- Plot 23 -

Bulbz_D

849K 112K 38.1K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Еще

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -

-72 -

6.1K 847 170
Bulbz_D

උස ගස් උඩට වේගෙන් වැටෙන වතුර බිංදු බේරිලා තාලයක් නැතුවම පොළොවට වැටෙනවා... මහ හය්යෙන් අකුණු පුපුරනකොට ඇට මිදුළු මිදවන තරමේ සීතලක් ඇග පුරාවට කා වදිනවා..... හරියට.......හරියට.......... ඒ තත්පරේම මහ හය්යෙන් කැගහන අපැහදිලි මිනිස් කටහඩවල්වලින් පිරිච්ච අවකාශය......... උස ඕක් ගස් දෙකක් අතරවට මැදිවුන දුඹුරු පාට තෙත සපත්තු ....  අප්ලොශ් එක......... !!! ඒ අත දිගේ බේරේන ලේ බිංදු......

" උබලගෙන් මොකාටද ඊළගට මැරෙන්න ඕන ? අහ් !!!  "

කලබලකාරි වාතය....... මඩ පස්....  කොළ පාට ඇස් !!!!!!!

" නෑ !! එපාආආඅ !!!!!!!! " 

රූප එකෙන් එක වැස්සට හේදිලා ගියෙ ගවීෂ් අවසිහියෙන්ම වගේ අත මිට මොළව ගනිද්දි.... එයාට සිහිය තියෙනව..... ඇගට පණ නැති උනත් ඇස් අරින්න බැරි අමුතුම නිද්‍රාවකින් වගේ එයා මත් වෙලා.....

ගගේ වතුර වැඩිවෙන සද්දේ....... හය්යෙන් කෑ ගහන සද්ද...... එ අතරින් ඇහෙන ඉකිබිදුම......

"අම්මා එක්ක තරහ නෑ නේ ද මගේ පුතේ ....? "

බෙල්ල දිගේ උඩට වැටිලා ගිය හිටි වැටීමට ගවීෂ් අත මිට මොළව ගත්තේ වෙව්ලන ඇස් පිහාටුවලින්.. මතකයක් ... එයාට සිහිය තිබ්බට එයාගේ බර්ඩ්‍රේන් ජානවලින් අවුස්සන අසාමාන්‍ය මතකයක්.....

රතු පාට එළිය..... එයාව කලබලෙන් වඩාගත්ත ඒ රතු පාට කාරුණික ඇස්... එයාගේ චූටි අත්වලට අහුවුන තෙත කොන්ඩේ....ඇස්වලට පේන පරාසේ මතකේ පැහැදිලි වෙද්දි ගවීෂ් ඇස් ඇරියේ කවුරුහරි බෙල්ලෙන් අල්ලගෙන ඉදල එයාව නිදහස් කළ ගානට..... වේඝර්ණ මැන්ශන් එකේ අදුරු ඩන්ජන් එකේ ගල් පොළවේ සීතලට කලින් එයාගේ කොන්ද දිගේ ඉහළට පැතිරිලා ආවේ දරාගන්න බැරි තරමේ වේදනාවක්.....

එයා තාමත් එතන..... ඇස් දෙකට පිරෙන කදුළුවලට සැරින් සැරේට බොද වෙන සිවිලිම දිහා බලාගෙන ඉදපු ගවීෂ් අත මිට මොළවගෙන කෙලින් උනේ බිත්තියට වාරු දීලා.. ඩන්ජන් එක පාළුවට ගිහින්... එයාගේ බලජානවල දුර්වල මට්ටමේ ක්‍රියාකාරිත්වය ආයෙ ඇගට දැනෙන නිසාම මරණයෙන් ඈත් උනා වගේ හැගීමත් එක්ක ගවීෂ් වැනි වැනිම කකුල් දෙකෙන් හිට ගත්තේ කටට උනපු පළවෙනි කෙළ පිඩේම තිබ්බ ලේ රහට එළියට කෙළ ගහන අතරේ !! එතනම එයාගේම ලේවලින් තෙත්වුන පොළොව උඩ අතඇරල දාල තිබ්බේ සීයගේ දඩුවම් කසය ......

" අර සහය පෙළ ඉසිවර !!! ඌත් අත තිබ්බානෙ මට !! " ගවීෂ් කේන්තියෙන්ම කසය විසිවෙලා යන්නම පයින් පාරක් ගැහුවේ ඇගේ ශක්තියක් නැතිකමටම බිත්තියට බර වෙලා.....

ගවීෂ් ඩන්ජන් එකෙන් එළියට ආවේ සාක්කුවට අත දාලා එයාගෙ කළු පාට ව්‍රිස්ට් වොච් එක එළියට අදින අතරෙ... ඇති යන්තන් සුදු මාමා දිපු වොච් එක පරිස්සම්.... සැහෙන්න වෙලා ගිහින්....

ඩන්ජන් එකෙන් එළියට ඇවිත්, බේස්මන්ට් එකෙ දොර වහන පරක්කුවට කෙල්ලො දෙන්නම ගවිෂ් දිහාවට දුවගෙන ආවේ විසිත්ත කාමරේ ඉදපු ගවීෂ්ගේ අම්මයි, පුංචි අම්මයි සේරම දැක්කේ නෑ වගෙ අහක බලගනිද්දි... පුදුම වෙන්න දෙයක් නෑ... එයාලටත් නැහැ.... උබටත් නැහැ ....

" ගවීෂ් අය්යෙ......අනේ.........." 

" යන්න කාමරේට !!" ගවීෂ් සැර කලේ ආශදී ඇවිත් ගවීෂ්ව අල්ලගනිද්දි.....

" ගවීෂ් !!! මේ ලේ....." ඒ අඩන්නේ අනිත් එකී....යොවන්දි .... හරිනේ... කොල්ලො එකෙක්වත් නැනේ මැන්ශන් එකේ දැන්.... මේවා ඉවසන්නම එපැයි..... විසිත්ත කාමරේ දෙවෙනි පරම්පරාවේ ඇස්වල අපහසුතාවයට ලක් වෙන්න උවමනාවක්  නැති නිසාම ගවීෂ් අමාරුවෙන් උනත් අත්වැට අල්ලගෙන පඩිපෙළ නැග්ගේ කලින්ටත් වඩා තට්ටුවක් නගින්න තියෙන විත්තිය මතක් කරගෙන....සේරමටත් වඩා පඩිපෙළ නැග ගන්නත් කෙල්ලො දෙන්නගෙන් සපෝට් එක ගන්න උනා කිව්වම...

" ගවීෂ්.. මම බෙහෙත් අරන් එන්නම්...එතකන් රූම් එකෙන් ඉන්නකෝ...- " ඒ යොවන්දි......

" දන්නවනෙ උබල...පනිශ්මන්ට්වලට එහෙම බෙහෙත් කරන්න බෑ..... " ගවීෂ් කිව්වේ දොරට වාරු දීලා කෙල්ලො දෙන්නව එහාට තල්ලු කරලා..... මුන් දෙන්නම මහ මුරණ්ඩුනේ අප්පා...

" මං යන්නෑ !!! " ආශදී මුරණ්ඩු විදියට කිව්වේ ගවීෂ්ගේ අත දමල ගහලා...එයා අඩන්නේ යුවනිදු අය්යට වුන දේට... ආයේ ඒකම වෙයි කියල කෙල්ල සැහෙන බයයි.....

" මං කිව්ව යන්න එපා කියල දවල් !!!"  ආශදි ආයෙම කැගැහුවේ ගවීෂ් යොවන්දි දිහා බලද්දි...  අඩුම මේකිටවත් තේරෙනව නන්....  කොහෙද ඩබලම එකයි......අන්තිමේදි තිබ්බ අන්තිම ශක්තියත් වැය කරල , හෙනම ගේමක් දීලා කෙල්ලො දෙන්නව එළියට තල්ලු කරගත්ත ගවීෂ් කාමරේ දොර ලොක් කරගත්තේ ශර්ට් එක ගලවල බලන්නවත් කිසිම උවමනාවක් නැති ගාණට ඇදට බර වෙන අතරෙ..... ඇගම කකියන වේදනාවට බෙඩ් ඩ්‍රෝවර් එකෙන් පේන් කිලර් එකක් ඇදල ගත්ත ගවීෂ් වතුර නැතුවම ඒක කටේ ඔබා ගත්තේ ඒකට මහ දෙයක් කරන්න බැරි බව හොදටම දැනගෙන......

මමයි වැඩිපුරම රිද්දන්නේ කියන තරගෙට වගේ පාරවල් වැදුන හැමතැනකම වේදනාව සැරින් සැරේට මතු වෙන්නේ ඇට මිදුළු විනිවිදගෙන.... අඩන්න ඔන උනත් කදුළු එන්නෙ නැතිකමට ගවීෂ් ඔහෙ සිවිලිම දිහා බලන් ඉදියේ සැරින් සැරේට නළල වේදනාවෙන් අකුළගන්න අතරෙ... සේරටම වඩා ඉසිවරකාරයා වගෙ සහය පෙළ වේඝර්ණ කෙනෙක් දෙපාරක් නොහිත එයාට අත තියපු හැටි !!! අහ් !! උරහිස් පණ නැති තරමට කකියනව.... මැරිලා ගියා නන් එකක් !!! . ගවීෂ් ඇදේ පෙරළුනෙ සයිලන්ට් දාලා වයිබ්‍රේට් උන එයාගෙ ෆෝන් එක සාක්කුවෙන් එළියට ඇදල අරගන්න අතරෙ....

අහ්හ්... ස්ක්‍රින් එකේ වැටුන කොළ පාට හාට් එක දිහා ගවිෂ් බලන් ඉදියේ ඒ තත්පරේට ඇගෙම තිබ්බ රිදිල්ල හරි අමුතු විදියකට වැඩි වෙද්දි..... කෝල් කරන්න එපා කියලනෙ තියෙන්නෙ මිට මම !! සති එකහාමාරක් වෙනවා කිසිම වච්නයක් නැතුවම.... ඒත් දැන් මොකද මේ ??  මේ වෙලාවෙම ???? ගවීෂ් තත්පර දෙක තුනක්ම අරගෙන ෆෝන් එක ආන්ස කලේ කොට්ටේ අතට අරගෙන වේදනාව අඩු ඉරියව්වකට අමාරුවෙන් මාරු වෙන අතරෙ...

" .........." 

" ම් ? " නුපුරුදු නිහඩ ගතිය නිසම ගවීෂ් ඇහුවේ කතා කළොත් කටහඩෙන් වේදනාව හංගගන්න බැරි වෙයි කියන බයට..... .

" මොනව හරි කියන්න..." මියුන්ගේ කටහඩ පැහැදිලියි.....

" හ්ම් , දැන් තියන්න...." ගවීෂ් කිව්වෙ පුළුවන් තරම් වෙනසක් නොදැනෙන තරමේ කටහඩකින්.....

" තිමෞර්ය .... " මියුන්...එයාගෙ කටහඩ...... ඒක හරිම......ඇයි මේ........

" මං සතියකින් අරගෙනත් උබ මට තියන්න කියනවද ? "  ඔව්.... ඒ කටහඩ වෙව්ලනව.... කොටින්ම ගවීෂ්ව නිරුත්තර කරන්න පුලුවන් තරමකට වෙව්ලනව.....

" උබට මාව මතක් නොවුනාම වෙන්න බැහැ නේද ? උබට මතක් උන වෙලාවල්වල ෆෝන් එක අතට අරන් කෝල් එකක් දෙන්නත් අමතක වෙන තරමට සිහියක් නැති වෙනව නේද ? මම එහෙම හිතාගන්නද ? ..." මියුන් නැවතීමක් නැතුව අහගෙන ගියේ ගවීෂ් නිදහස් අතින් කට තද කරල වහගනිද්දි ..... මියුන්ගේ කටහඩ සැරින් සැරේට මගින් නවතිනව.....

" මම මේම කතා කරද්දි...... මට මාව මෝඩයි වගේ දැනෙනව...... ඒත් , මට....මට තව....." මියුන් හරිම කැඩිලා බිදිලා ගිය කටහඩකින් කිව්වේ ගවීෂ්නුත් එයාගෙ ඇස් දෙක පියාගන්න පරක්කුවට කදුළු බිංදුවල රස්නෙ කම්මුල් දිගේ යනවා දැනෙද්දි.... මියුන්ට හොදින් කතා කරලා හිත හැදෙන දෙයක් කියන්න එයාට උවමනාවක් නැති කම නෙවෙ...., ඒත් මේ ඉන්න තත්වෙන් කතා කරල වැරදිලාවත්......වැරදිලාවත් එකම එක ඉකියක් පිට උනත් ඇති මියුන්ට සේරම දමල ගහල ආයෙ මෙහෙ එන්න තරම්.... අනිත් අතට කොහෙදි කොහොම දරාගෙන ඉදියත් මියුන් , තිමෞර්ය කියල හඩ බර කරන්නේ කොතනදිද , ඒ වෙලාවට භූමිකම්පාවකින් වගේ සේරම හැගීම් දෙගොඩතලා යන එක කොහොමටවත් නවත්තන්න පුලුවන් දෙයක් නෙවේ.....

" උබේ මෝඩ කුක්කා මේ වෙලාවෙ මොකද දන්නවද කරන්නේ ? දගල දගල මෙච්චර වෙලා වද දීලා දැන් මගේ බඩ උඩින් හොම්බ තියන් කන අතගාවගන්නව.... උබ උනත් එයාට සලකනව අන්තිමයි තිමෞර්ය !!, අරගත්ත මගේ අතට දුන්න අතපිහිදාගත්ත....එක පාරක් ආයේ ඔළුව අතගෑවද කියහන්.. එයාටත් තේරිලා තියෙන්නෙ වෙනස්කම..... ඉතින්........ අහගෙනද ඉන්නෙ ?"

" ම්."

" ඇයි උබ නිශ්ශබ්ද ? " මියුන් ඇහුවේ ගවීෂ් නොහිතම ලොකු හුස්මක් උඩට අදිද්දි.....

" තිමෞර්ය ??? "

" ම්ම්..." ගවීෂ් මිමිණුවේ කෑගහල අඩන්න බැරි කමට.....නෑ .... එයා අඩන්න ඕනෙත් නෑ., මියුන් තාමත් සැරින් සැරේට හරි බරට හුස්ම උඩට අදින සද්දේ ඇහෙනවා... ඒම වෙනකොට තමුසේ මේම කදුළු හිර කරගන්න දගලන එකත් විහිළුවක් ගවීෂ්.....

" තාත්තා ගැන හිතද්දිවත් මෙච්චර පාළුවක් දැනිලා නෑ තිමෞර්ය .... "

" ම්ම්."

" උබ මාත් එක්ක තරහින් ඉන්නේ එදා රෑ වුන දේටද ? කොච්චර මතක් කරගන්න හැදුවත් මට මතක් වෙන්නෙම නෑ තිමෞර්ය ... ඒත් උබ කියලා තියෙනවනේ උබේ පර්මිශන් නැතුව උබට අතවත් තියන්න එපා කියල.... මම එදා... ඒම මොනවහරි...... "

" ඒම දෙයක් නෙවේ .." ගවීෂ් මිමිණුවේ ඇහෙන නෑහෙන ගානට.... මේ මෝඩ යකා තියෙන හැම දෙයක්ම කල්පනා කරලද කොහේ....යසයි පාඩම් කරන්න යැව්ව එකා....

" ඔය සනීප නැද්ද  ?  " මියුන් ඇහුවේ කලබලෙන්... ගවීෂ් හිතුව වගේම කටහඩේ වෙනස මියුන් එක පාරින්ම අල්ලගත්තා..

" ම්හ්... සෙම..." ගවීෂ් ගැටගහගත්තේ අමාරුවෙන්....

"  කොහෙද පිනි බෑවෙ ??? රැට එළියෙ ඉදියොත් ඉවරයි උබ....අරවින්ද් අය්යා මුකුත් කියන්නෙත් නෑ , උබ මුකුත් කියන්නෙත් නැ..!!"

" ම්.."

" තිමෞර්ය ....... " 

" හරි  !! දැන් ඕක තියන්න!!! තමුසේ හිතන් ඉන්නෙ තමුසේ දැන් අඩනවා කියල මම දන්නෙ නෑ කියලද !!!...මම තමුසෙව එළියට යැව්වේ ඔහොම අඩ අඩ ඉන්නද ?? ... කවුද තමුසෙට කිව්වේ සතියෙන් සතියට මට කොල් කරල අඩන්න කියල ? අහ්... තමුසේ අඩනකොට දරාගන්න හරි ලේසි කියල ද හිතන්නේ....පාහර වැඩ නොකර ඕක තියල වැඩක් කරගනින්....මගෙ යකා අවුස්ස-----..."  ....

මියුන් හුස්ම උඩට අදින සද්දේ !!! ඔය ඉතින් !!! පටන් ගත්තනෙ..... මෙච්චර වෙලා ඉදලා හිටල හුස්ම විතරක් උඩට අදිනව ඇහුන මියුන්ගේ පැහැදිලි ඉකිගැහිල්ල ගවීෂ් අහන් ඉදියේ තොල් දෙක තද කරගෙන..... මට අඩන්න ඕනෙ වෙලාවට මේකා අඩන්න ගත්තම කෝමද හහ්.....මේ යකාට මොකක් වෙලාද ???

"  මියුන් ආඝර්ව ආශක්‍යසිංහ ! නවත්ත ගන්නවකෝ ඕක.. මොන ලැජ්ජාවක්ද මේ ??? අහ්හ් ?? " ගවීෂ් වේදනාව මැඩගෙනම ඇහුවේ විශ්වාස කරගන්න බැරි ගානට.... එක අතකට මේ මියුන් ගොඩක් කාලයක් තිස්සේ හිර කරගෙන ඉදපු කදුළු..... හේතු ගොඩක් නිසා ඇස්වල එකතු වුන කදුළු.... තමුසේ කලේ ඒ ඇස්වලට ඇගිල්ලෙන් ඇනපු එක විතරයි එක් අතකට..... මූණ රතු වෙලා ඇතිද ? නහය නං හොදටම රතු වෙලා ඇති.....

"  කලින් පාර මම හිතහදාගත්තම, තමුසෙමයි කිව්වේ හෙනම වෙස්සන්තර ලයින් කියල අතපිහිදාගන්න බැ කියල.... දැන් මට ආයේ හිත පරක්කුයි තිමෞර්ය ..... !"

"  කවුද ඔච්චර දුර හිතන්න කිව්වේ ? "

" උබ එන්ගේජ් වෙලා , මාවත් මේම ඈත් කළාම වෙන කොහොමද තිමෞර්ය මං හිතන්න ඕනේ ??? "  මියුන්ගේ උත්‍තරයට ගවීෂ් කට පියාගත්තේ ඇද දිගේ පහළට ලිස්ස්ලා ඇවිත් ඇස් දෙක පියාගෙන.....

" හ්ම්...ඔහොම හිතට එන සේරම කියල දාපන්...... "

" මට තමුසෙව ඕන තිමෞර්ය ..."

" ම්.."

" උබ ඔතන වෙනස් කරන්න හදනකොට පැත්තට වෙලා බලන් ඉන්න තරම් දුර්වල වෙන්න උනාම මට ඒක තවත් දරාගන්න අමාරුයි තිමෞර්ය ... හරියට මට දැනෙන්නෙ මම තවත් මෝඩ ඉවාන් කුමාරයෙක් වගේ අසරණ හැගීමක්.... "

ඕයි පාහරයො මෙ..- මම ඩියෝන්වත් එළියට යවල තියෙන්නෙ... දන්නවද ????  " ගවීෂ් කෙදිරුවෙ මියුන්ගේ කටහඩේ තිබුන වේදනාවට..... අනෙ ඉතින් මු දන්නව නම්.......මූ දන්නව නම් අවුරුදු හත්දාහකට මෙහා ඉපදුණ බලවත්ම කෙනා මූ කියල.....

" ම්හ්ප්ප්......"  මියුන් එක අතකට පොඩි එකෙක් වගේ !!! හිනා යන්න ආවත් මේ යකා අඩන විදියේ තියෙන පපුව තද වෙන තරමේ වේදනාව නිසාම ගවීෂ් නිශ්ශබ්ද උනේ එයාගෙම නළල පිරිමදින ගමන්...... මෙච්චර හිත හිත මොනව කරනවද මන්දා....

" තව තියෙද ඉතින් ? "

" ම්.. තාත්තා නැති වෙලා අවුරුදු දහ අටක් සතියට...... මට එයාට මල් තියන්න එන්නත් බැරිලු....!!!  එයා හිතයිනේ  මම එයාව අමතක කරල කියල..... " මියුන් යන්තමින් ඉකි ගහ ගහම කිව්වේ ගවීෂ් ඔලුව වනද්දි... හ්ම් ඒක නම් මතකයි ... අරවින්ද් කිව්ව ඒ උත්සවෙටවත් මියුන්ව එළියෙන් තියන තරමට හොදයි කියලා....

" හ්ම්...මොන මල්ද ඔයා වෙනදට තියන්නෙ ?  "

" ඩේසි... "

" මම යන්නම් අප්පච්චිව බලන්න.... හරිද ?  "ගවීෂ් කිව්වෙ ඇදට හේත්තුවෙල..... අහ්හ්හ් ඌඌඌ අනේ හම්මෙ තුවාල.....ගවීෂ් තොල් තද කරගත්තේ කිසිම හඩක් පිට වෙන්න නොදී..... දැන් නන් ඇගේ තවත් ශක්තියක් ඉතිරි වෙලා නෑ කියල ගවීෂ්ට හොදටම විශ්වාසයි.. 

"මියුන්...."

ම්ම් ??

" සති දෙකකට සැරයක් කෝල් කළාම ඇති... "  ගවීෂ් මිමිණුවේ තවත් කරන්න ශක්තියක් නැති ගානට.... ඇග කකියවන වේදනාවක් එක්ක මේම කතා කරන්න පුලුවන් සීමාවක් තියෙ.....

" හ්ම්...."

" තව එකක්......පාහරයෙක් වගේ අඩන්න නන් ලැස්ති වෙන්න එපා... !! පරිස්සම් කරගනින් ඔය කදුළු... වැදගත් හේතුවකට අඩපන් !! මං වගෙ .......වැඩක් නැති..... " ගවීෂ් කිව්වේ මෙච්චර වෙලා අල්ලගෙම ඉදපු එයාගෙ කටහඩ බිදිලා යද්දි.....සැහෙන නිහඩතාවයක්.....

මියුන් නොසන්සුන්වුන එක එයා හුස්ම ගන්න විදියෙන්ම ගවීෂ්ට පැහැදිලිවම තේරිලා ඉවරයි... වේදනාවයි, පියවි සිහියයි අත්‍ර මැද තත්වෙක වගෙ ඉදන් ගවීෂ් බලාගෙන ඉදියේ නිශ්ශබ්දතාවය ගෙවිලා යනකන්.... ගවිෂ්ගේ ඒ නිශ්ශබ්දතාවය මියුන්ට නොකිය කිව්ව දේවල් ගොඩයි....

" තිමෞර්ය ...."

"ම් ? " වෙව්ලන තොල් තද කරන් ගවීෂ් ඇදේ එහා පැත්තට හැරුනා... මියුන් දැනගන්න බෑ හේතුව......

" ඇයි මැණික..... " මියුන් ඇහුවේ සන්සුන්ව... තදින්.... තවත් බොරු කරන්න බැරි තරමට මෘදු හඩකින්.... කොච්චර අමාරුවෙන් හිර කරගෙන ඉදියත් ඒ වේදනාව හොයන්නෙම එළියට පනින්න ඇසිල්ලක මොහොතක්..... හරියට ගවීෂ්ගේ තොල් අස්සෙන් මේ දැන් පිටවුන ඉකිය වගේ..... කෑගන්න ඕන හරියට.... මගේ ඇගම රිදෙනව ඕයි !!! මට මැරෙන්න තරම් රිදෙනවා යකෝ...... මාව මෙහෙන් අරන් පලයන් ප්ලිස්..  පුළුවන්ද ඉසිවරගේ හොම්බට එකක් ගහන්න මං වෙනුවට ? රිදෙනවා.. පුළුවන් නන් එක පාරක් .... ඇවිත් මාව බදාගනින්....

ඒත් ඒවායින් මොනවා කියන්නද හිතාගන්න බැරිකමට ගවීෂ් අත හපාගෙනම ඉකි ගැහුවේ තියෙන අන්තිම ශක්තියත් නාස්ති කරගෙන..... හැම තැනම ගැන මියුන්ට පැමිණිලි කරන්න හිතෙනවා .... හරියට උරහිස් දෙකම කැපිලා තියෙන වේදනාව... ඉණ පැත්තෙන් එක උඩ එක කියපු පාරවල් ඉලිප්පිලා තියෙන හැටි ගැන... අතට වැදුන පාරෙන් විනාස වෙලා තියෙන අත් දෙක ගැන..... මූණට වැදුන පාරෙන් තාමත් ලේ රහ කම්මුල් ගැන.... ගවීෂ් කොට්ටේ තදින් අල්ල ගත්තේ වේදනාවට ඇදෙ ගුලි වෙන අතරෙ.... අත්වල ඉලිප්පුන පාරවල්වල උඩට මතුවුන ලෙ බිංදු කැටි ගැහිලා... ඇගෙ කැළැල් ගැන බලන්නත් ගවීෂ්‍ට කිසිම උවමනාවක් නැති තරම්.... 

මියුන් නෙවේ තාමත් එක වචනයක් ඇහුවේ..... ගවිෂ් වේදනාවෙන් ඇද උඩ පෙරළෙන විදිය මියුන්‍ට අදුරගන්න බැරි කමක් නෙවේ, ඒත් කිසිම දෙයක් අහන්නැතුව එයා බලාගෙන ඉදියේ අත මිට මොළවගෙන.... කොහෙත්ම වෙලා තියෙන දේවල් අනුමාන කරන්න ගවීෂ්ගෙන් නන් කිස්ම ඉගියක් මියුන්ට නොලැබුන තරම්...ඒත් මේ වේදනාවට හේතුව සාමාන්‍ය එකක් නොවෙන බව මියුන්ට තේරෙනවා........ ඊටත් වඩා නවත්තගන්න දගලන ඉකිය......

ගවීෂ් තදින් ඇස් පියාගත්තේ එයා ඉකිගහන වතාවක් , වතාවක් ගානෙම ටිකෙන් ටික නොසන්සුන් වෙන මියුන්ගේ හුස්මට ඇහුම්කන් දීගෙන..... කොහොමටවත් මියුන් දැන් හේතුව අහන්නෙ නෑ කියන්න ගවිෂ් දන්නව.... එයා ඇදේ හාන්සි වෙලා ඔහේ කුළුණේ වහල දිහා බලාගෙන ඉදියේ සැරින් සැරේට ඇස් බොද වෙද්දි......  මේ වගේ වේදනාවක් ඇගට කොච්චර තෙහෙට්ටුවටක් උනත් ඒ වේදනාවත් එක්ක නින්ද සැහෙන දුරයි.... අඩලා වැය කරන්න ශක්තියක් නැතිකමට ගවීෂ් ටිකෙන් ටික සන්සුන් උනේ , සම්පූර්ණ සංවාදෙම ලොකු නිශ්ශබ්දතාවයකින් පිරිලා යද්දි......

" එහ්......" ගවීෂ් ටික වෙලාවකින් කතා කලේ තිබුන අන්තිම ශක්තියත් කටහඩට කැටි කරගෙන....

" කියන්න....."

"සිංදුවක් කියන්නකො... තමුසෙට පුළුවන්ද ? ම්ම්ම් ??   " ගවීෂ් ඇහුවේ ඇදේ ගුලි වෙන අතරෙ.. මොන පැත්තට හැරුනත් කොහේ හරි තුවාලයක් පෑරෙනවා.... මේ වේදනාවට මේම සිහිය තියෙන එකම ලොකු දෙයක්.... මියුන් තාමත් නිශ්ශබ්දයි .... එයා මේ ගැන අහන්නෑ කියල ගවෂ්ට විශ්වාසයි...

" මොකක්ද අප්පා...!! අගේ නොකර කියනවකො ඕයි...!! මම මෙතන හෙන කට්ටක් කාලා නයිටිංගේල් කෙනෙක් සෙට් කරගත්තේ මේකටනේ...... "  ගවීෂ් ඉකිගහල ගොරහැඩි උන කටහඩින්ම කිවේ ෆෝන් එකේ ස්පීකරේ හරහා ඇහුන මියුන්ගේ කෙටි හිනාවේ සද්දෙට යන්තන් හිනා වෙලා.....එයා ඒම හිනා වෙද්දි තමයි ලස්සනම... සමහර විට කලින් අඩල දැන් මූණ රතුවෙලා වෙන්න ඇති.... ඇති යන්තන් ඌ හරි අඩ අඩ ඉදල හිනාවුනානේ...

"  නයිටිංගේල්  ??හැබැයි නයිටිංගේල් ඉදියේ නම් රාජකීය උද්‍යානේ තිමෞර්ය...."

"ඉතින් ?? "

" ඉතින්......  ආස නැද්ද මාව ගෙනත් ඇද ගාවම කූඩුවක දාල හිර කරගන්න... ?? "

" බුවැක්කාආආආ !!!! ඕය් මේ.... මේ මහ රෑ මගේ තනිකඩ හිත රිදෙන කතා කියන්න එපා තමුසේ...."

" ඉස්සර නං විවිධ පැතිකඩ තිබ්බ හිත් නේද තිබ්බේ තිමෞර්ය ? අහ්හ් !!දැන් තනිකඩද ? කමක් නෑ , ඒ තනිකඩේම ඉන්නේ මම නේද ? "

" නවත්තපන් ඕයි !!!මටම ලැජ්ජයි !!!.. මං වගේ සිංගල් මිනිස්සු මහ රෑ මේව අහල රතු වෙන්න හොද නෑ !! හහ්....... "

" අන්න ඒ ලැජ්ජාව තමයි... මේ නයිටිංගේල්ගේ එකම සතුට..... මේ මේ... ඉතින් සිංදුවක නමක් කියපන්... 

"  අඩෝඕඔ උබ සිරාවටම කියනවද ?? ඒනං ලිස්ට් එකක්ම තියේ !!!!! " ගවීෂ් කිව්වේ සැහෙන උනන්දුවෙන්.... මූ සිංදුවක් කියන්න කැමති උන කියන එකමත් කොච්චර එකක්ද ? කලින් කී පාරක් නහයෙන් ඇඩුවත් කියන්න කැමති උනේම නෑනෙ.... ගුටිකාපු එකේ බෙනිපිට !!!

" ම්ම් කියන්න තිමෞර්ය ...... "

" මීදුම් දුමාරයෙ...."  ගවීෂ් පළවෙනි රික්වෙස්ට්  එක සැහෙන උනන්දුවෙන් අතඇරියේ මියුන්ගේ කටිනුත් යන්තමින් පැන්න හිනාව අහගෙන.... දැන් දෙවෙනි පාර.... අනේඒඒඒ බලන්න ඕන ඒම හිනා වෙනවා....

" අහලම එපා වෙලා නැද්ද ?"

" නෑ !! කියපන්...."

හරි....ම්ම්..
මීදුම් දුමාරයේ....
සීත සැන්දෑ යාමෙ.....
සිහින ඇන්ද සානුවේ......."

මියුන්ගේ කටහඩ හරි පිළිවෙලකට ෆෝන් එකේ ස්පීකරෙන් ගලාගෙන ආවේ ගවීඇ ඇස් පියාගනිද්දි.... සිංදු කියන කොට ඇත්තටම මියුන්ගේ කටහඩේ ලොකු වෙනසක් තියෙනවා... කවදාවත් කතා කරද්දි වගේ , සිංදු කියනකොට මියුන් හැගීම් හංගන්නෙ නැහැ .. ඉතින් ඒ තාලෙට මිමිණෙන වචන පුරාම හදවත උණු කරවන හැගිම් දිය වෙලා......ඊළගට තමා ආසම ටික.....!!

" ආශා නැතිද....
මාත් එක්ක, තනිව ඉන්න.....
කොළ පාට හැලුනු, ඈත නිම්නයේ......?
ආශා නැතිද .....
මාත් එක්ක.....තනිව ඉන්න...... ඇති !! "

මියුන්  නැවැත්තුවෙ යන්තන් හිනා වෙන ගමන්.... ඇතී යනතන් ලැජ්ජ හිතිලා හරි එක්කෙනෙක් හිනා උනා මෙන්න..... ගවීෂ් සැහැල්ලුවෙන් හුස්මක් ගත්තේ එයත් යන්තන් හිනා වෙලා... ඒ සිංදුවේ තියෙන මැජික් එක ඒ වගෙ.... කොළ පාට ෆැන්ටසියක් ගැන තියෙන ලස්සන බලාපොරොත්තුවක් .... ඕන ප්‍රශ්නයක් මැද්දෙ නිදහසේ ඇස් පියාගන්න පුළුවන් තරම් උණුසුම් හැගීමක්......

" අනෙහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් තව එකක්..... " ගවීෂ් විරෝධතාව ප්‍රකාශ කලේ දුර්වල විදියට.....

" ම්ම් ? ඔහොමම ටිකක් නිදාගන්න තිමෞර්ය එහෙනම්...  කෝ හරියට බ්ලැන්කට් එක පොරවගන්න ඉස්සෙල්ල... " මියුන් තදින් වග කිව්වේ , එයා ඒක කිව්ව විදියට ගවීෂ් දෙපාරක් නොහිතම බ්ලැන්කට් එක අස්සට ගුලි වෙද්දි.... තුවාල එකින් එක තාමත් ඇදුම් කනවා...... ඒත් බ්ලැන්කට් එක ඇතුලෙන් දැනෙන්නේ වෙනද නැති අමුතු උණුසුමක්.... සමහරවිට ඒ මියුන්ම ඒක පෙරවගන්න කිව්ව නිසාද ? 

" මමත් ඇදේ ඉන්නේ, මගේ ගාව චීස් පෆ්ත් ඉන්නවා... තාම මේ හොම්බ ඔබන්..... " මියුන් මිම්ණුවේ ගවීෂ් එක සැරේටම වගෙ ඇස් පුංචි කරද්දි...... හිටාන් මොකා ??? මෙ මොන අසාධාරණයක්ද..... චීඊඊඊඊඉස් පෆ් ?????

" ඒයි !!!!  මම කිව්වානේ ඔය අහර කුක්කට එ නම තියන්න එපා කියලා..."

" හාහා...ඇහුනොත් දුක හිතෙයිනේ තිමෞර්ය !! ඔයා තාම එයාට නමක් තිබ්බෙ නැනේ ඉතින්... අනාහ් මෙන්න ඔළුව උස්සල බලනවා... ඇයි පෆ් ?? ." මියුන් අහර නට්ටාව ළගට ගන්න සද්දෙ..... විසාල කරදරයක් උනානෙ මෙක !!

" මේ මේ මම අඩනවා ඔයා උට ඔය පෆ් කෑලිවලින් කතා කළොත් හරිද ?? "

" පණ්ඩිත නොවී ඕක හරියට පොරාවගනින්.....!! "

"ම්හ්....සද මිතුරි.....මට මමම වී ඉන්න ඉදන්....." ගවීෂ් මිමිණුවේ තව බ්ලැන්කට් එක අස්සට ගුලිවෙලා බර උන ඇස් වහගන්න අතරෙ....

" මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන....
ඈතට වෙලා අපිම අපි වී ඉතින්....
නව ලොවට මුල් අණු වෙන්න....
මිල නොවන පෙම් කවිය පබදින්න.... " 

අහ්හ්!!සිරාවට මු නම් පුදුම මනුස්සයේක් !! අර ගිරිය පුප්පන් කැගහම විදියට මොකෙක්වත් හිතන්නෙ නෑ මූට මේ තරම්ම ලස්සනට සින්ග් කරන්න පුළුවන් විත්තිය.... ඒ වෙනස්ම තාලෙට , ගැඹුරු කටහඩට ඉක්මනින්ම ඇස් පියවෙනවා....

" පිනි වැස්ස වස්සන්න....
මද්දහන තෙත් වෙන්න...
ආදරය දළු ලන්න මිහිකත මතින්....
සිහිනේ සනහා.....
කිරණින් දැවෙනා....."

" ඉගිලෙන්න ඔබ එක්ක ආකාසෙ........
විදගන්න ඒ සිසිල මා සිත්සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ....
පිනි බිංදු මල් වැහි --  "

" මියුන් .... " ගවීෂ් මැද්දෙන් පැන්නේ වේදනාවයි විඩාවයී එක්ක තව කොච්චර වෙලා අල්ලන් ඉන්න පුලුවන් වෙයිද කියල විශ්වාසයක් නැති නිසාමයි.....ගුඩ්නයිට් කියන්න ඕනේ --

" ම් ? මං අහන්නෑ උබෙන්... හිතුන වෙලාවක කියන්න ... "

" ම්ම්.....මට ඇත්තටම මහන්සි....." ගවීෂ් මිම්ණුවේ අඩ සිහියෙන්... ඇඩුවත් නොඇඩුවත් එයාගෙ කටහඩම මියුන්ට ගොඩක් දේවල් පැහැදිලි කරන්න ඇති බව ගවීෂ් දන්නවා..

"  "  දැන් ඔහොමම නිදාගනින්.... මම නින්ද යනකම් කියන්නම්...."

" හ්ම්... මං අහන් ඉන්නේ..... " ගවීෂ් කිව්වේ වේදනාව අතරින්ම ඇස් තද කරල වහගෙන.... උන ගැනෙන ගානට සීතලයි.....මියුන් තාමත් තත්පර ගානකට නිශ්ශබ්දයි ..

"සොදුරු සිතුවම්....
කුරුලූ ගී වැල්...
සුවද මල් රොන්....
සිහිල් නල රැල්...
එක මිටින් ගෙනෙමි....
ඔබේ හිතේ ඉහිරමි.....
එක මිටින් ගෙනැ මි.....
ඔබේ හිතේ ඉහිරමි.....

මේ දාහයේ.... නගරේ.......
හිරුගේ මග අවුරා....
සද ගෙනාත් තබමින්...
සද එළිය නාමෙන්....

සොදුරු සිතුවම්....
කුරුලු ගී වැල්...
සුවද මල් රොන්..
සිහින් නල රැල් ....
එක මිටින් ගෙනැමි....
ඔබේ හිතේ ඉහිරමි.....

රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා....
වෙන් වෙලා අවුදින්....
සිහින සිතුමිණකින්....

සොදුරු සිතුවම්.......
කුරුළු .... "

     මියුන් සිංදුව නැවැත්තුවෙ ගවීෂ්ගේ පිළිවෙලක් උන හුස්ම සද්දෙට කන් දෙන්න.... එයාගේ ඇග අස්සෙ ගුලිවෙල  ඉදපු වූල් බෝලේගේ ඔලුව හිමින් අතගාන ගමන් මියුන් ඇස් දෙක යන්තම් පියාගත්තේ ෆෝන් එකට තද වෙල තිබ්බ අත පපුව උඩින් තියාගන්න අතරේ.......

.
.
.
.
.

- මතු සම්බන්ධයි -


*කසුන් කල්හාරගේ හරිත නිම්නය තමයි මට මේ කතාවට පළවෙනි හෙවනැල්ල අරන් ආවේ....! වගේම මේකේ විටෙන් විට අදුරු මුසල ගතියක් එක්ක , කොළ පාට ෆැන්ටසියේ හැගීමත් දෙන්න මම ට්‍රයි කරනවා..ආදරේ කොටසක් විදියට ජිවිත ගැන මම ලිව්වෙ මතක ඇති තරම් පොඩි කාලෙ.... ඒත් මේ කතාව ජිවිතේ කොටසක් විදියට ආදරේ ගැන.... අපි ගන්න හුස්ම පවා වැනිලා සුවද වගේ ආදරණිය කරන්නෙත්, පල් මඩ සුවද වගේ අප්පිරිය කරන්නෙත් බැදීම්ම තමයි.....  ඒත් සමහර විට ඒවා සංකීර්ණ වෙන තරමට කාබන් මොනොක්සයිඩ් වගෙ සුවදායක විශක් වෙන්නත් පුලුවන්...✨️💚🌼

Продолжить чтение

Вам также понравится

176K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
ඩේලියා | Dahlia lis

Документальная проза

14.8K 3.9K 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම...
27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
♛ අග්නි ♛ BULB

Исторические романы

172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...