ආශු

By lyz_8105

59.9K 9.2K 898

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශි... More

01
02
03
04
05
06
07
08
09
10
11
13
14
15
16
17
18
19
20
21
22

12

2.5K 412 17
By lyz_8105

"ම්..අයි....යෙ..."

ඔලුව කැකුමක් දැනුනත් ඇස් ඇරපු ගමන් මට කියවුනේ අයියෙ කියල....මං දන්නවා කවුරු කොහොම උනත් අයියා මට ආදරෙයි කියල....ඒ හින්ද වෙන්නැති මම අයියටම කතා කරේ....

මට මතක මම අන්තිමට ශවර් එක යට හිටියා විතරයි....ඊට පස්සෙ මොනවා උනාද මට මතකයක් නෑ....හැබැයි දැන් මම ඉන්නෙ හොස්පිට්ල් එකේද කොහෙද....

"අශේල් සුදූව පොඩ්ඩක් බලන්න....මං ඩොක්ටට කතා කරල එන්නම්...."

අයියා යන්න ගියා....අශේල් ඇවිදින් ඉන්නෙ ඇයි....අශේල් මොකද්ද මේ කරන සෙල්ලම...මට තේරෙන්නෙ නෑ....එහෙන් මගෙ ඔලුව කැක්කුම වැඩිවෙනවා....

"ආශු....බයවෙන්න එපා ඉක්මනට සනීප වෙයි ම්ම්ම්....අපි ඉන්නවනෙ ඔයත් එක්ක...."

ඇයි අශේල් මට ආශු කියන්නෙ....

"අශේ...ල්....ඇයි ම...ට ආශු කිය..න්නෙ...."

මං කතා කරනවා අශේල්ට ඇහෙනවද මට සැකයි....මගෙ කටහඬ මටම ඇහුනෙත් කැඩි කැඩී....

"ඔයා මගෙ ආශු හින්දා....දැන් ඒවා හිතන්න එපා....අපි හෙමීට කතා කරමුකො ඔයාට සනීප උනාම....දැන් ඩොක්ට එයි...."

අශේල් ආය මට මොනවත්ම කියන්න දුන්නෙ නෑ වෙද්දි අයියා එක්ක ඩොක්ට ඇතුලට ආවා....ඩොක්ට මාව චෙක් කරා....ලොකු ප්‍රශ්නයක් නැති හින්දා මාව උදේම ගෙදර එක්ක යන්න කිව්වා....විටමින්ස් වගයක්ද කොහෙද ෆාමසි එකෙන් ගන්න දුන්නා....මට හොඳට කන්න කියලත් කීවා....ස්ට්‍රෙස් වෙන්න එපා කීවා....ප්‍රශ්නයක් තියේ නම් කා එක්කහරි කතා කරන්න කීවා....

මට තියෙන ලොකුම ප්‍රශ්නෙ කතා කරන්න කෙනෙක් නැති එක....මං කියන දේ අහන්න කෙනෙක් නැති එක කියල මට ඩොක්ටට කියන්න හිතුනා....ඒත් මම පාඩුවෙ හිටියා....

උදෙන්ම ගෙදර ගිහින් අයියා මට ඇඳුම් අරන් ඇවිත් තිබුණා....ඒකත් චේන්ජ් කරගත්ත මං අයියයි අශේල් දෙන්න එක්කම එලියට ආවා....

"මචන් සයුරු අවුලක් නැත්තන් ආශුව මම එක්ක යන්නද....බය වෙන්න එපා මම එයාව රෑ වෙන්න කලින් ගෙනැත් අරලින්නම්...."

මොකුත් නොකියපු අයියා මාව අශේල්ට බාර දීලා යන්න හදද්දි අශේල් ආයෙම අයියව නැවැත්තුවා....

"සයුරු පොඩ්ඩක් හිටහන්...."

"ආශු මාත් එක්ක යන්න අකමැත්තක් නෑ නේද....අකමැතිනම් බලෙන් එක්ක යන්නෙ නෑ මම....ඔයාට අයියා එක්ක ගෙදර යන්න පුලුවන්....ම්ම්ම්....මොකද කියන්නෙ..."

අයියා නැවතිලා බලා ඉන්නවා....මං අශේල් දිහයි අයියා දිහයි බැලුවා....පලවෙනි පාරට කෙනෙක් දෙයක් කරන්න කලින් මගෙ කැමැත්ත ඇහුවා....වෙනදට හැමදේකදිම මට හම්බුනේ අන විතරයි....තෝරාගැනිලි තිබ්බෙ නෑ.....ගෙදර ගියත් මම වෙනුවෙන් ඉන්නෙ අයියා විතරයි හින්ද මම අශේල් එක්ක යන්න හිතුවා....මොකද්දෝ හේතුවකට මේවෙලේ ගෙදර යනවට වඩා මට අශේල් එක්ක යන එක හොඳයි කියල හිතුනා....

"මං එන්නම් අශේල්....අවුලක් නෑ...."

අයියා යන්න ගියා....මම අශේල් එක්ක අශේල්ගෙ කාර් එකට නැග්ගා....ටික දුරක් ගියපු අශේල් වාහනේ නැවැත්තුවෙ ෆාමසි එකක් ගාවින්....

"ආශු ඔහොමම ඉන්න මම ඉක්මනට එන්නම්...."

අශේල් බැහැලා ගියා....මන්දන්නෑ එයා මොකට ගියාද කියල...මම අහන්න ගියෙත් නෑ...අශේල්ගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් මට තියෙනවා....ඒ උනත් ඒවා අහන්න විදිහක් මට හිතාගන්න බෑ....මම අශේල්ව අඳුරන්නෙ නෑ....දැක්කෙ එදා ගෙදරට ආව දවසෙ විතරයි....ඊට පස්සෙ ඒයෙ හොස්පිට්ල් රූම් එකේ....මං දන්නෑ මම එයාව විශ්වාස කරල එයත් එක්ක මෙහෙම ආවෙ කියල....එකාතකට මම මොනවට බයවෙන්නද....මගේ මොනවා නැතිවෙන්නද....

එදා මුලින්ම අපේ ගෙදරදි කාමරේ ඇතුලෙදි අශේල්ගෙන් මම දැක්ක සෙල්ලක්කාර ගතිය අද නම් හොයන්නවත් තිබ්බෙ නෑ.....ඊයෙ අද ඉඳපු අශේල් සෑහෙන්න වෙනස්....

අශේල් ආයෙම ආවා....මොකද්දෝ පාර්සල් එකක් මගෙන් ඔඩෙක්කෙන් තියල ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩි වුනා....

"අශේල් මේ මොනවද...."

"ඔයාගෙ විටමින්ස් ටික....කාලා බොමු ඕවා..."

"ඇයි අශේල් ඔයා ගත්තෙ...අයියා මේවා ගනීනෙ...."

"මං ඉන්නකොට මොකටද අයියා ගන්නෙ....යන් අපි සේරටම කලින් මොනාහරි බඩපිරෙන්න කාලා ඉමු.....ආශු කන්න යන්න කැමති තැනක් තියෙද...."

"එහෙම විශේෂයක් නෑ...."

මම ශටර් එකට ඔලුව ගහගත්තා....අශේල් දැම්මම මට අයිතිවාසිකම් කියල ඉවරයි....ඔව් ඉතිං මාමා මාව එයාට දීලා ඉවරනෙ....ඉතිං කිසි බාධාවක් නෑ....මගේ කැමැත්ත අකමැත්ත මෙතනට අදාලම නෑ.....මේකෙන් පැනල යන්න හැදුවා කියල තේරුමකුත් නෑ...මාමා මාව මොනලෝකෙන් හරි හොයාගනී.....

රෙස්ටුරන්ට් එකක් ගාවින් වාහනේ නවත්තපු අශේල් මට බහින්න කියල එයත් මා ගාවට ආවා....දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අශේල් ඇවිත් තිබ්බෙ මම ආසාවෙන් කන්න එන තැනකට....

"ආශු මොනවද ඕඩර් කරන්නෙ....ඔයා මොනවටද කැමති...."

"ඔයා කැමති දෙයක් ගෙන්නන්න අශේල්...."

"එහෙම හරියන්නෑනෙ ලමයො....ඔයා බෙහෙත් බොන්නත් ඕනි....කෝ මෙනු බලල ඉක්මනට කියන්න මොනවද ඕනි කියල...."

අන්තිමේ මික්ස් රයිස් දෙකක් එක්ක තව මොන මොනවද ගොඩක් අශේල් ඕඩර් කරද්දි සෑහෙන බඩගින්නකින් හිටපු හින්දම මමත් ඉක්මනට ඉක්මනට කෑවා....කෑම කාල අශේල්ම මගේ බෙහෙත් තෝරලා දුන්නම ඒ ටිකත් බීපු මම අශේල් පස්සෙන් ආයෙම වාහනේට ආවා....

මට තේරෙන්නෑ ඇයි අශේල් මාවම තෝරගත්තෙ කියල....ලෝකෙ කෙල්ලො නැතිව නෙවේනෙ....අනික අශේල් ගෙදරට ආවෙ සයුරිව බලන්න....බඳින්න ඕනි කියල තියෙන්නෙ මාව....මේක මට මහ ප්‍රහේලිකාවක්....

"ආශු...."

"කියන්න අශේල්...."

"මං දන්නවා ආශුට මගෙන් අහන්න ගොඩක් දේවල් ඇති....අපි නිදහස් තැනකට ගිහින් මුලින්ම කතා කරමු...."

මං මොනවත් නොකියා ඔලුව හෙලෙව්වා....ඔව් මටත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා....අහන්න දේවල් ගොඩක් තියෙනවා....

අශේල් වාහනේ හැරෙව්වෙ බීච් එක පැත්තට....






𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹



ඉතිං එයාල කතා කරන්නයි යන්නෙ....

Continue Reading

You'll Also Like

604K 33.4K 32
Novel Myanmar(burmese)-Translation(Unicode/Zawgyi) James(Alpha) Alex(omega) (Unicode) သူတို့နှစ်​ယောက်Hotelမှာဖြစ်ခဲ့တဲ့အဖြစ်အပျက်လေးကနေဇာတ်လမ်းစတာပ...
22.5M 693K 29
"Ethan." Aiden pauses. "I want you." He softly bites my ear. "I want to kiss you more than you will ever know." Trying to avoid the daily beatings of...