවීෂ් බලාගෙන.....

" ඔයාලා සේරටම මොකක්ද මේ වෙලා තියෙන්නේ !! ? "එයා ආයෙම ඇහුවේ සැහෙන උච්ච ස්වරයකින්.... ඒකි හැමි-- නෙනවනේ ඉතින්....!! ගවීෂ් කේන්තියට දත් මිටි කාගත්තේ ඩියෝන්ට හෙළවෙන්න නොදී සන්සුන් කරගන්න අතරේ....

"ට්‍රිප් එකක් යකො ආවේ... දන්නේ නැද්ද ට්‍රිප් යන විදිය... මෙතන නිකන් වේඝර්ණලා ඉස්සරහ රණ්ඩු කරලා ලැජ්ජ වෙන්නැතුව කට පියන් ඉන්නවා.... " ක්‍රිෂ් කොච්චර හිමින් මිමිණුවත් උන් සේරටම ඒ ටික ඇහෙනවා....

"අහ් .. කමක් නෑ!!! ඔයාට ඕනෙ විදියට යමු එහෙනන්....  කෝමට් මේ ඔයා ආශක්‍යසිංහ කෙනෙක් විදියට යන අන්තිම ට්‍රිප් එකනෙ..... " 

භයානක නිශ්ශබ්දතාවයක්.... අරවින්ද් අසරණව ක්‍රිෂ් දිහා බැලුවේ එයා මෙවීනාට ගහන්න අත මිට මොළව ගත්ත අත අරවින්ද් එයා දිහා බලන් ඉදිය විදියට ආපහු ගුලි කරගනිද්දි... ඔතන වලි බේරන්න ගිහින් අසරණ වෙන්නේ අරවින්ද් නිසා තමා ක්‍රිෂ් මේම හරි ඉවසන්නේ....

" මෙවීනා....ඇති දැන් ඔය...." වැරදීමක් නැත්තන් ඒ මියුන්... එයා පොඩ්ඩක්වත් මෙවීනාට සැර කලේ නෑ...  ඔව්නේ... කවදාවත් මියුන් කාට සැර කළත්, මෙවීනාට සැර කරන්නේ නැ.... මෙවිනා කොච්චර වැරදි උනත්.... හේතුව මොකක් උනත්....!!  කොටින්ම මෙවීනාගේ මුරණ්ඩු ගති උනත් යන්තන් හරි මෙල්ල වෙන්නේ මියුන්ට විතරයි ...

" හරිම ශොක් අය්යේ....! අරවින්ද් අය්යාත් ගිහින් අර වට්ටිඅම්මට ගිටා ගහන්න...  ඔයත් මෙතන ඕනෙ කුණුගොඩකට - "

" තමුසේ මාව ඔතනට ගෙන්න ගන්න එපා මෙවීනා හරිද !! ගවීෂ් අය්යේ අතාරින්න... ඔයත් හැමතිස්සෙම එයාලව බේරන්නේ ඇයි ? !! ආ.... පේන්නේ නැද්ද අරකි අර හැමිනෙන විදිය.... මම ඕකිව මරනවා !!!!! අතාරි--"

"  ඩියෝන් !!! " ගවීෂ් කැගැහුවේ ඩියෝන්ව එහාට තල්ලු කරන ගමන්... එයාට කේන්තිම ඩියෝන්ගේ මේ ඇටිටියුඩ්ස්වලට !! පොඩ්ඩ කේන්ති ගියත් පටන් ගන්නේ මරනවා කියාගෙන...!!

" උබ ආයෙ කාව හරි මරනවා කියන වචනේ මට ඇහෙන්න කිව්වොත් කට තලනවා හරිද !! " ගවීෂ් කිව්වේ ආශදි ඩියෝන්වයි, යොවන්දි ගවීෂ්වයි කෝකටත් කියල දෙපැත්තට කරද්දි..... ගවීෂ් එයාට කැගහපු විදියට ඩියෝන් රවාගෙන පැත්තට උනේ ජනේලෙ අයිනෙම සීට් එකට මාරු වෙන ගමන්...  ආශාක්‍යසිංහලා කියල වෙනමද ? මියුන්  දමලා ගහල නැගිටලා , අනිත් පැත්තේ ජනේලේ අයිනේ සීට් එකට මාරු වෙලා හෙඩ් ෆෝන්ස් කනේ ඔබාගන්නවා ගවීෂ් බලාගෙන... සීයට දාහක් විශ්වාසයි ඒම කරන්නේ මියුන්ට කේන්ති ගියාම..... සනෝශ් එහෙමම ෆෝන් එක අතට අරන් පැත්තට උනෙ , තනෝශ් කිසිම සද්දයක් නැතුව නිනේලි හේෂාර්යා එක්ක චිප්ස් පැකට් වගයක් කඩද්දි..... ක්‍රිෂ් සිගරට් එකක් අතට අරගන්න අතරේ දොර අයිනට ගිහින් හේත්තු වෙනවා බලාගෙන ඉදපු අරවින්ද් නැගිට්ටේ යන්තන් හැරිලා ගවීෂ් දිහා බලන අතරේ.....

හරිනේ අමාරුව !! තිබ්බටත් වඩා තත්වේ සවුත්තුයි... එකත් අතට මේ උන්දැල ටික සමත කරන එක එච්චරටම ලේසි වැඩක් වෙනවා නම්  තමයි පුදුම වෙන්න ඕනේ... !!! අරවින්ද්ට ඒක ඕකේ කියන්න සයින් එකක් දීපු ගවීෂ්නුත් ජනේලේ ළග තනි සීට් එකක වාඩි උනේ , කෑම මල්ලෙන් ඇති වෙනකන් කෑමයි, සන්ක්‍රෂ් එකකුයි ඇදල අරගෙන.....යොවන්දියි ආශදියි වාශිත්නුයි දෙපැත්තේ ජනේල දෙකට අරක් ගත්ත ඩියොනුයි ගවීෂ්නුයි දිහා බැලුවේ ආයේ පැය ගාණකට මුන් දෙන්නා මුණවත් බලන්නෑ කියල හොද හැටි දැනගෙන....

" මෙතන ප්‍රශ්නයක් වෙන්නෙ නැ , එයාලට එයාලගේ පාඩුවේ යන්න දීලා...අපි අපේ පාඩුවේ ගියා නම්... " රණ්ඩු ගොඩකින් පස්සේ ඇතිඋන දරුණු නිශ්ශබ්දතාවය දරාගන්න බැරි තැන ඒ කතා කලේ ඒ නිශා අක්කා....

අරවින්ද් එහෙමම නිශා අක්කගෙ උකුල උඩින් ඔළුව තියාගෙන හාන්සි උනේම පැය දෙක තුනකට නින්දක් දාන්න.. මෙවීනාත් අඩන්න ඔන්න මෙන්න කියලා අරවින්ද්ටත් පේනව... ඒ කෙල්ලගෙ හැටි.... දැන් එයාටම දුක ඇති ඒම කියෙව්වට.... හරි වැරැද්ද මොකවත් නෙවේ අරවින්ද් , ආශදීට ගිටා එක ගහපු එක.... එතනින් පටන් ගත්ත ඉරිසියාව තමයි ඔය පුපුරලා ගියේ.... අරවින්ද් , ටික වෙලාවක් බලාගෙන ඉදලා මෙවීනාගේ අතින් අල්ලගත්තේ කෙල්ල අයේ දෙකක් නැතුවම අරවින්ද්ගේ අත දමලා ගහද්දි....

" සුදූ...."

" මගේ ඔළුව රිදෙනවා... " මෙවීනා කිව්වේ ඒ එයාට කතා කරන්න ඕනේ නැති විත්තිය...

" ඔය දැන් මාත් එක්ක කතා කරන්නෑ ? "

" ලැජ්ජ නැතුව තව මාත් එක්ක කතා කරන්න එපා.... ඔයා දන්නවානේ අර ගවීෂ් මගෙ පස්සෙනුත් ආවා... "

" ම්ම් ඉතින් ? "

"ම්ම් ඉතින් ??? ඉතින් මම එයාට කෝම කතා කලාම මොකද !! "

" සුදූ , ඒක වෙලා අවුරුද්දකට වැඩිනේ දැන්.... "

" ඒ උනාට එයා ඒම ආවනේ...  මියුන් අය්යත් හැසිරෙන්නේ ඒ කිසි දෙයක් මතක නෑ වගෙ !! "

" දැන් ඔව්ව වෙලා සැහෙන කල්නේ...අනික එදායින් පස්සේ ඒම උනේ නෑනේ... ? ම්ම් ? අපි එයාට ඒකට ඩ්‍රොප් සෝන් එකේ ගැහුවනේ ?? "

"ඒක තමයි කියන්නේ එයා ඉන්නේ පළිගන්න බලාගෙන !!! "

" ගවීෂ්ද ? " අරවින්ද් ඇහුවේ යන්තන් හිනා වෙලා....

" නැතුව !! ඔය වගේ රස්තියාදුකාර කොල්ලෝ හැදෙන්නෙ නෑ... වේඝර්ණ පරම්පරාවට බුදු සරණයි....බය්ක් පැද පැද රවුම් ගහන්න ඇර වෙන මොනවද කියන්නකො උට පුළුවන් ? "

" බයික් පැද රස්තියාදු නම් මමත් ගහනවනේ සුදූ..." අරවින්ද් කිව්වෙ

" දැන් ඔයත් ගන්නේ එයාගේ පැත්තද !! "

" කාගෙවත් පැත්තක් ගත්තේ නෑනේ මෙවීනා මම........ "

" නැත්තේ මොකද කේනාල් අය්යා ඉදියා නම් ඔයා වගේ නෑ !! එයා මගේ පැත්ත ගනි....ඔයා ගන්න ඕනෙත් මගේ පැත්ත !! "

" ම්න්... " අරවින්ද් සුපුරුදු උත්තරෙ දුන්නේ එයාගේ අක්කා නිශා  ඔලුව අතගාපු එකට තදින් ඇස් දෙක පියාගෙන... හැමදේම නිශ්ශබ්දව අහන් ඉදියට අරවින්ද්ගේ හිත බරවෙන තැන් නිශා හොදට අදුරනවා..... මේ ආදරේ එයාගේ පොඩි කොල්ලට බර වැඩි කියන්නත් නිශා දන්නවා...

මොකද ඒක හරි අමාරු බැදිමක් .... මෙවීනා එක්ක මේව විදියට ඉවසන්නේ අරවින්ද් නැත්තන් මියුන් විතරයි .... අනිත් පවුලෙම අය පවා මෙවීනා ගැන ඉවසන්නේ අරවින්ද්වයි මියුන්වයි අසරණ කරන්න බැරිකමට.... ඒ දෙන්නාම තමා පොඩි කාලේ ඉදන්ම වචනෙකින්වත් සැර නොකරව නංගිව මෙච්චර හිතුවක්කාර කරගත්තේත්.... අපරාදේ කියන්න බෑ නිනේලිගෙයි, හේෂාර්යාගෙයි නම් මේ ගති ගෑවිලාවත් නෑ..... සනෝශ් තනෝශ් දෙන්නායි, ක්‍රිෂ්නුයි ඒ තරමට නංගිලා දෙන්න ගැන සැලකිලිමත්.. ඕනවට වඩා කියවගෙන ආවොත් එයාලා ඒ තරමට සැර වෙන්නේ ඒ ළමයි දෙන්නව නම් කොහෙත්ම මෙවීනා වගෙ නොවෙන්න....

එක අතකට එයාගේ මල්ලිගේ වගේ කොන්දේසි එකක්වත් නැති ආදරයක් ලැබෙන්න ඔනේ මෙවීනා වගේ කෙල්ලෙක්ට නෙවේ කියලත් නිශා හිතපු වාර තිබුණ.... මොකද එ තරමට අරවින්ද් හරි සංවේදි තැනක් මෙවීනා කියන්නේ.... එයාටම ආයෙ ආයේ රිද්දගෙන ආදරේ කරන, වචනයක් බැරි උනත් කේනාල් එක්ක කම්පෙයා වෙනකොට එයාට දරාගන්න ලේසි ඇති කියලද හිතන්නේ ඒම ආදරේ කරද්දි ? කොහොම කළත් සීයාගේ බලපෑම යටතෙ මෙවීනාට ඉතිරි වෙන විසදුම අරවින්ද් ... ඉතින් ඒ නිසා එයා අරවින්ද්ට කැමති උන බව අරවින්ද් විශ්වාස කරන්න අකමැති, ඒත් පවුලේ හැමෝම දන්න පොදු රහසක්..... ඒත් අරවින්ද් තාමත් හිතන්න කැමති මෙවීනාගෙ හිතේ කොනක හරි එයා ගැන පොඩ් හැගිමක් තියෙනවා ඇති කියල... සමහර විට .... අහ් නෑ !! 

අරවින්ද් කොහොම හරි බලාපොරොත්තු වෙන්නේ මෙවීනාට කේනාල්ව රිප්ලේස් කරලා දෙන්න කිව්වොත් ? සමහර විට මට හිතෙනවා ඒක වැඩියෙන් හරි ඇති කියලා.... ඒත් !!! මෙවීනාගේ පැත්තෙන් ?? නිශාට කවදාවත්ම මෙවිනට වැරදි කියන්නත් බැහැ...

ගවීෂ්ට එයා වාඩි වෙලා ඉදපු හරියට අරවින්ද්ගෙයි මෙවීනාගේයි කතාව හොදටම ඇහෙනව.... ඒ බත් කන ගවයාව හදන්න බෑ !! ම්හ්!! ගවිෂ් නහයෙන් පිඹල වැලමිටෙන් නවපු අත් දෙක කවුළුවේ ගැට්ට උඩ තියල ඒ උඩින් නිකට තියාගත්තේ ඈත පහුවෙන කදු දිහා බලාගෙන... කදු කිව්වට කදුමත් දිහාමත් නෙවේ හැබැය්....

හරියටම කිව්වොත් කවුළුවෙන් මූණ ඔබාගෙන ඈත කදු දිහා බලාගෙන ඉන්න ලස්සන කොලුවෙක් දිහා.... ඔව්, මියුනුත් ඉන්නේ කවුළුවෙ ගැට්ටෙ නිකට තියාගෙන.... කොන්ඩේ කපපු නිසාම බලපු ගමන්ම පේන පළවෙනි දේ රතු පාට වුන කන්පෙති.... හරියට මුල් කාලේ වගේ.... ඔව්, කෙන්ති ගියාමනේ රතු වෙන්නෙ... දැනුත් ඔය ඉන්නේ කේන්තියෙන්.... 

මියුන් බොසාට නම් නිකමටවත් මේ පැත්ත බලන්න අදහසක් නෑ වගෙ.... ඔහේ පහුවෙන හැම ලස්සන තැනකටම ඇස් ලොකු කර කර ඉන්නවා මිසක....
ගවීෂ්ට එයාගේ කේන්තියත් අමතකයි... බොරු ඕන්නැනේ පහුවෙන හරිය සෑහෙන තරමින් ලස්සනයි... වැරදීමක් නැත්තන් එයාලා දැනටම ඉන්නේ කදුකරයේ... කොහොමත් සේරටම වඩා උඩින් තිබ්බ කෝච්චි පාර දිගේ යනකොට පහළ තියෙන හැමදේම ලස්සනට පේනව.... 

දැන් නම් ඉතින් එයාට ද්‍රොහි වෙලා රතුවෙන ඇස් හංගන්න ඕනේ කමක් නැති නිසාම සෑහෙන වෙලාවක් තිස්සේ කොහොමටත් ගවීෂ් ඉන්නේ මියුන් දිහා බලාගෙන... එයැයිට නම් තවම එක පාරක්වත් හිතුනෙත් නෑ හැබැයි නිකමට මේ පැත්තට හැරෙන්න...හැරුනා නම් ගවීෂ්ව නිකන්ම පේනව... ඒත් කොහෙද එයැයිට ලස්සන අර පහුවෙන කදු , ගස් තමා කොච්චරවත්... හහුහ්..!! ඒත් ඌ දන්නෑ ඒ කදු දිහා බලන ඌ කොච්චර කැතද කියල !! ඔව් අම්මපා හෙනම කැතයි ... කැතම කැතයි...  කොච්චර කැතද කියනවා නම් ළගට ගිහින් කම්මුල්  ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙන්නේ නෑමයි.... ඔව් !! සොපින් බෑග් එකක දාලා හැමෝටම පේන්න වන වන අරන් යන්න හිතෙන්නෙත් නෑමයි.... ඒ තර----------මට කැතයි.... සමහර විට කවුරුත් නොහිටියා නම්, හැමදේම සාමාන්‍ය උනානම් උගේ ඇගට හේත්තු වෙලා පරාල ඇණයක් වෙවී ගමන යන්න තිබ්බා...

ඔය ඒම නොවුනා නම්  , මේම වුන නම් කියලා අනියමාරථයෙන් පටන් ගන්න තැන් තියෙනවා නේද ?  එතන ඉදන් අපි හදන්නේ අපේ ෆැන්ටසිය.... දරාගන්න අමාරු , රියැලිටිය නෙවේ, ෆැන්ටසිය ඇත්ත නොවෙනවා කියන හැගීම... මේ පපුව හිර වෙන්නෙ ඒ හැගීමට.... ඇස්වල නිකන්ම කදුළු පිරෙන්නෙත් ඒ හැගීමට.. පපුවේ හිර වෙලා තියෙන හැම වේදනාවක්ම පිහියෙන් අනින්න ගන්නේ ඒ හැගීමට!!...

මියුන්ගේ මූණේ හැගීම් ටිකෙන් ටික සංකීර්ණ වෙනවා ගවීෂ් බලාගෙන... එයා පපුවට අත තියාගෙන කලබලෙන් වගේ ආයේ ඇතුළට එබෙනවාත් මිනිහා බලාගෙන... ඒ මොකද !!! ගවීෂ්නුත් කවුළුවෙන් ඔලුව අරගෙන ඉදපු තැනින් නැගිට්ටේ කෝච්චි පෙට්ටියේ පිටිපස්ස හරියෙන් මියුනුත් නැගිටිද්දි... !!

ඔව්ව් !!  ඒ කලබලකාරී ඇස් වේගයෙන් මුළු පෙට්ටිය වටේම කැරකිලා නැවතුනේ , ගවීෂ්ගේ රතු පාට ඇස් ගාව......

.
.
.
.
.

-  මතු සම්බන්ධයි -

#මේ..... කියමු බලන්න අදහස්...!

Continue Reading

You'll Also Like

690K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
27.4K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
438K 86K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...