ආශු

By lyz_8105

60K 9.2K 898

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශි... More

01
02
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22

03

2.7K 435 63
By lyz_8105

තේ පැන් සංග්‍රහය ජයටම තිබ්බා....තේ පැන් විතරක් නෙවේ කාලත්ලු යන්නෙ....කාලත්ලු....කන්න නැද්ද දන්නෑ මලමාල ගෙවලයට ගෙදර....ඕන් ඔහෙ කමන් නෑ හතුරෙක්ට උනත් කන්න දෙන්න ඕනි කියල කොහෙදෝ කියල තියේලුනෙ....

තේ වලට සීනි වෙනුවට ලුණු දාන්න මම හෙන ගේමක් දුන්නා....කොහෙද ඉතිං අපේ ලලිතා නෝනා එක්ක බෑනෙ....මාව කුස්සියෙන් පැන්නුවා පොඩි මහත්තයා මොකද කුස්සියේ කියල....මල සමයන්නෙ එයාගෙත් වෙලාවකට....

අයියා කාරයාට නම් වගේ වගක් නෑ....ඕකා කොහොමත් බලාඉන්නෙ සයුරිව කාගෙ හරි කරේ ගහන්න....දුක කියන්නෙ ඌට නිකමට නංගිව මගෙ කරේ ගහන්න නොහිතෙන එකනෙ....

"ලොකු පුතා නම් තාත්තා එක්ක බිස්නස් වලට ජොයින් වෙලානෙ ඉන්නෙ....පොඩ්ඩගෙ ප්ලෑන් මොනවද ඉස්සරහට...."

හප්පට කාලා වරෙන්කො....විජේසිංහ අංකල්ටත් ඕන්නැති මඟුලක් නෑනෙ....මමවත් තව හිතල නැති ඒවා අහද්දි උත්තර දෙන්නෙ කොහොමද....අනික මට කොහෙ තියෙන බිස්නස්ද....ඉගෙනගත්ත ටික මිසක්....

"ආ ඒ මහත්තයත් තව පොඩ්ඩ දවසයි ඔහොම ඉන්නෙ....ඊට අස්සෙ අයියා එක්කම කම්පැනි එකට තමා...."

මම උත්තරයක් දෙන්න දහාතේ හිතද්දි මාමා උත්තර දුන්නා....දැන් එතකොට මාත් අයියා කරන එකම කරන්න ඕනිද....අනේ මේ මාමේ ඕවට නම් එන්න එපා....මට නම් බෑ ඔය කරුම ගෙවන්න....මේ කොල්ලා නිදහසේ ඉන්නයි කැමති....

තේ පානය ඉවරවෙලා සේරමල ආපහු සාලෙට ගිහින් වාඩි උනා....දැන් ආපහු ඕපාදූප දොඩවයි හෝ ගාලා....

"පුතා අශේල්....මේ දුව එක්ක පොඩ්ඩක් කතා කරන්නකො එලියට ගිහින්....නේද මිස්ට ජයසූරිය...."

"ඒක තමයි මමත් මේ කියන්න හැදුවෙ....යන්න දෝණි ගිහින් අයියත් එක්ක කතා කරල බලන්නකො...."

මොන මගුලක්ද මේ වෙන්න යන්නෙ....ඒ මොකටද මනමාල ගෙවලයා එක්ක අපේ එකීව තනියෙන් එලියට යවන්නෙ....කතා කරන එකක් මෙතන කතා කරපියකො....මාමා කීවා විතරයි අපේ එකී නම් නැගිටලත් ඉවරයි....මේකිගෙ තදියම බලාපල්ලකො....කොච්චර නැටුවත් ඕක බඳින්න වෙන්නෑ මගෙ නෑනන්ඩියේ මේ මස්සිනා ඉන්නකල්....බලමුකො ගෙවලයාද මමද කියල....

ගෙවලයා නැගිටලා එලියට යද්දි සයුරිත් ඌ පස්සෙන් එලියට ගියා....මටත් යන්ඩ ඕනි අඩේ....මෙතන මෙහෙම ඉඳල බෑ....අරූ මගෙ කෙල්ලට අතවරයක්වත් කරොත් එහෙම කාට කියන්නද....මාමා විජේසිංහ අංකල් එක්ක බරටම බිස්නස් කයියක් පටන් ගත්තා....නැන්දා විජේසිංහ ආන්ටි එක්ක කෝප්පයක් හෝදනවා....කාටවත් වගේ වගක් නෑ දූ පොඩ්ඩ ගැන....

"අයියෙ මේ වරෙන් එලියට යන්න...."

"ඒ මොකටද....උන් දෙන්නට කතා කරන්න දීල උඹ මෙන්න මෙහෙ වරෙන්...."

"අනේ ඇත්තමයි උඹ ඒකිගෙ අයියද කියපන් සේරටම කලින්....නිකමට හිතපන් ඒකා කවුරුත් නැති වෙලේ අපේ එකීගෙ කොහෙන්හරි ඇල්ලුවා කියල....එහෙම වෙන්න දෙන්න බෑනෙ....මහ වලත්ත මූණක් තිබ්බෙත්....යමන් යමන් ගිහින් හොරෙන් බලා ඉමු...."

"කොහෙද යකෝ ඌ වලත්ත....ඒ කොල්ලා හෙන වැදගත් පාටයි උඹ මේ නහින්න හැදුවට...."

පේනවනෙ මූටත් පොත්ත සුදු හයේ හතරෙ ඔනෑ එකෙක් ඔට්ටුයි....දැම්මම නංගි දීලා ඉවරයි....අයියවත් ඇදගෙන මම එලියට පැනලා කනුවකට මුවා උනා....මෙතනට හොඳට පේනව ජෝඩුව....මොනවද දන්නෑ ඔච්චර කතා කරන්නෙ....දෙයියනේ දෙයියනේ අරූ අපේ එකීට අයුතු යෝජනා කරනවද දන්නෙත් නෑ....

"ලොකූ....සුදූ දෙන්නම මෙහෙ එන්නකෝ...."

"ඔය කෙරුවෙ හිවලා....මං තොට කීවා හොරගල් අහුලන්න බෑ කියල....බලපන් නම්බුව ඉවරයිනෙ ශිට්...."

එකපාරටම සයුරි අපි දෙන්නටම අඬගහද්දි මම උඩ ගියා....ඒ මදිවට අයියා කාරයා දමාගෙන කන ගාව ඉදන් බනින්නත් තියාගත්තා....හරි හරි ඉතිං හිතල නෝන්ඩි උනායැ....නෝන්ඩිය වගේද මගෙ නෑනා ඩිංගට අපයෝජනයක් උනා නම්.....අයියා මාවත් ඇදගෙන සයුරිලා ඉන්න පැත්තට ගියා....

යකෝ අයියෙ හෙමින් පලකො....මගෙ කකුල් දෙක පොලවෙ ඇදෙනව මූ යන යෑමට....මනමාල ගෙවලයා ඉන්නවා සක්කු දෙකට අත් දෙක දාගෙන කටකොනෙන් හිනාවේගෙන....දෙන්න හිතයි මූණ පොඩිවෙන්න....සයුරි දාගෙන ඇඹරෙනවා....මේකිට ඇඹරියාව හැදිලද මෙච්චර ඇඹරෙන්නෙ....මල සමයන් බෝල සබන් කීවලු....

"හෙලෝ අශේල්....මම සයුරු....සයුරිගෙ ලොකු අයියා...."

අයියා ගිහින් ගෙවලයාට අතට අත දීලා කතා කරල මාවත් ඉස්සරහට තල්ලු කරා....දැන් මාත් අත දෙන්න ඕනිද මේකාට....

"හෙලෝ...මම නිවේන්....සයුරිගෙ මස්සිනා...."

මම මස්සිනා කෑල්ල බරකරල කියල අත දුන්නා....කවුරු උනත් තේරුම් ගන්න ඕනි නෑනා අයිති මස්සිනාට කියල.....කට කොනෙන් හිනා උන මනමාල ගෙවලයා මගෙ අත මිරිකලාම ඇල්ලුවා...මම ඉක්මනට අත ඇදල ගත්තා....යකෝ රතු වෙලා පාරත් හිටලා....මේකා මාර ඩයල් එකක්නෙ....සයුරිට කලින් මස්සිනාලා දෙන්නව අල්ල ගන්න වෙන්නැති ලෑස්ති.....හිතේ ඇති අපි කෙල්ලව දෝත පුදල දෙයි කියල....ඒව කොහෙද....

ගෙවලයෝ උඹ අත නෙවේ කොහෙ මිරිකුවත් මගෙ නෑනව උඹට දෙන්නෙ නෑ.....

නෑමයි...






𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹


✎ අන්නේකයි දෙන්නෑ දෙන්නෙම නෑ....

Continue Reading

You'll Also Like

131K 18.4K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
516K 9.4K 22
+++++ အခန်းတွေပါမှာမို့ ဖတ်ဖို့အဆင်မပြေတဲ့သူများပြန်လှည့်သွားကြပါ အသက်မပြည့်သေးတဲ့ကလေးတွေမဖတ်ကြဖို့မေတ္တာရပ်ခံပါတယါ
73.5K 6.6K 25
#Book1 of the girl crush series Real Title : Let's get married Kim Tae Hyung [Unicode] " ငါတို့ လက်ထပ်ရ​​အောင် Kim Tae Hyung!" [Zawgyi] " ငါတို႔ လက္ထ...
42.6K 795 8
It's gonna be short stories. Most of the stories will be around 10 to 15 chapters. If you are new to my profile, do check out the short stories I.