- Plot 23 -

By Bulbz_D

856K 113K 38.2K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 67 -

5.9K 859 394
By Bulbz_D

" මියුන් ?? " අරවින්ද්ගේ ඇස් ශොක් එකටම පුපුරන්න ඔන්න මෙන්න .. මියුන්ගේ කොළ පාට ඇස් අරවින්ද්ව හරියට අදුරගත්ත බවක් පෙනුනේ නැ .... එයා ඇදෙන් බිමට බැස්සේ අරවින්ද් විතරක් නෙවේ ගවීෂ් පවා කෝකටත් අඩියක් පිටිපස්සට තියද්දි....බර්ඩ්‍රොමිඩා කෙනෙක් ගැන එයාලා අහල තිබ්බ පුරාවෘත්ත එකක්වත් සුලුවෙන් තකන්න උරුමයන් දෙකටම නම් අදහසක් නොතිබුන තරම්....

" ගවීෂ්.... දෙය්යන්ගේ නාමෙට මේකා බර්ඩ්‍රොමිඩා කෙනෙක් !!!!! " අරවින්ද් උගුරෙන් කැගැහුවේ කෝකටත් වගේ එයාගේ වටේ තිබ්බ වාතය එකතු කරගෙන..... ගවීෂ් පවා එයාගේ බර්ඩ්‍රේන් බල ජාන ශක්තිය එකතු කරගත්තත් ෆයිට් කරන්න තඹ සතේක අදහසක් මිනිහාගේ ඔලුවෙ නම් නැ.... අනික කොහෙද, එයාට එයාගේ බලේ සම්පූර්ණයෙන් දැනෙන්නෙත් නෑ කියලා ගවීෂ් ඉක්මනින්ම තේරුම් ගත්තේ තවත් අඩියක් පිටිපස්සට තියන අතරෙ...

"  අ...අපි.... මො.මොකද....කරන්නෙ... ? "  අරවින්ද්ට වචනත් පැටලෙනව....

" මං දන්නැ... " ගවීෂ් කෙටියෙන් උත්තර දුන්නේ මියුන්ගේ ඇස් දිහා කෙලින් බලන ගමන්.. ඇයි ඒ... ඒ ඇස් හරිම හිස්.... නිකන්.... කිසිම දෙයක් නැ... ලොකු වෙනවා පොඩි වෙනවා... එයාට හැගීම් නැති ගානට... !!

" යකො...මූ එළියට ගියොත් මොකද වෙන්නෙ  ??? මුට ඇටෑක් කරන්නත් බෑ මෙක උගේ බලය උපරිම වෙන වෙලාව.. " අරවින්ද් කිව්වේ අවිශ්වාසෙන්... ගවීෂ් ඒකටත් නිහඩයි.... ඒත් ඇගම සීතල වෙලා කියල මිනිහට හොදටම දැනෙනව.... මියුන් සන්සුන්, ඒත් සන්සුන්කම ඇතුළේ කිසිම හොදක් නන් උරුමයන් දෙකටම නොදැනුන තරම්....

" මියුන්.... ??? " ගවීෂ් කතා කළේ එයාට කියලවත් අවබෝධයක් නැති ගානට මියුන්ගේ ලස්සන කොළ පාට ඇස් හොදටෝම හිස්....

" මොකද කරන්නෙ ගවීෂ් !!... දැන් මොකද කියහන් කරන්නේ...  !! බර්ඩ්‍රොමිඩා කෙනෙක් !!! ඒකත් මියුන්ම !! මම සීයාට මොකද කියන්නේ ??? !!!!  " අරවින්ද් තාමත් උගුර යටින් කියවනව.....

" පොඩ්ඩක් නහයෙන් අඩන්නැතුව ඉන්නවද කෙල්ලෙක් වගේ !!! එයා මුකුත් කරන්නේ නෑ... " ගවීෂ් කිව්වේ මියුන් තාම එයාලට ගහන්නවත් මෙතනින් එළියට යන්නවත් අඩියක්වත් නොතිබ්බ නිසා... එයා එයා එක්කම ෆයිට් එකක් ,.. ලොකු වෙන කණිනිකා... නළල රැලි වැටෙන ලිහිල් වෙන විදිය.... එතන මොකක්ද වෙන්නෙ ?

" රෙද්ද!!! මගේ ඔලුවත් කැරකෙනව..... ගවීෂ් තමුසේ ඇයි ඔච්චරටම සන්සුන් !!! තමුසේ දැනන් ඉදියද ආ.. ඒකද තමුසේ අර -- " අරවින්ද්ගේ වචන එකින් එක ගවීෂ්ට එල්ලවුනේ පුපුරන කේන්තියෙන්... ඒත් ගවීෂ් තාම බලන් ඉන්නෙ මියුන් දිහා... එයාගේ ඇතුල් ශක්තිය තාම වටපිටාවට හුරු වෙනව... ඒ ඇස්වල ඇදෙන මතුවෙන අතුරුදහන් වෙන හැගිම් කොච්චර උනත් මියුන් තාම නිශ්ශබ්දයි....

" ඔව්ව් මං දන්නවා !!! හරිද ? සතුටුයි ද උබට....ඕන මගුලක් කියාගනින්..."

" ගවීෂ් වේඝර්ණාරච්චි !!! තමුසේ ඔය ද්‍රෝහි වෙන්නෙ - "

" අහ් එහෙමද ? !!! අහ්හ් පලයන්... උබට ද්‍රෝහි වෙන්න ඕනෙ නැත්තන් ඌව මරපන්... යන්න.. මම බලන් ඉන්නෙ....!!! ගිහින් ඌව මරපන් ඉතින් උබට පුලුවන් නන්.... " ගවීෂ්ගේ කටහඩේ තියෙන්නෙ පැහැදිලිවම අභියෝගයට එහා ගියපු නෝන්ඩියක්...

" මගුලේ මරන්න නෙවෙ - "

" බර්ඩ්‍රොමිඩා කෙනෙක්ව මරන්න නෙවේ නං වෙන මොකක්ද ??.... ඉතින් මරපන් යකෝ.... ඔය ඉන්නෙ ඉස්සරහ !!! හය්යක් තියෙනව නන් මාව පාස් කරලා ගිහින් ඌව මරල දාපන්!! " ගවීෂ් කිව්වේ අරවින්ද් දත් මිටි කාගෙනම කට පියා ගනිද්දි...

ගවීෂ් කියන දේ අරවින්ද්ට නොතේරෙනව නෙවේ...කොහොමටවත්, කොච්චර ශක්තියක් පාවිච්චි කරලවත් බර්ඩ්‍රොමිඩා කෙනෙක් එක රැයෙන් මරන්න බැහැ, සේරටම වඩා මියුන්ව මරන්න හිතට හය්යක් ගන්න කොහොමටවත් බැහැ.... නිශා අක්කා එයාටත් වඩා ආදරේ කරන පොඩි කාලේ ඉදන් එකට හැදුන එපා කරපු හොස්ස අගින් මැස්ස යන්න බැරි පොඩි එකා...!! කවමදාවක්වත් නොකිව්වට , අරවින්ද් කොහොමටත් තමන්ගේ මිනිස්සුන්ට සැහෙන හදවතින් බැදිල ඉදියා... පොඩි කාලේ ඉදන්ම ඒ දෙන්නා අතරේ තිබ්බේ සීතල ඒත් හිටි ගමන් උණු වෙන බැදීමක් උනත් මියුන් කියන්නේ එයාගේ ලොකුම හය්ය විදියට අරවින්ද් සැලකුවේ... මියුන් ගැන අරවින්ද්ගේ මානසිකත්වය හැදිලා තිබුනේම මුකුත් කරගන්න බැරි හිතුවක්කාර පොඩි එකෙක්ව මට්ටු කරන්න තරවටු කරන අය්යා කෙනෙක් ගානට.... ඉතින් මරන්න ??? ...මියුන්ගේ තවමත් හිස් මූණ දිහ බලපු අරවින්ද් සන්සුන් උනේ ගවීෂ්ට යන්තම් ඔලුව වනන අතරේ....

" තිමෞර්ය..... " මියුන්ගේ තොල් උඩ මිමිණෙනව එයා දැක්කද හිතලුවක්ද කියලා වෙන් කරගන්න බැරි ගානට ගවීෂ් ඇස් පුංචි කලේ ඉවසීමෙන්... සමහර විට --

" මියුන් ...???  " ගවීෂ් අවිශ්වාසෙන් අඩියක් ඉස්සරහට තිබ්බේ අරවින්ද් ගවීෂ්ගේ උරහිසෙන් පිටිපස්සට අදිද්දි......

" එපා .. !!! ඌ මියුන්ම උනත් නොවුනත්..... බර්ඩ්‍රොමිඩා කෙනෙක් කියන්නෙ වෙපන් එකක්...කවුරු එයාව පාලනය කරනවද දන්නෙ නෑ උබ !! ගවීෂ්.... උබට ඇහුනද ? !!! " අරවින්ද් ආයේ කඩන් පැන්නේ ගවීෂ් හිත හය්ය කරන් අඩියක් පස්සට වෙද්දි.... එක පැයයි....එකම එක පැයකට විතරයි........

" මෙතනින් ගෙනියමු මෙයාව !!! මේ ශක්තිය අනිත් අයට දැනෙනව !! " අරවින්ද් මතක් කලේ ගවීෂ් මොනව කරන්නද විශ්වාසයක් නැතුව ඔලුව වනද්දි...

" එළියේ කවුරුහරි දැක්කොත්.......අනික මෙයාගේ ශක්තිය හංගන්න බැ......."

" නෑ , බන්ෂ් එකට ගෙනියමු... එතන කොහොමත් ශක්තිය තියෙනවා මෙයාගෙ එක වෙන් කරගන්න බැහැනෙ..."

" යකෝ... බන්ෂ් එකෙ එළිය මළුවේ තාම අපේ අය ඇති සමහරවිට !!! අනික උබ දන්නවද බන්ෂ් එකේ ඇතුල් සීමාවලට මු අඩිය තියෙනකොට අකුණු පිපිරෙනවා !! "

" ඉතින් හොදය් !!! උන්ව නොමග යවත හැකි... මෙතනින් පැන්නම ගගනෙ... ගග දිගේ....-- "

" යකෝ ගග දිගේ පියාඹන්න ද තෝ කියන්නේ " ගවීෂ් නහයෙන් පිම්බේ කලින් බල ජාන නිසාම එයාගෙ අතේ මතුවුන තියුණු නියපොතු ආයේ අතුරුදහන් කරගෙන....

" ඇයි යකෝ  තමුසේ වේඝර්ණ !!! මට කියන්න එපා තමුසෙට ධාහන්රා -- "

" ඕයි !!! මට ඒක පුලුවන් !! මේ බලපන්.... දැන් මේ ඉන්නෙ ඒම ධාහන්‍රා එකකට එන්න පුලුවන් තත්වෙක වගේ උබට පේනවද !!! " ගවීෂ් නහයෙන් පිඹල ඇහුවේ අත් දෙක දෙපැත්තට දික් කරලා අරවින්දගෙ පැත්තට හැරෙන ගමන්....

"ඔහ්...."අරවින්ද් හෙන මෝඩ විදියට කිව්වේ ගවීෂ්ගේ ශර්ට් එකට එහෙම නිකම්ම මුකුත් වුනා වෙන්න බෑ කියල එයාගේ ටියුබ් ලයිට් මොලේට තේරුම් කරල දෙන ගමන්... අහ්හ් සෑහෙන අවුල් උන ඇද... ගලවල පැත්තකින් තියපු වොච්.... මියුන් උනත් ඇද උඩ මොකද කරන්නේ කියලා අරවින්ද්ට නෝට් වෙන්නෙ දැන්...

"ඔහ්... " මිනිහා දෙවෙනි පාරටත් මෝඩ විදියට ඔලුව කැසුවේ ඌ ජනෙලෙන් පැන්නෙ මොන වගේ අවස්ථාවඅකද කියල තේරුම් අරගෙන....හරිනෙ ...... ධාහන්‍රා එකකට ඇතුලු වෙන්න කලින් පංචාංග සන්සුන් වෙන්න එපැයි.. !! දැන් සන්සුන් ඇති පංචාංග සැහෙන්නම.... 

අරවින්ද් හ්ම් සද්දයක් නැතුව මියුන් දිහා බැලුවේ ගවීෂ් බුම්මගෙන අහක බලාගනිද්දි....මියුන් තාමත් ඒ විදියටම හිටගෙන එයාලා දිහා බලන් ඉදියේ ඇස් දෙකත් ලොකු කරගෙන...

" ගවීෂ් ... ප්‍රශ්නයක් නෑ නේද ?? "සුදු මාමාලා තාම දොරට ගහනව....

" අවුලක් නෑ සුදුමාමේ....!! අරවින්ද් ඉන්නව... කාටවත් එන්න දෙන්න එපා !! " ගවීෂ් කැ ගැහුවේ මියුන්ගේ අවධානයත් ඒ පැත්තට යොමු වෙද්දි.... අරවින්ද් ක්ශනිකව ඇස් පුංචි කලේ ගවීෂ්ව පිටි පස්සට ඇදල අරගෙන.... අරවින්ද් ගවීෂ්ව පිටි පස්සට ඇද්ද විදියට මියුන් නළල රැලි කලේ අරවින්ද් දිහා පළවෙනි පාරට බලන කෙනෙක් වගේ උඩ ඉදන් යටට බලලා......

ඔහ් !! හරි මේක තමයි විදිය.... මියුන් එක අඩියක් ඉස්සරහට තියද්දි අරවින්ද් ගවීෂ්වත් ඇදගෙන ජනේලෙන් පැන්නේ වුනේ මොකක්ද කියලවත් හිතාගන්න මිනිහාට ඉඩක් තියන්නැතුව.....

"හු--- " ගවීෂ් ශාප කලේ අරවින්ද්ගේ වටේ කැළඹුනු වාතය ගවීෂ්ව පහළට වැටෙන එක නවත්තද්දි.... අහ්හ් !! මොන උනත් අරවින්ද්ට තියෙන ඉරිසියා හිතෙනම ටැලන්ට් එක තමයි මේක !! මොකද ඇහිලා තියෙන විදියට ජීවතුන් අතර ඉන්න වෙන කිසිම ආශක්‍යසිංහ කෙනෙක්ට මේම පුහුණු කරපු වාතය කලම්බන හැකියාවක් නැහැ.... ! අම්මපා ඒක පට්ටයි, ධාහන්රා එකක් නැතුවම ලේසියෙන් පොළවේ අඩි ගාණක් උඩින් රැදෙන්න පුලුවන්...

ගවීෂ් වුන දේ හිතාගන්න පරක්කුවට තත්පර දෙකක් ජනෙලේ ගාව බලන් ඉදිය මියුනුත් ජනෙලේන් එළියට පැන්නේ ගවීෂ්ව සීතල කරගෙන උනත්, එයාගෙ වටේ හැදුන දිලිසෙන කහ තිමිරය මියුන්ව වෙළා ගත්තේ එයාව සාර්ථක විදියට ඒ මට්ටමින්ම රදවන අතරේ.... -ටහුඩු !!! ධාහන්රා එකක් ද ඒ ??? කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව ??? ගවීෂ් විතරක් නෙවේ අරවින්ද් පවා බලන් ඉදියේ බාගෙට කටවල් ඇරගෙන...

" හරි , ඌ ආවා.... දැන් කවර් කරන්න.... " අරවින්ද් කැගැහුවෙ එයාලගේ මට්ටමටම අහසේ ඉදන් , කිසිම දෙයක් නොකර අවධානෙන් තිබුන කොළ ඇස් දිහා තාමත් බලාගෙන ඉදපු ගවීෂ්ට..... මියුන් ඒම දෙයක් කරනව දැක්ක පළවෙනි වතාව.... දෙවි කෙනෙක් වගේ පරණ කතාවල......ඒක හරිම --

" අහ් ? ආව්වාආ !! " අරවින්ද්ගෙන් ඔලුවට පාරක් කාගෙනම ගවීෂ් නොසැලකිල්ලෙන් ඇහුවේ සැහෙන අමාරුවෙන් අරවින්ද්ට අවධානේ දීලා.....

" හු*** !!! තොගේ වෙඩින් එකේ මනමාලි වේල් එක ගැලෙව්ව්ම බලන් ඉන්න මනාල යකා වගේ තමුසේ නිකන් ආතක් පාතක් නෑ වගෙ හැසිරෙන්නේ මොකද දැන් !! කවර් කරපන් යකෝ පහල මිනිස්සු දකින්න කලින්..."

" අහ් !! " ගවීෂ් ඉක්මනින්ම ඒ වෙනකොට අහසේ පාට දිහා බැලුවේ ඇස් පියාගන්න අතරෙ.... ධාහන්රා එකකට ඇතුල් වෙන්න තරම් මනස සන්සුන් නොවුනට, වේඝර්ණලා හැමතිස්සෙම එයාලව තාවකාලිකව කවර් කරගන්න පාවිච්චි කරන වේශ නිවේශණ කවයක් හදාගන්න තරම් මිනිහාට පුලුවන් කමක් තිබ්බා....

" එයා එයිද ? " ගවීෂ් අවිශ්වාසෙන් ඇහුවේ අරවින්ද්ගේ සීමාවෙන් එහාට එක අඩියක්වත් තියල බිමට වැටෙන්න කිසිම ආසාවක් නොවුන නිසා..... පහළ විලේජ් එක.... ඒක තාමත් සන්සුන් උනත් වැඩි වෙලාවක් යන්න කලින්ම නොසන්සුන් වෙන විත්තිය ගවීෂ් දන්නවා .... අද දවස නන් සැහෙන්නම දිගයි !!! විශේෂයෙන් ඇඩ් කළොත් එයාලව චේස් කරන මියුන් සැහෙන්නම ලස්සනයි !!!! අදුර නිසාමදෝ ඇගම දේවදූතයෙක් ගානට දිලිසෙනවා.... ඇස්වල හිස් කොළ පාට බැල්ම... තැනින් තැනට රතු වෙනකන් කිස් කරන්න හිතෙන තරමට මට සිලිටි දිලිසීමක්..... තාම එයාවත් අදුරගෙන නැති අසීමිත ශක්තියට ලොකු වෙන කොළ පාට ගෝලාකාර ඇස්... 

ඔහ්හ් ගොඩ් බර්ඩ්‍රොමිඩා මියුන් පුදුම තරමින් ලස්සනයි !!

" ඕයි උබ දැන් ඉස්සරහ හැරියන් !! මට මේක වැඩි වෙලා අල්ලන් ඉන්න බැ , තො තව ඌ දිහා බල බල අනං මනං හිතන්නැතුව ධාහන්රා එකකට එන්න ඔලුව හදාගනින් !! " අරවින්ද් ගෙරෙව්වේ ගවීෂ් රවලා ඇස් දෙක සන්සුන්ව පියාගනිද්දි..... නිදහසේ ලස්සන බලන්නවත් දෙන්නෙ නැහැනෙ....කු හ ක යා !!!

කොහෙද ! අරවින්ද් වැඩි වෙලා අල්ලන් ඉන්න බෑ කිව්වේ වැඩි වෙලා අල්ලන් ඉන්න බෑ කියන එකම තමයි ... ගවීෂ් ධාහන්රා එකකට ඇස් පියාගන්න තත්පරේට අරවින්ද්ගේ බලය බිදිලා ගියේ , ගවීෂ් ඒ මිනිහාවත් අල්ලගෙනම වේගය බාල කරල පරිස්සමින් පොළොවට අඩිය තියද්දි.... වෙලාවට !!! ඩ්‍රොප් සෝන් එක !!!!  විලේජ් එක පහුවෙලා ඉවරයි.......

"ෆිට්ද ?" ගවීෂ් ඇහුවේ තාමත් එක දණක් බිම තියන් පපුවට අත තියාගෙන ඉදපු අරවින්ද්ගෙන්.... සැහෙන්න ශක්තියක් ඇගෙන් අයින් උන නිසාමදෝ අරවින්ද්ගේ මූණත් එක්කම සුදුමැලි වෙලා..... විශේෂ හැකියාවන් තිබුනට අරවින්ද්ගේ මූලික ශක්තිය එයාට වඩා අඩු විත්තිය ගවීෂ් දැනටම දන්නවා

" ෆිට් !! " අරවින්ද් දත්මිටි කාගෙනම මිම්ණුවේ ගවිෂ්ව එහාට තල්ලු කරල....

" අරුව මග ඇරුනද ? " ගවීෂ් ඇහුවේ එයා ප්‍රශ්නේ අහන පරක්කුවට මියුන් තනිකර අදුරු ඩ්‍රොප් සෝන් එකේ  විල්ලුවට සන්සුන්ව කකුල් තියද්දි... එයාගෙ කකුල වදින හැම තැනකම වැලි පවා අමුතු රටාවකට වෙනස් වෙන විදිය අරවින්ද් පවා බලාගෙන ඉදියේ අවිනිශ්චිත හැගීමකින්.. ... නිසරු මුඩු බිමක් වුන ඩ්‍රෝප් සෝන් එකේ අගුරු වැලි අතරින් මියුන්ගේ නිරුවත් දෙපා ස්පර්ශවෙන හැම තැනකම වගේ විශ්වාස කරන්න බැරි විදිහට කොළ පාටින් ජීවය මතු වෙන්නේ බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ අසීමිත බලය ආයෙම එයාලට  මතක් කරලා දෙන අතරෙ....  මියුන්ගේ ඇස්වල ඉවසීමක් තිබුනා.... සැහෙන්නම... ඒත් !! තාමත් ඒවා ඒ පුරුදු හැගිම ලියවුනු ඇස් නෙවේ කියල ගවීෂ්ට පේනව....

" තමුසෙගේ වෙලාව !! " අරවින්ද් මිමිණුවේ ලොකු හුස්මක් අරගෙන....

" ඇයි ? "

" උබ තමා ඌව කන්ට්‍රොල් කරන්නෙ !! "

" මොකක් ? "ගවීෂ් ඇහුවේ එයාගෙම අත් දෙක දිහා බලන ගමන්.... ඌ එම එකක් කළාද ???

" මියුන් කෝ මෙහේ එන්න... " ගවීෂ් කිව්වේ මියුන් දිහා බලන ගමන්... කොහෙද !!!... එයා ගවීෂ් දිහා බැලුවට එතනම ගල් පිළිමේ වගේ හිටගෙන ඉදියේ ගවීෂ් අරවින්ද් දිහාවට දැන් ඇතිද වගේ ලුක් එකක් එක්ක හොද පයින් පාරකුත් දෙද්දි....

" යකො !! මොකක් හරි ඇති !! මම දන්නෙත් නෑ.... "

" දන්නෙ නැත්තන් අහවල් රෙද්දක්ද කියවන්නෙ ? "

" ඇස් පේන්නෙ නැද, එයා වෙපන් එකක් විතරයි දැන් !! කවුරුහරි කල් තියාම මෙයාව වෙපන් එකක් විදියට පාවිච්චි කරන්න ප්ලැන් කරල තියෙනව !! සමහරවිට....... " අරවින්ද් නැවැත්තුවෙ ගවිෂ් දිහා බලන ගමන්....

" මට කියන්න එපා උබට මාව සැකයි කියල !!!!! " ගවිෂ් ගිගිරුවේ මියුන් ඒ පාර අඩි දෙක තුනක් ඉස්සරහට තියද්දි.... එයා ඉවසීමෙන් ගවිෂ් දිහා බලන් ඉදියේ හරියට දැන් නැතුවට දැන් එයාට මොනවහරි කියයි වගෙ...

" හරි හරි.. කෝම නමුත් උබේ පස්සෙන් තමා මෙච්චර වෙලා ඌ......."අරවින්ද් නැවැත්තුවේ,  අරවින්ද් දිහා බලාගෙන එයා කියන දෙ අහගෙන ඉදපු ගවිෂ් පවා එයාගේ ඇගට දැනුන බරට අඩියක් පිටි පස්සට තියද්දි....ඒ පාර මොකක්ද !!!  මියුන්ගේ අත් දෙක සුවපහසු විදියට ගවීෂ්ගේ උරහිස් ආක්‍රමණය කලේ අරවින්ද්ට කොහේදෝ ඉදල මතු වුන කැස්ස උග්‍ර වෙද්දි.....

" කැහ් ක්ක්හ්...." ගවීෂ් අරවින්ද්ට රවල මියුන්ව එහාට කලේ වෙනද හය්යම දාල උනත් අඩුම මියුන්ව එක අගලකින් හොලවගන්න බැරුව ගවීෂ් බලාගෙන ඉදියේ මියුන් තවත් තදට එයාව බදාගනිද්දි..... ඔහ් ! අනෙ මේ විකාර නන් කරන්න ලෑස්ති වෙන්න එපා බර්ඩ්‍රොමිඩා කොල්ලෝ..... අරුගේ නෝන්ඩි හිනාව උබට පේන්නෙ නැනෙ.....

" මියුන් ???....." ගවීෂ් මිමිණුවේ අවිනිශ්චිතව ..... එයා මියුන්ද නැත්තන්.....එහෙනන් අහවල් එකටද බදාගන්නෙ... හරියට අර අත් දිග ඔරං ඔටං කෙනෙක් අත්තක එල්ලිලා වගෙනේ මේක !!

" එයාට අපිව අදුරගන්න පුලුවන් ද ? "ගවිෂ් ඇහුවෙ මියුන්ට එහෙමම ඉන්න ඇරලා අරවින්ද් දිහාවට හැරෙන ගමන්...

" දන්නෙ නැ...මන්ද...ඒත් පුලුවන් වගේ... නැත්තන් ඇවිත් උබේ ඇගේ එල්ලෙන්නෙ මොකද ?? ඒත් ඌ කතා කරන්නෙ නැනෙ... හලෝ මියුන්....." අරවින්ද් නුහුරට කතා කලේ මියුන්ගේ පිටට ලා තට්ටුවක් දාන ගමන්.... අරවින්ද්ගේ තට්ටුවට මියුන්ගේ වෙනසක් වුනා නම් ඒ එයා තවත් තදට ගවීෂ්ව බදාගත්තේ බෙල්ල ගාවින් දැනුනු සියුම් හිරිවැටීමට ගවීෂ් ඇස් ලොකු කරද්දි....

" ඒයි...මේකා මාව හපනවා... ඕයි අරවින්ද් !!!!" 

" හපෝ මේ !! මට කියන්න ලෑස්ති වෙන්න එපා ඕවා... " අරවින්ද් කිව්වේ සම්පූර්ණ දර්ශනේම මග ඇරල වෙන පැත්තක් බලාගෙන ඔලුව කසන ගමන්....

" ඕයි !! මට මූව එහාට කරගන්න බැ මට..... එහාට කරන්න මෙයාව ම්ම්හ්... උහ්...කිචියි මනුස්සයෝ......උහ්.... එපා එපා...එහෙ අල්ලන්න එපා.... නැ නැ ඔතන අත තියන්න එපා... හරි මෙතනින් අල්ලගනින් ඕනෙ නන්.... යකු රිදෙනව...උහ් උහ්...."

" ඒයි , මොකක්ද වෙන්නේ ඔය ..... මගේ හිත හය්ය නෑ ඔය පැත්ත බලන්න......." අරවින්ද් කිව්වේ ඩ්‍රොප් සෝන් එක දිහා බලාගෙන හෙන මෝඩ විදියට ඔලුව කසන අතරේ....

" ඕයි අරවින්ද් !!! මගුල් නැතුව මූව අහකට ගනින්... මොනව වෙලාද මේහ්... මේකා කලින් මේම නෑ යකෝ !!" ගවීෂ් කිව්වේ මියුන්ව දගලලා දගලල යන්තන් එහාට කරන ගමන්......ඒ කොළ ඇස් ඉක්මනට ලොකු වෙලා ආයෙ වැරැද්දක් කලා වගේ පහතට බර වෙලා ආයේ ලොකු වෙලා ගවිෂ්ගේ බෙල්ලට පහත් උනේ තත්පර ගානක වේගෙන්.... උරහිස උඩ නළල තියගෙන එකම තැන ගැඹුරට තොල් තෙරපන අතරේ මියුන් කුනු කුනු ගාන්නේ මොනවද කියල ගවීෂ්ටවත් තේරෙන්නෙ නැ....

" ඕයි, අරවින්ද් !! මේම ගියොත් තව පැයකටවත් ධාහන්රා එකක් කරගන්න බැරි වෙයි මට... මූ...ඒයි  !!!!... "

ඒ පාර නම් ගවීෂ්ගේ බෙරිහන් තිවිල්ලට අරවින්ද් අහක බලාගෙනම මියුන්ව පස්සට ඇද්දේ ගවීෂ්නුත් උපරිම හය්ය දාල මියුන්ව එයාගෙන් එහාට තල්ලු කරද්දි...... ඇති යන්තන්.... එහාට වුන..... ඒත් !!! 

ගවීෂ් කෙසේ වෙතත්, අරවින්ද් මියුන්ව අත අරින්නත් කලින්ම එයාව අඩි ගාණක් විසි වෙලා ගිහින් ඩ්‍රොප් සෝන් එකේ අගුරු වැලි ගොඩට වැටුනේ මියුන් තත්පර ගාණක් එයාගේ කොළ පාට මාරාන්තික ඇස්වලින් අරවින්ද් දිහා බලන් ඉදිද්දි... ඔහ් !!

අරවින්ද්ගේ කොන්ද බිම ඇනුන සැරට ආයෙ නන් මියුන්ව තල්ලු කරන්න තිබ්බ අදහස ගවීෂ්නුත් අතඇරියේ අරවින්ද් කුණුහර්ප වැලක්ම මුමුණ මුමුණ නැගිටිද්දි.....

අරවින්ද්ගෙන් ආයේ කරදරයක් නෑ කියල තහවුරු කරගත්ත ගානට මියුන් ගවීෂ්ව ආයේ ළගට ඇදල ගත්තේ එයා ආයෙ තල්ලු කරයි කියලා බය වුන පොඩි එකෙක් ගානට.....

" එහ් සොරි ඇ... " ගවීෂ් අරවින්ද්ට මිමිණුවේ පොඩි එකෙක්ගෙ වගේ මියුන්ගේ පිටට තට්ටු කරන අතරේ... අනේ ඉතින් මේ යකාට උන වැඩක්....

"  අනේ තියාගනින් උබේ සොරිය !!  මොන....අහ්හ්හ් කොන්ද....$%#&&##&* !!! " 

" ඇයි මෙයා මේම හැසිරෙන්නෙ ?? මියුන් එපා කිව්වනේ..... !! අත ගන්න....ගන්නව අත.... " ගවීෂ් කොච්චර තදින් කිව්වත් මියුන්ගේ අත එයාගෙ ඉණට තව තද වෙනවා විතරයි.... මියුන්ව කන්ට්‍රෝල් කරන්න කොහෙත්ම බෑ, හරියට කියන දෙයක් අහන්නැති පොඩි ළමයෙක් වගේ...

" ඒ.... අත ගන්න හොද ළමය වගෙ.... කෝ.. අන්න ඒම.... " ගවීෂ්ගෙන් අත එහාට අරන් මියුන් ඔලුව උස්සල කෙලින්ම බැලුවේ ගවීෂ්ගේ රතු පාට වුන ඇස් ආයෙම ඒ කොළ එක්ක එක එල්ලේ ගැටෙද්දි.... ඒවා ලොකු වෙලා.... ඒත් කිසිම හැගීමක් අදුරගන්න බැ....වැරැද්දක් කරල මූණ බෙරි කරගත්ත පොඩි එකෙක් වගේ ද ? ආසම කේක් කැල්ල පූසා කැවම පොඩි එකෙක්ගේ මූණ වගේද.....නැත්තන්... ගවීෂ් දිහා එහෙමම බලාගෙන ඉදපු මියුන් ඊළගට ආයෙම ගවිෂ්ව බදාගෙන පිට දිගේ අත පහළටම ගෙනාවේ ගවීෂ් තොල් තද කරගනිද්දි.... බැහැනේ කරන්න... !!! හරිම නරකයි මේ බර්ඩ්‍රොමිඩා මියුන්  !!! හරිම හරිම නරකයි !!!

" හොද ළමයි, ඔහොම අල්ලන්නැ !!! කෝ... !! අත ගන්න උඩට .... "  ගවීෂ් කිව්වේ මියුන්ගේ අතින් අල්ලලා උඩට කරන ගමන්....කොහෙද !!  ආයෙත් කොන්ද දිගේ පහළටමයි යන්නෙ !! ... ගවීෂ්ගෙ ඇගේ කර්ව්ස්වල හැඩේටම මියුන් පහළටම අත ගෙනියපු විදියට වෙන එකක් තියා අරවින්ද් පවා ඇස්වලට ෆ්ලැශ් එකක් වැදුන ගානට ටක් ගලා එහා පැත්ත හැරුනේ ගවීෂ්ගේ සීයට එකේ නම්බුවත් පොළෝ ගර්භයට සමතලා කරල.....

" ඕයි අරවීඊඊඊඉන්ද් !!!!! මූව - "

" මට නං .ආයේ මුකුත් .කියන්න එපා. !!  ඌ උබව මරන්නෙ නැනේ... මෙතන උබව එහාට කරන්න ගිහින් මැරුම් කන්නෙ මම!! "අරවින්ද් කිව්වේ කලින් සැරේ කටේත් ගිය වැලි පිහිදාගන්න අතරෙ....

" එහෙනන් ඉක්මන්ට බන්ෂ් එකේ තැනක් හොයාගන්න මෙයාව තියාගන්න.... මෙතන ඉන්න බෑ !! අත අත !!! " ගවීෂ් කිව්වේ මියුන්ගේ *හරිම නරක* අත ආයෙම එයාගෙ ටේල් බෝන් එක හරියෙන් එහාට කරන අතරෙ....කොහෙද !! ආයේ ඉණෙන් අල්ල ගත්තා නේද තද කරලා....

" බන්ෂ් ඒකේ පුස්තකාලයක් තියෙනේ පොළොව යට... එතන සේෆ් නේද ?  " අරවින්ද් ඇහුවේ ගවීෂ් ඕනෙ මගුලක් කියල ඔලුව වනද්දි.....

" මියුන්.....හොද ළමයා වගේ අත ගන්න... කෝ අත ගන්න.... රිදෙනව හරිද !!! දැන් නන් මම අඩනවා හරිද..... !! ආව්ව් .... පස්සට අනින්න එපා ඔහොම !!!..!!  හා හා.... ඌයි...හපන්න එපා....හොද ළමයි හපන්නෑ.... අන්න ඒම...... "

ගවීෂ් මියුන්ට කියන ඒවට අරවින්ද්ට කැරකැවිල්ලත් වගේ... මොන කරුමයකට අහන්න ලැබෙන ඒවද මේ..... අහිංසක කන් දෙක... !!!

" කෝ අපි යමුකො ඉස්සෙල්ල... කෝ යනකන් ඉන්නවකො !! ඒයි ඔය දොඩම් නෙවේ ඔහොම මිරිකන්න හරිද ? !!!!!!! " 

'
'
'
'
'
'
'
'
'
'

- මතු සම්බන්ධයි.... -

* ළමයි !! බර්ඩ්‍රොමිඩා මියුන් හරීඊඊඉ නරකයි 😒 !!  නේද ?

* තව එකක බාගයක් වගේ තියේ ඒකත් හිමින් ලියල දාන්න පුලාන් වෙයි, ඒත් එතනින් පස්සේ අප්ඩේට් ආයේ ස්ලෝ වෙයි බොහෝවිට... අදහසක් කෙටුව කියල ඔය කීබෝඩ් ගෙවෙන්නැ.....😒💚🌼

Continue Reading

You'll Also Like

328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
688K 39.8K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
437K 85.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...