~🌈️වර්ණ🌈️~ (TK Non Fanficti...

Bởi yeonpoorna

1.7K 321 96

~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️ Xem Thêm

🌈️Chapter 01
🌈️Chapter 02
🌈️Characters Intro
🌈️Chapter 03
🌈️Chapter 04
🌈️Chapter 05
🌈️Chapter 07
🌈️Chapter 08
🌈️Chapter 09
🌈️Chapter 10
🙄 ~AN~ 🙄
🌈️Chapter 11
🌈️Chapter 12
🌈️Chapter 13
🌈️ Chapter 14
🌈️Chapter 15

🌈️Chapter 06

96 20 14
Bởi yeonpoorna

මට මෙතුල්ගේ අත අතැරුණා...මං ඇතුළට දුවලා ආවේ කොයි වෙලේද? කියන්න මං දන්නේ නෑ..කොටින්ම මගේ කරේ තිබුනු school bag එක කොහෙද කියන්න මං දන්නේ..මට ඇහුණේ මෙතුල්ගේ හඩ විතරක් වෙද්දී ඒ හඩ අන්තිමට ඇඩිල්ලක් වුණා...

උදේ වැඩට යන්න පරක්කු වෙලා ලෑස්ති වෙලා කඩිමුඩියේ වැඩ කරපු අක්කා මේ මහ දවල් කිසිම පණක් නැතුව සාලේ වැටිලා හිටියේ මගේ අත් පය වෙව්වලන්න ගනිද්දී...කොච්චර කොහොම උනත් ඉක්මනින් එතනට දුවලා ගිය මං අක්කාව ඉක්මනින් උස්සලා සෝෆා එකෙන් තියලා තවමත් මේ දිහා බලන් අඩන මෙතුල්වත් එක්කන් ඇවිත් පුටුවකින් වාඩි කරලා දිව්වේ කුස්සියට...මං කොච්චර වේගෙන් යන්න හැදුවත් මගේ අත් පය වෙව්ලනවා...

දෙයියනේ ඒ ඉන්නේ පොඩි කාලේ ඉදන් මගේ අම්මා වගේ මාව බලා ගත්ත කෙනා...එයා හැමදාම හිනාවෙලා හිටිය කෙනෙක්...එයා ප්‍රශ්න තිබුණත් පිටට පෙන්නුව කෙනෙක් නෙවෙයි...මං දැක්කා අක්කා මොනා දේ වුනත් ශක්තිමත්ව ඉන්නවා..මං දැක්කම ශක්තිමත්ම කෙල්ල තමයි මගේ අක්කා...ඒත් අද...එයා කපලා දාපු ගහල් වගේ බිම වැටිලා ඉන්නවා දකිද්දී මගේ හුස්ම නැවතුනේ නැති ටික විතරයි...

ඉක්මනින් වතුර කෝප්පයක් අරන් අක්කා ළගින් දණ ගැහුව මං වතුර ටිකක් අක්කාගේ මූණට ඉස්සා...එහෙමම වතුර තියෙන අත අක්කාගේ මූණෙන් තියද්දී එයාගේ වැහිලා තිබුනු ඇස් අකිලුණා...ඒ ඇස් පියන් හෙමි හෙමින් ඇරෙද්දියි මගේ හුස්ම ටික වැටුණේ..

මෙතුල් බබා ඉවරයක් නැතුව අක්කා දිහා බලන් අඩනවා...ඒ කොලුවට නොතේරුණාට ඒයා අක්කාට හරි ආදරෙයි...තාත්තාත් නැති මෙතුල්ගේ අම්මා තාත්තා දෙන්නාම වුනේ මගේ අක්කා...මෙතුල් මට කොච්චර තාත්තී කිව්වත් මාත් තවම ස්කෝලේ යන කොල්ලෙක්....

"ච්..චූටී..."

අක්කා එක අතකින් ඔලුව තෙරපගෙන අමාරුවෙන් වචන ඇහිදුවේ...

"මොකද අක්කේ වුනේ? ඇයි මේ?"

අමාරුවෙන් වාඩි වෙන්න උත්සහ කරන අක්කාව මං ඇගට වාරු කරගෙන සෝෆා එකේ කෙලින් කරලා වාඩි කරලා අතේ තිබුනු වතුර එක බොන්න ඒ තොල් වලට ලං කළා...

"ම්..මං දන්නේ නෑ...හැමතැනම කරුවල ව්..වෙලා පෙනුනේ.."

අක්කා කියද්දී මං අඩන මෙතුල්ව එක්කන් ඇවිත් මගේ ඔඩොක්කුවෙන් වාඩි කරගෙන ඒ ඇස් වල කදුලු පිහි දැම්මේ කෑ ගහලා අඩුව කොල්ලා දැන් නහට උඩට අදිමින් මූණ බෙරි කරගෙන අක්කාගේ අතක් අල්ලගෙන කුනු කුනු ගාද්දී...

"අම්මී හොදින් පැටියෝ..කෝ එන්නකෝ මගේ චන්ඩියා...අහ්හ්...අඩලා මේ බලන්නකෝ බබා රතු වෙලා...අඩන බබාලා නරක බබාලා නේ...මගේ පුතා හොද බබෙක් නේද?"

මගේ අතින් මෙතුල් බබාව ගත්ත අක්කා කියමින් කොල්ලගේ කම්මුල් ලාවට මිරිකද්දී කොල්ලා අක්කාගේ පපුවේ මූණ ඔබා ගත්තේ ඒ චූටී අත් දෙකෙන්ම අක්කාව කිටි කිටියේ තුරුලි කරගෙන...

"අක්කා අද වැඩට යන්න ඇති කියලා හිතුවේ.."

"අහ්....ම්ම්ම්...උදේ ඔලුව කැක්කුමක් තිබුණු නිසා අද නිවාඩුවක් දැම්මා චූටී..."

අක්කා මෙතුල්ගේ ඔලුව ඉබින ගමන් කියද්දී මට ඒ වචන වල වෙනසක් දැනුණා...අක්කා මගේ ඇස් මගැරියා වගේ දැනුනේ ඇයිද කියන්න මං දන්නේ නෑ..ඒත්...අනේ මංදා..අක්කා මොනා හරි මගෙන් හැංගුවා...එයා කතා කරපු විදිය පවා අමුතුයි...වෙත් මේ අහස්ගෙන් මුකුත් එහෙම ලේසියෙන් හංගන්න බෑ....හංගන්න දෙන්නෙත් නෑ...බලමුකෝ...

මහංසි වුණත් Uniform පිටින්ම මෙතුව නාවලා අක්කාගේ අතට දීලා අක්කාටයි මෙතුල්ටයි කෑමත් කන්න දීලා මං කාමරේට ආවේ...අක්කා තවමත් පණ ණැති ගතියෙන් හිටියේ....ඒ ඇස් මළානික වෙලා තිබුනේ..ඉතින් මං මුකුත් දැන්ම අහන්න ගියේ නෑ..ඒත් මං ඉක්මනින් ඒ දේ හොයා ගන්නවාමයි...
.
.
.
.
.
රෑ නවය හමාර විතර වෙනකන් පාඩම් කරලා මං වතුර එකක් පුරව ගන්න කාමරෙන් එලියට ආවා..මෙතුල් කලින් නිදා ගත්තාට අක්කා සාමාන්‍යෙන් පොතක් කියව කියව හරි ඉන්නවා..11 විතර වෙනකන්...ඒත් අද නම් නැතුව ඇති කියලා හිතුවේ..ඒත් අක්කා අදත් ඇහැරලා...හැබැයි..

අද මං දැක්කේ volume අඩු කරලා දාලා තියෙන tv එක ඉස්සරහා නියපොතුත් හපමින් ඒ දිහා බලන් ඉන්න අක්කාව....මං tv එක දිහා බැලුවා...නෑ මේ අක්කා දාපු channel  එකක් නෙවෙයි..මෙතුල් නිදියන්න කලින් හැමදාම බලන කාර්ටූන් channel එක...අක්කා කවදා ඉදන් ද කාටූන් බලන්න පුරුදු වුනේ...අපි වයසින් ලොකු වුනත් අපි පොඩි කලේ කාටූන් බලපු මිනිස්සු නේ...මං නම් බැලුවේ Ben 10 , Transforms , Spider Man වගේ cartoon...මං හිතන්නේ අක්කලාගේ කාලේ තිබුනේ අර දිග වලිගයක් තියෙන කහ පාට කලු තිත් තියෙන සතෙක් හිටියේ...වදුරෙකුත් වගේ..ලප වානරද..අන්න හරී..දගර වලිග ලප වානර...😂 මරු නම් ඒවා...ආයේ චූටු කුරුමිනි සත්තු හිටිය ඒවා....කූඹින්ගේ කතා....සුරංගනා කතා...ඕවා තමා..

මට මතකයි ඉස්සර මායි අක්කයි රණ්ඩු...එයා කියන්නේ අපි බලන කාටූන් මෙලෝ වැඩකට නෑලූ...එයාලා බලපු කාටූන් දැණුමට දෙයක් ගන්න පුලුවන් කාටූන්ලූ...ඒත් බන් දගර වලිග ලප වානරයාව බලලා මොනාද දැනුමට එකතු කර ගන්නේ....ඇයි අපිට කරවන්න දුග වලිගයක් තියෙනවා කියලා ඇයි...මං මං කිව්වා නම් තව කමක් නෑ..අහ්ම් අහ්ම්...පිස්සු..කාටුන් කියන්නේ ආතල් එකේ හිනා වෙවී බලන් ඒවාට...

ඒජට දැන් මෙතුල් බලන ඒවා....තනිකර ඉන්දියන් හඩ කවපු...මෙලෝ වැඩකට නැති...පිස්සු කතා වගයක්...මට මේ හිතෙනවා වගේ වෙන්න ඇති ඒ දවස් වල අපේ අක්කාටත් හිතුනෙත් මං බලන කාටූන් ගැන....

මං අක්කා දිහාම බලාගෙන කුස්සියට ගිහින් වතුර එකකුත් පුරව ගත්තා..කුස්සියේ ligth  දැම්මාත් අක්කාට නෙවෙයි ගානක් වුණේ...අක්කා ඉන්නේ වෙන කල්පනාවක....එක්කෝ කාටූන් එකට වහා වැටිලා වෙන්න ඇති...

නෑ නෑ මේ විහිලු කරන්න ඕනි වෙලාවක් නෙවෙයි...අක්කා ඉන්නේ මොකක් හරි ලොකු දෙයක් ඔලුවේ තියාගෙන..ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනි වෙලාවක් මේ...වතුර එකකුත් පුරව ගත්ත මං හෙමින් අක්කා දිහාට ළං වුණා..

"අක්කා.."

මං අක්ක ළගට යමින් කතා කරත් අක්කාගෙන් හ්ම්ම් එකක්වත් නෑනේ....ඉතින් මං ගිහින් අක්කා එහා පැත්තෙන් වාඩි වුණා..

"අක්කේ.."

"ඔ..ඕ..චූටී..."

අක්කා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවේ...එහෙමම අතේ ඇගිලි එකට පොඩි කර ගත්තා..ඒක එයාගේ පුරුද්දක්..නොසන්සුන් වුණාම කරන...

"මොකක්ද ප්‍රශ්නේ?"

මං ඇහුවේ remote එක අරන් tv එක off කරලා දාන ගමන්...

"අහ්හ්..නෑ...මං හොදින් චූටී...ඔයාගේ school වැඩ කොහොමද?"

අක්කා ලාවට හිනා වෙලා කියලා ප්‍රශ්නේ මගැරියා...එයාගෙන් මේ ගැන දැන ගන්න නම් හෙනම ලොකු කට්ටක් කන්න වෙයි වගේ...

"මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අක්කේ...මට ඉන්නේ ඔයා විතරයි වගේම ඔයාට ඉන්නෙත් මං විතරයි...මං පොඩි එකෙක් නෙවෙයි නේ...අක්කාට පුලුවන් ඕනි දෙයක් මා එක්ක කතා කරන්න..."

මං කිව්වේ අක්කා දිහා බලගෙන වුනට අක්කා ඔලුව බිමට බර කර ගත්තා...අක්කා නිශ්ශබ්දයි...

"හ්ම්ම්....අක්කා කැමති වෙලාවක කියන්න....මං බලන් ඉන්නවා...යන්න ගිහින් නිදා ගන්න...අද අමාරු වෙන්නේ හිටියේ.."

මං එහෙම කියාඅ අක්කගේ ඔලුවත් අත ගාගෙන කාමරේට ආවා...නෑ අක්කා එහෙම ලේසියෙන් දෙයක් කියන්නේ නෑ....ඒත් මං ඉක්මනින් ඒ දේ හොයා ගන්නම්.....මං කෑමති නෑ මගෙන් දේවල් හංගනවාට...

------------------------------------------------------

අද බදාදා දවසක්...

මේ ටිකේම මෙතුල්ව උදේ එක්කන් ගියේ මං...අක්කා ඉන්නේ හොද සිහියෙන් නෙවෙයි...කොටින්ම කිව්වොත් කෑම පවා කර කරලා පුච්චනවා එයා...හැමදිස්සෙම පැත්තක් අල්ලගෙන කල්පනා කරනවා..වැඩට යන්නෙත් කැමැත්තෙන් නෙවෙයි...

එයාට මොකද වෙලා තියෙන්නේ කියලා මං දන්නේ නෑ..ඒත් එයා ඉන්නේ හොදින් නෙවෙයි...ඒත් මට බලෙන් එයාගේ කට ඇරවන්න බෑ නේ..කියනකන් බාන් ඉන්නවා ඇරෙන්න...

උදෙන්ම මෙතුල්ව ඩේ කෙයර් එකට දාලා මං ඉතුරු ටික පුරුදු විදියටම පයින් ගමනින් ස්කූල් එකට ආවා....ගේට් එකේ හිටිය සිකුරිටි අන්කලයා මං දිහා බැලුවේ පිටසක්වලකින් බැහැලා ආපු එකෙක් ගානට....

ඔව් ඉතින් එහෙම බලන එක සාධාරණයි..හැමදාම ඒකා මට දිව දිග් කරලා ගේට් එකේ පියනේ එල්ලීගෙන් මං එලියේ ඉද්දී ගේට් එක වහන්නනේ දත කන්නේ...ඒත් අද මං කලින්ම ස්කෝලේ...අද එයාට ගේට් එකේ එල්ලීගෙන දිව දිග් කරන්න වෙන එකෙක් හොයා ගන්න වෙනවා...

මට කරන කෙනෙහෙලිකම් වලට අන්කලයාට දිවත් දිග් කරලා ගස්සගෙනම මං එතනින් එන්න ආවා..හැබැයි මං ඕනි නම් අඩි දෙකක් තුනක් යන්න ඇති...ඇගේ ගැවී නෙගෑවී මං ළගින්ම මහා විශාලා සද්දයක් එක්ක හුගලක් ගලාගෙන ගියා...

ඒ හුලගින් ඇවිස්සුණු දූවිලිවලට මං අතේ වැලමිටෙන් ඇස් වහ ගත්තේ ඇස් බේර ගන්න...ඒත් එක්කම ඇහුණේ වාහන හෝන් හඩක් නිසා මං ගැසීලා ගියා..ඒකත් කන ළගින්මයි ඇහුනේ...

මං අතත් ඇස්වලින් අයින් කරලා ඒ දිහා බලද්දී කළුම කලු පාට , හෙන උස , පස්ස උඩ දාගෙන , ඉස්සරහාත් උඩ දාගෙන මැද බොක්ක තියෙන බයික් එකක් ස්කූල් වෙහිකල් පාර්ක් එක දිහාට හැරෙව්වේ වේගෙන් රේස් කරගෙනමයි...

දැන් සුවහසක් පිරිසගේ හද දිනා ගත්...ඇස් පිනා ගත්..මන් බන්දන දඩු මොණරයක් ඒ...

ඩීට්‍රැකර් එකක්...හහ්හ්...ඉස්සරහා‍යි පිටි පස්සයි උඩ දාගෙන මහ හයියෙන් කෑ ගහන් ගියාට මං නම් ඔය කැහැටු යකඩ ගොඩට ආසම නෑ...

මං ආස ඩුකාටියකට..කවදා හරි බස්සනවා කලු පාට කිරි කිරි ටොයියෙක්...කොහොමද ඒකේ නැගලා යද්දී දැනෙන ගැම්ම...කලු පාටම ටී එකට කලු පාටම පොකට් කලිසමක් ගහලා...කලු බූට් දාලා...කලු ලෙදර් ජැකට් එකක් දාලා...වාව්...පර්ෆෙක්ට්...කොන්ඩේ ටිකක් දිග් කරලා පෝනියක් දාන්න ඕනී...ටිකක් මදාවි පාට එන්න..අහ්හ්..වැඩක් නෑනේ..කලු පාරම ෆුල් ෆේස් හෙල්මට් එක දැම්මාම කොන්ඩේ පේන්නේ නැ නේ..කමක් නෑ...ඩුකාටියෙන් ගිහින් බැහැලා හෙල්මට් එක ගැලෙව්වාම අහල පහල ඉන්න නංගිලා , අක්කලා , ඇන්ටිලා , ආච්චිලා ඔක්කොම හෙල්ලිලා හොල්මන් වෙලා යන්න කොන්ඩෙත් ටිකක් වවලා පෝනියක් දාන්න ඕනී...කොහොමද කොල්ලා හැඩයි නේ.....එතකොට මට මාර ඉල්ලුමක් තියේ....ඒත් ඉල්ලුම සැපයුමක් නම් නැති වේවී....හහ්හ්හ්..

මං ඩුකාටියක් පදින එක ගැන මනෝ පාරකුත් ගහගෙන ඉස්සරහාට යන්න ගියත් ආයේ එහෙමම නැවතුනේ හිකි හිකියක් ඇහිලා...

කව්ද අඩෝ හිනා වෙන්නේ..ඒකත් මේ මගේ හීන ලෝකේ කඩාකප්පල් කරලා..මට පෙනුනා කියහන්කෝ ඩුකාටියෙන් බැහැලා හෙල්මට් එක ගලවද්දී කොන්ඩෙත් ඒ එක්කම ගැලවිලා යනවා..ඒ එක්කම වටේ පිටේ හිටිය ගැහැණු උදවිය හිකි හිකි ගානවා..ශිට්...

මොකාද ඒ කැත වැඩේ කරපු බූරුවා...මං වටපිට බැලුවේ හිකි හිකියාව හියා ගන්න...මේ මහ පාන්දරින් ගේට් එකෙන් ඇතුළට එන එකා දෙන්නා ඇරෙන්න වෙන මොකෙක්වත් මෙතන නෑ..මං ඇස් අකුලගෙන වට පිට බලද්දී දිව දිගා...අහ්ම්..මං කිව්වේ සිකුරිටි අන්කල් පොඩි කොලුවෙකුත් එක්ක මං දිහා බලාගෙන හිනා වෙනවා...ආහ්හ් එහෙනම් මේකයි මේ හිකි හිකි ගෑවේ..

මුන්ට මොනා වෙලා ද?

මං ඇස් රැළි කරගෙන ගස්සලාම අහක බලා ගත්තා...අර උඩ දාගෙන ගිය එකාගේ හපන්කමට මගේ ඇදුම්වත් පාවෙලා ගිහින්ද? මං ඇදුම් දිහාත් බලලා කොන්ඩෙත් හදාගෙන වෙහිකල් පාර්ක් එක දිහා බැලුවේ අහම්බෙන්...හැබැයි මං දැක්කේ නම් මේ වෙලාවේ කීයටවත් බලාපොරොත්තු වුනු කෙනෙක් නම් නෙවෙයි...

දැන් වෙලාව උදේ 7.05 විතර ඇති ඕනි නම්...තාම ඉර අහසට හරියට පායලාවත් නෑ..අපි මේ උදේ පාන්දර ස්කෝලේ ආවාට...ඒ අස්සේ මේකා උදේම මොකද?

වෙන කවුරුත් නෙවෙයි අභිරු....මෙතනින් පියාබලා ගිය ඩීට්‍රැකර් එකට හේත්තු වෙලා ඌගේ  iphone 15 ත් අතේ තියාගෙන හිටියේ ඌ...

මං ඒ පැත්ත බැලපු ගමන් phone එකෙන් ඇස් උස්සලා මං දිහා බලපු සෙවල ගෙම්බා phone එක සාක්කුවට දාගෙන කට කොනින් හිනා වෙලා අත වැනුවා...මූට අත වනන්න මං...හහ්හ්...මට බල්ලෙක් ඉදලා ඌට බැල්ලියක් ඉදලා ඒ බැල්ලිට පැටව් ඉදලා ඒ පැටව්නත් පැටව් හිටියත් ඒ එකෙක්ටවත් උන්ගේ නැට්ටවත් වනන්න දෙන්නේ නෑ මං මේකාට...

"මළ විකාර"

මං එන්න ආවා....උදේම නිසා වටපිටාව නිශ්ශබදයි...හැබැයි අම්බානකට දූවිලි... මිදුම වගේ...කලින් එන උන් අතු ගානවා නේ...අනේ මංදා අපේ පංතියේ එකෙක් ඔය අතු ගාන වැඩවලට වැඩි මනාපයක් නෑ...පිනා වටවන්දනාවේ එන ගමන් කියලා පහළ එකෙක් ඔත්තුව දුන්නම එහා පංතියෙන් කොල්ලක් හෝ ඉදලක් ඉල්ලගෙන ඇහැට පේන කුනු අයින් කරලා බොදු දරුවෝ වගේ අපේ පංතියේ මා ඇතුලු පිරිස වාඩි වෙලා ඉන්නවා...කොටින්ම කිව්වොත් පංතියට කොස්සක් ඉදලක් නෑ....අල්ලපු රටේ පිහිට තමා...ලංකාව වගේ තමයි නව පරපුර හැදෙන්න ඕනී...

මං එද්දී මොකෙවත් නෑ...බෑග් එකත් දොර ළග ඉදන් තුන් වෙනි පේළියේ මැද ඩෙස් එකකට දාපු මං බැල්කනි එකට ආවා..ඉශාන් එන්නේ පිනා එක්කමයි උදේට....යන්නේ බස් එකේ...පංති තියෙන දවසට ඌ කැබ් එකක් දාගෙන යනවා..ඌගේ අයියා හිටියොත් එක්කන් යන්න එනවා...මං ඉතින් පයින් බස් එකේ තමා හැමදාම....

එකා දෙන්නා පංතියට පිරෙද්දී මං දැක්කා පහළින් මිස් කෙනෙක් එක්ක කතා කර කර සමර් හට් එක පැත්තට යන අක්කාගේ අභිරුව....හැබැයි මරු කෙනා එක්ක ඌ කතා කරන්නේ...ඒ මිස් English වලට training  වැටුණු කෙනෙක්...අපේ කොල්ලොත් ඒ මිස්ට පැණි හලනවා....

"අක්කාට කියන්න ඕනී ඕකාව එපා කියලා..."

මං පපුවට අත් දෙක බැදගෙන ඌ දිහා ඇස් අකුළවගෙන බැලුවා...

චීත්ත කෑල්ලක් පේන්න බෑ...සෙවල බේරෙනවා...මං කියන නම තමයි ගැලෙපෙන්නෙම...සෙවල ගෙම්බා...හාහ්හ්හ්...

"අඩෝ මොනාද උබ කුටු කුටු ගාන්නේ?"

ඉශාන් ඇවිත් මගේ කරේ එල්ලුනේ මගේ කලින් හොද වචන ටිකකුත්...මං කියන්නේ හොද....වචන ටිකකුත් පනින්න යද්දී...ඇයි යකෝ මේ බැල්කනී එකක ඉද්දී ඔහොම පැනලා මාවත් දැන්මම මරු කටට යවන්න තමයි ඔය...

දැන්ම බෑ...මං නැති වුනොත් අක්කා තනි වෙනවා...මෙතුල්ට චූටි තාත්තෙක් කඩෙන් ගන්න ඇයි...මං වැලමිටෙන් ඉශාන්ගේ බඩට එකක් දුන්නාම කොල්ලා මගෙන් ඈත් වුණා...

"මේ උබ දන්නවා ද? අද ඉදන් අපිට අලුත් IT sir කෙනෙක් බන්..."

"ඇයි නිශ්ශංකා මිස්?"

"මිස් pregnant නේ බන් හිටියේ...මං හිතන්නේ Delivery එකට ඩේට් හරි ඇති...මටත් ඔය ටික ලාවට ඇහුනේ බන්...තාත්තාට එද්දී ආපූ call එකකින්..."

ඉශාන් කියද්දී මට නිශ්ශංකා මිස් බඩක් උස්සන් හිටියා මතක් වුණේ...අපි IT room එක පැත්තේ ගිය කාලයක් මතක නෑ...මං හුගක් වෙලාවට IT period  එකේදී ඉශාන්ව ඇදන් library එකට පනිනවා...සමුද්‍රා මිස්ව බලන්න නම් නෙවෙයි හොදේ..එයාගේ බලන්න දෙයක් නෑ...එයා කණ්ණාඩි දාන කොට බැරල් එකක්...හැබැයි හිනා යනම වැඩේ පැනක් වැටුණත් කණ්ණාඩිය උඩින් ඇස් එලියට දාලා අපි දිහා දරුණු අපරාදයක් කරපු වුන් ගානට දාලා බලන එක...අපි ඉතින් ආතල් එකටත් පුටු සද්දෙන් එහෙ මෙහෙ කරනවා...පෑන් එහෙ මෙහෙන් තියනවා..කහිනවා...කිබුහුම් යවනවා....එයා සැර නම් නෑ...එයා හිතන් ඉන්නේ එයා සැරයි කියලා..ඉතින් අපිත් එහෙම හිතන් ඉන්නවා කියලා එයාට අගවනවා..පව්නේ...කෙල්ලගේ ආසාවනේ...

අදත් දවස ඉතින් ආරම්භ වුණා....අද අපිට හා හා පුරා කියලා අවසානම period  එක තිබුනේ IT...පසන්...අපේ පංති නායකයා කිව්වා අද අර අලුත් සර්ගේ පළවෙනි දවස නිසා හැමෝටම IT room එකට යමු කියලා..ඉතින් අද අර අභිරුවා අපිව සමර් හට් එකට ගෙන්නුව නැති එකේ සතුටටත් එක්ක මායි ඉශානුයි ලෑස්ති වුනේ IT එකට ඔන්න ඔහේ ඉන්න...

ළමයි හැමෝම තිබ්බ පොතක් උස්සන් IT room එක පැත්තට ගියා...IT room එක තියෙන්නේ සමර් හට් එකට ළගම building එකේ...

ඔය සමර හට් එක වටේට තියෙන්නේ IT Room එකයි , Art Room එකයි , Store Room එකයි තමයි....සමර් හට් එක තියෙන තැන හරි නිස්කලංකයි..සමර් හට් එකට මොකෙක් හරි එනකන්...එතනින් එහාට එතන වෙනම කාලගෝට්ටියක්..කලින් ඔතන ගරා වැටිලා තිබුණාට එතන හෙන හෙවන නිසාම ඔතනට පුටු ගෙනල්ලා ළමයින්ට ඉගැන්නුවා...ඒ දවස් වල IT room එකේ එහෙම ඉන්න නෑ...ළමයිගේ හඩේ සැරට වඩා මිස්ලාගේ හඩ උච්ච ස්වර වගේ....

දැනුත් පෙන්නේ නෑ...අර වහලෙට වද දෙන අංකල්ලා තුන් දෙන්නා තවම වහලේ උඩ...ඇණ මිටි පොලු අරගෙන පළාතම දෙවනක් වෙන්න තලනවා...ලී වලට...

"අහ්හ්ක්...යකෝ මොකාද මේක පාර මැද තිබ්බ ගෝතයා..."

මං හිතන්නේ ඒක ටික සද්දෙන් කියවුණා...මටත් හොද වැඩේ වහල උඩ බලන්න ගියාට...ශිට්...මට ඉස්සරහින් විශිල් එකකුත් ගහගෙන ඉශාන් ගියා...ඒත් කොච්චර සද්දෙන් කියවුනත් ඌ තවම ඌගේ පාඩුවේ නැළවි නැළවි ඉස්සරහාට යනවා..

ඌට මොකෝ මගේ කකුලනේ ලෙෆ්ට් වුනේ...සපත්තුව තිබ්බත් ඇගිලි ටික මේ යකඩ මේසේ වැදුනා කියහන්කෝ....බඩ බොක්ක කැලතිලා වමනෙට වගේ...මං මේසේටම අත් තියන් පහළට නැමෙන්න හැදුවේ..

"ඕ..ඔයාට අවුලක් නෑ නේ...අහස්.."

ඒත් එක්කම එතන කවුරු හරි කලබලයෙන් ඇවිදන් එන හඩක් ඇහුනේ...මං ඔලුව උස්සලා බලද්දී දුවගෙන එමින් හිටියේ අභිරු...මේක කොයි වෙලෙත් මගේ වටේ කැරකෙනවා හද පෘතුවිය වටේ කැරකෙනවා වගේ...මං බර හුස්මක් පහළ හෙළලා කකුලේ අමාරුව පැත්තකට දාලා එතනින් යන්න හැදුවත් මගේ අතේ වැලමිට හරියෙන් අර එදා දැනුනු දිගැටි ඇගිලි වල තද ස්පර්ශය දැනුනා...

"ඔයා හොදින් ද? කකුල වැදුනාද? මේවාට හීරුනේ නැ නේ...අහස්...කතා කරන්න..මේක මළකඩ කාපූ මේසයක්...හීරුනේ නැ නේද?"

මගේ වැල මිටෙන් ඇදලා ඒකා මාව හුලං පොදක් වගේ ඒ පැත්තට හරවගෙන අත් දෙකම මගේ උරහිස්වල තියාගෙන මගේ මූණට නැමුණා..

මූගේ උස යකෝ...ඇස් උස්සලා බැලුවෙ නැත්තම් මං හිටියේ ඒකාගේ තොල් ගානට...කෙලින්ම බැලුවාම පේන්නේ ඒ හීනි තොල්...අඩෝ තොලේ ලපයක්...

මං මුකුත් බැලුවේ නෑ....ඒත් ඉතින් මට පේනවා නේ...ඒක නෙවෙයි...මං අහලා තියෙනවා තොලේ..තොල් ළග ළප තියන මිනිස්සු හෙනම වල් කියලා...

"අහස්.."

අහ්හ්...මං උගේ තොල් දිහා බලන් ඉදලා..ඌ මගේ ඇස් වලට එබිලා කතා කරද්දී මං ගැස්සිලා ගියා කියහන්කෝ...එතකොටයි මං දැන් මගේ ඇස් වලට එබිලා ඉන්නේ ඒ ඇස් දැක්කේ..

අඩෝ ඒ ඇස්....කියන්න තේරෙන්නේ නෑ...මගේ අතේ ඇගිලි තදින් ගුලි වුණා...ඒ ඇස් හීනියි දිගයි...හරියට චීන කොරියන් ඇස් වගේ....දේදුන්න වගේ දිග eyebrows..ඒ ඇස් බෝල තද කලු පාටයි....
ඒ කලු ඇස් වල තනියට වගේ දකුණු ඇහේ කොනට වෙන්න ටිකක් ලොකු කලු ලපයකුත් තියෙනවා...වාව්...
ලස්සනයි...මගේ ඇස් පිල්ලම් වදින්නත් නැතුවැති....මං හිටියේ ළගින්ම තියෙන ඒ ඇස් ඇතුලේ...මං kdrama බලන නිසාද මං දන්නේ නෑ...ඒ ඇස් වලින් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ....

"හේයි අහස්....Are you Okay?"

එයා මාව උරහිස්වලින් අල්ලලා හොලවලා අහද්දියි මං සිහියට ආවේ..

ආයෙත් කාගෙන..කලින් තොල්..දැන් ඇස්..මොන මගුලක්ද අහසෝ තෝ මේ කරන්නේ...මං ඔලුව බිමට බර කර ගත්තේ ඇස් තදින් පියාගෙන..ශිට්...ලැජ්ජයි...

"අහසා...උබ...මොක්~ අහ්හ් අයියේ?"

ඒ ඉශාන්...කැ ගහගෙන මං ළගට ආපු ඉශාන් මගේ උරහිස් වලින් අල්ලාගෙන තවම මගේ මූණට එබිලා ඉන්න අභීරුව දැක්ක ගමන් කටේ සද්දේ අඩු කළා...

ඉශානුත් ආපු එකේ සිහියට එන ගමන් මගේ උරහිසේ තිබුනු එයාගේ අත් අයින් කරලා මං ඔලුව ඉස්සුවා...

"මං හොදින්..thanks...ඉශාන් යමන් පරක්කුයි"

"මොකෝ වුනේ බන්.."

ඉශාන් අහද්දී මං ඉශාන්ගේ අතිනුත් ඇදගෙන එතනින් ඉක්මනට IT room එක පැත්තට ගියා..මං දැක්කා එයා බලන් ඉන්නවා...ඒත් මං ආයේ බැලුවේ නම් නෑ....ඌට ඒක මීටර් ඇතිද? මං බලන් හිටියා කියලා..නෑ නේද? නෑ කියහන්කෝ............

අඩෝ කෝ බන් කකුලේ අමාරුවක් නෑ නේ...කකුල දැනුනෙ නෑ...එච්චරයි...දැන් මේ යසට ඇවිදින්නේ...මගේ ඇගම මාව පාව දෙන වැඩ කරන්නේ...වැඩක් නෑ...

ඉශාන් එන මග දිගට මොකෝ වුනේ ඇහුවත් මං මුකුත් කිව්වේ නෑ...මං ඇස් පිල්ලමක් ගහන වාරයක් වාරයක් පාසම ඒ අදුරු වෙලා යන පසු බිමේ මං දැක්කේ කලින් දැක්ක ඇස් දෙක වෙනකොට මට කතා කරන්න වචනත් අමතක වෙලා තිබ්බේ..මාවත් පුදුම කරලා...

"අහ්හ ඔය දෙන්නත් 12- M ද?"

"ඔව් සර්.."

"අහ්හ් එන්න එන්න වාඩි වෙන්නකෝ..."

ඒ හඩින් මං සිහියට ආවා...අපි හිටියේ IT room එකෙ..ඉශාන් පස්සෙන් මාත් ඇතුළට ආවා...ඒ එද්දිත් අනෙක් අය ඔක්කොම වාඩි වෙලා...මං බැලුවේ සර් දිහා....ඒත් එක්කම සරුත් මං දිහා බැලුවා...

මැදි වයසේ පෙනුමක් සර්ට තිබ්බේ...උසයි ටිකක් මහතයි...තලෙකු පාට හමක් තියෙන්නේ එයාට...ඔය මොනා කොහොම වුණත් එයා ඒ බලපු විදිය මට මහ අපහසුවක් වුණා...මං දන්නේ නෑ ඇයි කියලා...ඉශාන් දිහා බලලා මං දිහා බලපු ඇස් ඊ ළග තප්පරයේ මගේ ඔලුවේ ඉදන් කකුල් වලටම ඇදෙද්දී මහ අමුත්තක් දැනුනා....මට IT වලට ඉන්න එපා දැන්ම හැරියා පලයන් කියලාමයි මොළේ කිව්වේ...හැබැයි මට ඒ දේ අහන්න තිබුණා...
.
.
.
.
.
.
.
.
.
.
.
To Be Continue 💕

ආයේ පෝයට එකක් දෙන්න බලන්නම් ළමායි...

👉අහ්හ් මේ ඒක නෙවෙයි...

මං ඔයාලා ආසම විදිය පොඩි Business  එකක් පටන් ගත්තා...දැන් කාලයක් වෙනවා හැබැයි...කලින් නම් ඔය පොඩියට එහෙන් මෙහෙන් හම්බුණු orders තමයි භාර ගත්තේ...ඒත් දැන් නම් මං ඒකට උපරිම බර දීලා තියෙන්නේ...ඒකයි මේ කියන්නේ...

කැමති ද ඔයාලත් ,

Book Marks
Wall Posters
Photo Card Pack
Note Books
Memo Note
.
.
.
.
.
අනම් මනම් ගන්න..එහෙම කැමති අය ඉන්නවා නම් මට inbox msg එකක් දන්නකෝ..මං whatsapp group  එකේ link එක දෙන්නම් ඔයාලාට....

කැමති නම් කියන්න මං Add කරන්නම්..මංමයි design  කරන්නේ print කරන්නේ..ඔක්කොම කරන්නේ...කොහෙන්වත් ගෙන්නලා දෙන දේවල් නෙවෙයි ඔය..😊💜️

------------------------------------------------------------

ඔන්න ඉන්නවා අහස් මනෝ ගහපු ඩුකාටිය එක්ක කලු ඇද ගත්ත අහස්...🤭

කොහොමද කොලුවා හැඩයි නේ...❤

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

769 155 8
මම සඳටත් ආදරෙයි... හිරුටත් ආදරෙයි... සඳහිරුට මං හුඟක් ආදරෙයි... 2024.01.17
81.6K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
13.6K 2.9K 46
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
69.5K 17.9K 61
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥