- Plot 23 -

By Bulbz_D

854K 113K 38.3K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 59 -

6.2K 793 140
By Bulbz_D

මහ රෑ වේඝර්ණ මැන්ෂන් එකේ වහලෙන් ආරක්ෂිතව ආයේමත් කාමරේටම ගොඩ බැහැපු ගවීෂ් දෙවෙනි පාරටත් දොර ලොක් කරලා නේද කියලා තහවුරු කරගත්තේ ලියුම් පෙට්ටියත් අරන් ඇද උඩට පනින අතරේ.... කාමරේ ලයිට්ස් ඕෆ් කරගෙන , සුදු මාමාගේ මූන් ලැම්ප් එක ඇද උඩින් තියාගත්ත මිනිහා නළලට වැටෙන තරමට දික් වෙලා තිබ්බ කොන්ඩේ ඉස්සරහින් චුට්ටක් අල්ලලා උඩට කරලා පොල්ගහකුත් බැදගත්තේ ටයිඩ්‍රැක්ස් එකේ වාර්තා ලියපු පොතත් පැත්තකින් තියාගෙනම.... ඇවිත් වොෂ් දාගෙන කාලා බීලා උඩට ආපු ගමන් කරන්න තිබුන පළවෙනිම වැඩේ ඔව් !! අයෝද්ම ඍෂි කියපු වචනවලින් පස්සේ මේ ටික කියවලා ඉවර කරනකම් ගවීෂ්ට සැනසීමක් නැති තරම්.....

එයාගේ ආසම ෆ්ලේවර් එකෙන් ස්පාක්ලින් කෑන් එකත් කඩලා ඇද උඩින් තියාගත්ත ගවීෂ් නවත්තපු තැන හොයාගත්තේ ලියුම් එකින් එක කලවම් නොවෙන්න පරිස්සමට පැත්තකින් තියන අතරේ.... එක අතකට භාතිය ආශක්‍යසිංහගේ අකුරු කටුවැල් බටු වගේ උනාට මියුන් ආශක්‍යසිංහගේ අකුරු දැකලම නැති විත්තිය මිනිහාට මීටර් වෙන්නේ දැන් !..හිහ්..කොහෙන් ගියත් ඒ යකානේ.... ගවීෂ් එයාටම හිනා වෙලා ඊළග ලියුම් ටික අතට ගත්තේ පරිස්සමින්....

.
.
.
.
.
.

මගේ මෝඩ ගැනූ ළමයො ,

ඔයාගෙන් ලියමනක් එනකම් මම මග බලාගෙන ඉදියේ.... මගේ හිතේ තියෙන වරදකාරී හැගීම නිසා මම ඔයාට ලියන එකෙන් හිතලාම නැවතුනා කිව්වොත් ඔයා මාත් එක්ක තරහා වෙනව ද මගේ ඇපල් මල ? ඇත්තටම නැහැ මං හිතුවේ නැ ඔයා මාත් එක්ක අමනාපෙන් කියලා... ඒත් , ඔයා එහෙම අමනාපෙන් නම් ,මේ පාර නම් ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා මගේ කෙල්ලේ ඒම වෙන්න... මගේ නිශාට, හරි ක්‍රිෂාර්යාට හරි ඔය වගේ දෙයක් උනොතින් මං නම් ඔයා තරම්වත් ඉවසන එකක් නෑ කෙල්ලේ.... මේක තනිකරම ආශක්‍යසිංහලාගේ වැරැද්ද .... නෑ මං කීයටවත් මේවිභූගේ ඇගේ සුදු හුණු ගාන්නේ නැහැ ...

ඉතින් , සුදූට කොහොම ද දැන් ? ඔයා තාමත් එයාට බෙහෙත් පොවාගන්නේ සූකිරි දීලා ද ? නළලේ තිබ්බ තුවාලේට මොක ද ? ඔව් සමහර ඔයාට ආරංචි ඇති ,  ගිය සුමානේ මං සුදූව බලන්න ඉස්පිරිතාලේට ගිය විත්තිය... මෙහේ අය මොනවා කිව්වත් මගේ අතින් ඒකවත් කෙරෙන්න ඕන නැද්ද සිනල්යා ? මේ පවුල් කෝන්තරවලට ඒ පොඩි දරුවා පළිද ? ඔයා ඉදියා නම් ඔයාත් මේකම කරාවි මං දන්නවා.. අනික ඔයා හිතනවා වගේ , ඔයාගේ අහිංසක මල්ලිට වඩා වැරැද්ද කරපු මගේ ඥාති නංගිව මට ලොකු නෑ දරුවො... ! අහ් , මගේ මතකේ හරි නම් මේ පවුල් අවුල් කියන්නේ අපි මේම රණ්ඩු කරන්න ඕන මාතෘකාවක් නෙවෙි කියලා අපි දෙන්නා තීරණය කරලා ගොඩක් කල් නෙවේ ද මගේ කෙල්ලේ ?

එක සැරේටම පහු ගිය දවස්වල පුදුම පැටලිලි සහගත ගතියක් ඔළුවේ තියෙනවා වගේ නැද්ද ? මට එහෙමයි !! ( ඇත්තටම මං දන්නවා ඔයාටත් එහෙම විත්තිය....) ඉතින් අප්පච්චිගේ ඔත්තු සේවය කියන විදිය හරි නම් , මේ දවස්වල ඔයාගේ පියරජෝත්තමයාණන් වහන්සේ ඔය මාළිගාවේ නැ ? එහෙම නේද ? හිතෙන් නැද්ද එළියට පැනලා පුංචි පහේ නීතියක් එහෙම කඩන්න ? ( මං හිතන්නේ මං ඔයාව වරදට පොළඹනවා තමයි , ඔව්...) යන්න ආස තැනක් තියේ නම් , ඒ ගැන මට ඊළග ලියමනේ දන්වලා එවන්න මතක ඇතුවම...

අපි ඉතින් ආයේ ළගදිම මුණ ගැහෙනව ද ? ( මං හරි නම් මේ එන සදුදා, බන්ෂ් එකේ විශේෂ උත්සවයෙදි අපි මුණගැහෙනවා ? ඉතින් ඔයත් එනව නේද ? කැමති නම් ඔයා අදින්න හිතන් ඉන්න ලස්සන සම්ප්‍රදායික ඇදුමේ පාට හරි මට කල් ඇතුව කියනව ද ? මොකද සමහර විට මට පුළුවන් වෙයි , ඒ පාටින් මලක් ඔයාට ගේන්න... හිතන්න , ඔයාගේ කොණ්ඩේට ඒක ලස්සනට ගැළපෙයි මගේ ළමයො....)

ඉක්මනින්ම මුණගැහෙනකම් මග බලාගෙන ඉන්න , නිල් ඇස් බූතයා..

ප.ලි - ඔයාගේ වූල් නළු බට්ටා දැන් මට හොදට සලකනවා ඇත්තමයි !..

.
.
.
.
.
.
.
.
.
.
.

මගේ ලස්සන ඇපල්මල ,

දෙය්යනේ මං දන්නැහැ ඔය හිතුවක්කාරකම කවදා අඩුවෙයි ද කියලා... ! ඒත් මොකක්දෝ හේතුවකට ඔයාට ඒ හිතුවක්කාර ගතිත් හරි ලස්සනට ගැළපෙනවානේ... හොදයි, එහෙනම් ඔයා කියන්නේ මං ඔය මාළිගාවෙන් ඔයාව පැහැර ගත්තොත් මිසක ඔයා මාත් එක්ක එළියට යන්න එන්නැති විත්තිය ද ? හැබැයි මං පහුබහින්නේ නම් නෑ මගේ රපුන්සල් කෝලම !! සුදු අශ්වයා වෙනුවට මට එන්න වෙන්නේ නම් මේ රෝද දෙකේ දඩුමොනරෙන් තමයි...

ඉතින් , ඔයා හිතන විදිය දන්න නිසාම නීරස කුෂන් පුටුවකට වෙලා *පුංචි සුරංගනාවි* බලන්න ටිකට් ගන්නවා වෙනුවට මං ඔයා වෙනුවෙන් තේරුවේ *අස්පර්ශනීය සංස්කෘතිම උරුම* වැඩසටහනක්.... ( මං හිතනවා මගේ තීරණය හරි කියලා ? ) මොකද මට මට මතක හැටියට මගේ කෙල්ල කාලෙකට උඩදී මෙතනින් එළියේ සංස්කෘතිය ගැන අර කච බච වචනවලින් මහ ගොඩක් දේවල් කිව්වා මාත් එක්කලා... ඉතින් , මං නම් සැහෙන ආසාවෙන් ඉන්නේ පන්දම් විලක්කු එළියෙන් , බෙර පදවල රිද්මය අස්සේම ඔයත් එක්ක තොවිලයක් බලන්න ..!! යක්කු නටන තොවිලයක් ඔව්... නොවැරදීම ඔයා කිව්ව සම්ප්‍රදායන් තුනේම නැටුම් එතන තියේවි...!!  ( හැබැයි ඉතින් ඔයත් මනාප නම් *පුංචි සුරංගනාවි* බලන්නත් දවසක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ මට...) එහෙනම් , හෙට රෑට අපි බන්ෂ් එකේදි මුණගැහුනකොට මට එ් ගැන කියන්න මතක ඇතුවම... ( මට නම් ඔයාව දැක්කම හැමදේම අමතක වෙන බව කියන්න ඕන නැහැනේ.. ) 

ඉතින් මගේ ඇපල්මල , මං මේම ඇහුවට කමක් නැද්ද ? පහුගිය ටිකේම ඔයාගේ හිනාවේ කවදාවත්ම දැකපු නැති හිස්තැනක් මට පේන්න අරන්... ඊයේ ඔයාව අහම්බෙන් දැකපු වෙලාවේ මට ඒක තවත් තදට හිතුනා කෙල්ලේ...ඔයා මට ලියලා එවලා සමහර වචනවලින් ඔයා වෙනදා තරම් සැහැල්ලු නැති විත්තිය මට ආයේ ආයේම හිතෙනවා... මිටියාවතේ ඉර එළියට නිදහසේ පූදින කැලෑ මල් පොහොට්ටු ගැන ලියලා එවපු මගේ කෙල්ල එක සැරේම වාගේ යකඩ කූරු අතරේ හිරකරපු කුරුලු පැටව්න්ගේ කදුළු ගැන කවි ලියලා එවනකොට මට මේම හිතෙන එක අසාධාරණ නැහැ නේ ද ? මගේ  පුංචි දැරිවිට ඒ ගැන මට තවත් හංගන්න පුළුවන් කියලා හිතෙනව ද ? ( මං කියන්නේ ප්‍රශ්නයක් ආවාම වැඩිහිටියෙක්ගෙන් උපදෙස් ගන්න එක නේද හරි විදිය ?? අනික ඔයාගේ නාකි ආදරේ ඉන්නේ ඔයාව බලාගන්න තමයි මගේ මෝඩ ගැනූ ළමයො.....)

ඉතින් , හෙට ඔයා වෙනුවෙන් මමයි , හෙට ඉර බහින්න කිට්ටුව ගගට සමුදෙන්න ඉන්න නිලුපුල් මලකුයි බලන් ඉන්න විත්තිය අමතක කරන්න එපා... !

හෙට ඉර මුවාවෙන ඇසිල්ලට , ගගෙන් මලක් හොරකම් කරන්න බලාගෙන ඉන්න බූතයා...

ප.ලි -  ඇත්තමයි , හෙට මම වේඝර්ණලාව අදුරන්නේ නැ වගේ රගපාන්න ඕන නේ ද ? ඇත්තමයි ඔයාගේ විස්තර කටපාඩම් නිසාම මට ඒම පුළුවන් වෙයිදත් සැකයි... ඔයාටත් එහෙමයි නේ ද ?

ඊටත් පසුව ලියමි - ආහ් ! තව දෙයක්.... හෙට අර ඉසිවර පැණි මුට්ටිය ඔයාගේ එහා පැත්තෙන් හිටගත්තොතින් නම් සේරටම කලින් ඔයාලාගේ ජගුවර් ආත්මය මට වැහෙයි !!  ඔයා හිනා වෙන්න ඒම යන්න එපා හරි ද ? රවාගෙනම ඉන්න !!! අපොයි දෙවියනි ඒත් එපා , මොකද මගේ ඇපල්මල ලස්සනම රැව්වම නෙව !!

.
.
.
.
.
.
.
.
.
.

රතු ඇස් උත්තමාවියනි,

මේ ලියමන ලියන්නේ , බන්ෂ් එකේ නම් දන්නැති මල් අතරේම දැකපු නිල් කට්රොල් මලක් නිසා උමතු වුන නාකි බූතයෙක් !

මං කියන්නේ , ඔය හිතුවක්කාරිට ලොකු රතු පාට ඇස් තියෙනවා තමයි... ඒත් කවුද අවසර දුන්නේ ඒවායින් මේම මාව පිස්සු වට්ටන්න ? ම්ම් ?  හරි දෙවියනේ මගේ කෙල්ලට , ඉග ගාවට දග කරන ලස්සන කොණ්ඩයක් තියෙනවා තමයි... ඒත් දෙවියනේ ඒ මුහුලස ඔහේ නිදහස් කරලා දානකොට බ්‍රින්ධව් කන්දේ දියඇල්ලට උනත් ඉරිසියා හිතෙන විත්තිය ඔයාට හිතන්න තිබුනනේ දැරිවි... නිල් පාටට ඔයාගේ ලස්සන දැක්කම , ඉර බහිනවත් එක්කම ගගට සමුදීලා මාත් එක්ක ආපු නිලුපුල් මල කොච්චරක් නම් අසරණ වෙන්නැති ද ? අපොයි !! මම මොනව කියවනව ද කියලාවත් මට තේරෙන් නැහැ මේ ඇත්තමයි සිනල්යා ~

ඉතින් , දැන් මීදුම අතරේ පවා ඔයාව දකින හැම වතාවකම හරි ලස්සන දිගම දිග හීනෙකින් හිත පිරෙනවා මගේ ඇපල් මල.... ඔයාව මට මුණ ගැහෙනකොට ඔයාට දහනවයයි යන්තමින්..  ඒ පොහොට්ටුව මෙච්චර ලස්සන මලක් වෙලා පිපෙනකොට මේ නාකි බඹරාගේ හිතට උනත් හරි ලෝබයිනේ මගේ මෝඩ ගෑනු ළමයො... මේ අවුරුදු හතර පහට මෙච්චර වෙනසක් ? ඒ කාලේ මගේ එකම ආසාව ඔයාගේ රැවිල්ලට යන්තම් පිච්චෙන්න විතරයි.... මොකද හරි ලෝබයි ඒ පොහොට්ටුවට මං ඒ කාලේ... අනේ ඉතින් එච්චර පෙරුම් පුරපු ඇපල් මලක් වසන්ත කාලේ ආවාම පිපෙනවා බලන්න කොයි කවුද ලෝබ නැත්තේ කියලා ඔයාම කියන්නකෝ දැරිවි.... ?

දෙය්යනේ මං කොච්චර වාසනාවන්ත ද කිය කිය මටම නහයෙන් අඩන්න වෙයි කියලා කවුද හිතුවේ ? ඒත් , ඔයාගේ ආදරේ මට එහෙම කලානේ මගේ ළමයො ? ඒම වෙලා ඉවරයි මගේ ඇපල් මල.... ඊයේ උත්සවේ මැද්දේ පිපුන නිලුපුල් මල , අනේ එයා ඇත්තටම මගේ කියලා මතක් වෙන සැරයක් ගානේ අවුරුදු පහළවක පොඩි කොල්ලෙක් ගානටම මං මාත් එක්කම නහයෙන් ඇඩුවේ පපුව පිරෙන ආඩම්බරේ දරාගන්න බැරුව මගේ මෝඩ ගෑනු ළමයො.... දෙවියනේ ඔයා දන්නේ නැහැ , !!!!! විශ්වාස කරන්න කෙල්ලේ , මේ වෙලාවේ රේඩියොවෙන් ඇහෙන සිංදුවත් මට ඔච්චම් කරන ගානයි.... අහ් , මම ඒ පේළි ටික ඔයා වෙනුවෙන් ලියලා තියන්නම්.....

නිලුපුලේ , නිල දෙන්න මට....
මම කඩුපුලක් පුබුදුවමි දවාලක...
දොළේ දොළදුක කෙළවර කළ හැක...
කදුල මිදුලේ වළලන දවසක....
සෙනෙහසේ රස මවාගන්න මට...
උරහිසේ හිස තියාගන්න ඔබ....

මේ ඇත්තමයි ... ඔයා ඇදන් ඉදපු නිල් පාට හිතාගන්න බැරි ඉක්මනට මගේ ඇස්වලට උරාගන්නැති...!! මේ ඇත්තමයි සිනල්යා , ඔයාව කඩුපුල් මලක් කරලා දවාලක පූදවන්න ආසයි මට ඉක්මනින්ම , ඔව් මේ සිංදුවේ පද මාව ඒ හීනේට ඇදගෙන යනවා.....ඉතින් මගේ ඇපල්මල , ඉක්මනට පිපෙනව ද දවාලක මගේ කඩුපුල් මල වෙලා ?

එහෙනම් , හෙට මං ඔයාව පැහැරගෙන යන්න හවස් වරුවේ එනවා , මගේ දඩුමොනරෙන්... !!

මෙයට,
මේ උන වින්නැහියට , හෙට රෑ තොවිලෙන් සෙත් පතාගන්න හිතන් ඉන්න *සිනල්යා දිෂ්ඨිය* වැදුන බූතයා...

ප.ලි - දන්නව ද , මට සැහැල්ලුම ඊයේ මං ඔයාගේ සම්පූර්ණ හිනාවම මං ආයේත් දැකපු එක...!! මං දන්නෑ මං හරි වාසනාවන්තයි මගේ ළමයො...

.
.
.
.
.

මගේ ඇපල්මල ,

ඉතින් ලියමනක් ලියන්න බැරි තරමටම වාගේ, හරිම මහන්සියි අද නම්.... හෙට මුණගැහුනම කියන්න දේවල් ගොඩයි.... (ඕව් ආරංචිත් ඇති ආයේ මෙහේ අයට කසාද භීෂණේ ඔළුවට ගහලා...) අහ් !! ඉතින් මගේ ළමයො , හෙටට යාදම් උත්සවේට අවුරුදු පහක්ම ගත වෙලා ! ජිවිතේ සැහෙන වෙනස් වුන අවුරුදු පහක් මගේ දැරිවි....

ඉතින් හෙට අපි මුණගැහෙනවා නේ ද ?

ඔයාගේ බූතයා....

ප.ලි - අහ් , අමතකත් උනා කියන්න... මං ඊයේ ඔයාට කොළ පාට පොල් ටොෆි හැදුවා... ඇත්තමයි මං අත් දෙකෙන්මයි හැදුවේ... ( චුට්ටක් විතර හය්ය ද මන්දා..... ඒත් කමක් නෑ දත් හය්ය වෙන්න හොදයි නෙව.. නැද්ද කෙල්ලේ ? )

.
.
.
.
.
.

මෝඩ වේඝර්ණ ආච්චියේ ,

ඉස්සෙල්ලම කියන්න ඕන මැටි අාච්චියේ ,  දැන් මේ තිහකට කිට්ටු වෙලත් හරි තරුණයි වගේ දැනෙනවා මට ! නැත්තන් ඔයා දෙන සාහිත්‍ය පොත් කියව කියව පිස්සෙක් වගේ හිනා වෙවී ඉදීද දෙය්යනේ... ? ඒත් ඒක නෙවේ දැන් විසදගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට... ඔව් සැහෙන්නම ලොකු අවනඩුවක් !! 

'' බූතයො ඔයා පොල්ටොෆි හැදුවද නැත්තන් ගල්වලට කොළ පාට දැම්ම ද , මොනවා උනත් මගේ චූටි කොක ස්පැනියල් කෙල්ල නම් මේවයින් සෙල්ලම් කරන්න ගොඩක් කැමතියි...  ''

අන්න ඒකට නම් හිත රිදුනා හැබැයි... !! ඇත්තමයි ආයේ කවදාවක්වත් නම් සංවත්සරයක් සමරන්න මං පොල් ටොෆි හදන්නෑ !!  අනික ඔයාගේ ඔය වූල් නට්ටා ඕවාට කැමති නම් එයාටම දීලා දන්න බෝතලය පිටින්ම ! හහ්.... අනික මං හරි ආසාවෙන් ඒවා හැදුවේ... !!! ඉතින් මොනවා උනත් ඔයාට යුතුකමක් තිබ්බා ඒවා රසයි කියන්න... ( අල්ලස් දීලා කවිවලට හොද අහගත්තා මදිවට දැන් ගල්ටොෆිවලට හොද අහගන්න දගලන බූතයා...) අනික මගේ තමයි වැරැද්ද , හපන්න බැරි ආච්චියෙක්ට ගල් ටොෆිවලින් වැඩක් තියේයැ.. ඊළග පාර ඔය දත් නැති ලෝබු කටට හපන්න පුළුවන් වෙන්න මං ටොෆි හදලා එවන්නංකො... ( හා හා , නහය රතු කරගන්න එපා , විහිළුවටයි කිව්වේ...)

හිත රිදුනා වගේ රගපාලා පොල් ටොෆි රස බව අහගන්න දගලන බූතයා.....

ප.ලි - ඔයා දීපු විස්කිරිඤ්ඤාවලට රසයි කිව්වේ නැත්තේ ඉරිසියාවට එහෙම නෙවෙයි හරිද ? !! ( මොක ද මට ඊට වඩා රසට විස්කිරිඤ්ඤා හදන්න පුළුවන් !!! ඔයාට සිද්ධ වෙනවා මාව විශ්වාස කරන්න ඔව්...)

.
.
.
.
.
.
.

සිනල්යා !! ,

පෑන අතට ගත්තට මොකද තාම මගේ අල්ල සීතලයි මගේ කෙල්ලේ.... එතකොට ඒක ද හේතුව ඔයා අරම කවි ලියන්න.... දෙවියනේ ඇයි මට කලින් කිව්වේ නැත්තේ මගේ ලියුම් එයාට අහුවුන විත්තිය.... ?? ඔයාගේ අත්තම්මා අද  ඇවිදින් මාත් එක්ක කතා කළාම මගේ කටහඩ වෙව්ලුවා දෙවියනේ සිනල්යා, මේ ඇත්තමයි... මං බයගුල්ලෙක් කියලා හිතන්නැති ද එයා ? සත්තයි ඒම නැහැ... ඒත් ළමයො !! , එක පාරට ඇවිදින් ඔයා ගැන මගෙන් ඇහුවම මං ගොඩක් කලබල වුනා !! ඒත් ඔයා කිව්වා වගේ එයා මට වචනයකවත් තහනමක් ගෙනාවේ නැහැ . ඔව් ඇත්තමයි.. හරිම සන්සුන්වයි මාත් එක්ක කතා කළේ... ඒත් මං ගොත ගහපු විදියට එයා මට කැමති වෙයිද මං දන්නෑ  , පුළුවන් නම් ඔයා අත්තම්මට කියනව ද මං කලබල උන නිසා ඒම උන විත්තිය ?

අත්තම්මා මට කිව්වා , මේක බලෙන් නවත්තන්න බැරි තරම් දුර ගිහින් විත්තිය... මං මොනව ද කරන්න හිතන් ඉන්නේ ඇහුවා... අනේ කෙල්ලේ මේ ඇත්තමයි මට උත්තරයක් තිබ්බේ නැහැ දෙන්න... ඔයා දන්නවනේ මං වැඩියෙන්ම වාගේ අසරණ වෙන ප්‍රශ්නය ඒක බව... ඒත් සිනල්යා , ඔයා කිව්වා වගේම හරිම ආදරණීය චරිතයක් ඔයාගේ අත්තම්මා... මගේ ඇස් බොද වෙන පරක්කුවට ඔයා කරනවා වගේම එයා මාව බදාගත්තා... හරිම ආදරණීය විදියට එයා මට සැලකුවේ.. ඔයාට තේරෙනව  නේද මං මේ සේරම ලියන්නේ පුදුමාකාර අවංක හැගීමකින් විත්තිය ? ඒත් ආපස්සට මට හිතුනෙම අපේ පවුලෙන් කවුද එහෙම ඉන්නේ වේඝර්ණ කෙනෙක් වෙලා ඔයාව එහෙම බදාගන්න පුළුවන් ?

ඔයා මේ දවස්වල කාර්යබහුල විත්තිය මං දන්නවා.. ( ඔව් අත්තම්මා තමයි කිව්වේ... ) මට පුදුම ඔයාගේ දෙවෙනිගේ කසාදේ ගැන ආශක්‍යසිංහලා තාමත් කිසි දෙයක් දන්නේ නැහැනේ ....යන්තම් අවුරුදු දෙක පන්නද්දිම යුවනිදු චුට්ටා ආර්ය වේඝර්ණාරච්චිට සෝස් බෝතලෙන් ගහපු එකට එයාගේ එච්චර සතුටක් නැහැ වගෙයි නේද ? ... ඒක වෙන්න ඕන තව උරුමයකට මාන අදින්නේ.... ඒත් දෙවෙනිගෙයි චූටි නංගිගෙයි උරුමේට කර අදින සටන නම් එච්චර හොද නැහැ නේද කෙල්ලේ ? ඉතින් ඔයාටත් තාම ඉසිවරව කරේ ගහගහන්න කියලා නොකිය කියනව ද කෙල්ලේ ? දන්නව ද මට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා , ඔයාගේ අත්තම්මා ඉන්න නිසා.... මට හිතෙන්නේ එයා නිසා තමයි කෙල්ලෙක් වෙලත් ඔයා තාමත් උරුමය විදියට ඔතන ඉන්නේ....

මට ඔයාව ඕනමයි සිනල්යා , මොකද දැන් හොදටම පරක්කු වැඩියි මට ඔයා නැති ජීවිතයක් ගැන හිතහදාගන්න.. අනික කවදාවත් ඔයායි මායි හිත හදාගන්න බලාගෙන මේක පටන් ගත්තේ නැ නේද මගේ කෙල්ලේ ? මං දන්නවා ඔයා මටත් වඩා නිර්භීත බව.....ඉතින් මං අන්තිම තත්පරේ වෙනකං ඒ විශ්වාසේ පස්සේ පන්නනවා , මාව විශ්වාස කරන්න... මං දන්නවා ඔයා කරන විත්තිය.....දෙවියනේ , මං මැරුණත් ඔයාව නං අර ඉසිවර පැණි මුට්ටියට දෙන්නේ නැහැ ! නැහැමයි ! මොකද මං එච්චර හොද මනුස්සයෙක් නෙවේ සිනල්‍යා... මගේ දේවල් නැති වෙනවා වගේ දැනෙනවා නම් මට *මුර්ගයෙක්* වෙන්නත් පුළුවන්...

මෙහේ තත්වේ කියනවා නම් , චූටි මල්ලියි අක්කයි අතරේ උරුමයට ලොකු ඇවිලීමක් වෙන්න බැරි නැහැ ළගදීම.... ලොකු මල්ලිට හරි , අක්කට හරි කොල්ලෙක් ඉපදුනොත් බොහෝ විට ඒ දෙකෙන් එකක් විසදෙයි... ඊට කලින් අප්පච්චිට ඕන මාව බන්දලා මගේ කරට පටවන්න.... ඩ්‍රොමිඩාවරුන්ගේ මං ගැන ඒ තරම් විශ්වාසයක් තියෙනවා , මං ඒක හදාගත්තේ කොහොම ද කියලා මංවත් නොදන්න... එයා හිතන්නේ මගේ ඇගේ මේවිභූව ගහලා මේක හදිසි කරන්න... හිතලා බැලුවම අපි දෙන්නම එකම තත්වේ නේද ඉන්නේ ?

ඒත් අල්ලගෙන ඉන්න කෙල්ලේ.... මටත් වඩා ඔයාවම...

ඔයාගේ නාකි ආදරේ...... 

ප.ලි - ආහ් !! ඔය මල් නම් ඔයාට නෙවේ , අත්තම්මට... එයා මට දීපු අමතක නොවෙන ආදරණීය වැළදගැනීමට....

ඊටත් පසුව ලියමි - ඔයා තරහා වෙන නිසා , ඔයාටම කියලා මේ ලියුම් කවරය ඇතුළට හාදු ගොඩක් දාලා ඇති මගේ මෝඩ ගැනූ ළමයො..... !!!ඉතින් ඔයාගේ මේ නාකි ආදරේ එක්ක තරහා වෙන්න ඔට්ටු නැහැ අත්තම්මාට මල් එව්ව එකට ? හා නේ ද ?

.
.
.
.
.
.
.
.
.
.
.
හදිසියේම කුණාටුවට අහුවුන පුංචි ඇපල් මල, 

මගේ ළමයො , හරි කලබල වෙන්න එපා... චූටි නංගිගේ කසාදේටත් සුබපැතුම් !! ( මං දන්නෑ මං මේක කියන්න ඕනද කියලා...) දෙවියනේ මං හිතුවටත් වඩා ඒ දෙන්නා උරුමය වෙනුවෙන් අංචි අදිනවා නේ ද ? ඔය පැත්තේ තත්වේ මට තේරෙනවා කෙල්ලේ... හොදටම තේරෙනවා.. නෑ , මට තේරෙන්නේ ඔයා ඉන්න තත්වේ.... මං මේක කියන එක කොච්චර සාධාරණ ද කියලා මං දන්නේ නැහැ , ඒත් කන බොන දේවල් සැහෙන පරිස්සමින් !!! ඔයා දන්නවා මං එහෙම කියන්නේ ඔයාගේ පරිස්සමට මිස ඔයාලාව භේද කරවන්න නෙවේ..... තේරුණා ද දැරිවි ?

ඉතින් ඔයා අම්මා ගාව නිවාඩුවක් ගත කරන්න යන්න හිතන් ඉන්න එක හොද අදහසක් .. මං හිතනවා එයා ගාව ඔයාට සැහැල්ලුවක් දැනෙයි කියලා.... ඒත් මං හිතන්නෑ , මාව එයාට අදුන්වලා දෙන එක හොද අදහසක් බව ? ඔයා එහෙම හිතනව ද ? මං දන්නේ නැහැ ඔයාගේ අම්මා ගැන , මං අහලා තියෙන්නේ එයා පවුලේ දේවල්වලට සම්බන්ධ වෙන්නේ කලාතුරකින් බව විතරයි....

ඔයා හදිසියේම යන නිසා , මං මේ ලියුම ඉක්මනින්ම එවන්නේ මට ඔයාව මගඇරෙයි කියලා... මේ මාස හය ටිකක් සැහැල්ලුවෙන් ගත කරන්න මගේ මෝඩ ගැනු ළමයො... මට ලියුම් නාවාට තරහක් නැහැ.. තේරුණා ද ? මොකද ඔයා  සැහැල්ලුවෙන් ගත කරනවා දකින්න විතරමයි මට ඕන.... විශ්වාස කරන්න ඉක්මනින්ම මේ හැමදෙයක්ම විසදෙයි....

පරිස්සමින් .

භාතිය...

ප.ලි - හොදයි ඔයාට යන්න කලින් මාව මුණගැහෙන්න ඕන නම් , මං පුරුදු තැන ඉන්නවා කෙල්ලේ....

.
.
.
.
.
.
.
.
.
.
සිනල්යා ,

මගේ ගෑනු ළමයො , ඔයා ඇවිත්... මාස හයක්ම බලන් ඉන්න වේවි කියලයි හිතුවේ.. නෑ දෙවියනේ තින්ත නාස්ති කරන්න හිතෙන්නේ නැහැ , පුරුදු තැන හවස හතරට මාව මුණගැහෙනවා නේ ද ? මේ ඇත්තමයිමට ඔයාව මගඇරුනා සැහෙන්නම !!!

ඔයාට ලොකු කතාවක් තියේවි කියන්න මට , මං දන්නවා...

ඔයාගේ බූතයා....

.
.
.
.
.

වද වෙන චූටි කුමාරිට,

මගේ ඇපල් මල , ඇත්තමයි මට සැහෙන සනීපයි දැන් . ඉතින් ඔළුව උස්සගන්න පුළුවන් ගානට සනීප වුන ඇසිල්ලේමයි ඔයාට මේ ලියන්නේ... ඉතින් මුලින්ම සුබ උපන්දිනයක් මගේ දැරිවි.... හරි කණගාටුයි මට ඒ දවස ඔයත් එක්ක ඉන්න එක මගඇරුනට... ඉතින් , මං ඉක්මනින්ම හොද වෙලා ඔයාව මුණ ගැහෙනවා....  වද වෙන්න එපා දැරිවි , ඇත්තටම ඔයාගේ ලියුම් ගන්න වුනේ නැහැ පහුගිය සුමානේ... සුදූ අතේ ක්‍රිෂ්ට දීලා තිබුන චූටි සටහන නම් මට ලැබුනා මගේ කෙල්ලේ... කවදටත් වඩා මට ඔයාව ඕනි වගේ දැනෙනවා... මේක උණවිකාරේ ද කියන්න මං දන්නේ නැහැ....

මැණික මට ඇගට ලොකු පණක් නැහැ...ඇත්තමයි හරි දුර්වල ගතියක් දැනෙනවානේ ඇගට.... ඒත් මං අර කතාව හොයාගත්තා... පරණ පොත් ගොඩක් පීරලා මං එයාව හොයාගත්තා.... එයා නාල්‍යා.... ඔව් , යාදම් පුරාවෘත්තේට සම්බන්ධ ආශක්‍යසිංහ පුරුක.... ඔයාලාගේ අයොද්ම තරමටම දක්ෂකමක්, වගේම උරුමයට ඍජු සම්බන්ධයක් නැති වුනත් ඇයට විශේෂ දක්ෂතා තිබිලා තියෙනවාලු ... ඔයා දන්නවානෙ අපේ දක්ෂතා වෙනස් බව !!. එයා විතරයිලු දැනගෙන ඉදියේ අපේ සමහර හැකියාවල රහස්.... විශේෂයෙන්ම *වාතය කලම්පනය කරන රහස් විධි* පවා... ඉතින් ඒ තමයි පළවෙනියටම නීතිය කඩපු දෙන්නා..... දෙවෙනි දෙන්නා සටන් කරන්න කලින්ම නැති වුනා... ඉතින් , සතුටුවෙන්න මං පොරොන්දු වෙනවා අපිත් මැරෙන්න හරි ඒ පාරේම යන බව...මොකද ඔයා වගේම මමත් සටන් කරන්න තෝරගෙන ඉවරයි.... ( නෑ මං මේ උණ විකාරෙන් නෙවේ කියවන්නේ !!!  )

තවත් කියන්න තියෙනවා මගේ කෙල්ලේ.... මුණගැහුනම කියන්නම්.... දන්නවානේ තවත් ලියුම් හුවමාරුව ආරක්ෂිත නැති විත්තිය !! ඇත්තමයි කෙල්ලේ , දැන් මට තියන ලොකුම උණ විකාරේ හොද වෙන්නේ ඔයා මං ගාවට ආවාට පස්සේ... මේ මේවිභූ මට ඔළුවේ කැක්කුම හදවනවා... මං හිතනවා ඉසිවර ඔයාට එහෙම වද දෙන්නේ නැතුව ඇති කියලා !! හැබැයි - ඒකා හිතනවා නම්  ඔයාව බලෙන් අයිති කරගන්න , මං ඕකව මරනවා මේ ඇත්තමයි සිනල්යා !!  ( උණ විකාරෙන් මිනී මරන්න බැරිකමක් නැහැැ !!)

වයසට ගිහින් නිසා , ලෙඩ ගොඩ වුන බූතයා....

ප.ලි - නිශා දන්නවා , මං හිතන්නේ එයාට ඇස් නොපෙනුනාට අනුමානයක් තියෙනවා මට ලියුම් එවන මෝඩ කෙල්ල කවුද විත්තිය... !! මගේ චූටි කෙල්ල බුද්ධිමත්... හැබැයි මං නම් හිතන්නේ සිනල්යා නැන්දව හම්බුවෙන්න මගේ කෙල්ල සැහෙන්න ආස වෙයි... !

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N _

පොඩ්ඩක් ආතල් එකක් ගන්න , මේ කරුණු දවසට 2 ගානේ මං කියනවා හරිද ?

කරුණු 1 -

කලින් චැප්ට එකක සුදු මාමාගේ කාමරේ ජනේලේට පේන තැන් ගැන මං කියලා ඇති !! ඉතින් ඒ තැන්වල ඉදන් බලන කෙනෙක්ට සුදු මාමාගේ කාමරේ ජනේලේ නොපෙනෙන්න හේතුවක් නැහැනේ ??

කරුණු 2 -

යුවිනිදු ගැන විස්තර තිබුනේ ගවීෂ්නුයි , ආශදිගේ *ෆෝන්වල..* ඊට දවසකට හො දෙකකට කලින් සමහර විට ඒවා වෙන කෙනෙක්ගේ අතට ගිය තැනක් ඔයාලා කියවන් ආවේ නැති වෙන්න බෑ ?

Continue Reading

You'll Also Like

27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
437K 85.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
3M 235K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
176K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...