ආශු

Par lyz_8105

45.1K 7.7K 782

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශි... Plus

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21

22

2.7K 432 138
Par lyz_8105

වසර පහකට පසු....

අද මගෙ ජීවිතේ සතුට දරාගන්න බැරි උන දවසක්....මට දැන් අවුරුදු විසි නවයක්....මගෙ අශේල්ට තිස් දෙකක්....

අද ඉදන් මම මගේම ආර්ට් ගැලරි එකක අයිතිකාරයෙක්....මට හීනයක් තිබ්බා...මම ඒකට මහන්සි උනා....ටික ටික සල්ලි එකතු කරා....අන්තිමේ මම මගේ හීනෙ දිනුවා....අශේල් මගෙ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ හිටියා.... මට හයියක් උනා....

මේ ආර්ට් ගැලරි එක සම්පූර්ණයෙන්ම මගේ මහන්සිය....අශේල් පොඩ්ඩක්වත් මේකට මැදිහත් උනේ නෑ ...මට කරන්න දීලා එයා බලන් හිටියා....මම දිනනකල් එයා බලන් හිටියා....

පහුගිය කාලෙ මම එක්ශිබිෂන් කීපෙකටම මම මගෙ චිත්‍ර ඉදිරිපත් කරා....මට හොඳ තැනක් ලැබුනා....මගේ දක්ශකම හැමෝම අගය කරා....මේ වෙනකොට කලාකාරයෙක් විදිහට මාව පොඩ්ඩක් පොඩ්ඩක් ප්‍රසිද්ධයි....

ඕපනින් එකට අයියයි අක්කයිත් ආවා....අක්කා....අක්කා තමයි....අපේ වදකාර අයියා ඉදල ඉදල ගිය අවුරුද්දෙ බැන්දා...වෙඩින් එකට මායි අශේලුයිත් ගියා....ගිහින් එහෙ සතියක් විතර ඉඳල ආපහු මෙහෙ ආවා....සයුරිත් දැනට අවුරුදු තුනකට කලින් බැන්දා....අපි දෙන්න ඒ වෙඩින් එකටත් ගියා....සයුරි මාත් එක්ක තරහ මරහ දැන් නම් අමතක කරල දාල....එයාහෙ හස්බන්ඩ් බිස්නස්මන් කෙනෙක්ම තමයි....පොඩි දුවෙකුත් ඉන්නවා දැන් සයුරිට....

අක්කයි අයියයි මෙහෙ ආවෙ ඕපනින් එකටමයි....ටික දවසක් ඉදල එයාල ආපහු යාවි....අයියට ගොඩ දවසක් ඉන්න බෑ....මාමාගෙ බිස්නස් ඔක්කොම දැන් හැන්ඩ්ල් කරන්නෙ එයා....මෙහෙත් තාත්තා සේරම අශේල්ට පටවලා ෆ්‍රී එකේ ඉන්නවා....පව් මගෙ මිනිහා තනියම බිස්නස් එක එක්ක ඔට්ටු වෙනවා....

"සයුරු මොකෝ කියන්නෙ හවස පාර්ටි එකට සෙට් වෙනවද...."

"අපෝ බෑ බන් නිෂී කේස්...."

මට හයියෙන් හිනා ගියා....අයියා ඒක කීව තාලෙට හිනා නොගියොත් තමා පුදුමෙ....අශේලුයි මායි සතුට සමරන්න හවස පොඩි පාර්ටියක් ඇරේන්ජ් කරා....අපි දෙන්න විතරයි....සමහරවිට තාත්තයි එයි අම්මා කේස් දැම්මෙ නැත්තන්.....අයියටත් එන්න කියල අශේල් කීවම ඌට බෑලු...අක්කා කේස්ලු...

"අම්මෝ අශේල් වෙලාවට ඔයා ඇවිත් මාව ඔයා ගාවට ගත්තෙ... නැත්තන් මටත් කියන්න වෙන්නෙ කදුරුහරි කෙල්ලෙක්ගෙ නමක් කියල එයා කේස් බන් කියල තමා...."

"හිනාවෙයන්....තව හිනාවෙයන් ගොන් හරකා....ගහප් බෙල්ල ගැලවෙන්න...."

"ආ හා බබාට අත තියන්නෑ...."

"අනේ මේ උඹත් මගෙන් අහගන්නැතුව හිටපන් අශේල්.... උඹ තමා මේ ඇටකිච්චාව නරක් කරල හුරතල් කරල තියෙන්නෙ....මුගෙ පදේට නටන්න එපා බන්....පොඩ්ඩක් සැර කරල තියාගනින්...."

"අයියෙ මේ කුහක වෙන්න එපා ඔයා ඔච්චර....ඔයාට ඊරිසියයි නේහ් අපි දෙන්න නිදහසේ කුරුල්ලො වගේ ඉන්නකොට....."

"අනේ මේ කීවා කියල හිතාගන්...."

අයියව අවුස්සලා අශේලුයි මායි පොඩි ජොලියක් ගත්තා...අන්තිමට අපි දෙන්නටම බැනල බැනලා පාර්ටියට ඉන්න බැරි වෙන එකට මූනත් එල්ලන් අයියා යන්න ගියා....අපි දෙන්නා විතරක් ඉතුරු උනා....

"මට උඹ ගැන ගොඩක් ආඩම්බරයි මගෙ ආශු....උඹ ගොඩාරියක් හිත හයිය කොල්ලෙක්....තව ඉස්සරහටම පලයන්...ලෝකෙම හොල්ලපු ආර්ටිස්ට් කෙනෙක් වෙයන්...."

"මේ හැමදේම ඔයා මගෙ ජීවිතේට ආව හින්දයි අශේල්....නැත්තන් මේ වෙද්දිත් මම මාමගෙ පදේට ඔෆිස් එකක් අස්සෙ නැහෙන එකෙක් විතරයි....ඔයයි මගෙ හීනෙට පාර කැපුවෙ....ඔයයි මට නිදහස අරන් දුන්නෙ.....ඔයයි මට ලස්සන ජීව්තයක් දුන්නෙ...."

"මගෙ ආශුට තව හැබෑකරගන්න හීන තියෙනවද....ආශුගෙ අශේල් රෙඩි පිට ඉන්නෙ ඒවා හැබෑ කරන්න පාර කපන්න...ම්ම්ම්....කියන්න බලන්න තියේ නම්...."

"තව එකම එකක් තියේ මගෙ අශේල්...."

"ම්ම්ම්...කියන්න බලන්න....මොකද්ද මගෙ ආශුගෙ ඊලඟ හීනෙ කියල...."

"බබෙක්....අපේම කියල පුතෙක් හිටියනම් මම ආසයි අශේල්....අපිත් කෙනෙක්ව ගේමු....අම්මයි තාත්තයිත් ගොඩක් සතුටු වෙයි....මට පුලුවන් එයාව බලාගන්න...."

අශේල් මාව තුරුල් කරගත්තා....

"මමත් ආසයි බන් අපේම කියල පැටියෙක්ට...අපි ඒ හීනෙත් හැබෑ කරගමු...."

"දැන් යමන් අපි දෙන්නගෙ බෝතල් පාටියට....පැටියෙක් ආවම ඕවා කරන්න වෙන්නෑ....මේ ටිකේ කරන එකක් කරොත් තමා...."

"අශේල් මේ ගොඩක් අරන් පිස්සු කෙලින්න නම් ඔට්ටු නෑ....ඕන් කලින්ම කීවා...."

"මමයැ පිස්සු කෙලින්නෙ උඹනෙ...මූඩියක් පෑගුනත් ඇති ඩවුන්....මතකනෙ අර...."

"අශේල්.....!!!! "




- The End -



අශේල්ගෙ ආශු ගෙ කතාව ඉතිං අවසානයි....

අපි අශේල්ටයි එයාගෙ ආශුටයි ආදරෙන් සමුදෙමු....එයාලගෙම චූටි පැටියෙක් එක්ක ඒ දෙන්න සතුටෙන් ඉඳීවි....හීන දිනාවි...

කතාවත් එක්ක එකතු වුනු හැමෝටම ගොඩාරියක් ආදරෙයි....ගොඩාරියක් ස්තූතියි...

❤️❤️❤️

මම ලියපු කතා අතරින් ඔන්ගොයින් යද්දි වැඩිම රීඩර්ස්ල පිරිසක් එකතු වුනු කතාව තමයි මේක....මම හරි සතුටෙන් ලිව්වෙ ඒ හින්දම....ගොඩක් ස්තූතියි ආයෙම හැමෝටම....

තව කතාවක් අරන් එනකල් පරිස්සමෙන් ඉන්න හැමෝම....

කතාව පුරාවට දැනුන දෙයක් තියේනම් අකුරු කරගෙන යන්න කියලත් ආදරෙන් ඉල්ලන ගමන් සමුගන්නම්....

මම ඔයාලගෙ LYZ ළමයා...

Continuer la Lecture

Vous Aimerez Aussi

5.3K 1.3K 20
I'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End...
490K 28K 41
"ဒီလူသားဟာနွယ့်ကိုချစ်ဖို့​မွေးဖွားလာတာပါနွယ်" "ဒီလိုဆို ​ဟောဒီကနွယ်ကလည်း ​သော်တာပြည့်ဖြိုးဆိုတဲ့လူသား​လေးဆီမှာအချစ်ခံဖို့​မွေးဖွားလာတာပါရှင့်"
875K 34.7K 82
မာန်ထက်လွှား ~ မင်းကို ​ဒေါ်​ဒေါ့်​ကြောင့် ငါအ​တော်သည်းခံ​နေရတာ ရွန်း​ဝေလ ​တော်​တော်စိတ်ပျက်ဖို့​ကောင်းတဲ့​ကောင်ပဲ ကျစ်! ရွန်း​ဝေလ ~ မင်းရဲ့ကံဆိုးမှု...
2K 233 11
"წამში ხუთი სანტიმეტრია. ეს ის სიჩქარეა რომლითაც საკურას ყვავილები ცვივა"