- Plot 23 -

By Bulbz_D

861K 114K 39.4K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 74 -

5.9K 831 143
By Bulbz_D

අනෙ ඉටිම් පපුවේ ඇවිලෙන ගින්දර හුස්මක් විදියට පිට වුනා නන් තමුසෙත් දැන් මකරෙක් ගවීෂ් !!!! 

කරුමෙට බූරුවෙක්වත් නැති මකරෙක්.... !!

මනුස්සයෙකුට කළකණ්ණි විය හැකි ක්‍රම .... යටතේ උඩින්ම තරුවක් දාලා තියාගන්න ඕනෙ එකක් තමා ඔලුව යටිකුරු කරගෙන , ඔලුව ඇදෙන් පහළට වැටෙන විදියට ඉදන් , උඩට ඉස්සිලා කකුල් දෙකේ හැඩ බැලීම !! ඔව් , දැන් මිනිහාගේ ප්‍රථම රාජකාරිය වෙලා තියෙන්නෙ ඒක....  දවස් තුනක ලොක් ඩවුන් එක.... වේදනාව නම් නොදැනෙන තරමටම හුරුවෙලා දැන්....

" මාස්ට ගවීෂ්.. "

ගවීෂ් කකුල් දෙක පහලට අරන් එහෙමම අමාරුවෙන් නැගිට ගත්තෙ ඇගට පණනැති ගතියට ඇදෙනුත් අල්ලගෙන.... එයා අඩියක් තිබ්බත් අඩි දෙකක් ආපස්සට විසිවෙන ගානයි... කම්මුලට වැදුන පාරවල් නිසා හැම කෑමකින්ම ලේ රහ දැනෙද්දි මිනිහාගේ කෑමත් අඩු වෙලා කලන්තේ ගතිය සෑහෙන සාධාරණයි .... ඒත් ඒමයි කියල මිනිහා නොකා ඉදියෙත් නැ... පළවෙනි දවසෙම වගේ කාපුවා සේරම වමනේ ගියත් , කොල්ලා මේ දොර ඇරියේ රෑ කෑම එක ගන්න අදහසින්...

" ගවීෂ් !! "

හරිනෙ හරිනෙ !! දොර අරින්නේ කොයි වෙලේද කෙල්ලො දෙන්න  දොර ගාව ....

" මොකද යකුනෙ මේ ? ෆිට් බොල මම ෆිට්... " ගවීෂ් තම්බ්ස් අප් එකක් දුන්නේ , පුංචි බොක්සස් ටික අතට අරගෙන....  එයා ඒක අරගන්න පරක්කුවට, යොවන්දි පැනලා ගවිෂ්ගේ සාක්කුවට ස්පාක්ලින් කෑන් දෙකක් එබුවේ ගවීෂ් කීයටවත් ලොක් ඩවුන් එකේ අන්තිම දවසත් ඉවර වෙනකන් එයාලට මේ කාමරේ දොර නන් ඇරෙන්නෙ නෑ කියල තේරුම් අරගෙන වගේ....

" මේ ...  මුකුත් ප්‍රශ්න උනාද ? " ගවීෂ් ඇහුවේ කාමරේ දොර කෙල්ලො දෙන්නට රිංගගන්න බැරි තරමකට අඩවන් කරගෙන...

" ඩියෝන් කතා කලා... "

" අහ් හ ! මොකද කියන්නේ මිනිහා ? දැන් හොදයිලු ? "

" ඔව්.... "

" ලොකු දෙයක්... ම්.. ගුඩ්නයිට් ලස්සන ගෑනු ළමයි.... මම දොය්.. " ගවීෂ් හිනා වෙවීම උත්තර දුන්නේ දොර සම්පූර්ණයෙන්ම වහගෙන අගුල දාගන්න අතරේ.... ඇද උඩ ලැප් එක දිගැරල දාලා තිබ්බේ මුනින් අතට.... ඇතිරිලිවල ලේවලින් රටා..... , ඇදන් ඉන්න ටී ෂර්ට් එකෙන් පවා තුවාල පැරෙන නිසාම ගවීෂ් පුළුවන් තරම් ඉදියේ ටී ෂර්ට් එකක් නැතුව... බොක්සස් සේරම පැත්තකින් තියපු ගවීෂ් , ආශදී සාක්කුවට ඔබපු ස්පාක්ලින් කෑන් දෙක ඇදල අරගෙන බෙඩ් ටේබ්ල් එක උඩින් තියාගෙනම ඇදෙන් පරිස්සමට හාන්සි උනේ හිටගෙන ඉදල සැහෙන ශක්තියක් වැයවුනා වගේ දැනෙන කලන්තෙ ගතියට.....

එයා කෑන් එකක් ඒහෙමම කඩල අරන් ඒක  , එක හුස්මට හිස් කලේ , එනර්ජි ඩ්‍රින්ක් එකෙන් පොඩි සහනයක් එයාව වෙලා ගනිද්දි.... උඩින්ම තිබ්බේ අයිස් බෙයාගේ මූණේ හැඩේ හරිම යුනික් බොක්ස් එකක්.... ඔහ්, මේ බඩ්ඩ කොහෙන්ද ? ගවීෂ් කුතුහලේටම ඒක අතට ගත්තේ හොලවලත් බලන ගමන්..  ආශදීගෙද ? ඒකිනෙ සාමන්‍යෙන් මේ වගේ කියුට් කියුට් බඩු එකතු කරන්නෙ..... පව් අප්පා එක අතකට ඒ කෙල්ල... ඉස්සර නන් වලියමයි... යුවනිදු අය්ය නැති උනාට පස්සෙ ගවීෂ්ගේ අතේ එල්ලීගෙනමයි.... වෙලාවක කෙල්ලට මොනාහරි අරන් දෙන්න ඕනෙ....

ගවීෂ් බොක්ස් එක ඕපන් කලේ , අයිස් බෙයාගේ නහයට තට්ටුවකුත් දාලා... අහ්... බොක්ස් එක ඇතුළේ ඔයිල් පේපර් එකක් උඩ පිළිවෙලකට අතුරල තිබ්බේ ,..............

" පොල් ටොෆීඊඊඊඊ ??? "

ඔව් !!! කොළ පාට පොල් ටොෆි !!! ගානට පිළිවෙලකට කපල තිබ්බ පොල්ටොෆී.... නහය විනිවිදගෙන ගිය , හවායින් වයිබ් සුවදට බඩත් එක්ක ගවීෂ්ග් බුරුබුරු ගාන්න ගත්තේ තත්පර ගානයි....

හෝව් හිටාන් !! මේක..... කාගෙන්ද - .  ප්‍රශ්නෙත් එක්ක උත්තරයත් ඔලුවට ඇවිත් අහවර උනත් මිනිහා ඒක පිළිගන්න ලෑස්ති නැ.... එයා දහ පහළවකින් ඒම කොළ පාට පොල් ටොෆි ඉල්ලලා නෑනෙ....  එකයි... ලෝකෙටෙම එකයි.... ඒත් ඒම වෙන්න පුළුවන්ද යකො ?

පණිවිඩයකට කියල තිබ්බේ ඈෂ් කලර් ස්ටිකි නෝට් එකක කළු මාකර් එකකින් ඇදල තිබ්බ ඇටකටු මිනිහයි, දිව ඇදන් ඉන්න කන් දිග බලු මූණකුයි ... ගවීෂ් බොක්ස් එක අතට අරන් නැගිට්ටේ එක පාරට මතු උන කලබලයක් එක්ක..... කොල්ලා දොර ඇරියේ වැඩි බලාපොරොත්තුවකින් නොවුනට, ආශදීයයි යොවන්දියයි තාමත් දොර ළග....ගවීෂ්ගේ අතේ තිබ්බ බොක්ස් එක දිහා බලපු ආශදී ඇස් උඩ යැව්වේ , යන්තන් හිනා වෙන ගමන්.. හරියට ගවීෂ් ආයෙ දොර අරින බව දැනන් ඉදිය ගානට.... හරි එහෙනන්... !! ඒකි තමයි මේක ගෙනත් දුන්නෙ.......

" හ්ම්ෆ්...ඉස්සෙල්ලා එනව ඇතුළට ඉතින්... " ගවිෂ් තොල් ඇද කරල කිව්වේ යොවන්දි බලාගෙන ඉද්දි....

" අක්කි මම යන්නද ? " ආශදී ඇහුවේ යොවන්දි එහෙ මෙහෙ බලලා ඔළුව වනද්දි.... කෙල්ල ඒ කිව්වේ එයාට ගවීෂ් එක්ක තනියම කතා කරන්න ඕනෙ කියන එක යොවන්දිට තේරෙනවා.... 

" හරි එහෙනන්, මම යනව පහළට... දෙන්නාගේ රහස් කතානේ... "

" නෑ නෑ දෙන්නම එනවා !! දෙයක් කියන්නත් තියෙනවා... " ගවීෂ් කිව්වේ කාමරේ දොර ඇරල පැත්තකට වෙන ගමන්... එයා මේ කාමරේට ආවට පස්සේත්, කලින් කියලත් වෙනසක් නෑ ගවීෂ් කිසිම කෙනෙක්ට කාමරේට මෙච්චර කාලෙකට එන්න දීලාම නෑ.... කෙල්ලො දෙන්නව ඇතුළට අරන්, එයා වටේටම කාමරේ සංඛ්‍යාත සීල් කලේ තිබ්බ හැම ශක්තියක්ම එකතු කරගෙන..... අයිස් බෙයාගේ ලන්ච් බොක්ස් එක පැත්තකින් තියපු ගවීෂ් කෙල්ලො දෙන්න දිහාවට හැරුනේ එයාගේ බෙඩ් ඩ්‍රෝවර් එකෙන් පරණ පොත් දෙකක් ඇදල ගන්න අතරෙ......

අපරාදෙ කියන්න බෑ....කාමරේ දැකලමදෝ කෙල්ලෝ දෙන්නගෙම මුණ සැහෙන සවුත්තුයි...   ඉස්සරහ සුදු මාමා මේ කාමරේ ඉද්දි මේ කාමරේ පුදුම තරමින් එළියයි... ඕනෙ කෙනෙක්ට දොර ඇරලා.... ඒත් දැන් ??

කුළුනේ කාමරේ පිරිලා තියෙන්නෙ මහ අදුරූ මූසල ගතියකින්... කෝමටත් කළු ගලින් හැදුන පෞරාණික කාමරේ ගවීෂ් කණපිට ගහලා...  හැම තැනම බිම ඇදුම්... අළු පාට ඇද ඇතිරිලිවල ලේ පැල්ලම් තාමත්....  මේමයි හැබැයි... එතන පොඩි අවුලක් නැතුවමත් නෙවෙ.. ගවීෂ් හිනාවක් දාලා ඔලුව කැසුවේ ඇදෙන් වාඩි වෙලා පොත් දෙකම කෙල්ලො දෙන්නට දික් කරන අතරේ ....

" ගනින් යකො මේක... " ගවීෂ් ආයෙ කිව්වේ ආශදී ඒ පාර පොත අතට අරගනිද්දි..... ශක්තිමත් හම් කවරෙකින් ආවරණය වෙලා තිබ්බ පොත් දෙකම සැහෙන තරමකට පරණයි.... අත් අකුරෙන් ලියලා තිබ්බ පොඩි පොඩි සටහන්.... මනුශ්‍ය ශරිරයේ කටු සටහන්.... හම් කවරේ උඩ රතු පාටින් එම්බ්‍රොස් කරලා තිබ්බ , වේඝර්ණ සලකුණ.....  ඒ විනාඩියේදි පොත් දෙක මොනවද කියල අදුරගත්ත ආශදී, බිරාන්ත වෙලා ඒ පොත් දෙක ගවීෂ්ගේ උකුල උඩටම ආයේ අතඇරියේ අතේ ඉදියේ සරපයෙක් ගානට..... එයා විතරක් නෙවේ යොවන්දිත් හොදටම බය වෙලා....

" ඇයි මොකද දැන් ගන්න බැරිද ? " ගවීෂ් ඇහුවේ කෙල්ලො දෙන්නටම රවන ගමන්....

" ගවීෂ්!!  ඔයා මේ සිහියෙන්ද ???.... "

" උබල දෙන්නට යන්නත් බැරි නම්, අඩුම මං කියන විදියට ඉදපන් !! ගන්නයි කිව්වේ මේක.... " ගවීෂ් සැර කලේ ආශදීගේ අතට පොත් දෙක දීලා....

" ගවීෂ්.... මේ පොත් අපිට අල්ලන්න තහනම්නේ.......... "

" යකොව්.....කාටවත් පේන්න පාවිච්චි කරන්න කිව්වේ නැනෙ දෙන්නටම... " ගවීෂ් අමාරුවෙන් කිව්වෙ තිබුන සේරම හය්ය දාල  ඇදේ කෙලින් වෙන ගමන්... ශිට් !!! මේ තුවාල එක්ක දවස් දෙකකටවත් හෙලවන්න බෑ ශුවර්.... එයා ඉතිරි ටික කියනකන් කෙල්ලො දෙන්නම බලාගෙන ඉදියේ නිශ්ශබ්දව...  උන්ටත් හිතෙනව ඇති මොන සාපයක්ද කියල , නෑ ගවීෂ්ගේ මූණෙ කිසිම වේදනාවක සලකුණක්වත් නොපෙනෙන තරම්.... ඒත්, කොල්ලාගෙ මූණෙ තියෙන කලකිරීම කෙල්ලෝ දෙන්නට අදුරගන්න බැරිකමකුත් නැහැ....

" හරි... පේනවනෙ දැන් තත්වෙ දෙන්නටම...  ඉසිවර වේඝර්ණාරච්චිටත් පුලුවන් මට අත උස්සන්න... !! " ගවීෂ් කිව්වේ තමන් ගැනම නොන්ඩියෙන් අත මිට මොළව ගන්න ගමන්.... ඉසිවර එයාට සීයා ඉස්සරහම ගහපු එක ගැන ගවීෂ්ට තියෙන්නේ දරාගන්න අමාරු හිතේ පලුද්දක්...

" ගවීෂ්... "

" හරි ... මං කියන්නෑ ඕක උබලට දවසින් දෙකෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් කියල.. ඒත් අතාරින්නැතූව කෝමහරි ටෙක්නික් එක අල්ලගන්න... අමාරු වුනොත් මගෙන් අහන්න.... යුවනිදු අය්යගේ කාමරේ පාවිච්චි කරන්න... තේරුණාද ? "

" ඒත් ගවීෂ්.. මේ පොත් අයිති උරුමයට විතරයි ....  මේක අපේ අතට ආවා කියල සීයා දැනගත්තොත්......"

" අපේ ලොකු නැන්දාත් උරුමයක්.. අමතකද ??  අනික කෝ බං යොවන්දි .... අම් අක්කෙ.... උබේ  අර ෆෙමිනිසම් ටෝක් ?? ඉස්සර නන් වචන දහයෙන් නවයක් ෆෙමිනිසම් !! ඇයි මොකද බැරි දැන් ?? "

" මම අදහස් කරන්නෙ.... ඔයා ඇත්තටම මොකක් කරන්නද මේ යන්නෙ ගවීෂ් ?? "  යොවන්දි ඇහුවෙ ආශදි නන් පොත් ටික අතේ තියන් බලන් ඉද්දි.... ඒ කෙල්ල නම් සෙට්ල්... යොවන්දි තාම බයයි... ඔව් ඒම වෙන්න ඕනෙ , ආශදීට වගේ නෙවේ, යොවන්දි පොඩි කාලෙ ඉදන්ම සැහෙන දුක් වින්දා මේ කෙහෙල්මල් උරුමයක් නිසා.... ගුටි කැව, ගවීෂ්ට වගේම තුවාල කලා යොවන්දිවත්... ඉතින් කෙල්ල ගොඩක් බය වෙන්න ඕනෙ.... අනිත් අතට ආශදීගේ මූලික ශක්තීන් පවා ගොඩක් හොද මට්ටමක, ඒ කෙල්ල ගැන බයක් නෑ කෝමටත් යොවන්දි තරම්.... ඉතින් ආශදීටත් වඩා යොවන්දිට මේක දීගන්නයි ගවීෂ්ට ඕනෙ....

" ඉසිවර වගේ සහයපෙළ එකෙක්ගෙන් ගුටි කාල මැරෙන්නෙ නැතුව ඉන්න ඕන නන් ඕක ප්‍රැක්ටිස් කරන්න... නැත්තන් කතා දෙකක් නෑ දෙන්නගේ අප්ලොෂ් පාස් අයින් කරල එළියට යවනවා !!  මෙහෙ මොන දේ උනත් එන්න බැරි වෙන්න... තේරුණාද ? මට ඕන තරම් හේතු හදන්න පුළුවන් දන්නවනේ.. " ගවිෂ් කිව්වෙ තදින්... මේ ඩබලට ඒම කිව්වෙ නැත්තන් අහන්නෙ නෑ කෝමටත්....

" මොන පොතද මුලින් බලන්න ඕනෙ ගවීෂ් අය්යෙ  ? " ඒ ආශදී... ඇති යන්තන්....

" ඕක... නැ නැ....යට තියෙන එක... ඔව් ඔව්... ඕක.... ඉස්සෙල්ල ඒක හරියට කියවන්න.... අපේ බ්ලඩ්වල, සෙල්ස්වල තියෙනවා බල ජාන... ඒකෙන් සාමාන්‍ය ටැලන්ට්ස් වගේම උබලට ඕනෙ නන් ඇතුළේ ජානවලට තව ෆෝකස් කරලා, ඒවල තියෙන හැකියාවන් කන්ට්‍රෝල් කරලා පවර්ෆුල් තැනකට එන්න පුලුවන්.. දෙන්නගෙම බේසික් හොදයි නේ ද ? අඩුපාඩු තියෙ නන් කියන්න ... " ගවීෂ් ඇහුවේ කෙල්ලො දෙන්නාට ඇද උඩින් වාඩි වෙන්න කියල අතින් සන් කරල....

" ආශදීගේ බේසික් හොදයි.... මගේ සෑහෙන අවුල් කියල දන්නවනේ ගවීෂ්... " යොවන්දි කිව්වෙ අවංකවම...හ්ම්.. යොවන්දිගේ බේසික් පවර් එක සැහෙන දුර්වලයි කියන්න ගවීෂ් දන්නවා... කෝමටත් ගවීෂ්ගෙන් පස්සේ වේඝර්ණලාගේ හොදම මූලික ශක්ති හරයක් එක තිබ්බේ ඩියෝන්ට....  ඩියෝන් එක්කම වගේ ඉන්න නිසා ආශදීගෙත් බේසික් එක සැහෙන්න හොද මට්ටමක තිබ්බා... ඒත් යොවන්දි පොඩි කාලේ ඉදන් ෆෝකස් කලේ ඇකඩෙමික්.... එයා මේම ඉදියට, හරි ඉක්මනට දුක හිතෙන ජාතියේ කෙල්ලෙක්....

" හරි... ඒක ප්‍රශ්නයක් නෑ.., දැන් ඉදන් පටන් ගන්න... උබට මම එ දවස්වල ඉදන්ම කිව්වා ඉගෙන ගත්ත පළියට සර්වයිව් වෙන්න බැරි ලෝකෙක අපි ඉන්නෙ කියල.... "

" මං ට්‍රයි කරන්නම් ගවීෂ්..... "

" ගුඩ් !... උබට බැරි නන් කාටද පුළුවන් ඉතින් .... යොවන්දි , ඔයාගේ අන්ඩස්ටැන්ඩින් හොදයි, ආශදිටත් සපෝට් කරන්න.. දෙන්නටම ඉක්මනට අල්ලගන්න පුලුවන් වෙයි... හරිද ? බණ අහනවා වගෙ අහන් ඉන්නැතුව හා කියලවත් කියපන් !!"..

" එක පාරට මේම දෙයක් කරන්න හේතුවක් තියෙද ගවීෂ් අය්යේ ?  " ඒ ආශදී....

" ඒවා අදාල නෑ... බය නැතුව පටන් ගන්න...ඉස්සෙල්ල බේසික් ස්කිල්ස් ශාප් කරගන්න.... හොදට ඇහෙන්න ඕනේ... අඩි ගාණක දුරක් උනත්...  සුවදවල් අදුරගන්න ප්‍රැක්ටිස් වෙන්න...  දෙන්නටම දැනට වැස්ස එක්ක සම්පූර්ණ සුවද නොදැනි යනවා නේ ද ? ඔව්නේ ???  අන්න ඒකනේ !! ඒම වෙන්න බෑ... ඊට පස්සේ ධාහන්රා ටෙක්නික් එකට යන්න... , ධාහන්රා ප්‍රැක්ටිස් කරන්න කලින් ඕකෙ තියෙන සේරම ඔලුවට දාගන්න ඕනෙ උබල දෙන්නම...... "

" ඔයාට කොච්චර කල් ගියාද ගවීෂ් ? "

" හෙහ්.. මේමනෙ උබල දෙන්න මං තරං මෝඩ නැනේ ... ඉකමනට අල්ලගනී... මට අවුරුදු දහයක් ගියා.. හ හාආ සූස් බූස් ගාන්න එපා....  අර අරවින්ද් කාරයාගේත් ධාහන්රා එක තාම අවුල්... "  ගවිෂ් කියාගෙන ගියේ පුරුද්දට.... හරිනෙ... හරිනේ.... දැන් පැහැදිලි කරපන්කො අරවින්ද්ගේ ධාහන්රා එක ගැන දන්න විදිය.... එක්කෝ එක එච්චර මීටර් වුන්නැද මන්ද වෙලාව.....

" අරවින්ද් අය්යටත් හරියට බැරි නම් අපි කෝමද මේක කරන්නෙ ? "

" රෙද්දක් නැතුව ඕකෙ තියෙන දේවල්වත් දැනගන්න.... ධාහන්රා එකට යනකොට මගේ සපෝට් එක ඕනෙ වෙයි, තනියම කරල අහු වෙන්න එපා... හිත දුර්වල වෙන එක තත්පරේකින් මැරෙන්න උනත් පුලුවන් ... ඒක කරන හැම වෙලාවකම ඔයාලගේ අදුරුම මතක ඔලුවේ පිරෙනව.. ඒ කිසි දේකට නවතන්න බැරි වෙන්න ඕනෙ ඔයාව.... කිව්වනෙ මම අරවින්ද්ට අවුරුදු දහයක් ගිහිල්ලත් පවර්ෆුල් ධාහන්රා එකක් කරන්න අමාරුයි.. "

" අරවින්ද්ට ඊට වඩා සෑහෙන දේවල් පුළුවන් නේ.... " ඒ යොවන්දි....

" සිරාවට අක්කේ... හුළග ඒම කන්ට්‍රෝල් කරනවා මාත් දැකලා තියේ ... බොරු ඕනෙ නෑ ඒක සො කූල්...!! " ඒ ආශදි.... මේකිලා බලහන්කෝ... ජිවිතේට මගේ හොදක් කියල නෑ. ..

" හහ්... ? උබල මගේ ඒව දැකල නැ.... ඒකයි ඔය... "  ගවිෂ් කිව්වෙ බුම්මගෙන... නැ ඉරිසියාවකට ඒම නෙවේ.... ප්ෆ්ට්.. එයාගේ වේඝර්ණ ගෑනු ළමයි එනව මෙතන අරවින්ද්කාරයගේ ගුණ වයන්න..... !!!  ආශදි උත්තරයක් නොදීම ගවීෂ්ගේ උරහිස් වටේ අත දාලා එයාගේ කම්මුල උඩින් කිස් එකක් තිබ්බේ යන්තන් හිනා වෙලා....

ඇත්තටම ..... ඒක හරිම උණුසුම් හැගීමක්..... ආශදී කවදත් අය්යලා තුන් දෙනාගෙන් මේ විදියට සැලකුවේ යුවනිදුට විතරයි .... මෙ විදියට හග් කළෙත් යුවනිදු අය්යගේ  විතරයි , මේ විදියට පොඩි එකෙක් වගෙ ඇගෙ එල්ලුනෙත් යුවනිදු අය්යව විතරයි .... නංගියෙක්ට කියල ඉන්නේ මෙච්චරයි... හා හා....  ඔන්න ඔන්න කොහෙන්ද මන්ද කදුළු මතු වෙනවා ඉතින් ඇ !!! බෑනෙ කොරන්න !!!

" මේ මොකද මේ ?? " ගවීෂ් කොහෙන්දෝ මතුවුන හදිසියකින් ඇහුවේ කෙල්ලව එහාට කරල කම්මුලත් පිහිදාගන්න ගමන්....

" ඔයා කරන්න හදන්නෙ මොකක් උනත් ගවීෂ් අය්යෙ, අපි දෙන්නව ඒකෙ පාට් එකක් කරගත්ත එකට තැන්ක්ස්.... නිකන් ඉදල එපා වෙලා ඉදියේ....නේද යොවන්දි අක්කේ ? "

" නැ කියන්න බැ ඒකට නම්.... " යොවන්දිත් කිව්වේ යන්තන් හිනා වෙලා ආශදීගේ පිටට තට්ටු කරන ගමන්... ගවීෂ් කෙල්ලො දෙන්නත් එක්ක ආපස්සට හිනා වුනෙ ලොකු බරක් සැහැල්ලු වුන් ගානට... ඉස්සර සුදු මාමා , යුවනිදු මාමා ඉන්න කාලෙ එයාලගෙ පොදු කාමරේ තිබ්බ හැගිම හරියට මේ වගේ... බැරෑරුම් දෙයක් කතා කතා කරනව... ඒක විසදගන්නවා... කට්ටියම සැහැල්ලුවෙන් අන්තිමේදි හිනා වෙනවා.. සැහැල්ලු ගතිය, කොහෙන්ද මන්දා මතුවෙන පොඩි පොඩි කතා..... බාබික්‍යු පාටි.....ඒවා හරි ලස්සන මතක.... ඉස්සෙල්ලම එතනින් යුවනිදු අය්යා යන්නම ගියා.... සුදු මාමා ගියාට පස්සේ චූටි මාමත් ඈත් උනා.... උන දේවල් නිසා ඩියෝන්ව යවන්න උනා... ඒත් මේ ගානට හරි මේ හැගිම පරිස්සම් එකම කොච්චර දෙයක්ද ?

" වාශිත්ට මොකද කරන්නෙ ගවිෂ් ? " යොවන්දි මතක් කලේ ගවීෂ්  උත්තරයක් බලාපොරොත්තුවෙන් ආශදී දිහා බලද්දි.... පොඩි එකා ගැන දැන් තීරණයක් ගන්න වෙන්නෙ ආශදීට තමයි... 

" මොනා කරන්නද ගවීෂ් අය්යෙ ඉතින්  ? මට තවත් එයාව තනියම තියන්න බෑනේ...  එහෙන් ප්‍රිවී මල්ලි එක්කත් ෆිට් වෙලා වාශිත්ව කොහේවත් යවාගන්නවා බොරු දැන්.... ... "

" අන්න.... ප්‍රිවිරු....මට දැන් මතක් උනේ... "

" ඇයි ගවීෂ් ? "

" මේ කිසි දෙයක් ප්‍රිවිරු දැනගන්න බෑ තේරුණාද ? ආශදි පරිස්සමෙන් , ප්‍රිවී එක්ක ෆිට් උබනේ...  තාම දාහතක් උනාට හිතන තරම් පොඩි එකෙක් නෙවෙ , විශේෂයෙන් එයා අර ඉසිවරගේ ලොකු පුතණ්ඩිය වෙනකොට.... !!"

" අප්පච්ච් මැන්ශන් එකට රිංගපු හේතුවටම වෙන්න ඇතිනේ පුතාත් මෙහෙ සැරිසරන්නේ... ආශදී ඇහුණද , ගවීෂ් ඔයාගෙ හොදට කියන්නෙ..... " යොවන්දිත් සන්සුන්ව පැහැදිලි කලේ ආශදී උත්තරයක් නොදී නිශ්ශබ්ද උන නිසා ....

" ඔයා ඒම වෙන්න දෙන්නෙ නෑනෙ ? සීයාට බෑනෙ මාව බලෙන් යොවන්දි අක්කට කලා වගේ කරන්න ? " ආශදි ඇහුවේ ගවීෂ් උත්තරයක් නැතුව බලගෙන ඉද්දි... එයා යොවන්දි දිහා බැලුවේත් ආශදීට මොනව කියන්නද හිතාගන්න බැරුව... එයාටම උන දේ නවත්තගන්න බැරුව... මේ කෙල්ලට මොන පදනමකින්ද කියන්නේ , ඒම වෙන්න දෙන්නෙ නෑ කියලා.... යොවන්දි ගවීෂ් දිහා බලල යන්තන් හිනා වුනේ ආශදීගේ පිටට තට්ටුවක් දාන අතරේ.....

" හරි ඔය පොත් ටික යුවනිදු අය්යාගේ කාමරෙන් හංගලා දෙන්නම දැන් පහළට යන්න.... "

" ගවීෂ්..... "

" ඔව් ? "

" හෙට මෙමෝරියල් එක.... ලොකු අම්මාගේ... " යොවන්දි මතක් කලේ ආශදී ඔලුව වනද්දි.... අහ්... හ්ම්.. ගවීෂ්ටත් මතක නැතුවම නෙවේ... ඒත් , හෙටත් කොල්ලා ලොක් ඩවුන් එකේ ... සිනල්‍යා ලොකු අම්මටත් මල්වත් අරන් යන්න ඕනේ කියල හිතන් ඉදියට... එළියට බහින්න වෙන එකක් නැහැ.....

" මෙහේ මිනිස්සු මොනවත් කරනවා කියන එක වෙන්න පුලුවන් දෙයක් නෙවෙනෙ ? මං හරිනේ ? "  ගවීෂ් ඇහුවේ නෝන්ඩියට....

"හ්ම්ම්.. සුදු මාමායි චූටි මාමයි කෝමත් තියනවානේ...."

" ඔයාලට පුළුවන් නම් යන්න... පේනවනෙ උබලට... මට ගිහින් ඇදන් වැටෙන්නයි වෙන්නේ..." ගවීෂ් කිව්වේ යන්තන් හිනා වෙලා ක්ශනික වේදනාවට නළල රැලි කරගන්න අතරේ.. බෙහෙත් ගන්න තහනම්, පේන් කිලර්ස්වලින් වෙන දේකුත් නෑ.... හරියට කන්න බොන්න බැරුව ඇගට පණක් නෑ... කම්මුල් ඉදිමිලා....ඉතින් වෙන මොනව කරන්නද ?

" අය්යට ටිකක් ඉන්න දීලා... අපි යමු ආශි දැන්... "

" අක්කා යන්නකෝ... මම ටිකක් ඉදල එන්නම්...  " ආශදී කිව්වේ යොවන්දි ඔලුව වනද්දි... බොහෝවිට කෙල්ලට තනියම මොනවහරි කියන්න ඇති.... යොවන්දිත් ඒක තේරුම් ගත්ත ගානට ඔලුව වැනුවේ ගවීෂ්ට අත වනාගෙන කාමරෙ දොරත් වහගෙන එළියට ගිහින්....

" මොකෝ කේස් එක.... ? " ගවීෂ් ඇහුවේ යොවන්දි එළියට යනකන් ඉදල වටේ තරංග සීල් කරන අතරෙ....

" හරි.... මේකයි....  මං ඔයාට බොරු කරන්න කැමති නෑ, අය්යගෙන් පස්සේ මාව අය්ය වගේ බලාගත්තේ ඔයා...." ආශදී ලොකු හුස්මක් අරන් පටන් ගත්තේ පටන් ගත්ත විදියට නන් මේක එසේ මෙසේ සීන් එකක් නෙවෙ කියල ගවීෂ්නුත් තේරුම්ගනිද්දි .....

" අනෙ මේ....බොරු නැතුව කියපන් ඕක..... මොකක්ද උනේ ? "

" ප්‍රිවිරු ගැන අරම හිතන්න එපා........ "

" වට්ද -- " ගවීෂ් කටපාලනේ කරගත්තේ  ඇස් දෙක හීනි කරන ගමන්..... මේ මොන මංගල්ලයක් උනාද ඒ පාර ??? ප්‍රිවිරු ???? ප්‍රිවිරු වේඝර්ණාරච්චි ???

" ඒ මොකද ඒ ?? " ගවීෂ් ඇහුවේ කවදාවත් නැතිව සැරවුන කටහඩින්... ඇත්තටම සැර වුන හඩින් !! එයාගේ සැර කිරිල්ලට, ආශදී ගැස්සෙනවාත් මිනිහා නොදැක්කා නෙවේ.....

" එයා ඇත්තටම ඉසිවර මාමා ම් වගෙ නෙවේ...." .

" අහ් එහෙමද ?? උබ කාල බැලුවද ? "

" නෑ....." ආශදි කිව්වේ බිම බලාගෙන....

"
ප්‍රිවිරු නෙහ් ?? ප්‍රිවිරු ?? හහ්... මෙච්චර සහය පෙළ කොල්ලො ඉන්නව ප්‍රිවිරු ??? ..... "

" මං ඒම දේකට නෙවේ කිව්වෙ.... "

" එහෙනන් ? "

" ඔයා එයාව සැක කරන - "

" සැක කරන හේතුව දන්නව ද ?? මට ශුවර් එකක් තිබ්බෙම නැත්තේ ඌ මේම කාව හරි....--  ශිට් උබම ????? ඇහ්හ් බං....උබම ?????  ඉසිවර මාමා නිසාය උබේ ලොකු නැන්දාව අරම උනේ  කියල දන්නව ද උබ ? "

" නෑ ඒම එයා මට කැමති නෑ....."

" එහෙනන් මොකක්ද කියන්නෙ උබ....???"

" මං දන්නෙ නැ... " ආශදි ආයෙම කිව්වේ ගවීෂ්ව අන්දමන්ද කරල.... නැලු...දන්න්‍ර් නෑලු ! ඒක නෙවේ මේකලු කිව්වෙ......දෙය්යනේ මේ කෙල්ලෝ කියන ජාතිය !!! හොද වෙලාවට කෙල්ලෙක්ව නන් සෙට් නොවුනෙ  , නැත්තන් මුන් කියන ඒවා තේරුම් ගන්නම වෙනම ඩිග්‍රියක් ගහන්න වෙනවා.....

" ඕනෙ මගුලක්... මං කැමති නෑ ඕකට.. එච්චරයි ....  පුළුවන් දෙයක් කරපන්....  " ගවීෂ් කිව්වේ නහයෙන් පිඹල...  මේ මලක් වගේ ඉන්න කෙල්ල ප්‍රිවිරුට දෙන්න ???  හදේ තමයි !!! .. යකෝ එතකොට කෝ නන්ගියෙක් ??? බෑ !! දෙන්නෑ..... 

" එහෙමද ? "

" ඔව් !!! ආශාක්‍යසිංහ කෙනෙක් එක්ක සෙට් උනත්.... ප්‍රිවිරු නන් බැ..., ඌ බාලයිත් එක්ක උබට වඩා !!!  "

" අහ් ...  එතකොට ආශක්‍යසිංහ කෙනෙක් නම් කමක් නැද්ද ? "

" මේ මේ ඒක කිව්වේ උපමාවට !! උන් ඕනෙත් නෑ........... "

" ඇයි ඒ ? අරවින්ද් ආශක්‍යසිංහ හොදද ? අහ් බැනෙ... එයා ඉතින් අර සක්කරවට්ටමේ සක බඹරේනෙ... " ආශදී කිව්වේ ගවීෂ්ගෙ හිනාව පුපුරල ඇත්ත....අමො අමෝ... කතාව නන් ඇත්ත...ඒකි එක තැන කැරකෙනවා.. අරකා ඒකි වටේ කැරකෙනවා.....

" මොනා උනත් ආශක්‍යසිංහලාගෙ ලස්සනම කොල්ලා අරයා.... "

" මොකාද ? "

" අර මියුන්...  " ආශදී බර කරල කිව්වෙ ගවිෂ් අමාරුවෙන් කෙල ගිලගනිද්දි....

"  මියුන් ආ-ශ-ක්‍ය-සිං-හ .... එයා නන් මච් හැන්ඩ්සම්.....  නේ ගවීෂ් අය්යේ ? ...... අමුතුම තනි කළු ඇස්නේ.... කෙට්ටුයි ....උසයි.... ඉණ හරියෙන් මගේවත් නෑනේ එච්චර ශේප් එකක්.... ඇවිදින විදිය ඒම..... අහ් , ක්ලාසස්වලත් හයස්ට්.... මෙහේ ඉන්නව වගෙ නෙවේ ක්ලාසස්වල අදින ඩ්‍රෙස්කෝඩ්ස් ඒම.... අමොහ් හෙනම ෆැන්සි....  අත්වල ඒම වේන්ස් කැපිලා පේනවා... නෙහ් නෙහ් ගවීෂ් අය්යෙ ?? "

" චහ්... මට අදාළෙයි ඉතින් ? "

" ඒකනේ ඒකනෙ... ඔයාට ඕම ඇඹරෙන්න දෙයක් ඇත්තෙම නෑනෙ... අහ් අනික, අදාළ නැති ඔයාගේ එන්ගේජ්මන්ට් එකට ඉන්වයිට් කරන්නෙත් නැතුව ආව නේද ? අනේ ඉතින් ඒ දරුවගේ උනන්දුව නේද ? ...  " ආශදී ඇහුවේ නෝන්ඩියට හිනාවෙලා....
අහ් !! අර පොල් ටොෆි දාපු අයිස් බෙයා බොක්ස් එක....!!

ප්ෆ්ෆ්ට්ට් !!! මේකි එතකොට මේ දැනගෙන නෝන්ඩි කරන්නේ එහෙනම්.... දැන් ශොක් වෙන්න ද ? නෑ.... එදා ආශදී සෙරමනි එක ඉවරවෙලා බදාගත්ත විදියෙන්ම ගවීෂ් අනුමාන කරලමයි තිබ්බෙ කෙල්ල මොනවහරි දෙයක් දන්න බව... අනිත් අතට ආශදීගෙන් හංගන්න කොල්ලා ලොකු මහන්සියක් ගත්තෙත් නෑ.... ගවීෂ් යන්තන් දත් ටික පෙන්නලා හිනාවුනේ ආශදී අත් දෙක බැදන් බලාගෙන ඉද්දි.... හරි එහෙනන්, වේඝර්ණලාගේ පැත්තෙන් දෙන්නෙක් මේක දන්නවා..

" දැක්ක ද ? " ගවිෂ්  ලැජ්ජාවෙන් ඇහුවේ ඔලුව කසන ගමන්....

" ම්ම්.... මං සේරම බලන් ඉදියේ.... දන්නව ද ? "

" මොකක්ද ? "

" ඉස්සෙල්ල කියන්නකෝ.. දැන් සේරම විසදගත්තා නේද ? " ආශදී ඇහුවෙ ගවීෂ් ඔලුව වනද්දි...සේරම ?? නැ කමක් නෑ පොඩ්ඩක් හරි විසදගත්තනෙ....

" ලොකු දෙයක්.... මොකද එයා එදා ආපහු ගියෙත් අඩාගෙන.... "

" අහ් ?? "

" මගේ ඇගේ වැදෙන තරමට ඇස් බොද වෙලා තියෙන්නැති.... වැදුනම සොරි කියන්නැතුව බලාගෙනත් ඉදිය ටිකවෙලාවක් එහෙමම... අදුරගත්තේත් නෑද මන්ද මාව.... "

" අහ්හ්.. නිකන් වෙන්න ඇති අනෙ.. අනික ඒ උගේ හැටි... ආඅව්ව්ව් !! මොකද අනේ ගහන්නෙ මට ??? මෙච්චර තුවාල වෙලා ඉන්නවා... තව ගහනවා...." ගවීෂ් මූණ නරක් කරගත්තේ  ආශදීටම දුක හිතවන අතරෙ....

" එයා මං හිතුව කෙනා නෙවේ වගේ..... මට පේන්න බෑ ඉස්සර , සල්ලි තියෙනවා කියල පෙන්නන්න රගනව,  පොත අතේමයි ක්ලාස්වල.... හෙනම හෙනම හෙනම ඔලුව !!!! "

" පිස්සුද !! ..ඌ ඒම නෑ... "..

" අරම අඩාගෙන ඇවිත් ඇගේ වදිනකම්.... මම හිතුවෙත් ඒම.... කොල්ලෙක් ඒම අඩනවා දැක්කමයි එව්ව්ව්... "

" අනේ මේ !! හරි සංවේදි ළමයෙක් එයා .. " ගවීෂ් කිව්වෙ තොල් තද කරන්.. මියුන් ඇඩුවද... එහෙනන්... සිරාවටම එදා ගිහින් තියෙන්නෙ අඩාගෙනද ? මෙ ළමයා එක්ක බැහැ කරන්න.... ඒක ඇහුව වෙලේ ඉදන් පපුවත් හෙන අමුතු විදියකට රිදෙනවා....

" හරි ඉතින්....ඒත් මං උනා නන් , අඩලා නවතින එකක් නෑ .... මට පුළුවන් ගානකට හරි ෆයිට් කරලා ඕක විනාස කරනව..." ආශදී කිව්වේ අවංකවම.... ඒක මියුන් පවා  කියලා ඇති අනන්වත්... බලයක් නැ කියල මතක් වෙනකොට එන අසරණ හැගීම ගැන...  මොනා කරන්නද ඌ දන්න තරම ඒක , ඒත් කාගෙත් පරිස්සමට ඒ තරම හොදටම ඇති....

" ඉතින්... ? " කෙල්ල ඇහුවේ නොනවත්වාම මහපටහිල්ලේ නියපොතු එකක් උඩ එකක් ලිස්ස ලිස්ස තිබ්බ ගවීෂ්ගේ නොසන්සුන් අත් දෙකෙන් අල්ලගෙන සන්සුන් කරන අතරේ.....

" ඉතින් කිතුල්... " ගවීෂ් කිව්වෙ නළලෙනුත් දාඩිය මතුවෙනව දැනෙද්දි.... සුදු මාමා අහද්දිත් මේමයි ... මේකිත් ඒමම ගහයිද මන්දා කනටම ...

" ඉතින් ම්ම්... බෝයිෆ්‍රෙන්ඩ් ?? "

" මොකක් ?? !!! නෑ පිස්සු ද ? එච්චර එකක් වුනෙ නැ තාම.........  " ගවීෂ් කලබලෙන් පැහැදිලි කලේ ආශදීගේ මූණ දිහා බලාගෙන...

" ඒනම් ? " 

" අම් මේ.....අර නිකන්.... නිකන්.... ම්ම්....ෆුල් ටයිම් මරාගන්නව, පාට් ටයිම් උගෙන් සාහිත්‍ය ඉගෙන ගන්නවා... ඉදල හිටලා, වෙලාවක් ලැබුනොත් විතරක් ඔන්න පොඩ්ඩක්....ටිලිං ටිලිං..... " ගවීෂ් ගැටගහගත්තේ ඔළුව කසන අතරේ....

" ඒක බෝයිෆ්‍රෙන්ඩ් නෙවේ ද ? " .

" නෑ ඌ එච්චර එව මගෙන් අහල නැ තාම....  ඇහුවේ නැනෙ...නැ..... ඇත්තටම ඉතින් අරම ඇහුවේ නෑ තාම... එහ් මේ..... ඌ අහයිද ??  මං අහන්න ඕනෙ ද ? නෑ මං මොකටද අහන්නේ... උට ඕන නං අහයි, හහ්...නේ ?? "  ගවීෂ් හෙන මෝඩ විදියට ඔලුව කස කස ඇහුවේ ආශදී දිහා ඔලුව උස්සල බලලා....

" පිස්සුද මන්ද දෙන්නටම.... හරි හරි... මම මේක ගැන කතා කලෙ දෙයක් කියන්න......... මෙ...."

" ඕ ? "

"  ඊයේ අර අවින්ද්කාරයායි මියුනුයි ආයෙ වලියක් දාගත්ත.... මායි යොවන්දි අක්කියි යනකොට දෙන්නම කට වහන් දෙපැත්තට උනා....  " ආශදී කිව්වේ ගවීෂ් ඇස් දෙක පුංචි කරද්දි... මොකක් ? අරවින්ද් ???  ඒ පාර ඌ මොකද ??? අහ්හ් ෆෝන් එක !!! දවස් දෙකක් තිස්සේ ඕෆ් !!!! ශිට්.....

" මොකක්ද එතන උනේ ? " ගවීෂ් ඇහුවේ ෆොන් එක කලබලෙන් පවර් ඕන් කරගන්න අතරේ.....

" අරවින්ද් අය්යාට නෙවේ මියුන්ට තමා යකා වැහිලා ඉදියේ.... ඇත්තටම ඌ ඔයාටත් ඒම බනිනවද ? හරිම නපුරු පාටයි.. පස්සෙ මේ.... "

" යකො කෝල්ස් ගොඩ !!.... මියුන්ගෙන් සැරින් සැරේට හතරක්...... අරවින්ද්ගෙන්................ වට්ද යකෝ හතළිස් හයක් ??????? " ගවීෂ් කෙලින් උනේ කොහෙන්දෝ මතුවුන කැස්සක් එක්ක.... ඒකෙනුත් හතළිස් ගානක්ම ඊයේ රෑ....

" ඉස්සෙල්ල අහන්නකො !! මියුන් බලන් ඉද්දි මේ..... අරවින්ද් අය්යා ඇවිත් කතා කලා.... "

" උබට ??? "

" ඔව් ඉතින් වෙන කාටද..... "

" මොනවද කිව්වෙ.. ? "

" ඔයා කොහෙද ඉන්නෙ ඇහුවා... ඒම නෙවේ ඇහුවේ ඉතින්... කෝ උබලගේ අර මහ එකා... ගෙදරට වෙලා පවුල් කනවද ? "

" සිරාවට ? මේ මෙ උබ මුකුත්ම කිව්වෙ නැ නෙද ? මුකුත්ම ???? "

" කිව්වෙ නැ අවුලක් දැනුන නිසා.. මියුන් නන් විශ්වාස කලේ නැ... ඊට පස්සේ එයා තව මොනවද මගෙන් අහන්න කඩන් පැන්නට අරවින්ද් අය්යා එයාව එහාට ඇදන් ගියා.....  "

" අහ්...." ගවීෂ් කිව්වෙ කල්පනාවට වැටෙන අතරෙ... ඔව්ව් , එයා අඩපු එකට හේතුව හොයන්නෙ නැත්තන් ඒ මියුන් වෙන්න බෑ..... අරවින්ද් කෝල් කරද්දිත් ෆෝන් එක ඕෆ් කිව්ව නිසා ටිකක් කලබල වෙන්න ඇත්තේ... මිනිහට නිදහසේ කෝල් එකක් ගන්න ඕනෙ.. දැන් බෑ..... ගවීෂ් හිතුවෙ සැහැල්ලු වෙලා... කෝමත් ඌ මියුන්ට කියල තියෙන්නේ සති දෙකකට සැරයක් මිසක් කෝල් කරන්න එපා කියලනේ....

" පස්සෙ අද.... මේ... එයා ඇවිත් අරක දීලා ගියා... " ආශදී කිව්වේ අයිස්බෙයා බොක්ස් එක ඉගි කරන ගමන්....

" මොකක්ද කිව්වෙ ? "

" මුකුත් නැ... "

" ඒනං ?? "

" නිකන්ම ඕක ඩෙස්ක් එක උඩින් තිබ්බා...  ලෙෆ්ට් !! " ආශදී කිව්වේ ගවීෂ්ගේ කටින් හිනාවක් පනිද්දි.....

" එදා ඉතින් , ඔයාගේ ඇගේ වැදුන නිසා දන්නවා කියල හිතන්න ඇති.... යකෝ මූ !! මට නිකමට කිව්වේ නැනෙ... "

"  මම ඉතින් මොනවද බලන්න ඇරිය.. ඒම බෝම්බ ගෙනත් දෙන්න බැනේ ඔයාට...  හහ්.... කරුමෙට ඒකෙන් මාර සුවදක් ආවේ... අර පෙරේතියො ටිකෙන් හෙන ගේමක් දීලා බේරගත්තෙත්.... "

" ඒමයි කියල උබට මේකෙන් එකක්වත් දෙන්නෑ හරිද හුහ්..  " ගවීෂ් කිව්වේ කෝකටත් කියල ලන්ච් බොක්ස් එක අතට අරන් බදාගෙන...

" මටේපා !! අනික එයැයි මොකද ඔයාට පොල් ටොෆි එවන්නේ ?? කඩෙන් ගත්තා නන් බෑග් එක පිටින් නේ දෙන්නේ....  අනික කඩේ ඒවා ඔච්චරටම සවුත්තුද ?? "

" මේ මේ අනන් මනන් කියන්න එපා .... මොනා කීවත් දෙන්නෑමයි.... " ගවීෂ් ආයේ කිව්වේ බොක්ස් එක කෝකටත් එහාට අරන්.....

" කවුද හලො අය්යේ , පාට කරපු පොල් කුඩු කන්න පොරකන්නේ... ?  එයයිට කියන්න මම මෙතන පරෙය්යෙක් නෙවේ කියලා... නිකමට ආශදී මේක අය්යට දෙන්න පුලුවන් ද ඇහුව නන් කිසි අවුලක් නෑ..... හහ්... ඔච්චරටම රැස් තියන් මූ වෙන්න හිතන් ඉන්නෙ මගේ මස්සිනා ද ?? ... හහ්.. ඉන්නවකෝ හදල ගන්න.... "

" හා හා...මෙතන පැහිච්ච ආච්චි අම්මා වගේ මගේ පොඩි එකාට බනින්නැතුව  යනව එළියට.... කෝ මට මේක කන්න ඕනෙ.... "

" අඩෙහ්හ් , කන්න පුළුවන් කියල ශුවර් ද ? " ආශදී ඒ ඇහුවෙත් නෝන්ඩියට ....

" ම්... " ගවීෂ් නිශ්ශබ්ද උනේ ආශදීගෙ වචනවලට... කෙල්ල ඒක හිතල කිව්ව නෙවෙ.... ගවීෂ්ගේ මූණ අදුරු වෙද්දි ආශදීත් තොල් තද කරගත්තේ වරදකාරී හැගීමෙන්....

ඇත්තටම , කන්න පුළුවන්ද ? කම්මුල හරහා වැදුන පාරට මේක කෑවත් ලේ රහ මිසක් වෙන රහක් දැනෙන එකක් නෑ... බොහො විට කාපුවා සේරම වමනෙත් යයි... ඒත් මේ පොල් ටොෆි ???  ගවිෂ් ලෝබකමට ඒක තව බදාගත්තේ තොල් දෙක තද කරගෙන..... රසද නැද්ද ඒක අදාළම නෑ... ඒ මියුන් හදපුව.. එයා හදල ඉල්ලපුව.... කොළ පාටට පිළිවෙලකට තිබ්බ ලස්සන පොල් ටොෆි ටික... අතට අරගෙන කටට දාගන්න පින නෑ කියන්නෙ මේකට තමයි.... අහ් , එක්කො කවදත් ලස්සන දේවල් ලැබෙනකොට ගවීෂ්ට වුනේ මේමයි...කොහේදිවත් සතුටු විතරක් හිතෙන මතක කියල දේවල් එයාට තිබ්බෙම නෑ..... , හැම එකේම සැලකිය යුතු මාත්‍රාවකින් තිබ්බේ වේදනාවක්....

'' පොල් ටොෆි ඕනේඒඒඒඑඒඒඒඒ........ '' 

'' පොල් ටොෆි ? හහ්.. ''

'' ඔව් !! කොළ පාට පොල් ටොෆි !!! ගෙනත් දීපන්.. ''

'' කඩේ තියෙනවා ගනින්... ''

'' රෙද්ද !! මට ඕන තමුසේ අත් දෙකිම්ම හදපුවා...'' 

'' අමු කැවිලා ද තිමෞර්ය ? ''

''පුහ්.... නිකන් ආසාවට කියන්නේ .. නැතුව කඩෙන් ගන්න බැරිකමකට නෙවේ... අනේ තියාගනින් තොගේ පොල් ටොෆි !! ''

අනේ ඒත්  , අඩුම සීයාට තිබ්බා , කම්මුලට විතරක්වත් ඒම තුවාල නොකරන්න... ඒනන් දැන් කෝම හරි මියුන්ගේ පොල් ටොෆි කන්න තිබ්බා ... නේ ?  ඔව්ව්....  හ්ම්....

.
.
.
.
.
.
.

- මතු සම්බන්ධයි....-

*අද දවසෙම නිකන්....!! ප්‍රශ්නත් එනවනේ.. ඒම තමයි...💚✨️

Continue Reading

You'll Also Like

328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
438K 86K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...