- Plot 23 -

由 Bulbz_D

868K 114K 39.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... 更多

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 49 -

5.7K 880 102
由 Bulbz_D

'' තියපන් මගෙන් මැරුම් නොකා....''

'' ම්හ් !! '' මියුන් පොඩි එකෙක් වගේ ගස්සනවා ගවීෂ් බලාගෙන.... හිටි ගමන් පොඩ්ඩක් ට්‍රැක් එකෙම් පනිනවා නම් තමයි මේකා... හැබැයි මෙච්චරම කියලා නං හිතුවේ නෑ....

'' හැදිලා තියෙනවා මූත් එක ගානකට හහ්... ! '' ගවීෂ් හිනා වෙවී කිව්වේ ෆෝන් එකට රවන ගමන්.... නාන ගමන් මේ පොඩි එකා එක්ක මේ වගේ දේවල් කතා කරලා , පැයක් ඇතුළත සීයාව බලන්න යන්න වෙන්නේ ඈතින් අඩි තිය තිය තමයි !!...

'' තිමෞර්ය.... ''

'' ඔව් වදේ කියපන් ඉතින්... ''

'' තමුසේ ඇත්තටම හොදින්ද ? '' ආයේම මියුන් ඇදේ හරි බරි ගැහෙන විදිය ගවීෂ් බලාගෙන ඉදියේ තත්පර ගානකට ගොළු වෙලා...

'' ඇයි අවුලක් පේනවා ද ? ''

'' නැහැ , මොකකට හරි බය වෙලා වගේ... '' මියුන් ඒක නම් කිව්වේ ටිකක් සිරියස් පිට බව තේරුන ගවීෂ් ටක් ගාලා දත් සැට් එකම පේන්න හිනාවක් දැම්මේ මිඩ්ල් ෆින්ග එක ස්ක්‍රීන් එක වැහෙන්නම අල්ලන ගමන්.....

'' අපේ අප්පේ.... තමුසේ මං ගැන හිතනවැයි ඔය ? '' ගවීෂ් නෝන්ඩියට ඇහුවේ තනි අතින් සබන් කැටෙත් අතට අරගෙන ෂවර් එක හොට් වෝටවලට මාරු කරන ගමන්....

'' ඔය මොනවා කරන්නද හදන්නේ ? '' ගවීෂ්ගේ ප්‍රශ්න ඇහුන්නැති ගානටම මියුන් ඇහුවේ ගවීෂ් ෆෝන් එකට යන්තම් හිනාවක් දාද්දි.... තව විනාඩි හතළිස් පහක් වගේ තියෙන්නේ..... කොහෙද දැන් පැය කාලක් තිස්සේ නානවානේ.... කමක් නැ පැය බාගයක් තියලා එළියට පැනගත්තම මදැයි....

'' වෙන මොකක්ද ඉතින් සබන් ගාන්න තමයි.... ඇයි ? ''

'' බොඩි වොෂ් එකක් නෙවේ ද උබ ගාන්නේ ? '' අපේ අප්පේ..... මූ යකො.... මුට මොකද කියන්නකො මං මොක ගාලා නැවත් හහ්.... මං ගාන්නේ සබන් !!! හහ්...

'' හහ්.... උබට වගේ ජැක් බ්ලැක් බොඩි වොෂ් ගාලා නාලා, මදි පාඩුවට මැට්‍රික්ස් බෝතලේම ඔළුවේ හලාගෙන , පස්සේ රෝයල් මිරාජ් නාලා වගේ හෙන කට්ටක් කන්න ඕන නැ මට සූද ගහන්න.... බලහන්... මේ කූචි කූචි සොප්ට් සබන් කැටේ ඇති මට... '' ගවීෂ් කිව්වේ මියුන් ගාවින් එන සුවදවල් ටික වේඝර්ණ කෙනෙක් විදියට මේ වෙන කොට හොදටම දැනගෙන ඉදිය නිසා... මූ ගාලා නාන ඒවාට විතරක් ආශක්‍යසිංහ බූදලෙන් හෙන ගානක් යනවා ඇති...!!

'' උබට ගන්න සල්ලි නෑ වගේනේ කතාව '' .. මියුන් කිව්වේ ගවීෂ් එයාගේ අති ආදරණීය රෝස පාට කුචි කුචි සොප්ට් සබන් කැටේ උරහිස් අතරින් ලිස්සලා යවන විදිය හිමින් අධ්‍යනය කරන ගමන්....

'' මට සබන් හොදයි... ''

'' ඒකවත් ඔය හරියට ගානව ද උබ ? ''

'' &*( !!! උබ හිතන් ඉන්නේ එක අතකින් ෆෝන් එක අල්ලන් අනිත් අතින් සබන් ගාන්න මට හෙන ප්‍රැක්ටිස් එකක් තියේ කියලා ද ? ''

' ආහ්....හරි...මං තමුසේට පස්සේ ගන්නම්- -.''

'' නෑ නෑ... හෝව්... තියන්න එපා... මේහ්.. තව පැය කාලක් විතර තියේ... '' ගවීෂ් කිව්වේ මියුන් ෆෝන් එක කට් කරන්න කලින්....

'' නාන එකවත් හරියට කරපන්....මං තිබ්බා... ''

''හිටපන් මගෙන් මැරුම් නොකා ඕම පොඩ්ඩක්..... '' ගවීෂ් කලබලයක් නැතුවම කිව්වේ මියුන් මේක කට් කරනවා නම් මෙලාකට කට් කරලා ඉවරයි කියලා හොදටම දන්න නිසා... මෙච්චර වෙලා සබන් කැටේ තිබ්බ සෝප් ඩිෂ් එකෙන් ගවීෂ් ෆෝන් එක වැටෙන්නැති විදියට තියාගත්තේ යන්තං එහාට මෙහාට හරවගන්න ගමන්... ඔන්න දැම් හරි.... ඒත් මේහ් පොඩි අවුලක් කිව්වට ටිකක් සැලකිය යුතු අවුලක්මත් තියේද මන්දා-- හරියට බැලුවොත් ඉණ ගාවටම වගේ පරාසයක් පේනවා මේම තිබ්බම .....

'' උබට මේම අවුලක් නෑනේ ? '' ගවීෂ් හිතලාම වටයක් කැරකැවෙන ගමන් ඇහුවේ මියුන් කට තද කරගත්ත විදිය දිහා බලලා යන්තම් හිනා වෙන ගමන්... මෙතන තව පහළට ගනින් කියලා කියෙව්වට බලහන්කො මූණත් එක්ක රතු වෙලානේ ඒකාගේ ලැජ්ජාවට.... ඉණ ගාවට අරන් මේම නම් තව ගත්තොත් කලන්තෙත් දායිද දන්නැ...

''අවුල් වෙන්නම අැගනේ ඕක ..අනේ පලයන් තිමෞර්ය... ''

'' කියවන්නැතුව විනාඩි පහක් දීපම්... '' ගවීෂ් කිව්වේ සැබ් සූම් ෆාස්ට් එකේ සබන් ගාගෙන ෂවර් එක අරින ගමන්... නාන එක නම් කවද කරගන්න බැරිද කියන්නකො... යන්තං සබන් ටික හේදෙනකං විතරක් වතුරට ඇග අල්ලපු ගවීෂ් ටවල් එකත් ඇදලා අරගෙන ඇග වටේ ඔතාගෙන ෆෝන් එක ආයේ අතට ගත්තේ තෙත කොන්ඩේත් ගස ගස හිනා වෙන ගමන්.... ඇති යන්තම් කට් කරලා නෑ, ඔය ඉන්නේ තාම ......

'' ඉවරයි ... '' ගවීෂ් කිව්වේ වොෂ්රූම් එකෙන් එළියට ඇවිත් කොන්ඩෙත් පොඩ්ඩක් ගසන ගමන්.. තාම වතුරෙන් ගොඩ දැම්ම මාළුවා වගේ මිනිහාගේ ඇග පුරා වතුරත් බේරෙනවා....

'' තමුසේ හැමදාම නාන්නේ ඔහොම බාගේට ද ? ''

'' තමුසේට අදාළ නෑනේ.. ආහ්...මට ඇදුමක් තෝරපන්... '' ගවීෂ් කිව්වේ ඇද උඩ තාම අතඇරලා තිබ්බ එයාගේ ඇදුම් ටික දිහාවට , කැමරාව ෆ්ලිප් කරන ගමන්...

'' මං තිබ්බා... ''

'' මේ !! හහ්.. දැන් බෑ ද උබට ? එහ් ? '' ගවීෂ්නුත් ආපස්සට කෑගැහුවේ ඇද උඩින් වාඩිවෙන ගමන්... ඇදුමක් තෝරලා දෙන්න බැයිද ඔච්චර හහ්.....

'' සීයාව හම්බුවෙන්න ද ? '' මියුන් ටික වෙලාවකින් ඇහුවේ ගවීෂ් නිශ්ශබ්දවම එයාට ඔළුව වනාගනිද්දි...

'' ම්ම්.. ''

'' හේතුව ? '' මියුන් ආයෙත් ඇහුවේ ටික වෙලාකින් පස්සේ....

'' හෙට එන්ගේජ්මන්ට් එකට දවසක් කතා කරගනිවි.. '' කියනවද නැද්ද කියලා හිත හිත ඉදියාට ගවීෂ් කියලා දැම්මේත් තත්පර ගානක් අරගෙන... මියුන් මුකුත් කියන්නැතුව හිතලාම ෆෝන් එක එහාට කරනවා ගවීෂ් බලාගෙන.... එයා එහෙම පිටට කිසි දෙයක් පෙන්නන්නේ නැ... ගවිෂ් ඒක මේ වෙනකොට හොදටම දන්නවා...

'' මියුන්... '' ගවීෂ් ඇහෙන නෑගෙන කතා කළේ ඇද විට්ටමට හේත්තු වෙලා ඇස් දෙක යන්තම් පියාගන්න ගමන්....

''ම්ම්.. ? ''

''මට වෙන විකල්පයක් ඇත්තේම නැද්ද ?.. මං උබෙන් අහන්න ඉදියේ යොවන්දි එක්ක ටිකක් කතා කළාට කමක් නැද්ද කියලා..? යොවන්දි ඇත්තටම පව්... ඒකිගේ ජිවීතේ නවතින්නේ මගේ අත්වල නම් --- ''

'' තද කොළ පාට ටී ෂර්ට් එක.. ''

'' අහ් ? ''

'' අර බේජ් ට්‍රවුසර් එකක් පේන්නේ , ඒකත් එක්ක තද කොළ පාට ටීෂර්ට් එක... '' මියුන් කිව්වේ ගවීෂ් වචනයක්වත් කියන්නැතුව ඒ දෙක අතට ගනිද්දි... *එයා ඒ ගැන කතා කරන්න කැමති නැහැ. ඒකද ඒ අදහස් කළේ ?*..... ඒම ඇහුවම හිත රිදුනා ද ? මං හිතන්නේ ඔව් ද මන්දා... අහ් තමුසේත් මෝඩයිනේ ගවීෂ් !!!

'' ඒයි මේහ්... ''

'' ඇයි ? ''

'' තමුසේ ඔච්චර හිතන්න යන්න එපා... '' ගවීෂ් කිව්වේ මියුන් යන්තම් හිනාවෙන විදිය දිහා බලාගෙන.... අනේ - ඇත්තටම ඒ හිනාවේ තියෙන්නේ අමුතුම ගතියක් කියලා පිළිගන්න වෙනවා ගවීෂ්...!!!! ඇස් දෙකත් පුංචි කරගෙන නහයත් යන්තම් හකුලගෙන ටක් ගාලා හිනා වෙලා ආයේ ඉක්මනින් යන්තමින් දත් පේන තරමට සන්සුන් වෙන හරිම හුරුබුහුටි හිනාවක්... හදිසි - හුරුබුහුටි - සන්සුන් - අමුතු - හිනාවක්....

'' තමුසේ හිනා වෙන කොට හෙන පොඩි එකෙක් වගේනේ ඕයි....''

'' තමුසේ හිනා වෙනකොට වගේ හෙන වල්පාටක් නැති එකම ඇති..'' මියුන් ආපස්සට කිව්වේ ගවීෂ් එයාගේ සුපුරුදු හිනාව දාලා තෙත කොණ්ඩේත් අවුස්සද්දි... ආව්ස්. එතකොට මියුන් වල්පාටයි කියන්නේ මේ හිනාවට ද ?

'' ඉතින් මොකද , උබ කැමතියි නම් එච්චරයි.. '' ගවීෂ් ඇහුවේ හිතලාම ඇහි බැම උඩ යවලා හිනා වෙන ගමන්... ඇත්තටම පොඩි ගතියක් නැතුවම නෙවේ තමයි හිනාවේ... ආහ් හා ඌ එතකොට මේ හිනාවට කැමතියි නේහ් ? මහා වාදයක් හොයාගත්ත ගානට ගවීෂ් ආයේ කැමර් එකට හිනා වුනේ මියුන් දිහාත් බලන ගමන්....

'' ඇයි මොකො උබ ඒ ? '' මියුන් මුකුත් කියන්නැතුව බලාගෙන ඉදපු විදියට ගවීෂ් ඇහුවේ මියුන් ලාවට හිනා වෙලා මුකුත් නෑ කියන්න ඔළුව වනන විදිය බලාගෙන.... අහ්හ් !! මුට ළග ඉන්නකොට තමයි හිනා වෙන්න බැරි... මේ බලහන්කො ඉතින් -

'' අපේ අප්පේ....උබේ - සිනා ළග - නෙත නැවතුන දා....ප්‍රේමය හැදින්නේමි තමයි.... '' ගවීෂ් පටන් ගත්තේ මියුන් ආයේම හිනා වෙද්දි.... ලැජ්ජාව බලහන්කො ඉතින්...

'' පිස්සුද උබට.... ? '' මියුන් ඇහුවේ රවලා උනාට , රවද්දිත් මිනිහාගේ කට කනේ තියන එක තමයි ප්‍රශ්නේ....

'' පිස්සු හැදෙන්නැතුව තියෙයිද ඉතින් ඒ හිනාවට ?.... '' ගවීෂ් ඇහුවේ ඌ කියන කියන එකට මියුන්ගේ කට කනට යන විදිය බලාගෙන....

'' නිකන් පලයන් ... උබට පරක්කු නැද්ද ? ''

'' අහ්... විනාඩි පහළවක් තියේ....''

'' ඉතින් ලැස්ති වෙයන්.. ''

'' හරි.. මං ඇදුම දාගන්නකම් උබට සිංදුවක් කියන්න පුළුවන් ද ? ''

'' අනේ මේ.. තමුසේව නළවනවට වඩා වැඩ තියෙනවා මට.... මං තිබ්බා... '' මියුන් සැර කළේ එහෙමම ෆෝන් එක කට් කරන ගමන්... ගවීෂ් ඒකට හිනා වෙලා , මියුන් කියපු ඇදුම් දෙක අතට අරගත්තේ ෆෝන් එක පැත්තකින් තියන ගමන්... තිබ්බ පරක්කුවට ස්ක්‍රීන් එකේ ආයේ වැටුන මියුන්ගේ කෝල් එක දිහා බලලා හිනා වුන ගවීෂ් ෆෝන් එක ආයේ අතට ගත්තේ ඒක ආන්ස කරන ගමන්...

'' ඔබ ඇමතූ , සරාගී තරුණයාගෙන් ප්‍රතිචාරයක් නොමැත.. කරුණාකර පසුව අමතන්න... '' ගවීෂ් ඒ ස්ටයිල් එකටම කිව්වේ මියුන් නහයෙන් පිඹින සද්දේට හිනා වෙන ගමන්... මොකට අර මීට වැඩිය හොදායි මීම් එකට මියුන්ගේ මූණ මැවෙනවද මන්දා... බුහ්හ්හහා...

'' ඇයි දන්නෑ මල්ලි ආයේම ? ''

'' නෑ , පරිස්සමින්... '' මියුන් කිව්වේ තත්පර ගානකට පස්සේ... අහ් එතකොට.... ඒක කියන්න අමතක වෙලාද මේ අායේ ගත්තේ එතකොට....එච්චරට හිතනව ද මේකා ? නැ ? වෙන්න බැ ? *පරිස්සමින්* ඒක මහ අමුතු වචනයක්.... සාමාන්‍ය වචනයක් වෙන්නැති... ඒත් මියුන් ඒක කියන විදියට මහ හුගක් දේවල් කියවෙනවා....

'' ප- ප-පරිස්සමින්.... උබත්... '' ගවීෂ් ගැටගහගත්තේ මියුන්ගේ බර කටහඩින් කියනවා වගේ කවදාවත් ඒක කියන්න බැරි බව තේරුම් අරගෙන... ඒකට කමක් නෑ හදවතින් කියන්නේ... මියුන් මේක කියනකොට එයාට දැනෙනවා ඇත්තෙත් මේ හැගීමම ද ? නිකන් , කොච්චර ළගින් ඉදියත් පරිස්සම් කරගන්න බැරි වෙයි ද විශ්වාසයක් නැති නිසාම දැනෙන අසරණකමත් එක්ක මං උබ වෙනුවෙන් ඉන්නවා කියලා කියාගන්න ඕන උනාම , පපුවෙන්ම එන හැගීමකින් , බර හඩකින් * පරිස්සමින්.....*

'' හරි හරි ... දැන් ඕක තියලා... වැඩ ටික කරපන්.. '' ලොකු හුස්මකින් පස්සේ ගවීෂ් කිව්වේ මියුන් මුකුත්ම නොකිය ෆෝන් එක කට් කරද්දි... මෙච්චර සන්සුන් විදියට කෝල් එකක් ඉවර උනාම ද කොහේ....

ෆෝන් එක පැත්තකින් තියලා ඒ කල්පනාවෙන්ම , ඇදුම් ඇගට දාගත්ත ගවීෂ් ආයේ ෆෝන් එක අතට ගත්තේ මියුන්ගේ කන්ටැක්ට් ප්‍රොෆයිල් එක ඕපන් කරන ගමන්.... ආයේ ගන්නව ද ? වැඩ ඇති ද ? මොනා උනත් ස්ටඩිස් එහෙම හෙන සීරියස් ගන්න මනුස්සයා ඕකා... මාස ගානකට කලින් මියුන් ඩමි එක දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා දැකලා හොරෙන් ගහගත්ත පින්තූරය උඩින් ගවීෂ් මහපට ඇගිල්ල තිබ්බේ දැනෙන නොදැනෙන ගානට.... ඒක දිහා බලන් ඉන්න හැටි විතරක් !! මියුන් මැසේජ් කරන්න කොච්චර අකමැති උනත් අනාදිමත් කාලෙකින් ඕපන් කරලා නැති චැට් බොක්ස් එක ඕපන් කරපු ගවීෂ් අන්තිමට ඌම යවලා නිල් පාටට හරි දෙක වැටිලා තිබ්බත් මෙලො රිප්ලයි එකක් නැති මැසේජ් එක දිහා බැලුවේ කට අයිනෙන් හිනා වෙන ගමන්.....

" අරකේ ,මේම කොටසකුත් තියෙනවනේ....

ගිනි නැගෙනා ආත්මය
පිනිදියෙන් දෝවන්න
සිරුරතර ඉඩදෙන්න
නවාතැන් පල වෙන්න

මං මේ කල්පනා කරන්නේ මොන කරුමෙකටද මට ඒක මතක නොහිටියේ කියලා !!  ''

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* මං , පොරොන්දු වෙනවා , අර්ධ ශතකයේදි ප්‍රසන්ට් එකක් දෙන බව ! ( අපි බර්ත්ඩේකක් සමරන්නයි යන්නේ....- ඔයාලාත් තෑගි අරන් තියාගන්න...)

继续阅读

You'll Also Like

13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
3.1M 235K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...