පතොක් මල්🌵✔️

By TaraNemeth9

74.8K 13.6K 2K

ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙ... More

පලමුවෙනි ඉඩෝරය🌵
දෙවනි ඉඩෝරය🌵
තුන්වෙනි ඉඩෝරය🌵
හතරවෙනි ඉඩෝරය🌵
පස්වෙනි ඉඩෝරය🌵
හයවෙනි ඉඩෝරය🌵
හත්වෙනි ඉඩෝරය🌵
අටවෙනි ඉඩෝරය🌵
නව වෙනි ඉඩෝරය🌵
දහවෙනි ඉඩෝරය🌵
එකොලොස් වෙනි ඉඩෝරය🌵
දොලොස් වෙනි ඉඩෝරය🌵
දහතුන්වෙනි ඉඩෝරය🌵
දාහතරවෙනි ඉඩෝරය🌵
පහළොස්වෙනි ඉඩෝරය🌵
දාසයවෙනි ඉඩෝරය🌵
දාහත්වෙනි කොටස🌵
දහ අටවෙනි ඉඩෝරය🌵
දහනව වෙනි ඉඩෝරය🌵
විසිවෙනි ඉඩෝරය🌵
විසි එක්වෙනි ඉඩෝරය🌵
විසි දෙවෙනි ඉඩෝරය🌵
විසි තුන්වෙනි ඉඩෝරය🌵
විසි හතරවෙනි ඉඩෝරය🌵
විසි පස්වෙනි ඉඩෝරය🌵
විසි හයවෙනි ඉඩෝරය🌵
විසි අටවෙනි ඉඩෝරය🌵
විසි නවවෙනි ඉඩෝරය🌵
තිස්වෙනි ඉඩෝරය🌵
තිස් එක්වෙනි ඉඩෝරය🌵
තිස් දෙවෙනි ඉඩෝරය🌵
තිස් තුන්වෙනි ඉඩෝරය🌵
තිස් හතරවෙනි ඉඩෝරය🌵
තිස් පස්වෙනි ඉඩෝරය🌵
තිස් හයවෙනි ඉඩෝරය🌵
තිස් හත්වෙනි ඉඩෝරය🌵
තිස් අටවෙනි ඉඩෝරය🌵
තිස් නවවෙනි ඉඩෝරය🌵
හතලිස් වෙනි ඉඩෝරය🌵
හතලිස් එක්වෙනි ඉඩෝරය🌵
හතලිස් දෙවෙනි ඉඩෝරය🌵
හතලිස් තුන් වෙනි ඉඩෝරය🌵
හතලිස් හතරවෙනි ඉඩෝරය🌵
හතලිස් පස්වෙනි ඉඩෝරය🌵
හතලිස් හයවෙනි ඉඩෝරය🌵
හතලිස් හත්වෙනි ඉඩෝරය🌵
48.ඉඩෝරය නිමාවී උදා වූ වසන්තය🌸
පසුවදන ( author's note)

විසි හත්වෙනි ඉඩෝරය🌵

1.1K 245 34
By TaraNemeth9

යෙහාරගෙ pov💚

උදේ දහයත් වෙලා.....
අදට ගෙදර වැඩ ඉවරයි.....මම රොවේන්ව මුණ ගැහෙන්න යනවද නැද්ද???
ඒක හිත හිත මම පැයක් විතර කාමරේ වටේ ඇවිද්දා....

අයියගෙ යාළුවා රොවේන්....අයියා එයාට කතා කරනවා අහලා තිබුණට මම එයාට කතා කරලත් නෑ...
දැකලත් නෑ..

ඒත් එයාට ඇයි මට කතා කරන්න ඕනෙ...
එයාගෙ යාළුවට රිදෙවිවා කියලා මට ගහන්නවත්ද දන්නෑ......
ඒත් අයියගෙ තොරතුරක් දැනගන්න තියෙන අවස්ථාවක්නෙ...
මම නොගියොත් පසුතැවෙයි...
ඒ නිසා කෝකට හරි යංකෝ....
මම හුස්මක් අරගෙන ටවල් එකත් කරට දාන් වොෂ් එකක් දාගන්න ගියා..
උදේ ඉදලා පිටි හලලා ඇග පුරාම පිටි...

කේක් ගෙඩිය වගේ...
නංගි හිටියනං කියයි...
ඒත් එයා ස්කූල් ගිහින්...

වොෂ් එකක් දාන් ඇවිත් කොල පාට ෂර්ට් එකේ සුදු ඉරි තියෙන චෙක් ෂර්ට් එකට ඩෙනිමක් ඇදගෙන අම්මටත් යන්නං කියලා මම එළියට බැස්සා....

එයාට මොනාහරි ගෙනියන්න ඕනෙද...ඕනෙ නෑනෙ...අපි කැෆේ එකකටනෙ යන්නෙ....

මම බස් එකක නැගලා නුවරට ගියා...
මම පහුගිය මාසෙම වගේ පේරාදෙණිය ටවුමෙන් මැද මහනුවරට  ආවෙ කලාතුරකින්...
එන්නෙ මොකටද??
ඔෆිස් යන්නෙ නෑනෙ...
මම ඉතිං කොහොමත් ස්වභාව සෞන්දර්යය බලන්න නුවර යන ජාතියේ කෙනෙකුත් නෙවේනෙ....

අනික සමහර විට මම අහම්බෙන් හරි අයියව දකීවි කියලා බයවෙන්න ඇති...එයාව වැරදිලා හරි දැක්කනං එයා කවුද කින්ද මන්ද කියලා නොහිතම මම දුවන් ගිහින් එයාගෙ ඇගට පැනලා බදාගනියි...ආයෙ මගෙන් ඈතට යන්න බැරිවෙන්නම...

මම බස් එකේ යමින් ගමන් ජනේලෙන් එළිය බලන් පාර මැද්දෙ තීරුවේ හිටෝලා තියෙන කණු ගණන් කරා....
බස් යන්නෙ ඒ තරං වේගෙන්.....ඇවිදගෙනත් යතෑකි ඕනනං...

කෝ රොවේන් කියපු තැන...
මම හොයන් ගියා...
මම සාමාන්‍යයෙන් කැෆේ වලට යන කෙනෙක් නෙවේ කොහොමත්.....ඉතිං ටිකක් අමුතුයි වගේ...
මොකද රුපියල් පනහෙ මාළු බනිස් එක එකසිය පණහක් දීලා කන්න තරං මම පොෂ් නෑ...

ඒ කීව තැන කැෆේ එකක් කීවට අර කේක් කාලා නෙස්කැෆේ බොන තැනක් නෙවෙයි වගේ..
නිකං ක්ලබ් එකක් වගේ තැනක්....
පොෂ් පීපල්ස්ලගෙ තැනක්නෙ...
ටිකක් කළුවරයිත් එක්ක....

මම යනකොට ඇතුලෙ හිටියෙ කළු  ෂර්ට් එකක් ඇදගත්ත එක කොල්ලෙක් විතරයි...

"ඔයාද රොවේන්..."

මම ළගට ගිහින් ඇහුවා....

කළු ටී ෂර්ට් එක ඇදන් හිටිය කොල්ලා මං දිහා උඩ ඉදලා පහළටම බැලුවා....බලලා ළා හිනාවක් එක්ක ඔලුව වැනුවා...

"ම්ම්...ඔව්....ඉදගන්නකො "

ඒ කොල්ලා අමුතුවට බලලා කීවා.....මමත් ඉදගත්තා.....

"ඇයි මට එන්න කීවෙ..."

මම ඉක්මනට ඇහුවෙ මේ වැඩේ ඉවරයක් කරගන්න ඕනෙ නිසා....
මට ඕනෙ ඉක්මනට අයියට සම්බන්ධ හැමදේකින්ම ඈතට යන්න....

අවුරුදු ගණන් බලන් ඉන්න මිනිස්සු ගැන ලස්සන කතන්දර තිබ්බට...ඒවා හරිම ආදරණීයයි කියලා හිතුණට එහෙම කවුරු හරි එනකන් බලන් ඉන්න සිද්ධ වෙන මිනිස්සු විතරමයි දන්නෙ පපුව හූරගෙන යනවා වගේ දැනෙන ඒ හැගීම......

" මම ඔයා හොයන කොල්ලා නං නෙවේ...ඒත් මමත් කෙනෙක් හොය හොය හිටියෙ.....පන්දාහකට දුන්නොත් මොකෝ කියන්නෙ...."

මම ඌට දෙකක් ඇදලා අරින්න අත මිට මොලවලා ඉස්සුවා...යකෝ...මේ රොවේන් කාරයා එන්න කීවෙ මොන වගේ තැනකටද...

මම ගහන්න හදනකොටම හෝව් හෝව් කියාගෙන මං ලගට ආවෙ උස මහත බොඩි බිල්ඩර් කෙනෙක් වගේ ඇගක් තියෙන කොල්ලෙක්...

"යෙහාර නේ...."

එයා අහද්දි මම ඔලුව වැනුවා...
මෙයා තමා රොවේන් එහෙනං.....

"කෝ මෙහේ එන්න....රණ්ඩුවලට පැටලෙන්න හොද ඒරියා එකක් නෙවේ මේ හරිය..."

මාව එහාට එක්ක යන ගමන් රොවේන් අර කොල්ලට රැව්වා...

"දැන්වත් පලයං...මූණට පාරක් වදිනකං ද ඉන්නෙ...."

ඒ කොල්ලා බයවෙලා යන්න යද්දි අපි එහාට ගිහින් කොණක ඉදගත්තා..

"සොරි මෙහෙම තැනකට එන්න කීවට...මට හිතන්න තිබ්බා යෙහාර මේ වගේ තැන් වලට හුරු නෑ කියලා...
කාටවත් වැඩිය නොපෙනි හම්බෙන්න පුලුවන් මෙහෙම තැනක තමා....අනික මට හිතාගත්තෑකි ඇයි ශෙනාලයා උඹට කැමති කියලා....
උඹ අහිංසකයි ...ඒත් කවුරුහරි රෝන් සයිඩ් ආවොත් අහිංසකකම පැත්තක තියලා චණ්ඩියෙක් වෙන්නත් පුලුවන්නෙ...."

වෙනදා නං මගේ හොදක් කියනවා ඇහෙද්දි  ආඩම්බර හිතෙන්න තිබ්බා.....
ඒත් අයියව මතක් කරපු නිසා මට දැනුනෙ රිදිල්ලක් විතරයි...

"ඒවයින් වැඩක් නෑ....මට එන්න කියපු කාරණාව කියන්න රොවේන්..."

"ඒක ....මට දැනගන්න ඕනෙ ඔයයි ශෙනාලුයි අතර මොකද්ද සිද්ධ වුණේ කියලා....මම දන්නවා වැරැද්ද ඌගෙ කියලා....ඒත් මොකද වුණේ....ඌ කියන්නෙත් නෑ....ඒත් ඌ ඉන්නෙ හොදටම අවුලෙන්....මට තේරෙන්නෑ මොනවා කරන්නද කියලා "

මම රොවේන් දිහා නොබලා අහක බලන් හිට්යා....අයියා අවුලෙන් ඉන්නවා කීවම සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට හිතාගන්න බෑ...

අයියා මම නැතුව හරි සතුටින් හිටියනං හොදයිද???
නැත්තං එයාට මං නැති අඩුව දැනෙන්න ඕනෙද...

"අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ....ඒ නිසා තව කල් යන්න කලින් අයින් වුණා...අනික එයාට බදින්න කෙනෙකුත් ඉන්නවනෙ...."

නුගාරා ගැන කතා කරන එක අමාරුයි....මාව මහ කැත ඉරිසියාවකින් පිරිලා යනවා....මට අයියගෙ අතකින්වත් අල්ලන්න බැරුවට එයාට එහෙම පුලුවන් කියලා හිතෙනකොට...

"ශෙනාලයා නුගාරාගෙන් අයින් වුණා....ඒත් මට බයයි මල්ලි.....එයා මහ අමුතු වෙලා....හිටි ගමන් ඔහේ බලන් ඉන්නවා....හරියට මේ ලෝකේ නෙවෙයි වගේ....ඉස්සරත් එයා අමුතුයි තමා....ඒත් මේ වගේ නෑ....
දැන් නිකං....මම මෙහෙම කියන්න කැමති නෑ...එයා නිකං ලෙඩෙක් වගේ...අර දොස්තර කෙල්ල හැම වෙලේම ආයා වගේ එයාට කවන්න පොවන්න එනවා....මට ඕනෙ ආයෙ ඔයා එයාට ළං වෙනවා දකින්න...වෙන් වෙච්ච හේතුව මොකක් වුණත් එයාව එහෙම ලේසියෙන්  අතාරින්න එපා මල්ලි....මගේකා ගොඩක් දුක් වින්ද කෙනෙක්....මං දන්නවා ඔයත් ගොඩක් ප්‍රශ්න තියෙන ළමයෙක් කියලා...ඒත් මට උදව් කරන්න මල්ලි ප්ලීස්...."

අයියා නුගාරාගෙන් අයින් වෙලා...ඒත්..ඇයි...?? මං නිසාද?? ඒත් එයාමනෙ මට කීවෙ දෑහට පේන්න එන්න එපා කියලා...

මම රොවේන් දිහා බලද්දි ඒ උස මහත කොල්ලගෙ ඇස් වල කදුළු පිරිලා....
අයියා ගැන මෙයාට ඒ තරං ලොකු හැගීමක් තියෙනවද...
මං වගේ නිකම්ම කොල්ලෙක් ඉස්සරහා අඩලා උදව් ඉල්ලන්න තරං...
එයා මට මල්ලි කියලත් කීවා..

"අයියේ....අහන්නකො...මම නෙවේ ශෙනාල් අයියා තමා මගෙන් ඈත් වුණේ...එයාමයි මට ඈතට යන්න කීවෙ...ඉතිං මං කොහොමද බලෙන් එයාට ළං වෙන්නෙ....මම මේ මාසෙ ජීවත් වුණේ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නවද...
එයා මට කතා කරයි කියලා ෆෝන් එක තුරුල් කරන් නිදාගත්තේ....
එක මොහොතක චාජ් එක බැහැලා තිබ්බත් මම බය වුණා ඒ වෙලාවෙම කතා කරයි කියලා.....දොරට කවුරුහරි තට්ටු කරන හැමවෙලේම අනේ ඒ එයා නං කියලා හිතුණා.......
ඔයා මේ ඉල්ලන ඉල්ලීම ආත්මාර්ථකාමියි අයියේ....මම අමාරුවෙන් පැලැස්තර දාලා අලවගත්ත හිත ආයෙ ආයෙ කෑලි වලට කඩාගන්නෙ කොහොමද මම..."

මම ආව ආවේගෙටම කියෙව්වා....

අනේ මගේ අයියා ලෙඩෙක් වගේ ඉන්නවා දකින්න ආස නෑ මං.....
එයා හැමදාම කීවෙ මම නැත්තං එයා මැරිලා වගේ වෙයි කියලා......
එයා මම නැතුව හරි සතුටින් ඉන්නවනං .....
ඒත් අයියා කොහොම හිටියත් මට බෑනෙ බලෙන් ළං වෙන්න.....එයාමයි මාව ඈත් කරේ......

"ඔයා හරි මල්ලි......ඔයාට කරන්න දේකුත් නෑ...ඒත් ඊයෙ හොස්පිට්ල් එකේදි එයා නොසෑහෙන්න ඇඩුවා...එයාට ආදරේ හැමෝම එයාට නැතිවෙන්න තරං එයා කොච්චර පව්කාරද කියලා...එයා කෙලින් නොකීවට ඔයාව අමතක කරලා නෑ මල්ලි....එයාට පිළිගන්න බෑ විතරයි...එයාට ඔයාව ඕනෙ..."

"හොස්පිට්ල් එකේ ඇයි??? "

මම බයවෙලා ඇහුවා...

"ශෙනාල්ගෙ තාත්තා ගෙදරදි වැටිලා...එයාට අමාරුවක් නෑ....ඒත් එයා බයවුණා එයාට කවුරුත් නැතිවෙයි කියලා...."

කාටවත් කරදරයක් වෙන්න ප්‍රාර්ථනා කරන්න හොද නෑ තමා...
ඒත් ඒ වැටුණේ අයියා නොවී තාත්තා වුණු එක ගැන මට සැනසීමක් දැනුනා..

"එයාට මාව කොච්චර ඕනෙ වුණත් වැඩක් නෑ අයියෙ එයා ඒක පිලිගන්නෙ නැත්තං...
මම එයාට බලෙන් ළං වෙලා ආයෙ මං එක්ක ඉදලා ආයෙ ටික දවසකින් මාව එපා වුණොත්....."
අන්තිමට මගේ කටහඩ බිදෙන්න ඇති..
රොවේන් ගෙ අත මගේ උරහිස අතගෑවා...

"සොරි මල්ලි....ඔයා හොද ළමයෙක්...ශෙනාල්ට ලැබෙන්න පුලුවන් හොදම කෙනා....ඔයා එක්ක හිටිය ඒ දවස්වල තමා ඌ සතුටින්ම හිටියෙ....හැම වෙලේම කතා කර කර මගේ පොඩි එකා මෙහෙමයි මගේ ඌරු පැටියා මෙහෙමයි කියලා කියවනවා......මං ඉල්ලන්නෙ එයාව අතාරින්න එපා කියලා විතරයි පොඩ්ඩෝ....ඔය දෙන්නා අතර ප්‍රශනයක් වෙන්න ඇති...ඒත් තාම ඔය දෙන්නම දෙන්නට දෙන්නා ආදරෙයි....කාලය ප්‍රශ්න විසදයි...එතකන් ටිකක් ඉමුද....මමත් කැමතියි ඔයාව මගේ යාළුවෙක් කරගන්න...
මම රොවේන් සත්සර හතරසිංහ....
හමුවීම සතුටක්..."

මගේ කම්මුලක් මිරිකලා හිනාවෙලා රොවේන් එහෙම කීවා....

අයියා එයාගෙ යාළුවාට මෙච්චර ආදරේ ඇයි කියලා මට තේරුණා...
එයා හරිම අවංක , කෙලින් කතා කරන කෙනෙක්.....
ඒත් මට ඉරිසියයි....අයියගෙ කටහඩ අහන්න මට බැරි වුණාට මෙයාට පුලුවන්නෙ....අයියව දකින්නත් පුලුවන්නෙ....

"බයවෙන්න එපා පොඩ්ඩෝ...හැමදේම හරියයි...දැන් යං..."

අද හම්බවුණාට රොවේන් එක්ක මට හොද හැගීමක් දැනුනා....එයා හොද යාළුවෙක්...සහොදරයෙක් වගේ හැගීමක්...

එතකොට තමා මට එයා කලින් කියපු එක දෙයක් මතකෙට ආවෙ....

"අයියෙ ...මොකද්ද අර දොස්තර කෙල්ල කතාව....ඉන්සියා අක්කද  ඒ??'

රොවේන් මූණ අකුලගත්තා..

"ඔව් ඔව්...ඒ වෙසක් කූඩුව තමා...මට ඒකිව අල්ලන්නෙම නෑ...දැක්කම මූණට දෙකක් දෙන්න හිතෙනවා...ශෙනාල්ගෙ වටේමයි කැරකෙන්නෙ...හරියට නිකං ශෙනාල් බිදෙන්න ඔන්න මෙන්න තියෙන පෝසිලේන් භාජනයක් කියලා හිතන්..කෑවද බීවද අහනවා...මං ඉන්නවනෙ.
බය වෙන්න එපා කියනවා..."

ඒ කිව්ව විදිහට මටත් හිනාවක් යන්න ආවා...

"ඔයාට එහෙම හිතෙන්නෙ එක්කො ඔයා අයියට කැමතියි...නැත්තං ඉන්සියා අක්කට කැමතියි..."

මම කියද්දි රොවේන් හයියෙන් හිනාවුණා...

"මම මේ අපේ ශෙනාලයට....හිතන කොටත් අප්‍රසන්නයි......අනික මට කෙල්ලෙක් ඉන්නවා..."

"අයියට අප්‍රසන්නයි කියන්න එපා.."

විහිලුවක් කියලා දන්නවා වුණාට මට එහෙම කියවුණා.....

"අනේ උඹ හරි හුරතල් පොඩ්ඩෝ..."

එහෙම කියලා රොවේන් මගේ කොණ්ඩේ අවුල් කරා...

මම විනීත වෙන්න හිතන් හිටියත් එයා හැසිරෙන විදිහට මටත් එයාව යාළුවෙක් වගේ දැනෙනවා..
ඉතිං මං කොණ්ඩෙ අතගාලා හදාගෙන එයාට රැව්වා...

ඇයි මෙයාලා මම හුරතල් කියලා හිතන්නෙ...මම එහෙම නෑ.....
මම රැව්වම පොඩි උනුත් බයවෙනවා..

රොවේන් මාව බයික් එකේ පේරාදෙණියට ඇරලුවා..

මම ගෙදර යන්න කලින් එදා මම ප්‍රින්ට් කරන්න දීපු කඩදාසි ටික ගන්න ගියා....
මෙච්චර කල් කඩවලට කෑම ජාති දුන්නට අම්මාම හොයලා බලලා තැන් හොයාගෙන දුන්නා විතරයිනෙ...
අපේම දෙයක් ගොඩනගාගන්න නං නමක් ඕනේ....
හිමායා නිෂ්පාදන කියලා නමක් දාලා අපි එක එක මුරුක්කු ජාති, කඩල පැකට් කරලා විකුණන්න හිතුවා..

ඒකට ප්‍රින්ට් කරපු කොල ටිකත් අරන් මම ගෙදර ආවා..

නංගි ගෙදර ඇවිත්....එයා බත් කනවා...

"අම්මා කෝ නංගි..."

"එයාගෙ කොන්ද රිදෙනවා කියලා නිදි....මුරුක්කු ටික එයා උදේ බැද්දා කීවා...පැණිපොරි ටික හදලා තියන්න කීවා පුලුවන් නං.."

මම කාමරේට ගිහින් අම්මා නිදිදත් බලලා ඇදුමුත් මාරු කරන් ෂෝර්ට් එකක් දාන් ආවා.....

අම්මගෙ කොන්දෙ අමාරුව එන්න එන්න වැඩිවෙනවා...කිව්වට හරියකට බෙහෙත් ගන්නෙත් නෑ...

මම කුස්සියට ඇවිත් පැණිපොරි හදන්න පටන් ගත්තා...

ඒක හරි සීරුවට කරන්න ඕනෙ වැඩක්....
තාච්චියක් ළිපේ තියලා බටර් හරි ඇස්ට්‍රා හරි ටිකක් දාලා රත් වෙන්න ඇරලා බඩ ඉරිඟු ඇට දාලා පුපුරගෙන එනකොට පියනකින් වහන්න ඕනේ...
එතකොට තාචිචියේ පොප්කෝන් පිරෙනවා...

ඔය විදිහට හතර පස් පාරක්ම හදලා ඉවර කරලා ලොකු භාජනේක තුනී කරනවා...ඊට පස්සේ ග්ලවුස් එකක් දාගෙන පොප්කෝන් පොඩි කෑලි වලට කඩන්න ඕනේ..

ඊට පස්සේ සීනි සිරප් එක හදාගන්න ඕනේ....පැණි වෙනකන් නොතියා ඇලෙන මට්ටමට බාලා කලරින් බිංදුවකුත් දාන්න ඕනේ....

ඊට පස්සේ ග්ලවුස් එක දාගෙනම පොප්කෝන් සීනි සිරප් එකට දාලා ටේබල් ටෙනිස් බෝලෙක මට්ටමට ගුලි කරනවා...
මේවට කියන්නෙ පැණි පොරිබෝල කියලා....
පැණි වේලිලා බෝල හයි වුණාම හරි රසයි.... මෙහෙ වැඩිය නැතුවට යාපනේ පැත්තේ හරිම සුලබ කෑමක්...

මම පැය එක හමාරකින් විතර බෝල ටික හදලා ඉවර කරලා අරන් තියලා ග්ලවුස් එක හෝදලා අතුත් හෝදගෙන සාලෙට ආවා....

නංගි තාම යුනිෆෝම් එකෙක්....කකුලුත් උඩ දාන් ටීවි බලනවා...

"ඇදුමක් මාරු කරන් එනවා ගිහින්.."

"පොඩ්ඩක් ඉන්න අනේ....."

"උඹට පාරක් දෙන්නද යනවද...."

අම්මා නොබැන්නොත් මේ කෙල්ල මෙලෝ වැඩක් කරන්නෑ...අද අම්මට අසනීපයිනෙ....ඉතිං ඔහේ ඉන්නවා...

නංගි මටත් රවලා කාමරේට යද්දි මම නංගි ඉදන් හිටිය පුටුවේ වාඩිවුණා....

දැන් තමා රොවේන් කියපු දේවල් ගැන හිතන්න ඉස්පාසුවක් ලැබුණේ...

අයියා ඇත්තටම ගොඩක් අවුලෙන්ද ඇත්තේ....මම මට ලැබෙන්න තිබ්බ අන්තිම මාසෙ පඩිය ගැන කතා කරන්න අශේනි මිස්ට කතා කරපු වෙලාවෙ කිව්වා එයා අලුත් CEO විදිහට ආව වෙලාවෙ හැමෝම කොච්චර පුදුම වුණාද කියලා...

එයා එයාට අයිති තැන ඉන්න එක ගැන මට සතුටුයි....ඒත් එයයි මමයි අතර පරතරේ තව වැඩිවෙලා...
එයා ලොකු සමාගමක CEO කෙනෙක් වෙද්දි මම නිකං මුරුක්කු විකුණන කොල්ලෙක්...

එත් මම එයාට ආදරෙයිනෙ....
ආයෙත් එකම එක පාරක් එයාව දකින්න තිබ්බනං...
එයාගෙන් තව එකම එක පාරක් ආදරෙයිද කියලා අහන්න තිබ්බනං...

මෙ විකාර හිත හිත හිටියොත් ගෙදර වැඩක් කරගන්න වෙන්නෙ නෑ...
මම දවල්ට කාලා නංගිත් එක්ක එකතු වෙලා වේලිලා තිබ්බ පොරිබෝල ටිකයි...අම්මා ඊයෙ හැදුව මුරුක්කුයි පැකට් කරා.....

ඔක්කොම පැකට් එකතු කරාම එක ජාතියකින් 100 ගාණේ ජාති පහකින් පන්සීයක්....
හෙට මේ ඔක්කොම කඩවල් වලට අරන් යන්න ඕනෙ......

"මේකත් හරියට ලොකු සමාගමක් වගේ ...නැද්ද හොදයි..."

නංගි හිනාවෙවී කීවා...

"ඔව්...ඔයා තමා CEO....මම තමයි DCEO....මේ අපේ හෙඩ් ඔෆිස් එක..."

මම ඇදන් හිටිය හිල් දෙක තුනකුත් තියෙන ටී ෂර්ට් එකේ කොලර් එක උස්සලා කීවා..

පරණ පාට ගියපු ගවුමක් ඇදන් හිටිය නංගි පොෂ් විදිහට ගස්සලා බලලා මං දිහා බැලුවා...

"මිස්ටර් සත්මිදු...ඊයෙ බජට් රිපෝට් එක හැදුවද...."

"යස් හිමායා මැඩම්.....සීනි මුරුක්කු වලින් 1500 යි, රවුම් මුරුක්කු වලින් දෙදහයි...බැදපු කඩල වලින් හත්සිය පණහයි..."

අපි දෙන්නම හිනාවෙවී ඉදියා...
වැඩේ ඉවර කරලා නාගෙන රෑට උයද්දි තමා අම්මා ඇහැරුණේ...

එයාට ටිකක් අමාරුයි...තාම කොන්දෙ අමාරුව අඩු නෑ...
නංගි බය වෙලා ටිකක්....අම්මට පොඩි අසනීපයක් හැදුණත් එයා බයයි...

අම්මටත් බත් බෙදලා දීලා මමත් කාලා නංගිටත් කෑම කන්න කියලා මම ටවුන් එකට ගියා අම්මගෙ කොන්දට ගාන්න බෙහෙතක් ගන්න...

එළියට බහිනකොට ගේ කිට්ටුව ළග ඉදලා කවුදෝ ඇවිදගෙන ගියා වගේ මට දැනුනා....
මම එතනට ගියා...
ජනේලෙ ළග....හරියට කවුරුහරි ඇතුල බලන් හිටියා වගේ...

මම ඒ පැත්තට දිව්වා...ඒ කවුද කියලා බලාගන්න එපැයි......
වේගෙන් ඇවිදන් යන කළු ඇදගත්ත රූපයක්....මම පිටිපස්සෙන් දිව්වා...

මම කළු පාට බයික් ග්ලවුස් දැම්ම අතින් අල්ලලා ඇද්දා......
කැප් එකක් දාලා....මාස්ක් එකකුත් දාලා.....

"තමුසෙ කවුද...ඇයි ජනේලෙන් බලන් හිටියෙ....."

මම ඌව එහා පැත්තෙ තිබ්බ බැම්ම දිහාට තල්ලු කරලා ඇහුවා....
ඌගෙ උරහිස බැම්මෙ වදිද්දි තඩ් කියලා සද්දයක් ඇහිලා උගූර යටින් සද්දෙකුත් ආවා...
රිදෙන්න ඇති..

දැන් රෑ දහයට කිට්ටු ඇති....
මේ වෙලාවට ජනේලෙකින් එබෙන්නෙ අසහනකාරයෙක්ම තමා......උරහිස වැදෙනවට වඩා දෙයක් වෙන්න ඕනෙ..

ඒ මනුස්සයා මම මූණට එබිලා කෑ ගහද්දි මුකුත්ම නොකියා මං දිහා බලන් හිටියා....
ඒ කෙනා උසයි...ඒත් ලොකු ජැකට් එක නිසා හරියට අදුරන්න බෑ...
අනික ලයිට් එළියකුත් නෑ....
මට මූණක් පේන්නෙත් නෑ....

එක පාරටම ක්ෂණිකව ඒ මනුස්සයා  මගේ උරහිසින් අල්ලලා අපි දෙන්නව කරකලා එහා පැත්තට හැරෙව්වා....

මට මතක් වුණේ අයියා kcc එකේ වහල උඩදි මාව කිස් කරන්න හදපු වෙලේ ඔහොම කරපු හැටි...

ඒත්...මේ අයියා වෙන්න බෑ....මට මේ විදිහ නුහුරුයි...බය හිතෙනවා...මම දගලන්න හැදුවත් මගේ කටට අර ග්ලවුස් දාපු අතක් තද වුණා...හරියට දඩු අඩුවක් වගේ....
මේ අයියා නෙවෙයි...අයියා වගේ දැනෙනවා...ඒත් අයියා නෙවෙයි...

ඒ කෙනා ඇගෙන් මාව තද කරන් එක අතකින් මගේ කට තද කරගෙන අනිත් අතින් මගේ ඇග දිගේ අත ගෙනියද්දි මට හොදටම බය හිතුණා...

"අනේ...අයියේ...අයියේ...බේරගන්නකො..බේරගන්නකො...අයියේ...මට බයයි.."

මට මේ වෙලාවෙත් මතක් වුණේ අයියවමයි....මම ඇස් පියාගෙන එයාට කතා කරා.....
එයා එන්නෑ කියලා දැන දැනම මට ඕනෙ වුණේ එයා.....

මම බය වෙන කෙනෙක් නෙවේ.... කවුරුහරි මගේ අතින් ඇල්ලුවත් අනිත් පැත්ත හැරිලා ඔලුවට ගහන කෙනෙක්....ඒත් මේ වෙලාවෙ මාව බය කරේ මට මේ මනුස්සයව අයියා වගේ දැනුන එක....
ඒත් මේ එයා නෙවෙයි කියලා මට තේරුණා....

මම අයියට කතා කරා විතරයි පොර ගැස්සුණා.....මගේ ඇග දිහාට මොනවදෝ විසි කරලා එක පාරටම මාව බිමට ඇතෑරලා ඒ මනුස්සයා හැරිලා දිව්වා.....

මම වෙවුල වෙවුලම බිම ඉදගත්තා..
ඒ මනුස්සයා මොනවද විසි කරේ...

චොකලට් එකක්?? වයිට් චොකලට් එකක්??
ඒ චොකලට් එකේ ගැට ගහලා තිබ්බෙ කොළ පාටයි රතු පාටයි එකට වියපු නූලක්....ඒක කවුරුහරි නූල් වියලා නුපුරුදු කෙනෙක් අතින් වියපු එකක්...

මම චොකලට් එක අතට අරන් ඇළ පැත්තට විසි කරා.....
ඒත් මේ නූල....චොකලට්...

මම දැන් දන්නවා අයියා මුණ ගැහුණ දවස...එදා එයා මට චොකලට් එකක් දුන්නා...ඒත් මේ අයියා නෙවේනෙ...
මේ ආව කෙනා  කොහොමද නූලයි චොකලට් එකයි ගැන දන්නෙ....

චොකලට් එක විසි කරත් මම නූල තියාගත්තා...

මගේ ඇග තාම යන්තමට වෙවුලනවා...ඒත් බෙහෙත නැතුව ආපහු යන්න බෑනෙ......

මම ෆාමසියට ගිහින් බෙහෙත අරන් ආපහු ගෙදර ආවෙ ඒ භයානක හැගීම තාමත් දැනෙද්දි...

"අයියා මොකෝ....හොදින්ද...."

නංගි අහද්දි මම ඔලුව වනලා ඔව් කීවා..."

ඒත් රෑට නිදාගද්දිත් මට ඒ මනුස්සයා මැවිලා පෙනිලා බය හිතුණා...

මතුසම්බන්ධයි~

Continue Reading

You'll Also Like

11.1M 255K 60
𝐅𝐫𝐨𝐦 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 𝐭𝐨 𝐋𝐨𝐯𝐞𝐫𝐬 Enzo Mariano is known for being nothing but ruthless. He is feared by all in the Italian mafia. He kills on...
10.4K 2.7K 25
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... _______________________________________...
24.3K 3.4K 21
සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කර...
32.6K 5.8K 42
හදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizh...