- Plot 23 -

By Bulbz_D

873K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 61-

7K 813 160
By Bulbz_D

'' මියුන් ආශක්‍යසිංහ... ''

බෝල අත් අකුරුවලින් නම ලියලා තිබ්බ ,එයාගේම පේපරේ දෙතුන් පාරක්ම එහාට මෙහාට පෙරලලා බලපු මියුන් පේපරේ අතේ රෝල් කරගත්තේ නහය දිගේ පහළට ලිස්සලා ආපු ස්පෙක්ස් දෙක ආයේම නහය දිගේ උඩට තල්ලු කරන අතරේ.... ක්ලාස් ඉවරයි... ළමයි සීසීකඩ.... ඊළග ක්ලාස් එකටත් ළමයි පිරිලා.... කොහොමටවත් රතු පෑනෙන් ලියලා රවුම් කරලා තිබ්බ ලකුණ ගැන කිසිම සතුටදායක හැගීමක් මියුන්ගේ මූනේ ඇදිලා තිබ්බේ නෑ....

''අඩෝ.. උබ ඔච්චර ලකුණු තියාගෙනත් මූණ එල්ලන් ඉන්නේ මොකද.... '' ඉස්කෝලේ යාළුවො පිටට තට්ටු කරපුවා සද්ද නැතුව අහන් ඉදපු මියුන් පේපර් එකත් අරගෙනම ක්ලාස් සෙන්ටර් එකේම පැත්තට වෙන්න තිබ්බ පුංචි ක්ලාස් රූම් එකට කඩන් වැදුනේ මාකින් පැනල් එකේ හැමෝගේම අවධානය එක තත්පරයකදී අයිති කරගන්න අතරේ...

'' ඔව් මල්ලි ? '' එයාලාට සීනියර් කවුරු හරි අය්යා කෙනෙක් අහනවා ඇහුනත් මියුන් උත්තරයක් නොදීම නැවතුනේ අහම්බෙන් වගේ ඇහැ ගැටුනු ලා රතු පාට ඡායාවක් ඇදිලා ගිය විමර්ශනශීලි ඇස් දෙක නිසාමයි.......

'' ආහ්... '' මියුන් කිව්වේ බලාපොරොත්තු නොවුන හඩින් මිමිණුවේ අඩියක් පස්සට තියන ගමන්..... කඩාගෙන පැන්නේ ලොකු වලියකට වගේ උනත් පේපරේ අතේම ගුලි කරගත්ත මියුන් ඒ ගැම්මටම ආපහු හැරුනේ , කිසිම සද්දයක් නැතුව...

'' ඇයි මියුන් ? '' යොවන්දි අක්කා වැඩේ පැත්තකින් තියලා නැගිටලා අහනවා මියුන් අහගෙන.... වෙන එකක් තියා එතන ඉදපු සීනීයර් අය්යලා අක්කලා පවා මියුන් ගැන හොදට දැනගෙන ඉදියා , කලින් අවුරුද්දේ ඉදන්ම එයාලා එක්ක ෆයිට් එකට පවා පේපර්ස් ලියපු නිසාම.... එක පාරට එක්ස්කියුස් කරන්නත් අමතක වෙන තරම් කේන්තියෙන් රූම් එකට කඩන් පැන්න මියුන් කට වහගත්ත විදිය දැනටමත් එයාලාගේ සම්පූර්ණ අවධානය අයිති කරගෙන ඉවරයි....

'' නෑ ඒක හරි... '' මියුන් පුළුවන් තරම් සන්සුන්ව උත්තර දුන්නේ පේපරේ අතේ ගුලි කරගන්න අතරේ...

'' පෙරේදා පේපරේද ? අහ්.... තව චුට්ටක් ඕගනයිස් වෙන්න ඕන උත්තර ලියනකොට... වෙලාව එක්ක ෆයිට් එකක් නේ... එම් සි කිව් නම් අවුලක් නෑ... ස්ට්‍රක්චර්ඩ් , එසේ දෙක තව හැදෙන්න ඕන... ''

''.............. හරි - '' යොවන්දිට උත්තර දෙන්නේ කෝමද කියලා හිතාගන්න බැරිවුන මියුන් මිමිණුවේ රූම් එකේ එළියට යන්න අඩියක් පස්සට තියන අතරේ...

'' දැන් ඕක වෙනස් කරන්න බෑනේ... , ඊළග පාර ට්‍රයි කරන්නකො මල්ලි.... ටිකක් ඩිස්ට්‍රෑක්ට් වෙලා වගේ.....'' යොවන්දි ආයේම කිව්වේ මියුන් මුකුත් නොකියම තොල් තද කරගනිද්දි...

'' ඇයි කීය ද මේ පාර ? '' එහා පැත්තේ ඉදපු සීනියර් අක්කා මියුන්ගෙන් ඇහුවේ මියුන් නුපුරුදු විදියට උරහිස් අකුළද්දි.... කලින් මාක්ස්වලට සාපේක්ෂව මෙතන මාකින් පැනල් එකේ සේරම ඉස්සරහා කටක් ඇරලා කියන්න පුළුවන් ලකුණක් නැති නිසාම මියුන් ආයේ හැරුනේ අත මිට මොළව ගන්න අතරේ...

'' හැත්ත ගානයි නේ ? . '' යොවන්දි ආයේම එයාගෙන් ඇහුවේ මියුන් ආපහු හැරෙද්දි....

'' මොකක් ??? උබට ??? වෙන්න බෑනේ.... මොකක් හරි මාකින් ප්‍රශ්නයක් ද දන්නෑ ? '' එතන ඉදපු තව සීනියර් අය්යා කෙනෙක් විශ්වාස කරන්න බැරි ගැනට ඇහුවේ මියුන්ගේ පේපර් එක ඉල්ලන අතරේ උනත් මියුන් පේපර් එක පස්සට කරගත්තේ ඉවසීමෙන්... යොවන්දි දිහා කෙලින්ම එක පාරක් ඕනම විදියකට හිතාගන්න පුළුවන් ජාතියේ විනිවිද යන බැල්මක් යවපු මියුන් කිසිම කතාවක් නැතුව රූම් එකේ දොර ඇරගෙන එළියට ගියේ පේපර් එක අතේම ගුලි කරගන්න අතරේ....

වෙන මොනා කරන්න ද ? රණ්ඩු කරගන්න ද ? ගහගන්න ද ? කෙල්ලෙක් එක්ක ?? පිස්සු ! මියුන් එයාටම නෝන්ඩියට හිනා වුනේ පේපරේ තිබ්බ ලකුණු දිහාවටත් ඒ බැල්මෙන්ම සංග්‍රහ කරන අතරේ...

'' ඕයි..... මෙහේ..... '' පාර ගාවට එන්න කලින්ම අරවින්ද්ගේ කටහඩ පැතිරිලා ගියා.... එයා එක්ක මෙවීනත් ඉන්නවා.... මියුන් සද්ද නැතුව ඒ පැත්තට ගියේ අද මොකද කියලා එක පාරට හිතාගන්න බැරුව...

'' මාක්ස් හදාගත්ත ද ? '' මෙවීනා ඇහුවේ මියුන් මුකුත් නොකිය අරවින්ද් දිහා ඇස් පුංචි කරලා බලද්දි.... මොක ද දන්නෑ කොන්දේ අමාරුත් තියන් බයික් එකත් උස්සන් එළියට බැහැලා ?

'' ඒ මේහ්.... අන්න අරූ.... ඩියෝන් වේඝර්ණාරච්චි.... '' අරවින්ද් මිමිණුවේ මෙවීනායි මියුනුයි දෙන්නම ෂේප් එකේ හැරෙද්දි... කළු ජැකට් එකත් එක්ක බයික් ග්ලවුස් දාලා ගවීෂ්ගේ මෝඩ්ල් එකටම වටේ පිටේ කෙල්ලොන්ට ඇහැ කඩ කඩ ඉදපු ඩියෝන් දිහා බලපු මෙවීනා කටත් ඇද කළේ ආශක්‍යසිංහලාගේ ජානවලටම කාවැදිලා තියන වේඝර්ණ ඇලජිය ඇගට ගන්න අතරේ..... එයා මොක ද ? ආහ්.... යොවන්දිව පික් අප් කරන්න වෙන්නැති.....

'' ඒ අර ගවීෂ්කාරයාගේ බ්‍රයිඩ් ටු බී නේ ද?... ප්ෆ්ට්.... පුදුම රැගිල්ල දෙන්නාගේ... උස්සන් යනවැයි.... අරහෙට මෙහෙට ඩ්‍රොප් කරනවයි... ෂොපින් යනවයි.... ඇයි මතක නැද්ද ඒකිගේ කකුල කැපුනයි කියලා මෙතන කරපු ඩ්‍රාමා එක අරූ ??? පුහ්... අනූවේ දශකේ හින්දි ෆිල්ම් එකක හෙනම ලව්ලි ඩව්ලි කපල් එක කියලා හිතන් ඇත්ත...'' මෙවීනා කටත් ඇද කර කරම කිව්වේ පඩිපෙළ බැහැලා ආපු යොවන්දි දිහා උඩ ඉදන් යටට බලන ගමන්...

'' පුහ්.... ලව්ලි ඩව්ලි සෙද්ද තමයි... '' මියුන් මුකුත්ම නොකිය අතේ තිබ්බ පේපර් එකත් ගුලි කරගෙන අනිත් හැරුන විදිය බලාගෙන ඉදපු අරවින්ද් කේන්තියෙන් කිව්වේ එයා දිහා බලපු ඩියෝන්ට ඇයි මොකද වගේ බැල්මක් ආපස්සට දෙන අතරේ....

'' අහ් මං බැලුවා මේ ගස් ගදක් කොහෙන්ද ආවේ කියලා...... '' ඩියෝන් කිව්වේ බයික් එකත් තියාගෙන එයා දිහා බලාගෙන ඉදපු අරවින්ද්ගෙන්... ඩියෝන්ගේ වචනවලට මෙච්චර වෙලා නිස්කලංක පිට බයික් එකට හේත්තු වෙලා ඉදපු අරවින්ද්නුත් කෙලින් උනේ එවරෙඩි පිට ටී ෂර්ට් එකේ අතත් වැලමිටෙන් උඩට අදින අතරේ....

'' ඒනං අපි ගියා... '' අරවින්ද්ගේ මූණට බයික් එකේ ලයිට් එක දෙපාරක් ගහපු ඩියෝන් අනිත් පැත්තට බයික් එක හැරෙව්වේ ගහන්න පැනපු අරවින්ද්ව මියුන් උරහිසින් අල්ලලා පස්සට අදිද්දි.....

'' පාඩුවේ ඉන්න !! '' මියුන් තදින් කිව්වේ එයාගේ කළු ඇස්වල තිබ්බ වෙනස් වෙන්නැති බැල්මට අරවින්ද් ටිකක් මෙල්ල වෙද්දි....

'' පාඩුවේම ඉදලා හරියයි උබට ප**!!!... '' අරවින්ද් කිව්වේ එයාගේ උරහිසින් අල්ලගෙන ඉදපු මියුන්ගේ අත එහාට ගසලා දාලා....

'' හරිනේ !! එච්චරයි අඩුවකට තිබ්බේ... '' එයා එහා පැත්ත හැරෙන පරක්කුවට පාර එහා කෙළවර නවත්තපු දැකලාත් පුරුදුයි වගේ බයික් එකේ ඡායාව දිහා බලපු අරවින්ද් මිමිණුවේ ආයේ මියුනුයි මෙවීනයි ඉදපු පැත්තට හැරෙන අතරේ...

'' අපි දෙන්නා සීයාගේ වැඩකට යනවා... ඔයාට තනියම යන්න පුළුවන්නේ ? '' අරවින්ද් කට අරින්නත් කලින්ම මෙවීනා කතා කළේ මියුන් නළල රැළි කරද්දි....

'' ඇයි අරවින්ද් අය්යට කට නැද්ද ? '' මියුන් තදින් ඇහුවේ මෙවීනාගේ පිටිපස්සේ ඉදපු අරවින්ද් දිහා කෙලින් බලන ගමන්....

'' එයා කිව්වත් , මං කිව්වත් මොක ද සීයාගේ වැඩකටනේ....අනික වෙනදාට ඔයාව ගන්න ක්‍රිෂ් අක්කා එනවානේ....?? '' මෙවීනා හිතුවක්කාර විදියට ඇහුවේ අරවින්ද් මියුන්ට ඇස් දෙකෙන් පාරේ දකුණු පැත්ත සන් කරද්දි.... මේච්චර කියන්න හදනවා මේ ඔලමොට්ටලු මියුන්ට තේරෙන්නැති විදියක් !!!.. අරවින්ද් මිමිණුවේ ආයේම ඇස් දෙක ලොකු කරලා දන්න සේරම සෙල්ලම් ටික දාලා පාරේ දකුණු පැත්ත කෙළවර මියුන්ට සන් කරන ගමන්......

'' තමුසෙලා දෙන්නා සීයාගේ වැඩ කියලා කොහෙ යනව ද කවුද දන්නේ ? '' මියුන් මෙවීනාගෙන් ඇහුවේ අරවින්ද් පෙන්නපු පැත්තට ඉස්සිලා එබෙන ගමන්.... අහ්... සුදු පාට R1 එකක්..... අහ් !චීස් පෆ් කෝලම.... !!...... ඒ පාර මොකද මෙහේ ???? මියුන් යන්තම් කට අයිනෙන් හිනා වුනේ එයා දිහා ඉණට අත් දෙකත් තියාගෙන බලාගෙන ඉදපු අරවින්ද් දිහා බලලා ඇහිබැමි උඩ යවන අතරේ....

'' දෙන්නා කවද ඉදන් ද හවුල් ආණ්ඩු දැම්මේ ? '' මියුන් මෙවීනාගෙන් අහන ගානට ඇහුවේ අරවින්ද් දිහා කෙලින් බලන ගමන්....

'' ඒම රෙද්දක් නෑ...!!! මාත් දැන් දැක්කේ.... එහෙනං තමුසේට ඕන විදියකට ගෙදර පලයන්.... අනික උබට දැන් අත දාලා උනත් යමහා බයික් එකක් නවත්තගන්න බැරිකමක් නෑනේ... '' අරවින්ද් අන්තිම ටික නෝන්ඩියට කිව්වේ කන්ෆියුස් වෙලා දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලපු මෙවීනාට නගින්න කියලා හෙල්මට් එක අතට දෙන අතරේ.....

'' ඒනං පරිස්සමින් මෝඩයො... '' මෙවීනා කිව්වේ පුරුද්දට මියුන්ගේ කොන්ඩේ අවුල් කරලා දාන ගමන්...මියුන් මෙවීනාගේ අතින් අල්ලලා එහාට කළේ කේන්තියට මූණ ඇද කරගන්න ගමන්.... එක අතකට මියුන්ව අවුස්සන්න කියාපු වැඩෙ තමයි කොන්ඩේ අවුස්සන එක..... මූණ කේන්තියටම රතු වෙනවා....

'' අම්මො මෙයැයිට තද වෙන විදිය බලන්නෙපැයි..! '' මෙවීනා කිව්වේ මියුන්ට දිවත් ඇදලා බයික් එකට නගින ගමන්.....

'' උබට මට විතරයි කෝමත් මුගේ කොණ්ඩේ අල්ලන්න ඇකැප.... '' අරවින්ද් දැනෙන නොදැනන ගානට හින්ට් එක පාස් කළේ නෝන්ඩියට හිනා වෙන ගමන්...

'' බායි කියන්නකො අය්යේ... කො තරහ ද මේකා ? '' මෙවීනා ආයේ ඇහුවේ තාමත් බුම්මන් ඉදපු මියුන්ගෙන්... සේරමලා එක්කහු වෙලා හුරතලේට හදලම කෙල්ල කෝමත් හරි එක විදියක් වෙලාවකට... අරවින්ද්ගේ නල්ල මලේ බයික් එකේ වාඩිවුනාම අගල් ගානක් උඩට ගිය මෙවීනාගේ ගවුම මියුන් පහළට ඇද්දේ තාම පොඩි එකියක් වගේ මෙලෝ වගතුවක් නැති ගතියට කෙල්ලට රවන අතරේමයි.... ලොකුයි කියලා නෑ , තාම අවුරුදු පහක පොඩි ළමයෙක් වගේ හැසිරීම... !!

'' ගවුමක්ම අදින්න ඕන උනානේ ඔයාටත්!! '' අරවින්ද්නුත් කිව්වේ මියුන් රවපු එක නොදැක්ක ගානට...

'' මං අදින්නේ මට ඕන එක !! '' මෙවීනා මුරණ්ඩු විදියට කිව්වේ ගවුම හදාගන්න දගලන අතරේ....

'' අපො හරි හරි මැඩම්... '' අරවින්ද් කරබාගත්තේ මෙවීනා එක්ක කතා කරලා නම් දිනන්න බැරි විත්තිය හොදටම දන්න නිසා.....

'' මේ , මතක ඇතුව ගෙදර වරෙන් හය වෙද්දි... සීයා එනවා අද ... '' අරවින්ද් මතක් කළේ මියුන් ඔළුව වනද්දි.....

මෙවීනාට ආයේ අාපස්සට අත වනලා ඒ දෙන්නා යනකම්ම බලාගෙන ඉදපු මියුන් පාරත් පැනලා අනිත් පැත්තට ගියේ එයාට අත වනපු යාලුවො ටිකත් නොදැක්ක ගානට......තාම වාහන අස්සේ ක්ලාස් එක කලබලයි.... පාර පැනපු වේගෙන්ම සුදු පාට හුරුපුරුදු R1 එක ගාව කකුල් දෙකෙන් යන්තං බ්රේක් ගහගත්ත මියුන් තද මනෝපාරක ඉදපු ගවීෂ්ගේ පිටට දඩෝරිංයං පාරක් අත අරින ඇරියේ පාර පැන්න ගැම්මටම තමයි.....කොච්චර ද කියනවා නං මෙච්චර වෙලා නිදහසේ කල්පනාවක ඉදපු මනුස්සයා ගැස්සුනේ ශුද්ධ වචන දෙක තුනකින් සාප කරන අතරේ....

''යකො ඔහොමත් බය කරනව ද ^#(*@ ??? '' ගවීෂ් ඇහුවේ හිනා වෙවී ඉදපු මියුන්ගේ අතින් ඇදලා එයාව ඉස්සරහට ගන්න අතරේ... ක්ලාස් එක ගාව ඉදපු ළමයි බාගේට බාගයක් මැජික් එකක් වගේ බලාගෙන ඉන්නේ හිනාවෙන්න දන්නැති , ඔළුව හොදටම වැඩි , ඌ තමයි එකම රැන්ක් එක කියලා හිතාගෙන ඉන්න ජාතියේ, එපාම කරපු අධ්‍යාපනික අල්ට්‍රා ප්‍රොමැක්ස් ඩයල් එක , මියුන් මේ දැන් ටික වෙලාවකට කලින් පාර පැනලා ගිහින් , පොඩි එකෙක් ගානට කෙල්ලො අතරේ හොදටම නම ගිය සිනියර් බැච් එකේ අය්යා කෙනෙක්ගේ පිට මැද්දට පාරකුත් ගහලා, දැන් හෙන දග වැඩක් කළා වගේ හිනා වෙන විදිය....

'' ඇයි ? '' මියුන් ඇහුවේ ගවීෂ් එයාගේ උඩ ඉදන් යටට දෙතුන් පාරක්ම බලලා තොල් දෙක තද කර ගත්ත විදියට... එක අතකට හෙන ලස්සනට මැච් කරලා අදිනවා මියුන්...

'' නෑ මුකුත් නෑ... '' ගවීෂ් කිව්වේ කට ඇද කරලා... ගවීෂ් දෙතුන් පාරක්ම ආයේ එයාගේ උඩ ඉදන් යටට බලනවා මියුන් යන්තම් හිනා වීගෙන බලාගෙන ඉදියේ කණ්ණාඩි දෙක අස්සෙන්.... උඩට බලනවා , ආයේ යටට බලනවා ... සපත්තු දෙක දිහා බලන් ඉන්නවා.. කට ඇද කරනවා... යන්තං නහයෙන් සුවද අල්ලලා සෙන්ට් එක ගෙස් කරනවා... මල සමයං ඉවරයි...!!! මියුන් හිනාව තොල් අතරේ තද කරගත්තේ ගවීෂ් ආයේ තනියම හෙන මොනව ද ගොඩක් හිතලා හිතලා අන්තිමේ හෙනම ගැම්මෙන් වගේ , අල්ලගෙන ඉදපු මියුන්ගේ අතින් හිමින් තද කරද්දි..... ගවීෂ්ගේ ඇස්වල තියෙන * මූ එකෙක්ගේවත් නෙවේ බොලව් මගේනේ* වගේ බැල්ම දිහා ආයේ බලපු මියුන් මුකුත් නොදැක්ක ගානට පාර පැත්ත බලාගත්තේ පාරේ ගියපු වාහනේකට සම්පූර්ණ අවධානය යොමු කරලා සම්පූර්ණ හිනාවම නිදහස් කරන අතරේ....

'' ඉතින් ඇයි තමුසේ මෙහේ ? '' ආයේ මූණෙන් හිනාව අතුරුදහන් කරගෙන ගවීෂ්ගේ පැත්තට හැරුන මියුන් දෙපාරක් අහන්න හදලා නවත්තපු ප්‍රශ්නේ ඇහුවේ ගවීෂ් නළල රැලි කරද්දි.....

'' අහවල් රෙද්දට...!! '' ගවීෂ් කිව්වේ මියුන්ගේ අතත් එහාට ගසලා දාලා නහයෙනුත් පිඹින ගමන්.....

'' අහ් ...ඇහුන්නැ ? '' මියුන් මිමිණුවේ ඒ ගමන්ම වගේ ගවීෂ් බොරු කේන්තියට පුම්බගෙන ඉදපු කම්මුල උඩට තොල් බර කරන අතරේ.... කොච්චර ඉක්මනට පුම්බගෙන ඉදපු කම්මුල් පහළට බැස්ස ද කියනවා නම් , ගවීෂ් මියුන්ව එහාට තල්ලු කළේ ෂොක් එකටම කම්මුලට අත තියාගන්න අතරේ.... අර සේරම ළමයි ටිකගේ සුස් සද්දේ ඇහෙද්දි තමයි ගවීෂ්ටත් මූ කම්මුල කිස් කලේ කොතනදිද කියලා මීටර් වුනේ...හෙන වැඩක් කරපු කරපු මියුන් ආයේ එහාට වෙලා යන්තම් හිනා වුනේ , ඇස් දෙකත් උඩ තියාගෙන එයා දිහා බලපු ගවීෂ්ගේ මූණට....

'' යකො !! මාන්දම ද තොට!! '' ගවීෂ් කෑගැහුවේ මියුන්ගේ පපුවට පන්ච් එකක් දෙන ගමන්..... තාම සේරමලා වගේ බලාගෙන ඉන්නේ... ආාහ්හ් ෂිට් !!! ට්‍රයි කරපු කෙල්ලො කියක් ඉන්නවා ඇත්ද එතන ?? මියුන් මුකුත් නොවුන ගානට බයික් එකේ හැන්ඩ්ල් එකෙන් අල්ලන් හිටගෙන එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ට නොපෙනන විදියට ගවීෂ්ගේ මූණ එයාගේ උරහිස්වලින් කවර් කරගත්තේ කෙලින්ම පිටිපස්ස හැරිලා ළමයි ඉදපු පැත්ත බලන ගමන්.... මියුන් බලපු සැර බැල්මේ හැටියටම ගොඩක් අය ක්ෂණිකව අහක බලාගත්තේ කිසිම දෙයක් නොවුන ගානට.... අනිත් අතට උනුත් අරම බලන එකත් සාධාරණයි ඉතින්... යමහා R1 එකක්..... ඔළුව වැඩි ,මියුන් ආශක්‍යසිංහ... සේරටමත් වඩා හොදට නම ගිය සිනියර් අය්යා *ගවියා* ....

'' අපෝ මේ මට නං බෑ දැන් මෙතන ඉන්න අපි වෙන කොහේ හරි යමං... '' ගවීෂ් ලැජ්ජාවටම කිව්වේ හෙල්මට් එක මියුන්ට පාස් කරලා...පාර මැද්දේ අතවරත් කරලා මෙතන !!! මුකුත් කියන්නැතුව හෙල්මට් අල්ලගත්ත මියුන් මෙච්චර වෙලා අතේ තිබ්බ පොඩි වුන පේපර් එක ගවීෂ්ගේ බඩට තද කළේ ගවීෂ් නළලත් රැලි කරන් පේපර් එක අතට ගනිද්දි... බෝල අකුරුවලින් මියුන්ගේ නම ලියලා තිබ්බ පේපර් එක දිගඇරපු ගවීෂ් ඇස් දෙක උඩයැව්වේ හෙල්මට් එක දාගත්ත මියුන් දිහා බලන ගමන්... මොකක් ? හැත්ත අටයි ??? මෙයාට ???

'' අඩො අඩො....මට එන්නේ කෙලින්ම ඕවායින් බාග !! තමුසේ පට්ටනේ... '' ගවීෂ් ගානක් නෑ වගේ කිව්වේ මියුන්ගේ උරහිසට තට්ටුවක් දාන අතරේ...

'' තමුසේ දන්නවා අඩුයි කියලා... '' මියුන් සන්සුන්ව කිව්වේ ආයේම ගවීෂ්ගෙන් පේපර් එක උදුරලා අරන්....

'' අඩු මොකක්ද අනික කොච්චර ලෙඩ වෙලා ද උබ -- ''

'' නිදහසට හේතු නෙවේ තිමෞර්ය... අඩුයි කියන්නේ අඩුයි කියන එක .... '' එක අතකට මෙච්චර අඩු ලකුණක් ගැන එයාගේ කටහඩේ තියන විශ්වාසේ ගැන මියුන්ටම පුදුමයි....

'' ම්ම්... උබට අවුල් ද ? '' තත්පර ගානක නිශ්ශබ්දතාවෙකට පස්සේ ගවීෂ් ඇහුවේ මියුන් ඉස්සර එක ලකුණකටත් කොච්චර මිස් එක්ක ඇරගන්න යනව ද කියලා මතක් කරගෙන....අනික මේ පාර - .......

'' කමක් නෑ.... ඊතලයක් ඉලක්කෙට යන්න කලින් පස්සට යන්නම වෙනවනේ... නේහ් ? '' කොහේ හරි තිබිලා උස්සගත්ත පණ්ඩිත ලයින් එකක් ගවීෂ් අතඇරියේ මියුන්ගේ කොණ්ඩේත් අවුස්සන අතරේ...

'' අද නං නාලා වගේ තමුසේ..... '' ගවීෂ් කිව්වේ නිකන්ම ඇගිලි අතරේ සිනිදුවට ලිස්සලා යන මියුන්ගේ කොන්ඩේ තව අවුස්සන ගමන්... මහා කේශකළ්‍යාණියක් නෑ මුගේ... ඒත් ඒ තියන චුට්ට අවුස්සනකොට එයා ඇස් පියාගන්න විදිය බලන්නම තමයි ගවීෂ්නුත් ඕකට පුරුදු වෙලා ඉන්නේ දැන්.....

'' මට බයික් එක දියන්. ... ''

'' අනේ අනේ පුතො මේහ්... ඒ ඇතුලෙදි !!... මේ එළිය... නැගපන් කෙනෙක්ව මීට් වෙන්න තියේ...... '' ගවීෂ් කිව්වේ මියුන් මුකුත්ම නොකිය තාමත් බලාගෙන ඉදිද්දි... කණ්ණාඩි දෙකට යටින් කළු ඇස්වල බැල්ම තාම ස්ථිරයි.... ඒත් , -

'' ඇයි හවස ක්ලාස් ද ? ''

'' සීයා එනවා තිමෞර්ය.. ''

'' අප්පාහ්....ඒම ද ? එච්චර වෙලා යන්නැ... පැයක් ඇති මට පැයක්..... '' ගවීෂ් මුණත් නරක් කරගෙන කිව්වේ මියුන්ගේ අතිනුත් අතින් ගමන්....

'' තිමෞර්ය -- දවස් තුනකින් ....

'' අදාළ නෑ,. ''

'' ඉතින් තමුසේට වැඩ තියෙනවා බලන්න... ''

'' ඉතින් ඕක කෙළ වෙලා හැදි ගැවිලා යන තරමට තමයි හොද ... ''

'' ........ ''

'' හරි !! පැයකට එන්න ... එකම එක පැයක් වරෙන් මාත් එක්ක කොහේ හරි යන්න.... මං මේ උබෙන් අහනවානේ.... කෝ හා කියපන් '' ගවීෂ් කිව්වේ මියුන් ඒ සැරේ නම් ලොකු නිශ්ශබ්දතාවේකට පස්සේ යන්තම් ඔළුව වනද්දි.... එක අතකට අතින් අල්ලන් දමන් අදිනකොට බෑ කියන්න පුළුවන් ද ?

හෙනම අමාරුවෙන් මියුන්වත් පටවන් , බීච් සයිඩ් එකේ නිස්කලංක තැනක බයික් එක නවත්තපු ගවීෂ් බයික් එකෙන් බැස්සේ අත පය දිග ඇරලා..... ගිනි අව්ව තමයි... ඒත් මේ හරියට වැඩිය මිනිස්සු එන්නෙත් නෑ... හැබැයි නැතුවමත් නෙවේ...... ඒත් සාපේක්ෂව නිස්කලංකයි.....
ගවීෂ් එයාගේ රින්ග් වුන ෆෝන් එක ආන්ස කළේ මියුන්ට එතනම ඉන්න කියලා අතින් සන් කරන අතරේ....

'' ඕයි , ඩොගියා බ්‍රෝ.... ආ... උබ ඇවිල්ලද ඉන්නේ... නෑ නෑ බං එහා පැත්තේ ඉන්නේ... අඩො උබ එතන ද ? නැ නැ විනාඩි දෙකක විතර දුර.... අහ් ඒම ද .... ඕකේ මං එන්නම් එහෙනම්.... හරි හරි....විනාඩි දෙකක් දෙන්න... '' ගවීෂ් කලබලයෙන් කෝල් එක කට් කරලා සාක්කුවේ ඔබාගත්තේ මියුන් දිහාවට හැරිලා....

'' මේ... ඔහොම විනාඩි දෙකක් ඉදපන් ඇ.. තෝව ෂුවර් නෑ මට... '' කෝකටත් බයික් එකේ යතුර ගලවලා අතට ගන්න අතරේ ගවීෂ් කැගැහුවේ මියුන් ඔළුව වනන්නත් කලින්ම බීච් එක පැත්තට දුවන අතරේ....

මොනවා කරනව ද මන්දා මේ කෝලම.... කණ්ණාඩි දෙක ගලවලා සාක්කුවට ඔබාගෙන මියුන් බයික් එකට හේත්තු වුනේ එයාගේ ෆෝන් එක අතට අරගන්න අතරේ... ගිනි ගන්න අව්වේ බීච් එක හරි පාළුවට ගිහිල්ලා වුනත් , ඉදහිට පෙරළෙන රළවල අඩුවක් නෑ.... කැමර් එක ඕන් කරලා , හිතට හරියන ඇන්ගල් දෙක තුනකටම මිනිහා ෆොටෝස් ගහගත්තේ නිවී සැනසිල්ලේ..... තත්පරෙන් තත්පරේට වෙනස් වෙන මුහුදේ ෆොටෝස් නම් කොච්චරක් කියලා ද ? ඒත් ඒ හැම එකක්ම එකින් එකට වෙනස් ලස්සනයි...... ගවීෂ්ගේ බයික් එකයි , මුහුදයි කෙලින්ම අහුවෙන විදියේ ෆොටෝ එක දිහා බලපු මියුන් යන්තම් හිනා වුනේ ගැලරි එකේ ලොක් කරලා තියෙන ෆෝල්ඩ එකට ඒ පික්ච එකත් මාරු කරන අතරේ.....

තාම අර ගිය හාදයා පේන මානෙක නැති නිසාම , මිනිහා පාර පැනලා එහා පැත්තට මාරු වුනේ කොළ පාට ලොකු අකුරුවලින් ගහලා තිබ්බ ෆුඩ් සිටි එක දෑසට අහුවුන නිසා... එක දිගට පැය ගානක් ක්ලාස් එකේ ඉදලාම මුළු ෆුඩ් සිටියම කන්න පුළුවන් තරම් බඩගින්නක් මිනිහාට තිබ්බේ..... අතට අහුවුන හිතුන හිතුන හැම බඩුවම කාට් එකේ ඔබාගෙන මියුන් බිල් එකත් පේ කරලා එළියට ආවේ කිසිම කලබලයක් නැති ගානට... ඒ වුනාට !!!! --

ඔය ඉන්නේ වල්ගේ ගිනි ගත්ත මකර පැටියා බයික් එක ගාව.... හරි හරි ඇස ගැටුනා....ලාවට ලාවට දුමුත් පිට වෙනවා වගේ දැන් නම්....මියුන් පාර පනින්න කලින්ම ගවීෂ් එක්ක හිනා වුනේ ඒ පරක්කුටම ගවීෂ්ගේ අතේ තියාගෙන ඉදපු අමුතු පුළුන් බෝලේ දිහා බලලා ඇස් රැළි කරන අතරේ.... අත් දෙකට බබෙක් වඩාගෙන වගේ ගවීෂ්ගේ අත් දෙකේම දගලන බ්ලැන්කට් එකක ඔතපු ලා දුඹුරු පාට පුංචි ලොම් ගුලියක්... ඒ මදිවට හොදටම දගලන ලොම්ගුලිය අතේ දෙකේ තියාගන්නම ලොකු ගේමක් දිදී පාරෙන් එහා පැත්තේ ඉදපු මියුන්ට හැටට හැටේ ගිනි පිඹින ගවීෂ්.... මියුන් අඩියට දෙකට පාර පැන්නේ මකර පැටියට වඩා බලුපැටියා දැකලා කියලා කිව්වොත් , පව් සිද්ධ වෙන්නෑ හැබැයි මෙව්වට....

'' මොන ලෝකෙකද තමුසේ ගියේ..? '' මකර පැටියා ගිනි පිඹිනවා...

කලබලේ අත් දෙකේ බෑග් දෙකත් එහෙමම තියාගෙනම ගවීෂ්ගේ පපුවට ගුලි වෙලා ඉදපු ලා දුඹුරු පාට ලොම් ගුලිය දිහාවට මියුන් නොඉවසීමෙන්ම නළල පහත් කළේ දුඹුරු පාට හොම්බේ චූටි තෙත්මනය එයාගේ නළල කාවදිද්දි..... දග පැටියෙක්... මියුන් එහෙමම බඩු මලු දෙක බිමින් අත ඇරලා තාම හය්ය වෙලා නැති ස්පොන්ච් කොට්ට දෙකක් වගේ චූටි අත් දෙකෙන් පරිස්සමට අල්ලගත්තේ ස්පොන්ච් කොට්ට එයාගේ කම්මුල් දෙක දෙපැත්තට තියාගෙන පොඩි ළමයෙක් වගේ හිනාවෙන ගමන්.....

'' අනේහ්.. හුරතලේ එයාගේ..'' මියුන් කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන ඔළුව උස්සන අතරේ... පේනවා පේනවා , මකර පැටියා දැන් බලන් ඉන්නේ කටත් ඇරන් විත්තිය...

'' හැපො... තමුසේ මාව දැකලාවත් ඔච්චර එක්සයිට් වෙන්නෑනේ... '' ගවීෂ් අඩමානේට වගේ කිව්වේ බලු කුක්කාව ඉරිසියාවට වගේම ටිකක් එහාට අරන්.... මදැයි බව්වෙක් ගත්තා... !! දැන් මට පේන්නේ තමුන් මෙතන කොන් වෙන්නයි යන්නේ ගවීෂ්...--- ''

'' මෙයා නං තාම චූටිම චූටියි.. වයස කීය ද තිමෞර්ය ? මෙයාගේ ඇස් --... කොහෙන්ද මෙයා ? කාගේ ද ? '' මියුන් ඇහුවේ ගවීෂ්ගේ අතේ ඉදපු චූටි කොකර් ස්පැනිල් බලු පැටියාගේ හොම්බට ආයේ චූටි තට්ටුවක් දාන ගමන්....

'' කාගේද ඉතින් තමුසේගේ තමයි.... '' ගවීෂ් වූල් නට්ටාව පරිස්සමට මියුන්ගේ අතට මාරු කලේ කටත් ඇද කරගෙන.... වඩාගත්ත විදිය බලන්නෙපැයි......

'' මගේ ?? තමුසේ ඇත්තටම ද කියන්නේ ? '' මියුන් ඇහුවේ දුඹුරු පාට ලොම් ගුලිය පරිස්සමට පපුවට හේත්තු කරගෙන..
අනේහ් ඔයා මගේ ද පැටියො ...?... මොකො ඔයි ඇස් කරකවන්නේ...අහ්... '' මියුන් මිමිණුවේ බව් නට්ටාව වඩාගෙන අරහෙට මෙහෙට කුචි කවන ගමන්...අනිත් අතට මියුන් කොච්චර හිමින් මිමිණුවත් ගවීෂ්ගේ වේඝර්ණ කන්වලට නං හොදට ඇහෙනවා කියන ඒවා..... අපේ අප්පේ මේං බලන්නකො මල සමයං ඉතින්.... අම්මපා - ගවීස්... දැන් පිළිගන්න වෙනවා ... මුට බලුපැටියෙක් අරන් දෙන්න ගිහින් තමුසේ මේ කෙළවගත්ත විත්තිය....

'' තමුසේ කැමති ද ? '' ගවීෂ් අන්තිමට අවධානේ ගන්න දගලලා දගලලා වැඩේ අත්ඇරලා දාලා ඇහුවේ මියුන්ගේ මූණ පිරෙන්නම තියෙන හිනාව දිහා බලලා... මියුන් ඒ පරක්කුවට ඔළුව වැනුවේ ගවීෂ්ගේ දිහාවට අඩියක් ඉස්සහට තියන අතරේ...

'' ඉතින් එයාට නමකුත් තියන්න තිමෞර්ය...... '' මියුන් සන්සුන්ව කිව්වේ බව් නට්ටාව උස්සලා ගවීෂ්ගේ පැත්තට හරවන ගමන්....නමක් නේහ් මුට නේහ්.... අම්මපා දිව අග තියෙනවා පට්ට ලස්සන නම් සෙට් එකක්ම.... !!!! ඒත් දැන් ඕවා කියන්න ගියොත් මූ නෙවේ මංම තමයි අගතියට පත් වෙන්නේ... මොනවා උනත් හරි සෝයි කුක්කෙක්.... ගවීෂ් හිතුවේ එයාගේ අත උඩ දගල දගල ඉදලා දැන් මියුන්ගේ අත උඩ බබා වගේ ඉන්න චූටි කුක්කාගේ කන පිටිපස්ස හිමින් අත ගාන ගමන්....

'' චීස් පෆ් ඇර ඕන අටමගලයක් දාගනින්... මට මොකො නේහ් වූල් නට්ටො ? . '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ පපුවට චූටි අත් තද කරන් එයා දිහාවට විතරක් හෙන නෝන්ඩි බැල්මක් දාන් ඉන්න බලු කොව්වගෙන්..... මේ මේ අන්න ඒවාට නං එන්න එපා හරිද ? !!! බව්වා දිහා ඇස් හීනි කරලා බලපු ගවීෂ් උගේ දිග කනෙන් ඇද්දේ ඇටිකිච්චාට දිවත් අදින අතරේ...

'' ඉරිසියාව තමුසේගේ!!!!... '' මියුන් කිව්වේ බලු කුක්කාව කෝකටත් ගවීෂ්ගෙන් එහාට ගන්න ගමන්.....

'' පුහ්.. වැඩේමයි... අනික මේ නට්ටා ඇවිත් මං දීපු බර්ත්ඩේ ප්‍රසන්ට් එක.. ඒමයි කියලා මේ කුක්කා අනවස්ස වැඩ කලොත් -- ''

'' බර්ත්ඩේ ප්‍රසන්ට් එක ? '' මියුන් ඇහුවේ ගවීෂ් යන්තං හිනා වෙලා ලොකු හුස්මක් අරන් ඔළුව වනද්දි.... ගවීෂ්ගේ ඒ හිනාව , හරියට අවන් එකක දාපු පරණ පාන් කැල්ලක් වගේ ? වෙනදා තරම් අවිනිශ්චිත ගතියක් නැතත් , කාගෙන ඉන්න හුරුවුන ගවීෂ්ගේ ඇස්වල ඇදුන මලානික එළියත් මහ විකාර උපමා හිතට එද්දි මියුන් එයාගේ සම්පූර්ණ අවධානේ පපුව මැද්දට තුරුල්වුන චූටි කුක්කාට දුන්නේ දිග කන්පෙති උඩින් පරිස්සමට පිරිමදින අතරේ....

''එදාට ඔයාගෙන් විෂ් එකක් ගන්න බැරිද මට එතකොට ? '' අහන්න බලාපොරොත්තුවක් නොතිබුනත් කොහේ හරි කැකෑරුන ප්‍රශ්නයක් වෙනස්ම විදියකට මියුන්ගෙන් පිට පැන්නේ එතන තිබ්බ සන්සුන් නිශ්ශබ්දතාවේ බිදලා...

'' මට පුළුවන් උනොත් --

මට එවෙලේ ක්ෂණිකව හිතුනොත්.....

අනිත් හැමදේම අතඇරලා උබව තෝරගන්න ඕනෙයි කියන තැනටම මේ හැගීම් ආර්ත්මාර්ථකාමී වුනොත්....

ෆක් !! අඩුම තරමේ මට ඒ ගට් එක එදාටවත් ලැබුනොත් --

අඩුම. -- අඩුම තරමේ එදාටවත් මම මාව මගෙන්ම නිදහස් කරගත්තොත්....... ''

ගවීෂ් ලොකු හුස්මක් අරන් අඩියක් ඉස්සරහට තිබ්බේ මියුන් බලු පැටියව වඩාගෙන ඉදපු අතින්ම හිමින් අල්ලගෙන... ගවීෂ්ගේ අත වෙව්ලන විදිය මියුන්ට හොදටම දැනෙනවා....

'' මතක තියාගනින් මං කඩාගෙන එන්නේ තමුසේ ගාවට....''

'' තිමෞර්ය - '' එයාගේ කටහඩ වෙව්ලනවා දැනෙද්දි මියුන් ආයේම කියන්න කියපුවා ගිලගත්තේ ඉවසීමෙන්....

'' ෂ් ෂ්... අහ් හා !! මං දැනගත්තා තමුසේ අද අඩන බව !!! ෂික් !! බලහන් උබේ කටහඩ වෙව්ලනවා..'' ගවීෂ් එයාටම යන්තං හිනා වෙලා කිව්ව විදියට මියුන් , ඒ උරහිසට උඩින් මුහුද දිහා බැලුවේ කිසිම උත්තරයක් නොදී...

'' අඩන්න එපා යකො... ෂික්... පිස්සු ද ? මං දන්නවා තමුසේ අඩන්නෑ - මං අඩන්නෙත් නෑ... අපි කවුරුත් අඩන්නෑ... මල සමයං නේ ද ? හෑය්යා මේ බලන්න මේ කුක්කාත් හිනා වෙනවා!! කෝ හිනාවෙයන්....කෝ දත් නැති කට මට පෙන්නාලා - ගස් ගදයා හිනා වුනා... කෝ අප්පේ අර මං ආසම හිනාව ? '' ගවීෂ් හිනා වෙවීම කිව්වේ මියුන්ගේ කම්මුල් දෙකෙන් අල්ලලා මිරිකන ගමන්..... කොච්චර ආතල් එකේ හිනා වෙලා කිව්වත් එයා කියන වචනයක් වචනයක් ගානේ තව තවත් මියුන්ගේ ඇස්වල වතුර උනනවා වගේ මතුවෙන කදුළුවලට ගවීෂ්ගේත් හිනාව අතුරුදහන් වුනේ එක නිමේෂයක් ඇතුළත....

ඇත්ත , සමහර විට , පිටට පනින එක කදුළකට වඩා සැහෙන්නම දරුණු ඇති ඒ විදියට මතු වෙලා අතුරුදහන් වෙන කදුළු.... පිට පනින කදුළු කවුරුම හරි පිහිදාවි.. නැත්තන් හුළගට වේලේවි.... අඩුම තරමේ මුළු කොට්ටයක්ම උනත් තෙමාවි.... ඒත් , මේවා - ඇස් දෙක බොද වෙනකම් මතු වෙලා , දැවිල්ල අරගත්තට පස්සේ ඇස්වලම අතුරුදහන් වෙන කදුළු ? ඒවා කවදත් පිටාර ගැලුවේ හැගීම් අතරෙන් මිසක් ඇස් පිල්ලම් අතරේ නෙවේනේ !! ඉතින් ඒවාට කවුද වගකියන්නේ ?

'' හැබැයි තමුසේ එදාටත් ඕම ඇස්වල කදුළු පුරවගන්න හිතන් ඉන්නවා නම්, පැත්ත පළාතකවත් තමුසේව මගේ දෑහට නොපෙනුනාට කමක් නෑ මියුන්..... !! ''

.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/L

* ඔන්න එහෙනං A/L Exam වෙනකං දෙන්න වෙන්නේ බොහෝවිට මෙච්චරයි.... කලින් වගේ දෙගුණයක් දිගයි මේ චැප් එක......අනේ ඇත්තමයි එක්සැම් එකෙන් පස්සේ දෙන ටික ලස්සනට ලියන්න ට්‍රයි කරන්නම්...

( හිකිස් , අම්බර , ගරායකා , සයිවර් කඩේ Etc පොත්වල වගේ මේ කතාවේ Plot එක මේ ඕතර්ට අමතක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න ළමයි... මොකද මම යනු , වෙන කෙනෙක්ගෙන් ලින්ක් එකක් ඉල්ලන් පොතක් කියවලාත් ඉවර වෙලා,ඒක ලියලා තියෙන්නේත් මමම තමයි කියලා කියලා දැකලා සප්‍රයිස් වෙන ජාතියේ ජිවීයෙක්... දන්නෝ දනිති ඉතිම්... )

අහ් ! කරුණු දෙකේ වැඩේ අදට කැන්සල්.... මාස දෙකක් ඔය ළමයින්ව කුතුහලෙන් අවුස්සන්න මගේ හිත දෙන්නෑ අප්පාහ්...

ඒනං පෙම් කැකුලනි , අමල්බිසොවරුනි , කව්බෝයිවරුනි , මේපල් ළමයිනි , ගස් ගදයිනි , බෙළල් බට්ටනි, බූතයිනි , පොල් ටොෆි පෙරේතයිනි නුදුරේදිම මුණගැසෙමු..

Continue Reading

You'll Also Like

2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
27.5K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?