සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට...
නුඹ ඈත ඉඳන් ඇවිදින්...
මගේ පාලු හිතට...මනමාල කතා කියමින්...
මනමාල කතා කියමින්...
අද සීත සුලඟ...මදහාස නගන විට...
හිත කෝල උනිද මෙතරම්.....
ඒ දැනුම හැඟුම නොදනිම්...
සඳ රේණු ගලන..සඳ රෑක සිහිනයට...
නුඹ ඈත ඉඳන් ඇවිදින්...
මගේ පාලු හිතට...මනමාල කතා කියමින්....
මනමාල කතා කියමින්....
ඔය වාසනාව...නෙතු දෑල දුලන ඒ...
හිත කීරි ගැහෙන හැටිනම්....
ඒ හැඟුම කෙලෙස පවසම්....
සඳ රේණු ගලන.....සඳ රෑක සිහිනයට...
නුඹ ඈත ඉඳන් ඇවිදින්...
මගේ පාලු හිතට....මනමාල කතා කියමින්....
මනමාල කතා කියමින්....
මනමාල කතා කියමින්...
මනමාල කතා කියමින්...
මං හිටියෙ ගෙදර ඇවිත් හසරැල්ට යවපු සින්දුව ආයෙම අහන ගමන්.. මේ වෙලාවෙ මගෙ හිතේ තිබ්බ හැඟීම් සේරම ඒ සින්දුවෙ ලියවිලා තිබුනා.. මේ සින්දුව එයාට යවන්න අදහසක් මගෙ හිතේ කොනකවත් තිබ්බෙ නෑ.. ඒත් ඉතින් මට දැනිච්ච දේවල් එයාට වචනෙන් විස්තර කරල කියන්න බැරි නිසා ඒ වෙලාවෙ ආපු ශනික අදහසකට ඕක යැව්වට මොකද මේ මනුස්සයා ඕක බලලා මාව අනිත් අතට බ්ලොක් කරලා දායිද දන්නෙත් නෑ.. ඒ තරම් ඩයල් එකනෙ..
හැබැයි මේ වෙනකනුත් එයා ඕක සීන් කරලවත් තිබ්බෙ නෑ.. කමක් නෑ තවම දහයයි හතලිස් පහයි.. එයා හෙට වෙන්න කලින් ඕක බලයිනෙ.. එහෙම හිතලා මං හිත හදාගත්තා..
හිත හදාගත්තයි කිව්වට එහෙම නැද්ද කොහෙද.. එයා ඒක බැලුවෙ නැත්තම් ? ඔන්න ප්‍රශ්නයක් !
තියෙන ප්‍රශ්න මදිවට බලන්න ඉතින් ආයෙ ඔලුවට කඩාපාත් වෙන ප්‍රශ්න.. බෑ අප්පා මේක කරන්න.. මේ කොහෙදෝ ඉන්න කොල්ලෙක් ඇවිත් කරපු හරියක් බලන්නකො ඉතින්.. දෙයියොම බලන්නෝනෙ මෙව්වා...
ඒ උනත් මේක මං පිලිගන්නම ඕනෙ..හසරැල් ලග ඉන්නකොට දැනෙන නිදහස් , සැහැල්ලු හැඟීමට මං මාර කැමතියි.. එයා ලඟදි හිතේ තියෙන සමහර දෙවල් ලිමිට් නැතුව වචන වෙලා එලියට පනින එක වෙනම කතාවක්.. හැබැයි එයා ලඟ ඉන්න තප්පරවලට ලෝබ හිතෙනවා.. අද ඉදපු විදියටම හැමදාටම එයාව මගෙ ලඟින්ම තියාගන්න හිතෙනවා.. එයාව පොඩ්ඩක් අවුස්සලා අර තරහෙන් රතු වෙන මූණ, ඒ වෙලාවට මූණෙ ඇඳෙන රැවිල්ල බලන්නෝනෙ වගේ හිතෙනවා..
මං දන්නවා මට මේ දැනෙන දේවල් වලින් දශමයක්වත් එයාට දැනෙන්නෙවත් නැතුවත් ඇති ...
ඒත් එහෙම හිතෙනකොටත් ඒක මාව නොසෑහෙනට රිද්දනවා..
පැය බාගයක් විතරම ඔය විකාර මනෝ ලෝකෙ සැරිසරමින් ඉඳලා ටිකකින් බැලුවා අර චැට් එක.. තාමත් සීන් කරල නැහැ.. එයා මොකක් හරි වැඩක්ද දන්නෙ නෑනෙ.... කමක් නෑ දුකක් නෑ..
මොනවා? දුකක් නෑ.. මොකද නැත්තෙ? මට දුකයි යකෝ මට සිරාවටම දුකයි..
මෙච්චර පුංචි දේවල් වලට දුක් වෙන්න ඇත්තටම මට පිස්සුද කියලත් හිතෙනවා.. මීට වඩා හතර පස් ගුණයක් විතර විසාල , දුක් වෙන්න හේතු කාරනා අඩු නැතුව තියෙද්දි මේ වගේ පොඩි දේවල් වලට රිද්දගන්න තරම් ඇත්තටම මොකක් හරි පිස්සුවක් තියෙන්නෙපැයි.. නැද්ද?
නින්දක් දැම්මනම් හරි.. ඕව හෙට උදේ වෙද්දි අමතකයි.. එහෙම හිතලා ෆෝන් එකත් පැත්තකට දාල ඇඳට පැන්නා. හිටියා ආයෙම පැය බාගයක් විතර එහෙට මෙහෙට පෙරලි පෙරලි..
නින්දක් අහලකවත් නෑනෙ හත්වලාමේ.. මොන මංගල්‍යක්ද මේ? නෑ නෑ.. මගුලක් ගන්න ඉතින් එච්චර හදිස්සි වෙන්න ඕනෙත් නෑ.. තාම අපි සූටි ළමයි හුම්ම්..
මගුලක් ගන්න එක වෙනකන් දුරට හිතුනයි කියන්නෙ මේක එසේ මෙසේ ලෙඩකුත් නෙමෙයි වෙන්ටෝනෙ.. මෙව්වට බෙහෙත් නම් හසරැල් මහත්තයා ගාවම විතරයිලුනෙ තියෙන්නෙත් ඉතින්..
ආයෙම නැගිටලා ෆෝන් එකත් අරගෙන ෆේස්බුක් එකට ලොග් උනේ අර පේජ් එකේ සින්දුවක්වත් අහනවා කියලා හිතාගෙන..
අද දැන් ටිකකට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකක් තිබිලා මං ඒක ප්ලේ වෙන්න දැම්මා..
එක වසන්තයක....එක රාත්‍රියක....
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද....
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට....
දැනුනා.... විතරක් මතකයි...
දෛවයේ සරදම් කියන්නෙ මෙන්න මෙව්වට මං හිතන්නෙ.. අමතක කරන්න කියලා ආවම තව තව වැඩියෙන් මතක් වෙන දේවල්නෙ මේ..
එහෙම්මම වීඩියෝ එක නවත්තලා දාල ෆෝන් එක සාක්කුවට දාගෙන කාමරෙන් එලියට ආවා.. මේ ටිකේ සුදූත් ගෙදර නෑනෙ ඉතින්.. එයා හිටියනම් මේ වෙලාවට පාඩම් කරනවා.. ඔහොම හිත හිත පඩිපේලිය බැහැගෙන එනකොට පපාව හම්බුනා කියන්නකො මූණටම... යසයි ගෙදර එන වෙලාව.. පෝය දවසටවත් ඉන්නෙ නෑ ගෙදරට වෙලා නිදහසේ...
මාත් මාර වෙලාවටනෙ පහලට ආවෙ.. ඒ උනාට මූඩ් එක නම් එච්චර හොඳ නෑ වගේ... නලල දෙපැත්ත ඇඟිලි වලින් මිරිකන ගමන් එහෙම්මම ඇවිත් සෝෆා එකෙන් ඉඳගෙන ඔලුව පිටිපස්සට බර කරගත්තා.. අසනීපයක්වත්ද මන්දා.. මෙහෙම දකිනකොට මටත් දුකයිනෙ ඉතින්...මොනා උනත් ඒ මගෙ පපා..
" පපා..ඔයා අසනීපෙන්ද..? "
ඕන මගුලක් කියලා ලඟට ගිහින් කතා කරා..
නෝ ආන්ස්වර්..
" පපා... "
ඔන්න ඇස් දෙක ඇරියා.. වෙනද තියෙන අර cold look එක වෙනුවට දැන් තිබ්බෙ මලානික තෙහෙට්ටු පාටක්..
" මට පැන්ඩෝල් දෙකක් ගෙනත් දෙන්න.. ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි.. "
මම එහෙමම්ම ගිහින් first aid box එකෙන් පැන්ඩෝල් දෙකයි වතුර පුරවපු ග්ලාස් එකයි ගෙනත් දුන්නම පපා ඒක බීල ග්ලාස් එක ඉස්සරහ තිබිච්ච wooden stool එක උඩින් තියලා මුකුත්ම නොකියා එතනින් යන්න ගියා.. ඕව කොහොමත් නෝමල් මේ ගෙදර..
අනේ මන්දා මේ මනුස්සයවනම් මට තේරුම් ගන්න අමාරුයි...
ටිං..
මැසේජ් එකක්.. හසරැල්ගෙන්ද දන්නෙ නෑ.. එහෙම හිතලා ෆෝන් එක අරගෙන හසරැල්ගෙ චැට් එක ඕපන් කරගත්තා.. මොන මැසේජ් එකක්වත් නෑ.. මේ මනුස්සයා අර මං දාපු මැසේජ් එකට රියැක්ට් එකක් විතරයි දාලා තියෙන්නෙ.. පුදුමාකාර අලි ඔලුවක්නෙ මේක.. දැන් නම් ලාවට වගේ තරහකුත් එනවා.. ඒ උනාට ඉතින් බ්ලොක් නොකරපු එකම මදැයි .. එක අතකට ඕක මගෙ ෆීලින්ග්ස් ගැන කියලා ඒ මනුස්සයා දන්නවද..? එයාට ඒක නිකන්ම නිකන් සින්දුවක් වෙන්නත් ඇති.. මමනෙ මේ ඕනාවට වඩා හිතන්න යන්නෙ..
ෆෝන් එක දිහා බලාගෙන ඕව හිත හිත ඉන්නකොට අමායගෙ කටහඬ ඇහුනා..
" නුවේද්.. තාම නිදි නැද්ද? "
දැන් නම් තවත් මෙතන ඉන්න පොඩිම උවමනාවක්වත් නෑ...
"නිදාගන්න යන්නෙ.. පපාව පොඩ්ඩක් බලන්න.. අසනීපෙන් හිටියෙ.."
එහෙම කියලා එයා තව මුකුත් කියන්නත් කලින්ම මං ආයෙම කාමරේට ආවා...
********************
අද ඇකඩමි එකට එන්න කියලා තිබ්බ නිසා ශශියවත් දාගෙනම මං ඇකඩමි එකට ගියා.. උදේ වරුවෙ ප්‍රැක්ටිසින් schedule එක ගැන ඉන්ෆෝම් කරන පොඩි සෙශන් එකක් තිබ්බෙ..
අපේ ප්‍රීවියස් රවුන්ඩ් එක ටෙලිකාස්ට් වෙන්නෙ හෙට... ඊලග සතියෙ ආයෙම ප්‍රැක්ටිස් දුවන්න වෙනවා.. වැඩ ඉවර වෙලා කට්ටිය එක්ක පොඩ්ඩක් සෙට් වෙලා එනකොට ඉතින් ලන්ච් ටයිම්... ශශියව ආයෙම දාන්න ගියාට ලන්ච් අරගෙනම යන්න කීව නිසා ලන්ච් එකත් අරගෙන පොඩ්ඩක් හවස් වෙනකන් මං එහෙ හිටියෙ ගෙදර යන්න උවමනාවක් නොතිබ්බ නිසා...
ඉස්සර දවස් මතක් වෙනවා.. අපි හතර දෙනා වැඩි හරියක්ම ගත කෙරුවෙ මෙහෙ.. ශශීයගෙ රූම් එකේ තියෙන බැල්කනි එක කියන්නෙ ඉතින් අපේ සුපුරුදු පොට් එක.. පාඩම් කරන්නයි කියලා මෙහෙ ඇවිත් පාඩම් වැඩත් පැත්තක දාල පිස්සු කෙලපු දවස් ඕනෙ තරම් තිබුනා.... රැන්ඩම් නම්බර්ස් වලට කෝල් අරගෙන බයිට් කරපුව, මූවි නයිට්ස්, අපි හතර දෙනාගෙ මියුසිකල් ශෝස්... ඕව කරයි කියලා පාඩම් වැඩ මිස් කරගත්තෙ නෑ.. අවසාන කාලෙ පිස්සු කෙලිල්ල නවත්තලා මැරීගෙන වැඩ කරපුව වෙනම කතා ඉතින්.. මේව මතක් වෙනකොට සතුටු හිතෙනවා වගේම අනිත් අතට දුකත් හිතෙනවා... එච්චර සැහැල්ලුවෙන් ගෙවපු දවස් අපිට මග ඇරිලාම ගිහින්.. වයසත් එක්ක.. කාලෙත් එක්ක..
ශශී එක්ක කියව කියව ඉඳලා ශශීගෙ අම්මා එක්කත් පොඩි චැට් එකක් දාල මං ආයෙම ආවෙ ලොකුඅම්මලගෙ ගෙදර යන්න..අද සුදූව ගෙදර එක්කන් එන්න කිව්වනෙ..
"සිකුරාදා වෙද්දි සුදූ ගෙදර ඉන්න ඕනෙ.. එච්චරයි .. "
පපාගෙ අර රෆ් වොයිස් එක දැනුත් ඇහෙනව ඇහෙනව වගේ..
කාර් එකත් මිදුලෙන් නවත්තලා මං ගේ ඇතුළට ගියෙ සුදූටත් අඬගහගෙනමයි..
" සුදූ... ඔයා ලෑස්තිද.. "
කිචන් එකේ ඉඳන් සුදූ ආවෙ මූණෙ දෙක කරගෙන.. ඔන්න දැන් කියයි අඤේ අයියා මට යඤ්ඤ බෑ..
"අයියා.. අනේ මට ගෙදර යන්න බෑ හලෝ... යන්නම ඕනෙද... "
ඔය මං කිව්වෙ..
" සුදූ.. මං ඔයාට කිව්වනෙ.. දන්නවනෙ පපාගෙ හැටි.. "
" ඒත් අනේ.. "
මගෙ අතක එල්ලීගෙන අහිංසක විදියට දිහා බලන ගමන් කියනකොට මගෙත් හිත උණු වෙනවනෙ ඉතින්.. මෙව්වා තමා ගෑනු මායම් කියන්නෙ..
" හුරතල් වෙවී ඉඳලා හරි යන්නෙ නෑ.. ලෑස්ති වෙනව සුදූ.. නැත්තම් මහ රජුගෙ උදහසට ලක් වෙන්න වෙයි දෙන්නටම.. "
" පුතේ.. ඔන්න ඔහෙ තව ටික දවසක් ඉඳපු දෙන් මේ කෙල්ල.. "
ඔන්න අනිත් එක්කෙනත් ඒකටම සෙට්.. ලොකුඅම්මා..
" එදා මෙයා ගෙදර නෑ කියලා මට කෑ ගැහුව හැටි ඔයා දැක්කනම් ඔහොම කියන් නෑ ලොකුඅම්මේ.. "
මං එහෙම කියනකොට සුදූ ගස්සගෙන යන්න ගියා... කොහොමත් මම පපාගෙන් බැනුම් අහනවට වැඩිපුරම අකමැති කෙනා සුදූ...
" සුදූ විතරක් නෙමේ මාත් ආසයි මෙහෙ ඉන්න.. ඒ උනාට ලොකුඅම්මා දන්නවනෙ පපාගෙ හැටි.. සුදූ ඕ ලෙවල් ලියනකන්වත් එයාට මෙහෙ ඉන්න දුන්නද? එයා බලාගන්නව වගේ ඇවිල්ලා බලෙන්ම එක්කන් ගියා.. මතකනෙ ඒ කාලේ.. එයා අපි දෙන්නා ගැන ලඟ ඉඳගෙන ආදරෙන් බලන්නෙ නෑ තමයි.. ඒ උනාට එයා ගෙදර ඉන්න දවසක අපි දෙන්නා පේන්න හිටියෙ නැත්තම් ඒකටත් හෙනට තරහ යනවා... මං ඔය කම්පෙටිශන් එකට ගියාට උනත් ඒ හැටි කැමැත්තක් නෑ.. "
" භාවනා හිටියනම් මේව මෙහෙම වෙන්නෙ නෑ වස්තුවේ.. මට උබල දෙන්නා ගැන දුකයි ... සුදූ මෙහෙ ඉන්නකන් මගෙ ඇඟේ දැවටි දැවටි ඉඳලා යන්න ගියාම මටත් පාලුයි පුතේ.. "
" ආදරේ දැනෙන තැනක ඉන්න කවුද අකමැති ලොකුඅම්මෙ ? මේක අපි දෙන්නගෙ මොකක් හරි කරුමයක් වෙන්න ඇති.... බය නොවී ඉන්නකො.. මං ඉන්නවනෙ.. සුදූව බලාගන්න.. කෝ ලොකුතාත්තා... ? "
කතාව වෙනස් කරන්න හිතාගෙන මං එහෙම ඇහුවෙ, ඔය කතාව දිගටම ගියානම් ලොකුඅම්මත් අඬලා, මටත් ඇඬිලා ඕක කෙලවර වෙන නිසා.. අම්මා ගැන මතක් කරනවා කියන්නෙම එතන තියෙන්නෙ වචනෙන් කියන්න බැරි වේදනාවක්..
" ටවුන් එකට ගිහින් එන්නම් කියලා ගියෙ... එයි තව ටිකකින්.. "
සුදූ ලෑස්ති වෙනකන් ලොකුඅම්මා එක්ක කියෝ කියෝ ඉඳලා එන්න හදනකොට ලොකු තාත්තත් ආවා..
" හෙට Vocal Quest බලන්න හොඳේ.. මං ඉන්නවා.. "
ලොකුඅම්මට වැඳලා එහෙම කියනකොට එයා මගෙ ඔලුව ඉම්බා..
" පරිස්සමින් දෙන්නම.. කෙල්ලව බලාගනින් නුවේද්.. "
ගෙදරින් එලියට බහිනකොට ලොකු තාත්තා කියද්දි මං ඔලුවත් වනලා කාර් එකට නැග්ගා.. සුදූ එහා පැත්තෙන් ඇවිත් නැග්ගට එච්චර හිත හොඳින් නෙමෙයි හිටියෙ.. දුක ඇති.. ඒත් මං කියලා මොනව කරන්නද දෙයියනේ..
**********************************************************
කතාවට හම්බුන ලස්සනම තෑග්ගක් මේක 🥺❤️ එයා නුවේද්ගෙ හිත හරි ලස්සනට කියවලා.. තැන්ක්‍යු මේක එව්වට.. ❤️👉👈
පුලුවන් ඉක්මනින් ආයෙම එන්නම්...
Winky_❤️