- Plot 23 -

Por Bulbz_D

867K 114K 39.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Mais

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 81-

5.4K 820 241
Por Bulbz_D

කාලයත් එක්ක හිතුව තරමින්ම හොදට එයාල දෙන්නටම මුහුණ දෙන්න බැරි බව උරුමයන් දෙක තේරුම් අරගෙනයි ඉන්නේ... මාස තුන සැහෙන ඉක්මනින් ගෙවිලා ගියත්,  භාතිය ආශාක්‍යසිංහ එයාලට ඉතිරි කරපු හෝඩුවාව, අයෝද්ම එයාලට දීපු ටයිඩ්‍රැක්ස් එකේ වාර්තා පොතත් එක්ක එයාලා ගොඩ නගපු තර්ක මිස අවුරුදු දහ අටකට කලින් සිද්ධවුන දේවල් ගළපගන්න බැරුව උරුමයන් දෙකම හිර වෙලා....මොකද කොහේ හරි ආයේමත් හිස්තැනක්....

ලයිබ්‍රියේ අහුමුළු අවුස්සලා හොයාගත්‍ත පිටුවක් ඉරාගත්ත යාදම් ගිවිසුමේ පිටපත අස්සේ හිතුවා වගේම භාතිය ආශාක්‍යසිංහගේ පණිවිඩයක් තිබ්බා.. ඒක තුණ්ඩුවක්... මොනවදො මන්දා අංක ගොඩක් ලියපු... මොනව උනත් උට තේරෙන භාෂාවකින් ඕක ලියන්න තිබ්බා... තාත්තායි උගේ පුතණ්ඩියාටයි තියෙන මොළ හැමෝටම නෑනේ.... අන්තිමේදි උරුමයන් දෙක අතේ ඉතිරි උනේ ඒ තුණ්ඩුවයි, පිටුවක් ඉරාගත්ත යාදම් පිටපතයි, ඒ අස්සේ තිබ්බ පැරණි ඍෂි හෝඩියේ අකුරුවලින් කුරුටු ගාපු කටු සටහනකුයි විතරයි ...... ඒ දේවල් එක්ක කොහේ කොහේ මාස ගාණක් තිස්සේ හෙව්වත් දෙන්නම එකම තැන... ජගුවර් ආත්මය පෙනී ඉදියට පස්සේ මැන්ශන් දෙකේ උත්තරීතර පදවි නිහඩයි.. ඒ නිහඩ බවම තමයි උරුමයන් දෙක තවත් නොසන්සුන් කරන්නේ....

" ඕයි මේක ආයෙ කියවපන්.... " අරවින්ද් කිව්වේ පුරාණ අක්ෂරවලින් ලියලා තිබ්බ පොත ගවීෂ්ට දික් කරන ගමන්.. ඔව් ඒක හරියට කියවන්න ඒ අකුරු හරියට දැනන් ඉදියේ ගවීෂ්...

" බර්ඩොමිඩා කෙනෙක් මරන්න බැහැ... ඒකට යාදම් වතාවත් ඔනෙ... උබට මතකනේ එදා අර අයෝද්මකාරයා කිව්වේ... ඒ නමුත් එක බර්ඩ්‍රොමිඩා කෙනෙක් ජිවතුන් අතර ඉද්දි තව කෙනෙක් ඉපදෙන්නෙත් නැහැ... ඒක සොබා දහමට අයිති දෙයක්... සොබා දහම අනුසාරයෙන් වෙන්න පුළුවන් දෙයක්... ඒ නියම කඩන්න තරම් බලවත් දෙයක්...  " ගවීෂ් ආයේ සාරාංශය කියවන් ගියේ , කී වෙනි පාරටද දන්නෑ ඇග හිරි වැටෙද්දි... ඒ හැම වචනෙකම හංගලා තිබ්බේ මියුන්ගෙ බරපතලකම... එක විදියකින් නෙවේ සෑහෙන විදියකින්...

" මං දන්නැ සුදු මාමේ මේවා... " ගවීෂ් එපා උන ගානට කිව්වේ එයාගෙ ඉස්සරහ දිහ ඇරලා තිබ්බ පොත් ගොඩ දිහා බලලා සුදු මාමගේ ඇග උඩට පොඩි එකෙක් වගේ කඩා පාත් වෙලා.... අරවින්ද් නම්, පෑනත් කටේ ගහන් අහෙන් මෙහෙන් කොළ තියාගෙන හොයනවා.... භාතිය ආශාක්‍යසිංහත් පුදුම ආතල් තමයි දෙන්නෙ...එක කොලේකින් මෙහෙට... තව කොලේකින් අරහෙට.. යකො රහස් පරීක්ෂණයක් කරවන්නද යන්නේ ?

" අරවින්ද් ඔය ඇති යකො .. ඔච්චර තමා කොච්චර බැලුවත්... " කිව්වට මොකද !! අරවින්ද් පවා මල පැනලා ගවීෂ් වගේම ඔලුව මේසේ උඩින් ගහගත්තේ සසර කළකිරුන ගානට....... ෆෑන් එක කැරකෙන සද්දේයි අවී මාමාගේ බ්ලෙන්ඩ එකේ සද්දෙයි ඇරෙන්න සේරම නිශ්ශබ්දයි ... මාස ගාණක් තිස්සේ පොත් පෙරල පෙරල හොයලා ඒත් මෙච්චරයි!!..

" මට හිතෙන්නෙ එයා කියන්න හදන සමහර දේවල් පැහැදිලි ... මම කියන්නද ? " මෙතුල ඇහුවේ , අරවින්ද් ගවීෂ් දෙන්නම ඔලුව ගහගෙන ඉදපු තැන්වලින් ඔළුව උස්සද්දි... කොල්ලෝ දෙන්නම බාගෙට මැරිලා වගේ....

" මට දැනෙන විදියට... භාතිය අය්යා දන්නවා කවදහරි මේ දේ ගැන හාරලා බලන්න පුළුවන් මතකය තියෙන්නෙ තුන් දෙනාටයි කියන්න... එක්කෙනෙක් එයාව අක්ක එක්ක දැකපු මම... දෙක මියුන්... අනිත් කෙනා ඔයා ගවීෂ්.. එතන ලොකු අක්ක, භාතිය අය්යට මියුන්ව දීපු වෙලේ එතන ඉදියේ ඔයානෙ නේද ?  "

" හරි කියන්නකෝ සුදු මාමෙ...."

" ඕනේ කෙනෙක් හොයන්න පටන් ගන්නේ එයාගේ මරණෙන්... ඉතින් එතන තියෙන්නෙ හරියටම විසිතුන වගන්තිය.. බැලූ බැල්මට ඒක තේරෙන්නෙ නැහැ තමයි , ඒත් අපි දැන් දන්නවා ඒක එයායි ලොකු අක්කයි කඩපු නීතිය... ඊළගට තමයි ඔයාට නිකමට වගේ කල්පනා වෙන්නේ ඒ පිටුව ඉරාගත්ත පොත හොයන්න... අරවින්ද් ඒ පිටුව ඉරපු පොත ප්‍රධාන පුස්තකාලේ තිබිලා හොයාගත්තනේ....  හිතුවා වගේම ඒ පොතේත් පණිවිඩයක්.... ඒක තියෙන්නෙ පැරණි ඍෂි අක්ෂරවලින්... අපෙන් ඕක ඉගෙන ගත්තේ සුළුතරයයි... මමයි, චූටි අය්යයි, ක්‍රිෂාර්යයි... ඒත් ගවීෂ් ඒක මගෙන් ඉගෙන ගත්තා.. ඒක නිසා එයාටත් පැහැදිලිව ඒක කියවන්න පුළුවන් .. ඒකෙන් තේරෙන්නෙ භාතිය ආශාක්‍යසිංහට ඕන කෙලේ ඒ පණිවඩය , පළවෙනි පරම්පරාව අතට නොයන්න..."  සුදු මාමා පැහැදිලි කරන විදිය සන්සුන්.. දැනටම මේ දේවල් හිතාගෙන ඉදියත් අරවින්ද් වගේම ගවීෂ්නුත් ඉවසිල්ලෙන් අහන් ඉන්නේ ඒකයි...

" අපි දැනට දන්නේ ඔච්චරයි.. ඔය කෝඩ් එක, අනිවාරෙන් ආශාක්‍යසිංහලා සම්බන්ධ දෙයක් වෙන්න ඕනේ... එයා ඒක කොහෙන්වත් බලාගෙන නැවති නැවති ලියපු පාටක් නැහැ... ඒක එක දිගට ලියාගෙන ගිහින් මේ ... තීන්ත පෑන එක තැනක නැවතුනා නම් කොහේ හරි වැඩිපුර තීනෙත්න් පෙගුන තීන්ත රවුමක් තියෙන්න ඕනේ... මෙතන වැලවගේ එකටම ලියලා මිසක් ඒම තැනක් කොහේවත් නැ.... ඉතින් ලෙඩ වෙලා අසිහියෙන් ඉන්න කාලේත්. එයාට හොදට මතක තියෙන කෝඩ් එකක්.... " මෙතුල විස්තර කලේ අරවින්ද් කල්පනාවෙන් ඔලුව වනද්දි.... එයා එහෙමම ෆෝන් එක අරන් ඒ චිට් එකේ ෆොටො එකක් ගහගත්තේ , වචනයක්වත් කියන්නෙ නැතුව....

"දැන් ඔය ඇති ළමයි දෙන්නා... ටී ටයිම් එකෙන් පස්සේ බලමුකො.  " මෙතුල කිව්වේ කොල්ලෝ දෙන්නම රිලැක්ස් කරන අතරේ....  අරවින්ද් ආපස්සට පුටුවට හේත්තු වෙද්දි ගවීෂ් මේසේ අස්සේ ඔලුව ඔබාගත්තේ සෑහෙන එපාවීමකින්....

"  ආ මේහ්.. මේක ගනින්......  " අරවින්ද් කිව්වේ මෙච්චර වෙලා එයාගේ අතේ තිබ්බ නෝට් බුක්ස් දෙක මේසේ උඩින් තියලා ගවීෂ් දිහාවට තල්ලු කරන අතරේ.... ගවීෂ් ආයේ මූණ සවුත්තු කරන් ඒ දිහා බැලුවේ ඒක බලන්න කිසිම උවමනාවක් නැති ගානට... දැන් ආයේ පොත් නම් බලන්න බෑමයි !!  ඌ ආයේ වගේ වගක් නැතුව ඔලුව ගහගත්තේ අතින් කොණ්ඩේ අවුල් කරගෙන....

ඒත් අරවින්ද් නෝන්ඩියට බලන් ඉදපු විදිය නිසාම, මෙතුල කුතුහලේටම පොත් දෙක අතට ගත්තේ යන්තන් හිනා වෙලා... සුදු පාට ලොකු ස්පිරල්ස් තියෙන පොත් දෙකක්.... මෙතුල පොත අතට අරන් පෙරලුවේ කුතුහලේටමයි....  හැම පිටුවක් අතරටම ඔයිල් පේපර්ස් දාලා ඇදලා තිබ්බේ ස්කෙචින්ස්... නිකන් ඒවා නෙවේ , සෑහෙන මට්ටමකට ප්‍රොෆෙශනල් ඒවා... එයා ආයේ කලබලෙන් , ඉස්සරහ පිටුව හැරෙව්වේ ඒ සැරේ නම් , පොත කාගේද කියලා හීනි මතකයක සේයාවක් මෙතුලගේ ඔලුවේ ඇදෙද්දි....

පළවෙනිම පිටුවේ තිබ්බේ වොච් එකක් දාපු අතක ගුලි වෙලා පහලට නැවුනු මල් බුකේ එකක්.... එයා ඔලුව උස්සලා අරවින්ද් දිහා බැලුවේ අරවින්දනුත් හිනාව තද කරගෙන තව ඉස්සරහට බලන්න කියලා මෙතුලට සන් කරද්දි... දෙක... ඇස්.... සැහෙන වෙලාවක් අරගෙන පිටු දෙකක් පිරෙන්න ඇදලා තිබුන පුදුමෙන් ලොකුවුන ඇස්....  මෙතුලගේ මූණේ හිනාවක් ඇදුනේ ඒ ඇස් කාගෙද කියල අදුරගන්න පරක්කුවට...

ආයෙමත් වතාවක් සාක්කුවක් අස්සට එබුන අත.... හරියටම පැහැදිලි නැති ස්කෙචින්ස් ගොඩක්..... ආයෙමත් වතාවක් ඇස්....!! පිටිපස්සට පේන විදියට හරියටම ඇදලා තිබ්බ කැළැල් පිරිච්ච ඇග.... ඒ කැළැල් පවා ඇදලා තිබ්බේ සම්පූර්ණ ආට් එකක් ගානට.... කොටින්ම මෙච්චර සියුම් හැකියාවක් මෙතුල පවා අනුමාන කරලා තිබ්බේ නැති තරම්.... ඊළග එක !!! පළවෙනිම වතාවට ඒ චිත්‍රවල ඉන්නේ කවුද කියලා එක්ස්පොස් කරපු ඒ චිත්‍රේ දිහා බලලා මෙතුල ඇස් ලොකු කලේ මෙලෝ මගුලක් දන්නැතුව සසර කළකිරිලා මේසේට ඔලුව ගහන් අනන් මනන් කුනු කුනු ගගා ශාප කරන ගවීෂ් දිහා බලලා...

ඒ කැළල් පිරුණ නිරුවත් උඩුකයේ , තනි කළු නූලකින් එල්ලිලා තිබ්බේ වේඝර්ණ පේරැස් මුද්ද....!!  ඒ චිත්‍රේ ඇදලා තිබුනෙම ඒ මුද්ද ඉලක්ක කරගෙන....ඉතින් අමුතුවෙන් සාක්ෂි ඕනෙද මේ ස්කෙචින්ස්වල ඉන්නේ කවුද කියන්න....  ඊළගට මුහුදු වෙරළක , දණිස් දෙක ළගට අරන් ඒ අස්සේ මූණ ඔබාගෙන ඉදපු හෙවනැල්ල... කකුල් දෙක තෙමාගෙන යන රැල්ල.... අමුතු විදියට ඇදලා තිබ්බ චිත්‍ර ගොඩාක්... ඒ චිත්‍ර ගැන මෙතුලට සහතික වෙන්න පුළුවන් එක දෙයයි.... ඒ හැම එකකම ඉදියේ ගවීෂ්... මෙතුල පොත උඩින් උඩින් පෙරලුවේ , ඕනෙවට වඩා පෙගිලා තිබ්බ සමහර පිටු අතරේ නැවතිලා... එයා හිතුවා වගේම , ඒකේ හැමදෙයක්ම ඇදලා තිබුනා... ඈතට පේන විදියට ඇදලා තිබ්බ සමහර සිද්ධි මෙතුල ඇස් දෙකෙන් සාක්ෂි කියපු සිද්ධි....හරියට මෙ ඕනෙවට වඩා පෙගිලා බොද වෙලා තියෙන චිත්‍රේ,  ගවීෂ් උරහිස උඩින් ඔලුව තියන් ඉන්නේ යොවන්දිගෙ කියලා මෙතුලට විශ්වාසෙන් කියන්න පුළුවන් ....

මේ ලැන්ටන් දෙක.... ආයෙම ඇස්.... පැටලැවුන අත් වගේ සැහෙන තරමින් චිත්‍ර ගොඩාක්....

" ඔතනින් එහාට නම් එයිටීන් ප්ලස්ද මන්ද... " අරවින්ද් කිව්වේ මෙතුලත් හිනා වෙලා පොත වහලා දාද්දි... .

" මොකක්ද එයිටින් ප්ලස් ??? " ඔන්න ඒ සැරේ නම් මෙච්චර වෙලා ඔලුව ගහගෙන ඉදපු එකාට කන් ඇහිලා... මෙතුල පොත් දෙකම ගවීෂ් ගාවින් තිබ්බේ මෙතුලගේ මූණේ තිබ්බ බැල්මටම ගවීෂ් ඒ දෙක සැහෙන උනන්දුවෙන් අතට ගනිද්දි...

" හා හා මේ.. දැන් බලන්න එපා.. තනියම ඉන්න වෙලාවක බලන්න... " මෙතුල කිව්වේ ගවීෂ් පණ්ඩිතකමට අරවින්ද්ගේ නෝන්ඩි හිනාවත් දිහා බලලා පොත ගැම්මෙන් දිග අරිද්දි....

ඔහ්හ් ස්කෙචින් බුක් එකක් නේද ??? යකෝ.... හාෆ් නේක්ඩ්... කොලර් බෝන්ස්... නේවල් එක හරිය සියුම්ව මතුවෙන්න ඇදලා තිබ්බ චිත්‍ර.... හම්මට සිරි... තව තියෙනවා මෙන්න....ඇස්... අත්....ලිප්ස්... ඔහ්හ්..... ලිප් කිසින් ස්කෙචින්ස්....... ආයෙම අනන් මනන් තැන්....

"  කාටද බොලව් මෙච්චර අසහනේ ??" ගවීෂ් කට ඇද කලේ , ඒ තියෙන්නේ උගෙම චිත්‍ර කියලා මෙලෝ අදහසක් නැතුව... ඌ කොච්චර අහිංසක විදියට ප්‍රශ්නේ ඇහුවත් , අරවින්දගේ හිනාව කවදාවත් නැතුව පුපුරලා ගියේ මෙතුලත්  ලැජ්ජාවටම මේසේ උඩ ඔලුව ගහගනිද්දි....

" ඇයි ඇයි ??? " ගවීෂ් ඇරියස් එකටම ඇහුවේ තාමත් පොත පෙරලන ගමන්...

" කාගෙද කියලා බලහන්... ඉස්සරහ පිටුවේ ලොකුවට නම ගහලා තිබ්බා... "අරවින්ද් කිව්වේ මෙතුල හිනා වෙවීම මේසේට ඔලුව ගහගනිද්දි..... ගවීෂ් ඉස්සරහ පිටුවට පෙරළුවේ අරවින්ද්ගේ නෝන්ඩි හිනාවට මිසක්...... ඒකේ ලොකු අකුරින් ආඝර්ව ආශාක්‍යසිංහ කියලා ලියලා තියෙනවා බලන්න නෙවේ.... ඔහ් !!මිනිහාගේ මූණ සුදුමැලි වෙච්ච ඉක්මන බලාගෙන ඉදපු අරවින්ද්ගේ හිනාව ආයෙම පුපුරලා ගියේ , මෙතුල ලැජ්ජාවටම ඇස් වහගෙන හිනා වෙද්දි.....

මියුන් ආඝර්ව ආශක්‍යසිංහ !! පොඩි පගයා !!! හරිම යසයි !!!! ගවීෂ් ෆුල් සයිලන්ට් ... මිනිහා ඒත් දෙවෙනි සැරේට හෙනම ගට් එකෙන්,කලින්ටත් වඩා උනන්දුවෙන් පිටු ටික පෙරලුවේ ටිකෙන් ටික උගේම කටේ ඇදෙන හිනාව ලොකු වෙද්දි..... කමක් නෑ අසහනේ උනත් හරිම ගානට.... ඔය තියෙන්නෙ ලස්සනට ඉතින්... වරදක් නෑ.... අනික ඉතින් මියුන් නම් ඇන්දෙ වරදක් අපේ ගවීෂ්ට පේනව නම් බැරිය... නියපොතුත් කටේ දමන් හප හපා බලන්නේ ඔය අගේට ....

ඒකේ හැම සිද්ධියක්ම පිළිවෙලට ඇදලා තියේ... එයලා ගියපු හැම තැනක්ම වගේ.... සමහර තැන් ගවීෂ්ව ශොක් කරන තරම්...  ඕනවට වඩා පෙගිලා තිබ්බ පිටු... බොද උන පිටුත් නැතුවම නෙවේ.... පොතෙන් බාගයක්ම ඇස්... එක එක හැගීම් තියෙන එකම ඇස්... එක එක ඉරියව්වලට ස්කෙච් කරපුවා...  අනේ පාහරයා.. එයා ගොඩක් කල් තිස්සේ හොරෙන් බලලා තියේ එහෙනම්...හොර ගෙඩියා මේව මුකුත් කිව්වෙත් නෑ....මේම එකක් තියේ කියලා දන්නෙත් නෑ.... තවත් බලන්න බැරි තරම් ඉක්මනින්ම එයාගෙත්  ඇස් බොද වෙද්දි ගවීෂ් පොත වැහුවේ කවුරුත්ම නැති වෙලාවක තනියම බලලා හිතේ හැටියට අඩන්න හිතාගෙන....

" කොහෙද තිබ්බේ බන් ? " ගවීෂ් ඇහුවේ පොත් දෙකම අරගෙන පොඩි එකෙක් වගේ පපුවට තුරුල් කරගෙන... අරවින්ද්ව ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා මේ දෙක ගෙනත් දුන්නට... නැත්තන් මලාට මියුන් නම් මේව අහුවෙන්න තියන්නෙ නැහැ....කලින් පොල් ටොපි... ඒ සැරේ ස්කෙචින්ස් පොත්... තව මොනවා තියෙද් මන්දා ළග !! .

"  අර පොතේ පිටුව හොයද්දි හම්බුනේ...."  අරවින්ද් කිව්වේ මෙතුල ගවීෂ් හැසිරෙන විදිය දිහා ආසාවෙන් බලන් ඉද්දි.... එක අතකට එයා මේම සතුටු වෙන්නේ කොච්චර කලාතුරකින් ද ? පොත් දෙකම පපුවට තුරුලු කරන් පොඩි එකෙක් වගේ.... මෙලොඉ සිහියක් නැතුව....

" මාස ගානකින් කොල්ලාව දැක්කෙත් නැනේ... නේද " මෙතුල ඇහුවේ ගවීෂ්ට එක පාරටම රවන්න මතක් වෙද්දි......

"  එයැයිගේ ලොකුකම එක්ක බැ... නෙහ් අරවින්ද් ? උට හිතුන දෙයක් කරනවලු.. අනේ කරගන්න කියල මමත් ඉදියා... " ගවීෂ් කිව්වේ පොත් දෙක නම් පපුවෙන් දශමයක්වත් ලිහිල් කරන්නැතුව....

" ගවීෂ් එක්සැම් ළගයි කියන්නේ කාවහරි ළගින් ඕනේ වෙන කාලෙනෙ.. "

"  ඇහ් ? මට ඒම එකක් තිබ්බේ නැනේ... ඌට විතරක් එන එක්සැම් දොළදුක්.. නෙද අරවින්ද් ? ... " ගවීෂ් දෙවෙනි පාරටත් අරවින්ද්ගෙන් සපෝට් එකක් ඉල්ලුවේ ඒ පාප මිත්‍ර ද්‍රෝහියා මේ පාර සුදු මාමට සපෝට් එකටම වගෙ ගවීෂ් දිහා බලද්දි....

"  ඔයා අන්තිමට පාඩම් කරද්දි කොහේද ඉදියේ ? අහ්හ් ?? " මෙතුල ඒ සැරේ ඇහුවේ ගවීෂ්ගේ කනින් අල්ලලා...

" ආව් ආව්... ඔයාගේ කාමරේ තමයි ඉතින්.. "

"  එතකොට මියුන්ට ඒම නැද ? "

" එහෙනන් අරවින්ද්ට යන්න කියන්න... මං නම් පස් පාගන්නෑ නෑමයි !!! "  ගවීෂ් බුම්මන් කිව්වේ හිතෙ උණුවෙන කොටස ආයේ ගල් කරගන්න අතරේ.. ඒම ඕනේ ඕනේ විදියට උණුවෙන්න දෙන්න බෑ....!! මාස දෙකහාමාරකට කලින් මියුන් එක්ක කතා කරන එක මැද නැවතුනේ වලියකින් නේ... ඌ ඒකට සොරි කිව්වෙත් නෑ.. මෙතන පාටියකටත් ගියා. ඊට පස්සේ ඩ්‍රෑන් එක්ක ඇවිදින්නත් ගියා කියන්නැතුවම... ඉතින් ඌ කියනකන් මලාට මේ ගවීෂ් සොරි කියන්නෙත් නෑ....

" උබ ගියෙ නැත්තන් උබේ මාක්ස් කපනවා ඇ.. " අරවින්ද් කිව්වේ බරපතල විදියට ...

" මොන මාක්ස්ද ? "

" ආශාක්‍යසිංහ මැන්ශන් එකේ ප්‍රින්ස් කෙනෙක් හැන්ඩ්ල් කරන්න ඕනේ අවම මාක්ස්.... හැබැයි දැනටම මයිනස් මට්ටමේ යන්නේ ඇ....... "

" අරවින්ද් මෙහ් !! පලයන් .."

" මුරණ්ඩු නොවී ගිහින් පොඩ්ඩක් බලලා එනවා... කොහොමටත් ආයේ ලබන මාසේ ඉදන් ඌව එළියෙන් තියන්න හේතුවක් නෑ.... "අරවින්ද් කිව්වේ  ගවීෂ් පොත් දෙකත් තුරුල් කරන්ම උටත් රවද්දි...

" කමක් නැතෙයි ඒනං ?? " ගවීෂ්ම ආයේ ඇහුවේ පොත් දෙක දිහාත් ලොබ කමේ බලලා.. හිත උණුවෙලා තියෙන්නෙ අම්බානෙක ම්හු....

" දැන් සැරයක් කිව්වේ !! යන දවස කලින් කියපන්... මෙවීනාව මම නවත්තගන්න.. " අරවින්ද් කිව්වේ අවිනාශ්ගේ ජූස් එකෙන් බාගෙකට වග කියන ගමන්....

" අද හවස් වෙලානේ දැන්... එහෙනම් හෙට! " ගවීෂ් ඉක්මනින්ම කිව්වේ සැහෙන උනන්දුවකින්.... උට ඒකට නම් උනන්දුව... පොත් බලන්න කිව්වම තමා බැරි...

" මං මේ පොත් ටික ගන්නවා එහෙනම්... මේක ඔයාලා ගාවම තියාගන්න..." අරවින්ද් කිව්වේ පුරාණ අක්ෂර ගැන පුස්තකාලවලින් උස්සගත්ත පොත් ටික එකතු කරගෙන....

" උබට පුරාණ අක්ෂර ඉගෙන ගන්න ආසයි නම්... ලැජ්ජ නැතුව කියපන් සුදු මාමා උගන්නයි... " ගවීෂ් කිව්වේ අරවින්ද් ඔලුව උස්සලා මෙතුල දිහා බලද්දි... මිනිහාට දැන් ටික වෙලාවක ඉදන් ඒ ඇම්ම තිබුනා කියලා ගවීෂ් නෝට් කරගෙන ඉවරයි....

" වෙලාවක් තියෙන වෙලේක එන්න.. වැඩි කල් යන්නැ.  " මෙතුල කිව්වේ අරවින්ද්ගේ පිටට තට්ටුවක් දාලා.... අරවින්ද් ඔලුව වැනුවේ නුපුරුදු විදියට... තියෙන ලොකුකම ඉතින්...

" මෙහ්....අවී මාමා මොකද කියන්නේ ටයිඩ්‍රැක්ස් එක ගැන ?  " ගවිෂ් දෙවෙනි ප්‍රශ්නේ මතු කලේ සුදු මාමා සයිලන්ට් වෙද්දි... හැමදාම ඒ ප්‍රශ්නේ මතුවෙනකොට එයා එහෙමයි...

" දැන්ම එයා ඒ ගැන හිතන එකක් නෑ ගවීෂ්...  "

" දැන් මාස ගාණක් ගියානේ සුදු මාමේ ඉතින්... , අවී මාමා ඒ ගැන කිව්වෙම නැද ? ".

" එයා ඔය කිව්වට එයාට ඒ ගැන ආයේ හිත හදාගන්න බෑ ළමයො.. මම දන්නවනේ.... "

" කතා කළාද ඔයා ? "

" හ්ම්.. එයා ඉන්නේ නම් එවෙලම හිත හදාගත්ත ගානට... ඒත් , අදටත් හිටි ගමන් කැමක් කද්දි , කොෆී එකක් බොද්දි, කොටින්ම ඒප්‍රන් එකක් දැක්කම, ටිලිං සද්දයක් ඇහුනත් එයාගේ හිනාව මිලි තත්පර ගානකට අතුරුදහන් වෙනවා...ඒ ගැන ඇහුවම මොකක් හරි මෝඩ කතාවක් කියලා මාවත් හිනස්සවනවා... පිස්සු කොල්ලා... " සුදු මාමා කතා කලේත්, යන්තන් හිනා වෙලා.....

" එයාට තව කල් ඕන වෙයි.. " අරවින්ද් කිව්වේ ගවීෂ් තොල් තද කරගෙන ඒක පිළිගනිද්දි.. ඇත්තටම කියන තරම් ලේසි නැතුව ඇති එයාටත්.... කොච්චර හිනා වෙලා ඉදියත්....

ගවීෂ් විනාඩි ගානක් අරගෙන , එයාගේ වැදගත් පොත් ගොඩ අස්සේ තිබ්බ ටයිඩ්‍රැක්ස් එකේ පරණ ලොග් බුක් එක සුදු මාමාගේ අතෙ තිබ්බේ මෙතුල කුතුහලෙන් නළල රැලි කරද්දි...ගවීෂ් කරපු දේ අනුමත කරන්න වගේ අරවින්ද් ඔලුව වැනුවේ ගවීෂ්ව සැහැල්ලු කරලා.... ඇති යන්තන්...

" මෙ ?? "

" ඕක මොකක්ද කියල අවී මාමා දන්නවා.. මං කිව්වා කියන්නකෝ  එයාට ආයේ හිතලා බලන්න කියලා..." ගවීෂ් කිව්වේ පොත සුදු මාමගේ අතේ තියල... ඇත්තටම අවුරුදු ගාණක ටයිඩ්‍රැක්ස් එකේ වාර්තා එක්ක, ඉතිරි වෙලා තියෙන අන්තිම සිහිවටනේ .... ගවීෂ් හරි නම් අවී මාමාට සුදු මාමව හම්බුනේ සුදු මාමා මේ පොත හොයාගෙන ටයිඩ්‍රැක්ස් එකට ආපු නිසා...ඉතින් මේ පොතට බැරි නම් අවී මාමාගේ හිත හදන්න... ආයේ වෙන කිසිම දේකට බැ ....

ඉතින් මේ පීඩාකාරී විලේජ් එකේ එහෙම නිවෙන්න තැනක් තියෙන්න ඕනේමයි නේද ?

.
.

- මතු සම්බන්ධයි -

* මේ එළැඹෙන්නේ අප්ඩේට් වසන්තයයි... ✨️💚 මියුන්ව හම්බුවෙමු ඒනම්....

අහ් මේ !! කදුකරේට ෆැමිලි ට්‍රිප් එකක් යන්න බඩු ලෑස්ති කරලා තියාගන්න කට්ටියම !!...

ඔයාලා මේ පවුල් දෙකෙන් එකක ළමයෙක් නම් වෙන්න ආස ,

ආශාක්‍යසිංහ ද ?

වේඝර්ණාරච්චි ද ?

Bulb.

Continuar a ler

Também vai Gostar

330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
690K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
3.1M 235K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023