- Plot 23 -

By Bulbz_D

867K 114K 39.6K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 84 -

5.8K 845 254
By Bulbz_D

සරලවම කිව්වොත් ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කිව්වම පොඩි එකෙක් හැසිරෙන විදිය දැකලා තියේ නේද... ආන් ඒ වගේ ඔන්න එක්කෙනෙක් බයික් එක ඉස්සරහ ඉදන් අරහෙට මෙහෙට කැරකෙනවා... 

" දන්නැති එකක් තිබ්බොත් තුන ගහපන් ඇ... " ඔන්න ගවීෂ් දෙනවා ඌ දෙන්න දන්න එකම උපදෙස.. මොනා කරන්නද මියුනුත් ගොනා සේ අහන් ඉන්නවනේ.....

" අහ්... මතක ඇතුව බෙහෙත් ටික දාගනින්..."

" හරි හරි  ..."

"  ඉස්කොලෙනෙ... යන්න කලින් ඔය රැවුල් කොටයි.. කොණ්ඩෙයි කපාගනින්....අහ්හ් කමක් නෑ උබලෑ ඉස්කොලේ කොමත් ඉන්නෙ වැද්දොනෙ...."

" හෙට කපනවා..." මියුන් කිව්වේ එයාගේ නළලට වැටෙන කොණ්ඩේ අතින් හදාගෙන... ටික වෙලාවක් එහෙමම තොල් තද කරන් බලන් ඉදපු ගවීෂ් ,  එයාගේ අතේ තිබ්බ , සුදු මාමා එයාට දීපු කළු පාට ව්‍රිස්ට් වොච් එක ගලවල ගත්තේ මියුන්ට රවන්නත් අමතක නොකර... මියුන් සාක්කුවේ ඔබාගෙන ඉදපු එයාගේ අතින් අල්ලලා එයාව ළගට ඇදලා ගත්ත ගවීෂ් ඒ අත අහෙට මෙහාට හැරෙව්වේ අතේ තියෙන කුණු දූවිලි පිහිදාන ගමන්... මොකද ඒ සැරේ කරන විකාර වැඩේ ගානට මියුනුත් , ගවීෂ් දිහා බලන් ඉදියේ මූණේ ඇදුන පුංචි හිනාවක් එක්ක...

මියුන්ගේ අත බයික් එකේ ෆ්ලුයිඩ් ටැන්ක් එක උඩ තියල ගවීෂ් වොච් එක කොල්ලාගෙ අතට දැම්මේ උගේ මූණ දිහාත් බලන්න අමතක නොකර... ඔය දැන් ගැලෙව්වට මොකද , මේක ගවීෂ් ලේසියෙන් එයාගේ අතින් ගලවන වොච් එකකුත් නෙවේ හැබැයි.... එයා වොච් එක මියුන්ගේ අතේ සයිස් එකට තද කරලා ගානට බැන්දේ මියුන්ගේ වම් අත දිහා බලාගෙනම... මියුන්ගේ අත ඇත්තටම ගැනු ළමයෙක්ගේ වගෙ...  නියපොතු ඉදන් මාර පිළිවෙලයි, ඒ වගේම නිල් පාටින් නහරත් මදි නොකියන්න... එක කැළැලක් නැ මියුන්ගේ අතේ.... අල්ලලා බලන්න උනත් ආස හිතෙනවා.... ඒකට තමුසෙගේ කැත අත !!

ඒත් මියුන් ගවීෂ්ගේ අතින් ආපස්සට අල්ලගත්තේ ගවීෂ්ව තිගස්සලා.... එයා කලබලෙන් ඔලුව උස්සල බැලුවේ මියුන්ගේ මූණ දිහා ... දන්නවද දෙයක්... මාස තුනට මියූන්ගේ කියාගන්න නොතේරෙන මොකක්දෝ වෙනසක් තියෙනවා... ඉස්සර වගේ නෙවේ දැන් සාමාන්‍ය බැල්මක උනත් තියෙන්නෙ පුදුම විදියට හැඩවුන හැගීම්..... මෙ මාස තුනට මෙ යකා සැහෙන මැචුවර්ඩ් වෙලා... නිකන්ම එයා ගාව ඇෆෙක්ශන් එකක් දැනෙන තරමට.... හරියට....... අනෙ මන්ද හිතාගන්න බැරි හැගීමක් වෙලා ඒක... එයාට මතක තිබුන මියුන්ගේ හැගීම් එළියට ආවේ එයා ගොඩක් ඉමෝශනල් උන වෙලාවල්වලදි විතරයි ... ඒත් දැන් ?? ගවීෂ් නිකන් රවන් බලන් ඉදියත් මියුන් හිනා වෙනවා... , අත ගැසුවත් ඒකටත් හිනා වෙනවා.. වෙනසක් තියෙනව ලොකු, මොකක්ද හිතාගන්න බැරි... හොව්ව් තමුසේ මේ කල්පනා කරන්නේ මියුන්ගේ මූණ දිහා බලන් නෙද ???

ගවීෂ් එහෙමම කලබලෙන් අහක බලන්න කලින් මියුන් එයාගේ ඔලුව පහත් කලේ ගවීෂ්ගේ නළල උඩින් දැනෙන නොදැනෙන ගානට තොල් තද කරල.... එයා නන් අගලක්වත් හෙලවුනේනැති උනාට මොකද, මියුන්ගේ නිදහස් අත නන් ගවීෂ්ගේ ඔලුව එයා දිහාවට නැඹුරු කරගත්තෙ සැහෙන ඉවසීමකින්.... මියුන්ගෙ දරාගන්න බැරි දේවල් ගොඩයි !! ඒ ලිස්ට් එක එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවුනේ නම් නෑ කොහොමටත්.... විශේෂයෙන් ඊයේ ඉදන්...... මොකක්දෝ මන්ද නුහුරක්.. 

එක අතකට දේවල් මෙච්චරටම හොදින් වෙද්දි නිකන්ම බය හිතෙනව....එක්සැම් ඉවර උනාට පස්සේ කෝමටත් ඇතුළෙ වෙන දේවල්වලට මූත් මුහුණ දෙන්න ඕනෙ.... ඒත් , අරවින්ද්වත් එයාවත් තාම මාස තුනට හිතුව තරම් සාර්ථක නැ කියන්න ගවීෂ් දන්නව... සමහර විට , තව මාස ගාණක් යයි... සමහර විට අවුරුදු කිහිපයක් උනත්.... කෝම විසදෙයිද දන්නෙ නැති දේවල් අනන්තයි.....ඉතින් බයයි, අවිශ්වාසෙයි නිකන්ම ඔලුවට එන්න ඕනේ නේ ද ?

" ඕම තමන් ගැන ඩවුට්ස් තියාගන්න එපා... ගොට් ඉට් ??  " මියුන් ආයෙමත් කිව්වෙ අන්ද මන්ද වෙලා බලන් ඉදපු ගවීෂ්ට... ඉන්න !! කෝමද ඒක හරියටම කිව්වෙ ??  ඒක හරියට.....  එදා වගේ.... !! ගවීෂ් ,!!! උබ වචනයක්වත් කියන්නෙ නැතුව මේ යකා සේරම තේරුම් ගත්තේ එදා මාලෙ ගැලෙව්වම....ඒත්, ! ගවිෂ් කලබලෙන් මියුන්ගෙ ෂර්ට් එකේ කර එහාට කලේ මියුන්ට හිතාගන්න බැරි වේගෙකින්...... නෑ ඒ කළු නූල එහෙමමයි..... ඉතින් මාලේ සේෆ්... !  ඔව්ව් , ඉතින් ඇස් දෙකත් කළු පාටයි... ගවීෂ් ටිකෙන් ටික සන්සුන් උනේ , මියුන්ගේ ටී ෂර්ට් එකේ කර අත ඇරලා...

" මියුන්.... "

" කියන්න..."

" වෙන කවුරුත් උබට අත තියන්න ඕන නෑ .... "

" ඉතින් මම කාටවත් අත තියන්න දුන්නැනේ ??  "  මියුන් ආපස්සට ඇහුවේ , ගවීෂ්ගේ අතින් තද කරන ගමන්....

" හපන්න දෙන්න ඕනෙත් නෑ.... බලු කුක්කාටවත් ඕන්නැ...... " ගවීෂ් ඇඩ් කලේ ව්‍රිස්ට් වොච් එක දාපු මියුන්ගේ අත එහාට මෙහාට පෙරලන අතරෙ.... සුදු මාමා එයැයිට දීපු වොච් එක... තියල යන්නත් ලෝබයි ඉටිම්... ඒත් වටින දේකට කියල තියල යන්න පුලුවන් මෙච්චරයි...

" මං ඒක නැති කරන්නේ නෑ තිමෞර්ය ... " මියුන් හිනා වුනේ ගවීෂ්ගෙ නළලට තට්ටුවක් දාන ගමන්....

"යැයි යැයි තමා...ඇති දැන් ඔය !!කො අහකට පලයන්.... " ගවීෂ් කිව්වේ මියුන්ගේ අත ගසලා දාලා බයික් ග්ලවුස් දෙක අතට දාගන්න අතරේ..... හෙල්මට් එකත් දාගන්න හදපු මිනිහ  පොඩ්ඩකට නැවතුනේ මියුන්ගේ උඩ ඉදන් යටටම නෝන්ඩියට බලන අතරේ....

" සිරාම බයිසෙප්ස් හපන්න බැ හැබැයි ...."

" අහ් ! කමක් නෑ කටගැස්මට කියලත් තියෙන්න එපැයි.... " කවදාවත් නැතුව මියුන්ත් ආපස්සට කට ගැහුවේ ගවීෂ්ව අවුස්සන අතරේ... මියුන්ට මිඩ්ල් ෆින්ග එකෙන් සැලියුට් කරපු කොල්ලා බයික් එක ස්ටාට් කරගත්තේ පළවෙනි රේස් එකම මියුන්ගේ ඇගට කපන ගමන්.....

" පරිස්සමෙන් තිමෞර්ය ... "

" එව්ව්... පල පල ඉතින් ඇතුළට... " දෙවෙනි පාරටත් කොල්ලගේ ඇගට කපපු ගවීෂ් කිව්වේ මියුන් ඇතුළ් පැත්තට ඇඩි දෙක තුනක්ම පස්සට තියද්දි.... තව පාරක් ඉස්සරහට රේස් කරලා මියුන්ගේ ඇගේ වදින්න ඔන්න මෙන්න ගානට බයික් එක බ්‍රේක් කරලා හරවපු ගවීෂ් කොල්ලට නෝන්ඩියට හෝන් එකකුත්  ගැහුවේ මේන් රෝඩ් එකට හරවන්න කලින්.....

ඉතින් මිත්‍රවරුනි කියන්න මේ අනර්ඝ බයික් එක තියෙන්නෙ හෙමින් කොට කොට යන්නද ? කොහෙත්ම නෑ කොහෙත්ම නෑ... තවමත් උදේ පාන්දර නිසාමදෝ හිස්වෙලා තිබ්බ පාරේ ගවීෂ් බයික් එක රේස් කලේ සෑහෙන නිදහස් හැගීමකින්....

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ......
විදගන්න ඒ සිසිල මා සිත් සේ.......
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ...
පිනි බිංදු මල් වැහි අරන් ?? වූහෝ.....

දැන්ම විලේජ් එක ඇතුළට යන්න නම් ආසාවක් නෑ තමා...සුපුරුදු විදියට එළිය ලෝකේ අප්ලොශ් එන්ට්‍රන්ස් එක ගාව කවුරුත් නැ.... දෙතුන් පාරක් අප්ලොශ් පාස් එක යූස් කරලා , ටනල් එකත් ඇරගත්තට පස්සේ  ගවීෂ් බයික් එක ස්ලෝ කලේ මේ අදුරු ටනල් එකේ කෙළවර ආයෙමත් විලේජ් එක නිසා...

විලේජ් එක ඇතුළෙදි එයා කොහොමටත් ගවියාවත්, තිමෞර්යවත් නෙවේ..... ගවීෂ් වේඝර්ණාරච්චි ... වේඝර්ණ උරුමය... ටනල් එක හරහාත් බයික් එක ස්ලෝ කරපු කොල්ලා , ඕක් ගස් දෙක මැද්දෙන් ඉර එළියට මුහුණ දෙනකන්ම ඉදියේ ලොකු කල්පනාවක.... ශුද්ධ වූ දේවස්ථානය හරහා කවදත් එළියේ ලෝකේ එක්ක නිතර සම්බන්ධ උනේ , ප්‍රධාන වංශ දෙකේ ලේ ධාතුවට උරුමකම් කියපු අය විතරයි .....

යොරෙල්වරුන්ට එළියේ ලෝකේ එක්ක සම්බන්ධ වෙද්දි තමන් අනුගමනය කරන පෙළපතේ අනුමැතිය ඕනෙමයි.. තාක්ෂණය, ඉගෙනීම අඩුවක් නැතුව විලේජ් එකේ තිබුනට මොකද , වංශ දෙකටම කේන්ද්‍රගත වෙලා තිබ්බ බලය එක්ක එයාලට ජිවිතේ ළගා කරගන්න පුළුවන් දේවල් හරිම සීමිතයි.. හරියටම බැලුවොත් යොරෙල්වරු..එයාල, මේකෙන් පීඩනයට ලක් උන තව අය....

ගවීෂ් ඒ කල්පනාවෙන්ම බයික් එකත් දාලා , වේඝර්ණ මැන්ශන් එක ඇතුළට ගියේ කාගෙවත් අවධානේට අහුනොවෙන විදියට.... යාන්තන් ප්‍රධාන පඩිපෙල පහු කරලා කොල්ලා බළල් ගමනින් තුන් වෙනි කොරිඩෝවට නැග ගත්තේ සෑහෙන ගේමක් දීලා.... කොහෙද !!!   

එයාලගේ තුන් වෙනි පරම්පරාවේ පොදු කාමරේ ගාව මග් එකත් අතේ තියන් උදේ පාන්දර හැලහොල්මන වගේ ඉදපු ආශදි නිසා තව පොඩ්ඩෙන් මිනිහා ඇදන් වැටෙන්නේ බිමටම.... හාවෝද වදුරොද මන්ද ඉන්න පිජාමා එකක් ඇදන් , ආශදි ගවීෂ්ගේ උඩ ඉදන් යටටම හෙනම ලුක් එකක් දුන්නේ ගවීෂ් ඉබේම සිරුවෙන් හිට ගනිද්දි.... බයකට ඒම නෙවේ....ඒ බැල්ම හෙනම දාමරිකයි.... ඒකයි....

" අහ් උන්නැහේ එනකන් තමයි උන්නේ... ඔහොම ටී ශර්ට් එකක් තිබ්බද ඔයාට ? "

" අලුතින් ගත්තේ...... " ගවීෂ් ගැම්මෙන් කිව්වේ මියුන්ගේ ෂර්ට් එක අතින් ගසන ගමන්... ආශදි කිසිම කලබලයක් නැතුව එයාගේ තේ එක හිස් කළේ ඇසුත් රෝල් කරලා... අන්න අන්න , ඒ කන්ෆිඩන්ඩ් එක ඇල්ලුවේ නැ හැබැයි .... තේ එකේ අන්තිම උගුර වෙනකන් බීපු කෙල්ල කෝප්පේ තියන්න ගැම්මෙන් පොදු කාමරේ ඇතුළට ගියේ , ගවීෂ්නුත් දුවලා දුවලා ගිහින් බීන් බැග් එකට පනිද්දි.... යුවනිදු අය්යාගේ මේ බීන් බැග් එකට ඉස්සර ඉදන්ම වේඝර්ණලාගේ තිබ්බේ තනිකර මරාගැනීමක්....දැන් කියලා වෙනසකුත් නැ....

" අහ් මෙන්න බොලේ !! හරි පුදුමයි.... ඔයා අලුතින් ගත්ත ටී ශර්ට් එකත් වගේ නේද ටිකක්.... ! .... " ආශදී කිව්වෙ ෆෝන් එකේ මොනවද හොයල හොයලා ගවීෂ්ගේ අතට දෙන ගමන්....ඒ දීපු විදියෙන්ම මිනිහා දන්නවා ඒ දුන්නේ මොකටද කියල... නෝන්ඩි වෙන බව දැන දැනම කොල්ලා ෆෝන් එක ගත්තේ තව ලැජ්ජාවක් නැතුව....

Miyun_Ashakyasinghe !!!

හරිම සෝක් !! වෙල් ඩන් !! වෙරි නයිස් !!  පොඩි පගයා.... !!  ගවීෂ් ඒ බූමරැන්ග් ස්ටොරී එක හෝල්ඩ් කලේ මූ කවදා ඉදන්ද සෝශල් මීඩියා ජිවිතයක් ගෙවන්නේ කියලා හිතාගන්න බැරුව... මොකද ඕකා මැසේජ් කරන්නවත් කැමති නෑ..... හෙනම ලොකුකමින් පිරුණ ජිවිත...

මියුන්ගේ බෙඩ් එකේ මුනින් අතට හතර ගාතෙන් දාලා උට ඇදේ ඉඩ දෙන්නෑ කියපු වෙලේ මියුන්ගේ මිඩ්ල් ෆින්ග එක මැද්දෑවෙන් ෆෝකස් වෙන්න ගනිපු බූමරැන්ග් ස්ටෝරියක්....... අමෝ අමෝ..... හොද වෙලාවට ඉන්නෙ මුනින් අතට නිසා මූණ පෙන්නෑ !!

" දැන් මුට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මෙහෙම දාලා ?? "

" ක්ලොස් ෆ්‍රෙන්ඩ්ස් ..." ආශදි පිජාමා එකේ කර උස්සලා කිව්වේ ගවීෂ් ඒකටත් කට ඇද කරද්දි.... යැයි යැයි තමා....

" අපේ උන් දන්නවා නම් මම මියුන් ආඝර්වගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්නවා කියලා...වදින්නෙ මට මල් තියලා.... මල් තියලා... " 

" අනේ පල... තව කවුද මේකේ ඉන්නේ ? "
" මං දන්නේ කොහොමද අහගන්නවකො... දැන් ඊයේ රෑ එහෙද ඉදියේ ? "  ආශදී එයාගේ අත් දෙක ඉස්සරහට අරන් දබර ඇගිලි දෙක එකට වද්දන ගමන් ඇහුවේ එයාගේ තඩි පොල් දත් දෙක විතරක් පේන්න මොංගල් හිනාවක් දාලා.....

" උබලා බලන ලජබටක කතාවල වගේ  යන්තන් ෆ්‍රි වෙනහැම වෙලාවකම ටිලිං ටිලිං කියලද හිතුවේ.... "

"ඇයි නැද්ද ? "

" නෑ !!! බදන් දොය්යගත්තා එච්චරයි ..."  ගවිෂ් කිව්වේ ආශදී හෙන ඩිසපොයින්ටඩ් ගතියෙන් තොල් කෙලින් කරද්දි....ගවීස් ඒකටත් ආපස්සට කට ඇද කලේ  , මේ දේවල් මැන්ශන් එක ඇතුලේ කතා කරන්න පුළුවන් මේකි එක්ක විතරයි කියල මතක් වෙද්දි.....

" සැක්.. හෙන ස්ටෝරියක් අහන්න බලන් ඉදපු මම... කමක් නැහ්.. බදන් හරි දොය්ය ගත්ත එකයි වැදගත්.... අපේ මනුස්සය ඒමට හරි දියුණුයිනේ...... " ආශදී එයාටම සිත නිවන කතා කියාගන්නවා....

" උබ හැදිලා ඉවරයි  ගානට... දැන් උබටත් එක්සෑම් නේද ? ඕවද ලියන්නේ ආච්චියේ ?? "

" ඔහෙට වඩා රිසාල්ට් එකක් දානවා හරිද ? " ආශදිත් ඇරියස් එකටම කිව්වේ ගවීෂ් කට ඇද කරද්දි ...

"  මොකො දැන් ස්කිල්ස් ? "  ගවීෂ් ඇහුවේ උගේ ෆෝන් එක  සාක්කුවෙන් අදින පරක්කුවට අරවින්ද්ගෙන් මැසේජ්වලින් ස්ක්‍රින් එක පිරල යනවා බලාගෙන...... ඒ ගමන මක්කද ?

" ඩියෝන් කිව්ව ඒලෙවල්ස්වලින් පස්සේ ධාහන්රා එකක් ලීඩ් කරන්නම් කියලා.... "..

" ඔහෝ.... වෙල් ඩන්... යොවන්දි අක්කා මොකෝ ?? " ගවීෂ් ඇහුවේ අරවින්ද්ගේ චැට් එකේ වැදගත් මැසේජ් එකක්  හොයාගන්න දගලන අතරේ... කොහෙද ඉතින් !! ඒකේ හතරෙන් තුනක් කුණුහර්පනේ..... එක්කෝ පස්සෙම බලනවා.....

"  අක්කා බේසික්ස්... ඒත් ඉක්මනට අල්ලගනිවි... "

"  ම්ම්... ප්‍රිවිරුව මේවට ඉන්වෝල් කරගන්නවද නැද්ද කියලා මම තීරණය කරනකන් කිසිම කෙනෙක් මේ ගැන පිටට කියන්න බෑ... ඔයයි, යොවන්දියි, ඩියෝනුයි, මායි .. වෙන කිසිම කෙනෙක් දැනගන්න බෑ.... හරි ?? "..

"  හරි.... කො දෙන්න.. "

" එහ්හ් ? "

"  මගෙ ෆෝන් එක දෙන්න ඉතින්... " ආශදි කිව්වේ තාම ගවීෂ්ගේ අතේ තිබ්බ ෆෝන් එක ගන්න අත දික් කරන ගමන්... ඔහෝ.... ආච්චි අම්මගේ ෆෝන් එක නෙහ් මේ .....

" අහ් හා.. ඉදපන් ඉදපන්.... කො කො....කොහෙද අර ඇටයගේ චැට් එක... "

" කාගේ ?? "

"  ප්‍රිවිරු හිමාන්ග වේඝර්ණාරච්චි .... කෝ කෝ කොහෙද තියෙන්නේ... අපිටත් බලන්න......." ගවීෂ් කිව්වේ ආශදී නැගිට්ට වේගේට ඇසුත් ලොකු කරලා... අම්මපා .... හොරයක් තියේ මෙතන....

" ඒම එකක් නෑ කිවනේ.....දෙන්න ඕක.... මගේනේ ෆෝන් එක...!!! "  ආශදී කඩන් පැන්නේ ගවීෂ් ෆෝන් එකත් අරන් නැගිටිද්දි.... කො අර ඇටයගේ නම්බරේ....  ප්‍රිවි...... අහ් හා.... මේකනේ භාණ්ඩේ......

" කෝ සීන් කරලවත් නැනේ ?? " ගවීෂ් ඇහුවේ කෙල්ලගෙන් බේරෙන්න අනිත් පැත්තට පනින ගමන්...

" දෙන්නකො ඕක !! " ආශදි කිව්වේ අඩන්න ඔන්න මෙන්න.... නංගිලාව අවුස්සලා ගන්න ආතල් එක.... අනික විශේෂයෙන්ම කොට ජීවිත.... ගවිෂ් ෆොන් එක උඩට කරලා අල්ල ගත්තේ ආශදීව තවත් අවුස්සලා....

" හයො.... උස නැද නම්කි පණ ? ස්ටුල් එකක් තියලා ඕනෙද ? "

" කිව්වම දෙනවා.. !! .."

" උහ්හ්හ්... බිත්තර කට්ටක් නැද්ද හැංගෙන්න...මේ තියෙන්නේ ඉතින්... ගන්න... ගන්න.... පොඩ්ඩක් උඩ පනින්න.. "

" ගවීෂ් අය්යෙ දෙන්න කිව්වම අහලා!! "

"  හැබැයි ඒ ඇටයා ඔහෙව ගණන් ගන්නෙත් නෑ නෙද ?? ආව්ව්ව්ව්.... හරියට රිදෙනවා ගහද්දි.... අහ් හා මෙන්න්- " ගවීෂ් කියන එක නැවැත්තුවේ ලී බරාදිය උඩ තද උන අඩි සද්දෙට.... එයා ආශදි අතට කලබලෙන් ෆෝන් එක දෙන්න කලින්ම පොදු කාමරේට කඩන් වැදුනේ ........

"  පුංචි අම්මේ...???? " ගවීෂ් ඇහුවේ එකපාරට එයා පොදු කාමරේට කඩන් වැදුන හේතුව හිතාගන්න බැරුව.... තනියම නෙවේ, එයා අල්ලන් ඉදියේ යොවන්දිගේ කොණ්ඩෙන්...

ඇරත් කොහොමටත් !! හොදටම විශ්වාසයි කොහොමටවත් එයායි ආශදියි ඉදපු විදිය ගැන සතුටු දායක පෙනුමක් නම් ඒ මූණෙ තිබ්බේ නෑ... ආශදීම අඩියක් පස්සට තිබ්බේ පුංචි අම්මාගේ මූණේ තිබ්බ බැල්මට..... ඊට කලින් , එයා යොවන්දිව කොණ්ඩෙන් අල්ලලා කාමරේ ඇතුළට තල්ලු කළේ කෙල්ල විසි උන විදියට ගවිෂ්නුත් ගැස්සිලා යද්දි.... යොවන්දි ලී මේසේත් පෙරලන් බිම වැටුනත් කවුරුත් නෙවේ හ්ම් සද්දයක් කළේ... 

" මොකක්ද ගවීෂ් මේකේ තේරුම ?? "

එයාගේ හිතෙ තිබ්බ ප්‍රශ්නේම ඒ පිට පැන්නේ පුංචි අම්මගේ කටහඩින්... ගවීෂ් අඩියක් ඉස්සරහට තිබ්බේ , යොවන්දි වැටිච්ච විදියත් එක්ක එයා හොදින්ද කියලා හිතාගන්න බැරුව.... එයා පුංචි අම්මා දිහයි, සද්දෙටමදෝ ඊට පස්සෙන් ඇතුළට කඩන් වැදුන එයාගේ අම්මා දිහායි බැලුවේ මාරුවෙන් මාරුවට.... එයාගේ අත කේන්තියට වෙව්ලන බව ගවීෂ්ට නොදැනෙනවා නෙවේ...

" උබට මගේ කෙල්ල එක්ක උරුමයක් හදන්න බැරි මේකි නිසාද එතකොට  ?? "

"  පොඩි නැන්දේ...." ගවීෂ් නිශ්ශබ්ද උනාට ආශදී කැගැහුවේ ශොක් එකට... කෙල්ල ලේසියෙන් ඉවසන්නැ.... ඒකමයි බය.... ගවීෂ් ආශදිට නිශ්ශබ්ද වෙන්න කියලා තද බැල්මක් දුන්නේ කෙල්ල තොල් තද කරගනිද්දි....

" තී කටවහපන්... , ලොකු අක්කේ කොල්ලට කියලා දෙන්න මේකිව අල්ලන් කොච්චර නැටුවත් වැඩක් නෑ උන්ට ආයේ උරුමෙට එන්න බෑ කියල....   උන්ගේ ලොකු කොල්ලා මැරිලා ගියා.... මල්ලිට හොද සිහිය නෑනේ.... "   පුංචි අම්මා කියාගෙන ගවීෂ් අම්මා දිහා බලද්දි... ඒ හීනි රතු පාට ඇස්වල කවදද තේරුම් ගැනිමක් තිබ්බේ ?? ඉස්සරහත් නැ.. ඉතින් අද කොහොමටත් තියෙන්න පුළුවන්ද ?

" දැන් එහෙම දෙයක් උන්නෑනේ මද්දු.. ඔන්න කොල්ලට ඕනේ දෙයක් කරපුවාවේ... කොහොමටත් මේ මැන්ශන් එකෙ කෙල්ලෝ සේරම ගවීෂ්ටනේ.... කවුද ඉස්සර වෙන්නෙ කියන එක කෙල්ලගේ දක්ෂතාවේ.... "

එයාගේ අම්මගෙ වචනවලට ගවීෂ්ගේ කට අයිනෙන් හිනාවක් පැන්නේ එයා ගැනම ආයේ ආයේ ඇතිවෙන අසහනකාරී නෝන්ඩියට..... කොහොමටත් එයාගේ අම්මාගෙන් මීට වඩා අඩුවෙන් නම් දෙයක් එයා කොහෙත්ම බලාපොරොත්තු වුනේ නැහැ ....  ඊළග තත්පරේ සුපුරුදු විදියට එයාගේ කම්මුල පුපුරු ගහන තරමේ කම්මුල් පාරට ගවීෂ් බෙල්ල හරවගත්තේ ඇස් නිලංකාර වෙද්දි....

" අම්මා.... " කෝමටත් ඉස්සර ඉදන්ම ගවීෂ් අම්මව අදුරගන්නේ අර දැනෙනවයි කියන කිරි සුවදින්වත් , නැළවෙනවයි කියන හදගැස්මෙන්වත් නෙවේ .... මේ කම්මුල් පාරේ සැරින්.....

" ළගකදි ඉදන් ඕන්නැති විදියට හිතුවක්කාර වෙලා තියෙන්නෙ තමුන්...!! මොකක්ද ඔච්චරටම ඔළුවට ගහපු හය්ය ? " ගවීෂ් දෙවෙනි කම්මුල් පාරත් කාගෙනම ඔහේ බලන් ඉදියේ , කලබලේට කාමරේ පැත්තට දුවන් ආපු ඩියෝන්ට සැර බැල්මක් දෙන අතරේ.... කෝමටත් දැන් යොවන්දිව දැක්කම උට ආවේස වෙනවා....... ඒත් ඩියෝන් අත මිට මොළවන් එළියෙන් නැවතුනේ ගවීෂ්ගේ තද බැල්මට.... ඒ රැවිල්ල කාටද කියලා වෙන් කරගන්න බැරි උන එයාගෙ අම්මගේ තුන් වෙනි කම්මුල් පාර..... ගවීෂ් ඒත් මැරිලා වගේ නිශ්ශබ්දයි .... විසදන්න තව දෙයක් නැති වෙනකන්ම ගවීෂ් තොල් තද කරගෙන බලාගෙන ඉදියේ , තව වචනයක් හරි කතා කළොත් ප්‍රශ්නේ යන්නේ කෙල්ලො දෙන්නගේ පිටින් නිසා...

" මොන කෙල්ල එක්ක හරි කමක් නෑ... පුළුවන් තරම් ඉක්මනට උරුමයක් දෙන්න බැරි නම් ඔයාගේ සීයා ඔයා ගැන සතුටු වෙන එකක් නෑ...  තේරෙනවනෙ  ?  " 

" උත්තර දිපන් !! "

" ඔව් අම්මෙ "  ගවීෂ් මිමිණුවේ අත මිට මොළවගෙන... කියන්න පුළුවන් සේරම ටික කියලා එයාලා එළියට යනවිදිය බලාගෙන ඉදපු ගවීෂ් වේගෙන් ඇස් පිය ගැහුවේ " නිකමට පිරෙන කදුළු " ඉක්මනින්ම අතුරු අදහන් කරගෙන... ... එයාගේ ඇස් දැක්කම අම්මට බය හිතෙනෙ නැද්ද ? අඩුම ඒ ඇස්වලින් තව දුරටත් තමන් වදපු දරුවෙක්ගේ ඇස්වල තියෙන්න ඕනේ හැගීම නොපෙනී යනකොටවත් අම්මට බය හිතෙන්නේ නැද්ද ?? ඒ කම්මුල් පාරවල් කාගෙනම මූණේ කිසිම හැගීමක් නැතුව බලන් ඉන්න තමන්ගේ දරුවා ගැන අම්මා කෙනෙක්ට බය හිතෙන්නෙ නැද්ද !!!

ගවීෂ් ගැස්සිලා ගියේ ඩියෝන් දොර දඩාස් ගාලා වහගෙන , ඇතුළට ආපු විදියට....  තාමත් මූණේ කිසිම හැගීමක් නැතුව බිම වාඩි වෙලා ඉදපු යොවන්දිව ගවීෂ් පරිස්සමෙන් නැගිට්ටෙව්වේ ඩියෝන් අතට අහුවුන පළවෙනිම වීදුරු බඩුව උන , අශදිගෙ මග් එක අතින් එහාට තල්ලු කරද්දි... මග් එක මහ  හය්යෙන් බිදිලා ගියේ ආයෙම පොදු කාමරේ නිශ්ශබ්ද කරගෙන....

" මට නම් තව බෑ.... ගවීෂ් අය්යේ... මේ ඇති හොදටම ඇති !! "

" ප්‍රශ්නයක් නෑනේ ? " ඩියෝන් කෑගහන එක ඇහුන්නැති ගානට ගවීෂ් යොවන්දිගෙන් ඇහුවේ, එයාව වාඩි කරවලා ඔළුවත් අතගාන අතරේ.... යොවන්දිගේ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙත් මූණෙන් එහාට කරල කෙල්ල ශොක් එකෙන් මිදෙන කන්ම ඉදපු ගවීෂ් ඊළගට හැරුනේ ආශදී දිහා...  යොවන්දි වගේ නෙවේ ඒ කෙල්ල නම් අඩන්න ඔන්න මෙන්න....

" ඇයි එයාලා ඒම කතා කලේ ? " කෙල්ල ගවීෂ්ගෙන් ඇහුවේ ගවීෂ් ඇහුන්නැති ගානට බිම වැටිලා ගිය වීදුරු කැලි දිහා බලද්දි....

" තමුසේ ඕවාට මෙතන අඩන්න තියාගත්තොත් මගෙන් ගුටි කනවා හරිද !! " ඩියෝන් කෙලින්ම කිව්වේ ආශදීට ඇගිල්ල දික් කරලා... ඔව් කෙල්ල ඇඩිල්ල හිර කරගත්තේ , ඩියෝන්ගේ කටේ සැරට ... ඔව් එක අතකට ආශදිව නම් සනසලා නළවන්න බෑ...  යොවන්දි සන්සුන්.... ආශදිත් ටිකෙන් ටික සන්සුන් වෙයි... දැන් මෙතන කෙල්ලො දෙන්නට මුහුණ දෙන්න බැරි ගවීෂ්ට විතරයි .... කෙල්ලො දෙන්නා එයාට අක්කයි නංගියි වගේ.... යොවන්දිට ඒ ගැන අවබෝධයක් හරි ඇති.... ඒත් ආශදි..  ආශදීගේ මූණ බලන්නවත් හිතහදාගන්න බෑ එයාගේ අම්මාගෙන් එල්ල වුන වචනවලින් පස්සේ.....

" එයාලා කරන්නේ එයාලට වුන දේවල් වැඩියෙනුත් එක්ක අපිට විදින්න දෙන එක...

සේරම උබ අතට ආපු දවසක මේක මීට වඩා හොද වෙයි බන්..."

" උබ හිතුව ද මම මැන්ශන් එක ඇතුළේ ඩිස්නිලන්‍තයක් දානවා කියලා ?? "

යුවනිදු අය්යා ඇත්තටම හරි... එයා ඉදියා නම් පිටට තට්ටු කරලා කියාවි... උබට ඒක කරන්න බැරි නම් කමක් නෑ කොල්ලෝ.... ඔය කාල බීලා පැත්තට වෙමු.... ඔව්ව් ඌ ඉදියා නම් කියන්නෙ ඒක.....!!   ඒත් ඒම කියන්න ඉඩ තියන්න ඕනෙද ? එච්චර ආතල් එකේ ගෙවපු ජිවිතේ තමන්ම අතින් මේ කරුමේ නිසා නැති කරගත්ත යුවනිදු අය්යට තමුසේ කියන්නේ යන්නේ මට තව ඒක කරන්න බෑ කියලද ?? ලැජ්ජ වෙයන් ගවීෂ් !!  උබේ අය්යට තිබ්බ කොන්දෙන් සීයට එකක්වත් නැති එක ගැන ලැජ්ජ වෙයන්... සේරමලව මග ඇරලා වචනයක්වත් කියන්නැතුව , ගවීෂ් පොදු කාමරේ දොර ඇරන් එළියට ආවේ එයාගේ සාක්කුවෙන් ෆෝන් එක ඇදලා ගන්න අතරේ..... 

.
.
.
.
.

- මතු සම්බන්ධයි -


.
.

.

Special A/N =

# අඩුම බලන කෙනෙක්ට කොපි නෙවේ කියල තේරෙන්න ලියන්න තිබ්බානේ  එයාට...
#අඩුම... නෑ තව ඕන්නැ.. 😕
#මං ඉවසනවා වැඩිද මන්දා....

මෙ කියන අරුම පුදුම පොත ඔබත් දුටුවේ නම් , අදම අටපට්ටමට දැනුම් දෙන්න.🤓

බල්බ්.

Continue Reading

You'll Also Like

438K 86K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
27.4K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...