- Plot 23 -

By Bulbz_D

869K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 58 -

6.3K 877 148
By Bulbz_D

'' තිමෞර්ය දැකලා තියේ ද , අර තණකොළ අයිනේ තියෙන පිනි බිංදු.. කොළෙත් දෙකට නවන්නේ ? ''

'' ම්... ''  මියුන් ඒ උත්තරය බලාපොරොත්තු වුන ගානට ගුහාවේ බිත්තියටම හේත්තු වුනේ ගවීෂ් ආයේ ඉස්සරහා බලාගනිද්දි... මියුන් ඉන්නේ අනිත් කෙළවරේ....මැද ලොකු පරතරයක්..... තනිකර නිශ්ශබ්දතාවයකින් ආයේමත් ගුහාව පිරිලා ගියා....

'' නෑ, මට එක පාරට මතක් උනා.... ''

'' පිනි බිංදු නිසාම කොළය නැවෙන තරමට , හැමදේකම කෙළවර ලොකු බරක් තිබුනා , ඒක නිසා එක්කො පිනි බිංදුව හිතලම කඩන් වැටෙන්න ඕන , නැත්තන් අර කොළේ පිනි බිංදුව ගසලා දාන්න ඕන.... ඒක කියන්න ද තමුසේට ඕන ? ''

'' මං එච්චර දෙයක් අදහස් කළේ නෑ !!!!!.. ''

'' තමුසේ කියන්න හැදුවේ ඒක තමයි !! ''

'' තිමෞර්ය ඒ උබ විහින් හිතාගත්තු දේ... ''

'' හහ්...  මං පොඩි කාලේ හිතුවේ .....  මං කියන්නේ ඒක මගේ මෝඩකමට හිතපු දෙයක් මිස , කරන්න පුළුවන් වෙයි කියලා හිතපු දෙයක් නෙවේ... !!! '' ගවීෂ් කිව්වේ යන්තම් හිනා වෙන ගමන්....

'' ම්ම් ? ''

'' කවදාම හරි බොක්කෙන් ලව් කරන දවසට , අක්මාවෙන් විදවන්න ලැබෙන්න එපා කියලා...- නෑ මං කිව්ව දේ උබට තේරුනේ නෑ !!! '' මියුන් මුකුත් කියන්න කලින් ගවීෂ් කිව්වේ මියුන් ඉතිරි ටික කියනකම් ඉවසීමෙන් බලාගෙන ඉද්දි...

'' කවදාහරි මං එයාට සමුදෙනකොට කම්මුලෙන් චූටි කිස් එකක් දෙන්න... එතකොට මිනිස්සු බලනවා ළමයෝ , කියලා එයා මට පොඩ්ඩක් සැර කරාවි.. ඒත් එයාට සමුදීලා ආවාම , ඒ චූටි කිස් එකට එයා රතු වුන විදිය මතක් වෙනකොට මට තනියම හිනා යාවි.. !!  ඉතින් එයා ළග නැති වුනත් මං සැහැල්ලුවෙන් ඉදිවි... මං හිතුවේ ඒම...'' ගවීෂ් කිව්වේ මියුන් දිහා බලලා යන්තම් හිනා වෙන ගමන්....

'' තිමෞර්ය... මං ඇවිත් උබේ අතින් අල්ලගන්න ද ? '' කි වෙනි වතාවට ද දන්නැති වුනත් මියුන් ආයෙමත් ඇහුවේ සන්සුන්ව...

'' එපා!!! '' ගවීෂ් මුරණ්ඩු විදියට කිව්වේ ගුහාවේ එහා කෙළවරේ ඉදපු මියුන් දිහාවට බෙල්ල හරවන අතරේ....

'' ඇත්තටම , උබ ළග නැති උනාම සැහැල්ලු වෙන්න, බ්‍රැන්ඩි බෝතලයක් අතේ තියෙන්නම ඕන වුනාම තමයි , බොක්කෙන් ලව් කරලා අක්මාවෙන් විදවනවා කියන්නේ මොකක් ද කියලා හරියටම තේරුම් යන්නේ.... '' ගවීෂ් කිව්වේ එයාටම යන්තම් හිනා වෙන ගමන්....

'' උබට විතරයි අවුල !! ඇයි මට හැගීම් කියලා රෙද්දක් නෑනේ තිමෞර්ය... '' මියුන් ආපස්සට එයාටම හිනා වෙලා කිව්වේ එයාගේ ඔළුව ගල් බිත්තියට හේත්තු කරගෙන ඇස් පියාගන්න ගමන්....

'' මං කියන දේ තමුසේ වගේ කැටයම් දාලා ලස්සන කරලා කියන්න දන්නේ නෑ මියුන් !! ඒත් එහෙම උබේ තනි තීරණේට, *ලෝකේ අපිව තේරුම් ගත්තේ නෑ ප්‍රෙන්ස් , ඒක නිසා ලෝකේ සතුට වෙනුවෙන් අපි අපේ පරම ආදරේ දන් දුන්නා * වගේ හෙනම වෙස්සන්තර ලයින් එකක් කියලා මාව අතඇරලා අත පිහිදගන්න උබට බෑ !! ''  ගවීෂ් කිව්වේ තද රතු පාට වුන එයාගේ ඇස් දෙකින් එක එල්ලේම මියුන්ගේ ඇස් දෙක දිහා බලන අතරේ.......

'' උබ ඔය කතා කරන ගට් එක , මෙතනින් පහළට ගියාමත් උබට තියෙනවා නම් තිමෞර්ය..... මං එන්නම්... මං සිරාවට ඇවිත් උබේ සීයාට කියන්න ඕන ටික කියලායි උබව එක්කන් යන්නේ !! උබ ඔය කියන *මොන බාධාව මැද්දේ උනත් අපි අපේ පුෂ්ප විකසිත වෙන පිවිතුරු ආදර කතාව ඉස්සරහට ගලන් යන්න සලස්සනවා* වගේ හෙනම මනමේ ලයින් ටික එතකොටත් තියේවි ද ?  '' මියුන් ආපස්සට ඇහුවේ ගවීෂ් උත්තරයක් නොදී තොල් දෙක තද කරගනිද්දි.... 

'' *අපේ ආදරේට මේ ලෝකේ තැනක් නැත්තන් වෙන ලෝකෙකදි අපේ ආත්ම එක්කාසු වේවා* වගේ හෙනම රෝමියො ලයින්වත් , *මට තමුසේව නැති වුනොත් මුළු නගරයක් ගිනි තියලා අහවල් එක පොළේ ගහනවා වගේ * හෙනම පත්තිනි ලයින්වත් , මං උබට කියන්නැත්තේ තමුසේ වේඝර්ණ උරුමය නිසයි තිමෞර්ය...!!! ඒක තමුසේගේ තීරණයක්ම නොවුනට,  මං ආර්ත්මාර්ථකාමී වෙලා මේ කෙහෙල්මල් විකාර වෙනස් කරන්න පුලුවන් එකම කෙනාවත් ඔතනින් එළියට ගත්තොත් සමහර විට මෙතනින් පස්සේ අපි වගේ තවත් දෙන්නෙක්ට  , මේම ගුහාවක් අස්සේ කොන් දෙකකට වෙලා !!! ,  දෙපැත්තක් බලාගෙන!!! ,  ඉස්සරහට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව !!!  ඉන්න සිද්ධ වෙන්න පුළුවන් !! තේරුණාද තමුසේට ? ''

'' ඇයි තමුසේට ඉස්සරහට ඉන්න මිනිස්සු ගැන නැතුව , මං ඉන්න තත්වේ ගැන විතරක් හිතන්න බැරි ? !! '' ගවීෂ්නුත් ආපස්සට කැගැහුවේ කේන්තියෙන්....

'' මීට කලින් ඉදපු මොකෙක්වත් අපි දෙන්නා ගැන හිතපු නැති නිසා !! අනික තිමෞර්ය..... !!! තමුසෙ ආර්ත්මාර්ථකාමී නම් මටත් උබ ගැන ඒම වෙන එක ලේසියි.... ඒත් කරුමෙට තමන්ට හෙණ ගැහිලා ගියාවේ කියලා අනිත් අය ගැන හිතන මනුස්සයෙක් ගැන මට ආර්ත්මාර්ථකාමී වෙන්න පුළුවන් ද ?!!! ''

'' මං එහෙම නෑ !!!ඒක නිසා මට මේකට විසදුමක් කියපන්!! ''

'' මට දැනටවත් උබේ අත අල්ලගන්න දීපන්..'' මියුන් කිව්වේ ගවීෂ් මුරණ්ඩු විදියට අත් දෙක පිටිපස්සට අරන් මුකුත් කියන්නැතුව ගුහාවට හේත්තු වෙද්දි.... තත්පර එකින් එක ගෙවිලා ගියත් දෙන්නාගෙන් එකෙක් නෙවේ වචනයක් කතා කලේ.... එළියේ කුණාටුව නැවතිලා... සමහර විට එළිය වැටීගෙන එනවා.... අරහෙට මෙහෙට ඉරියව් මාරු කර කර , ඉදපු ගවීෂ් නැගිට්ටේ මියුන් හිමින් ඇස් දෙක අරිද්දි...

'' කොහෙද යන්නේ ? ''

'' එළියට.... '' ගවීෂ් ගස්සගෙන උත්තර දීගෙනම ගුහාවේ ගල් විවරය පැත්තට ගියේ හිරිවැටිලා තිබ්බ කකුල්වල හිරි අරින ගමන්.....

කලින් දවසේ රෑ වැහි කුණාටුව එක්ක පදුරු නැමුන නැමුත අතේ ඔහේ පහත් වෙලා.... කන්ද අැතුළ් පැත්තට වෙන්න තිබ්බ ලොකු ගල්ගුහාවෙන් එළියට එනවත් එක්කම තද ඉර අව්වයි , දිය ඇල්ල ඇදගෙන වැටෙන සද්දෙයි එයාලාව පිළිගත්තා....  ලොකු බර හුස්ම ඇරුනම දෙන්නාගෙන් එක්කෙනෙක් නෙවේ වචනයක්වත් කතා කළේ....

'' තිමෞර්ය.. ''

'' එපා කතා කරන්න මාත් එක්ක....!  '' ගවීෂ් අත් දෙකත් බැදගෙන රැව්වේ මියුන්ව එතනම දාලා දිය ඇල්ලේ සද්දේ පැත්තට ඇවිදගෙන යන ගමන්... ගල් දෙකක් උඩට නැග්ගම , එතනම එහා පැත්තෙන් පහළට වැටෙන දියඇල්ල ලස්සනට පේනවා.... ඈත තැනිතලාව , ඊටත් එහායින් පේන ගිනිපෙට්ටි වගේ යොරෙල් ගෙවල්.... හරිම නිදහස් තැනක්.....දිය ඇල්ලේ පිනිකඩ ඇවිත් මූණේ වදිද්දි ගවීෂ් ඇස් දෙක පියාගත්තේ ගල උඩ වාඩිවෙන ගමන්... පිනිකඩ නෙවේ ! කලින් දවසේ වැස්සත් එක්ක ඒ වතුර පාරේ සැරට ගල උඩ වැදිලා විසිවෙන පිනි බිංදුවලට සම්පූර්ණයෙන්ම ඇගම නෑවෙනවා....

'' මේහ් -අයිනට යන්න එපා !!!  '' මියුන් කතා කළේ ගල් දෙක නැගලා ගවීෂ් ඉදපු උස ගලට ගොඩ වෙන ගමන්.....

'' තමුසේට මොකද !!! කෝමත් පනින්න ආවේ !! පැනලා මැරෙන්න... '' ගවීෂ් කිව්වේ දියඇල්ලෙන් පහළට එබිලා බලන ගමන්.... එකපාර පැන්නොත් මැරෙයි ද ? ඇති වෙනකම් ගල් තියෙනවා හැබැයි... මියුනුත් එයාගේ උරහිසට උඩින් පහළට එබෙන විදිය ගවීෂ් බලාගෙන..... ඒ ඇස්වල තියෙන්නේ අවිනිශ්චිත හැගීමක්....

'' තමුසේ ඊයේ රෑ කියපුවා ඉල්ලා අස් කරගන්නේ නැත්තන් , අම්මපා මං පනිනවා !!! '' ගවීෂ් කිව්වේ දියඇල්ල පහළට අත දික් කරන ගමන්....

'' පනිමු.. '' මියුන් විශ්වාසෙන් කිව්වේ ගවීෂ්ට නැගිටින්න අත දෙන ගමන්...

'' මගුලක් කියවනවා !! '' ගවීෂ් කිව්වේ මියුන්ගේ අත එහාට තල්ලු කරන ගමන්..... රෑ තිස්සේ හිර කරගෙන ඉන්න කදුළු තාම ඇස්වල නලියනවා !!!....

'' උබ මොකෝ කියන්නේ ? '' මියුන් සන්සුන්ව ඇහුවේ ගවීෂ්වත් පහු කරලා ගල අයිනෙන් හිට ගන්න ගමන්..... මේ මනුස්සයාව ෂුවර් නැතිකමට ගවීෂ් කෝකටත් මියුන්ගේ ෂර්ට් එකේ කෙළවරකින් අල්ලගත්තේ ආයේම ඒ පැත්ත හැරුන මියුන්ට රවන ගමන්....

'' ගල ලිස්සනවා !! '' ගවීෂ් කිව්වේ මියුන්ගේ ෂර්ට් එකෙන්ම අල්ලගෙන පස්සට අදින ගමන්.... කෝමත් ආදරේට නෙවේ මිනි මැරුම්වලට සාක්ෂි දෙන්න බැරිකමට ෂර්ට් එකෙන් ඇල්ලුවේ....

'' කෝ නැගිටපන්!!.... '' මියුන් කිව්වේ ගවීෂ්ගේ අතින් ඇදලා නැගිට්ටවන ගමන්.... නෑ ! පිටට කොච්චර සන්සුන් වුනත් ඒ අත්වල තියෙන ආවේගේ විහිළුවක් නෙවේ තවදුරටත්...

'' තමුසේ හිතන්නේ මට බෑ කියලා ද ? !! '' ගවීෂ් ඇරියස් එකටම ඇහුවේ මියුන් ගානටම ගල අයින්ට ගිහින් හිටගන්න ගමන්... බුදු අම්මේ ගල් ගොඩයි.... !!! ඒ මදිවට බොර වතුර පාර මදි නොකියන්න සැරයි.... ඒත් බය වෙයි ඔව්වට හහ්....

'' මේ වගේ වෙලාවක කියන දෙබස් මොනව ද ? !! '' මියුන්ගේ ෂර්ට් එකෙන් අල්ලගෙනම පල්ලමට දෙතුන් සැරයක් එබුන ගවීෂ් ඇහුවේ යන්තම් හිනා වෙලා මියුන් දිහා බලන ගමන්... මෙතන මෙච්චර සිරියස් ප්‍රශ්නෙක ඉන්නවා , මූ ඇවිත් පනිමු පනිමු ගගා ආතල් දෙනවා...

'' තමුසේට තාමත් පේන්නේ මං විහිළුවක් කරනවා වගේ ද ? '' මියුන් සැරෙන් ඇහුවේ ගවීෂ්ගේ ඉණෙන් අල්ලලා තව ටිකක් පල්ලමට කිට්ටු කරන ගමන්....

'' ඕයි !!වැටෙයි වැටෙයි....  '' ගවීෂ් දියඇල්ලට වඩා හය්යෙන් මියුන්ගේ පැත්තට බර දීලා පුළුවන් තරම් තදින් ඇස් පියාගත්තේ මියුන් ගවීෂ්ව අල්ලගෙනම තව අඩියක් ඉස්සරහට තියද්දි.... කකුල් දෙකට පහළින් අඩි ගානක් පහළට ඇදන් වැටෙන දියඇල්ල....ඒ උස දැකලා වෙව්ලන කකුල් දෙකෙන් මේම හිටන් ඉන්න එකත් පුදුමයි !!... ඒ අස්සේ දියඇල්ලේ පිනි හිරිකඩ ඇවිත් මූණම තෙමනවා.....

'' විසදුමක්නේ ඕන තමුසේට නේ ? හරි ඔය තියෙන්නේ !!! මෙතනින් වැටෙන පරක්කුවට සේරම ඉවරයි... කිසි කෙනෙක් දැනගන්න එකක් නෑ අපි දෙන්නට මොකද උනේ කියලා..... '' මියුන් කන ගාව මුමුණන සද්දේ ගවීෂ් අහන් ඉදියේ ඇස් දෙක පියාගෙනම....

'' උබ හොද සිහියෙන් ද ? '' ගවීෂ් දගලන්න බැරිකමට ඇහුවේ යන්තම් ඇස් අරින ගමන්..  බුදු අම්මේ !!!! පල්ලමට තව අඩි දෙකක දුරක් විතරයි.... !!! මියුන් තව අඩි දෙකක් ඉස්සරහට තිබ්බොත් දෙන්නම වැටෙනවා ...ගවීෂ් වෙව්ලන අතින් මියුන් එයාගේ ඉණ වටේ යවලා තිබ්බ අත තද කරලා අල්ලගත්තේ ආයේම ඇස් දෙක තද කරලා පියාගන්න ගමන්...

'' ඔව් !! තමුසේ බයයි ද ? ''

'' නෑ !! මං විතරක් මැරුනොත්-  ''

'' ලෝකේට අපි ගැන එච්චර අනුකම්පාවක් තියෙන එකක් නෑ තිමෞර්ය.... මං ප්‍රාර්ථනා කරන්නේ -- '' මියුන් කිව්වේ ගවීෂ්ව තව අඩියක් ඉස්සරහට තල්ලු කරන ගමන්.... දෙය්යනේ තව අඩියක පරතරයයි....

'' -  මැරෙන්න කලින් වැරදිලාවත් ඔළුව ගලක වැදිලා කුඩු වුනොත් , උබව මතකෙන් නැති වෙන්න එපා කියලා විතරයි.... ''  මියුන් කන ළග මුමුණන සද්දේට සේරටම වඩා ගැහෙනවා....

'' මියුන් , මට බෑ!!! '' ගවීෂ් ඇඩෙන්න ඔන්න මෙන්න කිව්වේ මෙතන දගලන්න තියෙන බයට එයාගේ බඩ වටේ එතිලා තියන මියුන්ගේ අතින් තද කරන ගමන්......

'' ඇයි උබට බැරි.. !!! '' මියුන් සැර කළේ ගවීෂ්ගේ අතත් පිටිපස්සට කරලා අල්ලගන්න ගමන්.... මේ මනුස්සයාට මොනවා වෙලාද දෙය්යනේ !!!

'' යකො!! මේක ප්‍රශ්න විසදන විදියක් නෙවේ !!!! අහපන්... මං දන්නවා තමුසේ ඉමෝෂනල් උනාම උබටවත් උබව දරාගන්න බැරි බව.. පාහරයෝ!! මං තමුසේට ආදරෙයි !!!! ඒත් !!! මට මැරෙන්න බැහැ !!! ''

'' බෑ තමුසේ පනින්නම ඕන - ............. 

මං එහෙම කියයි කියලාද හිතුවේ ? '' මියුන් එක සැරේට හය්යෙන් හිනා වෙලා ඇහුවේ ඇස් දෙකත් වහගෙන එයාටම ගුලි වෙලා ඉදපු ගවීෂ්ව එහෙමම උස්සලා ගලේ මැද හරියෙන් තියන ගමන්.....

'' මොන *** ද !!!! අාාාාහ් ??? '' එයා ගාවින් දණ ගහගත්ත මියුන්ව තල්ලු කරනවා වෙනුවට ළගට ඇදලා ගන්න ගමන් ගවීෂ් ඇහුවේ හය්යෙන් හුස්ම ගන්න ගමන්..... හරිනේ අතවත් අල්ලන්න එපා කිව්ව එකාවනේ මේම බදන් ඉන්නේ...... !!! ඒත් - බය කළා හොදටම !!!!!

'' කවුද පිස්සු කොල්ලෙක් ටිකකට කලින් මට ආදරෙයි කිව්වානේ !!! '' මියුන් මතක් කළේ ගවීෂ් බඩට දීපු පන්ච් එක මැද්දෙත් යන්තම් හිනා වෙන ගමන්....

'' පාහරයා !!! '' ගවීෂ් ආයේම කෝකටත් මියුන්ව පල්ලමෙන් මෙහාට ගත්තේ බඩට දෙවෙනි පාරටත් පාරක් ගහන ගමන්...... ෂිට් !! අතින් අල්ලන්න එපා කියලා ඉදපු එකාව බදාගන්නත් සිද්ධ වුනාම!!!  තෙමිලා තෙමිලා තව තෙමිච්ච කුකුලා වගේ !!!...

'' උබත් එක්ක මෙතනින් පැනලා මේක ඉවර කරන්න පුළුවන් නම් ලේසියි තමයි... ලේසි කතා හරි නීරසයි තිමෞර්ය !!... වෙන දෙයක් වෙච්චදෙන් උබත් හිතගදාගනින්.. මාත් තමුසේට පොරොන්දු වෙනවා පුළුවන් තරම් ඉවසලා හිත හදාගන්න.... *ඒත් දවසක මගේ ඒ සීමාව පැන්නොත් , තමුසේට මතක් කරන්න ඕන නැහැනේ වේඝර්ණලාගේ තාප්පය කොටයි කියලා !!! * වගේ ජැක් ස්පැරෝ ලයින් එකක් මං තමුසේට කියලා තියන්නම්.....   ''

'' ඇයි මංකොල්ලකන්න ද ?.. '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ කන රිදෙන්නම අල්ලන ගමන්.... ඔන්න ඔන්න ඉතින් නරක කන් පෙති රතු වෙලා අනාචාරයේ හැසිරෙනවා !!!

'' මංකොල්ල කන්න නෙවේ , මගේ කොල්ලා ගන්න !!!  අනික තමුසේ හිතුවේ අඩුම උබෙන් හරියට බ්ලෝජොබ් එකක්වත් ගන්නැතුව මං එහෙම නිකන්ම මැරෙයි කියලා ද ?   '' මියුන් ඇහුවේ ගවිෂ්ගේ නිප්ල් එක හරියෙන් අල්ලලා යන්තම් පින්ච් එකක් දෙන ගමන්...

'' ඌහ් !! මොකක්ද තමුසේ කිව්වේ ? !!! ඒක එච්චරටම අවුල් නිසා වෙන්නැති එහෙනම් එදා -''

'' ඒ ඩ්‍රග් එක !!. '' මියුන් මැද්දෙන් පැන්නේ ගවීෂ් පයින් පාරකුත් ගහද්දි....

'' අාහ් එහෙම ද !! එල මචං එහෙනං ඉස්සරහට දිගටම ඩ්‍රග් එකත් තියාගෙන , KEEP GOING WITH YOUR HANDS !! '' ගවීෂ් තොල් දෙක කණ පිට පෙරලන ගමන් කිව්වේ හිනා වුන මියුන්ගේ බඩ හරියට ඇගිල්ලෙන් අනින ගමන්...

'' මියුන් ගවීෂ් !!!! '' අරවින්ද් මල යකා තද වෙච්ච ගානට කෑගහපු සද්දේට මියුන් කියන්න ගියපු එක නවත්තලා එහාට වුනේ කට කපලා තිබ්බ හිනාව තොල් අස්සේ හීන් සැරේ තද කරගන්න ගමන්.....

''කෝ ඍෂිතුමා... ?? තමුසේලා දෙන්නා අහවල් රෙද්දක්ද ඔතන කරන්නේ... !! ඔය නෑවා ද ????? '' අරවින්ද් ආයේ යක්ෂාවේෂ වෙලා කැගැහුවේ මියුන් මුකුත් නොකිය ගල් දෙක පැනලා අරවින්ද් ඉදපු හරියට අැවිදගෙන යද්දි....

'' කෝ ඍෂිතුමා ?  ''

'' ඊයේ රෑ ඉදියෙත් නෑ... '' ගවීෂ් උත්තර දුන්නේ අරවින්ද්ගේ අතේ තිබ්බ පොත උදුරලා ගන්න ගමන්.... ඊයේ රෑ අයෝද්ම ඍෂිතුමා තියලා ගියපු පොත .....

'' ඕක මොකක්ද කියලා තමුසේ දන්නව ද ? '' අරවින්ද් ඇහුවේ ගවීෂ් ඇස් දෙක පුංචි කරලා පොත පෙරලද්දි.... කටු සටහන්වලින් අනං මනං ලියලා තිබ්බ ඒක මොකක් හරි වාර්තා පොතක් කියලා බැලූ බැල්මට පේනවා... මොනව ද මේ ?

'' මොන මෝඩයෙක් ද මන්දා මූ!! මේ බලපන්... '' අරවින්ද් ගවීෂ්ගෙන් පොත උදුරලා ගත්තේ කලබලෙන් මොකක් හරි හොයන්න වගේ පිටු පෙරලගෙන යන ගමන්.... අන්තිමට ඒක හම්බුන ගානට අරවින්ද් පොත ගවීෂ් අතට දුන්නේ ගවීෂ් මියුන් දිහාත් බලල පොත අතට ගනිද්දි...

'' අගොස්තු දාහත....
- හදිසි වාර්තාව.... වෙලාව - රාත්‍රී 11 පසුවි මිනිත්තු 30 යි.... මරණය - සිනල්යා වේඝර්ණාරච්චි ....
ස්ථානය - උඩුමහලේ දෙවන කාමරය... '' ගවීෂ් අතට ගත්ත පොතේ ලියලා තිබ්බ වාක්‍ය දිගේ ඇගිලි ගෙනියන ගමන් අරවින්ද් සද්දේට කියෙව්වේ ගවීෂ්ගේ සුදුමැලි වෙලා ගියපු මූණ දිහා බලන ගමන්....

'' ඇයි ? '' මියුන් ඇස්වලින් ඇහුවේ ගවීෂ් මුකුත් නැ කියන්න ඔළුව වනද්දි....

'' ඒ ගවීෂ්ට කලින් වේඝර්ණලාගේ උරුමය... '' අරවින්ද් මියුන්ට පැහැදිලි කලේ පුළුවන් තරම් කෙටියෙන්.... කොහොම උනත් ගවීෂ්ගේ ඇස් නැවතිලා තියෙන්නේ ඊට කලින් පිටුවේ උඩම කෙළවරේ තිබුන සටහන ගාව.....

*අගෝස්තු පහළව -
පස්වරු තුනහාමර , ආගන්තුක - භාතිය ආශක්‍යසිංහ...
අලාබ වාර්තාව හා තක්සේරුව - උඩු මහලේ දෙවන කාමරය , වීදුරු තසිම් දෙකයි....
අලාබයට ගෙවීම් - සිදුකරන ලදී,.. *

මියුන් එබෙන්න කලින් පොත වහලා දාපු ගවීෂ් මුකුත්ම කියන්නැතුව අරවින්ද් දිහා බැලුවේ එයාගේ මූණේ තිබුන බැල්ම කියවන්න අතරේ.... මිනිහා මේ ටික කියෙව්ව ද ? නැත්තන් මේක තේරුනේ නැතුව ද ? ගවීෂ් බේරගන්න බැරි බැල්මකින් අරවින්ද් දිහා බැලුවේ එයා මුලින් කතා කරනකම්...

'' උබට මං කියන දේ තේරුනේ නැ ගවීෂ් ? මේ ඍෂි මනුස්සයා ගාව කොහෙන්ද ඒ කැෆේ එකේ රෙකෝඩ්ස් ? '' අරවින්ද් ඇහුවේ අවිශ්වාසෙන්...

'' මං දන්නේ කෝම ද ? ''

'' උබට හිතෙන්නැද්ද මොකක් හරි අවුලක් ? ජගුවර් ආත්මය ඇවිත් ලකුණු කරලා තිබ්බේ උබේ ලොකු අම්මාගේ සොහොන.. !! දැන් මෙතන ඒ මරණයට අදාළ නැති වුන සාක්ෂි ?? ''

'' උබ මොනවා හරි දන්නව ද ? '' ගවීෂ් ඇහුවේ එයාට වඩා සමහර දේවල් අරවින්ද් දන්න බව එයාගේ කතාවෙන් නිකමට වගේ දැනෙන නිසාමයි...

'' තමුසේ මට දේවල් හංගනකොට මං තමුසේට සේරම කියන්න ඕන නැනේ... '' අරවින්ද් කේන්තියෙන් කිව්වේ ගවීෂ් තොල් තද කරගනිද්දි....

'' මං හිතන්නෑ තෝ ඒක අහන්න ලැස්තිය කියලා... '' ගවීෂ් අවිශ්වාසෙන් කිව්වේ අරවින්ද් දිහා බලන ගමන්.....

'' පුහ්.... මාත් හිතන්නෑ තමුසේ මේක අහන්න ලැස්තිය කියලා එහෙනං !!! දැන් යමං පහළට...අර මිනිස්සු ආයේ පන්නන්න කලින්..... . ''  අරවින්ද් ඉස්සර වෙලා කිව්වේ කොර ගහන ගමන්ම පළවෙනි අඩිය ඉස්සරහට තියන අතරේ....

'' දැන්ම ? '' මියුන් ඇහුවේ අරවින්ද් මුකුත් නොකිය ගවීෂ් දිහා බලද්දි..... බාගේට තෙමිලා ඉදපු ගවීෂ් දිහායි මියුන් දිහායි බලපු අරවින්ද් විනාඩියක් ගත්තේ ආයේම තැනිතලාව දිහා බලන ගමන්.....

'' උබලා දෙන්නා ලත වුනා කියලා මට අවුලක් නෑ... අද දවස ඉර බහිනකම් වෙලාව තියේනේ... '' අරවින්ද් කිව්වේ ගවීෂ්ගේ උරහිසට නුපුරුදු තට්ටුවක් දාන ගමන්.... ඇත්තම කතාව මූ පොඩ්ඩක් හැදිලා ඇවිත් හැබැයි !!! ආපස්සට ෂොට් එකක් ගහන්න වගේ අත මිට මොළවපු ගවීෂ් , අරවින්ද් ගාවදි පන්ච් එක ස්ලෝ කරලා පපුවට ස්ලෝ පන්ච් එකක් දුන්නෙත් පළවෙනි වතාවට යන්තම් ඌත් එක්ක බොක්කෙන්ම හිනා වෙන ගමන්.... පුහ්හ්හ් ගස් වැද්දා ඒකටත් රවනවා.. අපරාදේ හිනා වුනේ......හිනාව වෙනුවට ආයේ රවන ගමන් ගවීෂ් හිතුවේ මියුන්ගේ අතින් අල්ලගන්න අත හොයන අතරේ ... කොහේ අල්ලගන්න ද ඉතින් , ගවීෂ් අල්ලගන්න හොයපු අත මියුන් අරවින්ද්කාරයාගේ උරහිස වටේ යවලා ඌව අල්ලගත්තේ කලින් දවසේ රැ මිනිහාට තිබ්බ කොන්දේ අමාරුව ගවීෂ්ට මතක් කරලා දෙන ගමන්....

'' පුහ් උබට මොකො මට උදව් කරන්න හිතුනේ ? '' අරවින්ද් මියුන්ගෙන් ඇහුවේ නෝන්ඩියට උනාට මියුන් මුකුත් කියන්නැතුව රැව්වේ අරවින්ද්ට ඇවිදින්න උදව් කරන අතරේ..... අය්යලා මල්ලිලාගේ මල කෝලං හහ්... අනේ අම්මපා !!! මගේ කොන්ද කැඩුන්නැති හැටියක් !!!! අරවින්ද්ට සිරාවට අමාරු නිසා ගවීෂ් මුකුත් කියන්නැතුව ඉස්සර වුනේ මියුන් දිහා බලලා යන්තම් හිනා වෙන අතරේ....

මේ කන්ද බැස්සම , ඉර බැහැලා ගියාම........

සමහර විට ආයෙත් පුරුදු හිරගෙදර !!!
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* ඔයාලාට මේ කතාව ඇතුලේ ඇහිලා තියන හෙනම වෙස්සන්තර , මනමේ , රෝමියො , පත්තිනි , සුදු අම්මි, සුදු තාත්ති ETC ලයින් මොනව ද ?

මීට ,
(ලැව් අත්දැකිම් නැති නිසා දන්න ඉටිගෙඩියක් නැති ඕතර්... )

Continue Reading

You'll Also Like

177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
82.8K 15.3K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...
708 65 8
Original Name: Princess Wei Yang/Concubine's daughter is Poisonous Original Author : Qin Jian Genre : Drama, Mature, Josei, Romance This is not my ow...
2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....