ආශු

By lyz_8105

46.7K 7.9K 786

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශි... More

01
02
03
04
05
06
07
08
10
11
12
13
14
15
16
17
18
19
20
21
22

09

1.9K 352 20
By lyz_8105

"හේයි"

කල්පනා ලෝකෙ ඉදපු මම ගැස්සිලා ගියෙ මගෙ ලඟින්ම ඇහුන කටහඬකට....

"අශේල්...."

"ම්ම්...අශේල් තමයි....නිවේන් මොකද මෙතන තනියම කරන්නෙ..."

ඇවිත් හිටියෙ අශේල්....මේ මනුස්සයා මොනවා කරනවද මේ වෙලේ බීච් එකේ....නිදහසේ ඉන්න ආවම මගෙ ඔලුව කනවනෙ මෙයා ඇවිත්....දැන් ඉතින් අමතක කරල දාන්න හදන මාතෘකා ආයෙ උඩට ඇදෙනවා....අශේල් එක්ක මගෙ ඇයි හොඳයියක් නෑ කොහොමත්....රවල බලපු මම ආයෙම මුහුද දිහා බලාගත්තා....ආව දිහාකට යනවා ගෙවලයා මට ඉන්න දීලා....

"නිවේන් මා එක්ක තරහින්ද තාමත්....නෑනා ගෙනියන්න ආව හින්දා...."

"වැඩේමයි මට....අර ඉන්නෙ ගෙදර අදම අරන් යන්න ඕනි නම්....මට කමක් නෑ...."

"එහෙම ලේසියෙන් අතෑරියද....මට පේන්නෙ මස්සිනා මම හිතුව තරම් නෑනට ආදරේ කරල නෑ වගේ...."

"අශේල් වදයක් නොවී යනවකො....මම පාඩුවෙ ඉන්නයි මෙතනට ආවෙ....ඔයා බීච් ආවානම් රැල්ල පාගලා කරන දෙයක් කරල යන්න....අනිත් අයට බාදා නොකර...."

මම කෑගැහුවා....මන්දන්නෑ ඇයි එහෙම කෑගැහුවෙ කියල හැබැයි මම කෑගැහුවා....මට කොහොමත් ඕනි වෙලා තිබ්බා කාටමහරි අඩුමගානෙ බනින්නවත්....ඉතිං මම අශේල්ට කෑගැහුවා....එහෙම හොඳ නෑ කියලවත් මට එවෙලෙ ඔලුවට ආවෙ නෑ.....

"අම්මෝ පොඩියට හිටියට ගිනි බෝම්බයක්නෙ....පුපුරලා ඉවරනම් කතා කරමුද පොඩ්ඩක් මස්සිනේ...."

මම කෑගැහුවා කියල අශේල්ට නම් ගානක් වත් නැද්ද කොහෙද....මොකාද එකා වගේ හිනා වෙවී මගෙ දිහා බලා ඉන්නෙ ඒකනෙ....ඒ මදිවට කතා කරමුලු....මොනවා කතා කරන්නද මෙයත් එක්ක මම....

"මම නොදන්න මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ.....ඒ හින්ද අශේල් මෙතනින් යන්න...නෑ අශේල් ඉන්න මම යන්නම්...."

ඉඳගෙන හිටපු තැනින් නැගිට්ට මම වැලි පිහිදගත්තා....මේ මිනිහා ඇවිත් මගෙ නිදහස නැති කරල දැම්මා....අඬන්න තරම් කේන්තියි මට දැන්....ගෙදර ගිහිනුත් අර කෝලන් බලා ඉන්න ඕනි....මෙතනටත් ඒ කෝලමේ අනිත් බාගෙ ඇවිත්.....එපා වෙනවා මේක....මල වදේ....

මම එන්න හැදුවත් ඊට කලින් මගෙ අත තවත් අතකට තද උනා....

"ආශු...."

මේ මොකද මේ....කවුද ආශු....ආශු නෙවේ මම නිවේන්....මේ මනුස්සය හීන බලනවද මන්ද රෑ වෙන්නත් කලින්...

"අශේල් මගෙ අත අතෑරියනම් හොඳයි....අනික කවුද ආශු....ආශු නෙවෙයි මේ මම නිවේන්...."

"නෑ....මම අල්ලගත්තෙ හරි අත.... "

තමුසෙට පිස්සුද කියන එක වචනෙන් නොකියා බැල්මෙන් පෙන්නපු මම අත ආපිට අරන් එන්න ආවා....ඒකාට සහලෝලම පිස්සු....මොන මගුලක්ද ඒ කීවෙ....අල්ලගත්තෙ හරි අත යැයි යැයි....ශුවර් එකට පටලන්....යකඩෝ අයියා කීවා වගේ මූට මාව සයුරි වගේවත් පේනවද....

මල කෙලියයි...

රූපේ හොඳට තිබ්බට බැරි වෙලාවත් මේ යකා ට්‍රැක් ඩෑල් එකක් වත්ද....හැබැයි බැලූ බැල්මට නම් එහෙම කියන්නත් බෑ....ඉඳල ඉඳල සයුරිත් කරගහන්න යන්නෙ ට්‍රැක පැනලු එකෙක්ටනම් හරිම ශෝක්....අගේට ඉඳපු මස්සිනාව කපපු හින්ද තමයි ඔහොම උනේ ඔය....

මාව කොනට කරපු එකේ වරද ඔයාට දවසක තේරෙයි සයුරි....එදාට එන්න එපා මේ මස්සිනා පස්සෙන්....මගෙ නෑනෙ ඔය වටේ ගිහින් ආයෙත් එන්න ගාලා හොටු පෙරන් අඬන තියරි....එකපාරක් එපා නම් දහස් පාරක් එපා කියන තියරියෙ තමා මේ නිවේන් ඉන්නෙ....

මන්දන්නෑ මොන මගුලක් වෙලාද කියල....හැබැයි දැන් මට ඕනි හයියෙන් අඬන්න.....මට කාගෙමහරි උරහිසක් හම්බුනානම් කොච්චර දෙයක්ද....අඬන්න මට හේතුවක් නෑ....හැබැයි මට ඕනි වගේ දැනෙනවා....සයුරි නම් නෙවේ කොහෙත්ම හේතුව....ඒ හෝන්තුව ගැන මගෙ එහෙම ලොකු මේවා එකක් නෑ....මේවා තනිකර මනෝවිකාර....අර සමහර වෙලාවල් තියෙන්නෙ හේතුවක් නැතුවම අඬන්න හිතෙන....මහා පාළුවක් දැනෙන....මේත් ඒ වගේ වෙලාවක් වෙන්නැති.....ඒත් මම කොහෙ කියල අඬන්නද....නැන්දා මාමා අයියා බලයි මූට පිස්සුද කියල....

රටේ නැති බහුබූත හිත හිතම කැබ් එකක් දාගෙන මම ගෙදරට එද්දි කලුවර වැටෙන්නත් පටන් අරන්....මුලු ගෙදරම මහ පාලු පාටක් පෙනුනා....මේ මොකද මේ කවදාවත් නැතුව....මම යනකොට පාර්ටි මූඩ් එකේනෙ ගෙදරම තිබ්බෙ....








𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

ඔයාලට එහෙම හිතිච්ච වෙලාවල් නැද්ද....හේතුවක් නැතුවම අඬන්න....මට නම් හිතිල තියෙනවා....

Continue Reading

You'll Also Like

Drizzle By Monaliza

General Fiction

112K 17.8K 41
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නු...
285K 490 19
အောစာအုပ်တွေ စုပြီးတင်ပေးပါမယ်
132K 16.9K 118
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
96.1K 15K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්