- Plot 23 -

De Bulbz_D

869K 115K 39.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Mais

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 65 -

5.4K 801 78
De Bulbz_D

යොවන්දි සන්සුන්... අඩුම මේක මෙච්චර සන්සුන් විදියට, කොහෙත්ම මේ වෙලාවේ බලාපොරොත්තු නොවුන නිසාම ගවීෂ් ටික වෙලාවක් එහෙමම බලන් ඉදියෙ කිසිම කතාවක් නැතුව... දුකක් ගෑවිලාවක් නැති, පසු තැවිමක් නැති අඩුම මහා ලොකු සතුටක්වත් නැති යොවන්දිගේ සන්සුන් මූණ....

" ......................... ඊට වඩා හොද ඔප්ශන් එකක් අනිවාරෙන් මවන්නැති උඩ ඉන්න හාදයා..... සෑහෙන ශුවර් මම පාරක් කයි.... " සෑහෙන නිහඩතාවයකට පස්සේ ගවීෂ් නර්වස් ගතියෙන් කිව්වේ යොවන්දි හරිම අමුතුම විදියේ සාමකාමී හිනාවකින් ඔලුව දෙපැත්තට වනද්දි ... කෙල්ල ආපස්සට එයාගේ අතින් අල්ල ගනිද්දි ඒ අත් ලාවට වගේ වෙව්ලපු බව ගවීෂ්ට නොදැනුනා නෙවේ...

" ...... මං හිතුවෙ ඔයා පිහිවලට බයයි කියලා..... ? " ටික වෙලාවක් ගවීෂ්ගේ අතින් අල්ලගෙන ඉදල යොවන්දි ඇහුවේ ගවීෂ් පවා එයාගේ ඇගිල්ලේ තියෙන පිළිවෙළක් නැති කැපුම් දිහා බලද්දි... අන්තිමයි ඒක ඇත්තටම.... ගවීෂ් මුකුත්ම නොකිය බලාගෙන ඉදපු නිසාම කෙල්ලත් එ ඇගිල්ල පන්නලා රින්ග් එක දැම්මේ හරිම සන්සුන්ව...

" කන්ගැට්ස් ගවීඊඊෂ් !!! "

" කන්ගැට්ස් ගවියෝඔ....... "

" බ්ලෙස් යූ ඩියර්..... "

එක එක විදියේ විෂස්වලින් කන් දෙක පිරිල යද්දි ගවීෂ් බර හැගීමෙන් බිම බලාගත්තේ යොවන්දිගේ අත හිමින් අත ඇරල... හහ්.. ඒකත් ඉවරයි !!!.. මහා ජරා කාළකණ්නි මට්ටමේ වරදකාරී හැගීමක් එක්ක වේඝර්ණ උරුමය තහවුරු කරගෙන ඉවරයි ..... !!! දැන් මේ කෙල්ලගෙ මූණ බලන්න වෙනම විදියක් හොයාගන්න වෙනවා .... !

සෙරමනි එක කොහොම ගියාද කියන්නවත් මෙලෝ අවබෝධයක් නැතත් , ගවීෂ් පුලු පුලුවන් හැමෝම එක්කම කතා කරන්න අමතක නොකළේ වේඝර්ණලා සේරම මේ වගේ එකතු වෙන අවස්ථා දුර්ලභ නිස.... සමහර විට කෙනෙක් නැද්ද මෙතන, කොන්ද පණ තියෙන ? එහෙම මේක වෙනස් කරන්න කැමති කෙනෙක් හම්බුනොතින් සමහර විට....--

" ගවීෂ් පුතා... "

" පුංචි අම්මෙ ? "ගවීෂ් කොන්ෆියුස් සීන් එකේ ඇහුවේ කවදාවත් නැතුව පුංචි එයාට පුතා වගේ හෙනම ෆැන්සි වචනයකින් කතා කරපු එක විශ්වාස කරගන්න බැරි ගානට...

" මෙන්න මේ කෙල්ල මුරණ්ඩුකමට කන්නෙ නැහැනේ... " පුංචි අම්මා සැරෙන් කිව්වේ යොවන්දිව ගවීෂ් දිහාවට...... මොකක්ද ඒකට කියන්නේ සතෙක් වගේ තල්ලු කරන අතරේද ? නැත්තන් වෙන වචනයක් තියෙනවද ඒකට... ඒ තල්ලු කරපු පාරට යොවන්දිටත් තද උනත් ගවීෂ් කෙල්ලගේ වැලමිට හරියෙන් හෙලවෙන්න බැරි වෙන්න අල්ලගත්තේ වටේ පිටේ අවධානේ යොමු වෙන්න කලින්....

" මට කන්න පුලුවන් දෙයක් දෙනව නන් මම කනවනේ අම්මා... ඇයි ගවීෂ්ට කරදර කරන්නේ ? " තෙහෙට්ටුවටමද මන්දා යොවන්දි කේන්‍තියෙන් මිමිණුවේ ගවීෂ් යොවන්දිව පුංචි අම්මාගෙන් එහාට ගනිද්දි.... මේකිත් යනවනෙ ඉතින් කවදාවත් නැතුව පුප්පගෙන... කොහොමටවත් පුංචි අම්මා කියන්නේ සීයා ඇරුනම පවුලේ දෙවෙනියට දරුණු කෙනා කිව්වට වරදකුත් නැද්ද මන්ද..... වෙන එකක් තියා සිද්දිය බලාගෙන ඉදපු ආශදී පවා එතනට දුවගෙන ආවේ යොවන්දිව පුන්චි අම්මාගෙන් බේරගන්න ඩියෝන්වත් ළගක නැති නිසා කිව්වොත් ඒකෙත් වැරැද්දක් නෑ.....

" හරි ...හරි... පුංචි අම්මේ...හරි මම ඒක බලන්නම්... කලබල වෙනවනෙ ඔයාල නිකන්.... "ගවීෂ් කිව්වේ දුවගෙන ආපු ආශදී ඉක්මනට ගවීෂ්ගේ සන් කිරිල්ල තේරුම් ගනිද්දි...

" පුංචි නැන්දේ.... !! මේ.... අහ්හ් සීයා හොයනව පුංචි නැන්දව... " ආශදී හති දදාම කිව්වේ හෙනම කලබලයක් මවාපාලා... ඔව් ඉතින් ගැලවෙන්න වෙන විදියක් නෑනෙ... කිව්වත් හරි යොවන්දිට තද බැල්මක් දාපු පුංචි අම්මා ආර්ය වේඝර්ණාරච්චිව හොයාගෙන යන්න ගියපු නිසාම කට්ටියම තත්පරයකට රිලැක්ස් උනා...... කෝමටත් ඉස්සර ඉදන්ම පුංචි අම්මා ඩියෝන්ට එක විදියකටත් යොවන්දිට එක විදියකටත් සලකපු බව පවුලේ ප්‍රසිද්ද රහසක්.... භාතිය ආශක්‍යසිංහගෙ ලියුම්වලින් තේරුම් ගත්ත විදියට යොවන්දි ගෑනු ළමයෙක් උන නිසා නැන්දට තාමත් එයා එක්ක ඇත්තේ එක්කො කේන්තියක්....

" යොවන්දි යමු මාත් එක්ක !!!.. කොහොමත් මෙතනින් පස්සේ සෙරමනි එක අපිට අදාළ නැ.. පේනවනේ..... අහ් ආශදී හවස් වෙන්න කලින් ගෙදර ඇවිත් ඉන්නවා හරිද ? ඩියෝනුත් නැනේ උබව - " ගවීෂ් කියවෙන්න ගියපු එක නවත්තගත්තේ මුකුත් නොකියවුන ගානට වෙන පැත්තක් බලාගෙන... කෙහෙල්මල් දිව ඕන්නැති එව්වමයි කියවෙන්නේ... ඩියෝන් ගැන ආශදිටවත්, ආශදී ගැන ඩියෝන්ටවත් ටික කාලෙකට කතා නොකර ඉන්න එකයි හොද... දෙන්නම ඉන්නේ විශ්වාසේ බිදගෙන ....

" චූටි මාමා ඉන්නවනෙ.. මං එන්නම්... මේ ගවීෂ් අය්යෙ ..... ? "

" ඇයි බොල ? " ගවීෂ් ඇහුවේ ආශදී ඒ පරක්කුවට පොඩි එකියක් ගානට ගවීෂ්ගේ ඇගට පනිද්දි.... යකූ !!!! මේකි ඉස්සර මේම ඇගට පැනල කකුළුවෙක් වගේ එල්ලෙන්නේ යුවනිදු අය්යගේ .... ගවීෂ් ඒක හොදටම දැකලා තියේ... හැම තිස්සෙම යුවනිදු එක්ක හුරතල් වෙවී ඩියෝන් , ගවීෂ් එක්ක වලියටම ඉදපු කෙල්ල .... එක පාරට මේ මුන්ට මක් වෙලාද , එහෙන් උදේ ඩියෝන් අඩනව දැක්කා.... අනිත් පැත්තට යොවන්දි කියන ඒවට ඔලුවත් පැටලිලා....දැන් මේ කෙල්ල මේම... ඇහ් යකු !! .... ආශදී එහෙමම ටික වෙලාවක් හග් කරගෙන ඉදල ආයෙ මුකුත් කියන්නැතුව ආපස්සට දුවගෙන ගියේ ගවීෂ්ව දවසට තුන් හතරවෙනි පාරටත් කන්ෆියුස් කරල...ඇයි හත්තිලව්වෙ අද දවසේ බර්ත්ඩේක තියෙන්නේ වෙනමම එකෙක්ගේ.... අම්බානෙක ස්ප්‍රයිස් වෙන්නේ එයා... !!! මෙ මැන්ශන් එකේ උන්ට ගුලි කැවිලද ??

වේඝර්ණ මැන්ශන් එකේ වින්ට හවුස් එක කොහොමටත් යොවන්දිටම වගේ වෙන් වෙලා තිබුනේ, ඒලෙවල් කාලෙ පාඩම් කරන්න ගියාට පස්සේ ඉදලමයි.... එයාගේ මිනි ෆ්‍රිජ් එකෙන් ස්පාක්ලින් කෑන් දෙකක්ම කඩල තත්පර ගාණකින් ඉවර කරපු යොවන්දි තුන් වෙනි එක ගවීෂ්ට පාස් කලේ සෝෆා එක උඩට ඔහේ වැටිලා... කෙල්ල හීල්ස් දෙක ගැලෙව්ව නෙවේ කකුලේ තියෙද්දිම උඩින් විසිවෙලා යන්න පයින් ගැහුව විදිය දැක්ක ගවීෂ්නුත් යන්තන් හිනා උනේ ෆ්‍රිජ් එක ඇරලා ඒකට ඔහේ මූණ අල්ලගෙන ඉන්න අතරෙ.... හම්නේ මේවනේ ඒසී !!!

තව සන්ක්‍රශ් එකක් පේන්න නොතිබුන තැන ඒකෙ තිබ්බ ඇපල් ගෙඩි දෙකක් අතට අරගෙන ගවීෂ් ඩයිනින් එකේ උස ටේබ්ල් එකෙන් වාඩි උනේ ඔලුවත් ගහගෙන... කොච්චර සැහැල්ලු වෙන්න හැදුවත් වේගෙන් කැරකැවෙන ඔරලෝසු කටු කරන්නේ මිනිහව තවත් නොසන්සුන් කරන එක විතරයි ....
මහ ලොකුවට කතා උනේ උණුවෙන් මොනා හරි බොන්න උනත් මේ රස්නෙට උණුවෙන් මොනව හරි බිව්වොත් නොමිලේ තැම්බෙන්න නන් පුලුවන් .....

දඩාස් සද්දෙන් ෆස්ට් ඒඩ් බොක්ස් එක ගවීෂ්ගේ ඉස්සරහින් තියපු යොවන්දි කටත් ඉරක් කරගෙන ගවිෂ්ගේ අත් දෙක ඇදල ගත්තේ එයත් මුකුත් නොකිය එහෙමම බලාගෙන ඉද්දි....

" ඔලුව හොද නැද්ද ගවීෂ් ? "

" රිදෙනවා හරිද... හෙමින් හෙමින්.... ඌය්යාඅ.. තොපිලා සේරම මට බේත් දාන්නේ මිනී මරන සයිස් එකටනේ !!! " එක දවසක් යුවනිදු අය්යාත් ඕමයි.... ඩියෝන් බේත් දැම්මත් මේමයි.... කවදාවත් නැතූව හොදට බෙහෙත් දපු එකම එකීත් මෙන්න එහෙමයි ??? ම්ම් .. ඉර බස්නාහිරට බර වෙලා... අද දවස ඉක්මනට ඉවර වෙයිද ? ..... ඒච්චර ලේසියට... ?

" මොකක්ද දැන් ප්ලැන් එක ගවීෂ් ? ".... යොවන්දි ඒක ඇහුවේ බරපතළ විදියට... එයා කතා කරන්නේ සිරියස්.....

" ඔයා කියන්න යොවන්දි... මං දන්නැ... එදා කිව්වේ ඔයා මේ.....-  "

" මට කියන්න දෙයක් නෑ.... ඇත්තටම නැ දැන්... හරි අමාරු උනා ඔයා ගැන එහෙම නොහිත ඉන්න... " යොවන්දි කිව්වේ ගවීෂ් ඒක තෙරුම් ගත්ත ගානට යන්තමින් වගේ ඔලුව වනද්දි..... ඉස්සර ඉදන්ම කොච්චර බොන්ඩ් එකක් තිබ්බත්, ඩන්ජන් ලොක් ඩවුන් එකෙන් පස්සේ ඒක සැහෙන වෙනස් උන විත්තිය ගවීෂ්ට පවා තේරෙනව..... හරියට වෙනදාට වඩා හිතින් දුරස් උන ගතියක්... ඉස්සර මෙහෙම නෙවේ, එකට කනව බොනව... නෝන්ඩි දාගන්නව... හරිම සාමාන්‍ය දේවල්වල දැන් හරි අසාමාන්‍ය ගතියක් ගවීෂ්ට පවා දැනෙනව...

" අන්ක්ම්ෆබ්ල් වගේද ගවීෂ් ? "

" පිස්සුද නෑ..... එහෙම නැ.. ඒත් ඒක හොද දෙයක්ය කියල මට කියන්න බෑ යොවන්දි......."

"ඇයි ? "

" නෑ... හරි... මට හිත රිදන්න බෑ තව, මෙච්චර දේවල් මම නිසා වෙලා නන් කොහොමටත් බැ... ඒත් යොවන්දි එක දෙයක් කියන්නම්, කිසිම අවස්ථාවක් නෑ....... " ගවීෂ් කිව්වේත් සන්සුන් විදියට විශ්වාසෙන්..... යොවන්දි ඒකට ඔලුව වැනුවේ උත්තරය කල් තියා බලාපොරොත්තු වුන ගානට....

" කවදාවත් නැති වෙයිද ? " එයා ඒක ඇහුවේ ඇහුවේ බැගෑපත් විදියට නෙවේ... හරිම සන්සුන් තේරුම් ගත්ත විදියකට....එක අතකට සැනසීමක්, එයා ඉක්මනින්ම හිත හදා ගනිවී....

" නෑ , කවදාවත් නෑ යොවන්දි... එයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඒම අවස්ථාවක් ලැබෙන එකක් නෑ... "

" එයා ? " ඒ පාර යොවන්දි ඇහුවේ යන්තන් හිනා වෙලා...

" නෑ මම කිව්වෙ ඒම කෙනෙක් ඉදියා නන්.... "

" ඔහොම වෙන කෙනෙක්ට ඉඩක් නෑමයි කියලා විශ්වාසෙන් කියද්දි දුක හිතෙන්නෙ නෑ ගවීෂ්.... හීනියට ඉරිසියාවක් එනව විතරයි , කවුරු උනත් *එයා* ගැන... "

" එයා කෙනෙක් නෑ යකුව්ව්.... නෑ විහිළු නෙවේ... මට මේකට මොකක්ද කරන්න පුලුවන් ? මම කොහොමද ඕකට -

" හා හා මෙ...ඔයා ඕක ඔච්චරටම අමාරුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නැ මට තේරෙනව... ඉතින් එච්චර තමයි ... ඒක එහෙම වෙලා කොම හරි මෙහම උනා.. කතාව ඉවරයි... " කෙල්ල සන්සුන්ව හිනා වෙලා කතාකළාට මොකද කදුලු බිංදු එකින් එක කම්මුලෙන් පහළට වැටෙනව ගවීෂ් බලාගෙන.... ඒත් යන්තන් නහය උඩට ඇදල එයා හිනා වුනේ ගවීෂ් අත උස්සන්නත් කලින් එයාගෙම කම්මුල් පිහිදාගන්න අතරෙ....

" මාසෙකට කලින් වගේ නන් මට දරාගන්න අමාරු වෙයි...  එක්කො මං කල් තියාම මේ උත්තරේ බලාපොරොත්තු උනා...."

" ඒත්..... "

"ඒත් මේත් මොකක්ද ? අනෙ ඉතින් ගවීෂ් ඒක එහෙම නන් ඒක එහෙම වෙද්දාවේ !!.. මොන දේ උනත් කරන්න ඕනෙ දේ තෝරගන්නෙ අපිනේ.... අනෙ මන්ද මම හෙන පරාර්ථකාමි මනුස්සයෙක් නං නෙවේ ගවීෂ්... මට සැහෙන දුකයි, කැගහල අඩන්න පුලුවන් ... මගේම මෝඩකම් නිසා දුකයි ඒත්,නිකන් බය ගුල්ලියක් වගේ ඉරිසියාවට වෙන කෙනෙක්ට රිද්දනවට වඩා මට ඒ වේදනාව බාරගන්න පුලුවන් තරමට මම හය්යයි කියන්න හරි නන් මම ආඩම්බර වෙන්න ඕනෙ... නැද්ද ? දැන් ඒක නිසා මාව වැඩිය ගණන් ගන්න එපා..... "

" මගේ වැරැද්ද , ඔයා එක්ක මීට කලින් මේව කතා කරන්නයි තිබ්බෙ.... "

"ඔයා කී දවසක් එහෙම කියල මග ඇරියද ගවීෂ් ? කී දවසක් කිව්වද යොවන්දි හෙට කතා කරමු... යොවන්දි කතා කරන්න ඕනෙ... යොවන්දි අපි පස්සේ කතා කරමු... ඒත් හැමදාම මගඇරියනෙ... අද වෙනකන් මම හිතුව අඩුම ඔයාගේ අකමැත්තක් නැතුව ඇති කියල... ඒත් මේ අතේ තුවාල... !! ඔයා ඔච්චරටම අකමැති නන් ........ හරි !! නවත්තමු !! ඇත්ත මට ඔයා එක්ක කේන්ති ගන්නවත් බෑ ගවීෂ් !!  "

" මම රිද්දන්න හිතන් කළේ නැ යොවන්දි....ඒත් මගෙ අතින් ඒම උනා නම්--

" හරි මට තේරෙනව .. ඇති ඇති.... දැන් ඕක නවත්තන්න ගවීෂ්, පැහැදිලි කරන තරමට මට තව අවුල් යනව....එකම එක දෙයක්.... තව ටික කාලයක් යනකන් මට අක්කා කියල කතා කරන්න.... " යොවන්දි අන්තිම ටික කිව්වේ ගවීෂ්ගේ බෙහෙත් දාපු අත් හිමින් අතඇරල....

"හ්ම් ... " තවත් මොනව කියන්නද හිතාගන්න බැරුව ගවීෂ් ඔළුව වැනුවේ සන්සුන්ව.... සැහෙන නිහඩතාවයක්... මොනවද කරන්නේ ගවීෂ්...එකම එක දෙයක් නිසා වටේ ඉන්න කී දෙනෙක් රිද්දගනද....ඔරලෝසුවේ කටුව ගැස්සෙනවා ටික් සද්දෙන්... ගවීෂ්නුත් තාම නිශ්ශබ්දයි...

" දැන් ඕක අල්ලලා දාන්න.. ඔයා ඕම ස්ට්‍රෙස් වෙන්න එපා... "යොවන්දිම ටික වෙලාවකින් කිව්වේ ගවීෂ් කල්පනාවෙන්ම ඔළුව වනද්දි...

" අමුතු වෙන්න එපා ගවීෂ්... සාමන්‍ය විදියට ඉන්න... ඔයා මොන පාත් එකද තෝරගන්නේ මට ඒකට මේම හරි උදව් කරන්න පුලුවන් නන් එච්චරයි...."

" මට ඇත්තටම ඔයාගේ පැත්තෙන් මීට වඩා හිතන්න තිබුනා .."

" ගවීෂ්... ඩන්ජන් ලොක් ඩවුන් එක කාලේ ඔයා මේක මුලින්ම දැනගත්තම මට කිව්ව දේ මතකද ? මොනව උනත් මගේ ඩ්‍රිම්ස් අතාරින්න දෙන්නෑ කිව්ව.... මතකද ? ... "

" මං එහෙම කරනවා, කවද උනත්- ."

" එහෙනන් ඔයාගේ ටාගට් එකට මගේ උදව්ව වැඩක් නැද්ද ? මම දන්නෙ නෑ එක පාරට ඔයා උරුමෙට ළං වෙන්න හදන හේතුව... ඒත් මුල් පුටුව සුද්ද වෙනව නම් මම සැහෙන කැමතියි !! විශේෂයෙන්ම යුවනිදු අය්යට, සුදු මාමට, ඩියෝන්ට උන දේවල්වලින් පස්සේ .... අහ් ඩියෝන්ව එළියට යැව්වද ? "

" ඔව් යාලුවෙක් ළගට....ට්‍රිට්මන්ට්ස් ඕනෙ වෙයි ටික කාලයක් යනකන්.." ගවීෂ් කිව්වේ ඩියෝන්ගෙ පිටේ තිබුන තුවාල මතක් කරගෙන......

" ඔයාට පින් ඒ ළමයව තේරුම් ගත්තට.. තුවාලවලට වඩා දුක් වින්දා කවුරුත් එයාව විශ්වාස නොකරයි කියන බයටම... "

" ඒත් , මන්ද.... ආශදි තාම විශ්වාස කරන්නෙ නැහැ.... දන්නවනේ උන් දෙන්නා ට්වින්ස්ලා වගේම එකට පොඩි කාලේ ඉදන්... අනිත් අතට ඩියෝන් අප්සෙට් එකේ ඉන්නේ ආශදී ඕනෙම වෙලේ විශ්වාස නොකළයි කියල.. දෙන්නාගෙන් එකෙක්ටවත් වැරැද්ද කියන්න බැ මට.....දෙන්නම පොඩි ළමයි තාම....  " ගවීෂ් කිව්වේ බරපතළ විදියට ඔලුව දෙපැත්තට වනලා....

"  අපෝ හරි ලොකූ ළමය ! එත් ඔයා කිව්ව වගේ මල්ලි ගැන මටත් බයයි, එයා ටිකක් විතර ආවේගෙන් වගේ කියවනව...."

" මාත් එක්කත් කියෙව්ව.... ඩියෝන්ට පොඩි කාලේ ඉදන්ම කේන්ති ගියොතින් ඒකේ පළිය ගන්නවමයිනේ ... ඒත් ආයෙ ඕක මේ මැන්ශන් එක ඇතුලේ වෙන්න තියන්නෑ යොවන්දි.... !!"

" අක්කේ... " යොවන්දි මතක් කලෙ යන්තන් හිනා වෙලා ගවීෂ් කලින් අතට ගත්ත ඇපල් ගෙඩියේ අනිත් එක අරගෙන....

" ඒක අමුතුයි යකො...හරි අක්කේ.. "

" අපි ආයෙ යන්න ඕනෙද ? මට නන් කොහෙවත් බෑ... ඇදට වෙලා පොරවගෙන සිරිස් එකක් ඉවර වෙනකන් ඇඩුව නන් හරි.. මං කියන්නේ - " යොවන්දි මැදින් නැවැත්තුවෙ ගවීෂ් එයාගේ ඇපල් ගෙඩිය තිබ්බ අතින් තද කරල අල්ල ගනිද්දි.....

" කන්න එපා... " ගවීෂ් තදින් කිව්වේ එයා බාගෙට කාලා තිබ්බ අනිත් ඇපල් ගෙඩිය පැත්තකින් තියල.... එයා ආයෙම යොවන්දිගේ ඇපල් ගෙඩියත් නහයට තියල බැලුවේ එයගේ සැකේ තහවුරු කරගන්න....

" ඇයි ගවීෂ් ? "

" ශිට්.... මෙච්චර මෝඩ උනේ කෝමද ? නැ නැ මේ පාර කලින්ට වඩා අලුත් විදියක් ට්‍රයි කරල වගේ මුන්...ඇපල් සෙන්ට් එකත් එක්ක වෙන සෙන්ට් එකක් වෙනස් කරල අදුරගන්න අමාරුයි ! සහ... යකෝ මම ඒක කෑව නේද ශිට් !!!" ගවිෂ් කිව්වේ කලබලෙන් නැගිටින අතරෙ....

" යොවන්දි...  මං දැන් යන්න ඕන.... කොහෙත්ම වින්ට හවුස් එකේ ඉන්න එපා... මේකේ තියෙන කිසිම දෙයක් අල්ලන්නවත් එපා.. මම ආශදීට කෝල් කරන්නම් , අද මේන් මැන්ශන් එකේම ඉන්න... පහළටවත් බහින්න එපා... අඩුම මේඩ් කෙනෙක්ට පේන්නවත් ඉන්න එපා..."

" ඒක මේ..... ඩ්‍රග්ඩ් ද ? " යොවන්දි බයෙන් ඇහුවේ ගවීෂ් ඔලුව වනද්දි....

" මේක ඇතුලේ ?? මේක මම ඇරියෙත් දැන් නේ ගවීෂ්....මේක ඇතුලටම ආවේ කවුද ?? "

" මම දන්නැ... !! ඉන්න !!! මේකට තව යතුරු තියෙ --!!! අපොයි ශිට්!....." ගවීෂ් කලබලෙන් කිව්වේ වින්ට හවුස් එකේ දොර ගාවට දුවගෙන ගිහින්...  හරි !!! හැන්ඩ්ල් එක හොළවන්නවත් බැරි විදියට ඒක එළියෙන් ලොක් කරල !! හිතුවා හරි !! තනිකර කොටු කරලා... ඒකත් වින්ට හවුස් එකම...සීතල කාලේට හදන නිසාම වැඩිය ජනෙල් කවුළු පවා නැති එකම තැන... පිටිපස්සේ දොරට යතුරක් නැති නිසා එක දොරකින් සේරම ලොක් කරන්න පුලුවන් එකම තැන....මුන් මහා!!!!

" ඇතුළට ආව එක කෙසේ වෙතත් අපි දෙන්නව මේක ඇතුලට එව්වේ නන් අහම්බෙන් නෙවේ වගේ......මේක ලොක්ඩ්.... ඔයා මුකුත් කෑවේ නෑනේ ?"  ගවීෂ් කලබලයක් පෙන්නන්නේ නැතුව තදින් ඇහුවේ යොවන්දි සුදු මැලි වෙලා තිබුන මූණෙන් නෑ කියන්න ඔලුව වනද්දි....

" එතකොට ඔයා ගවීෂ් ? "

" ඒක හිතන්න එපා.. විනාඩි පහළවක් ඇතුළත මම කෝම හරි මේ දොර කඩනවා..!!! " ගවීෂ් කිව්වේ ආයෙම කේන්තියට දොරටත් පයින් පාරක් ගහලා... උදේ ඉදන් මෙච්චර හාමතේ ඉදියේ මේකටද ? ශිට්.... එයාගේ බල ජාන ඇග පුරා දුවන කේන්තියටත් එක්කම ඇක්ටිව් වෙනව දැනෙද්දි ගවීෂ් පළවෙනි පාර දොරට ගැහුවේ උපරිම ශක්තිය දාලා... කොච්චර වේගෙන් ඒ පාර දොරේ වැදුනත් ඝනකම් ලී දොර දෙදරනව මිසක් වෙනසක් නොවිච්ච තරම්.... දොරට ගහපු පාරට ඇගම තාමත් පුපුරු ගහනව... මේ විදියට දොර කඩන්න විනාඩි හිතුවට වඩා වෙලාව යන බව ඉක්මනින්ම තේරුම් ගත්ත ගවීෂ් අගුල ආයේ උපරිම හය්යෙන් ඇද්දේ ඒක කඩන්න විදියක් හොයාගන්න....

" %##&#*#*# !!!! "ගවීෂ් එයාටම මුමුණ ගත්තේ දොරට ආයේ පයින් ගහල...

" කෝ එහාට වෙන්න.... " යොවන්දි කිව්වේ සාමාන්‍යයෙන් අගල් පහළවක විතර පෙට්ටියක් උස්සන් ඇවිත් ගවීෂ්ව එහාට තල්ලු කරල දොර ගාවින් හිටගෙන.... අමුතු කූරු කූරු අනන් මනන් ලෝහ කැලි ජාති ගොඩක් තිබුන ඒ බොක්ස් එක........ අහ්හ්හ් !!! ක්ලොක් මැකනිසම් !!! යොවන්දි ක්ලොක් මැකනිසම් ඉගෙන ගන්න කාලේ ඒකිව ක්ලාස් එක්කන් එන්න එක්කන් යන්න කාපු කට්ට පාඩු නෑ වගේ....

" යතුර එහා පැත්තෙන් තාම දොරේ තියෙන්නෙ.. " යතුරු හිලට ඇහැ තියල බලපු යොවන්දි මිමිණුවේ ඉක්මනින්ම බිමින් දණ දහගෙන එයාගේ බඩු අදින අතරේ...

" අහ් මේක දිය කරල දෙන්න... ඉක්මනට !! " යොවන්දි කිව්වේ රතු ලාකඩ වගේ ඉටි පන්දන්දමකුයි බාජනයකුයි ගවීෂ් අතට දීලා.....ගවිෂ් මොනවත් කියන්න කලින් හීනි ලෝහ කූරක් පෙට්ටියෙන් අවුස්සලා ඇදපු යොවන්දි ඒක අගුලට දාලා අරහෙට මෙහෙට කැරකැව්වේ තත්පරයක් ඇතුළත එළියේ පැත්තේ යතුර සලාං සද්දෙන් බිමට වැටෙනවා ගවීෂ් අහගෙන ඉද්දි....

" අඩෝ මටත් ඉගෙන ගන්න ඕන !!!  "ගවීෂ් කිව්වේ ස්ප්‍රීතුවල දැල්ලෙන් ඉටි පන්දම රත් කරන අතරෙ...... ටිකෙන් ටික ඉටි දිය වෙලා වැටෙනව.... යොවන්දි මුකුත් නොකිය දෝරේ යතුරු හිලට ගවීෂ් නම දන්නැති විදියේ කඩදාසියක් දාලා කූරෙන් එහා මෙහා කරල හරි ගැස්සුවේ ගවීෂ් යන්තමින් දිය කරල තිබ්බ ඉටි ටික යතුරු ගුලේ කූර වටේට වක් කරන අතරෙ....

" තව ඕනේ... "

" කොච්චර වෙලා යයිද ? "

" ඔයාගේ වාසනාව අනුව.... විනාඩි දහයයි.... ඉක්මන් කරන්න...  " දෙවෙනි සැරේටත් ඉටි වත් කරල ඒකට ලයිටර් එක අල්ලන ගමන් යොවන්දි කිව්වේ කලබලෙන්...

" අහ් නැ... ඇති... මේ ඇති වෙයි.... යොවන්දි කිව්වේ අර රෙදි කඩදාසි වගේ කැල්ලට තවත් මොනවද බෝතලේක තිබ්බ ජාතියක් වත් කරලා ඒක එළියට ඇදල අරගන්න අතරෙ.. ඒ ඉටි සාමාන්‍ය ඉටි වගේ සම්පූර්ණයෙන් ගල් වෙලා නන් නැ..එක්කො වෙනස් ජාතියක් වෙන්න ඇති..... මොනා නැතත් යතුරු හිලේ හැඩේ එහෙමම අච්චුවක් විදියට ඇවිත් තිබුනෙ ගවීෂ් ඇස් ලොකු කරද්දි.... යකුව්.. මෙච්චර ලේසි වැඩක්ද මේ.... නෑ එක්කො ඉස්සර ඉදන් යොවන්දි හය්ස්ට් මාක්ස් ගන්නකොට ගවීෂ්ට ආවෙ මේ ෆීලින් එකම තමයි...

" යතුරක් හදන්න වෙලාව නැ... ඒත් මේ කට් එකට ගැලපෙන කෑලි තිබ්බොත් මොකක් හරි කරන්න පුලුවන් වෙයි .... " යොවන්දි කිව්වේ එයාගේ තඩිබොක්ස් එකේ කැලි අවුස්සන අතරේ....

" ඔය ඩ්‍රග් එක රියැක්ට් කරන්න කොච්චර වෙලා යනවද ? " යොවන්දි යතුරේ අච්චුවට කැලි තෝරන අතරේ ඇහුවේ සම්පූර්ණ අවධානෙම වගේ ඒ වැඩේට දීලා....

" විනාඩි විස්සක් - තිහක්... "

" දැන් කොහෙද යන්න හිතන් ඉන්නෙ ? ;
? " යොවන්දි ඇහුවේ යතුරු කැලි දෙක තුනක් තෝරගන්න අතරෙ... තව හොයනවා....

" දන්නැ.... අහ්....සුදු මාමා ගාවට ? " ගවීෂ් කිව්වේ විශ්වාසයක් නැති ගානට....

"  සුදු මාම කෙසේ වෙතත්.... ඔය කැෆේ එකෙයි  ඔයාගෙයි මොකක් හරි හොරයක් තියෙනව !! නේ ??  " යොවන්දි කිව්වේ ගවීෂ් යන්තම් හිනා වෙද්දි....

" ඒම නෑ...  "

" නෑ නෙවේ මට පේනව...! "

"ඒම නෑ යකු... "

" තියෙනවා... "

" නෑ..."

" ඔය බොරු...!! මාව ශුවර් නැතිකම ඔය......... අහ්හ් යෙස්...මේක හරි !!!!  " යොවන්දි කිව්වේ යතුරු කට්ස් දෙක තුනක් එකට තියලා යතුරේ හැඩේ අන්තිමට ගළපගෙන ! එයා ඒ පරක්කුවට ඒ ටික එකතු කරලා හෙන අමුතු යකඩ ගොඩක් වගේ පේන කූරක් හදාගත්තේ ඒක ඉක්මනින්ම දොරේ අගුලට දාලා කරකවන අතරේ... ටක්ස් සද්දේන් යතුර ලිස්සලා ගියත් ඒකත් බලාපොරොත්තු වුන ගානට යොවන්දි ආයේ යතුර කැරකැව්වේ දෙවෙනි පාරටත් යතුර ටකස් ගලා ලිස්සලා යද්දි.....

" දොර කැඩුව නන් ඉව- " ගවීෂ් ඇරපු කට ආයේ වහගත්තෙ තුන් වෙනි පාර කිසිම කරදරයක් නැතුව අගුල කැරකැවෙද්දි...  ඇරිය !!!! සිරාවටම මේකි ඒක ඇරියා !!

" හරි !!!"

" ඒක....වාව්... !!!.මම කියන්නේ..... "

" හරි දැන් යන්න..... "

" හරි.... ආශදීට කෝල් එකක් දෙන්නම් යන ගමන්.... දැන්ම යන්න මැන්ශන් එකට .... එළියට බහින්නවත් එපා.. අහ් !! යුවනිදු අය්යගේ කාමරේ යතුර ආශදීට දීලා ඇත්තේ මම.... ඒකෙ ඉන්න පුලුවන් නන්, හදිසියකදිවත් චෙක් වෙන එකක් නෑ ඒ රූම් එක....මේ  ප්ලැන් එක හරි ගිය ගානට වින්ට හවුස් එකේ ලයිට්ස් දාලා දොර වහල තියන්න, කිසිම දෙයක් දැන ගන්නෙ නැති වෙන්න තේරුනාද...?  හෙට උදේට කරපු කෙනාම එයි දොර අරින්න , පුලුවන් නන් බලාගන්න....ඒත් ලොකු තේරුමක් නැ අපේම කෙනෙක්නෙ.... " ගවීෂ් කිව්වේ නෝන්ඩියට...

" ඒ කියන්නේ රෑ වෙනකන් ඉන්න ද කල්පනාව ? ..."

" ම්ම් ....අද වගේ දවසක අන්තිම පැය ගානත් සැහෙන වටිනවා !!! " 

:
:
:
:
:
:
:

- මතු සම්බන්ධයී -

65 done....
ඊළග චැප්ටර් එක කියවන වගකීම ඔයාල සතු කරගන්න...😉 ( අහිංසක ඕතර්ගේ වගකීමක් නෑ....) ඒකත් මෙහෙමම දාලා තියනව මම...

Continue lendo

Você também vai gostar

708 65 8
Original Name: Princess Wei Yang/Concubine's daughter is Poisonous Original Author : Qin Jian Genre : Drama, Mature, Josei, Romance This is not my ow...
439K 86.1K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
7.4K 1.8K 12
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙ...
330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?