මඟ බලමින් 👀
විසි හත්වන දිගහැරුම
ඒ හඬින් ආහේලිගේ මුළු වතම තිගැස්සී ගියත් ඇය වෙනසක් නොපෙන්වාම ඒ දෙතොලින් මෑත්ව ඒ ගෙල වටා බැඳි දෑත් සධිල්ගේ පපුව මතින් පහලට රූරා ගෙන විත් ඔහුගේ බඳ වටා යවමින් ඒ පපුවට තුරුළු වුනේ ඔවුන් දෙදෙනා දෙසම ඇසි පිය නොහෙලා බලා සිටිනා යුවතිය දෙසත් ඇස් කොනකින් බලමින්...
ඇගේ කොපුල මත තිබූ ඔහුගේ අත නිදහස්ව ඒ අතත් ඇගේ බඳ වටා එතුනේ ඇගේ තිගැස්ම ඔහුටත් හොදාකාරවම දැනී..ඇගේ සුසුමක හෝ වෙනසක් හොඳින්ම හඳුනනා සධිල්ට ඇය සිතනා පතනා ආකාරය වුවත් හඳුනා ගැනීමට යන්නේ තප්පරයකටත් වඩා අඩු කාලයක්….
ඇය තවත් සිය පපුවට තුරුළු කරගත් සධිල් ඇගේ හිස් මුදුන සිප ගද්දී ඇය මදක් සන්සුන් වෙනවා ඔහුට තේරුණෙන් ඔහු ඒ හිස් මුදුනෙන් දෙතොල් මෑත් කර පැමිණ සිටි යුවතිය දෙස බැලුවේ ඇගේ ඇමතුමට ඔහු තවමත් පිළිතුරක් නොදුන් නිසාවෙන්...ආහේලි නම් ඒ පපුවේ හිස හංඟා ගත් වනම සිටියේ ඇය දෙස බැලීමට තරම් සිතක් ඇය තුල නැති වෙද්දී…
" ගුඩ් මෝර්නින් තේජනා…….."
" ගුඩ් මෝර්නින් සධිල්……….උදේම වැඩ අල්ලලා වගේ නේද??????"
ඇය සමච්චලයට මෙන් පවසද්දී සධිල් බුර බුරා නැගෙනා කේන්තිය පාලනය කර ගත්තේ මහත් වෑයමක් දරමින්..ඔහු ඇයට පිළිතුරු නොදී සෞරට අමතන්න සිතා හඬින් කෑගසන්න හැදුවත් පොඩි ශබ්දයටත් ආහේලි කලබල වෙන බව දන්නා නිසාම ඇගේ බද වටා බැදුනු අතක් ඇගේ කොපුලක් මතින් තබා ඒ කොපුල මහපට ඇඟිල්ලෙන් මෘදුව පිරිමදිමින් සධිල්,
" චූටිහ්………………….."
කෝපය හා අණ කිරීම එක සේ ඒ හඬෙහි ගැබ් වෙද්දී සෞර මුලුතැන්ගෙට ඉක්මන් ගමනින් පැමිණියේ කුමක් හෝ සිදුව ඇති බව වැටහී….
සෞරට සධිල්ගේ කැඳවීම පවා අමතකව ඔහුගේ මුවත් බාගෙට විවර වුනේ සධිල්ට තුරුළුව සිටිනා ආහේලිව නෙත ගැටෙද්දී...ඔහු දෙසටම යොමුව තියෙනා සධිල්ගේ තියුණු දෑසේ ඇති තරවටු බැල්මෙන් පියවි සිහියට ආ සෞර,
" සුදායියේහ්…………"
" මිස් තේජනාව ලිවින් රූම් එකට එක්කගෙන යනවා චූටිහ්………."
එය අණක්ම පමණක් වෙද්දී තේජනාටද තවත් මෙතැන රැදෙන්නට නොහැකි වුනා…තේජනාට ඉස්සර වෙන්න දී සෞර ඔහුගේ කලිසම් සාක්කුවෙන් දුරකථන ගෙන සධිල්ට තුරුළුව සිටිනා ආහේලිගේ ජායාරූපයක් සිය දුරකථනයේ කැමරාවට හසු කර ගත්තේ සධිල්ගේ රැවුම් ගෙරවුම් මැද්දේයි….
ආහේලිගේ දෙසවන් පවා රතුව තිබුනේ පණ්ඩිතකමට සධිල්ට තුරුළු වුනාට සෞර සහ තේජනා ඇයව දුටු නිසාවෙන්..ඔවුන් දෙදෙනා ගිය පසු ඒ රතුව ගිය මුහුණ දෝතින් ගත් සධිල් ඇගේ නලලත් දෙකොපුල් වලට මෙන්ම ඒ නාළු වල් දෙතොල් මතටත් කෙටි හාදුවක් තැබුවේ ඇගේ දෑස් පිටතට පනින්න තරම් විසල් වෙද්දී….
" දෝණී අයි ඩෝන්ට් නීඩ් යුවර් පර්මිෂන් ටු කිස් ඕ ටු හග් යූ…( මට ඔයාගෙන් අවසර ඕනේ නෑ ඔයාව සිප ගන්න හෝ වැළඳ ගන්න…)..මට ටයිම් එක ප්ලේස් එක අදාලත් නෑහ් දෝණී….ගොට් ඉට්??(තේරුණාද??)"
" අර තේ උඩිච්චිව මෙහෙන් යවනකම් කිස් කරන්න වත් හග් කරන්නවත් දෙන්නේ නෑ අප්පත්ති….ගොට් ඉට්?????"
සධිල්ගේ දෑස් විසල්ව මුවත් විවර වුනේ ඇය ඔහුගේ දෑස් වලටම එබෙමින් කිව් කතාවට…ඔහුගේ මුව අගුළු වැටුනේ ඇයට පෙරළා පැවසීමට දෙයක් සිතා ගත නොහැකි වෙද්දී…
ඔහුගේ බද වටා බැඳි ඇගේ දෑත් ඉවත් කල ආහේලී,
" මට යන්නහ් අත් දෙක අයින් කරන්න අප්පත්තීහ්……"
ඇගේ හඬ ඔහුගේ අණ කිරීමකට නොදැවෙනි වෙද්දී සධිල්ට නොදැනීම ඇගේ බඳ වටා තිබුණු අත ඉවත් වුනා.. ආහේලි ඔහුටත් ගස්සමින් ඔවුන් දෙදෙනා දෙස බලා ගෙන සිටි විර්දේව්ටත් රවමින් පඬි පෙල නගින්න ගත්තේ සාලයේ තිබූ සෝෆාවෙන් අසුන් ගෙන සෞර සමඟ කතා කරනා තේජනාට මවා ගත් සිනහවකින් සංග්‍රහ කර සෞරටත් හොඳ හැටි රවමින්….
" මන් අහවල් එකක් කලාටද දෝණීගේ අප්පත්තී දෝණි මාව දැන් කන්න වගේ බැලුවේ….කට කෑවා මදි වෙලාද එයාගේ අප්පත්තිගේ….."
දෙපැත්ත කැපෙනා හොඳින් මුව තැබූ පිහියක මෙන් හසුරවනා විර්දේව්ගේ වදන් වත් සධිල්ට නෑසුනේ ආහේලිගේ වදන් ඒ දෙසවන් වල තවමත් දෝන්කාර දෙද්දී….
" ඉල්ලන් කන්නයි අපි ආවේහ්….ඕ….ඕ…..ඉල්ලන් කාලයි දැන් ඉන්නේහ්…..සුදු අයියා තරිකිට ඉල්ලන් කාලා එල්ලන් ඉන්නේහ්….යු…..රේකාහ්….."
" මොකද්ද මදූ ඒ වුනේහ්?????"
" මොකද්ද සුදු අයියේහ්?????"
" දෝණීහ්……...."
පවසන්නේ කුමක්ද කියා තවමත් සධිල්ට නොවැටහෙද්දී විර්දේව් යලිත් හඬ අවදි කලේ නිහඬතාවය බිඳමින්...
" ඔය කට ලොක් වෙලා මොකද සුදු අයියා????"
සධිල් අතකින් නලල තෙරපවා ගන්නවා දුටු විර්දේව් විමසුවේ ඔහුගෙන් මෙවන් හැසිරීමක් විර්දේව් පෙර නොදුටු නිසයි….
" තේජනාව ඉක්මනට මෙහෙන් යවන්න වෙනවා….මොන විදියකට හරී….පැටික්කි මොන අඩව්වක්ද අල්ලයිද දන්නේ නෑ….."
සධිල් පැවසුවේ බැරෑරුම් මුහුණකින් වෙද්දී විර්දේව්ටත් වැටහුනා ආහේලි පෙර ඔහුටත් රවමින් ගිය හේතුව…..
" ඕවාද මායි චූටීයි කලේ….සිම්පල් නේහ්…..මේහ් ඒක නෙමෙයි සුදු අයියා ඔයාගේ ලිප්ස් වල රෙඩ් ලිප්ස්ටික් තියනවා…..වොෂ් ඉට්...( හෝදගන්න…)"
" තමුන් දැකලා තියනවද දෝණී ලිප්ස්ටික් ගාගෙන ඉන්නවා කොයි වෙලාවක හරි…….මගේ ඉවසීම තව බොහෝම ටික වෙලාවයි තියෙන්නේ මදූ...දන්නවනේ ඊට පස්සේ………"
සධිල් අතක් මිට මොලවා විර්දේව්ගේ මුහුණ වෙතට ගෙන යමින් පවසද්දී නම් ඔහු දැන ගත්තා සධිල්ගෙන් ගුටි පූජාවක් අත ලඟ බව...
" අපෝ අර්ෂස්කාරයා….ජෝක් එකක්නේ කොල්ලෝ කලේ……උම්මියාහ්....."
විර්දේව් සධිල්ගේ පපුවට දබර ඇඟිල්ලෙන් අනිමින් ලතාවකට පවසන්නේ ඔහුගේ ඇස් මානයට තේජනාගේ රුව හසු වෙද්දී….
සධිල් ඔහුගේ සැලැස්සම කඩාකප්පල් කිරීමට පෙර විර්දේව් ඔහුට ඇසක් වසා ඉඟි කරමින් පෙන් වූයේ ඔහුට පිටි පසින් සිටිනා තේජනාවයි….
ඇය ආ වේගයට වඩා වැඩි වේගයකින් ආපසු හැරෙද්දී සධිල් ඔහුගේ පපුවට අනිමින් තිබූ විර්දේව්ගේ දබරගිල්ල අල්ලා අනෙක් පසට ඇඹරුවේ විර්දේව් වේදනාවෙන් මොර දෙද්දී….
" ආහ්…..සුදු අයියාහ් ඌහ්….ම්ම්ම්...ආහ්….හිමීටහ් ආ….හ් කොල්ලෝහ්….ඉන්න බෑහ්…..අම්මාහ්…..මැට්ටා මගේහ්…..ආ……..හ්……..."
විර්දේව් නොනවත්වා නිවස දෙවනත් වෙන්න කෙඳිරිලි ස්වරයෙන් හඬ තලද්දී සධිල් ඔහුගේ ඇඟිල්ල අතැර ඔහු දෙස බලා සිටියේ බිරන්තව ගිය දෑසින්…
ඔහුගේ කෙඳිරිලි වදන් වල නිමක් නැතිවෙද්දී සධිල්ට දැනුනේ දැඬි අපහසුවක්….මද වේලාවකින් සෞර මුළුතැන්ගෙට පැමිණියේ මුව කන ගාවට ඇදි සිනහවකින්….
" තේජනා වාශ්ප වුනා….ආය එන එකක් නෑහ් ගියපු විදියට….මී හරකෙක් පන්නනවා දිව්වේ…...කෝකටත් කියලා විඩියෝ පාරකුත් දාගත්තා පසු ප්‍රයෝජනය සඳහා චූටයියාහ්….."
" අන්න සහෝදරයෝ….ඒකට මේහ් අර්……………….දුවපාන්……………..චූටෝහ්………………"
විර්දේව් ඉක්මනින් කාමරය දුව ගොස් දොර වසාගත්තේ සධිල්ගේ ඉවසීම හීනව ඇති බව දන්නා නිසාමයි ….
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
සියළු දෙනාම උදෑසනින්ම සුදානම් වූයේ ධීරවර්ධන ලෑන්ඩින්ග්ස්හි නුවර ශාඛාව විවෘත කිරීමේ උත්සවයට යෑමට..
සධිල් සුදු අත් දිගු ෂර්ට් එකට කළු පැහැයෙන්ම දිගු කලිසමත් කෝට් එකත් දමා සිල්වර් පැහැ අත් ඔරලෝසුවත් බ්‍රෙස්ලටයත් පැළඳ ගෙන කළු සපත්තු දෙකත් දමා ගෙන ආවේ කණ්නාඩිය ඉස්සරහා හැඩ බලනා ආහේලි වෙතටයි…
අත් දිගු කර මදක් පලල්ව කපා තිබූ කළු පැහැ දෙපතුල දක්වා දිගු ගවුමට මුහුදේ රැලි මෙන් ඉඟටිය දක්වා දිගු කෙස් කළඹ පිට මැද්දට වෙන්න කඩා දමා එක් කෙස් රොදක් පමණක් ඉදිරියට දමා ගෙන තිබූ ආහේලිගේ සොඳුරු වතින් දෑස් වෙනතකට ගැනීමට නොහැකිව ඔහු කෙතරම් වේලාවක් ඇය දෙසම බලා සිටියාද කියන්න ඔහුට මතකයක් තිබුනේ නැත….ගෙල රැඳි මාලයෙන් නැගෙනා දිස්නය නිසා ඒ වතට වෙනත් ආභරණයක් වුවමනා වූයේ ද නැත…
ඇය හදවතිම යේනූට ස්තූතිවන්ත වූයේ සධිල්ගේ ඇඳුමටම කැපෙනා ඇඳුමක් ඇයට එවා තිබීම සම්බන්ධවයි...
" කර නම් කැපිලා වැඩී දෝණී ෆ්‍රොක් එකේ …...බිමට නැමිලා නම් අහු වෙන්න එපා…..ගොට් ඉට්?????"
ඇගේ පිටුපසින් සිටගෙන සධිල් තරවටු හඬින් පවසද්දී ආහේලී කණ්ණාඩියෙ ප්‍රතිබිම්බයෙන් පෙනෙනා ඔහුගේ කඩවසම් රුව දෙස බලා සිටියේ ඒ ගාම්භීර පෙනුම ඇගේමයි නේදෝ කියා සිත ඇතුලෙන් මොරගාමින් කෑගසද්දී….
ඔහුගේ දොතොල් හිමින් සීරුවේ ඇගේ ගෙල පාමුල නතර වෙද්දී ඇයට අමතක වුනා ඉහලට ගත් හුස්ම පහලට හෙලීමට පවා…ගෙලින් පටන් ගත් සිපුම ඇගේ ගවුම් කරින් පෙනෙනා ලමැද දක්වා දිව යද්දී ඒ පහසින් ඇගේ දෑස් පියව ගියේ ඔහුට තවත් අනුබල දෙමින්...ඇයව පිටු පසින් ඔහුගේ පපුවට තුරුලු කරගෙන ඇගේ කුස වටා දෑත් යවද්දී ඇගේ අතක් නොදැනීම ඇගේ ලමැදට බරව තිබූ ඔහුගේ කොපුලක් මතින් තැබුනේ ඒ මෘදු ස්පර්ශයගෙන් සියොලගම කීරි ගැසී යද්දී...ඇය කොපුලක් ඔහුගේ ගෙලට තද කරගෙන ඇගේ දෑත් ඒ කුස වටා එතී තිබුනු ඔහුගේ දෑගිලි හා බැදුනා...
" ඕපනින් එකෙන් පස්සේ ඉතුරු ටික කන්ටිනිව් කරමු නේහ්….. හෙට දවසමත් තියනවනේ සුදු අයියාහ්….ටූ ලේට් බනී….."
විර්දේව්ගේ කෑගැසුම ඇසුනත් සධිල් එය නෑසු කන්ව සිටියේ ඇගේ උණුසුමින් මිදීමට මහත් වූ ලොබකමකින් සිත වෙලී යද්දී…
" අප්පත්ති යමුකෝ………….."
ඇය ඔහුගේ දෑඟිලි වලින් ඇගේ දෑඟිලි මුදාගෙන ඔහු දෙසට හැරුනේ ඔහුගේ සිපුම් වල නැවතුමක් නැති තැනයි…..
" අප්පත්තීහ්…….."
ඒ දෑස් ඇගේ දෑසෙහිම පැටලී තියෙද්දී ආහේලි වචන අහුලමින් පැවසුවේ ඇයටත් ඒ උණුසුමෙන් මිදීම කල නොහැක්කක් වෙද්දී….
" ජස්ට් අ මිනිට් බබා... ( විනාඩියයි…)"
ඇයට සිතන්න වත් වේලාවක් නොතියා ඔහු ඒ සිනිදු දොතොල් රතු වන්නටම සිප ගත්තා...ඒ සිපුම තුල ආදරය අනුරාගය එක හා සමානව ගැබ් වූ ආවේගාත්මක සිපුමක් වෙද්දී ඇගේ මුවින් ඇයටත් නොදැනීම සියුම් කෙඳිරිල්ලක් පිට වුනේ දෙතොලින් මද වේදනාවක් දැනෙද්දී….සධිල් ඒ මුවින් දෙතොල් මුදා ගන්නා විට ආහේලිගේ මුහුණ හැකිළුනේ ඒ පහස ඇගේ ගැහැණු සිත තව තවත් අයැදූ හෙයින්..ඒ මැලවුණු මුහුණු දුටු සධිල්ගේ කට කොනට සිනහවක් නැගෙද්දී ඇගේ මුහුණ මෙන්ම දෙසවන් පවා රතු වුනා...
" අනේහ්……………………."
" යමු දෝණී….මන් ඉල්ලුවේ විනාඩියයි නේහ්…….."
ඇගේ දෑස් බිමට බර වුනේ ඔහුගේ දෑස් දෙස කෙලින් බැලීමට තරම් ශක්තියක් නැති තැන...ඔවුන් දෙදෙනා කාමරයෙන් පිටව පහත මාලයට එද්දී විර්දේව් මෙන්ම සෞරත් ආහේලිගේ හිසේ සිට පාදාන්තය දක්වා දෑස් ගෙන යද්දී ඇයට දැනුනේ පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක්….
" මම නම් කළු කෙ ,.ල්ලෙක් හොයාගන්නේ රපුන්සල්…...නැතුව මේ වැඩේ හරියන්නේ නෑහ්….."
" ඒ මොකද දේව් අයියා????"
දැනෙන විලිය පසෙකලා ඇය කුතුහලයෙන් විමසද්දී විර්දේව් මෙන්ම සෞරත් ඔහුගේ සිනහවට එකතු වුනේ ඇයව තවත් අපහසුතාවයට පත් කරමින්…
" හිනා යන්නේ කොයි කෑල්ලටද කියලා මට දෙන්නගෙන් එක්කෙනෙක් කියනවද කරුණාකරලා…."
ඇය පපුව හරහා දෑත් බැදගෙන පැවසුවේ දැනෙනා කේන්තිය උපරිමෙන් පාලනය කරගෙන…..
" සුදායියාගේ කපාපු පළුව නේහ් චූටයියා දැන් රපුන්සල්….."
" ඒකනේ චූටී මාත් බැලුවේ...මේ වචන සෙට් එක නිකම් පෙර ඇසූ බවට මගේ දෙසවන් සාක්ෂි දරනවාදෝ කොහෙදෝ….."
විර්දේව්ගේ වදන් සෞරට නොදෙවෙනි වෙද්දී ආහේලි නම් සිටියේ බුම්මාගෙන දත් මිටි කමින්…
" අනේ මගේ බනියෝ…..ඉන්නකෝ පෙන්නන්න…."
විර්දේව් ඔහුගේ දුරකථනයේ ඉදිරිපස කැමරාව ක්‍රියා කර ඇගේ ලමැද සහ දෙතොල් ඇයට පෙනෙන සේ දුරකථනය හර වද්දී තමා ඇයට සිදුව ඇති දෙය වැටහුනේ…
" අප්පත්තීහ්…………………."
ඇය කෑගසමින් වාහනයට ගහින්න හදනා සධිල් වෙතට වේගයෙන් ඇවිදින්න ගත්තේ ඔහුගේ දඟකාරකම් හේතුවෙන් ඇගේ ලමැද සහ දෙතොල් රතු පැහැව තියෙද්දී….ඇගේ සම ස්වේත වර්ණ සහ රන් පැහැ මිශ්‍ර වූ නිසා ඇගේ ගෙලට පහලින් ලමැදට වන්නට තිබූ රතු පැල්ලම් ඇස් පෙනෙනා ඕනෑම පුද්ගලයෙකුට හොදින්ම පෙනෙනවා බව ඇයට නොරහසක් වුනේ ඈත තියාම විර්දේව් සහ සෞරත් එය දැක තිබූ නිසයි….
ආහේලිගේ රණ්ඩු සරුවල් මැද සිනහා මුසු මුහුණින් සධිල් වාහනය ඔවුන්ගේ නව ශාඛාවේ ගේට්ටුවෙන් ඇතුලට දමා ආහේලිට දෑසින් පැවසුවේ බසිනා ලෙසටයි….ඇය ඔහුට ගස්සා වීදුරුවෙන් පිටත් බලාගත්තේ ඒ රතු පැහැය තවමත් ඉවත්ව නොතිබෙද්දී….
" ඕක දැක්කට කමක් නෑ දෝණී...කවුරු හරි මොනවා හරි කිව්වොත් කියන්න...ඉතුරු ටික මන් බලාගන්නම්….කර වැහුනු එකක් ඇදගෙන ආවේ නම් ඔච්චර වැඩේ දුර දිග යන්නේ නෑ...එකෙන් දෙකෙන් වැඩේ ක්ලෝස් කරනවා මම……"
සධිල් පවසන්නේ ආඩම්බරයෙන් ඔහුගේ කෝට් එකේ කොලරය ඔසවමින්….
" අනේහ් අප්පත්තීහ්……….."
ඇය හඬන්න ලන් වු ස්වරයකින් පවසද්දී සධිල් ආසන පටිය පන්නා ඇගේ වතට බර වුනේ ඔවුන් ප්‍රධාන පිවිසිමේ සිටිනා බවත් නොතකා…
ඇගේ නලල මෙන්ම දෙකොපුල් ද සිප ගත් සධිල් අවසන ඒ රතුව ගිය දෙතොල් මතින් කෙටි හාදුවක් තබා ඇගේ වතින් මෑත්ව ඔහු පැළඳ සිටි කෝට් එක ගලවා ඇයට පැලඳ වූයේ ඇගේ ලමැද සම්පූර්ණයෙන්ම වැසී යන සේ….
" ලෙට්ස් ගෝ පැටික්කී…….."
ඒ ආදරය සැම තැනකම සෑම විටකටම ඇයව ආරක්ෂා කරද්දී ඔහුගෙන් අසා නිරාකරණය කර ගන්න ප්‍රශ්ණ පත්‍රයක්ම ඇය සතුව තිබුන මුත් තවම ඊට නිසි කාලයක් එළඹුනේ නැත…
වාහනයෙන් බැසූ සධිල් ආහේලිගේ පස දොර විවර කර දෙද්දී ඇය ඔහුගේ අතේ එල්ලී වාහනයෙන් බැස්සේ උත්සවයට පැමිණ සිටි සියළු දෙනාගේම දෑස් ඇය වෙත යොමුව තියෙද්දී…ඇගේ හිස බියටම බිමට නැඹුරු වෙනවා දුටු සධිල්,
" ඔළුව කෙලින් පැටික්කී...කිසිම වෙලාවක කාට වත් ඔළුව පාත් කරන්න එපා…ඩෝන්ට් ඊවන් තින්ක් අබවුට් ඉට්... (ඒ ගැන හිතන්නවත් එපා…) වැඩිහිටියෙක්ට ඇරෙන්න හැම බල්ලටයි බූරුවටයි ඇඹරෙන්න ඕනේ නෑ…....එහෙම අවශ්‍යයත් නෑ...බිකෝස් යු ආ මයින්….( ඔයා මගේ හින්දා)සධිල් සහ්දේව් ධීරවර්ධනගේ හින්දා….ඔය රැස් දාන කවුරුත් මාත් එක්ක දඟලන්න එන්නේ නෑ...ඇවිල්ලත් නෑ….ඒක හින්දා ඔළුව කෙලින්...අඩියක් ඉස්සරහට තියන්න බය වෙන්න එපා ඔළුව කෙලින් තියාගෙන ගල් බොරළු තියන පාරක වුනත්….වැටෙන්න විදියක් නෑ කීයටවත්….මන් ලඟ නැති වුනත් සුධීත් විර්දේව් ධීරවර්ධන හරි සෞර හර්දේව් ධීරවර්ධන හරි ඉන්නවා මගේ දෝණී ලඟ…..ගොට් ඉට් මගේ පැටික්කීහ් ????"
To be continued..... 💙
මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ " දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙💙