" උබ කියන්නේ ඒ පොත නැතිවුනේ අවුරුදු විස්සකට කලින් කියලද ? "
" ඔව්ව්... සමහර විට ඊටත් කලින්..."
" උබ කොහොමද දන්නෙ ? "
" උබ ඇහුවද කොහොමද මම අරුගේ අම්මයි තාත්තයි ගැන දන්නේ කියල ?? "
" නැ... උබ ඇහුවද මම ඇයි ඒක ඇහුවේ නැත්තේ කියල...? "අරවින්ද් ආපස්සට ඇහුවේ ගවීෂ් නළල රැලි කරද්දි....
" සිරාවට ! ඇයි තෝ ඇහුවෙ නැත්තෙ...?? "
" උබ ඇහුවෙ නැත්තේ ඇයි කියපන් ඉස්සෙල්ල !!!"
" හරි ඇති !! අපි ඇවිත් ඉන්නේ... " ගවීෂ් කතාව නැවැත්තුවේ තව මේක ඇදගෙන ගියොත් හොම්බට පාරක් ඇනගෙනම මේක කෙලවර වෙන බව අත්දැකීමෙන්ම වගේ තේරුණ නිසා....
කොල්ලෝ දෙන්නා හිටගෙන ඉදියෙ සැහෙන වනවාස උන පරණ දේවාල මන්දිරයක ගල් දොරටුවක් ගාව..... රතු පාට කොඩි වැල් හැම අතටම ඇදල සැහෙන ගුප්ත පෙනුමක් තිබ්බ මේ තැන කොහොමටත්, කන්දෙන් එපිට පහළ නිම්නයේ එයාලගේ විලේජ් එකේ තියෙන ස්වරූපයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මට්ටමේ අදුරු මූසල තැනක් කියල පළවෙනි බැල්මෙන්ම කියන්නට පුලුවනි.... ඒ හැම එකකම ලොකු කළු පැල්ලම් කාලෙකට කලින් උන ගින්නක් නිසා ඇති උන දේවල්......සේරමටත් වඩා ගොම්මන් වෙලාව නිසාමදෝ එතන තිබ්බේ සැලකිය යුතු මට්ටමක භූත ගතියක්.... තාමත් මේ ගමන ආපු එක ගැන කොල්ලො දෙන්නගෙම හිතේ තියෙන්නෙ අවිශ්වාසයක්.........
ගවීෂ් හුස්මක් ඇද්දේ ඒ තත්පරේට එකිනෙකින් වෙන් කරගන්න බැරි සුවදවල් නහය කාවැදගෙන යද්දි.....
සමහර වෙලාවට, අතඇරල දාලා ගොඩක් කල් නිසාම ඇතුලෙන් එන්නේ තෙත හතු කොටන්වලින් එන ජාතියේ පුස් සුවදක්... ඒත්, උණුවෙන් පිච්චෙන සුවද පිච්චමල් හදුන්කූරක සුවදත් කොහෙන්දෝ මන්ද ඒ සුවදටම එකතු වෙලා... කැද දාපු පරණ රෙදිවල සුවද එන්නේ බොහෝවිට දිරලා තියෙන කොඩිවැල්වලින් වෙන්න ඕන... ම්ම්, අගුරු සුවද.... , අළු පස්වල එන අමුතු සුවද...... අහ්හ් !! ඇතුලේ පේන ලා එළිය එහෙනම් එන්නෙ මේ වැනිලා සුවද ඉටිපන්දමෙන් !! හරි අමුතු කම්බිනේශන් එකක්....
" මොනවද දැනෙන්නේ ? "
" අළු පස්වල සුවදයි , බිම්මල් සුවදයි.... වැනිලා සුවදයි... වරෙන් යන්න කවුරුත් අපිව දකින්න කලින්...." ගවීෂ් කිව්වේ කිසිම පැකීලීමක් නැතුව සීමාවෙන් ඇතුළට අඩිය තියන අතරේ.... අරවින්ද් තාම සීමාවෙන් එළියට වෙලා බලාගෙන ඉදියේ පැකිලීමෙන්....
" මොකද ඒ පාර... ? "
" වලෝර දෙවොලට ආශාක්‍යසිංහලට ඇතුළු වෙන්න තහනම් නේද ගවීෂ්? "
" අනේ හු** !! රෙද්දක් කියවන්නැතුව වරෙන්... කොහේ තියෙන නිතියක්ද ? වරෙන් මෙතනින් පස්සේ ඒම නිතියක් නෑ... ! "
අරවින්ද් ඒත් දොරටුව ගාව නිසොල්මන්.....
" ගවීෂ් ... මම මේ සිරියස් අහන්නෙ.... උබ හිතනව ද අපි කරන දේ හරි කියල ?? "
" මොන දේද ?? "
" නැ... එක වතාවක්ද මුහු උනේ මෙතනින් පස්සේ ආශක්‍යසිංහලාත් නෑ වේඝර්ණලාත් නැහැ... මේක විලේජ් ඇතුළට සීමා වුන දෙයක් නෙවේ ගවීෂ්...එළියේ ලෝකෙන් අපි වෙන් වෙන්න ඕනෙමයි... මේ මිනිස්සුන්ට පාලනයක් තියෙන්නම ඕනේ...අපි සාමාන්‍ය මිනිස්සු නෙවේ ගවීෂ් වේඝර්ණාරච්චි !!.... එහෙම බැලුවම කරන්න යන දේ අපි හරිද ?? " අරවින්ද් ඇහුවේ තාමත් අඩමානෙට.... අරවින්ද්ගේ මේ තියෙන අඩමානේ ගවීෂ්ට නැතුවම නෙවේ.. අරවින්ද් නොකිය කියන මේකෙ බරපතළකම ඇහුවම ගවීෂ්ගෙත් උරහිස් සීතල නොවෙනව නෙවේ....ඒත් ,
" උබ හිතන්නෙ මම මේ මෙච්චර ඇම්මෙන් මේකට හොම්බ දාන්නෙ මගේ ප්‍රයිවෙට් හේතු නිසා කියලද ?? මට මේ මියුන්ව ළග තියාගන්න ඕන නිසා මුළු සම්ප්‍රදායක්ම ගිනි තියලා දාන්න ? තමුසේ තාමත් මං ගැන හිතන්නෙ ඒමද ? ඊයා අරවින්ද්...."
" මං එහෙම කිව්වෙ නෑනෙ !! මියුන්ම නොවුනත් උබට උබේ හේතුවක් තියෙන්න ඕනෙ ?? " අරවින්ද් ඒ පාර ඇහුවේ දොරටුව ඇතුළට අඩිය තියන ගමන්....
" මීට මාස ගාණකට කලින් කෙනෙක් මට කිව්ව අන්තිම වචන නිසා.... "
" යුවනිදු වේඝර්ණාරච්චි ?? ..... "
" හ්ම්..."
" එතන මොකක්ද උනේ ? "
" වෙන මොකක්ද !! අය්යව මැරුවා..... අය්යගේ ළමයත් එක්කම එයාගේ වය්ෆ්වත් මැරුවා.... " ගවීෂ් කිව්වෙ අත මිට මොළවගෙන.... අරවින්ද් සන්සුන්..... එයා ලොකු හුස්මක් ගත්ත බවත් ගවීෂ්ට ඇහුන්නැතුවම නෙවේ....
" හ්ම්... ඊළගට මරන්න ලැබෙන්නෙ උබට... " අරවින්ද් කිව්වේ දේවාලේ නටබුන් අතරින් ඉස්සරහට ගවීෂ් එක්කම අඩිය තියන අතරේ....
" අහ් ?? "
" බොහෝවිට ප්‍රිවිරු වේඝර්ණාරච්චි..."
" ප්‍රිවිරු ? අපේ සහය පෙළ ? ඇයි උට පිටින් කෙල්ලෙක්වත් සෙට් වෙලාද ? උබ මොනව හරි දන්නවද ?!! "ගවීෂ් ඇහුවේ කලබලෙන්.....
" සහය පෙළ තර්ජනයක් නන් එයාලට හුස්ම ගන්න අයිතියක් තියයිද උබේ සීයා ? උබේ සීයා මගේ සීයා වෙනසක් නෑනෙ ගවීෂ්..... " අරවින්ද් කිව්වේ තමන් ගැනම නෝන්ඩියකින්.... පළවෙනි පාරට ඒ කටහඩේ වචන පැහැදිලි නැති ගොරහැඩී ගතියක් තිබුනා...... ඉන්න !! එයා අදහස් කළේ........
" කේනාල් ?? උබලගේ සහය පෙළ අපිට වඩා වැඩිමල් කොල්ලෙක් මැරුනේ...... කේනාල් ආශක්‍යසිංහ මැරුනේ --- "
" මැරුනේ ?? මැරුනේ නෙවේ ගවීෂ් !!මැරුවේ...... මම තමයි ඌව මැරුවේ....... " අරවින්ද් මිමිණුවේ ගවීෂ්ව නිරුත්තර කරලා.....එයා අරවින්ද් දිහා බලන් ඉදියේ මොනවා කියන්නද හිතාගන්න බැරි තරම් උගුර වේලිලා යද්දි.... අරවින්ද්ගේ අත මිට මෙලවිලා... ඌ කිසි දෙයක් පිටට පෙන්නන්නෙ නැති තරම් මූණ සන්සුන්.... ආශාක්‍යසිංහ සහය පෙළ කේනාල් ආශාක්‍යසිංහ ගවීෂ්ලට වඩා වැඩිමල්.....මතකේ හරි නන් ඌ තමයි අරවින්ද්ට උගේ බයික් එක අරන් දුන්නේත්.... කේනාල් ආශක්‍යසිංහ කියන්නෙ ඉස්සර ගවීෂ්ගේ පේන්නම බැරි ආශාක්‍යසිංහල ලිස්ට් එකේ දෙක.... ඒත් ඉන්න කේනාල් ආශක්‍යසිංහ නැතිවෙලාත් දැන් අවුරුදු තුනක් හතරක් !!
" ඒ දවස්වල.... "
" මට පහළවයි.. " අරවින්ද් කිසිම හැගීමක් පෙන්නන්නේ නැතුවම සම්පූර්ණ කලේ සාමාන්‍ය දෙයක් ගානට ... තාමත් ශොක් එකට නැවතිලා බලාගෙන ඉන්න ගවීෂ්ට එහෙමම ඉන්න ඇරල අරවින්ද් ඇතුළු දොරටුවට පඩිපෙල් නැග්ගේ සන්සුන් ගතියකින්....
භාතිය ආශක්‍යසිංහ , සධාර්න ආශක්‍යසිංහව මැරුවෙත් ඒකයි.... ඒ කියන්නෙ ඒකත් සම්ප්‍රදායක්.... ප්‍රිවිරු....අඩෝ හිතන්නවත් එපා ගවීෂ්... ඒ පොඩි කොල්ලට තාම දාහතයි !!
" අපි ඇතුළට යමු.. " ගවීෂ් වෙනසක් නොපෙන්නලම කිව්වේ බරාද දිගෙ වම් පැත්තට හැරෙන ගමන්... ඒ වැනිලා ඉටිපන්දමේ සුවද එන පැත්ත.....
" කෙනෙක්ව මගෙ අත් දෙකෙන්ම මරලා උට සාධාරණයක් කරන්න ඕනේ කියල මමම කියන එක විහිළුවක් ද ගවීෂ් ?? "
" හ්ම්... අහපන් .... උබ පළවෙනියා නෙවේ අරවින්ද් , ඒත් පුලුවන් නන් අන්තිමයා වෙයන්.. සධාර්න ආශාක්‍යසිංහව මැරුවට පස්සෙ හරි භාතිය ආශාක්‍යසිංහ එදා අන්තිමය වෙන්න තීරණයක් ගත්තා නම්... උබට ඔහොම වෙන්නෑ.... " ගවීෂ් කෙලින්ම කිව්වේ අරවින්ද්ගේ ඇස් ලොකු වෙනවා බලාගෙන.....
" කට තිබ්බ පළියට නොදන්න මගුල් කියවන්න එපා ගවීෂ් !!! " අරවින්ද් කිව්වේ ගවීෂ් එයාටම නෝන්ඩියට හිනා වෙද්දි... ඇත්තනෙ ! උන්ගේ මහා ස්වර්ණමය උරුමය !! භාතිය ආශාක්‍යසිංහ ගැන කවුද ඒම හිතන්නේ....
" මගෙ එකාගෙ තාත්තා ගැන කතා කරනකොට මම කතා කරන්නේ හරියට දැනගෙන අරවින්ද් ... "
" උබ ..... කට වහපන් !! උබ දන්න -- "
අරවින්ද් එක පාරටම වගේ කට වහගත්තෙ ගවීෂ් නළල රැලි කරගෙන කලබලෙන් වගේ එයා බලපු පැත්ත දිහා හැරෙද්දි.... සුදු පාටින් සරල විදියට සැරසිලා ඉදපු තුරුණු වියේ රූමත් සලකුණු තවමත් සම්පූර්ණයෙන් අතුරුදහන් නොවුන කාන්තාව දිහා උරුමයන් දෙක බලන් ඉදියේ විමසිල්ලෙන්... එයාලාගේ සැකය හරි !!! එයා තාම ජීවත් වෙනවා එහෙනම්......
ඒ රතු පාට ඇස් කෙලින්ම ගවීෂ්ගේ රතු පාට ඇස්වල හැපුනේ ලොකු ප්‍රශ්නාර්ථයකුත් එක්ක.... ඒ ප්‍රශ්නාර්ථය දෙගුණ තෙගුණ උනෙ අරවින්ද්ගේ නිල් ඇස්වලට....
" මේ ළමයි කවුද ?! "
" අ....අ....අත්... මේ.... වේඝර්ණ ආර්යාව ? " ගවීෂ් මිම්ණුවේ අවිනිශ්තිව....
" අහ් ! වැරදි තැනකට ඇවිත් තියෙන්නෙ ... කරුණාකරල ඔය ළමයි එළියට යන්න දැන්ම...!! " එ කටහඩේ තිබ්බ සැර ගතියට අරවින්ද් නන් ගැස්සුන බව ගවීෂ් නොදැක්කා නෙවේ... ගවීෂ් අරවින්ද්ට ඉන්න කියල සන් කලේ එයාගේ බෙල්ලේ කළු පාර නූලකින් එල්ලගෙන ඉදපු වේඝර්ණපේරැස් මුද්ද කමිසේ අස්සෙන් එළියට අදින අතරේ...
" මේක දන්නව ද ? " ගවීෂ් මාලේ පෙන්නුවේ සිහින් උන රතු ඇස්වලට... එයා ඉක්මනින්ම මාලේ බෙල්ලෙන් පන්නලා පේරැස් මුද්ද පීච් පාට යන්තමින් රැළි වැටුන අත් උඩින් තිබ්බේ සැහෙන ගෞරවයකින්..... ඒ අවසරෙන් ගවීෂ් ඉක්මනින්ම කාන්තාව නීරීක්ෂණය කලේ සන්සුන්ව විස්තර කරගන්න බැරි හැගීමකින්...... ගොඩක්ම....... සුදු මාමා වගෙ..... ඇස් එහෙම ගවීෂ්ගේ අම්මගෙ ඇස්.... ඒත් -
" මේකද ඒ පාර අලුත් උරචක්කරමාලෙ ?? " ඒ කටහඩේ තිබ්බෙ උපහාසයක්.....
" ඇයි ඉස්සර ඉදන් මේක නෙවේද ? " ගවීෂ් මුකුත් නොදන්න ගානට ඇහුවේ එයාගෙ අතට හැල්ලුවෙන් වගෙ ලැබුන වේඝර්ණ පේරැස් මුද්ද අතට අරගෙන....
" මේ එතකොට යුවනිදු වේඝාර්ණාරච්චිද ? තිමෞර්ය වේඝර්ණාරච්චි ද ? නැත්තන් ඔශිව් වේඝර්ණාරච්චි ද ? අනිත් පිරිමි දරුව තාමත් පොඩි ඇති මම හරි නම්..... " ඇය ඇහුවේ සන්සුන්ව ගවීෂ් දිහා බලන අතරේ....
" මම ගවීෂ්.... ගවිෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි.... "
" අහ් ඒකද පුතා පාවිච්චි කරන නම...... මම හිතුවා හරි... දැන් කරදඩු උස් වෙලානේ සේරම.... මං කවුද කියල දන්නවද ? "
" අත්තම්මේ ...." ගවීෂ් මිමිණුවේ ආත්තම්මාගෙන් පළවෙනි වතාවට එයාගෙ අත්තම්මගෙ උණුසුම් හිනාවට ප්‍රතිචාර විදියට... හේමා වේඝාර්ණාරච්චි... ආර්ය වේඝාර්ණාරච්චිගේ , බර්ඩ්‍රේන් මැදුර අතඇරපු භාර්යාව... හරි නම් තවමත් බර්ඩ්‍රේන් ආර්යාව ...... ගවීෂ්ගේ පොඩි අත්‍තම්මා....
" මේ එතකොට ....... " අත්තම්මගේ බැල්ම එල්ල උනේ අරවින්ද්ට බව දැක්ක ගවීෂ් උගුර පෑදුවේ බැරෑරුම් විදියට.....
" අත්තම්ම මුකුත් හිතන්න එපා... "
" එයා ආශාක්‍යසිංහ කෙනෙක් කියල මටත් පේනවා දරුවො.... , මම අහන්නේ කාගෙ කවුද ? "
" ආශාක්‍යසිංහ උරුමය මැඩම්.. අරවින්ද් ආශාක්‍යසිංහ .... "
" ම්... අපි ඇතුළට ගිහින් ඒ ගැන කතා කරමු ද අත්තම්මේ ?? "
" වැරදි දවස දරුවෝ... අද කොහොමටත් ඉක්මනින්ම ඔය දරුවො දෙන්න මෙහෙන් යන්න ඕනෙ.. ඇදිරි වැටිලා ඉවරයි දැනටම.... "
" අහ් ? ඇයි ඒ ? අත්තම්මෙ.. මං මේ.... "
" මෙච්චර කල් මම මැරිලා කියලා හිතන් ඉදියා වගේම ඉන්න , පුතා... පහළට, පවුලට මගේ කිසිම සම්බන්ධයක් බෑ .........ඔයාලා කොහෙත්ම දැනගන්න ඕනෙ නැ- "
" මම එයාලගෙ ලියුම් කියෙව්ව...! " ගවීෂ් අන්‍තිමේ කැගැහුවේ අරවින්ද් ගවීෂ්ව පස්සට අදිද්දි..... අත්තම්මගේ ඇස් ලොකු වෙලා ....
" කාගෙ ? "
" ලොකු අම්මට භාතිය ආශාක්‍යසිංහ ලියපුවා...... " ගවීෂ් කිව්වේ අරවින්ද් පවා ඇස් ලොකු කරද්දි.....එයා ගවීෂ්ව අතඇරියේත් ඒ කම්පනෙන්ම වගේ....
" ආර්යද ඔයාව මෙහේ එව්වේ ? නැත්‍තන් ඔයාගෙ අම්මද ? මොකක්ද මේකේ තේරුම ??? "
" එහෙනම් මම ආශාක්‍යසිංහ කෙනෙක් එක්කන් එන්නෙ නැනේ අත්තම්මේ ..... "
" පොත හොයාගෙනද ආවේ ? පොත තියෙන්නෙ මම ගාව නෙවෙයි...." වේඝර්ණ ආර්යාව උත්තර දුන්නේ කෙලින්.....
" ඇයි මාවත් සීයා වගේම දකින්නෙ අත්තම්මේ ??? මං එයා වගෙ නෑ !!! මං ආවේ අත්තම්මව බලලා යන්න !! මගෙ ලොකු අම්මට මොකද උනේ දැනගන්න... මගේ..... "
" ගවීෂ් සන්සුන්වෙයන් යකො...ඔය අත්තම්මාට කතා කරන්නේ......." අරවින්ද් ආයේ මිමිණුවේ ගවීෂ්ව පිටිපස්සට ඇදලා.....
" සිනල්‍යයි, භාතියයි දෙන්නම නැති වෙලා ඉවරයි .... ඒවා ඔය ළමයින්ට අදාල නැති අතීතය..."
" අදාළ ඇති වෙන්නෙ කොහොමද ? අදාල නැති වෙන්නෙ - "
" ගවීෂ් ! උබට හරියට කතා කරන්න තේරෙන්නැත්තන් අඩුම කට පියාගෙන ඉන්නවා !! " අරවින්ද් ඒ පාර ගවීෂ්ගේ උරහිසෙන් අල්ලගෙන කන්ට්‍රොල් කරගත්තේ ඌව පිටිපස්සට ඇදලා අරන්.......
" මැඩම් , අන්තිමට ප්‍රධාන පෙළපත් ගැන දන්න විස්තර මොනවද ? " අරවින්ද් විනීතිව ඇහුවේ ගවීෂ්ට කට අරින්න ඉඩක් නොදී .....
" ඇයි පුතා එහෙම අහන්නේ ? "
" මැඩම් ගොඩක් කල් වෙනව නේද සාමාන්‍ය විලේජ් එකෙන් වෙන් වෙලා මෙහෙට ඇවිත් ? මං හිතන්නේ අවුරුදු ගාණකින් මෙහේ ආපු පළවෙනි ආගන්තුකයො දෙන්නත් අපි වෙන්න ඇති.... මැඩම් , මියුන් ආශාක්‍යසිංහ ...... කවුද කියල දන්නවද ? " අරවින්ද් ඇහුවේ සන්සුන්ව..... අරවින්ද් ප්‍රශ්නේ ඇහුවේ කොච්චර සන්සුන්ව උනත් ඒ ප්‍රශ්නෙත් එක්ක එතන පැතිරිල ගියේ සැහෙන මට්ටමක නිහැඩියාවක්.......
" මියුන් ? "ඇය මිමිණුවේ වෙව්ලන දෙතොලෙන්....
" මියුන් ආඝර්ව ආශාක්‍යසිංහ ... " අරවින්ද් කිව්වේ ගවීෂ් කට අරින්න කලින් උගේ උරහිසෙන් තද කරල ඌව නිහඩ කරන අතරේ...
" ආඝර්ව....මියුන්....?? ඒම කෙනෙක් ඉන්න බෑ..... "
" ඔයා දන්නව අත්තම්මේ... ලොකු අම්මා අපිට දාපු නම් ඔයා එක්ක කිව්ව නම් එයා එයාගේ කොල්ලට දාන්න ඉදපු මෙ නම ඔයා එක්ක කියල නැති වෙන්න බෑ.... ! -- "
" මො...මොනවද දරුවෝ මේ කියන්නේ... !!"
" අවුරුදු දහ අටකට කලින් මියුන්ගේ අම්මටයි තාත්‍තාටයි උන දේවල් හොයාගන්න තමයි මැඩම් , මමත් මෙයා එක්ක ආවේ... සීයල කිසිම විදියකින් මේකට සම්බන්ධ නෑ..."
" අවුරුදු දහ අටකට කලින් කාට ???? ජගුවර් උතුමාණනේ !! මේ ඇත්ත වෙන්න බෑ.... ඒක එහම නන්.....ඒක එහෙම නන් එයා කොහොමද ආශාක්‍යසිංහ වෙන්නෙ ?? එතකොට එතකොට -..... "
" සිනල්‍යා වේඝර්ණාරච්චි නැතිවෙන්න දවස් දෙකකට කලින් මගෙ මාමා මියුන්ව එයා ගාවට අරගෙන තියෙනවා.... ඒ වගේම... ඔයාලගෙ මාලේ.... ඒකෙන් එයාව වෙන් කරන්න විදියක් මට දැනගන්න ඕනේ.. " අරවින්ද් ඇහුවේ සන්සුන්ව......
" මොන මාලෙද ? තිමෞර්ය පුතා, වේඝර්ණ මාලෙ ගැන ද මේ කියන්නේ ? දෙය්යනේ ඒ කියන්නේ මේ මුරණ්ඩු කෙල්ල ඒක කරලා !! ඝර්ශාත්ම බන්ධනයක් කරලා !!! "
" අත්තම්මේ ?? "
" හරි !!මං දන්නවා කරන්න ඕනෙ දේ.... පුතාලා දැන් යන්න... මං මේ ගැන හොයාගෙන ඉක්මනින්ම පහළදි මුණ ගැහෙන්නම්...... එතකන් මට පොරොන්දු වෙන්න ආයේ අතහැරපු කලාපෙට ඇතුළු වෙන්න බැහැ.... තේරුණාද ? ඉක්මනින් බ්‍රින්ධව් කන්දෙන් එළියට යන්න.... ඉක්මනට !!!"
" හේතුව ? ඇයි යන්නේ.... "
" මේ දරුවගේ තියෙන මුරණ්ඩුකම !! "
" ඒත් අත්තම්මෙ.... "
" යන්න !!!"
.
.
.
.
- මතු සම්බන්ධයි.... -