- Plot 23 -

By Bulbz_D

868K 114K 39.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

-78-

5.8K 827 250
By Bulbz_D

" එයා එදා ප්‍රසිද්දියේ මාත් එක්ක කතා නොකර ඉන්නයි තිබ්බේ ...." මෙතුල මිමිණුවේ , ගවීෂ්ගේ ඔලුව අතගාන අතරේ... මෙතුල කියපු එක හොදටම ඇහුනත් ක්‍රිෂ් තාමත් සයිලන්ට් ... 

වෙන විදියකින් හිතුවම ගවීෂ්ට මෙහෙම වෙන්න එදා ඩ්‍රෑන්ව බේරගන්න ගියපු එකත් එක හේතුවක් කියලා ක්‍රිෂ් දන්නවා... ඊයේ රැ කඩාගෙන ගියා ගියාමයි, අරවින්ද් නෙවේ හවස් වෙලත් පැත්ත පළාතක ආවේ.. අරවින්ද්ට කේන්ති ගියාම ඌ කොයි වෙලෙත් කරන්නේ සයිඩ් ගහන එක නැත්තන් ලේ පනිනකන් කාත් එක්ක හරි මරාගන්න එක... මරාගන්න , බැනගන්න කියලා මියුනුත් ළගපාතක නෑ.. අරවින්ද් ඉදන් ගවීෂ්ට බැන්නා කියලා වැඩකුත් නෑ ගවිෂ්ට ඇහෙන්නෙත් නැ... ඉතින් දුං දාන කේතලේ වගේ එයාගේ කේන්තිය තව වැඩි වෙනවා ඇරෙන්න මොනව වෙන්නද ?

කොහොමටත් අරවින්ද්ගේ හිතුවක්කාරකම සේරටම උඩ.. ගවිෂ් ගැන , මියුන්ට කියන්න ඒකාගේ  කොහෙත්ම ලෑස්තියක් නෑ වගේම , අඩුම ක්‍රිෂ් මෙච්චර අමාරුවෙන් පැහැදිලි කරන දේත් පිළිගන්න ලෑස්තියක් නෑ..  එක අතකට උට , ඒම තද උන වෙලාවල්වල ඌ තමා හරි කියල පැත්තකට වෙන එක ඇරෙන්න වෙන විකල්පයකුත් නැ කියල ක්‍රිෂ් දන්නවා...

"මෙයාව කොහෙටවත් ගෙනියන්නත් බැහැ.. මෙහෙ වැඩිකල් තියාගන්නත් බැහැ..." මෙතුල කිවේ සෑහෙන කල්පනාවකින්... මේ වගෙ පනිශ්මන්ට්ස්වලදි කොහෙත්ම තුවාල හොද වෙන විදියේ බෙහෙත් ගන්න එයාලට තහනම්..

" ඇත්තටම එයා බලේ පාවිච්චි කරපු වෙලාවෙද සිහිය නැති උනේ ? " මෙතුල ආයෙ පාරක් ඇහුවෙ තහවුරු කරගන්න.. ක්‍රිෂ් ඔලුව වැනුවේ අවිනාශ් මෙතුලව සන්සුන් කරගන්න උරහිසට අත තියද්දි..මෙතුල කතා කරන විදිය කොච්චර සන්සුන් උනත් එයා ලැස්තිම නෑ පිළිගන්න ගවීෂ් ඉන්නේ කොච්චර රිස්ක් එකකද කියන එක... ඇගෙන් කිසිම පොසිටිව් රියැක්ශන් එකක් නැතුව , ඇදෙ වැතිරීලා ඉන්න ගවීෂ්ව දකින දකින සැරයක් ගානෙම මෙතුල තවත් නොසන්සුන් වෙනවා...

" අවි ! යන් ඔයා මාත් එක්ක ... !! " මෙතුල කිව්වේ හදිසියේම....

" ම්ම් ? ".

" අපිට වෙන කරන්න දෙයක් නැ ,මෙයාව මැන්ශන් එකට බාර දෙමු... "

" මේපල් එයාලා පොඩි මෑන්ස්ව කොම හැන්ඩ්ල් කරයිද දන්නෑනෙ... ම්ම් ? තව පොඩ්ඩක් බලමුකො... "

" තව බලන්න බෑ අවී...මගේ කොල්ලට මොනවහරි.... මො-..මොනව....හරි.." මෙතුලගේ උගුරත් හිර වෙලා... අවිනාශ්ගේ බැල්ම ක්‍රිෂ් දිහාවට එල්ල උනේ ක්‍රිෂ්නුත් හිස්බැල්මකින් ආයෙ ගවීෂ් දිහා බලද්දි.... එයා අතින් නළල තෙරපන අතරේ ළග තිබ්බ පුටුවෙන් වාඩි උනේ සැහෙන මහන්සියකින් වගෙ... එයත් සැහෙන අප්සෙට්....

" එයාට සිහිය තියෙ.... ඒත් එයා රෙස්පොන්ඩ් කරන්නේ නෑනේ අවී මං මොකද කරන්නේ !!!....  " ක්‍රිෂ් ඇහුවෙ එයාගේ නළලට වැටෙන කොට කොණ්ඩේ අතින් අව්ල් කරගන්න ගමන්....

" රිලැක්ස් ක්‍රිෂ්... එයා රෙස්පොන්ඩ් කරයි..." අවිනාශ් කිව්වේ කවදාවත් නැතුව ක්‍රිෂ්ගේ කලබලකාරී ගතිය නුහුරු නිසාම....

" යූ ඩොන්ට් අන්ඩස්ටැන්ඩ් මී හිය අවී !!  ... ඩ්‍රැන්ව බේරන්න ගිහින් නම් එදා එයාට මෙහෙම උනේ... !! අම් ෆකින් ගිල්ට් නව් !!!  "ක්‍රිෂ් කිව්වේ අත් දෙකේ ඇගිලි එකට තෙරපගන්න අතරේ....

" මං හිතන්නේ එය ඕක නිසා දවස් ගානක් තිස්සේ සැරින් සැරේ අන්කොන්ශ්ස් වෙලා තියේ.. ඒක නිසා තමා--  ඇයි යකො ඕක කට ඇරල කියන්න තිබ්බනේ මුට කාටහරි !! මුට දෙන්ඩ තියෙන්නෙ !!!!!! "එහෙන් ක්‍රිෂ් ආයේ කෑහැහුවේ මෙතුලත් සැහෙන කල්පනාවකින් පුටුව උඩින් වාඩ් වෙද්දි..ගවීෂ්ව මැන්ශන් එකට හෑන්ඩ් ඕව කරන එක ඇරෙන්න වෙන විකල්පයක් එයාටත් පේන්නෙ නැ....  ඒත් --

" මොකො මේ ? මං පරක්කුද ? බෙළල් බට්ට ලෙෆ්ට්ද ???  " ඒ මෙලො ගාණක් නැතුව ඇහුවෙ අරවින්ද් ..   උ කොහෙන්ද මතුවුනෙ කියලා හිතාගන්න බැරුව මෙතුල ඔලුව ඉස්සුවේ කලබලෙන්... දොරත් වහල..  අහ්හ් ජ්නේලෙන් වෙන්න ඔනෙ....ඒත් සද්දයක්වත් ආවේ නැනේ ?

" එයා දැනට කොන්ශස්  වින්ද් ... "  ක්‍රිෂ් මිමිණුවේ කිසිම සැහැල්ලුවකින් නම් නෙවේ...  කොන්ශස් කිව්වට කිසිම කොන්ශස් ගතියක් පේන්න නැති, ගවිෂ් දිහා බලලා අරවින්ද් මුකුත් කියන්නැතුව අත් දෙක බැදගෙන බිත්තියට හේත්තු වුනේ කට ඇද කරන්... අරවින්ද්ගේ තියෙන්නෙ ඌරු කොටුවකින් පැනලා ආපු ලුක් එකක් කියල කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවේ.. කොල්ලාගේ ඉසේ සිට පාදාන්තය දක්වම මඩ.... ක්‍රිෂ් දන්න තරමින් මිනිහා මේම අපිරිසිදුවට ඉන්න පොඩ්ඩක්වත් කැමති නැ... එකම හොදකට තිබ්බේ මිනිහාගේ කේන්තිය නිවිලා..

" උබ කොහෙද ගියේ වින්ද්  ? "

"කවුද දන්නේ ? " අරවින්ද් ඩෝන්‍ට් කෙයා ටය්ප් එකෙන්ම ඇහුවේ එයාගෙ සාක්කුවට අත දාලා , ඒකේ තිබ්බ පොඩි ලී පෙට්ටියක් ක්‍රිෂ්ගෙ අතට විසි කරන ගමන්....

" එහ් ? "ක්‍රිෂ් ඒක ගත්තේ අරවින්ද්ගේ මූණෙ තියෙන බැල්මටම විතරක්ම කිව්වොත් වැඩියෙන් හරි.... මොකද එක මහා මට්ටමක පම්පෝරි සහගත බැල්මක්...

ලී මංජුසාව කොහොමටවත් ළග පාත කාලෙකට අයිති එකක් වෙන්න බැහැ කියලා තෙත අල්ලපු තේක්ක ලී පියනෙන් පැහැදිලිව පේනවා... අරවින්ද් මුකුත් කියන්නැතුව පරණ පම්පෝරි බැල්මෙන්ම බලන් ඉදිය නිසාම ක්‍රිෂ් ඒක ඇරියේ ඉවසීමෙන්.... පළවෙනියටම නහය හරහ ගිය සැර බෙහෙත් සුවදට නහය අකුලපු ක්‍රිෂ් , ඊළගට ඇස් ලොකු කලේ සුවද අදුරගත්ත මෙතුලත් අරවින්ද් දිහා බලලා අඩියක් ඉස්සරහට  තියද්දි....   

කොහොමටවත් ඒක වෙන්න බෑ.... !!  කොහොමටවත් !!!!! අරවින්ද් ආශාක්‍යසිංහ ගාව ? මෙතුල අරවින්ද් දිහා බැලුවේ එයාම උත්තර දෙනකන්... ගවීෂ් හැමදාම එක්කො කරලා තියෙන්නෙ අරවින්ද්ව අවතක්සේරු කරපු එකද ....?

" ඒකේ සුවද ......."

" මෙක සිරා ද , නැත්තන් මේ - "  ක්‍රිෂ් පවා ආයේ ඇහුවේ ඒකෙ සුවද බලන අතරේ...

"  විහිළු කරන වෙලාවක් වගේ පේනව ද ? "අරවින්ද් තදින් ඇහුවෙ මෙතුල ක්‍රිෂ්ගේ අතෙ තිබ්බ මංජුසාව අරන් හරියටම සුවද බලද්දි.....  ඔව් වැරදීමක් වෙන්න විදියක් නෑ,... කපුරු, මූලික වේද ශාක තුනෙ සාරය, හේෂ හස්තුක  , තෙල් එරඩු , නෙල්ලි තව ගොඩක්..... මෙතුල සේරම සුවදවල් ටික අදුරගෙන ගියෙ අරවින්ද් දිහා ඇස් පුංචි කරලා බලලා....

" කොහෙන්ද මේක ?" මෙතුල ඇහුවෙ එයගේ අතේ තියෙන මංජුසාවේ වටිනාකම සෑහෙන ඉක්මනින් අවබෝධ කරගෙන..... අරවින්ද් ජනේලෙන් එළිය බලාගත්තේ උත්තර දෙන්න කිසිම අදහසක් නැති ගානට....

" හරි ඔයා එක කියන්න අකමැති නම් කමක් නැ.... ඒත් මේක වෙනුවෙන් ඔයාට මොනවද ඕනෙ ? " මෙතුල ඇහුවෙ අරවින්ද්ගේ නිශ්ශබ්දතාවය තේරුම් අරගෙන....

"  මෙතුල අය්යේ ඒ ... මේ.... "

"  ඔව්.. !! වේද ඔසුව තමයි... සුවද විතරක් නෙවේ... මේ ඒකම තමයි....කොහෙන්ද අරවින්ද් ??? මට ...මට තාමත් හිතාගන්න බෑ.....කියන්න මොනවද ඕනේ ? ඔයාට ඕනෙ දෙයක් ඉල්ලන්න... ඒ වෙනුවට මට මේක දෙන්න.... ගවීෂ්ට මේක ඕනේ..... "  මෙතුල හදිසියෙන් කියාගෙන ගියේ ඇස්වල කදුලු පුරවගෙන...

" දැන් නම් උණු කෝපි එකක් තිබ්බාත් නම් මරු...  " අරවින්ද් තඩී ඈනුමක් ඇරලා පුටුවෙන් වාඩි උනේ  , මෙතුල බෙහෙත් එක කලබලෙන් ක්‍රිෂ් අතට දෙද්දි.... දශක දෙකක් පුරාවට නමවත් ඇහුන්නැති එයාලා අතරේ තියෙන ප්‍රබලම වගෙස්ම රහසිගතම ඔසුව ක්‍රිෂ් අතට ගත්තේ අරවින්ද් මෙතුල දිහා මාරුවෙන් මාරුවට බල්න අතරේ........

" කොහොමද අදුරගත්තේ ? " අරවින්ද්ගෙන් මෙතුලට හරස් ප්‍රශ්නයක්.....

" අවුරුදු විස්සකට කලින් ඕක ගත්ත අන්තිම කෙනා මම...දැනට ජිවතුන් අතර ඉන්න ඕකේ සුවද දන්න එකම කෙනාත් මම කියලා හිතන් ඉදියට.... ඒක එහෙම නෙවේ වගේ... ?" මෙතුල ඇහුවේ අරවින්ද්ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්.....

" භාතිය මාමාගේ ? " .අරවින්ද්ගේ ප්‍රශ්නෙට මෙතුල එකග උනේ එතනින් වැඩියමක් කතා නොකර දෙන්නම නිශ්ශබ්ද වෙද්දි ... ක්‍රිෂ් දිය කරපු බෙහෙත් කුඩු එක කිසිම සැකයක් නැතුවම ගවීෂ්ගේ සෙලයින් එකට ඉන්ජෙක්ට් කලේ පුළුවන් තරම් ඉක්මනට... ඒ තරමින්ම වේදය ගැන එයාලට තිබ්බෙ අධිවිශ්වාසයක්...

" යේක මොකක් හරි ඔයාලගේ දෙයක්ද මේපල් ? " අවිනාශ් ඒ ඇහුවේ රහසින්..
යොරල් කෙනෙක් උන මිනිහට , මේ ශුද්ධ ලේ පෙළපත්වල සමහර තැන් තාමත් රොකට් සයන්ස් වගේ... උට දැන් දැනගන්න ඕනේ , අර ගොම කොළ පාට කුඩු ගොඩට පොඩි මැන්ස්ව සනිප කරන්න පුළුවන්ද බැරිද කියල විතරයි...

" ම්න්.. අවුරුදු විස්සකට කලින් අර සිද්ධියේදි මම කිව්වේ... ඒ බෙහෙත තමා ඔය... ධාර්ගය කියල සැහෙන ලොකු යාගයකින් පෙවෙල හදන්න ඕනේ.. " මෙතුල අවිනාශ්ට කිව්වේ ආයේ අරවින්ද් දිහාවට හැරෙන අතරේ........

"  ගස් එක්ක සම්බන්ධ වෙලා ධාර්ගය කරන්න පුළුවන් නම් ආශාක්‍යසිංහ කෙනෙක්ටම විතරයි...??? "

" වේඝර්ණලාගේ මයානුදය ඒකට සෙකන්ඩ් වෙන්නේ නෑනේ ? "  අරවින්ද් කතා කලේ සැහෙන කල්පනාවෙන්... මෙතුල ඒ දිහා බැලුවේ ක්‍රිෂ් බෙහෙත් දීපු ගවීෂ්ගේ ඔලුව අතගාලා ඉවර වෙලා.... ඉතින් ඒ ඇත්තම වේදය නම් ගවීෂ් අනිවාර්යයෙන් සනිප වෙනවා.. ඒත් හිතන්න ප්‍රශ්න වැඩි වෙනවා... අරවින්ද් මායනුදය ගැන ඇදලා ගත්ත විදියෙන්ම මෙතුල ඒක අනුමාන කරල ඉවරයි....

" මගෙන් දෙයක් දැනගන්න ඕනේ නම් ඔයා ඔච්චර පැකිලෙන්න ඕනේ නෑ දරුවො... කෙලින්ම අහන්න... " මෙතුල කිව්වේ අරවින්ද් අමාරුවෙන් කෙල ගිලිද්දි... තාමත් , එයාලා දෙගොල්ලො අතර පූර්ණ සුවපහසු බව ගොඩ නැගිලා නෑ  අරවින්ද්ට නම්.. එයාට ටිකක් හරි ඕපන් වෙලා තියෙන එකම වේඝර්ණ ලේ , ගවීෂ් විතරයි ....

" මට දැනගන්න ඕනෙ... මේ.... ඒක මෝහනයක් වගේ ටෙක්නික් එකක් ද ? අරවින්ද් ඇහුවේ එයා සෑහෙන වෙලාවක් අහන්න බලාගෙන ඉදපු ප්‍රශ්නයක් කියලා මෙතුල දන්නවා...

"ම්.... ගවීෂ් දන්නවද ? " මෙතුල ආයේ ඇහුවේ අවිනාශ්නුයි ක්‍රිෂ්නුයි මෙලෝ මගුලක් තේරෙන්නෙ නැතුව මූණට මූණ බලාගනිද්දි.... ඒ ඩබලට සිරාවට කොන්වෙලා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ...

" ගවිෂ් මොකක්ද ?"

" ගවීෂ් දන්නවද ඔයා ඝර්ෂාත්මය කඩන්න හදනවා කියලා...? " මෙතුල ඇහුවෙ අරවින්ද්ගෙ මුරණ්ඩු හිනාව කටින් පිට පනිද්දි.... එයා ඒ හිනා වුන විදියේ තිබ්බේ සෑහෙන හිතුවක්කාර ගතියක්.... මෙතුල සන්සුන් කෙනෙක් නොවුනා නම්, පැනලා මූණට එකක් ගහන හිතෙන තරමට නෝන්ඩි හිනාවක්.... ක්‍රිෂ් පවා රවලා බැලුවේ ඒක නිසාමයි...

" සාධාරණයි.... සාධාරණයි.... මාමගේ විදියට අරු එහෙම නොවෙනවා නම් නේ පුදුමේ... " අරවින්ද් ඒ නොන්ඩි හිනාවෙන්ම කිව්වේ ඔලුවත් තාලෙට දෙපැත්තට වනන අතරෙ......

" ඇයි ? "

" ඕන එකක් හිතාගන්න... " අරවින්ද් හිතුවක්කාර විදියට කියලා නැගිට්ටේ , ක්‍රිෂ් එයා දිහා තදින් බලපු එක නොදැක්ක ගානට .... අරවින්ද් නැගිට්ටේ යන්න... ඔව්ව් මිනිහා හැරෙන්නෙවත් නැතුවම දොර ගාවට ගිහින් ,දොරත් ඇරියට මොකද එයාට ආයේ නවතින්න සිද්ධ උනේ මෙතුලගේ කටහඩට ....

" වේඝර්ණ කෙනෙක්ටම විතරයි කඩන්න පුළුවන් ... ඒ වගෙම ඒක කඩන්න පුළුවන් එකම කෙනාත් දැන් ජීවතුන් අතර නෑ අරවින්ද් ... ඔයා දන්නව මම කියන්නේ කවුරු ගැනද කියලා...."  මෙතුලත් හැරෙන්නේ නැතුවම කිව්වේ අරවින්ද්  එතනම නිශ්ශබ්ද වෙද්දි....

" අහ්.. තව එක විදියක් තියෙනවා ඕනෙ නම්..." මෙතුල කිව්වේ දොර ගාව තාමත් නැවතිලා ඉදපු අරවින්ද් දිහාවට හැරිලා...

" පුලුවන් ද එළියට එන්න ... මං වැඩිවෙලා ගන්නැ... "  අරවින්ද් ඒ සැරේ සන්සුන්ව ඇහුවෙ මෙතුල ඔලුව වනලා අරවින්ද්වත් ඉස්සරහට තල්ලු කරගෙනම එළියට ගිහින්  දොර හිමින් වහද්දි... ගවීෂ් එයාගෙ සුදු මාමට එච්චරටම ළග ඇයි කියලා අරවින්ද්ට දැන් නම් හිතාගන්න අමාරු නෑ.... උගේ තියෙන මූලග්ගාය එක්ක ඉවසන්න පුළුවන් මේ මනුස්සයටම විතරයි ...  වේඝර්ණලාගේ කොයි වෙලෙත් කොක්ක බස්සගෙන එන අනිත් උන් වගෙ නෙවේ මෙතුල හැමතිස්සෙම කලේම වලියක් නවත්තන්න එක... හැබැයි අපරාදේ කියන්න බෑ අරවින්ද් කියන්නෙත් පොඩ්ඩ බැරි උනාම අතින් පයින් කතා කරන ජාතියේ ඩයල් එකක්ම තමා....

මෙතුල අත් දෙක බැදන් වැටට හේත්තු උනෙ , අරවින්ද්ගේ එක සැරේම වගෙ සන්සුන්වුන මූණ දිහා කෙලින්ම බලන අතරේ...  මෙතුල වේඝර්ණාරච්චි  එයා දිහා බලන විදිය ස්කැනරයක් වගේ කියලා දැක්ක අරවින්ද් තොල් තද කරගෙන එයාගේ අමනාපය පෙන්නුවේ ලා රැවිල්ලක් විදියට...

" ඇයි ? "

" ගවීෂ්ට නෙවේනෙ වේද ඔසුව ගත්තේ ? " මෙතුල ඇහුවේ අරවින්ද්ගේ වම් අත ඉබේම පිටිපස්සට වෙද්දි.. ඒක සුළු වෙනසක් වෙන්නැති.... ඒත් මෙතුල අරවින්ද්ගේ අතින් අල්ලලා ඉස්සුවෙ , අරවින්ද් අතෙ දාගෙන ඉදපු මහත ලෙදර් බ්‍රේස්ලට් එක ගලවලා ගන්න අතරෙ... මෙතුලට කොහොමත් මුරණ්ඩුකම මට්ටු කරලා තියෙන්නෙ එසේ මෙසේ පළපුරුද්දක් නෙවෙ... ඒක නිසාමදෝ අරවින්ද් පවා මුලින් අත ඇදලා ගන්න හැදුවත් ආයේ මෙල්ක උනේ පොඩි එකෙක් ගානට....

හිතුවා වගේම ඒ ලෙදර් බ්‍රේස්ලට් එකට යටින් ගෝස් පටි සැහෙන ගොඩකින් ඔතලා ලේ පිරිලා තිබ්බ අරවින්ද්ගේ අත දිහා බලපු මෙතුලගේ නළල රැලි වැටුනේ ඉක්මනින්ම.... සැහෙන දරුණු මට්ටමේ අලුත් කැපුමක්.....

" ඒක අවුලක් නැ .. " අරවින්ද් මුරණ්ඩුකමට අත ඇදලා ගත්තෙ මෙතුල ඒත් සන්සුන්ව අත බැදගෙන අත් වැටට හේත්තු වෙද්දි....

" කොයි වෙලෙද තුවාල උනෙ ?? ඉන්න.... ඔයා නෙවෙනේ තුවාල කරගත්තේ නේද ? "

" ඕන එකක් හිතාගන්න ..."

" ගවීෂ්ට බෙහෙත් ඉල්ලගන්නද එහෙම කලේ ? "

" මට එච්චර අමාරුවක් නෑ.. !! " අරවින්ද් නහයෙන් පිම්බේ අහක බලාගෙන.... ඔව්.. මිනිහා උත්තරේ දීපු විදියෙන් මෙතුල දන්නව උත්තරේ.... සෑහෙන නිශ්ශබ්දතාවයක්... යන්තන් ඇවිදින්න පුළුවන් උන කාලේ ඉදන් මේ වෙනකන් කොච්චර නම් කියලා ඒ දෙන්නට දෙන්නා ලේ හොල්ලගෙන ඇත්ද ? ඉස්සර ලේ හොල්ලගත්තේ පරම්පරා දෙකේ පවර්ස් ඔප්පු කරන්න...! එතකොට දැන් මේ ඒ ලේම අනිත් කෙනාව බේරගන්න , හොලවන්න තරම් ... ? ටිකෙන් ටික හරි , එයාලටවත් දැනෙන්නෙ නැතුව හරි ගොඩ නැගෙන  ඒ බැදීම ගැන මෙතුලට තියෙන්නේ කෑ ගහලා අඩන්න තරම් සැනසිමක්...

ඒ වගේම අරවින්ද් කියන්නෙ සැහෙන තරමට සංකීර්ණ චරිතයක් කියලා මෙතුලට තේරුම් ගිහින් ඉවරයි... කොහෙත්ම වේද ඔසුව අරවින්ද්ට හදන්න බැහැ... තුන් වෙනි පරම්පරාවේ කෙනෙක්ට ධාර්ගය වගේ දෙයක් පුහුණු කරන්න කාලේ මදි . භාතිය ආශාක්‍යසිංහ තිස් ගානේදි නැති වෙද්දි එයාගේ පවා ධාර්ගය ප්‍රාථමික මට්ටමවත් පහුකරල තිබ්බෙ නැ... එතකොට කවුද ?

" ඔයාට කාත් එක්ක හරි සම්බන්ධයක් තියෙනව, එහෙනම් වේදය හදන්න දන්න ? " මෙතුල ඇහුවේ අරවින්ද් උත්තර දෙන එක ප්‍රතික්ෂේප කරන්න නහය පුම්බද්දි... ඔහ්.. !! එතකොට මේක ආශාක්‍යසිංහ සේරමලාගෙ පුරුද්දක්ද.... ? මියුනුත් මේම කරනවා එයා ඕනේ තරම් දැකලා තියෙනවා කියල මෙතුලට විශ්වාසයි....

" මට අර ක්‍රමේ ගැන දැනගන්න ඕනෙ..." අරවින්ද් ආයේ කිව්වේ එයාගේ අරමුණ පොඩ්ඩක්වත් වෙනස් කරන්නැතුව.....

" ඝර්ෂාත්මය තියෙන්නේ ... මේ...අපෙ ගවිෂ්නුයි... "

" ඔව් !! "

" ඉතින් ඒක හොද නැද්ද ? "

" තාවකාලිකව හොද ඇති...!!! " අරවින්ද් කිව්වේ මෙතුල නිශ්ශබ්ද වෙද්දි... එයා කිව්වේ ඒ වචන තුන විතරක් උනාට ඒ වචන තුනෙන් කියපු දේ මෙතුල තේරුම් ගත්තේ හරි ඉක්මනට.... තාවකාලිකව හොදයි , ඔව් .. මියුන් ගවීෂ් මේ ඉන්න විදියට ඉන්න කම් ඒක හොදයි... ඒත් දවසක මොනම හරි හේතුවක් නිසා දෙන්නට පාරවල් දෙකක යන්න උනොත් ? සමහරවිට දැනටම එහෙමද ? 

" ඒ දෙන්න අතරේ මොනව හරි උනා ද මං නොදන්න ? " මෙතුල ඇහුවේ අරවින්ද් දෙවෙනි සැරේටත් නහය පුම්බද්දි...

"  ඒම මුකුත් උනේ නැ... දෙන්නා එක්ක මගේ ඔලුව් කනවා මිසක්... දවස් තුනයි එකෙක් මැරෙන්න යනවා.. අනිත් එකා පිස්සු නටනවා... දෙන්න එක්ක තරගෙට මගේ ඔලුව කනවා !!!! " අරවින්ද් කිව්වේ එයා ඒක පොළොවෙ අඩි හප්ප හප්ප කියපු විදියට හිනාව තද කරගෙන... බොරුත් නෙවේනේ ඉතින් ඒ අහිංසක තර්ඩ් වීල් එක මේ කියන්නේ....

"   මට දැනගන්න ඕනෙ ඒක කඩන්න විදියක් තියෙද නැද්ද ? හරියට කියන්න !!! මොකද ඒම විදියක් තියේ නම් ඒකේ හොදකුත් නැනේ ? "

" අහ්..ඔයාට කඩන්න නෙවේ ද ඕනෙ එතකොට ? "

"  කඩන්න ??? මං මොකටද ඒක කඩන්නේ ?? "

" අහ්... මං හිතුවෙ- "

" අංකල් හිතුවේ මං ඕක කඩල මියුන්ව ආශාක්‍යසිංහ මැන්ශන් එකට ගන්නවා කියලද ? චහ්... ගවීෂ් වගෙම තමා... වටේ ඉන්න උන්ව පොඩ්ඩ සැක හිතුනොත් කියන්න ඕන සේරම මූණට කියල දාල ඉවරයි ....."

" එයා හැදුනේ ඒම පරිසරයක අරවින්ද් ... එයා විතරක් නෙවේ ඔයත්... දන්නවානේ මම කියන දේ...  "

" හරි හරි.. ඕනෙ මගුලක්...  අරක කඩන්න වෙන විදියක් තියේ නම් , එ විදිය බ්ලොක් කරන්නයි ඕන...."

" ම්ම්.. ඝර්ෂාත්මය අතින්, බන්ධනේ අයිතිකාරයව මැරුවා නම් බන්ධනය කැඩෙනවා...  " මෙතුල කිව්වේ බැරෑරුම් විදියට....

"මේ.... ගවීෂ්ව -- "අරවින්ද් කියන්න ගිහින් කට පියාගත්තේ ආයේ ලොකු කල්පනාවකින්....

" ඔයා මෙ දේවල් දන්නේ කොහොමද ? " අරවින්ද් ඒ සැරේ ඇහුවේ මෙතුලගෙන්.....

" එයා මගේ ලොකු අක්කා අරවින්ද් ... ගවීෂ් මියුන්ගේ බෙල්ලෙන් මාලේ ගලවපු දවසෙම , ඒ මාලේ වේඝර්ණ උරුමයේ මාලේ කියලා දැක්කම ඒක අනුමාන කරගන්න බැරි නම් මම හිටපු ප්‍රධාන පෙළ වේඝර්ණ කෙනෙක් නෙවේ... ඝර්ෂාත්මය ගැන ගවීෂ් අහලාවත් තියෙන්න බැහැ... අපෙ චුටි අය්යා නම් පොත්වල කියවලා තියේ... ඒ විස්තර තමා මම දන්නේ.....". මෙතුල කියාගෙන ගියේ සැහෙන සන්සුන්ව....

" මං මේම ඇහුවට මුකුත් හිතන්න එපා..... සිනල්‍යා වේඝර්ණාරච්චි ගැන ඔයාට අන්තිමට මතක මොනවද ? "

" ගොඩක්... සෑහෙන්නම.... "

" ම්ම් ? "

" ඔයා අහලත් ඇති, මමනේ අන්තිම.. මගෙන් පස්සේ වේඝර්ණ මැන්ශන් එකේ "ආර්‍යාවක්" ඉදියේ නැහැ... අම්මා මම දන්න තරමින් ඩවුන් විලේජ් එකට නෙරපුවාලු... ඊට පස්සෙ කවුරුත් එයාව  දැක්කේ නැහැ... " මෙතුල කිව්වේ අරවින්ද් තොල් තද කරගෙන බිම බලාගනිද්දි... හේමා වේඝර්ණාරච්චි .. එදා වලොර දෙවොලෙදි එයාලට මුණ ගැහුනු ඒ මූණෙත් මෙතුලගේ මූණේත් ඇත්තටම සැහෙන සමානකම් අරවින්ද්ට පේනවා....

" ඉතින් මැන්ශන් එකේ මට ළග දෙන්නයි... එක්කෙනෙක් ලොකු අක්කා.. ඊළගට චූටි අය්යා.. සවින්ද ...  ලොකු අක්කා තමයි මාව බලාගත්තේ... චූටි කාලේ ඉදන්ම... ඒජ් ගැප් එකම ඉතින් අවුරුදු දා හතක්නේ...... " මෙතුල කිව්වේ යන්තන් හිනා වෙලා.... අරවින්ද් තව දුරටත් නිශ්ශබ්දයි...

" අන්තිමට.... එදා එයා මැන්ශන් එකට ආවේ අපේ ගවීෂ්ව බාර දෙන්න...  වේඝර්ණ මැන්ශන් එකේ පිටිපස්සේ ගේට්ටුව... එ දවස්වල හරි කලබලයි මගේ මතකේ හරි නම්.... ගවීෂ්ව හොයනවා හැමෝම පිස්සුවෙන් වගේ , මොකද ඒ වෙද්දි එයා තමයි උරුමය... "

" අහ්හ්... "

" එදා අක්කා ළගට මුලින්ම ගියේ අත්තම්මා...  එයාට මැන්ශන් එකේ ඉස්සරහ් ගේට් එක තහනම්නේ... එයා ගවීෂ්ව දුන්නෙ අත්තම්ම අතට... ගවීෂ් අතෑරියෙම නෑනේ ලොකු අක්කව..  බෙල්ල බදාගෙන හොදටෝම කෑගහනවා මට මතකයි..... මම දන්නෑ එදා දවස මට හොදටම මතකයි......"

" එයාව දැක්ක අන්තිම දවස නිසාද ? "

" මං හිතන්නේ ....ඔව්..  වෙන්න පුළුවන් ... නවතින්නේම නැති වැස්සේ මඩ නාගෙන ඉදපු ගවීෂ්ව වඩාගෙන ඉදියේ සෑහෙන දුකකින් වගේ...මොකද මට මතක එක දෙයක් තියේ... අක්කා යන්න කලින් මගේ නළල ඉම්බ....එතකොට මට හොදටම දැනුනා උණු වැහි බිංදු... උණු වැස්ස කියන දේ තදින් මගේ ඔලුවට ගියා.... ඒ කදුළු කියලා තේරුනේ මම තව ලොකු උනාට පස්සෙ.... "

" ම්..."අරවින්ද් කල්පනාවෙන් ඔලුව වැනුවේ මෙතුලට තවදුරටත් කතා කරන්න දීලා...

"මං දන්නෑ ඇයි...?.... එයා අත්තම්මව බදාගෙන ඉදියා වැස්සෙම... මට මතක ලොකු ලොකු රූප.... වැස්ස....  මඩ සපත්තු.... කට්ටියගේ කලබලකාරී දෙබස්.... හොදටම බය වෙලා ඉදපු ගවීෂ්..... ගවීෂ්ගේ ඇස්වල අමුතු පාට.... "

" අමුතු පාට කිව්වෙ ? "

" ඒක මගේ හිතලුවක්ද නැද්ද කියන එක ගැන මට සහතික වෙන්න බෑ අරවින්ද් .... ඒත් මට ඒකත් හොදටම මතකයි වගෙ... අපේ ඇස්වල පාට ගැන ඔයා දන්නවනේ... සම්පූර්ණයෙන් රතුනේ මැද... ඒත් ගවීෂ්ගේ එ වෙලේ ඇස්වල රතු පාටින් තිබ්බෙ එක වළල්ලයි....කළු ඇස් බෝල වටේ... රතු පාටින් හීනි වළල්ලක්... ඔයාට මෙම කිව්වට තේරෙන එකක් නෑ.... ඒක හරි අමුතු ලස්සන දෙයක් වගෙ හිතුනේ.... හිතළුවක්ද නැද්ද දන්නෑ... දැනගන්න දැන් විදියකුත් නෑ... " 

" එයාට මෙ ගැන මතක නැද්ද ? "

" ගවීෂ්ට ?? "

" ඔව් ..."

" ඔය සිද්දිය ගැන පොඩි දෙයක් මතක් උනත් එයා ෆේන්ට් වෙනවා....ඔහ්.... එයාට ඒ සිද්දිය මතකයි..  කොළ පාට ඇස් පවා.. ඒත් අවාසනාවකට ඒ මතකේ එක්කම ගවිෂ්ට ගොඩක් පැනික් ඇටෑක්ස් ආවා.... කොටින්ම , මියුන්ගේ ඇස්වලින් මුලින්ම එ ජායාව දැක්ක දවසේ මියුන්ගේ අත් දෙක උඩම ෆේන්ට් වෙලා තිබ්බා.... " මෙතුල කිව්වේ යන්තන් හිනා වෙලා....

" අහ්... එද ඇරෙන්න ගවීෂ් මැන්ශන් එකෙන් ඒ ළග කාලෙක එලියට ගියේ නැහැ නේද ? "

" ම්හු... නැ.. අනිවාරෙන්ම මොකක් හරි දෙයක් නිසා එයා මීට කලින් මියුන්ගේ ඇස් දැකලා තියෙනව... ඝර්ෂාත්ම බන්ධනයක් නිකන් වෙන්නෙත් නැහැනෙ.... මියුන්ට එම මොනවහරි මතකද ?"

"  නෑ...  මං දන්නෑ ඔය ප්‍රේම පුරාණ...  " අරවින්ද් කිව්වේ නහයෙන් පිඹලා...

"  ම්.. තව දෙයක් .. ඔයා වේදය හොයාගත්තේ කොහොමද කියන්න මං දන්නෑ දරුවෝ.. ඒත් මම දන්නවා වේදය ලේසියෙන් හදන්න පුළුවන් බෙහෙතක් නෙවේ... ඒක ඔයාට දීපු කෙනා ඔයාට දෙන්න ඇත්තෙ ඔයාගේ අත ඉක්මනින් සනීප කරගනිවි කියන විශ්වාසෙන්.... ඒක නිසා මම කැමතියි ඔයා එයාට කියනවා නම් , ඔයා ඇත්තටම ඒ බෙහෙත් පාවිච්චි කලේ මොකටද කියලාත් ... ඒ වගේම ගවීෂ් වෙනුවෙන් මං එයාට ගොඩක් ණයයි කිව්වා කියලත්.... " මෙතුල කියාගෙන ගියේ අරවින්ද්ට එයාගෙ වචන ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් සන්සුන්ව... මෙතුල  වේඝර්ණාරච්චි ගාව කෙනෙක්ට මුරණ්ඩු වෙන්න බැරිත් ඒ අවංකවම ආදරණීය ගතියට වෙන්න ඕනෙ.....

" මං ඕක ගත්තෙ ඩ්‍රොප් සෝන් එකෙ.." අරවින්ද් කිව්වේ මෙතුලගේ වචන දෙවෙනි සැරෙටත් මගඇරලා....ඒ බොරු කියලා මෙතුලට තේරෙන බව අරවින්ද්නුත් හොදටම දන්නවා...

" කමක් නැ ඔයා එහෙම කියනවා නම්... මට පේන්නේ ඔයාට මියුන්ගේ තාත්තට තිබ්බ හැකියාවන් ගොඩක් තියෙනවා.... ඒක නිකන්ම පරම්පරාවෙන් එන හැකියාවන් නෙවේනේ , ගවීෂ්ට වගෙ ? මං හරි නේද දරුවො ? "

" සමහරුන්ට දේවල් උපතින් ලැබෙනවා... සමහරු දේවල් ඇචීව් කරගන්නවා.. තව සමහරු උපතින් ලැබුන දේවල් අතාරින්න බැරුව දුක් විදිනවා... ඒ වගෙම ඇචීව් කරගන්න බැරිඋන දේවල් වෙනුවෙන් නාස්ති වෙනවා... " අරවින්ද් කිව්වේ මෙතුල හිනාවෙලා කොල්ලගේ උරහිසට තට්ටුවක් දාද්දි... අරවින්ද් ගැන තේරුම් ගන්න මෙතුලට තාමත් පුළුවන් ටිකයි.... ඒත් , ඒක හරි කලාතුරකින් හම්බු වෙන විදියේ චරිතයක් කියල මෙතුලට දැනටම කියන්න පුළුවන් ...

" ඇචීව් කරගන්න දේවල්වලදි එතන තියෙන්නේ මගේ ජිවිතේ දේවල් මම තිරණය කරනවා කියන හැගීම...  ඔෆ් කෝස් ඒකට ඇඩික්ටඩ් මම... .. " අරවින්ද් කිව්වේ සෑහෙන විශ්වාසෙන්....

" නිශා අක්කා නේ අක්කා  " ? මෙතුල ඒ සැරේ ඇහුවේ අරවින්ද් නළල රැලි කරද්දි....

" ඔව්. ඇයි ? ."

" ඔයාගෙන් මෙ වචන පුදුමයක් නැ එහෙනන්... "

" අක්කව දන්නවද ?"

" නෑ මං දන්නැ... " මෙතුල අරවින්ද්ට උත්තර දුන්නේ කලබලෙන්.... කතාව ඇත්තටම තව ඇදෙනවා කියලා අරවින්ද් දන්නවා... යන්න තිබ්බ අදහස අතඇරලා එයාත් වැටට හේත්තු උනේ සම්පූර්ණයෙන්ම මෙතුලව අහන් ඉන්න....

" භාතිය මාමා ගැන මතක නැද්ද ?" ..

" මට පළවෙනියටම මතක , එයාගේ සූකිරි බාජනේ ... " මෙතුල කිව්වේ යන්තන් හිනාවෙලා...

" දෙක වේද ඔසුව... එයා මාව සනීප කලේ ඒකෙන්... "

" ම් ? "

"දිග කතාවක්.. "

" හරි..."..අරවින්ද් කතාව මගඇරියෙ ඉක්මනින්ම මෙතුලව තේරුම් අරගෙන....

" පස්සේ එයා හැමදාම එනවා ක්‍රිෂාර්යාවයි, නිශාවයි ගන්න.. අහ් ! ඒ දෙන්නම ගැන එකට තියෙන සමහර මතක තියෙනවා... "

" මේ භාතිය මාමාමයි-- "

" ලොකු අක්කායි...ඔව්.. " 

" අහ් හා... "

"  හැමදාම වේලාසන එන්නේ එයා... එයාගේ කෙල්ලො දෙන්නව අරන් යන්න... එ ඇවිත් මම තනියම නිසා මාවත් වාඩි කරවගෙන බැම්ම උඩට වෙලා මොනවදෝ ලොකු කතා කිවා.. අපෙ අක්කා හරි අත්තම්ම හරි අඩුම මැන්ශන් එකෙන් කවුරුම හරි එනකම්ම එමයි... "

" එයා ඇත්තටම හොද කෙනෙක්ද නරක කෙනෙක්ද ? " අරවින්ද් ඒ ප්‍රශ්නේ ඇහුවේ මෙතුලත් නළල රැලි කරද්දි....

" ඇයි අරවින්ද් ඒම අහන්නෙ ? "

" නැ නිකන්... මට ජජ් අයිතියක් නෑ කොහොමටත් ... " අරවින්ද් කිව්වේ කතාව ඉවර කරලා අත් වැටෙන් එහාට වෙලා කෙලින් හිටගෙන....

" ඔය යන්නද ?"

" ඔව්.. !!"

"හරි...පරිස්සමෙන් ළමයො.. අතට බෙහෙත් දාගන්න ..."

" ඒක ඔයා කියන්න ඕන් නැ... " අරවින්ද් හිතුවක්කාරකමට මිමිණුවේ මෙතුල ඒකටත් යන්තන් හිනා වෙද්දි....

" ගවීෂ්ට සිහිය ආව ගමන් මැන්ශන් එකට යවන්න.... " අරවින්ද් කිව්වේ මෙතුල නළල රැලි කරද්දි...

"  ඉන් අනිද්දට බලමු.. " අරවින්ද් හරියට උත්තරයක් නොදීම ආපස්සට හැරිලා සාක්කුවට අත් ඔබන් අඩියට දෙකට පඩි පෙළ බහිනවා මෙතුල බලාගෙන ඉදියේ තාමත් ඒ පොඩි එකා කියපුව තේරුම් ගන්න බැරුව.... ඔක්කොමලා අන්තිමට බැලුවම කියන්නේ තුන් තේරවිලි...

.
.
.
.
- මතු සම්බන්ධයි. ! -

#මියුන් මොනා කරගෙනද දන්නැ තනියම අරහේ... ඒත් මේ ටිකේ මිනිහ කතාවෙන් නිවාඩුනෙ...🫠

[ පොඩි එකා පව් .🥹 ]

" සමහරුන්ට දේවල් උපතින් ලැබෙනවා... සමහරු දේවල් ඇචීව් කරගන්නවා.. තව සමහරු උපතින් ලැබුන දේවල් අතාරින්න බැරුව දුක් විදිනවා... ඒ වගෙම ඇචීව් කරගන්න බැරිඋන දේවල් වෙනුවෙන් නාස්ති වෙනවා... "   
        
  - අරවින්ද් ශනාර්ග ආශාක්‍යසිංහ

Continue Reading

You'll Also Like

27.4K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
690K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
238K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...