συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ

By SH-A-GGY

18.8K 2.2K 1.2K

ස්කූල් එකේ ඉන්න හිතුවක්කාරම කෙල්ල නැත්නම් Straight ස්කූල් ඩිපියුටි .මේ ඩිපියුටි ට ස්කූල් එකේ ඉන්න හෙඩ් ප්‍රි... More

- PARLIAMENT PRESIDENT -
- SO I HATE IT -
-A ගුඩ් නිව්ස් -
- I'M ලෙෆ්ට් -
- ප්ලීස්ස්ස්ස්ස් එපා -
- හොද වැඩේ මට -
- නිව් කපල් -
INTRODUCE ♥️
- සිතූ ඊස් මිසින් -
- කිස් සීන් -
- බෑ කිව්වොත් බෑමයි -
- මළගෙදර -
- ගර්ල්ෆ්‍රෙන්ඩ් -
- හෙල්මට් මෑන් -
- මලවිකාර -
- ප්‍රොජෙක්ට් -
- මන් ඔයාට හරි ආදරෙයි ළමයො -
- මට හරි දුකයි අප්පා -
- මොකක්ද ඒ අවුල ..-
- මන් හරි පව් -
- අපි පාආආවෙන ලෝකෙ..-
- මේක මගේ කතාව ...! -
- ලොකු කාලයක් -
- අවාරෙක මෙහි ඇවිත් -
- ලැජ්ජාවේ බෑ... -
- සදගනාව -
සිරිසේනXටීරෙක්ස් 👀 PART 1
සිරිසේන X ටීරෙක්ස් PART 2
- නුවරඑළි ඩේට් -

- මේක දරුණුයි -

502 60 57
By SH-A-GGY


"මොකද මනුස්සයො ඔච්චර හයියෙන් බ්‍රේක් ගහන්නෙ?"
"තව ටිකෙන් නහයක් හොයන්න වෙනවා මට."

$තමුසෙට ඕනි විදිහට නෙවෙයි මට ඕනි විදිහට මන් බයික් එලවන්නෙ."

"හැච හැච හැච..."
"පරිස්සමෙන් යන්න හාද?"

"හ්ම්ම්."

තාරුන්‍යා යන දිහා බලන් හිටපු සිතුමි ගෙදර දොරත් ඇරගෙන ඇතුලට ගියේ ලොකු සතුටකින් වගේම තමන්ටවත් හිතාගන්න බැරි හිත් වේදනාවකින්.

සිතුමිව ගෙදරට දාපු තාරුන්‍යා ගෙදරට යන පාරට දාද්දිම ඈතින් පෙනුන ඈෂ් කලර් කාර් එක දැක්ක ගමන් ආපහු හරෝගෙන යන්න හිතුනත් ප්‍රශ්නවලින් පැනලා යන පුරුද්ද කෙසේ වෙතත් ගෙදර මිනිස්සුන්ට වුනත් සෙකන්ඩ් වෙන්න හොදනැහැ කියන දේ අකුරටම පිලිපැද්ද තාරුන්‍යා බයික් එක නවත්තලා ගේ ඇතුලට ගියේ විසිල් එකකුත් ගහන ගමන්.

මුලු ගෙදරම පට්ටම නිශ්ශබ්දව තියෙද්දි තාරුන්‍යාගෙ විසිල් එකත් ඇහුනෙ මූසල විදිහට.

තාරුන්‍යා කිසිම කෙනෙක්ව ගනන් නොගෙන කාමරේට යන්න හැදුවත් කාමරේ ලොක් කරලා තිබුන නිසා ප්‍රශ්නාර්තයක් එක්ක බැලුවෙ සාලෙ ඉන්න මිනිස්සු දිහා.

"අම්මා යතුර කෝ? "

"උබට ආයෙ මේ ගෙදර යතුරු නෑ."

"මන් කතා කරේ මගෙ අම්මට."

"කතා ඕන්නැහැ චූටිදුව මේකිගෙ බඩු ටික ලෑස්ති කරපන්."

"මේ මේ මිස්ටර් රණවීර තමුන් මගේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නැතුව පාඩුවෙ ඉන්නවා".

"උබ කාටද ඔය කතා කරන්නෙ?"

"කම්මුල හරහට වැදුන පාර නිසා කම්මුලත් අල්ලගෙන තමන් ඉස්සර ඉන්න තමන්ගෙම අක්කා දිහා තාරුන්‍යා බලන් හිටියෙ කලකිරීමෙන්."

"එතකොට ඔයා.. ඔයා මට ගැහුවා නේද?ආ ආ උබලා ඔක්කොටම ඕනි මාව මරාගන්නද?"

"කටවහනවා සුදූ."

"අම්මා ඇයි ඔයා කටවහන් ඉන්නෙ.ඔයාටවත් බැරිද මේ මිනිස්සුන්ට තේරුම්කරන්න."

"මේ තේරුම්ගත්ත ටික හොදටම ඇති සුදූ.
අදම ඔයා සීයා එක්ක මහගෙදර යන්න ඕනි."

"ඒ මන් හිටියොත් නෙ.
උබලා එකෙක්ටවත් මාව තේරුම්ගන්න බෑ පවුලෙ බම්බුව ඔලුවට ගහන් ඔලුව උදුම්මගෙන ඉන්න උබලට කවදාවත් ඔය ළිං වලෙන් ගොඩ ඒමකුත් නෑ.
මතක තියාගන්න මිස්ටර් රණවීර මහලොකුවට බිස්නස් තිබ්බට ප්‍රින්සිපල් කෙනෙක් වුනාට වැඩක් නෑ තාම ජීවත් වෙන්නෙ ළිං වලේනම්."

පුපුරු ගහන කම්මුලත් අල්ලගෙන ගෙදරින් එලියට බැහැපු තාරුන්‍යා බයික් එකත් ස්ටාර්ට් කරගෙන යන්න ගියේ යන තැනක්වත් නොදැන.

"චූටිදුව ඔය බඩු ටික ලෑස්ති කරන්න."
"කෙල්ලව මන් කොහොමහරි වලව්වට අරන් යන්නම්."

අවසානෙට කතාවට තිත තියපු රණවීර ගෙයින් එලියට බැස්සෙ දෙතුන් දෙනෙක්ටම තාරුන්‍යාව හොයන්න කියලා.
















___________________________________________________♥️



මහ රෑ දොළහටත් ලගයි .
මුලු පරිසරයම අදුරේ ගුලි ගැහෙද්දි සමහර වේදනාබර හිත් පිරුණු ගෙවල් දෙක තුනක කණාමැදිරි එලි තැනින් තැන පෙනිලා නොපෙනිලා ගියා.

තාරුන්‍යා හිටියෙ වැව ගාව.පුරුදු නැවතුමේ තනි හිතත් එක්ක.තනිවම මුමුණමින්.

"ඇයි උබලා මෙච්චර දරුණු?"
"ඇයි මට කවදාවත් ආදරේ කරන්න බැරි
මේක මගෙ පවක්ද"
"නැත්නම් ඒ කෙල්ලගෙ පවක්ද"
"ආදරේ කරපු මමයි වැරදි "
'මුන් ගැන දැනගෙන මට තිබුනා හැගීම් වහන් ඉන්න.ඒත් යකෝ මේකත් හදවතක් නෙවෙයිද?"

තනියම කතා කරන ගමන් අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන හිටපු තාරුන්‍යා දැක්කෙ නැහැ එයාට පිටිපස්සෙන් හිටන් ඉන්න මිනිස්සුන්ව.

බයික් එකට ජැක් එකක් ගහගෙන හිටපු නිසා පිටිපස්ස ගැන වැඩි අවදානයක් නොදීපු තාරුන්‍යා වැව දිහා බලනවත් එක්කම නහයට දැනුන සැර සුවදත් එක්ක ඔලුව කැරකිල්ල හැදුන තාරුන්‍යා ෆෙන්ට් වෙලා වැටුනෙ පිටිපස්සෙ හිටපු මිනිස්සු දෙන්නගෙ අත් උඩට.

"සර් වැඩේ හරි."

"ඉක්මනට වලව්වට එනවා."

SITHUMI POV,

උදෑසනම පොඩි අපි ...

බ්ලා බ්ලා මතක නෑනෙ යකො ඒකත්.

සෙක් කුජීතයි.
වොශ්රූම් එක අස්සෙ ඉදන් පොඩි වැඩ කෑල්ලක් දාන්න හැදුවට ලිරික්ස් මතක නැති නිසා ඒ වැඩෙත් චකබ්ලාස් වුනා.

උදේ පාන්දරම පිපුනු පිච්ච මල මගේ යන්න එපැයි.

සුදු ගවුමත් ඇදලා බෑග් එකත් උස්සගෙන මන් හන්දියට පයින් ගියේ කලින් දවසෙ තාරුන්‍යා එන්නම් කියලා කියපු නිසා.
ඊයෙ ඉදන් මැසේජ් වලට රිප්ලයි නැති එකටනම් මන් හිටියෙම අලි කේන්තියෙන්.

ඇයි මගුල මේ ලොකුලයින් බලන්න පුළුවන් ද හැමදාම.මහලොකු මිනිහානෙ මූ .එක්කො ඩිවෝස් එක දීලා මන් බදිනවා කිතුල් ගහක්.
රා ටිකක්වත් ගන්න පුළුවන් 😒.

හතයි විසිපහයි.
යකෝ හයයි හතලිස් පහ වෙද්දී වෙනදට ගේට් එක ගාව ඉන්න තාරුන්‍යා නේද මේ.

මේක නම් බොන්න ඕනි ප්‍රශ්නයක් .

එන්නැද්ද අප්පා?

එන්නැත්නම් කියන්න ඕනි.
රෙද්ද.
කරවලයා එක්ක හරි යනවා මන්.

අවසානෙට මගෙ කකුල් දෙකේ බලෙන් ස්ටෑන්ඩ් එකට ගිහින් හතයි තියේ නැගලා උදේට කාපුවත් බ්ලෙන්ඩර් කරගෙනම මන් ස්කූල් එක ගාවින් බහිනකොට හතයි හතලිස්පහයි.

කමක්නැහැ අද හෙඩ් නෑනෙ.අනික යකෝ ඌ මගෙ මිනිහානෙ.😒

මන් මොකටද බය වෙන්නෙ.

පපුව ඉස්සරහ දාගෙන යන්න ඕනි.
ඒව් එතකොට අසවල් කාන්තාව වගේ.

මන් දෙයියනේ කියලා ගේට් එකෙන් ඇතුල් වෙද්දිම..

"ඒයි ඒයි කවුරු කියලද හිතන් ඉන්නෙ?"

මොකාද යකෝ ඒ ටින්කිරි වොයිස් එකකින් චෑන් චෑන් ගාපු එකා..

"හෙඩ්ගෙ ඌස්නෙ ගහලනෙ තියෙන්නෙ ඔය.."

ඔන්න දැන් නම් නගිනවා පුතෝ මට.

මන් හැරිලා එතන හිටපු මූන පුක වගේ හදන් හිටපු කෙල්ලො දෙන්නව අලුවෙන්න පුළුවන් බැල්මක් දාලා ආවා නිකන් ආවෙ නෑ සගෝ.

"ඌස්නෙ නෙවේ හෙඩ් ව ගහල ඉන්නෙ බන්.
මිනිහව ගහන්නැතුව වෙන මොකා ගහන්නද?"

අරුන් දෙන්නගෙ කට අක්කරයක් සයිස් ඇරෙද්දි මන් ආතල් එකේ බෑග් එකත් වන වන ක්ලාස් එකට ගියේ කුපාඩි මිතුරො සොයාගෙන.

ඉන්නවා ඉන්නවා දැල බදාගෙන වටේ පිටේ උන්ට හිනාවෙවී අතීසාර මිත්‍රයො දෙන්නා ඉන්නවා පෙරගමන් එනකන් මන්.

"අඩෝ උබ මොකෝ අද සුනංගු මිනිහා පරක්කු වුනාතෙ?"

"පක් තමා."

"ඇයි බල්ලො මොකෝ?"

"ආවෙ නෑ අද හුම් ."

"ඈ වෙන්න බෑ."

"ඇයි?"

"අද බන් පාර්ලිමන්ට් එක."

"එතකොට ..."

"ඔව් යකෝ ඒකි එන්නැතුව ඉන්නැහැ."

"ඇයි එතකොට ආවෙ නැත්තෙ?"

මන් මූනත් බෙරි කරගෙන ඩෙස් එකකට ඔලුව ගහගත්තෙ තාරුන්‍යා ට මොකද වුනේ කියලා හිතන ගමන්.මහ ඕන්නෑ .මට රිප්ලයි කරෙත් නෑ.

ඔය අස්සෙ ඇස් දෙක අස්සෙන් තඩි කදුලු ගුලි දෙකක් දොග් ගාලා රූටන් ඇවිත් ඩෙස් එක උඩට වැටුනෙ මටත් නොදැනිම.

එකපාරට මහ සුළිසුළගක් වගේ සිරිසේනයා දුවන් ආවෙ හතිත් දාගෙන.

මූ දුවන් එන ඒවා අපි දැන් පඩේකට ගනන් ගන්නැහැ .මොකද කිව්වොත් මූ ටීරෙක්සා කිස් කරත් දුවන් එනවා අරහෙන් ඇල්ලුවත් දුවන් එනවා මෙහෙන් ඇල්ලුවත් දුවන් එනවා ෆක් කරත් දුවන් එනවා.
මේක විසාල කරදරයක් වුනානෙ😑.

"අඩො මචාන්.."

"ඇයි අද උබෙ කොහෙන්ද ඇල්ලුවෙ?"

"අනේ පුකක් නෙවේ ඕයි කෝ සිතුමි."

"අර ඉන්නෙ නයා මැරිච්ච අහිගුණ්ඨිකයා වගේ."

"අඩේ මාර වැඩක් වෙලා තියෙන්නෙ බන්."

"ඇයි මොකක්ද ?"

"තාරු අස් වෙලා."

"වට්ද ෆක්."

"ෆක් නෙවේ යකෝ සීරියස් ."

"අස් වෙලා කිව්වෙ?"

"අස් වෙලා කිව්වෙ අස් වෙලා බන් ඒකි මෙහෙන් ගිහින් කියලා කියන්නෙ?"

"කො..කොහෙද?"

"දන්නැහැ බන් උන්ගෙ මහගෙදර මන් හිතන්නෙ."

මන් දන්නැහැ මට මොකක් වුනාද කියලා.
දවස් දෙකක් හම්බෙලා ආදරේ මහගොඩක් හිතේ පුරෝවලා ඔහොම යන එක සාදාරනයිද තාරුන්‍යා ..?

මේ සිතුමි නැතුව ඔයා අසම්පූර්ණයි කිව්වෙ බොරුවටද?

මොකක්ද වුනේ ඔයාට?

මගෙ දෙපැත්තෙන් ඉදන් වර්ශායි ගිම්හායි මගෙ හිත හදන්න එක එක ඒවා කිව්වට මට ඒ එකක්වත් ඇහුන්නැහැ .මට ඕනි තාරුන්‍යා ඔයා එක්ක වචනයක් හරි කතාකරන්න .

ඇයි එහෙම කරේ කියලා අහන්න.




































දන්නවද ,
විරහවක් බව දැන දැනම
ආදරේ කිරීමක් කියන්නෙම
විසක් කියලා දැන දැනම
උගුරට හලන් නිහඩව සිටීමක්...!



























හායි ළමයි...🌚

කාලෙකින් නේද?

පාලුවෙන් හිටියද ?
(නෑ කියහල්ලා පුළුවන් නම්😒)

ඔන්න අප්ඩේට් දුන්නා.

දැන් ඉතින් කමෙන්ට් අවශ්‍යයි.

කමෙන්ට් අනුව නෙක්ස් පාට් එක ලබාදෙනු ඇත.

අවසරයි . .

#මහරෑඇහැරන්වට්පෑඩ්එකේදේදුණුඅස්සෙකරක්ගහනඕතරේ

















OUR STORY ♥️

Continue Reading

You'll Also Like

5.2K 586 15
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?
56.3K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...
5.9K 664 13
If that's a sin... then I am willing to commit it...
15.2K 1.5K 18
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...