Unexpected wish

By _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

21

34 10 23
By _dead_soul_13

ඔම්මා නූනයි මමයි කිචන් එකට යනවා..

මොකටද ?

කේක් හදන්න...

කේක්...???

ඔව්....

මෙන්න මෙයාට කේක් එකක් හදන්න ඕනෙලු සේරි ඔම්මා....

කරන දෙයක් අප්පගෙන් අහලා කරන්න..එයාගෙනෙ ඔය කිචන් එක.ගෙදර එකනම් ඉතින් මගේ.

අරස්සෝ ඔම්මා නූනා යන්...

ඔම්මයි මමයි ජිමිනුයි ජීයුන් නුයි අපි හතර දෙනාම අප්පා ගේන එක එක ජාතියේ ස්වීට්ස් ජාති ඩ්‍රින්ක්ස් ජාති වල රස බල බල ඉදලා ටිකකින් ජිමින් මගේ අතිනුත් ඇදගෙන රෙස්ටුරන්ට් එකේ කිචන් එක පැත්තට මාවත් ඇදගෙන ගියේ ඔම්මට කේක් හදන්න යනවා කියලා.අපි යනකොටත් අප්පා කිචන් එක අස් කරන ගමන් හිටියේ.

අප්පා..

මොකද කොල්ලෝ...

අප්පා නූනයි මායි කේක් එකක් හදන්නම් කෝ....

මොකක් කේක්....මේ දැන්?..

ඔව් අප්පා....

ජිමින් එහෙම කියනකොට අප්පා මම දිහාත් බැලුවේ මට කේක් හදන්න පුලුවන් ද කියලා අහන්න  වගේ.මම මෝඩ හිනාවක් දාගෙන අප්පා එක්ක හිනා උනාම අප්පා අපි දෙන්න දිහාම මාරුවෙන් මාරුවට බලන්න ගත්තා.ඇත්තටම මටත් ඕනෙ උනේ ජිමින් එක්ක තනියම ඉන්න වෙලාවක්.

පිස්සුද කොල්ලො මං මේ දැන් අස් කරා විතරයි...

අපි ආයෙ අස් කරන්නම් අප්පා...

ඒත් දුව..

අනේ අප්පා ප්ලීස්...

හ්ම්...හරි එහෙනම්...හැබැයි ආයෙ අස් කරන්න ඕන...මං දන්නේ නැද්ද ඔයාලගේ කේක් හැදිල්ල...

කුමාවෝ අප්පා..

මම යනවා එහෙනම්

අරස්සෝ අප්පා..

අප්පා ගියාට පස්සේ අපි දෙන්න පටන් ගත්තේ කේක් හදන්න.ජිමින් කේක් හදන්න ඕනෙ කරන බඩු සේරම ගෙනත් කිචන් එකේ පෑන්ට්‍රි එක උඩින් තිබ්බම මමත් ඒක උඩින් වාඩි උනේ ජිමින් කරන දේවල් දිහා බලාගෙන.එයා ගොඩක් හැන්සම් ඇත්තටම.කියා ගන්න බැරි තරම් ජිමින් ලස්සනයි.කියුට් ඒ වගේම සෙක්සි.මම එක දිගටම ජිමින් දිහාම බලාගෙන හිටියේ මට එයාගෙන් ඇස් අහකට ගන්න අමාරු උන නිසා.ඒත් එකපාරටම ජිමින් මං ලගට ඇවිත් මගේ කකුල් දෙක අතරින් හිට ගත්තම මට ලොකු අපහසුවක් දැනුනේ එයා මං ගාවට ලං උන විදියට.

ච්..චිම්....

මොනවද ඔච්චර බලන් හිටියේ නූනා...ම්ම්...

මුකුත් නෑ....හරි හරි දැන් හදමුකෝ...

මම එහෙම කියලා ටක්ගාලා එතනින් බැස්සේ තව ටික වෙලාවක් හිටියනම් ජිමින් මෙතන වෙන වෙන දේවල් කරන්න ගන්න නිසා.මොක්ද මම දැනගෙන හිටියා.වචනෙන් නොකිව්වත් ජිමින්ගේ ආදරේ.එයා මට ආදරේ බව මම දැනගෙන හිටියා.ඒක නොදැනෙන්න මම බබෙක් නෙවෙයි නේ.එයා මට කතා කරන විදිය මට ලං වෙන විදිය මාව බලාගන්න විදියෙන් මට ජිමින්ව හුගක් දැනුනා.මුලදි මම ජිමින්ගේ  ඒ හැසිරීම ගනන් නොගත්තත් මට පස්සෙදි ඒ හැමදේම දැනෙන්න ගත්තා.එයා හැමදාම රෑට මාව හොයාගෙන මං ලගට එනකොට මම දැනග්ත්තා එයා මට ආදරේ බව.මමත් ඒ හැගීමට ඒ හැසිරීමට ආදරේ කරේ ඇයි කියන්න මමවත් දැනගෙන හිටියේ නෑ.කොටින්ම මම කරන්නේ වැරැද්දක් ද කියලවත් මම දැනගෙන හිටියේ නෑ.මට මේ කිසිදෙයක් තේරුනේ නෑ.ඒත් මේ වෙලාවේ මට වටිනම දේ උනේ ජිමින් එක්ක පුලුවන් තරම් කාලය ගතකරන එක විතරයි.මොකද අහම්බයක් උනත් උන දේ සිද්ද වෙලා ඉවරයි.

නූනා...නූනා....

ආහ්.....

මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නේ....

ආහ් මමද....මේ...මේ...අපි කේක් එකට මොන පාටද ඇඩ් කරන්නේ කියලා....

ම්ම්...නිල් පාට....හොදයිද...

නිල්?.....ආහ් ඒක ඔයාගේ ආසම පාට තමයි ඒත් මේ කේක් එකට ඒක හරියන්නේ නෑ වගේ නැද්ද.... අපි ටිකක් ලස්සන පාටක් දාමු....

ම්ම්ම්...හා එහෙනම්...නූනම කියන්නකෝ....

ම්ම්...දම් පාට හොදයි....ගොඩක් තද වෙන්නේ නැතුව අපි ටිකක් ලයිට් දම් පාටක් ගමු....

දම් පාට... ඒක හොදයි...

දම් පාට නූනගේ ආසම පාටද?

ඔව්...

ඇයි?...

ම්ම්....දම් පාට කියන්නේ ආදරය විශ්වාසය පිරිච්ච පාටක්...

ඇහ්?...කවුද කිව්වේ...

ආහ් කිව්වෙද...මේ යාලුවෙක්....

යාලුවෙක්..?

ඔව් ඔව්...

එයා කොල්ලෙක්ද ? මට වඩා ලස්සනද?...

ම්ම්ම්..ඔව් කොල්ලෙක්..ඔයාට වඩා ලස්සනයි ඒත් ඔයා තරම් කියුට් නෑ..ලස්සන පෙට්ටි හිනාවක් තියෙනවා...

එහෙමද..මං දැන් නේ දන්නේ ඔයාට එහෙම යාලුවොත් ඉන්නවා කියලා....

එයා ඉක්මනින්ම ඔයාගේ යාලුවෙකුත් වෙයි චිම්...

ඇහ්...මගේ... කොහොමද ?

අපෝ හරි හරි ඔහොම ප්‍රශ්න ඇහුවොත් අපිට කේක් හදන්න වෙන්නේ නෑ හදමු හදමු...

පාටක් ගෙනාව දුර කියලා කල්පනා කරගෙනම මම අනික් පැත්ත හැරුනේ තව ටිකකින් මට මෙයාට එයාගේ මුලු අනාගතේම කියන්න වෙනවා කියලා දන්න නිසා කොහොම උනත් හදමු කියලා කිව්වට මම පලවෙනි ස්ටෙප් එකවත් දන්නෙ නෑනේද කියලා මතක් වෙද්දි මටම ලැජ්ජ හිතුනා.මං ඒක උඩ පැනගෙන හිනා වෙලා කිව්වම ජිමින් මගේ කොන්ඩෙත් අවුස්සලා හිනා වෙලා පිටි පැකට් එක අරගෙන වැඩ කරන්න පටන් ගත්තා.මම කරේ එයා කියන කියන එක කරන එක විතරයි.

එයා පිටි ටික අරගෙන ඒකෙන් ටිකක් පෙනේරෙට අරන් හලාගත්තේ ඒක පෙනේරෙන් හලාගන්න.ඒ එක්කම ජිමින් එයා ඇදගෙන හිටපු ශර්ට් එකේ අත් දෙක උස්ස ගත්තේ එයාගේ වැඩේට පහසු වෙන්න.ඒත් ඒකෙන් ජිමින්ගේ අත් වල නහර ඉලිප්පිලා පෙනුන නිසා එයා ගොඩක් හොට් ලුක් එක්ක ආව.මට එයා දිහා නොබලම ඉන්න බැරි උනේ මේ වෙලාවෙදි එයා කෑම හද්දිත් ගොඩක් ලස්සනයි.හොට් නිසා.එයා පිටි ටික හලලා ඒකේ ඉතුරු උන ටික මේසේ උඩින් තියලා ඇපල් අරගෙන ඒවා ටික කපන්න ගත්තේ ඒක කේක් එකට පස්සේ ඕනෙ උන නිසා.ඒ ටික කපලා ඉවර උනාට පස්සේ ජිමින් ඒ ටික ෆ්‍රිජ් එකට දාලා ආයෙම ඇවිත් මං එක්ක හිනා වෙලා එයාගේ වැඩ පටන් ගත්තම මමත් එයා එක්ක හිනා උනා.ඇත්තටම මට ජිමින් වැඩ කියන්නෙත් නෑ මම ඔහේ බලාගෙන ඉන්නවා විතරයි.

ජිමින් පහත් වෙලා කිචන් එකේ කබඩ් එකෙන් ඔයිල් බොට්ල් එක ගන්නකොට මම පිටි හලලා ඉතුරු  උන බාජනේ වෙන තැනකින් තියන්න හැදුවේ එයාට එතන වැඩ කරන්න පහසු වෙන්න උනත් මම ඒක වෙන තැනකින් තියන්න හදද්දි බිම නැවිලා හිටපු ජිමින් එකපාරටම ඉස්සෙන කොට පෙනේරේ ජිමින්ගේ ඔලුවේ වැදිලා එකපාරටම ඒකේ තිබ්බ පිටි ටික එයාගේ ඔලුවේ ඉදන් හැලිලා ගියා.ජිම්න් එහෙමම නැගිටලා මං දිහා බොරු තරහක් මවාගෙන බැලුවා උනත් එයාගේ කියුට් ලුක් එක තාමත් ඒ විදියටම තිබ්බා.

ඕමෝ...සොරි චිම්....

සොරි තමයි..අප්පා දන්නවනම් අපි දෙන්නම සුනේ සුන්...

හරි ඉතින් අපි අස් කරනවනේ....

ආයෙමත් ජිමින් අනේ මන්දා ලුක් එකක් මට දැම්මේ දිගටම එයාගේ වැඩේ කරගෙන යන ගමන් ඒ එක්කම ආයෙත් ජිමින්  බිමට නැමිලා මොනවද බෝතල් වගයක් හොයන්න ගත්තම මගේ හිතට ආපු කුරිරු අදහසක් එක්ක මම කේක් එකට දාන්න ගෙනාපු දම් පාට කලරින් කුඩු ටිකක් අරහෙන ඒක උඩට විසි වෙන්න හැලුවා.ජිමින් ගේ කලු පාට කොන්ඩේ දම් පාටින් නාලා තියෙන කොට මටත් මගේ හිනාව පාලනේ කරගන්න බැරි උන නිසා මම හයියෙන් හිනා වෙන්න ගත්ත.ඒත් එකපාරටම ජිමිනුත් ඒ දම් පාට කලින් ටිකක් අරගෙන ඒවා මගේ මූනේ අතුල්ලන්න ගත්තේ එයත් හිනා වීගෙනමයි.

අයිශ්....චිම්....

අම්මෝ නූනා දම් පාටයි..හරිම ලස්සනයි...ෆොටෝ එකක් ගන්න හිතෙනවා....

යාහ්.....

ඔයා තමයි පටන් ගත්තේ...

මං ඔරවලා අහක බලාගත්තම ජිමින් ආයෙමත් එයාගේ වැඩ පටන් අරගෙන කේක් එක හදන්න ගත්තා.ඒ විදියට ජිමිනුයි මමයි රන්ඩු කර කර විහිලු කර කර පිටි නාගෙන අයිසින් මූනේ ඉදන් හැමතැනම නාගෙන කොහොමහරි ලස්සන කේක් එකක් අපි දෙන්නට හදන්න පුලුවන් උනා.අන්තිමට කේක් හදලා ඉවර වෙද්දි අපි දෙන්නම හිටියේ දම් පාටින් නෑවිලා.කේක් එකේ අයිසින් ඩෙකරේශන් එකත් ජිම්න්ම ලස්සනට කරේ මම කියපු විදියටමයි.
අපි දෙන්න කේක් හදලා ඉවර වෙනකන්ම ඔම්මවත් අප්පවත් කිචන් එක පැත්තෙවත් ආවේ නැති එක අපි දෙන්නට සහනයක් උනා.කොහොමහරි කේක් එක හදලා ඉවර වෙලා අපි දෙන්නා ඒක බේක් වෙනකන් කිචන් එක ආයේ තිබ්බ විදියටම අස් කරේ අප්පගෙන් බැනුම් අහන්න බැරි නිසා.බේක් උනාට පස්සේ කේක් එකත් අරගෙන උනු උනුවෙම අපි ඔම්මයි අප්පයි ජීයුන්ටයි දුන්නම එයාලා පුදුම උනා.

කොල්ලෝ කේක් හැදුවද පිටි නෑවද.... මට හිතා ගන්න පුලුවන් කිචන් එක නම් මොනවා නැතත් ලස්සනට ඇති..

අනී අප්පා අපි දෙන්නා අස් කරලමයි ආවේ...

ආහ් එහෙනම් කමක් නෑ...

මොනවා උනත් කේක් එකනම් හරිම රසයි නේද චගී..

ඔව් ඒක තමයි මාත් කියන්න ගියේ....

චිම් තමයි ඔක්කොම හැදුවේ අප්පා...

අනී අප්පා නූනත් හැදුවා...

හ්ම්ම්...කොහොමහරි මේක ඇත්තටම රසයි..ඊලග සතියෙත් මට කේක් හදලා දෙන්නකෝ එහෙනම් හොද ආදායමක් ඒවි මටත්...

අයියෝ ඕක මොකක්ද අප්පා නූනයි මමයි හදන්නම්...

ජිමින් එහෙම කිව්වම මම ඒකට මුකුත් නොකිය හිටියේ එයාලා නොදන්නවා උනත් මම මෙතන දන්න දෙයක් තියෙන නිසා.ඔව් ඒ මට යන්න වෙනවා කියලා මං දන්න නිසා.

ඒ විදියට මුලු දවසක්ම ගත්වෙලා ගියේ මටත්. නොදැනිමයි.ජිමිනගේ ෆැමිලි එකත් එක්ක ගෙවපු ඒ කාලට මට මගේ මුලු ජීවිතේටවත් අමතක නොවෙන දෙයක් වෙයි කියලා මම දැනගෙන හිටියා.අපි ඔක්කොමලා රෑ වෙනක්න්ම රෙස්ටුරන්ට් එකේ ඉදලා ආයෙම ගෙදර ගියේ හැමෝටම ගොඩක් මහන්සි නිසා.ඒ ඒක්කම මට දෙයක් මතක් උනත් එක්කම මගේ හාර්ට් එක හයියෙන් ගැහෙන්න ගත්තේ මටත් නොදැනිමයි.

__________________________________
A/N
බුදු අම්මෝ ලමයි කේක් හදන එක ටය්ප් කරලම මට මහන්සි.ඔයාලගේ ඩියර් ඕත්‍ර් ටත් මෙහෙම හිටියට තේ එකක්වත් හදාගන්න බෑ.හී හී.ඉතින් කේක් හදන එක මට යූ ටියුබ් එකේ ජිමින් කේක් හදන වීඩියෝ එක බලාගෙනමයි ලිව්වේ.

අද එකත් දිගයි.ටයිපින්ග් මිස්ටේක් වලට සොරි.

ඔයාලත් බලලා නැත්තම් බලන්න ජිමින් BTS World එකේ කේක් හදන වීඩියෝ එක YouTube තියෙනවා.අනිවාරෙන් බලන්න.

Continue Reading

You'll Also Like

12.4M 349K 64
"A hidden connection is stronger than an obvious one." ©𝐉𝐈𝐊𝐎𝐎𝐊𝐈𝐄𝟏𝟕 No translations allowed. |*Contains some mature and triggering content*|...
4.6K 1.2K 32
Champagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply in...
40.5K 7.2K 21
IN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyung 😏 ඔව් මේ මම😌 කොරියාවෙ ඉන්න දක්ශම අප...
154K 9.2K 19
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။