ආශු

Від lyz_8105

46.7K 7.9K 786

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශි... Більше

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
18
19
20
21
22

17

1.9K 363 41
Від lyz_8105

මම ගේට් එකෙන් එලියට එද්දිම අශේල් වාහනේ මා ගාවින් නැවැත්තුවා....මම හිනා වෙලා ගිහින් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනා....

"ගුඩ්මෝනින් ලස්සන කොල්ලෝ....ගෙදරට කියලද ආවෙ..."

ආයෙම මට හිනාවක් ගියා....මොන ප්‍රශ්නෙ ඔලුවෙ තියන් ආවත් අශේල් පොඩි දෙයක් කියල හරි මාව හිනස්සල තියන්න බලනවා....

"ගුම්මෝර්නින් ලස්සන අයියේ....අපෙ අයියා කාරයාට කියල ආවෙ..."

මමත් ඉතිං වෙනසක් නැතුව එයා කරපු විදිහටම ග්‍රීට් කරා....ආයෙ මොකෝ මං කියල....මම අශේල්ට මට වඩා වැඩිමල් උනත් අයියා කියන්නෙ නෑ....නොකියනම තරම්....මට එහෙම කියන්න හිතෙන්නෙ නෑ....අශේල් අයියා කියනකොට මට සෙට් නෑ....ඊට වඩා අශේල් කියද්දි නියමයි....

ඒ හින්දමද කොහෙද මම ලස්සන අයියේ කියල ග්‍රීට් කරද්දි අශේල් ඇහිබැමක් උඩ දාල හිනාවක් දැම්මෙ....

"හරි දැන් කියන්නකො පොඩි මහත්තයාට කොහෙටද යන්න ඕනි අද කියල....කාලද ඉන්නෙ....බඩගිනි නම් මුලින්ම කාල ඉමු...."

"ඕන්නෑ අශේල් පස්සෙ කමු....අපි බීච් එකට යන්ද....එතනනෙ පුරුදුම තැන...."

ටික වෙලාවක් යනකොට මම හිටියෙ අශේල් එක්ක බීච් එකේ සුපුරුදු තැන වාඩි වෙලා...තවම උදේ හින්දා වැඩිය කවුරුත් හිටියෙ නෑ....වඩේ කරත්තත් ඕපන් කරා විතරද කොහෙද....

"ආශු වඩේ ගේන්නද..."

මම ඔලුව හොල්ලද්දි අශේල් නැගිටල යන්න ගියා....මෙතන වඩේ අංකල්ලගෙ වඩේ හරි රහයි....මම තනියෙම ඉස්සර අරන් කනවා....අශේල් ගියාට පස්සෙ මම ඈත මුහුද දිහා බැලුවා...හැමදාම මගෙ හැමදේම මම බෙදාගත්තෙ මුහුද එක්ක....කීවෙ මුහුද එක්ක....අශේල් හම්බෙනකල්ම ඒක එහෙමයි....අශේල් හොඳ සවන්දෙන්නෙක් උනාට පස්සෙ මම වෙරලෙ ඉඳගෙන අශේල් එක්ක කියෙව්වා....මුහුදටත් ඇහෙන්න ඇති....මුහුද අහන් ඉන්න ඇති....

මං අද මගෙ ජීවිතේ වැදගත් තීරණයක් ගන්න යනවා....මට වරදින එකක් නෑ නේද....මම ගන්න තීරනේ හරි තීරණයක් වෙයි නේද....මුහුදෙන් එහා හිටියට කමක් නෑ තාත්තෙ ඔයාට මාව ඇහෙනවද....ඔයාගෙ පුතා ලොකු තීරණයක් ගන්න යන්නෙ....

"ම්ම්ම්...උණුවෙන්ම තියෙයි....මම දැකල තියේ සමහරදවසට බඩජාරියා වගේ තනියෙන් වඩේ කන හැටි අතන බැම්මෙ කකුල් දෙකත් වන වන ඉඳගෙන...."

එව්ව්...මේ ගෙවලයා එක්ක බෑනෙ ඉතිං...මගුලක් කියෝලා ලැජ්ජ කරනවනෙ....මන්දන්නවෑ එකෙක් ඉඳගෙන මා දිහා බලා ඉන්නවා කියල....

අශේල් අරන් ආව වඩයකුත් හප හපම මම ආයෙත් මුහුද දිහා බලන් හිටියා....හිත හදාගෙන ආවට මට බයක් නැත්තෙ නෑ....

"ආශු...."

"ඕ..."

"මොනවද ඔච්චරම කල්පනා කරන්නෙ ආශු....මම කීවනෙ කල්පනා කරන්නෙ නැතුව හිතේ තියෙන දේවල් මාත් එක්ක කියන්න...ඔයාට තාමත් මාව දැනෙන්නෙ නැද්ද බබා....ඒකද ඔහොම තනියෙන් කල්පනා කරන්නෙ...."

"එහෙම නෙවෙයි අශේල්..."

මම හිත හයිය කරගත්තා....මට පුලුවන්....

"අශේල්..."

"ම්ම්....කියන්න..."

"අශේල් මම හිතන්නෙ....මම හිතන්නෙ මම ඔයාට ආදරේ කරන්න අරගෙන....ඒක මෙහෙමයි කියන්න මම දන්නෙ නෑ....හැබැයි ඔයා ගාව මම නිදහසේ ඉන්නවා....මට ඔයාව දැනෙනවා....ඉතිං..."

ඉතුරු ටික කියන්න කලින් අශේල් මාව එයා ගාවටම ඇදගෙන මගෙ වටේ අතක් දාල එයාට ලං කරගත්තා....

"අ...අශේල්..."

"දන්නවද බබා උඹගෙ ඔය වචන ටිකට මට කොච්චර සතුටුද කියල....මම හිතුවා මට සෑහෙන කාලයක් බලා ඉන්න වෙයි කියල....තෑන්ක්ස් බන් මාව පිලිගත්තට....මට මුහුදට පනින්න තරම් සතුටුයි යකෝ...."

අශේල්ගෙ ඇස් සතුටටම දිලිසෙනවා....මගෙ උත්තරේ එනකල් එයා එච්චරටම ආසාවෙන් බලා ඉඳලද....මටත් ලොකු සතුටක් දැනුනා....මං මගෙ ලොකුම හිනාව අශේල් ට දුන්නා....

"ඔන්න ඔය හිනාවට තමා මම මුලින්ම වශී උනේ....මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ ඔය හිනාව දැකලා...."

අශේල් මගෙ හිනාව දිහා බලන් ඉඳල කියද්දි මම අශේල් දිහාම බලා හිටියා....ඊට පස්සෙ එයාගෙ උරහිසටම හේත්තුවක් දාගෙන ආයෙම මුහුද දිහා බැලුවා....

"ආශූ...."

"ඕ..."

"මට ආදරේ කරන එක පසුතැවීමක් නෙවේ නේද....ඔයා දන්නවා නේද බලෙන් ආදරේ කරවගන්න මට ඕනි නෑ...."

"බලෙන් නෙවේ අශේල්....ඒක මට දැනුනා...මම මං කවුද කියලවත් හරියට අඳුරගෙන ඉඳල නෑ...ඔයා හම්බුනාට පස්සෙ තමයි මම මාව අඳුරගත්තෙත්...."

මට දැනුනා අශේල් මගෙ නලලෙ පැත්තකට හාදුවක් තියනවා...එයාගෙන් හම්බුන පලවෙනිම හාදුව....දැනෙන නොදැනෙන ගානට....

"අශේල්....."

"ම්ම්ම්ම්...."

"පුලුවන්ද මාව ඉක්මනට ඔයා ගාවට ගන්න...."

අශේල් මගෙ දිහා පුදුම වෙලා බැලුවා....අද කතා කරන්න ගත්ත වෙලේ ඉදන් මම මේ මනුස්සයව පුදුම කරවනවා....රෑ එලිවෙනකල් හිතල හිතලයි මම මේ තීරණ ගත්තෙ....

"ආ..ශූ...!!"

"වැරදියට හිතන්න එපා අශේල්....මම මහ හදිස්සි කාරයෙක් කියල හිතන්නත් එපා...ඇත්තම කීවොත් මට ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ....නැන්දා මට පල නොකියා පලා බෙදනවා....සයුරි කරන තරමක් කරන්නෙ මූසලකම්...මාමා නම් වෙනද වගේම ඉන්නවා තමයි.....ඒ උනාට....අයියා විතරයි අශේල් ඒ ගේ ඇතුලෙ මට කියල ඉන්නෙ....ඔයා එක්ක ඉන්නකොට නිදහසේ ඉඳලා ගෙදර ගිහාම මට දැනෙන්නෙ හිර කූඩුවකට ගියා වගේ....හිතේ නිදහසෙන් කන්න බොන්නවත් මට හිතෙන්නෙ නෑ....අශේල්ට පුලුවන්ද මාව ඒ ගෙදරින් ඈතට අරන් යන්න....ඒ හිරකූඩුවෙන් නිදහස් කරගන්න.....මට කියන්න වෙන කෙනෙක් නෑ....මම ඔයාට ආදරේ කරන්න ගත්ත හින්දයි මේක කිව්වෙ....නැත්තන් කියටවත් මෙහෙම දෙයක් කියන්නෙ නෑ...."

"උඹට හොඳටම විශ්වාසද බබා....මම මේ සීරියස් අහන්නෙ....උඹට විශ්වාසද මගෙත් එක්ක ජීව්තේ බෙදාගන්න උඹ ලෑස්තියි කියල...."

මම ඔලුව වැනුවා....

"මම හොඳට හිතලයි මේක ඔයාට කීවෙ අශේල්....ආවට ගියාට නෙවෙයි....මට ඔයාව විශ්වාස කරන්න පුලුවන් නේද....මම ගත්ත මේ තීරනේ මගෙ ජීවිතේ ලොකුම වැරැද්දක් වෙන එකක් නෑනෙ....අශේල් මාව රවට්ටන්නෙ නෑනෙ නේද...අශේල් දන්නවද මම හිතාගෙන හිටියා මගේ කියල කෙනෙක් හම්බුන දාක ඒ කෙනාව කොහෙටවත් යන්න නොදී හයියෙන් අල්ලගන්න....ඉතිං මම දැන් ඔයාව හයියෙන් අල්ලගන්න යන්නෙ....මගෙ හීන බලාපොරොත්තු බිඳිලා යන එකක් නෑ නේද...."

"දන්නවද අශේල් කවුරුත් නැති තැනක තනි වෙනවට වඩා මිනිස්සු අතරෙ තනි වෙන්න වෙන එක වේදනාවක්....ඒක මම පොඩි දවස්වල ඉඳන්ම විඳිනවා....නැන්දා මාමා හිටියත් මට හැමදාම තනිකමක් දැනුනා....මට තනියම හිටියා ඇති....මට මහන්සියි....අශේල්ට පුලුවන් නේද මගෙ තනිකම මකල දාන්න....පොරොන්දු වෙනවද...."

මොනවා කිව්වද මන්දන්නෑ මම ඔහේ කියෙව්වා...අශේල් හොඳට අහගෙන හිටියා....අහගෙන ඉඳල මගෙ අතක් අරගෙන එයාගෙ පපුවෙන් තියාගත්තා....

"දැනෙනවද....දැනෙනව නේද....උඹව දැක්ක දවසෙ ඉඳම්ම මේක මේ වගේ වේගෙන් ගැහෙනවා....මං පොරොන්දු දෙන්නෙ නෑ ආශු....පොරොන්දු කියන දේවල් කැඩෙනවා....උඹට පුලුවන් මගේ පපුව විශ්වාස කරන්න....මේක ගැහෙන එක නවතිනකල් මම උඹත් එක්ක ඉන්නවා....මම ආදරේ කියන එක සෙල්ලමට ගත්ත කොල්ලෙක් නෙවේ ආශු.....එහෙම ගත්‍ත නම් මම අවුරුදු විසි හතක් වෙනකල් තනියෙන් ඉන්නෙත් නෑ....උඹවම ඉල්ලන් මෙහෙම පස්සෙන් එන්නෙත් නෑ....මගෙ හිත නැවතුනේ උඹ ගාව.....උඹට පුලුවන් කාටත් වඩා මාව විශ්වාස කරන්න...."

"එහෙනම් ලෑස්ති වෙන්න ඉක්මනටම මගේ ගාවට එන්න....මං කිව්වනෙ උඹගෙ කැමැත්ත හම්බුනාට පහුවදාට පහුවදා උඹව මගේ කරගන්නවා කියල....මගෙ ගාවට ගන්නවා කියල....ඉතිං ඒක එහෙමම වෙයි...."

"අශේල්....මේ ඉන්න අශේල්ම එතකොටත් ඉඳියිනෙ නේද...ඔයා වෙනස් වෙන එකක් නැනෙ...."

ටිකක් වෙලා මගෙ දිහා බලන් හිටපු අශේල් මගෙ මූණට එබුනා ...අන්න අන්න අර එදා තිබ්බ සෙල්ලක්කාර මූණ ආපහු එලියට ඇවිත්....

"මෙහෙමයි බබා....මේ අශේල්ම ඉඳීයි කියන්න බෑ....මොකද උඹ මටම කියගත්තට පස්සෙ සිල් රැක රැක ඉන්න බෑනෙ නේහ්....ම්ම්ම්....එතකොට ඉතිං කන්න හිතෙනකොට කනවා....පෙරලගන්න හිතෙනකොට පෙරලගන්නවා...."

"අශේල්...!!!"






𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹



මම මෙහෙම කතාවක් ලියන්න හීනෙන් වත් හිතන් හිටියෙ නෑ යාලුලා....රේඩියො එකේ අහම්බෙන් ඇහිච්ච වස් කවිය තමා මේ කතාව ලියන්න හේතුව උනේ....හ්ම්ම්....

Продовжити читання

Вам також сподобається

25.8K 4.6K 63
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...
ELORA Від osi yr

Щоденники та біографії

17.4K 2.9K 48
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...
උරුමක්කාරයා Від osi yr

Щоденники та біографії

32.9K 4.4K 70
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව