~🌈️වර්ණ🌈️~ (TK Non Fanficti...

By yeonpoorna

1.7K 321 96

~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️ More

🌈️Chapter 01
🌈️Chapter 02
🌈️Characters Intro
🌈️Chapter 03
🌈️Chapter 04
🌈️Chapter 06
🌈️Chapter 07
🌈️Chapter 08
🌈️Chapter 09
🌈️Chapter 10
🙄 ~AN~ 🙄
🌈️Chapter 11
🌈️Chapter 12
🌈️Chapter 13
🌈️ Chapter 14
🌈️Chapter 15

🌈️Chapter 05

98 20 9
By yeonpoorna

අද උදේම නැගිටලා ලෑස්ති වෙලා ස්කෝලෙට යන ගමන් මෙතුල්ව ඩේ කෙයා එකට දාන වැඩේ භාර වුනේ මට...අද අක්කාට නැගිටින්න පරක්කු වෙලා...තවම එළවලු ලිපේ...අක්කා යද්දී 8.00 විතර වෙනවා...ඒත් අද පරක්කු වෙයි...මොකද අක්කා උයලා තියලා යන්නේ...මටයි මෙතුල්ටයි දවල්ට කන්නත් එක්කම...

මං ගෙයින් එලියට බහිද්දිත් 7.10 ත් වෙලා..අදත් ඉතින් පිටිපස්සේ තාප්පේ පිහිට තමයි...මෙතුල්ගේ ඩේ කෙයා එක ළගින්ම මං මෙතුල් බබා එක්කම බස් එකෙන් බැස්සා...මෙතුල්ව ඩේ කෙයා එකට බාර දීලා..මං එතන ඉදන් පැයට කිලෝමීටර් 60 ක විතර වේගයකින් ස්කෝලේට දිව්වා...කොහොමත් ගේට් එකෙන් යන්න බෑ දැන්...මං ආවේ පිටි පස්සේ තාප්පේ ළගට...

ටහුක්...ගාථා කියනවා ඇහෙද්දී මං වට පිට බලලා තාප්පෙට නැගගෙන හෙමීට ඒ පැත්තට පැන්නා...හොදයි අතුරු ආභාදයක් නෑ....අපි මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි මල්ලී....මට නම් ගේට් එකට වඩා තාප්පේ හුරුයි...ඇත්තම කියන්න එපැයි...යාලුවාගේ තාත්තා principal වුණු එකේ එක හොදක් තමයි යාලුවා නිසා තාත්තා හැරෙන පැත්ත හොයා ගන්න පුලුවන් වෙන එක...

"අහ්හ්...මොන~?"

මගේ වෙලාවේ හොද කම කියන්නේ...බිමට වැටෙන්න ගිය බෑග් එක හදාගෙන ඔලුව උස්සද්දී මගේ ඉස්සරහා හිටියේ මං අකමැතිම කෙනා...අහ්හ් උදේම මගේ දවස කෑවා....

"Good Morning..."

අභිරු....මං හිතන්නේ මේක වෛරස් එකක නමක්....දවසින් දවස මාව ආක්‍රමණය කරන වෛරස් එකක්...මේක නම් එච්චර ඇගට ගුණ නෑ...දැන්මම මුලිනුපුටා දැම්මේ නැත්තම් මටත් කෙළ වුණා හම්නිදා තමයි...අහ්හ් වැඩිය ගණන් ගන්න එපා...ඔය Kdrama බලන එකේ ප්‍රතිපල තමයි...

"Morning..."

"මේක අලුත් විදියක්ද උදේම school එකට එන...?"

අහ්හ්හ් මේකා එක්ක බෑ...ඒ මූනේ තියෙන්නේ සමච්චල් හිනාවක්...අනේ මට මොකෝ...අනික මූ අහන හැම එකටම උත්තර දෙන්න මූ මගේ තාත්තා ඈ...නැත්තම් ස්කෝලේ පිනා ඈ...නැත්ට්ගම් බැරි වෙලාවත් ස්කෝලෙත් මූගේ නමත් තියෙන එක property එකක් වෙන්න බැරුද?...

"තමුසෙට වැඩක් නෑ නේ..."

ඒත් එක්කම වගේ Speakers වලින් ඇහෙන හඩ නැති වෙද්දී මං හැදුවේ එතනින් ඉක්මනට පංතියට දුවන්න...

"ඔයා හැමදාම එන්නේ මේ තාප්පෙන් ද?"

ඇත්තටම මෙයා නම් මහම මහ වදයක්..අද පංතියට යන්න කලින් මං පිනාව බලන්න යයිද මංදා...මොකද මං දැන් ඉස්සරහාට අඩියක් තිබ්බේ ඉක්මනින් දුවන්න වුණත්..එයා මගේ පාර හරස් කළා..අහ්හ්..මේකට පිස්සූ...

"මං එන්නේ මට ඕනි තැනින්...ඇයි?"

මං කියද්දී අභිරුවා කළේ හිනා වුණු එක...ඒ හිනාව කින්ඩියට දාන හිනාවක් වගේ වුණත්...එයාගේ අමුතුම ලුක් එකක් තියේ...කොයි වෙලාවේ බැලුවත් අත් දෙක කලිසම් සාක්කු දෙකේ ඔබාගෙන...ඔය සක්කු වල මුතු මැණික් තියෙනවාද දන්නේ නෑ....

"මං මෙතනින් ගේට් එකක් දාලා දෙන්න ඇහුවේ...මොකද කියන්නේ...තාප්ප දිගේ බඩ ගාන්න ඕනි නෑ නේ.."

"ඔයා ආවේ සමර් හට් එක ගැන බලන්න නම් පාඩුවේ ආපු වැඩේ කරගෙන ඉන්නවද අයියේ...."

මං ආයේ එන්න හදද්දී එයාගේ හඩින් මං අයේ නැවතුණා...ඒත් අපරාදේ...

"අහස්ගේ සම්පූර්ණ නම මොකක්ද?"

ඇත්ත මූට පිස්සූ..නැත්තන් මොන එකකට ද මගේ සම්පූර්ණ නම අහන්නේ...මං ඇහුණේ නෑ වගේ එන්න හදලත් ආයෙත් නැවතිලා එයා දිහා බැලුවා...කරුමෙටවත් මූ අක්කාව දැලේ දාගෙන...අක්කාගේ හස්බන්ඩා වෙලා...මෙතුල් බබාගේ තාත්තා වෙලා..මගේ මස්සිනා වුණොත්...

"මගේ නම මොකක් වුනත් මොකද? තමුන්ට අදාළ දේවල් විතරක් හොයන් ඉන්න අයියේ...අක්කාගේ නම දනාවා ඇති නේ..."

"අහ~"

"නෑ නොදන්නවා වෙන්න බෑ නේ...එකම පංතියේ කිව්වා නේ...ඕනිම නම් එයාගෙනම අහ ගන්න..අනික ඔයා මගේ පස්සෙන් කැරකෙන්නේ මොකටදකියලා මං හිදටම දන්නවා...බය වෙන්න එපා..මං ඔයාලාට බාල්දි දාන මස්සිනෙක් නම් නෙවෙයි...අක්කා ඕකේ නම් මාත් ඕකේ...එහෙනම් මං කැපුණා.."

ඈ දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්න එයා ආයේ මොනා හරි කියන්න හලින් මං එයාගේ උරහිසට පොඩි තට්ටුවක් දාගෙනම එන්න ආවා...මං  6 වසරේ පංති කාමර පිටි පස්සෙන් 12 වසරේ ගොඩනැගිල්ල පැත්තට දිව්වා...මං යද්දී ළමයි හැමෝම පංතියට ඇවිත්..

"අඩෝ අහසා..මං හිතුවේ උබ අද නෑ කියලා..."

මං දුවගෙනම ගිහින් ඉශාන්ගේ මෙහා පැත්තෙන් පුටුවට පනිද්දී ඉශාන් කිව්වේ මූනේ හිනාවක් පුරවගෙන...අද මං එන්නේ නැති වෙයි කියලා හිතන්න ඇති..ඒත් ඉතින් වෙනදත් මං මේ විදියට පරක්කු වෙලා තාප්පෙන් පැනලා ආපු වෙලාවල් ඕනි තරම් තිබුණා...ඒත් අද ඊට වඩා ටිකක් ලේට් නම් තමයි...අර සෙවල ගෙම්බාට අහු වුණා නේ...

"මං එනවා කිව්වොත් ඉතින් එනවා බන්...එද්දී සෙවල ගෙම්බෙක්ව දැක්කා..වූට වතුර යන්න පාර කියලා දීලා ආවේ මේ...ඒකයි ටිකක් පරක්කු..."

"සෙවල ගෙම්බා කියද්දී මතක් වුනේ අරූව...මේ....මං අහන්නමයි හිටියේ බන්...අර අභිරු කියන එකා..උබව දන්නවාද?"

ඉශාන් අහද්දී මං ඇස් රැලි කරගෙන ඌ දිහා බැලුවා..

"නෑ උබ ඊයේ දවසම කලේ ඌට සෙවල ගෙම්බා කිය කියා බැනපු එක නේ...මට තේරෙන්නේ නෑ උබ ඌට ඇයි ඉච්චරම අකමැති කියලා..ඒකත් දවසක් දැකපු එකෙක්ට..."

මූටත් පොතේ පතේ දෙයක් තමයි බැරි..අනෙක් මගු නම් අයිසෙක් ඉව්ටන් වගේ හොයයි....ඇත්තටම අර අයිසෙක් නිව්ටන්ගේ ඔලුව ඇපල් ගෙඩියක් වැටෙන්නේ නැතුව පොල් ගෙඩියක් වැටුණා නම්...එහෙනම් අපිට ඉගෙන ගන්න මේ තරම් දේවල් නෑ නේ...හැබැයි...එදා ඌගේ ඔලුව පොල් ගෙඩියක් වැටිලා ඌ මැරුණා නම් එහෙම...පොල් ගෙඩියක් වැටී මිය යෑමේ සම්භාවිතාවය හොයන්න සූත්‍ර අපිට ඉගෙන ගන්න ආවා නම්...අපි ඉගෙන ගන්නේ මර්ණ සංඛ්‍යාව හොයන්න ද?

එහෙමත් නැත්නම් ඔය ඇපල් ගෙඩිය බිමට වැටෙන්නේ නැතුව හදේදී වගේ පා වුණා නම්...ගහෙන් ගිලිහිලා උඩට ගියා නම් අර නිදාගෙන හිටිය එකා ඕක දකින්නේ නෑ නේ...ඌ නම් ඕක ආතල් එකේ හොයලා යන්න ගියා....නමකුත් තියලා...අපිට තමා නම කියා හුස්මත් නැති කරන්නේ....ඕවා කතා කරලා වැඩක් නෑ...එහෙනම් අකුරු හොයා ගත්ත එකාගෙ ඉදන් අමතන්න පුලුවන්...

මං ඉගෙන ගන්න ආස එක ඇත්ත..ඒත් සාගරයක් තරම් කරුණු කාරණා මේ කළයක් තරම්වත් නැති මොළයට කොහොම ඔබන්නද ?....සා.පෙළ විද්‍යාවට A එකක් දාලා ගැම්මෙන් science කරන්න ආපු...මං වගේ තව අය කොච්චර නම් ඇතිද?...

"ඌ අපේ අක්කාට ලයින්...එයාගේ classmate කෙනෙක්ලූ"

ආයේ ඉශාන්ගෙන් හංගන්න දෙයක් මේ අහස්ට නෑ...

"නෑ සිරාවට..එහෙනම් ඌ හදන්නේ උබව යාලු කරගෙන පොල් පැලේ කන්න වගේ..."

"ඌ ඒකට තමා බන් ඔය එන්නේ..."

"ඒත් බන් මෙතන වෙන මොආක් හරි දෙයක් තියේ... ඌගේ බැල්ම අමුතුයි..."

"ඒ කියන්නේ?"

"නෑ ඌ ..උබ දිහා බලන විදිය අමුතුයි..."

"උබ මොනාද කියවන්නේ...අමුතුයි කිය~"

මං අහද්දිම Bio sir පංතියට ආපු නිසා අපේ කතාව ඒ වෙලේ නතර වුණා...ඒත් ඉශාන් මොකක්ද ඒකෙන් අදහස් කළේ……මං අභිරු දිහා ඕන කමින් බලලා නෑ....වෙලාවක ඉශාන් කිව්ව ඇස් වල අමුතුව මොකක්ද කියලා බලන්න ඕනී...කව්ද දන්නේ ඌට ඇස් ලෙඩ නම්...

කොහොම හරි inteval  එක වෙනකන්ම අපිට දිගටම ඉගැන්නුවා...inteval එකේ අද canteen එකට ගියේ ඉශාන්ගේ කෑම එක විතරක් නිසා...මායි ඉශානුයි වෙනම කණ්ඩායමක්..ඒකට ඉතින් හේතු වුනේ ඉශාන් පිනාගේ පුතා වුණු එකයි වූගේ තරහායිලූ..මං නම් හෙන අහිංසක් දරුවෙක්...ඉශාන්ට අනෙක් උන්ව රුස්සන්නේ නෑ....උන්ට ඉශාන්ව සෙට් නෑ...ඕකුන් ඔක්කොගෙම බොරු...ඉශන් උන්ව තබේකට ගනන් ගන්නේ නැති නිසායි ඔය...

කෑම කාලා පංතියට ආපු ගමන් පසන් කිව්වේ අපේ section  එකටම පිනා නුග ගහ යටට එන්න කිව්වාලූ...නුග ගහ තියෙන්නේ principal office එක ළගමයි...කතාවක් තියෙනවා ඔය නුග ගහේ හොල්මන් අක්කෙක් ඉන්නවාලු...හැබැයි වෙන්න බැරි දෙයක්...මේක boy school එකක් නේ...එහෙනම් ඉතින් මේකේ එකෙක්ගෙම කෙල්ලෙක් වෙන්න ඕනි ස්කෝලෙටම හොයන් ඇවිත් ඔතන මැරෙන්න ඇත්තේ...බොරු කතා..ඇස් දෙකෙන් දකිනකන් විශ්වාස කරනන් හොද නෑ... කිසි දෙයක්..වගේම කිසිම කෙනෙක්...

අහ්හ් මං කිව්වේ නෑ නේ...පසන් කියන්නේ අපේ class monitor...පොර හෙන හොදයි...දක්ෂයි...පොඩ්ඩක් විතර කොටයි...

ඉතින් ඉශාන්ව ඉස්සර කරගෙන පංතියම පිනා එන්න කිව්ව නිසා එතනට ගියා..හැබැයි අපරාදේ කියන්න බෑ...අද උදේම දැක්ක මූණ නිසාද කොහෙදෝ දවසම ඉවරයි...පිනත් අපිව ආතල් එකට අරගෙන...

"ළමයි...ඔයාලා දන්නවා සමර් හට් එක හැම අවුරුද්දකම 12 වසර ළමයි තමයි බාරව හිටියේ...තව ටිකකින් maths එකේ අයත් ඒවි...science එකේ project  එකට ඒකානයක සර් මේ පාර සමර් හට් එක තමයි තෝරල තියෙන්නේ..ඉතින් අද ඉදලා මේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ඔයාලා මේකට උදව් කරන්න ඕනී...දැනටමත් අපිට අපේ අදි ශිෂ්‍ය පුතෙක්  responser කළා මේ වැඩේට...එයාට උදව් වෙන්න මේ වැඩෙ හරියට කරන්න..."

පිනාට එහා පැත්තෙන් හිටගෙන හිටිය අභිරු සෙවල් ගෙම්බා මං දිහා බලලා කට කොනින් හිනා වෙලා ඇහැක් ගැහුවා....මූට ඇස් ලෙඩ තියේද කොහෙද?....එහෙනම් ඒක වෙන්න ඇති ඉශාන් කිව්ව අර අමුත්ත...

ඉතින් එතනින් පස්සේ අපිට ඉතුරු period හතරම වුනේ සමර් හට් එකේ තියෙන ඩෙස් පුටු ඒ ළග තිබුනු කොරිඩෝ එකකට අදින්න....ඒ ඩෙස් ඔක්කොම අලුත් පිට...අපි ඒ ඔක්කොම කොරිඩෝ එකේ කෙළවරකින් ගොඩ ගැහුවා...මොකද ඕක හදලා ඉවර වුණාම ආයෙත් ඔය ටික අපිට කියලාම අද්දවයි ඇතුළටත්...

බෙල් එක ගහන්න තව පැය භාගයක් විතර තිබුනේ...මං ඉශාන් එක්ක එතනින් එන්න එද්දිත් අභිරු නම් එතන හිටියේ නෑ...එයාගේ ගෝල බාලයෝ නම් වැඩ...තුන් දෙනෙක් සමර් හට් එකේ වහළේ උඩ...ඕක හදයිද තවත් කඩයිද මංදා...නෑ මේ ඒ උඩ නැගලා හිටියේ හෙනම තඩි මහත අන්කල්ලා තුන් දෙනෙක්...
.
.
.
.
අත් රිදෙනවා....අපි හරි සියුමැලි ළමයි...පිස්සුවට ඇයි...මගේ අත් වල කරගැට දානකන් මං වැඩ කරලා ඇති...අත් රිදෙන්නේ ඉතින් හුග දවසකින් නේ වැඩක් කලේ නිසා වෙන්න ඇති...

ඩේ කෙයා එකෙන් මෙතුල් බබාවත් අරගෙම මං ගෙදරට ආවා..හැබැයි මගේ ඇස් ලොකු වුණේ ගෙදර දොර ඇරලා තියෙද්දී...අක්කා යන්නේ දොර හොදට වහලා ඒක sure..ඒත්...අද?...මං මෙතුල්ව මගේ පිටි පස්සට කරගෙන ගේ ඇතුළට ඇතුල් වුණා...

ඒත් මං දැක්ක දේ නම් මට විශ්වස කරන්න බැරි වුණා...මොකද මේ වෙලාවේ මං මේ දේ කොයි විදියකටවත් බලාපොරොත්තු වුණේ නෑ...

"අම්මා..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To Be Continue 💕

Author note-

ඉක්මනින් එන්නම්...

කතාව ගැන මොකෝ හිතන්නේ....

මට අභිරුව නපුරු කරන්න ඕනී...නපුරු අභිරුද හොද? මේ ඉන්න කෙනාද?

👋

Continue Reading

You'll Also Like

571K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
577K 58.9K 190
Author(s) - Zǐ Qīng Yōu 紫青悠 Mm translator - Dora_lucy Start date - 25.9.2021 End date - 2.12.2023 I don't own this novel, cred...
31.2K 6.7K 47
උඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පිටට නිස්කලංක උනත් උඹේ ඇතුලේ තියෙන කතාවත්...