පතොක් මල්🌵✔️

By TaraNemeth9

73.4K 13.5K 2K

ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙ... More

පලමුවෙනි ඉඩෝරය🌵
දෙවනි ඉඩෝරය🌵
තුන්වෙනි ඉඩෝරය🌵
හතරවෙනි ඉඩෝරය🌵
පස්වෙනි ඉඩෝරය🌵
හයවෙනි ඉඩෝරය🌵
හත්වෙනි ඉඩෝරය🌵
අටවෙනි ඉඩෝරය🌵
නව වෙනි ඉඩෝරය🌵
දහවෙනි ඉඩෝරය🌵
එකොලොස් වෙනි ඉඩෝරය🌵
දොලොස් වෙනි ඉඩෝරය🌵
දහතුන්වෙනි ඉඩෝරය🌵
දාහතරවෙනි ඉඩෝරය🌵
පහළොස්වෙනි ඉඩෝරය🌵
දාසයවෙනි ඉඩෝරය🌵
දාහත්වෙනි කොටස🌵
දහ අටවෙනි ඉඩෝරය🌵
දහනව වෙනි ඉඩෝරය🌵
විසිවෙනි ඉඩෝරය🌵
විසි එක්වෙනි ඉඩෝරය🌵
විසි දෙවෙනි ඉඩෝරය🌵
විසි තුන්වෙනි ඉඩෝරය🌵
විසි හතරවෙනි ඉඩෝරය🌵
විසි පස්වෙනි ඉඩෝරය🌵
විසි හයවෙනි ඉඩෝරය🌵
විසි හත්වෙනි ඉඩෝරය🌵
විසි අටවෙනි ඉඩෝරය🌵
විසි නවවෙනි ඉඩෝරය🌵
තිස් එක්වෙනි ඉඩෝරය🌵
තිස් දෙවෙනි ඉඩෝරය🌵
තිස් තුන්වෙනි ඉඩෝරය🌵
තිස් හතරවෙනි ඉඩෝරය🌵
තිස් පස්වෙනි ඉඩෝරය🌵
තිස් හයවෙනි ඉඩෝරය🌵
තිස් හත්වෙනි ඉඩෝරය🌵
තිස් අටවෙනි ඉඩෝරය🌵
තිස් නවවෙනි ඉඩෝරය🌵
හතලිස් වෙනි ඉඩෝරය🌵
හතලිස් එක්වෙනි ඉඩෝරය🌵
හතලිස් දෙවෙනි ඉඩෝරය🌵
හතලිස් තුන් වෙනි ඉඩෝරය🌵
හතලිස් හතරවෙනි ඉඩෝරය🌵
හතලිස් පස්වෙනි ඉඩෝරය🌵
හතලිස් හයවෙනි ඉඩෝරය🌵
හතලිස් හත්වෙනි ඉඩෝරය🌵
48.ඉඩෝරය නිමාවී උදා වූ වසන්තය🌸
පසුවදන ( author's note)

තිස්වෙනි ඉඩෝරය🌵

1.1K 242 22
By TaraNemeth9

ශෙනාල්ගෙ pov❤️

රොවේන් ඊයෙ අපේ ගෙදර නිදාගත්තෙ...මොකද ඌට මං ගැන විශ්වාසයක් තිබ්බෙ නෑ.....මට රෑ දොලහට විතර වෙසමුණියා වැහිලා පිහියකින් ඇනගෙන මැරෙයි කියලා ඌ හිතුවද දන්නෑ......

මට ඕනෙ වුණා යෙහාරව බලන්න....එයාගෙන් සමාව ඉල්ලන්න.....ඒ නිසයි උදේ පාන්දරම රොවේන්ට හොරෙන් කාමරෙන් යාගන්න ට්‍රයි කරේ.....

"උඹ කොහෙද ඔය යන්නෙ....ආපහු නං නාඩගමක් නැටුවොත් ඇත්තමයි මං තමා උඹව මරන්නෙ"

මම හුස්මකුත් අරන් රොවේන්ගෙ පැත්තට හැරුණා.....සැක්....
පැනගන්න බැරිවුණානෙ....
බැන්ඩේජ් කරපු අතත් තියාගෙන අමාරුවෙන් ට්‍රවුසර් එකකුත් ඇදගෙන ෂර්ට් එකකුත් දාගත්තා...පර්ස් එක අතට අරන් දොර ළගට ගිහින් දොර අරින්න යනකොටම තමා මේකා ඇහැරියේ...

"කොහෙද දැන් උඹ යන්න යන්නෙ..."

යකෝ.....මම පොඩි එකෙක්ද...මූ මගෙ තාත්තද...මට තරහත් ගියා...
ඒත් ඉතිං මං ගැන තියෙන යාළුකමටනෙ  මූ මේ මාව තනිවම දාලා යන්න බෑ කියලා ඊයෙ ඉදලා මෙහෙ ඉන්නෙ.....
ඌ බයවුණා මට මාව මරාගන්න තරං ආවේගයක් ආයෙ එයි කියලා....

මම දැනන් හිටියෙ නෑ මට ඊයෙ මොන හැගීමක් ආවද කියලා....මං කොහොමද හිතුවෙ යෙහාරව තනි කරලා දාලා යන්න.....මගේ හිත වැඩ කරන හැටි වෙලාවකට මටම ප්‍රහේලිකාවක්.....
දේවාන්‍ය නොහිටියා නං මම මැරෙන්න තිබුණා.....මම තවදුරටත් මං එක්කවත් ආරක්ෂිත නෑ....මටම ඒක තේරෙනවා....
මොන බෙහෙත ගත්තත් වැඩක් නෑ...මගේ හිතේ එකම සැනසීම යෙහාර......

මම බොලද විදිහට හිතන්න ආස නෑ..
ඒත් අපිව ජීවත් කරන්නෙ අපේ ආදරණීයයො...මාව ජීවත් කරවන කෙනා යෙහාර....එයා ලග නැති තැන මම හරියට අරටුවක් නැති ගහක් වගේ....එයා මාත් එක්ක නැතිකොට මම දුර්වලයි.....

මං නිසා එයාට කොච්චර රිදුණත් මට එයාගෙන් ඈත් වෙන්න තරං හයියක් නෑ........

ඊයෙ වෙච්ච දේ ගැන මම නොසෑහෙන්න පසුතැවෙනවා....මම මගේ පොඩි එකාව රිද්දුවා....ඒත් මම මැරෙන එක විසදුම නෙවෙයි.....මට ඕනෙ එයාගෙන් සමාව ඉල්ලන්න....
ඊයෙ එයාගෙ කටහඩ ඒ එක මොහොතට ඇහුණ ගමන් මට තේරුණා මට එයාගෙන් ඈත් වෙන්න බෑ...මට බෑ එයාව කාටවත් දෙන්න.....
එයාට ලැබෙන්න පුලුවන් හොදම කෙනා මම නෙවෙයි...මම අසම්පූර්ණ මනුස්සයෙක්...
ඒත් එයාට ඕනෙ මාව....මටත් ඕනෙ එයාව....මොන මොන ප්‍රශ්න තිබුණත් එයා කාගෙ පුතා වුණත් දෙමාපියෝ අතර මොන දේ වුණත් මං ආදරේ කරේ පූසෙක් වඩාගෙන මට කෑගහපු ඒ චණ්ඩි කොල්ලට.....ඒ ආදරේ වෙනසක් නෑ....
මට ඒක තේරෙන්න කල් ගියා....
මගේ හිතේ තිබුණ ආවේගෙ මාව එයාගෙන් ඈත් කරා....

ආදරේට පුලුවන්ලු මිනිහෙක්ව ශක්තිමත් කරන්න.....
ඒ වගේම මිනිහෙක්ව අන්තෙටම අඩියට වට්ටන්නත්.....

මම මගේ කොල්ලව දුර්වල කරලා එයාට හැමදේම තනියම කරගනිං කියලා ඇතෑරියා....ඒත් මගේ පොඩි එකා මට වඩා හයියයි.....
මම එයා නැතුව කඩාවැටෙද්දි එයා මං නැතුව එයා ආදරේ කරන අය වෙනුවෙන් හයියට හිටියා.....

මම එයාට වුණ පොරොන්දුව කැඩුවා...මම එයා වෙනුවෙන් සටන් කරේ නෑ....ඉතින් මට බෑ ඒ වෙනුවෙන් මටම සමාව දෙන්න...

මම යෙහාරව මීට් වෙන්න යන්නෙ කියද්දි උදේ රොවේන් විරුද්ධ වුණා...

"මට දැන් හොදයි බං....දැන් අවුලක් නෑ....මේ බලහං..අත රිදෙන්නෙත් නෑ...."

මං අතත් හොල්ලලා බලලා කීවා

"කුණුහරුප කියවනවනෙ  උඹ...උඹේ ඔය මගුලෙ අත ආයෙ කඩන්න හිතිලා තියෙන්නෙ....විහින් කරගත්තුවනෙ... මට බය උඹ ගැන නෙවේ අර පොඩි එකා ගැන...උඹ ආයෙ මොනවා හරි කියලා ඌව රිද්දුවොත්...."

රොවේනයා යෙහාරව මුණ ගැහුණෙ එක පාරයි...ඒ එක දවසට මූ එයාගෙ වශියට අහුවෙලාද කොහෙද......
මගේ යාළුවා මං වෙනුවට මගේ පොඩි එකාව ආරක්ෂා කරන කොට මට ඉරිසියාවක් නෙවේ.. සතුටක් දැනුනේ.....
මගේ අතින් වැරැද්දක් වුණ වෙලාවට ඌ මාව සුද්ධ කරන්නැතුව යෙහාරගෙ පැත්ත ගනී....මට ටොක්කක් ඇනලා හරි මගේ වැරැද්ද පෙන්නලා දෙයි...

"මට සමාව ඉල්ලන්න ඕනෙ බං....ඊයෙ මට හැරිලා එන්නෙ නැතුව ඉන්න තිබ්බෙ...මට තිබ්බෙ යෙහාරගෙ පස්සෙන් යන්න....දණින් වැටිලා හරි සමාව ගන්න....උඹත් මා එක්ක වරෙන්.....අපි දෙන්නම යමු....

අපි දවල් වෙලා යෙහාරලගෙ ගෙදරට එනකොට දොර වහලා තිබුණේ.... කවුරුත් ඉන්න පාටක් පෙනෙන්න තිබුණෙ නෑ.....
මම තට්ටු කරා....ඒත් කවුරුත් නෑ....
එයාලගෙ ගෙදර තුන්දෙනාම මේ වෙලාවට නැතිවෙන්නෙ නෑ.... එක්කෙනෙක් හරි ඉන්නවා....

මම ගොඩක් වෙලා තට්ටු කරද්දි ඇතුලෙන් කවුද කියලා අහන සද්දයක් ආවා...

"මේ නංගිද...මම මේ ශෙනාල්...."

ජනේලයක් ඇරුණා...

"අයියා නෑ....ඔයා යන්න....."

"නංගි මේ ම...."

"මට නංගි කියන්න එපා ආයෙ.....ඔයා නිසා මගේ අයියා කොච්චර දුක් වුණාද කියලා දන්නවද....ඔයා මහ කුහකයෙක් ....මගේ අයියට ඔයාව එපා....මටත් ඔයාව එපා...."

නංගි සැරෙන් කියලා ජනේලෙ වැහුවා...

"හම්මේ සැර." රොවේන්ගෙ ඇස් ලොකුවෙලා...

පුදුමයක් නෑ ඉතිං....අයියගෙම නංගිනෙ.....ඒ කටම තමා තියෙන්නෙ.....

"නංගි....නංගි...."

මම ආයෙ කතා කරා...

"අයියා යතුර අරන් ගියා.....ඕනනං එයා එනකන් ඉන්න එකයි ඇත්තෙ"

මමයි රොවේනුයි සරණාගතයෝ දෙන්නෙක් වගේ දොරකොඩට වෙලා ඉදගෙන හිටියා යෙහාර එනකං....
මොකද මට ඕනෙ වුණේ නෑ යෙහාරගෙ මූණ නොදැක යන්න....

එයා ඈතින් එනවා දකිද්දි මාව නොසන්සුන් වුණා.....
මම දැනන් හිටියෙ නෑ එයාට මූණ දෙන විදිහක්.....

එයාව දකිද්දි මගේ පපුව වේගෙන් ගැහෙනවා......මගේ ඌරු පැටියව හරියකට දකින්නෙ මම කොච්චර දවසකින්ද...

ඒත් එයාව දැක්කම මට ආවෙ දරන්න බැරි වේදනාවක් ....ඊයෙ දුරින් දැක්කට මාස එක හමාරකට පස්සෙ හරියටම දැක්කෙ අද....

එයා කෙට්ටු වෙලා.....මගේ බෝල ගෙඩිය ඇදිලා ගිහින්...එයාගෙ බෝල කම්මුල් යට ගිහින්.......
පෙනුමටත් වඩා මාව රිද්දුවේ එයා හිටිය විදිහ......

එයාගෙ ඇස් දෙක හිස් වෙලා.....එයාගෙ මූණෙ වෙනදා තියෙන ප්‍රබෝධමත් ගතිය නෑ.....
මූණෙ දවස් දෙකක විතර රැවුලක් වැවිලා......

එයා අපි ඉස්සරහා නැවතුණා.....එයාගෙ මූණෙ තිබ්බ හිස් ගතිය තරහ ගියපු ඒත් අසරණ පෙනුමකට හැරුණා...

"ඇයි ආවෙ.....මම කීවනෙ මට වද දෙන්න එපා කියලා....මට පාඩුවේ ඉන්න දීලා යන දේවාලෙක යන්න...."

එයා කෑ ගැහුවා.....
එයාගෙ අත් මිට මෙලවිලා....එයා හිටියෙ යන්තමට වෙවුල වෙවුල....
ඒ තරහටද...නැත්තං.....යෙහාරගෙන් මට පෙනුනෙ අසනීප පාටක් .....
එයා හොදින්ද ......

මම එයාගෙන් පුලුවන් බැගෑපත්ම විදිහට සමාව ඉල්ලුවා.....එයා මට සමාව නොදුන්නත් කමක් නෑ....මට එයා ළගින් ඉන්න දුන්නොත් ඇති....

ඒත් එයා මගෙන් ගැලවිලා යන්න හැදුවා.....
එයා මට මොනවා කියලා බැන්නත් ඒ බැනුම් අහන්න සුදුසුයි....එයාව මට ඉවසන්න වෙනවා....
මොකද මංම බින්ද හිත මමම හදනවා හැර වෙන විසදුමක් නෑනෙ....

මම එයාගෙ අතකින් අල්ලගද්දි එයා ගැලවෙන්න හැදුවා....ඒත් එයාගෙ වෙනදා තිබ්බ ශක්තිය තිබ්බෙ නෑ...

එයා දගලලා දගලලා බැරිම තැන තමා සන්සුන් වුණේ......
ඊට පස්සේ මට අත තුවාල කරගත්තට බැනුම් අහන්නත් වුණා...

ඒත් ඒ කේන්තියෙන් කෑ ගැහුවෙ මගේ යෙහාර....මට පුරුදු යෙහාර...
හැමදාම මගේ වැරදි ඉස්සරහා කට වහන් නොඉද මගේ වැරැද්ද තේරුම් කරපු යෙහාර....

ඒත් අද එයාගෙ කේන්තිය අස්සෙ හැංගිලා තිබ්බෙ  වේදනාව....
මම යන්න කියද්දිවත් නාඩපු කොල්ලා මං මට රිද්දගත්තා කියලා ඇහුවම අඩන්න පටන් ගත්තා...

මගේ ජීවිතේ එහෙම මට හිතුණ වෙලාවට ඉවර කරගන්න බෑ කියලා මට දැන් තේරෙනවා.....මං නැතුව ජීවත් වෙන්න බැරි කෙනෙක් ඉන්නවා.
එයා වෙනුවෙන් ජීවත් වෙන එක මගේ වගකීම.....

යෙහාර මගේ පපුවට හේත්තු වෙලා මුමුණපු ඒ වචන....

මට මාව දාලා යන්න එපා කියලා ඔයාව පොරොන්දු කරගන්න තරං ඔයාව විශ්වාස නෑ දැන්.....ඒත් මට චුට්ටක් හරි ආදරේ කරානං ආයෙ මාව රිද්දන්න එපා අයියේ .......ඔයාට තියෙන ආදරේ එහෙමමයි....ඒත් ඔයාව ආයෙත් මට විශ්වාස කරන්න පුලුවන් දවසක් එනකං මං බලන් ඉන්නවා......"

යෙහාරගෙ අවංක වචන මට පිහියකින් අනිනවා වගේ රිද්දනවා....
ආදරය වගේම විශ්වාසය කියන්නෙත් උපයගන්න ඕනෙ දෙයක්....
මම ඒ විශ්වාසෙ රැක්කෙ නෑනෙ...
එයාට මං ගැන සැක හිතෙන එක පුදුමයක් නෙවෙයි....

එයාට මං නිසා මෙචචර රිදිලත් එයා මාව දාලා නොයන්නෙ, මට සමාව දෙන්නෙ මට තියෙන ආදරේ නිසා...
ඒ ආදරේ පරිස්සමෙන් බලාගන්න එක මගේ වගකීම.....

"යෙහාර...යෙහාර....පැටියෝ....ඌරු පැටියෝ......"

මම මගේ පපුව උඩ ඇස් පියාගත්ත යෙහාරට කතා කරත් මට ආපිට හම්බවුණේ යාන්තමට කෙදිරිල්ලක් විතරයි.....
එයා කකුල්, අත් ඔක්කොගෙන්ම මගේ ඇගේ එල්ලිලා......
හරියට මට යන්න දෙන්න එයා කැමති නෑ වගේ....

"මං තාම තරහයි....ඒත් මට ටිකක් වෙලා ඉන්න දෙනවද ...ප්ලීස්...මට මහන්සියි.....මගේ ඇගට පණ නෑ.."

එයා මිමිණුවේ මගේ බෙල්ලට එයාගෙ මූණ තද කරගෙන.....

එයාගෙ කපලා නැති රැවුල් කොට මගේ බෙල්ලට තද වෙනවා.....
එයාගෙ ඇස් තෙත්වෙලා.....
මම එක අතකින් එයාගෙ ඔලුව අතගාලා මගේ බැන්ඩේජ් කරපු අත එයාගෙ ඉණ වටේට පටලගත්තා.....

"අපිට මෙතන ඉන්න බෑනෙ ගොඩක් වෙලා....හැමෝටම පේනවනෙ...අපි ඇතුලට යං...."

යෙහාර මගෙන් ඈත් වුණා....එයා එහාට අඩියක්  තියද්දි එක පාරටම වැටෙන්න ගියේ මුළු මූණම සුදුමැලි වෙලා යද්දි....

ඔච්චර වෙලා මම හිතන් හිටියෙ එයා මගේ ඇගේ ඔච්චර තදින් එල්ලුණේ දුකටයි...බයටයි කියලා....

ඒත් දැන් මට අමුත්තක් දැනුනා....මම එයාව වැටෙන්න යනකොට අල්ලගද්දි එයා හිටියෙ වචනයක් කියාගන්න බැරි පෙනුමකින්....

මම එයාව බාගෙට බදාගෙන බාගෙට උස්සගෙන ගේ ඇතුලට එක්කන් යද්දි දොර අරින සද්දෙට එළියට ආව නංගිත් යෙහාර ළගට දුවන් ආවා...

"මේ මොකද නංගි....අයියට අසනීපද...මොකද එයාට වෙලා තියෙන්නෙ...."

මම බයවෙලා ඇහුවෙ මම පුටුවක ඉදගෙන යෙහාරව මගේ උකුලට ගන්න ගමන්....
එයා මට විරුද්ධ නොවී මගේ ඇගට හේත්තු වෙලා මගේ ෂර්ට් එක තද කරලා අල්ලගත්තා....
මට අමුත්තක් දැනුනා.....

වෙන වෙලාවක නං එයා මට බනියි....කෑ ගහයි....නංගි ඉස්සරහා මගේ උකුලෙ ඉන්න බෑ කියයි......
මීට මොහොතකට කලින් හිටිය මගේ පණ්ඩිත , කෑ ගහන යෙහාරට මොකද වුණේ.....
මට මේ වෙනස දැනෙද්දි බය හිතෙනවා...

නංගි මං දිහා බැලුවෙ වේදනාව පිරිච්ච බැල්මකින්...

"අයියට මහන්සි ඇති...එයා අද දවසම එහෙට මෙහෙට ඇවිදිනවා....නින්දකුත් නෑ...කෑමකුත් නෑ...මෙච්චර වෙලා එයා හිටියෙ හිතේ හයියෙන් විතරයි...එයාටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා සුදු අයියෙ...ඔයාව දැක්කම ඒ අන්තිම සීමාව ඉවරවුණා....එයාට ටිකක් ඔහොම ඉන්න දෙන්න....."

නංගි රොවේන්ටත් ඉදගන්න කියලා තේ හදන්නං කියලා ගියා....
නංගි තාම මට රවනවා....තේ එකට ලුණුවත් දාලා දෙයිද කියලවත් මට ෂුවර් නෑ...

යෙහාර ඔහේ ඇස් පියන් මට හේත්තු වෙලා ඉන්නවා...

"මොනවාහරි කමුද යෙහාර...."

"එපා....'

"එහෙනං...."

"මට මහන්සියි ....මෙහෙම ඉන්න දෙන්න...."

එයා හැගීම් විරහිත මූණෙන් මට හේත්තු වෙලා හිටියා....

ඇයි මං එන්න මෙච්චර පරක්කු වුණේ.....මට මීට කලින් එන්න තිබ්බා...නෑ...මට එයාව දාලා නොයන්න තිබ්බා....

මම මගේ උකුලෙ හිටිය එයාව තදට බදාගත්තා....මේ මගේ චණ්ඩි කොල්ලා.....

නංගි තේ ගෙනාවට පස්සෙ තේ බොන ගමන් අපිට විස්තර කීවා.....

මට දැනෙන පසුතැවිල්ලෙ තරම මට දරාගන්න බැරි තරං....
මට මං ගැන ලැජ්ජයි...
මම මං ගැන ආත්මානුකම්පාවෙන් මාවම මරාගන්න තරං දුර්වල තැනකට වැටෙද්දි යෙහාරයි නංගියි එයාලගෙ අම්මගෙ ජීවිතේ වෙනුවෙන් සටන්කරලා....

යෙහාරට මගේ උකුලෙම නින්ද ගිහින්...කෑමක්වත් නැතුව.....
ඊයෙ මුළු රෑම ඇහැරන් ඉදලා මහන්සි පිටම කඩවල් ගාණේ ඇවිදලා ආයෙ හොස්පිට්ල් එකටත් ගිහින්.....

මම එයා දිහා බලන් ඉද්දි ඇඩෙන්න වගේ......මම හැමදාම එයාව අතෑරලා යන්නෙ එයාට මාව ඕනම වෙලාවල්වල....

නංගිව පාඩම් කරන්න යවලා රොවේනුයි මමයි කරන්න වැඩක් ඉල්ලගත්තා...
මුරුක්කු පැකට් කරන එක...
නංගි නං කීවා එපා කියලා...
ඒත් යෙහාර නැගිටලා අමාරු පිට හරි වැඩ කරන එකද හොද අපි කරන එකද හොද කියලා ඇහුවම නංගි කමක් නෑ කීවා.....

අපි වැඩ කරන අතරෙ රොවේන් ගිහින් රෑට කෑම ගෙනාවා...
නංගිත් හැන්දෑ වෙද්දි අපට ඇවිත් උදව් වුණා....

මට ආව වෙලාවෙ ඉදලා නංගි දිහා නොබලා ඉන්න බැරිවුණා.....
ඒ මගේ නෑනා විතරක් නෙවේ නංගිත් කියන එක මට අමතක කරන්න බෑ....
ඒත් මේ පොඩි එකී මොනවා කරන්නද?
එයාට එයාගෙ තාත්තව තෝරගන්න බෑනෙ.....

නංගි හිටියෙ පරිස්සමෙන්..... අවධානෙන්....
එයාට අනුව අපි දෙන්නා පිටස්තර පිරිමි දෙන්නෙක්නෙ.....
එයා දන්නෙ නෑ මමයි එයයි එකම තාත්තගෙ දරුවො කියලා......

එකට හිටගත්තම අපි දෙන්නා එක වගේ .....එයා යෙහාරට වඩා පෙනුමෙන් වෙනස් ...එයාට තියෙන්නෙ තාත්තගෙ ඇස්....තාත්තගෙ කැරලි කොණ්ඩේ...
එයාව මුලින්ම දැක්ක දවසෙ ඒ දැනුන හුරුපුරුදු ගතිය අදයි මට හරියටම තේරුනේ....

"මේ මොකද මේ....තාම ගියේ නැද්ද..."

පොලිතින් කවරයක් එක්ක තනි අතින් ඔට්ටු වෙවී හිටිය මම ගැස්සුණේ ඒ නොරිස්සුම් කටහඩ ඇහෙද්දි...

නිදාගෙන මහන්සිය නැතිවුණු පාර ඔන්න වීරයගෙ කට ඇරිලා....

"අද අපි මෙහෙ ඉන්නනෙ ආවෙ...."

මම කීවෙ මගේ එහා පැත්තට අතින් තට්ටු කරලා යෙහාරට ඉදගන්න එන්න කියන ගමන්...

"මටයි නංගිටයි මේවා බලාගන්න පුලුවන්...අයියල යන්න....."

එයාගෙ ආඩම්බරකම එහෙමමයි....
හැමදේම තනියම කරගන්නමයි උත්සාහ කරන්නෙ....අඩුමගාණේ රොවේන්ටවත් නිකමටවත් කතා කරලා තිබ්බෙ නෑ....

එයා ටික ටික මං කියන දේ අහන්න පටන් ඇරන් තිබ්බෙ.....ඒත් මගේ මෝඩ වැඩ නිසා එයා ආයෙත් මුරණ්ඩු වෙලා....ඉතිං ඉවසන්න වෙනවා....

"ඔයා ඇහැරෙනකං හිටියෙ කෑම කන්න....කෝ එන්නකො....."

රව රවම ඇවිත් මං එහා පැත්තෙ ඉදගත්තා...මම එයාගෙ ඉණ ළගින් අත දාලා මට හේත්තු කරගද්දි ළාවට හිනාවකුත් ආවා....ඒත් එයා ඒක ඉක්මනට හංගගත්තා....

එයා ගෙදර එනකොට තිබ්බ පණ නැති සුදුමැලි පෙනුම ටිකක් අඩුවෙලා....ඒත් තාම ඇගට ලොකු පණක් නෑ....කෑවෙ නෑනෙ...

රොවේනයා නංගි එක්ක ඕපදූපයක් කියවන්න ගත්තා, එයාට පොඩි අය කොහොමත් එකතුයි......

ටික වෙලාවකින් නංගි කෑම බෙදලා ගෙනාවා.....

"සුදු අයියගෙ අත තුවාල වෙලානෙ...ඒ නිසා අපේ අයියටයි එයාටයි එකටම බෙද්දා..."

නංගි ගණන් ගන්නෑ වගේ කියලා රොවේන් අයියටත් පිගානක් දීලා එයත් කෑම කන්න ඉදගත්තා...

යෙහාර කෑම එකත් අතට අරගෙන මට රැව්වා...

"අත තුවාල වෙලා නිසා විතරයි..."

මං දිහා බලලා ගොරවලා එයා මට පලවෙනි කට කැව්වා....
අන්තිමේදි කපාගත්ත අත නිසා මම යෙහාරගෙ රැවුම් මැද්දෙම එයාගෙන් බත් කෑවා...

අපි දෙන්නගෙ තරහා වුණාම  යාළුවෙන චාරිත්‍රෙ බත් කවාගන්න එකද කොහෙද....
එක්කො එයා ....එක්කො මම....

දෙන්නා දෙමහල්ලන්ගෙ තරහා මරහා බත් හැලිය ඉදෙනකන් විතරයි කියන එක මොඩිෆයි කරන්න ඕනෙ බත් කවනකං විතරයි කියලා....

කොච්චර ඕනෙ නෑ කියලා හිත රවට්ටගන්න හැදුවත් මාස එක හමාරක් තිස්සෙ මම මේ වගේ මොහොතක් වෙනුවෙන් බලන් ඉදියද....

හැමෝම කාලා බීලා ඉවර වෙද්දි තමා ලොකුම ප්‍රශ්නෙ එන්නෙ...
මම මුකුත්ම නොකියා හිටියත් මම මුළු හවස පුරාම ලොකු ප්ලෑනක් ගැහුවා....

මේ පණ්ඩිත අයියවයි නංගිවයි කැමති කරගන්න එක තමා අමාරු....

"මට ඔය දෙන්නව තනියම මෙහෙ දාලා යන්න බෑ....අපි යමු අපේ ගෙදර"

යෙහාර මං දිහා බැලුවෙ මාවත් අළු කරන බැල්මකින්....

"මෙච්චර දවසක් අපි තනියම හිටියනෙ...ඔයා දැන් මේ එක පාරට ඇවිත් ප්‍රින්ස් චාර්මින් කියලා හිතන්  අපිව මාලිගාවට එක්ක යන්න ඕනෙ නෑ...නංගිවත් මංවත් සින්ඩරෙල්ලා නෙවෙයි"

"ඒත් මං දැනන් හිටියනං මං කීයටවත් ඔයාලව මෙතන තනියම තියන්නෙ නෑනෙ....අනේ දැන්වත් මුරණ්ඩුවෙන එක නතර කරන්නකෝ..."

මම පින්සෙණ්ඩු වුණා....වෙනදා වගේබැනලා කරගන්නත් බෑ....යෙහාර එකග නොවෙන එක සාධාරණයි...ඒත් එයාට එකග වෙන්නම වෙනවා....
යෙහාරට හැමදේම තනියම කරගන්න බෑනෙ. .

"ඒත් මේත් නෑ......මට බෑ .....එච්චරයි..."

"යෙහාර....ඔයාට අමාරුයිනෙ....අදත් ගෙදර ආවෙ හොදටම පණ නැතුව....මට ඕනෙ මං කරපු වැරදි වලට සමාව ගන්න...."

"සමාව ගන්න ඕනෙ නං මාව තනි නොකර ඉන්න...මට ආදරේ දෙන්න...මාව බලාගන්න...එච්චරයි ඕනේ .....මට පිනට මොකුත් එපා..."

එයා කීවෙ දැඩි පෙනුමක් එක්ක...

"මං ඉන්නවා එහෙනං ..අපි එකතු වෙලා මුරුක්කු විකුණමු.. "

"පිස්සුද අයියේ....ඔයාට ඉන්න බෑ...ඔයා CEO නේද??ඔයා එතන ලොක්කා විදිහට රස්සාව මග හරින්න බෑ... ඔයාගෙ තාත්තත් ගෙදර එනවා නේද...එයාවත් බලාගන්න ඕනනෙ..."

"ඔයාට මගේ වැඩ පාඩු කරන්න ඕනෙ නැත්තං මං ළගට එන්න....නංගිත් එක්කම .....ඔයා දන්නවනෙ ඒක පිනට දෙන දෙයක් නෙවේ....මගේ කෙනා විදිහට මගේ හැමදේම ඔයාටත් අයිතියි....නංගි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..."

අන්තිම කොටස කියද්දි යෙහාරගෙ ඇස් තරහෙන් පිරුණා....
මම දන්නවා....එයාට නංගිගෙ උරුමෙ කියලා අපේ තාත්තගෙන් මුකුත් ඕන නැතුව ඇති .....
එයා අපේ තාත්තට වෛර කරනවා ඇති...

ඒත් ලේ වලට බොරු කරන්න බෑනෙ...
පිලිගන්න කැමති වුණත් නැතත් නංගිට අපේ තාත්තගෙන් හම්බවෙන්න ඕනෙ දේවල් ලැබෙන්න ඕනෙ....
සල්ලි ම්ල මුදල් වටින්නෑ තමා.....
ඒත් ඒක එයාගෙ අයිතියනෙ....

"අයියේ.....මට බෑ කාගෙන්වත් යැපෙන්න ..."

මම යෙහාර ළගට ගිහින් එයාගෙ උරහිස් වලින් අල්ලගත්තා...

"ඔයා මගෙන් යැපෙනවා නෙවෙයි.....මේ බිස්නස් එක දිගටම කරන්න...ඔයාට ආස නං වෙන ඕන දෙයක් ඉගෙනගන්න....ඔයාගෙ කෙනා විදිහට ඒවට උදව්කරන්න තමා මම ඉන්නෙ....."

"ඒත්....මම කැමති නෑ..."

"කැමති වුණත් නැතත් මට බලන් ඉන්න බෑ ඔයා මෙහෙම මහන්සි වෙනවා....මට දැනෙන්නෙ දරන්න බැරි ලොකු පසුතැවිල්ලක් යෙහාර.....මේ වෙලාවෙ අම්මයි, නංගියි ගැන හිතලවත් මට ඔයා එක්ක ඉන්න දෙන්න...ඔයා අසනීප වුණොත් එයාලා නෙවේද දුක් වෙන්නෙ....මට නෙවේද දරාගන්න බැරි මට උදව්වක් කරගන්න පුලුවන්කම තිබිලවත් කරගන්න බැරිවුණා කියලා හිතෙද්දි .."

යෙහාර උත්තරයක් නැතුව බලන් හිටියා.....

එයා දන්නවා මම අදහස් කරන දේ...
ඒකයි එයා තීරණයක් ගන්න පැකිලෙන්නෙ....

එයා මං ලගට ආවොත් අපි දෙන්නගෙ සම්බන්ධෙ ස්ථීර වෙනවා....එයාට එහෙම පියවරක් ගන්න තරං තාමත් මාව විශ්වාස නෑ....
අනික එයා ආඩම්බරයි.....එයා කැමති නෑ එයා මගෙන් යැපෙනවා වගේ දැනෙනවට...

එයා සාධාරණයි....අපි කාවහරි ජීවිත කාලෙම බලාගන්නං කීවත් අපිඇතරේ ප්‍රශ්නයක් වුණ වෙලාවට ඒ කෙනා අසරණ වෙනවා....
යෙහාර බයයි එහෙම අසරණ වෙන්න..

ඉතිං තියෙන එකම විසදුම එයාට දෙයක් උගන්නලා හරි එයාට දියුණු වෙන්න ක්‍රමයක් හදලා දීලා හරි එයාවත් මගේ මට්ටමට ගන්න ඕනේ.....කාලෙත් එක්ක එයාගෙ මේ පංගු පේරු හැගීම් නැතිවෙයි...මගේ දේවල් ඔක්කොම එයාගෙ කියලා හිතන්න පුරුදු වෙයි....
ඒත් එයාව තැනකට ගන්න දෙයක් උගන්නන්න නං ඒකට එයා ටික කාලෙකට හරි වගකීම් වලින් ඈත් වෙලා ඒ වගකීම් මට බාර දෙන්න ඕනේ.....

"යෙහාර ....මොකද කියන්නෙ.....

එයා තාමත් අත් දෙක බැදගෙන මුරණ්ඩු කමට රවන් බලන් ඉන්නවා...

මමත් අතාරින්නෙ නැතුව එයා ඉස්සරහම එයා දිහා කෙලින්ම බලාගෙන ඉන්නවා...

බලමු කවුද දිනන්නෙ කියලා...

මතුසම්බන්ධයි~

Continue Reading

You'll Also Like

22.5K 737 24
Freya Njoddotir grew up in the Asgardian Palace, her childhood was peaceful and she thought that nothing could go wrong but then one fateful night, a...
32.2K 5.8K 42
හදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizh...
23.8K 3.4K 21
සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කර...
1.1M 28.8K 41
While moonlighting as a stripper, Emery Jones' mundane life takes a twisted and seductive turn when she finds herself relentlessly pursued by reclusi...