ආශු

By lyz_8105

46.7K 7.9K 786

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශි... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
16
17
18
19
20
21
22

15

1.9K 352 24
By lyz_8105

"ඒ සුදූ හිටහන් මාත් එක්ක යං...."

"ඕන්නෑ අයියෙ මං කැබ් එකක් දාගෙන යන්නම්..."

දැන් අයියා එක්ක කැම්පස් යන්න කාර් එකට නැග්ගොත් අනිවාරෙන්ම සයුරිගෙ පිප්පිලි බලන්න වෙනවා....උදේම මූඩ් එක කාගන්නවට වඩා කැබ් එකක යන එක හොඳයි කියල හිතුන හින්ද ගේට්ටුවෙන් එලියට ආව මං ටික දුරක් ඇවිදගෙන ආවා....හැබැයි වැඩි දුරක් යන්න නොවුනෙ මා ගාවින්ම නවත්තපු කාර් එකක් හින්දා....

"අශේල්...."

"නගින්න මාත් එක්ක යන්..."

මම ගිහින් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනා....ආයෙ මොකටද කැබ් දාන්නෙ යන්න කෙනෙක් ඉඳිද්දි....අඳුරන්නැති කෙනෙක් නෙවේනෙ.....

"ඔයා කොහෙද මෙහෙ...."

"ඔයාව කැම්පස් එක්ක යන්න ආවෙ...."

"කොහොමද දන්නෙ මම අද කැම්පස් යනවා කියල....."

"ඇයි ඊයෙ කීවෙ හෙටවත් කැම්පස් යන්න ඕනි කියල...."

"ආහ්...ආ....අපරාදෙනෙ ආවෙ....මං කැබ් එකක් දාගෙන යනවනෙ වෙනද වගේම....ඔයාට වැඩ පාඩු වෙන්නෙ නැද්ද මෙහෙම ඇවිල්ලා...."

"නෝප්....මේ දවස්වල මම ෆ්‍රී....වෙනදට කැබ් දාගෙන ගියාට ඉස්සරහට එහෙම ඕන් නෑ....දැන් මම ඉන්නවනෙ එක්කයන්න ගේන්න...."

මම මොනවත් නොකියා හිටියා....අශේල්ට එපා කීවා කියල තේරුමක් නෑ කියල මට ඊයෙ කතා කරද්දිම තේරුනා....මොකද අශේල් කියන්නෙ එපා කියන එකේ තේරුම දන්න කෙනෙක් නෙවේ මට තේරුන තරමෙන්....

"ආශුගෙ ඩිග්‍රි එක මොකද්ද....මට ඊයෙ අහන්න බැරි උනානෙ...."

"බිස්නස් ස්ටඩීස්....."

"ආහ් බිස්නස් පැත්තට කැමතිද...."

"නෑ....පොඩ්ඩක්වත් නෑ...."

හංඟන්න දෙයක් නැති හින්දා මම ඇත්තම කීවා....අශේල් මගෙ දිහා පුදුම වෙලා බැලුවා....

"එහෙනම් ඉගෙනගන්නෙ...."

"මාමාට ඕනි හින්දා...."

"ආශු කැමති මොනවටද...."

"මම පේන්ටින්ග් වලට ගොඩක් ආසයි....ඒ උනත් ඉඩක් නෑ....මාමාට ඕනි මට බිස්නස් ගැන උගන්නන්න...."

"ම්ම්....ඒලෙවල් වලට මොනවද කරේ...."

"ආර්ට් කරේ...ඒලෙවල් කාලෙ තමා මම ආසම....චිත්‍ර එක්ක ඒ කාලෙ මම සතුටෙන් හිටියා ගොඩක්...."

මොන හේතුවක්ද මන්ද මාමා අපි තුන් දෙනාවම ඒලෙවල් වලදි විතරක් කැමති සබ්ජෙක්ට් කරන්න නිදහස් කරා....හැබැයි ඒ කියල වැඩක් උනේ නෑ....ඒලෙවල් ඉවර උන ගමන් අපිව එයා කැමති පැති වලට බලෙන්ම දැම්මා....

ගෙදර ඉදන් කැම්පස් එකට වැඩි දුරක් නැති හින්දම පොඩි වෙලාවකින් අපි හිටියෙ කැම්පස් එක ළඟ....

"තෑන්ක්ස් අශේල් මාව ගෙනැත් ඇරලුවාට....පරිස්සමෙන් යන්න...."

"ලෙක්චර්ස් ඉවර වෙලා එලියට වෙලා ඉන්න....මම එන්නම් ඔයාව ගන්න...."

අශේල් යන්න ගියා....කීවත් වගේම හවසට අනිවාරෙන් එයි...මට එපා කියන්න හිතුනෙත් නෑ....අශේල් ළඟ ඉන්න එක අපහසුවක් නෑ....මොකද්දෝ සැහැල්ලුවක් දැනෙනවා....ඒ හින්ද වෙන්නැති මම ගානක් නැතුව මගෙ කැමති දේවල් ගැන අශේල් එක්ක කීවෙ....අනික මට ඉක්මනට ගෙදර යන්න උවමනාවක් නෑ....යාලුවො කියලත් නැති එකේ හවස අශේල් ආවොත් එයා එක්ක කොහෙ හරි ගිහෑකි....

අශේල් හවස ඇවිත් හිටියා....සයුරි දැක්කා අශේල් ඇවිත් ඉන්නවා....අද ගෙදර ගිහාම මොනව කියයිද මන්දන්නෑ....මම ඔය ගොබ්බ කෙල්ලට බයත් නෑ....ඕනි මගුලක් කියපුදෙන්...මම කරන්නෙ මට ඕනි දේ...මම වැරැද්දක් කරන්නෙ නෑනෙ....

අශේල් එක්ක ඔහේ රවුමක් ගහපු මම අදත් අන්තිමට නැවතුනේ බීච් එකේ....අපි ඔහේ කියෙව්වා...කතා කරන්නවත් හිතට ෆිට් උන කෙනෙක් නැතුව හිටපු මට අශේල් එක්ක කියවන්න ගොඩක් දේවල් තිබ්බා....අශේල් හොඳ සවන්දෙන්නෙක්...මම මොනවද කියන්නෙ සේරම අහගෙන හිටියා....වෙලාවකට විහිලු කරා....

ආදරේ කරන එක කෙසේවෙතත් අශේල් දැනටම මගේ හොඳ යාලුවෙක් වෙලා....හිතට ලඟ කෙනෙක් වෙලා....

හවස් වෙනකොට අශේල් මාව ගේ ළඟින් දාගෙන ගියා...

"ඔය එන්නෙ රට වටේ රවුම් ගහලා....කාර් එක ආවා නැග්ගා ගියා....කවුද දන්නෙ මොන මගුලෙ ගියාද කියල....ඇත්තමයි අම්මා මහ ලැජ්ජාවක් නැති එකෙක්නෙ අපිත් ගේ අස්සෙ දාන් හදල තියෙන්නෙ....රටේ ලෝකෙ මිනිස්සු මොනවා කියයිද මෙයා මෙහෙම කොල්ලෙක් වෙලත් තවත් කොල්ලෙක් එක්ක රවුම් ගහද්දි....මොකට මම අර මිනිහට කැමැත්තෙන් හිටියද.....කොහෙද යන අසහනකාරයෙක්නෙ බලද්දි...."

ගෙට ගොඩ වෙද්දිම සයුරි ඇනුම් පද පෙට්ටිය දිගෑරියා....අශේල් එක හිනා වෙලා ඉදල ගෙට ගොඩ උන ගමන් මෙයා මගෙ ඔලුව කනවා....සයුරි හරියට කතා කරන්නෙ මම අශේල් එක්ක පාර මැද #$%# ආවා වගේනෙ....ඉවසනවා කියල ඔහොමත් කතා අහන්න ඕනිද ..මගෙත් රතු කට්ට පැන්නා....

"සයුරි මේ මම ඒ මනුස්සයා එක්ක කතා බහ කරල ආවා මිසක් බලු වැඩ කරන්න ගිහින් ආවෙ නෑ.....අනික කාට උනත් කතා කරන්න ඉගෙන ගන්නවා....අසහනකාරයා අසහනකාරයා ගාන්නෙ....මොනවා කරාටද....තමුසෙ කෙල්ලෙක් හින්දා මම මෙහෙම කතා කරන්නෙ ...නැත්තන් කියන්න ඕනි විදිහ මම දන්නවා....අශේල් තමුසෙට අකමැති උන එකට මට කරන්න දෙයක් නෑ....මම එහෙම කරන්න කියල කීවෙ නෑනෙ....ඒ හින්ද ඔය ඇනුම්පද කියන එක නවත්තනවා....හැමදාම කටපියන් ඉඳී කියල හිතන්න එපා...."

"හහ් අර මිනිහගෙ පවර් එක වෙන්නැති පෙන්නන්නෙ මෙයා මේ....නිවේන් මේ මතක තියාගන්නවා තමුසෙ වැටිලා ඉන්නෙත් අපේ ගෙදර කියල...."

"මං ඒක දන්නවා සයුරි කියන්න ඕනි නෑ...."

"නවත්තගන්නවා දෙන්නම....සුදු පුතා යනවා කාමරේට....දෝණි තමුනුත් යනවා කාමරේට....ආයෙ මේ විදිහෙ සද්ද බද්ද මේ ගෙදර ඇහෙන්න බෑ තේරුනානෙ දෙන්නටම...."

මාමා ඇවිත් අපි දෙන්නගෙම කටවල් වහල දැම්මා....සයුරි ගස්සගෙන පුප්පගෙන කාමරේට යද්දි මමත් කාමරේට එන්න ආවා...මොන මගුලෙ යන මරාලයක්ද මේ මට කඩා පාත් උනේ....අශේල් එක්කත් මට කේන්ති එනවා....ඒකා තමා මේ සේරටම මුල....මහ ලොකු සතුටක් නැතත් දෙයියනේ කියල මම මේ ගේ අස්සෙ හිතේ සැනසීමෙන් හිටියා....දැන් ඒකත් නෑ.....






𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹



ආයෙ නම් හෙට තමයි හොඳේ....ගුඩ්නයිට් හැමෝටම....

Continue Reading

You'll Also Like

96.1K 15K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
51.4K 9K 65
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු...
837K 7.5K 21
အလြန္ရိုင္းပါတယ္ ဘာဗဟုသုတမွမရွိပါဘူး ကိုယ္စိတ္ကိုႏႈိင္ေအာင္ထိန္း wattpad ကိစၥ wattpad မွာထားခဲ႔ ဖင္မယားနဲ႔ ok အသက္မျပည့္ေသးရင္ ေဝးေဝးေဂ်ာင္း not for...
132K 16.9K 118
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...