- Plot 23 -

By Bulbz_D

873K 115K 39.9K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 55 -

6.3K 904 149
By Bulbz_D

'' ඇයි සීතල ද තමුසේට ? ''

'' ම්හ්..'' ගවීෂ් නැහැ කියන්න ඔළුව දෙපැත්තට වැනුවේ මියුන්ගේ ඇගට හේත්තු වෙලා තවත් ගුලි වෙන ගමන්...

'' නිකන් බය නොවී හිටපන්.. දැන් ඇහෙන්නෑනේ.... '' මියුන් ඒ පාර සැර කලේ උරහිස ගසලා දාලා ගවිෂ්ව ආයේ කෙලින් කරන ගමන්.... වැස්ස නම් සම්පූර්නයෙන්ම වගේ නැවතිලා දැන්.....

'' කවුද යකො බය... '' ගවීෂ් ගෙරෙව්වේ ආයේ මියුන්ගේ ඇගට හේත්තු වෙන ගමන්....

'' පොඩ්ඩක් අහකට වෙලා ඉදපන්කො මේක හදන කං.. '' මියුන් ආයේ ගවීෂ්ව උරහිසෙන්ම එහාට තල්ලු කලේ ගවීෂ් මූණත් දෙක කරන් මියුන්ගේ මහා ලොකු වැඩේට එබෙද්දි....

'' තාම ඕක තැම්බිලා නැතෙයි... '' ගවිෂ් ඇහුවේ නූඩ්ල්ස් කප් එකට අත තියන්න හිතාගෙන උනාට ඊට කලින් මියුන් අතට ගැහුවේ ගවීෂ් කරත් බාගෙන අත එහාට ගනිද්දි..... එයැයිගේ සැර විතරක් හහ්.... ඒත්.... !!! ගවීෂ් එහෙමම මියුන්ගේ නළලට අත තිබ්බේ මියුන්ගේ අතේ තිබ්බ රස්නේ ගතියට....

'' යකො ඇග රස්නෙයි වගේ මං හිතන්නේ ආයේමත්..... ''

'' ඔව් ! කට වහගෙන ඉදපන්.. '' මියුන් සැරෙන් කිව්වේ අතේ තිබ්බ චොකලට් කැල්ල ගවීෂ්ගේ කටට ඔබලා....

'' බෙහෙත් ටික  - ''

'' මං ඒක බලාගන්නම්...  ඔච්චරයි තමයි මේ සීතලේ තැම්බෙන්නේ... පුළුවන් විදියකට කාපන්.... '' මියුන් කිව්වේ ගවීෂ්ගේ අතට නූඩ්ල්ස් කප් එක දික් කරන ගමන්...  මියුන් අහුවුන පළවෙනි කටම සාගතේක ඉදිය ගානට කටේ ඔබාගන්නවා බලාගෙන ඉදපු ගවීෂ් පුංචිම පුංචි කටක් පුරව ගත්තේ ඕනවට එපාවට... මරු කෑම්පින් අදහස් !!! උණුත් නැ, බාගේට තැම්බිලා... අරු අච්චර කටවල් කෝම කනව ද දන්නැ.. කරන්න දෙයක් නැ . අදහස මගේ නෙව...

'' රහයි අවුලක් නෑ.. '' ගවීෂ් එයාටම හිත නිවන කතා කියාගෙන දෙවෙනි පුංචි කටත් කටේ ඔබාගත්තේ එක හුස්මට කාලා ඉවර කරපු මියුන් කප් එකේ බොන්න තිබ්බ ටිකත් එක හුස්මට බීලා ඉවර කරලා හිස් කප් එක අතට ගනිද්දි... මූ යකො -

'' තමුසේ මාව ගණන් ගන්නෑ... '' ගවීෂ් අමාරුවෙන් තුන් වෙනි කටත් ගිලලා දාලා නහයෙන් කිව්වේ මියුන් ආයේම රවලා ගවීෂ් ගාව තිබ්බ නූඩ්ල්ස් කප් එක උදුරලා ගද්දි... ඒපාර කන්නත් දෙන්නැද්ද ?

'' කට ඇරපන්.....'' මියුන් කිව්වේ ගවීෂ් හිතුවක්කාරකමට කට තව තද කරගනිද්දි..  ඔබයි මගේ කටේ ඉටිගෙඩියක්... හහ්...

'' කන්නේ නැද්ද ? '' මියුන් ඒ පාර සන්සුන්ව ඇහුවේ ගවීෂ් ඒකටත් උත්තරයක් නොදී අහක බලාගනිද්දි... ඒ පාර කප් දෙකම පැත්තකින් තියපු මියුන් සන්සුන්ව ගවීෂ්ගේ අත් දෙකෙන්ම අල්ල ගත්තේ ගවීෂ්ව එයාගේ පැත්තට හරවගෙන....

''මොකක්ද වෙන්න ඕන.... තිමෞර්ය ? '' මියුන් ඒ පාර පරිස්සමින් සන්සුන්ව ඇහුවේ ගවීෂ්ගේ මූණ දිහා කෙලින් බලන ගමන්.... ගවීෂ් මුකුත් කියන්නැතුව මියුන්ගේ නළල උඩින් නළල තිබ්බේ ඇස් දෙක පියාගන්න ගමන්... ඇත්ත කතාව කටහඩවලින් පස්සේ මිනිහාගේ හිතට ටිකක් බරයි..මිනිස්සු නැති බ්‍රින්ධව් කන්දේ එච්චර අය ? මොනවා කරනව ද ?සමහර විට කටහඩවල් තුන එතරම්ම පැහැදිලි නැහැ..... මෙච්චර කල් ඒක නොදැනම ඉදපු එකට වඩා මේ විදියට අහම්බෙන දැනගත්තම දැනෙන නොසන්සුන්කම වැඩිද ? වැරදිලාවත් කවුරුහරි දැක්කොත් -- එතකොට එයාගේ මූණේ වැදෙන මියුන්ගේ හුස්ම පවා හරිම සන්සුන්......ආහ් ඒක මේකට අදාල නැද්ද මන්දා...

ගවීෂ් හිමින් ඇරපු ඇස් , තොල් උඩට දැනුන ආදරණීය පහසට මොහොතකට අවනත වෙලා ආයේම පියවුනේ එක ඇසිල්ලක මොහොතකින්.... බලාපොරොත්තු නොවුන පහස නිසාමදෝ ගවීෂ් එහෙමම පිටිපස්සට බර වුනත් මියුන් එයාගේ ඉණ වටේ අත යවලා ගවීෂ්ට හිමින් බර වුනේ තවත් ගැඹුරට එයාගේ සිප ගැනීම අරගෙන යන ගමන්.....ඒ අත් එයා වටේ එතුන විශ්වාසයේ බලපෑමටම ද මන්දා මොනවා කරන්න ද හිතාගන්න බැරුව අසරණ වුන, එයාගේ අසරණ දෙතොල්වලට ගවීෂ් නිදහස දුන්නේ මියුන්ගේ අතට සම්පූර්ණ පාලනය දෙන ගමන්... මියුන්ගේ අනිත් අත එයාගේ ඉණ වටේ එතෙනවාත් එක්කම මෙච්චර වෙලා ඉණ වටේ එතිලා තිබ්බ මියුන්ගේ අත ඇගම හිරිවට්ටවමින් බෙල්ල දිගේ උඩට ඇදෙන විදිය ගවීෂ්ට දැනෙනවා... එතකොට එයාගේ අත් ? ඒවා කොහෙ ද ? දන්නැ... අහ් අතට අහුවෙලා තිබ්බ මියුන්ගේ ෂර්ට් එකේ පහළ චූටි කොන් දෙක අතඇරපු ගවීෂ් ආයේම අත තියන්න තැනක් හිතාගන්න බැරුව ඒ චූටි කෙළවරෙන්ම ගුලි කරලා අල්ලගත්තේ හුරුබුහුටි විදියට...

ඒක හරියට මියුන් එක්කම හුස්ම ගන්නවා වගේ.... මියුන් එයාට නිදහසක් දෙන තත්පරේම ගවීෂ් පුළුවන් තරම් හුස්මක් උඩට අදින්නේ ඊළග වතාව තවත් පුළුවන් තරම් අල්ලගෙන ඉන්න ඕනකමට ද මන්දා....  ඒක කලබලයක් ගෑවිලාවත් නැති හරිම සන්සුන් ගැඹුරු හැගීමක් කියලා ගවීෂ් උනත් පිළිගන්නවා.... කොච්චර හදිසියක් තිබ්බත් මියුන්ගේ සන්සුන් විදියට අකමැතියි කියන්න කිසිම දෙයක් ගවීෂ්ට නෑ.... මොහොතින් මොහොතට ඇවිලෙන.... මොහොතින් මොහොතට නිවෙන....ඇග පුරා පැතිරෙන ඩෝපමින්වලින් තව තවත් මත් වෙද්දි එයාට අවනත නැති දෙතොල් ගැන හිතන්න ගවීෂ්ට සිහියක් තිබුනෙම නැති තරම්... !!! මියුන්ගේ අගල් ගානක ඈත්වීමත් එක්ක ඇස් අරින්න ලැබුන අවසරය නිසාම ගවීෂ් බර වෙලා තිබ්බ ඇස් පිහාටු නිදහස් කළේ අසීමිත හිරිවැටීමකින් පීඩා විදින තොල් තද කරගන්න ගමන්.... !!

'' ම්ම්...හැමදාම කියනවා... දත් තද කරන්න එපා කියලා... '' මියුන් ගවිෂ්ගේ යටිතොලට මහපටගිල්ල තියලා හිමින් පහලට අදින ගමන් හිමින් මිමිණුවේ ගවීෂ්ගේ ඇගම හිරිවට්ටලා... ඌ දන්නෑනේ ඉබේම දත් තද වෙන බව.... !! මියුන්ගේ මූණේ ඇදිලා තියෙන්නේ පිස්සු හැදෙන හිනාවක්... මියුන්ගේ මහපිටගිල්ලේ දෙවෙනි තරවටුවට ගවීෂ් හිර කරගෙන ඉදපු තොල් හිමින් ලිහිල් කලේ මියුන්ට ඇති වෙනකම් ඉඩ හදාගන්න අවසරය දෙන ගමන්....

'' ම්ම්හ්...මට මේ ගානට ඉඩ ඇති... '' ගවීෂ්ගේ කටින් මහපිටගිල්ල එළියට ගන්න ගමන් මියුන් මිමිණුවේ ගවීෂ් ඔළුව වනන පරක්කුවට එයාට බර වෙන ගමන්..... එයාගේ දිව යටට දැනුන පොපියන පහසට හුරු වෙන්න තත්පර ගානක් ගත්ත ගවීෂ් මියුන්ගේ උරහිසින් තද කරලා අල්ලගත්තේ තත්පරයක් ඇතුළත හිතුවක්කාර විදියට මියුන්ට බර වෙන ගමන්.... සම්පූර්ණ නිදහස....මියුන් හැමතිස්සේම වගේ එයාගේ බොටම් ලිප් එකේ දකුණු කෙලවරේ වැඩියෙන් වෙලාව ගත කරන බව ගවීෂ් දැනටම අදුරගෙන ඉවරයි... උද්වේගකර හැම සිපගැනීමක්ම මියුන් සන්සුන්ව ඉවර කරන්නේ එතනින්....සමහර විට වැඩියෙන්ම තොල් දරදඩු වෙන්නෙත් එතනදි ද මන්දා... ඒත් හරිම පිළිවෙලකට... තවත් ගැඹුරට.... සමහර විට එයාට වඩා මියුන් රතු වෙලා.... හරිම කලාතුරකින් තත්පරයකදි ඇරෙන ඇස්වලට අපැහැදිලිව අහුවෙන්නේ මියුන්ගේ රතු වුන කන් පෙති.... !!! ගහෙන් වැටුන මිනිහාට ගොනා අනිනවා වගේ වැඩක් මේක !!

'' ඔහ්... '' මියුන් එකපාරටම වගේ එහාට වුනේ ගවීෂ්වත් කලබල කරන ගමන්....  කණ්ණාඩි දෙක නැති නිසමදො මන්දා ඇස් දෙකත් පුංචි කරගෙන කලබලෙන්ම ගවීෂ්ගේ ලිප්ස් උඩින් පරිස්සමට මහපටගිල්ල අරන් ගියපු මියුන් ආයේ එයාගේම ලිප්ස් චෙක් කලේ ගවීෂ් මුකුත් හිතාගන්න බැරුව බලාගෙන ඉද්දි....

'' අහ් මගේ මගේ.... ෂේප්.. '' මියුන් සැහැල්ලුවෙන් වගේ කිව්වේ යන්තම් පිපිරිලා තිබ්බ එයාගේ බොටම් ලිප් එක තෙත් කරන ගමන්... යකු ලේත් එනවා !!!!  එච්චර මොනව ද කළේ මෙතන ???

'' මගේ අතින් ද උනේ ? කොයි වෙලේ ද !! '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ නිකට උස්සලා තොල් පිපිරිලා තිබුන හරිය දිහා බලලා ඇස් පුංචි කරන ගමන්.. තිබ්බ හදිසියට ඕම එකක් නොවුනා නම් නේ පුදුමේ !...  මියුන් මුකුත් කිය්නනැතුව යන්තම් හිනා වුනේ ගවීෂ් නළලට ඇගිල්ලෙන් තට්ටුවක් දාන ගමන්.... තව හිනාත් වෙනවානේ !!!! ගවීෂ් මියුන්ව ඇදලා අරගෙන නළලෙන් දිග කිස් එකක් තිබ්බේ එහෙමම අත් දෙක බෙල්ල වටේ දාලා මිනිහාව බදාගන්න ගමන්....ඇග රස්නේ ගතිය අඩු වෙලා දැන් එක අතකට....

'' එහ්.. '' ගවීෂ් සද්දේ අඩු කරලා මිමිණුවේ බලාපොරොත්තු නොවුන විදියට ළගින්ම ඇහුන සද්දේට.... කවුරුහරි දුවනවා.... නැ ! දුවන් එනවා.... මේ පැත්තට....

'' තිමෞර්ය... ?? ''

'' කවුරුහරි මේ පැත්තට එනවා... '' ගවීෂ් මිමිණුවේ මියුන්ව ඒ පැත්තෙන් කවර් කරගෙන නැගිටින ගමන්.... ගස් ගොල්ල පැත්ත.... ඒ පැත්ත තාම පැහැදිලියි.....

'' අපිට මෙතනින් යන්න වෙලා මදිද... '' මියුන් අවිශ්වාසෙන් ඇහුවේ ගවීෂ් ඔළුව වනද්දි... එයාගේ වේගේ --.... ඒක ...පුරුදුයි...ඒත් එක දෙයක් විශ්වාසයි.... ඒ වේඝර්ණ කෙනෙක් නම් නෙවෙයි !!!! නැ.... තව තත්පර ගානක් ඇතුලත.. නෑ එයාට මහන්සියි... හති දානවා...... සද්දේ තවත් ළග ඇහෙද්දි ගවීෂ් මියුන්ගේ අත අල්ලගත්තේ එයාව පිටිපස්සට ගන්න අදහසින් වුනත් මියුන් අත ගසලා දාලා ගවීෂ්ගේ උරහිසින් අල්ලගත්තේ ඉවසීමෙන්.....

එකයි - දෙකයි........... හිටහන් !!!!!

අරවින්ද් ?????????????????????

ගස් අතරින් මතුවුන කෙනාව තත්පරයක් ඇතුළත අදුරගත්ත ගවීෂ් මෙච්චර වෙලා මිට මොළවගෙන ඉදපු අත ලිහිල් කළේ තත්පරේකට දැනුන සැනසීමකට උනත් ඒ සැනසීම මොන කෙහෙල්මලකට දැනුන ද කියන්න දන්නැති කමට ගවීෂ් බලාගෙන ඉදියේ ඒ නිල් පාට ඇස් දෙක එක තත්පරයකින් ගවීෂ්ව ග්‍රහණය කරගනිද්දි.... හරි ඉවරයි..---- !! ඒත් නොදන්නා හතුරට වඩා දන්න හතුරාත් සැනසීමක් !!! ! -

'' ගවීෂ්.....!! '' කොච්චර නොපෙන්වා ඉන්න හැදුවත් ඒ මූණේ එක තත්පරේක සැනසීමක ඡායාවක් ඇදිලා ගියේ මියුන් කලබලෙන් ගවීෂ්ගේ අතින් අල්ලගනිද්දි... සමහර විට එයාට වඩා මියුන් කලබල වෙලා ??? වෙන්න ඕන!!! ඒ ආශක්‍යසිංහ උරුමය !!!! අරවින්ද් කොච්චර බූරුවෙක් උනත් මේ මහ වැස්සේ මියුනුයි එයයි තනියම බ්‍රින්ධව් කන්දේ මේ පැත්තට වෙලා මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් උට නැති වෙන්න බෑ....  මොනා කරන්න ද කියලා හිතාගන්න කලින් අරවින්ද් ගහ යටට දුවගෙන ආවේ හති දාන ගමන්..... තෙමිලා , ඇදුම් බාගේට ඉරාගෙන... මුණත් තුවාල කරගෙන.. මොන විකාරයක් නටලා ද කියලා තේරෙන්නැති වුනත් ආපු ගමන් ගහට වාරු දීපු විදියෙන් මිනිහා බය වෙල තියෙන්නේ එසේ මෙසේ දේකට නෙවේ කියන්න නම් ගවිෂ්ට තේරෙනවා....

''මොන ***  ද ආශක්‍යසිංහලා මෙහේ කරන්නේ  ? '' ගවීෂ් කඩන් පැන්නේ අවිනිශ්චිතව.. එතකොට අර සේරම ආශක්‍යසිංහලාගේ මොකක් හරි සැලසුමක් ද ?

'' තමුසේ පලයන්... මට වතුර එකක් දීපන් !!! '' අරවින්ද් සිහියක් නැති ගානට හති දාදාම මියුන්ට මිමිණුවේ මියුන් උඩයි බිමයි ගවීෂ් දිහයි බලලා බලලා වතුර එක අරවින්ද් අතට දෙද්දි....වතුර එක කටට හලාගන්න ගමන් අරවින්ද් බිමින් වාඩි වුනේ කාගේද දන්නැති උනත් ඇස් ඉස්සරහා දිලිසි දිලිසි තිබ්බ නූඩ්ල්ස් කප් එකත් අතට අරගෙන ලොකු කටවල් දෙක තුනක්ම කටේ ඔබාගන්න ගමන්... යකො අම්මගේ අප්පාගේ දේපල වගේනේ හැසිරෙන්නේ මූ......

'' ඊයා මියුන්...... තමුසේට හරියට නූඩ්ල්ස් එකක් හදාගන්න බැරිද ....................... හිටපන් !!!!! මි-යුන් ????????? '' අරවින්ද් අන්තිම ටික සම්පූර්ණ කළේ ඇස් දෙකත් ලොකු කරන ගමන්.... මිනිහා අකුණක් ගැහුවා වගේ ගවීෂ් දිහාවට හැරුනේ ආයේ මියුන් දිහාත් බලලා එහෙමම නැගිටින ගමන්..... මුට දැන් ද එතකොට නෝට් වුනේ ??? පුදුම ටියුබ් ලයිට් එකක්නේ.... !!!  ඇස් ලොකු කරගෙන , කටත් බාගේට ඇරගෙන ගවිෂ්ට දබර ඇගිල්ල දික් කරපු අරවින්ද් කියාගන්න දෙයක් හිතාගන්න බැරුව මියුන් දිහාවට හැරුනේ ආයේ මියුන්ගේ උඩ ඉදන් බිමටම බලන ගමන්....

''තමුසෙලා දෙන්නා යාළුවො ද ?!!! '' අරවින්ද් මියුන්ට කඩන් පැන්නේ අරවින්ද්ගේ ඇස්වල පුපුරන කේන්තියට මියුන් පවා කියාගන්න දෙයක් නැතුව ගවීෂ් දිහා බැලුවේ මියුන්ගේ බැල්මට අනුවම අරවින්ද්නුත් ගවිෂ් දිහාවට හැරෙද්දි...

'' උත්තර දීපන්.... ''

'' ඔව් - '' , '' නෑ -- '' මියුන් ඔව් කියද්දි , ගවීෂ් ගානක් නැතුවම නෑ කිව්වේ අරවින්ද්ගේ කේන්තියට නිල් පාට වෙලා තියන ඇස් දෙක දිහා කෙලින්ම බලන ගමන්....

'' ගවිෂ් !!!! මොන කෙහෙල්මලක්ද මෙතන වෙන්නේ කියපන් ......''

'' අහවල් කෙහෙල්මල තමයි ඉතින්.... '' ගවීෂ් ගානක් නැතුව කිව්වේ ගවීෂ් දිහාවට පැන්න අරවින්ද්ව මියුන් පිටිපස්සට අදිද්දි... එයා අහපු දේට වඩා උත්තරයක් මේ වෙනකොට මියුන්ගේ හැසිරීමෙන් ලැබිලා ඉවර වුනත් අරවින්ද්ගේ මූණේ තියෙන්නේ පුපුරු ගහන කේන්තියක්....

'' උබ පැත්තකට වෙයන්...මට ප්‍රශ්නේ තියෙන්නේ අරූ එක්ක....  '' අරවින්ද් මියුන්ට සැර අඩුවෙන් කතා කරන්නේ වෙන මොකක්වත් නෙවේ උගේ අසනීප ගතිය නිසා... නැත්තන් සේරටම කලින් මියුන් මෙතන එයාගේන් ප්‍රබල ගනයේ කනේ පාරක් කාලා ඉවරයි !.

'' හරි ..මොකක්ද තමුසේගේ ප්‍රශ්නේ... මේ අහපන් අරවින්ද්.... මෙතන උබට ඔය ගිරිය පුප්පන් ගැස් දාන් රගන්න දෙයක් නැ... තමුසේට කියන්න තියෙන තියේ නං අවංකව කියපන්.... ඊට පස්සේ මට කියන්න දෙයක් තියේ නං මාත් අවංකව කියන්නම්....'' ගවිෂ් සාක්කුවට අත් දෙක දාගෙනම කිව්වේ කෙලින් කිව්වේ අරවින්ද්ගේ මූණ දිහා කෙලින් බලන ගමන්.....

'' තමුසේ කටවහපන්... !! මියුන් මට කියපන්...යාළුකමක් ද ? ඊට එහා ද ? ''

'' චහ්... '' ගවීෂ් නෝන්ඩියට කිව්වේ මියුන් ආපහු  පුළුවන් උපරිම හය්ය දාලා අරවින්ද්ව පිටිපස්සට අදිද්දි....

'' පොඩි එවුන් වගේ හැසිරෙන එක නවත්තනවද  ? '' මියුන් දෙන්නාගෙන්ම සැරෙන් ඇහුවත් , එකෙක්ටවත් ඇහුන පාටක් පේන්නවත් නැති තරම්.... එයා දිහා කෙලින්ම බලාගෙන ඉදපු ගවීෂ්ගේ ඇස්වල තිබුනේ සැහෙන තරමේ විශ්වාසයක්... ඒක සමහර විට අරවින්ද්ගේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නැති.. ඒත් -

මේකා !!!! ''  මියුන්ගේ ෂර්ට් එකෙන් අල්ලලා එයාව ඇදලා ඉස්සරට ගත්ත අරවින්ද් ගවීෂ්ට මියුන්ව පෙන්නුවේ වෙව්ලන කේන්තියෙන්...... මියුන් කේන්තියෙන්ම අරවින්ද්ව එහාට තල්ලු කළත් අරවින්ද් ආයේ මියුන්ව ෂර්ට් එකෙන් ඇදලා ගත්තේ ගවීෂ් අඩියක් ඉස්සරහට තියද්දි.....

'' යකො මුට අම්මා අප්පා නැති එක හරි.... බලයක් නැතුව ඇති ඒකත් ඕන ලබ්බක් !!!! බොරු ඕන නැනේ මුටයි මටයි කියලා මහා බැදීමක් තිබිලත් නෑ ඒකත් හරි... යාළුවෙක් නැති එකත් හරි... මුට තාම දහ අටක් නෑ ... සීයා මුට බුරුල දීලා උට මේ පෙළපත් උලව්ව ගැන තේරෙන මගුලකුත් නෑ !!! ඒත් යකො තමුසේ මහ ලොකු වේඝර්ණ උරුමය නේ ද ? මේව ද යකො තෝ අවුරුදු ගානක් ඉගෙන ගත්තේ ???? '' අරවින්ද් කැගැහුවේ මියුන්ව ෂර්ට් එකේ කරෙන්ම අල්ලලා ගවිෂ්ගේ පැත්තට තල්ලු කරන ගමන්..... මියුන්ව අල්ලගෙනම අරවින්ද්ට කියන්න තියෙන දේවල් ටික කියනකම් ගවීෂ් කේන්තිය කාගේන බලාගෙන ඉදියේ මියුන් ගවීෂ්ට හෙළවෙන්න නොදී උරහිසින් තද කරලා අල්ල ගනිද්දි....

'' අරවින්ද් !! ''

'' තමුසේටයි තේරෙන්නේ ඕන මොන මගුලක්ද ඔය කරන්නේ කියලා.... තමුසෙට නං මොන මගුලක්වත් වෙන්නේ නෑ , තමුසේ මහ ලොකු උරුමය නිසා... තමුසේ ඔය ඔච්චරටම මරාගන්න දගලන්නේ ඔය කොල්ලව ගවිෂ් !!!! ''

'' ඒක මං බලාගන්නම්. ''

'' මොකක්ද තෝ කිව්වේ ? බලාගනියි තමුසේ !! යකො  තොපිලගේ සීයා මූව මරයි !!!!..  '' අරවින්ද් ආයේ කෑගැහුවේ  මියුන් දිහාවට අත දික් කරන ගමන්... අරවින්ද්ට කේන්ති ගිහින් තියෙන්නේ සාමාන්‍ය එකෙන් නෙවේ කියලා එයාගේ වටේට නොසන්සුන් වෙන හුළගෙන් ගවීෂ්ට තේරෙනවා....

'' පොඩ්ඩක් අහනව ද දෙන්නම !!!!.. '' මියුන් හුස්මක් අරගෙන කතා කලේ පැහැදිලි හඩින්....

'' තමුසේ පැත්තකට වෙයන්...! '' අරවින්ද් කෑගැහුවේ ගවීෂ්නුත් මියුන්ව පස්සට කරද්දි...

'' ඒක මං විසදගන්නම්... '' ගවීෂ්නුත් මියුන්ට සැර කළේ අරවින්ද් දිහා ආයේ කෙලින් බලලා...

'' නිකමට හිතපන් අපි සාමාන්‍ය මිනිස්සු කියලා... ඒම උනාම තමුසේට මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, අන්න ඒක කියපන්... ''

'' යකෝ අපි සාමාන්‍ය මිනිස්සු නෙවේ !!! ප්‍රශ්නේ පටන් ගන්නේම එතනින් , තේරුම් ගනින් !! ''

'' අහ් මං දන්නැතුව ඉදියේ... ''

'' තිමෞර්ය !! '' මියුන් ගවීෂ්ට කතා කලේ අරවින්ද්ට උත්තර දීපු විදියට මිනිහාට තවත් තද වෙනවා කියලා දන්න නිසා.. 

'' මං කිව්වේ ඇත්ත !!! ඇයි අරවින්ද් උබ ඇතුළේ සාමාන්‍ය මනුස්සයෙක් නැද්ද ?? ඇයි තමුසේ හෙන ආසාවෙන්ද මිනී මරන්නේ ? තමුසේට පට්ට ලේසිද භාතිය ආශක්‍යසිංහ එක්ක මිනිස්සු උබව කම්පෙයා කරන එක ?? අහ් ,තමුසේ ඇතුළෙත් පාගනකොට ඔළුව උස්සන්න හිතෙන සර්පයෙක් නැති වෙන්න බෑනේ ? යකො මගේ ඇතුළෙත් ඉන්නවා.... මේ කෙහෙල්මල ඇතියි කියලා හිතෙන යකඩ සපත්තුවට පෑගුන සර්පයෙක් !!!!  '' ගවීෂ් කිව්වේ එයා වටේ නොසන්සුන් වෙලා තියන වාතයට ඇහුම්කන් නොදී ඇස් දෙක මොහොතකට පියාගන්න ගමන්.... අරවින්ද් !! එයාට හොදට හුළග පාලනය කරන්න පුළුවන් විත්තිය ගවීෂ් දන්නවා.....

'' තමුසේ-!!! ''

'' මං කියන දේවල්වලින් උබට රිදෙනවා කියන්නේ , මං කියන්නේ ඇත්ත !!!  යකො මතක් කරපන් !! මටයි තමුසේටයි තෝරගන්න උනේ එකම පාත් එක... උබයි මායි දෙන්නටම ඉපදෙන්න තිබුනේ එකම ඉරණමක !! තමුසේට තේරෙනවා ද ? තේරෙන්න ඕන !!!! මගේ තරම් උබට කැළැල් නැතත් කටට අගුළු වැටුනු තැන් තමුසේටත් තියෙන්න ඕන !! මේකෙන් පැනලා යන්න හිතුන තැන් අනන්තවත් තමුසේටත් තියෙන්න ඕන !!!!  තමුසේට මේම දෙයක් උනා නම් උබ ඉන්න තැන හිතපන්..... '' ගවීෂ් කැගැහුවේ මියුන්ට අත දික් කරන ගමන්....

'' තමුසේ වේඝර්ණ උරුමය යකො... මං තමුසේට මතක් කරන්නේ ඒක !!!. මට අැති අමාරුවක් නෑ තොපිලා හැදි ගෑවිලාම ගියත්... ඒත් තමුසේට වගේ වටේ ඉන්න වුන් එකා දෙන්නා නැති කරන්න බෑ මට !!! ඒක නිසා අදින් ඕක ඉවර කරලා ගෙදර පලයන් !!! නැත්තන් උබට මම අද - !!!! අරවින්ද්ගේ පළවෙනි පාර එල්ල කරන්න කලින් ගවීෂ් අඩි ගානක් උඩට පැන්නේ , අරවින්ද්ගේ පිටිපස්සෙන් තිබ්බ තැනිතලාවට මාරු වෙන ගමන්....

''තමුසේට මං කියන සිංහල තේරෙන්නැද්ද ? යකො මං කියන දේ , මං ඉන්න තත්වේ උබට තේරුම් ගන්න බැරි නං වෙන කාටවත් බෑ !!! '' ගවීෂ් කිව්වේ කේන්තියට දත් තද කරගන්න ගමන්...  ගවිෂ් එයාගේ බල ජාන ක්‍රියාකාරී කරගන්න පරක්කුවට අරවින්ද් ගවීෂ්ව නැවැත්තුවේ එයාගේ වටේ තිබ්බ කුණාටුව සන්සුන් කරන ගමන්.... ඇත්ත , මේ වෙලාවේ කොහොමටවත් බල ජාන ද්වන්ද සටනකට අරවින්ද්ගේ ඇගේ කිසිම ශක්තියත් ඉතුරු වෙලා නොතිබුන තරම්.....

'' ඇයි ඒ පාර? '' ගවීෂ් ඇහුවේ අරවින්ද් මුකුත් කියන්නැතුව බිමින් වාඩි වෙද්දි.... අවුරුදු ගාණකින් වයසට ගියා පෙනුමයි මිනිහාගේ මූණ...  ටෑන් ස්කින් එක දාඩියවලින් නැවිලා , කැරලි කොන්ඩේ මූණම වහගත්ත ගානයි...

'' තමුසේ එක්ක කතාවක් නෑ.. ''

'' හරි වැඩක්නේ යකො මේක... '' අරවින්ද්ට රවපු ගවීෂ් මියුන්ගේ අතින් අල්ලගන්න ගියත් කලින් දාපු සද්දවල හැටියට මියුනුත් එයාට රැව්වේ ගවීෂ් කරබාගෙන ගිහින් අරවින්ද්ට යාරයක් විතර එහායින් වාඩි වෙද්දි.... අන්තිමේදි මේ එපා කරපු එකා එක්ක වාඩි වෙලා කතාවක්..... !!

'' මං දැනගෙනයි ඉදියේ.... අඩුම තරමේ මං ගෙස් කළා... '' අරවින්ද් නිශ්ශබ්දතාවේ බින්දේ ගවීෂ් ඔළුව වනද්දි.... හිටපන් මූ මොකක් කිව්වා ??

'' ඇයි තමුසේලා දෙන්නා හිතුවේ මගේ ඇස් පේන්නේ නැ කියලා ද ? එදා රක්ත පූජාව දවසේ... ඊට පස්සේ....මියුන් කියපුවා... උබ පෙරහැර දවසේ නටපු නාඩගමෙන් පස්සේ මූ අතුරුදහන් උනාම... උබ මට කිව්වේ කවුරු ගැනද කියලා මට කන්ෆර්ම් උනේ එදා යාදම් කවයේදි , ධාහන්රා එක අතරමැද !!! '' අරවින්ද් කිව්වේ ගවීෂ්ට ඇගිල්ල දික් කරන ගමන්...

'' තමුසේට ධාහන්රා එකක් හරියට කරගන්න බෑ කියලා මං පළි ද !!!  තමුසේ කොච්චර කියෙව්ව ද ? !!!! '' ගවීෂ් ආපස්සට ඇහුවේ මියුන් දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලද්දි....

'' තමුසේ ඇයි එදා මට ධාහන්රා එකට උදව් කළේ ? !!! '' අරවින්ද් ඇහුවේ මෙච්චර කාලේකට හිතේ තිබුන ලොකුම ප්‍රශ්නේ... 

'' මාත් කල්පනා කරන්නේ ඒක තමයි !!!  දන්නවා නම් මං තමුසේට මැරෙන්න දීලා නිකන් ඉන්නවා !! ෂික්.. '' ගවීෂ් කිව්වේ අරවින්ද්ට රවන ගමන්...

'' යකො !! මං තමුසේගේ කුණුකන්දල් කියෙව්වේ නෑ , තමුසේ මාව බේරන්න ධාහන්රා එක ඕපන් කළාම මට උඩින්ම තියන තත්පර ගානක සිතිවිලි ඇහෙනවා !!! මොකක් ද තමුසේගේ උඩින්ම තිබ්බේ..... !!!! මතක් කරලා බලපන්... '' අරවින්ද් කිව්වේ ගවීෂ් කට ඇද කරලා අහක බලාගනිද්දි....

'' පුදුම යකෙක්නේ අයිසේ තමුසේ... ''

'' ඒත් මට තිබ්බේ සැකයක් විතරයි.... පෙරේදා මියුන් අසනීප වෙනකම්ම !!! '' අරවින්ද් කිව්වේ ගවීෂ් ආයේ කට ඇද කරද්දි....

'' අනිත් අතට මියුන් තමුසේට ඔච්චරම නට් ලූස් උනේ කවදා ඉදන්ද ? යකො කොල්ලෙක් උනත් කමක් නෑ , හොයාගන්නකොට ටිකක් හිතපන්..... තමුසේ මූවම උස්සගත්තේ යකො මූ මේ ලෝකේ අන්තිම කොල්ලා ද ?.. ''

'' අනේ තමුසේ හෙන කොල්ලා... ඒක වෙන්නැති තාම තනිකඩ.. '' අරවින්ද්ගේ කතාවට ගවීෂ් ඇහෙන නැගෙන ගානට මිමිණුවේ අතට අහුවුන ටිපි ටිප් පැකට් එකෙන් මියුන්ට දමලා ගහන ගමන්... ගවීෂ්ට කට වහගන්න කියලා සැර බැල්මක් දාපු මියුන් ටිපි ටිප් පැකට් එක අරවින්ද් අතට පාස් කළේ පිටට තට්ටුවක් දාන ගමන්....

'' ඒම නෑ.... '' මියුන් මැද්දෙන් පැන්නේ අරවින්ද් ගවීෂ්ට රවද්දි....

'' මොකද බලන්නේ ? '' ගවීෂ් ඇහුවේ අරවින්ද්ටත් ආපස්සට රවන ගමන්......

'' තමුසේ දන්නව ද මූ පෙරේදා අසනීප වෙලා කීපාරක් සිහිනැති වෙන්නම උණ ගත්ත ද කියලා.. මොකක්ද මේ ??? මේච්චර වැස්සේ... මෙච්චර සීතලේ... මොන මගුලක් ද යකො මේ කන්දක් බඩ ගාන්නේ තොපි දෙන්නා ? ''

'' ඇයි තමුසේ මට කියන්නේ මුගේ අතින් අල්ලගෙන ගම වටේ ඇවිදින්න කියලා ද ? '' ගවීෂ් ආපස්සට ඇහුවේ අරවින්ද් අතට අහුවුන ගලෙන් ගවීෂ්ට දමලා ගහද්දි... එනවා මෙතන ඌ !!

'' තමුසේ ඉස්සර නං කිව්වේ වැදි පරම්පරාවලට හිත යන්නැ කියලනේ.. ඔය කොළේ.....'' අරවින්ද් ආයේ කිව්වේ ගවීෂ් ඒ ගලෙන්ම ආපස්සට අරවින්ද්ට දමලා ගහද්දි... පස්සේ මියුන්ගෙන් මාව බේරන්නේ මූගේ අප්පා වෙන්නැති හහ්..!!

'' හැබැයි , උබට දැන් සනීපයි නේහ් ? '' අරවින්ද් මියුන්ගේ උරහිසට තට්ටු කළේ මියුන්ගේ රැවිල්ලට කට පියාගන්න ගමන්....

'' ක්‍රිෂ් අක්කා කිව්වේ උබට අමාරු වෙලා හොස්පිටල් කියලා... යසයි !!! හෝව්- හිටහන් මේක ක්‍රිෂ් අක්කා දන්නව ද එතකොට? !!!!! '' අරවින්ද් ඇහුවේ මියුන් ස්ථිරව ඔළුව වනද්දි....

'' තව මොකා මොකා ද දන්නේ කියපන් !!! විශේෂයෙන්ම වේඝර්ණලාගේ !! තමුසේගේ සුදුමාමයි ??? වෙන ? '' අරවින්ද් ඇහුවේ ගවීෂ් දිහාවට සීතල බැල්මක් දෙන ගමන්....

'' එච්චරයි... ----- මේ උබ එක්ක මිනිස්සු කීයක් ආවා ද ? '' අරවින්ද් නළල රැළි කළේ ගවීෂ් එක පාරටම අහපු ප්‍රශ්නෙට....

'' මං තනියම !!! ඇයි ?  '' අරවින්ද් කලබලෙන්ම වගේ උත්තර දුන්නේ ගවීෂ්ගේ උරහිස් සීතල කරන ගමන්.... විස්සක් ? නෑ ඊට වැඩියි.... ගවීෂ් ඇස් දෙක පියාගත්තේ සංඛ්‍යාතවලට සංවේදි වෙන ගමන්...... කවුද මේ ??? !!!!!!

.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~





*කෝමත් , පොතක් පබ්ලිෂ් කළාට පස්සේ ඒ චරිත ඕතර්ට අයිති නැහැයි කියනවනේ... අරවින්ද්වත් ඔයාලාට දෙන්නම් , පරිස්සමින් බලාගන්න..!!

මට යන්තං විතර 20යිනේ , ලාවට ලොකුයිනේ..... කලින් ලියලා නැති විදියට අනං මනං ලියවෙන්න පුලුවන් .. අපි දන්නෑ.. 👉👈

#who_felt_first ?

Continue Reading

You'll Also Like

177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
173K 34.7K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
3.1M 236K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...