- Plot 23 -

By Bulbz_D

868K 114K 39.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 57 -

5.8K 879 166
By Bulbz_D

රෑ වෙලා උනත් කහ පාට පහන් එළියෙන් හැඩවුන ගුහාව හරි නිස්කංලකයි.. වැඩක් නෑ !!! ඇගේ පතේ අමාරුවට මැරිලා වගේ නිදාගන්න පුළුවන් උනත් අරවින්ද් කාරයා ගොරවන සද්දේට මෙලව නින්දක් නෑ.... වැඩක් නැහ් !!  හිතන්න දේවල් කොච්චර තිබ්බත් කරුමෙට මේ වෙලාවේ වෙන කිසි දෙයක් හිතෙන්නේ නෑ.. වැඩක් නෑ !!... අයෝද්ම ඍෂිතුමා නම් තාමත් ඇහැරිලා... ඒත් වැඩක් නෑ... එළියේ වහිනවා ඇහෙනවා... වැඩක් ඇත්තේම නෑ.... සීතලයි හොදටම වැඩක් නෑ.... !!! මදුරුවොත් කනවා හහ්.... වැඩක් නෑ වැඩක් නෑ !!!!

අහහ්හ්හ් පවුල තරහා වෙලා ප්‍රෙන්ස් !! වැඩක් නෑ ....

ගවීෂ් පස් වෙනි වතාවටත් මූණ දික් කරන් මියුන් කිසි සද්දයක් බද්දයක් නැතුව හාන්සි වෙලා ඉදපු හරිය බැලුවේ අරවින්ද්ට උඩින්... ගානක් නැතුව අරවින්ද්කාරයාව මැද්දට දාලා කොනට ගිය හැටි විතරක්... ඔය යන්තං අවකැපෙන වචනයක් දෙකක් කියවුනා කියලා මං අහන්නේ-- වටේ ගියායැ මේ අහිංසකයා...  හහ්... ඌ විතරක් නං බැරිය මෙතන අරවින්ද්කාරයත් නැට්ට පාගගත්ත එකනේ අවුල.. අර ඍෂිකාරයා අන්තිමට කියපුවා මට අදාළයි කිව්ව නිසාදො මන්දා දෙන්නා එක්ක හිතන් ඉන්නේ මං මෙවීනාට තාම සිරා ක්‍රෂ්ය කියලාද කොහේ.... ඉතින් දෙන්නා එක්ක මට කපනවා දැන්.... ගවීෂ් මුමුණ මුමුණ බැන්නේ ඔන්න ඔහේ නිදාගන්නවා කියලා ආයේම හාන්සි වෙන ගමන්.....

'' අහ්හහ්හ් මගේ අත!! '' අරවින්ද් අඩ නින්දෙම කැගැහුවේ ගවීෂ් සැපට කඩන් වැටුනේ මිනිහාගේ අත උඩ නිසා....දැන් කේන්තියට ගහයි.. හරි ගැහුවා නේන්නං කකුලෙන්ම.... කිසි හිතක් පපුවක් නැති උන්... හහ්.... ගවීෂ් ගුටි කාලත් මුකුත් කියන්නැතුව ගුහාවේ බිත්තිය කෙළවරට උන නිසාම අරවින්ද් සුපර්ග්ලූ ගාලා වගේ තිබ්බ ඇස් දෙකෙන් එකක් ඇරගත්තේ සෑහෙන ගේමක් දීලා...

'' තමුසේ ඔතන වැන්දඹු සීන් එකේ වැළපෙන්නැතුව නිදාගනින්කො අයිසේ... '' අරවින්ද් කිව්වේ අනිත් ඇහැ අරින්න තියෙන කම්මැලිකමටම නිදිමතේ අනිත් පැත්ත හැරෙන ගමන්...

'' මගුල... ''

'' උබේ මගුල ද ? ඇයි ලබන අට නෙවේ ද ? අනේහ් ***තෝ.... බදින මගුලක් හෙට බැදපන්... මං නිදි.. '' අරවින්ද් නිදිමතේම කියෙව්වේ අන්තිම හරියේදි ආයේම නිදිමතටම මිනිහාගේ වචනවල සද්දේ අඩු වෙලා යද්දි.... මියුනුත් හ්ම් සද්දයක් නැතුව එයාගේ අත නවලා උඩට අරන් අල්ල උඩින් ඔළුව තියාගෙන හරි බරි ගැහෙනවා ගවීෂ් බලාගෙන.... නිදි නෑ තව... එක අතකට මේ පොඩි උන් තරහා වුනාම හෙන කේස්....

'' ස්ස්ස්..... ඒයි... '' ගවීෂ් අන්තිමේදි කතා කලේ අරවින්ද් ආයේ ඇහැරෙන්නැති ගානට සද්දේ අඩු කරලා... ඇහුනා ඕකාට හහ්....

'' ඒයි පාහරයෝ මේහ්... සස්ස්.... '' ගවීෂ් ආයේ මුකුත් කියන්නත් කලින්ම මියුන් එහා පැත්ත හැරුනේ වචනයක්වත් කියන්නැතුව... අපේ අපපේ මෙන්න වැඩක් !!! ...මෙතන හොදින් කතා කළාමත් ගෑස් බලහන්කො මුගේ හහ්... ගවීෂ් දමලා ගහලා නැගිට්ටේ තිබ්බ කේන්තියටම එහා පැත්තේ ඉදපු අරවින්ද්ගේ ඇගට විසිවෙන විදියට ගුහාවේ වැලිවලට පයිනුත් ගහන තමයි.... නෑ පව් නෑ... ඕකා තමයි සේරටම මුල... ඌ කඩන් පැන්නේ නැත්තන් මේ වෙද්දි මියුන් එක්ක හද එළියෙං රුං රුංනේහ් හහ්... ගවීෂ් හිතුවේ ප්‍රධාන ගුහාවේ තාමත් පහන් එළියෙන් පොතක් කියවපු අයෝද්ම ඍෂිතුමා ගාවින්  ගිහින් වාඩි වෙන ගමන්....එක අතකට මිනිහාව තනියම අල්ලගන්න තමයි ගවීෂ් බලාගෙන ඉදියේත්.... ගස්සගෙනන එයා ගාවට ඇවිදින් වාඩි වුන වේඝර්ණ උරුමය දිහා බලපු අයෝද්ම ඍෂි පවා පොත පැත්තකින් තිබ්බේ ඒ ටිකක් බර කතාවකට ආරම්භයක් කියලා හොදින්ම තේරුම් අරගෙන....

'' කෝම ද මේ දේවල් දන්නේ ? '' අයෝද්මගේ ආධිපත්‍ය රජ කරන ඇස්දිහා කෙලින්ම බලලා ගවීෂ් කෙලින්ම ඇහුවේ මේසේටත් අත තියන ගමන්....

'' දැකලා... ''

'' මොනව ද දන්නේ ? ''

'' ඒ දරුවා බර්ඩ්‍රොමිඩා කෙනෙක් කියන එක ද ? ''

'' ෂ්ෂ්ස්ස් !! මගේ කන් ඇහෙනවා... හෙමින් .. '' ගවීෂ් කලබලෙන් කිව්වේ ගුහාවේ දෝංකාර දෙන සද්දේ ගැන අවිශ්වාසෙන්... හොද වෙලාවට ආශක්‍යසිංහලාගේ හැකියාවන් වෙනස් උනේ....

'' මට ඕන නැත්තන් මේ හඩ වෙන කිසිම කෙනෙක්ට ඇහෙන්නේ නැහැ වේඝර්ණ... ''

'' මට කියන්න... ඔයා මොනව ද මේ ගැන දන්නේ ? වෙන්න පුළුවන් නරකම දේ ඇරුනම....  '' ගවීෂ් ඇහුවේ ඉවසීමෙන්....

'' වෙන මොනව ද දැනගන්න ඕන ? මං බැදිලා ඉන්නවා ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න... වේඝර්ණ කෙනෙක් විදියට බය නැතුව අහන්න..  '' අයෝද්ම කිව්වේ සන්සුන්ව.....

'' එක හොදක් නැද්ද ? ! එකම එක හොදක් ? අඩුම මට බලාපොරොත්තුවක් නැද්ද ? පොඩිම එකක් හරි ? මට දැනගන්න ඕන, අර පරණ කතාවම ආයේ කුරුටු ගාන්නැතුව අලුතින් ලියන්න විදියක් ඇත්තේම නැද්ද ?   '' ගවීෂ් අවංකවම ඇහුවේ අයෝද්මගේ මූණේ දැඩි බැල්මේ කිසිම වෙනසක් නැතිවෙද්දි.....

'' කොච්චර කල් හංගන්න ද ? ''

'' එයා කවුද කියලා කවුරුත් දැනගන්න එකක් නෑ... කවදාවත්... '' ගවීෂ් විශ්වාසෙන් කිව්වේ අයෝද්මගේ ස්ථිර ඇස්වල තිබ්බ අභියෝගය දිහා නළල රැලි කරන ගමන්....

'' ඇයි ? ''

'' විශ්වාසය හොදයි.. ඒත් ඕනවට වඩා අවතක්සේරුවත් , අධිතක්සේරුවත් දෙකම හොද නෑ වේඝර්ණ... ''

'' මට මාව විශ්වාසයි.. මං එයාව හංගලා තියාගන්නවා......  ''

'' ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙවේ දරුවා, මේ ගල් බිත්ති හතරෙන් එහාට පහළ නිම්නයේදි ඔයාට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා ඔයාම දන්නවා.... හෙට වෙනකොට ඔයාලා ආයේම පහළ ලෝකේට සම්බන්ධ වෙන්න ඕනමයි.... .   ''

'' ඇත්ත.... ඒත්.... ''

'' වේඝර්ණ , මතක තියාගන්න.... අරමුණක් නැති අරගලයක් කියන්නේම හරවන්න බැරි විනාශයක්... ඔයා ඉක්මනින් හොයාගන්න ඕන දේවල් හිතලාම කල් දානවා වැඩියි... ''

''  ඒක කොහෙමද දන්නේ ? '' ගවීෂ් ෂොක් එකේ ඇහුවේ මේසේ උඩ තියාගෙන ඉදපු අත පිටිපස්සට ගන්න ගමන්.....

'' ඒ ලියුම් ටික කියෙව්වත් ඔයාට අවසානයක් හොයන්න බැරි වේවි... කොහොමටවත් සතුටු හිතෙන අවසානයක් හැම කතාවකම නැහැ, විශේෂයෙන්ම එකට ආපු ගමනක වමට දකුණට බෙදෙන තැනක දෙපැත්තක් තොරගත්තම.... ''

'' මට පැහැදිලි නෑ !! ''

'' පැහැදිලි කරගන්න... ඉක්මනින්ම...නැත්තන් පරක්කු වැඩිවෙයි.... මං ඔයාට කියන්න බැදිලා ඉන්නේ එච්චරයි වේඝර්ණ.... ''

'' වේඝර්ණ වේඝර්ණ ගාන්න එපා !! ගවීෂ් මගේ නම... මට දැනගන්න ඕන ඔයා ඇත්තටම කවුද ? බර්ඩ්‍රේන් ද ? යොරෙල් ද ? ඩ්‍රොමිඩා ද ?  '' ගවීෂ් ඇහුවේ අඩුනොවුන කලබලෙන්.. මෙච්චර දේවල් දන්නේ ?

'' මමත් වේඝර්ණ...... ''  අයෝද්ම ඍෂි පැහැදිලි හඩින් උත්තර දුන්නේ ගවීෂ්ව පවා තිගස්සවන ගමන්......

.......................................... ආත්මය බාර කරන්න කලින්.... '' ඒ පැහැදිලි හඩ අන්තිම වතාවට ගුහාව පුරා දෝංකාර දුන්නේ අපැහැදිලි ඝන දුමාරය එයාව වෙලාගන්න මොහොතකට කලින්....

'' ඒ මොන - '' ගවීෂ් වාඩි වෙලා ඉදපු තැනින් නැගිටලා පස්සට වුනේ කිසිම මනුශ්‍ය ඡායාවක්වත් නැති ගුහාව පුරාවට ඇස් ගෙනියන ගමන්.... කතා කරගන්න උගුරෙන් වචන පිටවෙන්නැති නිසාම ගවීෂ් එතනම නැවතිලා බලාගෙන ඉදියේ ඇස් ඉස්සරම ඝන දුමාරයත් එක්ක අතුරුදහන් උන ඒ කෙට්ටු දේහදාරී ඍෂි ඡායාව දිහා.... මේ දැන් ..... !!! මේ දැන් තත්පරේකට කලින් එයා එක්ක කතා කරපු මනුස්සයා ????  ඒ වෙනුවට හිස් වුන ගුහාව.... දෙවියනේ !!!!  ඒක ආත්මයක්.... !!! ඔව් මේ සම්පූර්ණ වෙලාවේ එක තත්පරයක්වත් එයාගේ හද ගැස්ම ඇහුනේ නෑ නේන්නම්.... !!! තාමත් පහන් දැල්ල නොවෙනස්ව පත්තු වුනත් , එළියේ ඉදන් ගුහාවට කඩන් වැදෙන කුණාටුවේ සීතලට ගවීෂ් ආයේ ගැස්සුනේ වුන දේ හිතාගන්න බැරුව එතනම ගල උඩට වාරු දෙන ගමන්.....  කවුද ආයොද්ම !!! වේඝර්ණ පෙළපතේ එයා අහලා නැති අයෝද්ම ?????

පණ නැති පැකිලෙන කකුල්වලින් අඩියක් ඉස්සරහට තියපු ගවීස් මීට ටික වෙලාවකට කලින් ඍෂිතුමා පෙරලමින් ඉදිය පොත අතට ගත්තේ අවිනිශ්චිත හැගීමෙන්..... ගවීෂ් ආයේ කිසිම දෙයක් හිතන්නත් කලින්ම පළාතම අකුණකින් එළිය වුනේ ගවීෂ් පුළුවන් තරම් ඉක්මනට අත් දෙකෙන්ම කන් දෙක තද කරලා වහගනිද්දි..... මහ හය්යෙන් අකුණ පිපිරෙන සද්දේ එයාට ළං වෙනවටත් වඩා වේගෙන් එයාගේ වටේ එතුන අත් දෙක අස්සට ගවීෂ් මැදි වුනේ එයාවත් තිගස්සවමින් මහ හය්යෙන් අකුණ පුපුරලා යද්දි.... මියුන් ..... !! මියුන්ගේ අත් දෙක තදින් එතිලා එයාගේ ඔළුව පපුවට හේත්තු කරගනිද්දි ගවීෂ් වේගෙන් හුස්ම ගත්තේ මෙච්චර වෙලා හුස්ම ගත්තාද කියලාවත් මතකයේ නොතිබුන ගානට...

'' ඇයි මේ  ? '' මියුනුත් කලබලෙන් ඇහුවේ බෙල්ල මිරිකන වෙලාවක උනත් ගවීෂ්ගේ ඇස්වල බයක් ගෑවිලාවත් නොතිබුන බව මතක් කරගෙන.... එහෙම මනුස්සයා අකුණු ගහනවට බයයි වෙන්න බෑ ??? මෙච්චර හය්යෙන් හුස්ම ගන්නේ....

'' තිමෞර්ය ඇයි කියනවා මේ !! '' මියුන් සැර කලේ පොතක් පපුවට කරලා බලාගෙන එයාගේ උරහිස උඩින් නළල තියාගෙන අකුණක් පුපුරන සැරයක් ගානේ ගැහෙන ගවීෂ්ට....

'' කෝ ඍෂිතුමා ගිහින් ද ?  මේ වැස්සේ ? '' මියුන් ආයේ ඇහුවේ ගවීෂ්ගෙන් උත්තරයක් නැති තැන... ගවීෂ් දන්නේ නැ කියන්න ඒකටත් ඔළුව වැනුවෙත් අවසිහියෙන් ගානට.... ඒක මියුන් දැනගන්න ඕන නැ.... සමහර විට අඩුම අරවින්ද්වත්.... ගවීෂ් දැනටම තීරණය කරලා ඉවරයි..... මියුන් මුකුත් කියන්නේ නැතුව ගවීෂ්ව එහාට කරලා එයාව ගල උඩින් වාඩි කෙරෙව්වේ එයාගේ ඉස්සරින් ඒ මට්ටමටම පහත් වෙන ගමන්....

'' හ්ම් දැන් කියපන් ... මොකද උනේ ? '' මියුන් සන්සුන්ව ඇහුවේ ගවීෂ්ගේ උකුල උඩ තිබ්බ පොත හය්යෙන් අල්ලන් ඉදපු අත් දෙක පොතෙන් ගලවලා අරන් එයාගේ අත් දෙකින්ම හිමින් සැරේ අල්ලගන්න ගමන්....ගවීෂ් තාමත් මුකුත් කියාගන්න බැරුව කම්පනයටම....

'' තිමෞර්ය..... ? '' 

'' ..................... ''

'' ඇයි අය්යේ මේහ් ? ''  මියුන් ගවීෂ්ගේ අත් දෙක තවත් ළගට අරන් ඇහුවේ කොල්ලාගේ අඩන්න ඔන්න මෙන්න තිබ්බ කටහඩට ගවීෂ් ඇස් ලොකු කරද්දි....හෝව් හෝව් මෙන්න වැඩක් !..... බය පැත්තකින් තියලා ගවීෂ් එහෙමම බලාගෙන ඉදියේ මෙච්චර වෙලා ඇග පුරාවට ලේ පොම්ප කරගන්න හෙන ගේමක් දුන්න හාට් එකේ ලේ ගලන දිශාව මේ දැන් තත්පරේකට කලින් මාරු වුන ගානට.... අය්යේ ??????? ඒම ද දැන් ඌ කතා කලේ ????????

'' ම - මං තරහා නෑ .... '' මියුන් ආයේම මිමිණුවේ ගවීෂ්ගේ ඇස් මගඇරලා එයා අල්ලගෙන ඉදපු අත් දෙක දිහා බලාගෙන.... ඉතින් නිදහසේ බය වෙන්නවත් දෙනවද කියලා බලන්නකො පොඩි එකෙක් මෙතන හහ්.... අපේ අප්පේ කොන්ඩෙන් අල්ලගෙන ඇති වෙනකම් ඉඹින්න හිතෙනවා ... ඒත් - හහ් ගෑස් දාපුවාට රිටර්න් එකක් දෙන්නත් තියෙනවා... අහහහ්හ් ! මොකක් ද කරන්නේ ? -

'' අඩේ !! උබ තරහා වෙලාද ඉදියේ ? නෑ ?   ''  අර දෙකම වෙනුවට දිවේ අග අහලකවත් තිබ්බේ නැති වාක්‍යයක් කොහෙන්ද මන්දා ඇවිත් ගවීෂ්ගේ කටින් පැන්නේ මියුන්ගේ ඉටි ගතිය දැනෙන කොන්ඩේ හරහා පරිස්සමට අත යවන අතරේ...

'' අපෝ මේ නාගනින්... '' ගවීෂ් නෝන්ඩියට කිව්වේ මියුන් රවලා අත ගසලා දාලා නැගිටිද්දි...... කේන්තිය සාධාරණයි ! වෙනදට බර ගානක වටින ෂැම්පු ගාලා මේන්ටේන් කරන කොන්ඩේ නෙව....  මියුන් එහාට යන්න කලින් ගවීෂ් අතින් ඇදලා ආයේම එයාව ළගට ගත්තේ මෙච්චර වෙලා අතේ තිබුන පොත උකුල උඩ තියාගන්න ගමන්..... තද වෙලා ඉදපු මියුන්ව හෙන ගේමක් දිලා එයාගේ පැත්තට හරවගෙන අත් දෙකෙන්ම අල්ලගත්ත ගවීෂ් මියුන්ගේ මූණ දිහා කෙලින් බලන්න බෙල්ල ඉස්සුවේ ඉවසීමෙන්....

'' තමුසේ කොච්චර නැට්ට පාගගත්තත් , මගේ ජීවිතේ සිද්ධ වෙච්ච හොදම දේ මම මෙවීනාගෙන් ආස්ක් අවුට් කරපු එක.... උබට නෑ කියන්න බෑ ? '' ගවීෂ් ඇහුවේ විශ්වාසෙන්....

'' නැ .. '' මියුන් කෙලින්ම කිව්වේ ගවීෂටත් වඩා විශ්වාසෙන්....

'' නැත්තේ මොකද ? ඒනං තමුසේට මං වගේ හැන්ඩි කොල්ලෙක්ව ජිවීතේට හම්බුවෙන්නෑ.... ආහ් නෑ කියපන් පුළුවන් නම්.... ''

'' නෑ තමයි තිමෞර්ය... '' මියුන් නිදහසේ කිව්වේ ගවීෂ්ගේ අත් දෙකෙන් අත නොහැරම එයා ගාවින් බිම වාඩිවෙන ගමන්....

'' ඇයි මට වඩා හැන්ඩි කොල්ලෝ ඉන්නව ද ? හහ්.. කවුද කෝකා ද  ? මොන එකාද ? ඩ්‍රෑන් ද ? අර ක්ලාස්වල උබ එක්ක උබේ කොට යාළුවා ද  ? නැත්තන් අර ක්‍රිෂ්ගේ වෝඩ් එකේ ඩොක්ට ද ? හෝව් ඒම නැත්තන් අර වෝල්පේපරේ ඉන්න එකාවත් ද ? ---   ''

'' තමුසේ ඉස්සෙල්ලා අහනව ද ? ! ''

'' හරි කියනවකො.. ''

'' මං උබව මුලින්ම හම්බුනේ එදා නෙවෙයි.... ''

'' අහ් හා.... හෝව්... මොකක් ?මට ඒත් - ''

'' ඔව් , මේක උබට මතක නැතුව ඇති... ඒත් , මං ආසයි... මං කැමතියි අපිට අපි ගැන තියන මතකවල මේ සිද්ධියත් තියෙනවට.... මම කියන්න ද ?  ''  මියුන් අහන පරක්කුවට ගවීෂ් ඔළුව වැනුවේ කලබලෙන්...

'' හරියටම එදා තමයි... '' මියුන් මිමිණුවේ ගවීෂ්ගේ බෙල්ල පිටිපස්සේ තියෙන කැළැල හිමින් පිරිමදින ගමන්...

'' අරවින්ද් එක්ක වලිය ? එදා ද ? !! උබත් ඉදියා ද ?  මට මතක නෑනේ ඒයි.... මං ඇත්තටම කැමතියි උබව මට මතකයි කියලා වගේ එකක් කියන්න තිබුණා නම් !! '' ගවීෂ් අවංකවම කිව්වේ මියුන් යන්තම් හිනා වෙද්දි.....

''  තිමෞර්ය..... සාමාන්‍ය කොල්ලෙක් දිහා බලනවට වඩා උනන්දුවෙන් ඕනම කෙනෙක් පරම්පරාවක බර කර උඩ තියෙන කොල්ලෙක් දිහා බලනවා... ඉතින් , මං ඔයාට කියන්නේ නැහැ ඔයාට මාව මතක නැති එක අසාධාරණයි කියලා... මේ මුළු විලේජ් එකම ගවීෂ් වේඝර්ණාරච්චිව දන්නවා... ඔයා එක්ක එයාලාට එයාලාගේම මතක ඇති , ඔයාට දශමයක්වත් මතක නැති..... මං අද දවල් කිව්වේ , ඒකයි... එකම සිද්ධිය උනත් කෙනෙක්ට ජීවිත කාලේම මතක තියාගන්න තරම් මතකයක් වෙද්දි.... තව කෙනෙක්ට අමතක වෙන්න පුළුවන්... මං ඒක දන්නවා... ''

'' මට කියන්න...... ''

'' හරියට බැලුවොත් මේ කැළැල ඔයාගේ ඇගේ තියෙන්නේ මං නිසා.... ''

'' පිස්සු ! මට හොදටම මතකයි මේක අරවින්ද් තුවාල කලේ... ඒකේ රිටර්න් එක උගේ අතේ තියෙනවා... ''

'' අරවින්ද්ගෙන් ඔච්චර පාරක් වැදෙනකම් ඔයාගේ අවධානය කොහේද තිබ්බේ ? '' මියුන් සන්සුන්ව ඇහුවේ ගවීෂ් නළල රැලි කරද්දි... මතක නැහැ...

'' තමුසේම කියපන්.... ''

'' තමන්ගේ ජිවිතේ යකාට ගියාවේ කියලා , සටනකට මැදි වුන බලු කුක්කෙක්ව බේරන්න අවුරුදු දාසයක් වෙන හැම කොල්ලටම බැහැ.. නේ ද ? ''

'' මං ඒම කළා ද ? '' ගවීෂ් විශ්වාස කරන්න බැරි ගානට ඇහුවේ එයාටම ඇගිල්ල දික් කරගන්න ගමන්.... හරි ඒකෙයි මේකේයි සම්බන්ධේ මොකක් ද ?

'' ඔයා එක තත්පරයක් ඇතුළත ෂැම්ප්වල බේරලා මගේ අතට දෙන කොටත් ඒ තත්පරේත් මට මදි වුනා ඔයාගේ රතු පාට වෙලා තිබ්බ ඇස් දෙක දිහා බලාගෙන , වේඝර්ණ උරුමය ගැන මං කලින් අහලා තිබුන දේවල් මතක් කරගන්න....''

'' අහ්... '' 

'' අහ් කියන්න අමතක උනා... ෂෑම්ප් කියන්නේ මගේ අප්පච්චිගේ කොකස් ස්පැනියල් කෙල්ලගේන් ඉතිරි වුන අන්තිම පැටියා... ෂෑම්ප් තව ටික කාලයක් හරි මගේ ළගින් ඉදියේ ඔයා නිසා.....'' මියුන් කිව්වේ ගවීෂ්ගේ අත මහපිටගිල්ලෙන් හිමින් පිරිමදින ගමන්.... ඒම සිද්ධියකුත් වෙලා ද ? !!!

'' මට දශමයක් මතක නැ !! පුදුමයි... ඉතින් මං අර ප්‍රශ්නේ අහන්න ද ? '' ගවීෂ් ඇහුවේ මියුන් ඔළුව වනද්දි....

'' එදා මං ගැන මොනවද හිතුනේ ?  ''

'' ඒ වයසේ පොඩි ළමයෙක්ට හිතෙන්න පුළුවන් බරපතළම සහ මෝඩම දේ ..... ඔව්... සමහර විට... '' මියුන් කිව්වේ යන්තම් හිනා වෙලා ගවීෂ්ගේ අත අරගෙන ඇස් පියාගෙනම තොල් දෙක තද කරන අතරේ..... කියලා තියෙනව ද !! එහෙම කිස් කරනකොට මියුන්ගේ  මූණේ තියෙන්නේ හරිම ලෝබ හිතෙන විදියේ හැගීම් ගොඩක් !!.. ඒ ආදරේ ලබන ඕන කෙනෙක් අඩි ගානක් උඩ යන විදියේ !!...

'' එදාම ? සිරාවටම ද ?????  ''

'' පිස්සුද !!  මං කියන්නෑ මං මේ අවුරුදු තුනක් තිස්සේ උබව පතාගෙන ඉදියා කියලා !! ඒත් සමහර විට අවුරුදු දෙකකට පස්සේ උබව ආයේ මුණ ගැහුනම... සමහර විට මේ මාස ගානේදි උන දේවල් එක්ක...ආහ් විශේෂයෙන්ම වොෂ් රූම් එකේ සිද්දිය ! '' මියුන් හිනා වුනේ ගවීෂ්ගේ මූණ දිහා බලන ගමන්....  වල්කම නං අඩුවෙන්නෑ මෝඩයාහ් !!!

'' උබට කියලා තියෙද දන්නෑ , මං හරි ආසයි තමුසේ මේම කතා කරනවට !! '' ගවීෂ් කිව්වේ මියුන්ගේ හිනාවට දිලිසෙන ඇස් දිහා බලාගෙන....

'' එහෙම ද ? තව මොනවට ද ? .... '' මියුන් ඇහුවේ උනන්දුවෙන්.....

'' ම්ම් තව , පොඩි පොඩි දේවල්..... හරියට ඉදලා හිටලා පනින බර වචනවලට...බර කටහඩට... ''

'' ආහ් හා ? ''

'' කතා කරනකොට ඇඩ්ම්ස් ඇපල් මූව් වෙන විදියට... ආහ් තව ඇස් පිහාටු......එතකොට -   ''

'' ... ආහ් ඉන්න... '' මියුන් හදිසියේම කිව්වේ එයාගේ සාක්කුවෙන් ෆෝන් එක එළියට අදින ගමන්.... දෙපාරක් හිතන්නැතුව මෙරූන් පාට කවර් එක ගලවලා ගත්ත මියුන් ඒක අස්සේ තිබ්බ සුදු පාට කොළය දිග ඇරියේ ඒක ගවීෂ්ගේ අතට දෙන ගමන්.....

'' හිතන් ඉන්නේ තමුසේ වල්ගාතරුවක් කියලාද ?
කඩන් වැටෙනකොට ලස්සනට පේන්න ? ...
ඉතින් දැන් මං ප්‍රාර්ථනාවක් --''

මහ හය්යෙන් කොළය කියවන් ගියපු ගවීෂ් ,එක පාරට තොල් දෙක තද කරගත්තේ මහා කවියේ කතෘ කවුද කියලා තත්පර ගානක් ඇතුළත ගානකින් ඔළුවට එද්දි.... මල කෙලියයිනේ !!!

'' - ඉතින් දැන් මං ප්‍රාර්ථනාවක් කරන්න ඕනිම ද ?
කඩන් වැටෙනවා නම් මගේ අත්වලම නවතින්න ?
මගෙම විතරක් බලාපොරොත්තුව වෙන්න.... ?  ''  

මියුන් ඉතිරි ටික සම්පූර්ණ කළේ ඉවසීමෙන්....  මියුන්ගේ දිලිසෙන ඇස් දිහා ගවීෂ් තාමත් විසදගන්න බැරි බැල්මකින් බලාගෙන ඉදියේ මේ විදියේ අතිශය රහස්‍ය ලියවිල්ලක් එළියට ගිය විදිය ප්‍රොසෙස් කරගන්න බැරුව..... මේක හරි නං මේ වෙද්දි පොළවට පස් වෙන්න ඕන ලියවිල්ලක් දෙය්හාන්දුරුවනේ... !!

'' අහ් තව වරහන් අැතුලේ තිබ්බා මෙහෙම..... *සිහි නැතුව වැටෙන කොට පියවුන ඇස් පිහාටු දැක්කම ,
ඒ මත්තේ හෙවණ හොයන්න , දැන් මටත් හොදටම පිස්සුද !!! * ''   

'' මේක කොහෙන් ද ? අනික මං නෙවේ ලිව්වේ ..... '' ගවීෂ් ලැජ්ජාව වහගන්න බෙල්ල කස කසම ඇහුවේ ආයේම ඒ කවිය කියවලා බලන ගමන්... දෙය්යනේ ලැජ්ජාව බාල්දියෙන් එකයි.. හොදටම මතක විදියට මේක ගුලි කරලා කටේ දාලා හපලාත් තමයි ජනේලෙන් විසි කළේ !!! ආහ්හ් !! ඒ වෙනකොට මියුන් ඉදියෙත් ටයිඩ්‍රැක්ස් එකේමයි නේහ් !!

'' නිදහසේ ඇවිදින්න ආවාම ඔළුවට වැදෙන කොළ ගුලියක් නිසා මේම වෙන්නත් පුළුවන්... '' මියුන් කිව්වේ ගවීෂ්ගේ කම්මුලෙන් අල්ලලා හොලවන ගමන්..... ඒ හිනාවට ලෝබ හිතෙනවා , මොකද ඒ හිනාවත් එක්ක මියුන්ගේ ඇස්වල ඇදෙන්නේ ආදරය කියන එකට තාම කවුරුත්ම ඇදලා නැති දිය සායම් චිත්‍රයක් !!!

'' ඉතින් තව මොනව ද ? අද මොකද දන්නෑ සේරම කියන්න හිතුනේ ?  '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ වෙනස එයාට නොතේරෙනවම නොවෙන නිසා.... ඔව් එයාගේ හුස්ම පවා හරි බරයි... !!!

'' අපි ගැන මතක් කරද්දි මේ මතකත් කොනක තියෙනවට මං ආස නිසා.... ඉතින් ඔයාට මේ දවස මතක තියෙයි ද ? '' මියුන් එයාගේ බර කටහඩින් සන්සුන්ව ඇහුවේ ගවීෂ් නළල රැලි කරද්දි...එයාගේ කටහඩ ගැඹුරුයි.... මොකාට ද එන්න හදන්නේ.... මියුන්ගේ බර ඇස් දැක්කම දැනටම පපුව කිදා බැහැගෙන දැනෙන අමුතු වේදනාවට ගවීෂ් පොඩ්ඩක්වත් කැමති නෑ කියලා විතරක් එයාට විශ්වාසයි....

'' මං හිතුවේ මට මේකට හිත හදාගන්න බැරි වෙයි කියලා ... ඒත් තිමෞර්ය... '' මියුන් සන්සුන්ව කිව්වේ ගවීෂ් කලබලෙන් මියුන්ගේ අත එහාට තල්ලු කරද්දි... එහෙනම් මුල ඉදන්ම එයා කියන්න හැදුවේ මේක.. !!! සිරාවටම - !!

'' නෑ ! තමුසේට ඒක කියන්න බෑ .... '' ගවීෂ් කිව්වේ මියුන් ආයේ අල්ලගන්න හදපු අත එහාට තල්ලු කරන ගමන්...

'' මුරණ්ඩු වෙන්න එපා... මං තාම තමුසේ එක්ක ඉන්නවා.... හෙට කන්ද බහිනකම්ම ඉන්නවා... '' මියුන් පුළුවන් තරම් කටහඩ සන්සුන් කරගන්න අතරේ කිව්වේ ගවීෂ් ආයේම මියුන්ගේ අත් දෙක එහාට තල්ලු කරද්දි...

'' තමුසේට ඕම කියන්න පුළුවන් නං මටත් පුළුවන් දැනගනින්... උබ මාව දන්නෑ හරියට !! '' ගවීෂ් කේන්තියෙන් කිව්වේ මියුන් ආයේම එයාගේ උරහිසට තියපු අත එහාට තල්ලු කරන ගමන්....

'' අත ගසන්න එපා තිමෞර්ය , මට කේන්ති යයි...  '' මියුන් කේන්තියකට වඩා හැගීම්වලින්ම වෙව්ලුම් කන කටහඩ පාලනය කරගන්න දගලන ගමන්ම කිව්වේ ගවීෂ් ආයේම හිතුවක්කාර විදියට මියුන්ගේ අත එහාට තල්ලු කරද්දි....

'' නටාගනින් !!! මට කමක් නෑ !! ''

'' හෙට අපි ආපහු යනවා , ඉතින් අපි සමුදුන්නත් නැතත් වෙන්න තියෙන දෙයක් වෙයි.... ඒක නිසා ............... පුළුවන් නම් --

-- මට දැනටවත් ඔයාගේ අතින් අල්ලගන්න දෙන්න... '' 

.
.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

27.4K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
690K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...