- Plot 23 -

By Bulbz_D

869K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

-75-

6.3K 814 262
By Bulbz_D

ඒ මීට අවුරුදු දහ අටකට කලින්, තෙත අදුරු රාත්‍රියක්... ; මුළු විලේජ් එකම වැස්සෙන් වෙන බලපෑමට වඩා දරාගන්න අමාරු වෙනස්වීම් ගොඩකට මුහුණ දෙමින් ඉදපු රාත්‍රියක්.... කලබලකාරි වාතාවරණයක් මැද, සපත්තු අඩි වතුරවලවල් උඩින් නිතර චරස් හඩවල් මවපු රාත්‍රියක්.... ; එදා රාත්‍රිය, අවුරුදු දහඅටකට පස්සේ පවා හැමෝටම අභිරහසක් ඉතිරි කරන්නට නියමිත රාතියක් වෙයි කියල කවුරුත්ම අනුමාන කරන්නට නැතුව ඇති... ඒත් ඒක සිද්ධ උනෙත් එහෙම.....

බියජනක වාතාවරණය මැද්දේ, වේඝර්ණලාත් ආශක්‍යසිංහලත් අතර ඇවිලීම තව තවත් නොසන්සුන්කාරී වෙන ලකුණු පෙනෙද්දි සේරම ගෙවල්වල පහන් වේලාසන නිවිලා.... එකක් ඇර.. ඔව් , සුවදායී කැෆයින් හැගීමක් දෙන ටයිඩ්‍රැක්ස් එකේ දෙවෙනි මහලෙන් තාමත් නික්මෙන්නෙ මලානික ආලෝකයක්....

ඇයගේ පියවර නොසන්සුන්...ඒ පියවරවල තාලයට ලී බරාදයෙන් බර බර සද්දයක් එනවා... ඇගේ ඇස්වල, විඩාව... ?? සමහරවිට භීතිය.... ඊට එහා ගියපු අමුතු හිතුවක්කාර ගතියක් ? කලබලකාරී බව..... නෑ , ඒ හැම දෙයක්ම පරයමින් ඇදිලා තිබුනේ දරාගත නොහැකි රැවටිමකින් ශේෂ වුන වේදනාවක සලකුණු... තවමත් ඇයට හුස්ම ගන්න අමාරුයි.... එන්න එන්නම , ඇය විටෙන් විට බිත්තියට වාරු ගන්නේ මතු වෙන කේන්තියකින් වගේම , දරාගන්න බැරි බලාපොරොත්තු කඩවීමකින්..... වම් අතේ වෙදැගිල්ලේ  පාමුල හිර වෙලා තියෙන , වයිරෝඩිය !!! ඇයට ඇය ගැනම උපදින්නේ උපහාසයක්.... ඇය දෙතුන් විටක් එහෙ මෙහෙ කැරකැවූ මුදුව දැනටද ඇගේ වෙදැගිල්ල කිදා බසිමින් වලයාකාර කැපුම් ශේෂ කරල.....ඒත්, තවමත් ඇය දුර්වලයි..... වසර හතක ආදරයක් ඉදිරියේ, මොන තත්වය මත උනත් ඒ මුදුව ගලවලා ඉවතට විසි කරන්න ඇගේ සිත තවමත් දුර්වලයි..., ඒ වගෙම ඇගේ සිත ලෝබයි....

පරිස්සමට කොට්ට තියල වට කරපු ඇදක , සුවදායී නින්දක ඉන්න රෝස පාට කිරිකැටියා දැන් ඇයට ගේන්නේ දරාගන්න බැරි හැගීමක්.... තාම මෝරලවත් නැති පුංචි අත් ගුලි කරගෙන ඉන්න තමන්ගේ කිරි කැටියත්, තවත් නොපෙනෙන මානයක තියෙන හැගීමකත් ඇය හිරවෙලා..... ඇයට දුරින් ඇසෙන එක හඩකට පවා ඈ ඕනවටත් වඩා ගැස්සුනා.....ඔව් ,

ඒ ඇය , සිනල්‍යා වේඝර්ණාරච්චි .... වේඝර්ණලාගේන් පිටමං කරපු උරුමය ....

ඉතින් ඇයට තීරණයක් ගන්න වෙනවා, වගේම ඇයගේ කියලා බිදෙන්නට ඉතිරි කිසි දෙයක් දැන් ඇයට පේන්නෙ නැති තරම්.... ඇගේ කලබලකාරි , ඇස් ඉක්මනින් එල්ල වුනේ වේගෙන් කටු කැරකැවෙන ඔරලෝසුව දිහාවට.... ඒක අංශක අනූවක කොණයක් හදන්න ගොඩක්ම ළගයි....

" කෝමටත් මට ඕනේ කොල්ලව විතරයි ..... "

ඒ වචන ආයෙමත් ඇගේ මතකය තුළින් මතුවුනේ දරාගන්න බැරි හැගීමකින් ඇයව දුර්වල කරන අතරෙ.... ඒ හැගීම ඇගෙන් එළියට පෙනුනේ වෙව්ලන අත්වලිනුත්, සැරින් සැරේට අතට තෙරපෙන නියපොතුවලිනුත් විතරක්ම වෙන්න ඇති... ඒත් , ඒ ඇස්වල තියෙන වේදනාවෙ නම් කිසිම අඩුවක් නෑ..... කාලය තවත් ළං වෙලා....

" නවයට ගග ගාවින්... , දරුවව තියන්න.... ඔයාම ඇවිත් එයාව තියල යන්න ... මොකද , මම මගේ දේවල් උදුරන් යන්න කැමති නෑ.... අහ්, මම දන්නවා ඔයා බෑ කියනවා කියලා , ඉතින් මට සිද්ධවෙනවා ඔයාට මතක් කරන්න.... ඔයාලගේ තාම ඇවිදගන්නවත් බැරි වේඝර්ණ උරුමය , ඉන්නේ අපි ගාව කියල.... "

ඇය නිශ්ශබ්දව කොට්ට අතරට මැදි කරලා ඉදපු, රත හැරිලාවත් නැති අත දරුවාව දෝතට අරගෙන පපුවට තුරුළු කරගත්තේ දරාගන්න බැරි තරමින් පපුවට පිරෙන වේදනාවට...නිහඩ කාමරය පුරාවට ඇතිවුන තනිකමත් අසරණ හැගීමත් නිසා, ඇගේ තොල් අතරින් වේදනාකාරි ඉකිබිදීමක් පිටවෙන්න ගතවුනේ හරිම පොඩි වෙලාවක්....කොහොමටවත් , මේ ඇය හීන දැකපු ෆැන්ටසිය නම් නෙවේ... ඔහු, ඇයට මවලා පෙන්නපු ෆැන්ටසියෙත්  මේම කොටසක් මතක් කරගන්න ඇයට සැහෙන අමාරුයි !..

ඒත්, දේවල් සිද්ධ උනේ එහෙම නම්...., ඒ හැම දෙයක්ම අන්තිමට වචන විතරක්ම ද ? එත් තවමත් ඒ වචනවලට ඇය බොළද විදියට බැදිලා....

" දෙය්යනේ ළමයො !! ඇයි මේම දෙයක් කරන්න හැදුවේ ම්ම්ම් ??? එයා අපි ගාවට ආව නම්, එයාට එන්න දෙන්න ළමයො.... කෝ... මට පොරොන්දු වෙන්න ආයේ එයාව නැති කරන්න හිතන්නේවත් නෑ කියල ??.... කෝ, මම දන්නවා ඔයා හිතකින් ඒම නොහිතුව බව... මගේ වැරැද්ද සිනල්‍යා... මේක සම්පුර්ණයෙන් මගේ වැරැද්ද... , ඉතින් මම ඔයාගේ ඔලුවට අත තියලා දිවුරන්නම්....... කවදාහරි ඔය දෙන්නවම ආශක්‍යසිංහ මැන්ශන් එකට ගන්නවා.... දෙය්යනේ , පොඩ්ඩක් වයසට ගිහින් හරි මම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ .... "

පුංචි කිරිකැටියව, ලා නිල් බ්ලැන්කට් එකෙන් තවත් පරිස්සමට ඔතපු ඇය දරුවාව වඩාගත්තේ ඇස්වලින් ගලන ලොකු දාරක සෙනෙහෙකින්... තවමත් ඔලුව උඩ අතට වඩාගන්න බැරි, සතියක එකහා මාරක පුංචි දරුවගේ බෙල්ල වටේ තියෙන කළු පාට නූල ඇය පරිස්සමට පිළිවෙලක් කලෙ ඇස්වල කදුළු අතුරුදහන් කරගෙන.... ඔව්, ඇයගේ ඇස්වලත් ඇදෙන්නේ තරමක උපහාසයක්... , එක වෙන්න ඕන මෙහෙම නම් එහෙම උනාවේ....

ගග ගාවට එනකම්ම තමන් ඇවිදගෙන ආවේ ඒ, දරුවගේ කැරකැවෙන ඇස් දිහා බලාගෙන කියලා ඇයට විශ්වාසයි.... හොදටම වහින වැස්සට ඇය තව තවත් කිරි කැටියව උරහිස්වලින් වහගත්තෙ , ඒ කළු පාට ලොකු ඇස් දිහා විතරක් බලාගෙන... අනිත් කිසිම දේකට ඒ අතදරුවා තවමත් පොඩි වැඩියි.... ඇති වෙනකන්, ඇගෙ සෙනෙහේ දියරෙන් බඩ පුරවගත්ත පැංචා තවමත් කලබයක් නැත්ව ඇස් කරකවල ඇය දිහා බලනවා....

" අනේ ඕම ඇස් කරකවනකොට මට උනත් ලෝබ හිතෙනවනේ මගෙ දරුවෝ.....? "

" මගේ ආඝර්ව...... මගේ පැටියටවත් මේ ලෝකෙ ඇත්තටම ආදරේ කෙනෙක් ලැබෙන්න ඕනෙ වස්තුවේ.... මේ රැවටිල්ලේ තියෙන වේදනාව මගෙ වස්තුවට කවදාවත් ලැබෙන්න එපා.... ඒත් ඔයා නිසාවත් අප්පච්චිට වෛර කරන්න අම්මට බෑ මගේ පුතේ.......

ඇය මේ නොනවත්වා මුමුණන්නේ දරාගන්න බැරි හිත් වේදනාවකින්.... අවුරුදු විසි ගානක් එයාව බලාගත්ත පවුල , සහෝදරයෝ තනිකරල ඇය මේම තීරණයක් ගත්තේ අතරමැද තුංමං හංදියකින් දෙපැත්තකට හැරිලා යන්න නෙවේ..... ඒත්, සිද්ධ උනේම ඒක නෙවේද ?

මුරුගසන් වැස්සේ ගග ගාව ඒ විදියටම තෙමීගෙන ඉදපු උස පිරිමි රුව තාමත් ඇයව සලිත කරවනවා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවේ... ඒ ඔහු, වත්මන් ආශක්‍යසිංහ උරුමය... බොහෝමයක් යොරෙල්වරුන්ගෙද ආදරය දිනාගත් සුන්දර මනුශ්‍ය ආත්මය.... ඔවුන් දේවත්වයේ තියල වර්ණනා කරන සර්ව සම්පුර්ණ චරිතය භාතිය ආශක්‍යසිංහ ....... ඇයට තාමත් ඒ ඇස්වල හොයාගන්න පුළුවන් කේන්තියකින් යටපත් උනු ආදරණීය හැගීමක් විතරමයි.... ඒ තොල් අතරින් , පරිස්සමට මගෙ ඇපල්මල කියල නික්මෙනකන් ඇය බලන් ඉදියේ සෑහෙන උනන්දුවෙන්.....ඒත් ,

භාතිය ආශක්‍යසිංහගේ අතේ ඉදපු අවුරුදු එකහාමාරක විතර පුංචි පිරිමි ළමයගේ වේදනාකාරී සද්දෙන් ඇගේ හදවත කීරි ගැහිලා ගියේ ඇසිල්ලක පරක්කුවට....

" ඔයා මට පොරොන්දු උනා !!! එයාට කරදරයක් කරන්නේ නෑ කියල ... " ඇය කිව්වේ පරණ පුරුද්දෙන්... පොරොන්දු ? භාතිය ආශාක්‍යසිංහ එයාට දුන්න අහස උසට දුවන පොරොන්දුවලින් තව මොනවද කැඩෙන්න ඉතිරි..... ???  තාමත් නිශ්චල ඒ පිරිමි රුවත් , අතේ ඉදපු දරුව ගැන සැලකිලිමත් බව ඇයට නොපෙනුනාම නෙවේ....

" මම කරදරයක් කෙලෙ නෑ... " ඔහු ඉක්මනට කිව්වේ ඇගේ වැරදි වැටහීම ගැන කොහෙන්දෝ මතුවුන බයකින්... ඒක තේරුමක් නෑ කියන්න භාතිය ආශාක්‍යසිංහ දන්නවා.... එයාගේ ඇස් ඉක්මනින්ම හොරකම් කලේ සිනල්‍යාගේ අතේ ඉදපු පුංචි පොදිය.....

" එයාව බිමින් තියන්න.... " භාතිය ආශක්‍යසිංහ කිව්වේ හැගීම් විරහිතව.....

" මට එයාව ඔයාගේ අතටවත් බාර දෙන්න බැරිද භාතිය .. ? මේ අපේ දරුවනේ ...... "

" සිනල්‍යා මේ !!! දරුවට අන්තිම වතාවට කියන්න තියෙන දෙයක් කියල කරුණාකරල බිමින් තියන්න.... ආයේ ඔයාට මගේ දරුවව බලන්න බෑ.... "

" ඉන්න !! ඔයා ඒම දෙයක් මට කිව්වේ නෑ ? "

" ඉතින් දැන් කිව්වනේ... එයාව පැත්තකින් තියන්න.... මෙ කොල්ලව ඕනෙද එපා ද ? " භාතිය ආශක්‍යසිංහ ඇහුවේ එයාගේ අතේ ඉදපු පොඩි එකාව පෙන්නලා.... නොනවත්වා අඩන ඒ රතු පාට ඇස් දෙක, තත්පර ගානකට ඇඩිල්ල නවත්තලා මේ බලන් ඉන්නේ සිනල්‍යා වේඝර්ණාරච්චිගේ පුරුදු පාට උන රතු ඇස් දිහා.... ඒක ලොකු බලාපොරොත්තුවක්..... , හරියට අදුරන කෙනෙක් හම්බුනා වගේ..... ඒ පුංචි දරුවා.... වත්මන් වේඝර්ණ උරුමය.... නෙරපුවේ ඒ පවුලෙන්ම උනාට, අතීත උරුමය විදියට තවමත් ඇගේ ලේ , ඒ බිළිදු රතු ඇස් වෙනුවෙන් කකියනවා කිව්වොත් මම වැරදි නැතුව ඇති... එයාගේ දුර්වලතාවය හොදටම දන්න භාතිය !! ඔව්ව් , එයාට මේ ක්‍රමය පාවිච්චි කරන එක මහ දෙයක් නෙවේ....

ඇය හුස්මක් අරගෙන අසරණ හැගීමකින් නිල් පාට බ්ලැන්කට් එකක ඔතපු අහිංසකයව බිමින් තිබ්බේ තමන්ගේ කිරිකැටියාගේ නළල උඩින් තියපු දිග සිප ගැනීමකට පස්සෙ.... ඉතින් වැස්සත් ඉක්මනින්ම ඒ බිළිදු දරුවව පිළිගත්තේ, සැරට වැටෙන වැහි බිංදු ඉක්මනින්ම දරුවව අඩවද්දි..... ඇය ලෝබකමින්ම වාගේ  එහාට උනත් , කිරි කැටියා අඩන්න ගත්ත විදියට ඇය ආයේ ඒ දිහාවට නැඹුරු උනේ ඇයට කලින් භාතිය ආශක්‍යසිංහගේ අතේ තිබ්බ කුඩය, පුංචි දරුවව ආවරණය කරද්දි.... ඇගේ කලබලකාරි මුහුණේ ඇදුනේ සැනසීමක්... තත්පර ගානක සැනසීමක්... භාතිය ආශක්‍යසිංහගේ මූණ කොච්චර හැගීම් විරහිත උනත් තාමත් ඔහුව විශ්වාස කරන්න ඇය පෙළඹෙන්නේ හරිම බොළද විදියට.... සමහර විට ඇගේ මේ බොළද බව ආදරේ ගැඹුරම වෙන්නත් ඇති....

භාතිය ආශක්‍යසිංහගේ අතේ ඉදන් එයාගේ අතට මාරුවුන හොටු පෙරාගත්ත රතු ඇස් දෙකේ අයිතිකාරයව ඇය නළවගත්තේ තමන්ගෙම දරුවට වගේ දශමයක්වත් වෙනසක් නැතුව..... ඒ රතු ඇස් හොදටම කලබලවෙලා.. ඇයව අදුරගන්න ඒ දරුවට පුළුවන් කමක් තියෙන්න විදියක් නෑ, ඔහුව දෝතට ගත්ත පළවෙනි දවස නොවුනත්....

" ඔයා යන්න දැන්... ආයේ කවදාවත් ඔයාව නොදැක්කට මට පසුතැවීමක් නෑ සිනල්‍යා .... " ඒ හඩ පැහැදිලියි.... ඒ පැහැදිලි බවම සිනල්‍යාගේ හදවතට පිහිතුඩු වගේ.... , භාතිය ආශාක්‍යසිංහ මේ කියන්නේ බොරුවක් නෙවේ කියල ඔහුගේ ස්වරයෙන් ඇය දන්නවා....

" දවසක ඔයාගේ හිත වෙනස්වෙයි.... එදාට එන්න,.... පුතා එක්ක.... තරහක් නෑ භාතිය..... මම බලන් ඉන්නවා....."

" කරුණාකරල කට වහගන්න සිනල්‍යා ... පොඩි එකාට කියන්න දෙයක් තියේ නන් කියල.... මෙතනින් යන්න !!" ඒ වචන ස්ථිරයි..... ඇයත් ඒ බව හොදටම දන්නව.....

ඉතින් ඇය මුකුත්ම නොකිය පුංචි දරුවා ගාවින් පහත් උනේ , ඇගේ බෙල්ලේ එල්ලිලා ඉදපු රතු ඇස්වල අයිතිකාරයා එක්කමයි.... තවමත් භාතිය ආශක්‍යසිංහගේ කුඩෙන් පුංචි දරුවගේ මූණට වැටෙන වැහි බිංදු නවත්තනවා... ළය හිරවෙන දාරක ස්නේහයෙන් ඇය පුංචි දරුවාට කතා කලේ ඔලුවට අත තියල.....

" අම්මා එක්ක තරහ නෑ නේද මගෙ පුතේ ? " ඇගේ කටහඩ බිදිලා ගියේ පුංචි දරුවා ඇස් කරකවමින් ඇය දිහා බලාගෙන ඉද්දි.... ඇගේ උරහිසට බර වෙලා ඉදපු අනික් දරුවාත් ඇගේ ඇස්වලින් වැටෙන කදුළුත් , වැහි බිංදුත් වෙන් කරලා බේරගන්න බැරුව වගේ හොටුත් පෙරමින් බලාගෙන ඉදියේ තාමත් රතු පාට ඇගේ ඇස්වල හුරුපුරුදුකමක් හොයමින්.....

" බය වෙන්න එපා, ඔය කොල්ලා ඔයාගෙන් අහන එකක් නෑ ඇයි මගේ අම්මා කියන කෙනා මාව එයාගේ පරම්පරාවේ උරුමය වෙනුවෙන් ආශාක්‍යසිංහලට බාර දුන්නේ කියල....අහ් !! මොකද එහෙම අහන්නවත් කොල්ලට ඔයාව මුණ ගැහෙන්න මම ඉඩ තියන්නේ නෑ සිනල්‍යා...."

" අහ්.... ඔයා මෙයාට ඇත්ත කියන්න හිතන් ඉන්නවා නම්.........එයා ඔයාගෙන් අහනකොට....  එයා වෙනුවට එයාගේ තාත්තා තවත් ඇවිදගන්න බැරි අත දරුවෙක් පැහැරගත්තේ ඇයි කියල... මම ප්‍රාර්ථනා කරනවා භාතිය ඔයාට දෙන්න උත්තරයක් තියේවි කියල... "

" මේ පාර මුලින්ම වෙනස් කලේ මම නෙවේ සිනල්‍යා !! ඔයා.. !! දැනුත් ඔයාට ඔයාගේ පුතාට වඩා වටින්නේ මහ ලොකු පරම්පරාව කියල ඔයා මට ආයෙත් ඔප්පු කරල ඉවර නම් .. යන්න !!! ආයෙ නොඑන්නම යන්න.... කිව්වම මෙතනින් මකබැවින් !! "

" තාත්තා එක්ක කේන්ති ගන්න එපා පුතේ..... එයා මට වඩා එයාගේ අප්පච්චිව විශ්වාස කරන එක වැරැද්දක් වෙන්නේ කෝමද .. ? " ඇය කිව්වේ පුංචි දරුවගේ ඔලුව අතගාලා .... අන්තිම වතාවට ලොකු ලෝබකමකින් දැනටම අඩන්න අරගත්ත දරුවා දිහා බලාගෙන ඉදපු ඇය නැගිට්ටේ වාරු නැති දෙපයින්.... ඒත් --

ඇද වැටෙමින් තිබ්බ මහා වරුසාව මැද්දෙම, සම්පූර්ණ පළාතම එළිය කරමින් අකුණක් ගැහුවේ ඇයව වගේම ඔහුවත් කලබල කරමින්..... ඇගේ අතේ ඉදපු වේඝර්ණ උරුමයේ පුංචි අත , ඇය බ්මින් තියපු පුංචි දරුවගේ සුරය මිටි කරල අල්ලගෙන නැවතිලා..... ඒ කුතුහලයෙන් පිරුණ විශාල ඇස් ක්‍රිස්ටල් රතු පාටින් මුළු වටපිටාවම වට පිටාවෙම එළිය කලේ තත්පර ගානකින් ඊට නොදෙවෙනි කොළ පාට එළියකින් සුළු අන්ධකාරය මැකිලා යද්දි.....

" දෙවියනෙ මේ ඇස් !!!! " භාතිය ආශක්‍යසිංහ පොඩි දරුව ගාවින් දණ තියාගත්තේ ඇය කම්පනයෙන්ම අනිත් දරුවගේ අතින් ඉවතට අදිද්දි.... ඒ බෝල අත්වලට මිටි උන සුරය අතාරින්න එයාගේනම් කිසිම ආසාවක් නෑ වගෙ.... හරියට එයාට නැති දෙයක් නිසා අල්ලගෙනම ඉන්නේ එයා ඉස්සරහ තියන කොළ පාට එළිය දිහා බලාගෙන වෙව්ලන අතරේ....

" දෙය්යන්ගේ නාමෙට සිනල්‍යා !! ඔය කොල්ලව එහාට ගන්න... " භාතිය ආශක්‍යසිංහ යටි උගුරෙන් මිමිණුවේ සුරය ගැලවිලා අනිත් දරුවගේ අතට යද්දි... , ඔහු කලබලයෙන් , තමන්ගේ ඉස්සරහ තිබුන හරිත ඇස් දිහා බලාගෙන ඉදියේ , වෙව්ලන දෑත් එකිනෙකට තෙරපගෙන...

" මම හිතුවේ නෑ මෙයා ඒක අල්ලයි කියල.... !! කෝමටත් මේ මාලේ අයිති එයාට..... ඉතින් ජගුවර් ආත්මයේ කැමැත්තත් ඒක නම්.... " ඇය බර හුස්මක් ගත්තේ මහ හය්යෙන් අඩන්න පටන් අරගෙන ඉදපු අනිත් දරුවව පපුවට හේත්තු කරගෙන සනසන අතරේ...

" ඔයා !!! ඔයා මොනවද පුතාට මේ කලේ සිනල්‍යා !! එයා........... "

" මේක ගන්න.... මේක නැතුව ඔයාට එයාව හංගලා තියාගන්න බෑ.... " ඇය කිව්වේ කුඩා දරුවගෙන් පෙරෙත්තයෙන් ගලවාගත් සුරය භාතිය ආශක්‍යසිංහගේ අතට දෙන ගමන්....

" ඕක.........ඕක !! .... "

" ඔව් !! වේඝර්ණ උරුමයෙ සංකේතය .... ඔයාට ඕනේ විදියට ආශාක්‍යසිංහලා එක්ක මගේ කොල්ලා හැදෙයි.... ඒත් භාතිය ආශාක්‍යසිංහ ... ඔය සුරේ , වේඝර්ණ උරුමය මගෙ දරුවගේ බෙල්ලෙන් අයින් කරන්න ඔයාට බැහැ... ඔව්....ඒක ඝර්ෂාත්ම බන්ධනයක්.... "

" මොකක්ද මේ.... !!! ඔයා මට මෙච්චර දෙයක්.. -- "

" කරුණාකරල රැවටීම ගැන මට ඔයාගෙන් දැනගන්න ඕනෙ නෑ භාතිය ආශාක්‍යසිංහ ... !! ඔයා මට කළ දෙයින් පස්සේ ඔයාට අයිතියක් ....අහ් නෑ ලැජ්ජාවක් නැද්ද රැවටිල්ල ගැන මට කියල දෙන්න....!! "

" ඔව් හරි !! ඔයා හරි !! මට තේරෙනව මම කරපු වැරැද්ද !! ඔයා වගේ අම්මෙක් මගෙ පුතාට නොදෙන්න තිබ්බ මට !! " භාතිය ආශක්‍යසිංහ ගිගිරුවේ නිල් පාට බ්ලැන්කට් එකෙන් ඔතල තිබ්බ , පුංචි බිළිදගේ බෙල්ල වගේ වේඝර්ණ සුරය ගැට ගහන අතරේ.....

" මෙතනින් යන්න.. !! " ඇය කිව්වේ තමන්ගේ බිදුනු කටහඩ හංගගනිමින්.....

" ආයේ මට දැහට පේන්න හිතන්නවත් එපා සිනල්‍යා !! ඔය අඩන්නැතුව ඉදියට මම දන්නවා ඔයාට රිදෙනවා... ඔයාගෙ ඇතුලේ මට ආදරේ කරපු කෙල්ල තාම ඉන්නවා... එයා වේදනාවෙන් පණ අදිනවා !!! අන්න ඒ වේදනාව එක්ක ඔයා මැරිල ගියත් මට කිසි පසුතැවිමක් නැ සිනල්‍යා ...... !!!"

ටිකෙන් ටික තුරල් වෙන වැස්සේ , අතුරුදහන් වුන ඔහු දිහා බලාගෙන සිටි ඈ, තමාගේ අතෙහි ශේෂ උන කුඩා දරුවා පපුවට තර කර වැළදගනිමින් , ඉකිබින්දේ තවමත් විශ්වාස කරගන්න බැරි තරමේ හැගීමකින්... තමන් මේ හැමදේම අත හැරියේ භාතිය වෙනුවෙන්.... අවසානයේ ඔහු ඇයව අත හැරියේ ඇයගේ කුසෙන් වදපු දරුවවත් උදුරගෙන..... ඇයගේ එකම සැනසීම දැන් අතෙ ඉතිරි උන ඇගේ පවුලේ උරුමය.....

සමහර විට, හේතුවක් නොදැන උනත් හිතාගන්න බැරි විදියට අවසන් වෙන කතා මේ ලෝකේ තියෙන්නට පුලුවන් ... ඇය මවපු, අහිංසක හීනය මේක නොවෙන බව ඇයටත් විශ්වාසයි... ඔහු ඇගේ ඇස් ඉස්සරහ සිත්තම් කරපු ලස්සන ලෝකේත් මේක නෙවේ....ඒත් ඔහුගේ දෑස්වලත් වේදනාව නොතිබුනාම ද ? ඇය තවමත් හිතන්නේ ඒ ගැනයි... මේ ආත්මයේ ඇයටවත් ඔහුවටත් සැනසීමක් නොවන බව ඇය හොදටම දන්නවා...........

ඉතින් පැවසූ පරිදිම ඔහුගේ අවසන් වචන......තවත් සූර්‍ය උදාවන් දෙකකට පසුව හැබෑ වෙලා තිබුනේ සම්පූර්ණ අහසම කම්පා කරමින්....

උරුමයෙන් නෙරපනු ලැබු, සිනල්‍යා වේඝර්ණාරච්චිගේ ඝාතනය කරන ලද නිසල දේහය අවන්හලක ඉහළ මාලයේ තිබී සොයා ගත්තේ ලොවම නොදන්නා තවත් එක් රහසක් ඉතිරි කරමින්.... ඉතින් ඒ මීට දහ අට වසරකට කලින් , කවුරුත් නොදන්න කතාවක එක අහඹු  පිටුවක් විතරයි..
....

.
.
.

.

" මට තාමත් බැරි උනා අක්කට මොකද උනේ කියල හොයාගන්න... ඒත් , දන්නවද... මට මේ අවුරුද්දේ ගොඩක් දේවල් එයාට කියන්න තියෙනවා.... එයා මේ ලෝකේ ඉතිරි කරල ගියපු වටිනම කෙනාව මට හම්බුනා....දන්නවද අවී, අක්කා මට ඔයාව මුණ ගැස්සුවා.... දැන් අක්කා වෙනුවෙන් මගේ පොඩි එකා ගවීෂ් එයා ගැන හොයනවා..... " මේ කිසි දෙයක හාංකවිසියක්වත් නොදන්නා , රතු පැහැ දෑසක් ඇය වෙනුවෙන් දැල්වූ ඉටිපන්දම දෙස බලාගෙන මිමිණුවේ ආදරෙන්......

" ඔයාගෙ අක්කාට ජගුවර් ආත්මයේ සැනසීම ලැබෙන්න ඇති මගේ මේපල්...."

" හ්ම්..
.වෙනදට අක්කට මල් තියන්න මට බන්ෂ් එකට යන්න පුලුවන් නේ.... ඒත් කමක් නැ.... අක්කා මෙතනයි අන්තිමට ඉදියේ....ඉතින් ඔයා මට මෙතන ඉන්න දෙනවනෙ.... " මෙතුල කිව්වේ යන්තන් හිනා වෙලා....අවිනාශ්ගේ මූණේ තියෙන උණුසුම් හිනාව දිහා මෙතුල බලාගෙන ඉදියේ සන්සුන් හැගීමකින්......

ඒත් !! ඒ සන්සුන් හැගීම ක්ෂණික කලබලයක් බවට හැරවුනේ , නළල රැලි කරපු මෙතුල කලබලෙන් නැගිටිද්දි.....

" ඇයි ? "

" පහළ මොකක් හරි කලබලයක්..... රණ්ඩුවක්ද මන්ද........ "

" ඉන්න මම බලන්න... "

" නෑ අවී.....ඉන්න... එතන ගොඩක් අය ඉන්නවා...... මට හිතාගන්න බෑ.... රණ්ඩුවක් නෙවෙ.... එයාල..... "

" එන්න පහළට ගිහින් බලමු මේපල්....."

" ෂ්!! එයාලා උඩට එනවා.... "

.
.
.
.
.
.
.
.
.

- මතු සම්බන්ධයි.... -

.
.
.
.
.

# භාතිය ආශාක්‍යසිංහ !!!! ?? ම්ම් ඔව්..... එයා ගැන ඉස්සරහට දැනගන්න දේවල් තියේවි... කාවවත් ජජ් නොකර කියවන්න....

# ඉතින් මේ අන්තිම මාසේ...... ස්ට්‍රෙස් ගතියක් ආවොත් විතරක් මම ලියනවා...ට්‍රැක් එකේ හිර වෙලා ඉන්නවට වඩා ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න ඕනේ... අත්තිකිල්මතානු යෝගෙන් ඒලෙවල් කිරිල්ලක් මට හරියන්නෑ.... නිකන් දුක විතරයි ...✨️💚 මොකද මම තව මියුන් කෙනෙක්වත් යොවන්දි කෙනෙක්වත් නෙවේ , හතර වටේ සේරම කරගෙන ආතල් එකේ ඉන්න තිමෞර්ය  කෙනෙක් හුම්.!!!..

Continue Reading

You'll Also Like

2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
3.1M 236K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
439K 86.1K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...