- Plot 23 -

By Bulbz_D

869K 115K 39.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 47 -

5.6K 806 110
By Bulbz_D

සිනල්යා ,

ඉතින් , ඔයාට තවත් හංගන්න දෙයක් නැහැ මට.... මේ පවුල් කෝන්තර මැද්දට එන එක තවත් ඉවසගන්න බැහැ මට... මගේ මේ පැත්ත දැක්කම ඔයාට මාව එපා වෙයි ද ? මට හිතුනේ එහෙමයි.. ඒකයි මං නිශ්ශබ්දව ඉදියේ ළමයො...
ඒත් ඇත්තටම ඔයාට තවත් හංගන්න මට ඕන නැහැ....
ඔයාට ලියපු සමහර ලියුම් තියෙනවා, කවදාවත් ඔයා නොකියවපු... වචන පැටලෙනකොට මමම ඉරලා පැත්තකට දාපු.... කල්පනාවල ගිලෙන්න ගිහින් තීන්ත පෑනේ පැල්ලම් තැන තැන ඇදුනු... ඉතින් මේ එහෙම කතාවක් මගේ ළමයො....

හ්ම් , මගේ අතින් මනුස්සයෙක්ව මැරුනා... මැරුනා කියන එක අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ ද ? ඒත් ඔයා හිතනව ද මං මිනී මරන්න තෝරගත්තා කියලා ? .... මං එයාව නොමැරුවා නම් , වෙන කෙනෙක් එයාව අනිවාරෙන්ම මරනවා... මට එයා වෙනුවෙන් කරන්න පුළුවන් උනේ වේදනාව අඩු මරණයක් තෝරලා දෙන එක විතරයි.... දන්නවා ද මං කතා කරන්නේ කවුරු ගැනද කියලා ? ඔව් , නොදන්නවා වෙන්න බෑ ... සධාර්න ආශක්‍යසිංහ මැරුනේ කෑම විස වෙලා නෙවේ ! මම තමයි එයාට මගේ පව්කාර අත් දෙකෙන්ම වස පෙව්වේ... මිනිහා දැනගෙන ඉදියා !! මිනිහා දැනගෙනයි ඉදියේ මං එයාට දුන්න බීර විදුරුවේ තිබ්බ දේවල්.... මගේ අත වෙව්ලනකොටම ඒ යකා ඒ බව අනුමාන කරන්නැති .... මිනිහා මං දිහා බලලා හිනා වුනා ... මං දන්නෑ සිනල්යා , මට ඒ හිනාව අමතක කරන්න බැරි තරම් වියරුයි.... සධාර්න ...... සධාර්න මගේ පිටට තට්ටුවක් දාන ගමන්මයි බීර වීදුරුව අතට ගත්තේ..... - එක හුස්මට..... මේක හරිම වියරු වේදනාවක් මගේ ළමයො !!! මට සැනසීමක් ගැන හිතන්න අමාරුයි..... සධාර්න මේ අපායෙන් ගැළවුනා... අඩුම මං හිත හදාගත්තේ ඒමයි.... ( මේ අකුරු පැහැලිදි නැද්ද ? අත ඕනවට වඩා වෙව්ලනවා... )

ඔය පැත්තේ ඔයාට මේ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැතුව ඇති තාමත්... මොකද ආර්ය වේඝර්ණාරච්චි ඒ වැඩේ තනියම කරන්න තමයි ආස !!! ඒත් ළගදිම ඔයාට අමනුස්සයෙක් විදියට හිතන්න එයාලා බල කරයි ද ? මං ඒක දැනෙන විදිය දන්නවා , කෙල්ලේ මට බලන් ඉන්න බැරි වෙයි ඒම දෙයක් සිද්ධ වුනොත් ඔයාට... ඉතින් මාසයක්ම මේ දේවල් හැංගුවට මා එක්ක තරහ ද ?

ඉතින් ඔයා මගෙන් ඈත් වෙන්න හිතනවා නම් , මට පුළුවන් කෙල්ලේ කිසිම කහටක් නැතුව ඒක තේරුම් ගන්න... ඇත්තටම මට පුළුවන්.... ඉතින් මට ඒ ගැන කෙලින් ලියලා එවන්න....නැත්තන් මුණ ගැහෙන වෙලාවක මට ඒ ගැන කෙලින් කිව්වට මගේ හිත රිදෙන එකක් නැහැ දැරිවි....අනික මං දන්නවා මගේ කෙල්ල කෙලින් කතා කරන විත්තිය..... අදට නවතින්නම් .....

භාතිය....

ප.ලි - ඔයාගේ තීරණය අනුව මේ මං ඔයාට ලියන අවසන් ලියමන උනොත් , මේ නම දන්නැති දම් පාට මල පර වෙන ඉක්මනට මාව අමතක කරන්න බලන්න මගේ ළමයො....!!

.
.
.
.
.
.
.
.
.
.
.

මෝඩ ආච්චි !! ,

කෙල්ලේ, අද ඔයාව මුණගැහුන එකම ඇති මට .... මං ගැන වද වුන ඒ රතු ඇස් දෙක දැක්කම මට සේරම අමතක උනා , මේ ඇත්තමයි... ඔයාට විශ්වාස කරන්න බෑ මං ඉන්න තත්වේ ගැන වද වෙන එකම කෙනෙක් හරි මේ ලෝකේ ඉන්න එක මට කොච්චර දෙයක් ද කියලා... උරහිස් දෙක උඩ තියන මේ බර බිමින් තියලා , ඔයාව උස්සගන්න පුළුවන් උනා නම් මට ඔයාව එවෙලෙම උස්සලා ගන්නවා සිනල්යා... ඒත් මේ ලෝකේට වඩා ඔයා මට බරයි , ඔයා දන්නවා... මගේ අත් තාමත් එච්චර හය්ය නෑ කියන්න මං ලැජ්ජ වෙන්න ඕන නැ නේද මෝඩ කෙල්ලේ ? ඒත් මං පොරොන්දු වෙනවා... මං අනාගතයේ අනිවාරෙන්ම එන දවසක , ඒ ගානට හය්ය වෙනවා....

හැම හාදුවකින් පස්සේම ඔයා ලියලා එවන කවිවල තියෙන්නේ මට දරාගන්න බැරි උමතුවක් මගේ ළමයො.... ඒ හැම වචනයක්ම මාව ආයේත් ඒ තත්පර ගානට ඇදලා දානවා... ඔයාට ඒ මොහොත දැනුන විදිය එච්චර ලස්සනට ඔයා අකුරු කළාම..... අහ් මට පිස්සු හදවන්නද යන්නේ මගේ ඇපල්මල ? ඉතින් එක දෙයක් මං ,මටම පොරොන්දු වෙනවා එතකොට , මින් පස්සේ හැම සැරේකම කලින් කවියට වඩා ලස්සන කවියක් ඔයාගේ අතින් ලියවෙනවා බලන්නයි මට ඕන... මට ඒකට මහන්සි වෙන්න වෙයි!! මේ ඇත්තමයි.... කවිකාරියෙක්ට කවි ලියන්න හැමදාම අලුත් මාතෘකාවක් ඕන නේ ? ඉතින් මං උත්සහ කරනවා ... ඉතින් ඔයාට ඒ මොහොත දැනෙන විදිය තමයි මං මේ ලෝකේ විදින්න ආසම කවිය !!....

මට එච්චරම ලස්සනට ලියන්න පුළුවන් උනා නම් , මට ඔයාගේ තොල් පෙති අතරේ අතරමං වෙනකොට , මට දැනෙන විදිය ගැන කියාගන්න තිබුනා ? එක්කො සමහර විට බැරිවෙයි , මොකද ඒ තත්පරේදි මට මාවත් නැති වෙන නිසා.... විශ්වාස කරන්න කෙල්ලේ , මට මගේ හැගීම් ඔයාගෙන් වෙන් කරලා අදුරගන්න බෑ එවෙලෙට ... මේ ඇත්තමයි... හැම දෙයක්ම ඔයා ගැන විතරයි.. ඔයාගේ ලොකු ඇස් අඩවන් වෙන විදිය මට ලාවට මතකයි.... මොකද එතනින් එහාට කවදාවත් මට ඇස් ඇරන් ඉන්න පුළුවන් වෙලා නැහැ !!!! කිව්වහමයි ඒක මට හරියට තේරුනේ... කවදාවත් මට ඇස් ඇරන් ඉන්න බැහැ - ඒවා පියවෙනවා.... ඒත් මට ලාවට මතකයි මගේ ඇගිලි තුඩු ඔයාගේ ඉණ ගාව හිතුවක්කාර වෙන විදිය.... ඒත් ඒකටත් මං සංවේදි වෙන්නේ ඔයාගේ ඇගිලි තුඩු මගේ බෙල්ලේ වදිනකම් විතරයි මෝඩ කෙල්ලේ !! එතනින් එහාට මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ මං ගැන.... හැම දෙයක්ම ඔයා ගැන විතරයි..

අහ් මෝඩ ගෑනු ළමයො , මට ඔයා නැතුව හොදටම සාංකාව වගේ !! ( හරි ,මං දන්නවා අපි දවල් මුණ ගැහුන බව !!! ) ඇත්තටම මේ දවස්වල නම් මං කිසිම බලාපොරොත්තුවක් නැති සතෙක් ගානට ගෙදරට වෙලා ඉන්නේ.. ( එකම බලාපොරොත්තුව ඔයාව ඉක්මනින්ම ආයේත් මුණ ගැහෙන එක... ) මං කැමතියි ඔයා කච බච ගාලා මොනවා හරි කියවනවා අහන්න !! ඉතින් අපිට ආයෙත් මුණ ගැහෙන්න පුළුවන් කවදද ?

මෝඩ ඇපල්මල නිසා බහුබූත වුන ,
බූතයා.....

ප.ලි - අලුත් රේඩියො කාටුන් එකක් ඇවිදින්..... හෙට හවස් වරුවේ ටයිඩ්‍රැක්ස් එක පැත්තට ආවොත් අහන්න පුලුවන්... සමහර විට ගොඩක් අය එයි !!.( ඔයා ආස නිසයි කිව්වේ , නැතුව මට ඔයාව මුණගැහෙන්න ආසාවටම නෙවේ.... )

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කෙල්ලේ ,

ඔව් හදිසි වැඩකට එහේ යනවා තමයි.... ආයේ එන්නේ මාස එකහා මාරකින්..... මං ඔයාව මුණගැහෙන්නයි ඉදියේ හෙට යන්න කලින්... පුළුවන් වෙයි ද ? ගියාට ලියමනක් එවන්න වෙයිද කියලා විශ්වාසයක් නැහැ ඒකයි.. ඉක්මනින් ලියලා එවන්න !!!

බූතයා.....

.
.
.
.
.
.
.
.
.
.
.
.

නාදුනන ලියන්නියට ,

අහ් ... හුහ්... මාව මතක් උනාද ? මැරිලා ඉදියේ.. මැරිලා...

බූතයෙක් උන බූතයා !

ප.ලි - මේ ලියුම ලියලා තියෙන්නේ , මිටියාවතේ කවි ලියන සිනල්යා කියලා කෙල්ලෙක්ලු ... හහ්... ඒම කෙනෙක් මාව අදුරනව ද ? පුදුමයිනේ !!!

.
.
.
.
.
.
.
.
.
.
.

මං නාදුනන ගෑනු දරුවට,

ඔයාට හොදටම විශ්වාසයි ද ලියුම් එවන්නේ හරි කෙනාට කියලා ? කවුද භාතිය ?? ඔයා ඒම කෙනෙක්ව දන්නව ද ? හහ්..... මං හිතුවේ ඔයා දන්නේ ඉසිවරව විතරයි කියලා !!! හහ්....

සිවිලිම ඇග කඩන් වැටිලා හරි මැරිලා යනකං උඩ බලන් ඉන්න බූතයා....

ප.ලි - ඔයා සුදු යකඩ කියලා හිතන් ඉදියාට මගේ හිතත් රිදෙනවා !!!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කවුද මන්දා ලියුම් එවන්නියට !!! ,

මට කේන්ති ගිහින් නෙවේ ඉන්නේ !!! මං මොකටද කේන්ති ගන්නේ ? හහ්....ඔව් මං ඉසිවරට ගැහුවා තමයි !!! එයා මාත් එක්ක පැටලෙන්නේ කොහොමත් ළගදි ඉදන් නෙවේනේ !!.. අනික එයාටයි මටයි පැටලෙන්න හේතුවක් ඕනෙත් නැහැනේ ... මට හිතුනා , මම ගැහුවා !!!

අහ් මට තුවාල උනා ද කියලා ද අහන්නේ ? ඇයි මේ එක පාර එච්චර කැක්කුමක් දැන් ? හහ්... ඕහෝ.... ඔයා හිතන්නේ එතකොට අර කැහැටු වැද්දාට එච්චරම දෙයක් කරගන්න පුළුවන් කියලා ද ? හහ් ... ( මැස්සෙක් උඩ ගිය තරම කිව්වලු ) ඉතින් , මාත් දැනගන්න කැමතියි කවදා ඉදන්ද ඔයාට මගේ හැකියාවන්ට වඩා අර ඉසිවරගේ ඒවා වැඩිවුනේ කියලා ?

හහ් , බුතයා !!

ප.ලි - ඔව් මට ඒක ලොකු දෙයක් තමයි !! මං ගෙදර ආවේ මාස එකහා මාරකින්..!!! ඔයාගෙන් එක ලියමනක් නැතුව .... එක වචනයක් නැතුව....ඔයාට ලියන්නත් නැතුව..... මං හිතුවේම මට පිස්සු හැදෙයි කියලා !! හහ් .... ඒම එකේ මගේ කෙල්ල , මට පේන්නම බැරි වේඝර්ණකාරයා ඉසිවර එක්ක මාව දැකලා නොදැක්කා වගේ අහක බලාගෙන ගියාම !! !! නියමයිනේ ඉතින් !! හහ් !!

.
.
.
.
.
.
.
.
.
.
.
.

සිනල්යා ,

ඔව් , ඔයා හරි ... මමයි වැරදි...ඔයා කියනවා වගේ මහ ලොකු දෙයක් නැද්ද මෙතන ? මං එතකොට බොරුවට කේන්ති අරගන්නවා ද ? ඔව් මට ඉරිසියයි වෙන්නැති.... හැබැයි ඒ අර කැහැටු වැද්දා එක්ක නම් නෙවේ.... මට ඉරිසියා උට මං වගේ ඔයාගේ ළගින් ඉන්න බාධාවක් නැති එකට !!... කෝමද ඒකා මගේ කෙල්ලව උගේ වගේ තියාගෙන ගම වටේ ඇවිදින්නේ ? ඔයාට මං කියන දේ තේරෙන්නේ නෑ ... මට දැනෙන විදිය ඔයාට ඇත්තටම තේරෙන්නේ නැද්ද සිනල්යා ?

මට පුළුවන් උනා නම් ඔයාව මේ ගමට විතරක් නෙවේ එළියේ හැමෝටම පේන්න වුනත් අතින් අල්ලගෙන එක්කන් යනවා... මට පුළුවන් උනා නම් අරු අච්චර වැඩ දාන්නේ නැහැ ගම මැද්දෑවේ , මොකද ඒ වෙලේ මට උට ගහලා ඔයාව මගේ ළගට ගන්න තිබුනා... ... ඔයා ආසත් ඒ විදියට කියලා මං දන්නවා ... මේ දවස් ටිකට සිය දහස් වාරයක් , ඇයි මං උට එවෙලෙම ගහලා ඔයාව මගේ ළගට නොගත්තේ කියලා හිතුනා ඇත්තමයි... ඔයා කියවන කතාවල පිරිමි ළමයෙක් නම් ඔයා වෙනුවෙන් එහෙම කරයි... !!! එයා ඔයාත් එක්ක හිනා වුනාට , එයා ඔයාට මොනවත් අරන් දුන්නට කවුරුත් මුකුත් කියන එකක් නැහැ.... කාටවත් මැරෙන්න වෙන්නෙත් නැහැ.... එයාට ඕන වෙලාවක ඔයාව මුණගැහෙන්න පුළුවන්... ඒත් අපි මුණගැහෙන්නේ කලාතුරකින් , ඒ වගේම මරණ බය එක්ක සටන් කරන ගමන්.... ඉතින් , හැම දේකම එයාට බාධාවක් නැහැ !! මට බාධාවක් තියෙනවා !!! මං ඉරිසියා කරනවා නම් වෙන මොකටවත් නෙවේ ඒ බාධාවටයි ඉරිසියා ! මං කේන්ති ගන්නවා නම් වෙන මුකුත් නිසා නෙවේ මංවත් ඔයාවත් නොදාපු මේ බාධාව එක්කයි මට කේන්තිය....

අනික මං දන්නවා ඔයාගෙත් හිත රිදිලා ඉන්නේ කියන්න... මොකද මේ වෙලාවේ මං මටත් වඩා ඔයාව තේරුම් ගන්න ඕන.... ඉතින් මට සමාවෙන්න මගේ ඇපල්මල.. රණ්ඩු කළේ ඔයා එක්ක කේන්තියකට නෙවේ.... ආයේ මේ මාතෘකාවත් අපේ *කතා නොකළ යුතු * දේවල් තියන මල්ලටම දාලා තියන්න...ඔන්න ලොකු හුස්මක් අරගෙන දැන් මේක අමතක කරමු ? ... එකයි .. දෙකයි තුනයි....

මම මේක කලින් කිව්වද මට මතක නැහැ , ඒත් මං දැන් ඔයාට ගැලවෙන්න බැරි තරමට බැදිලා ඉවරයි මගේ ඇපල් මල !!

ලැජ්ජාවට ඔළුව කසන බූත කොල්ලා,
භාතිය.....

ප.ලි - එළියට යන්න ඔයාට පියරජ්ජුරුවන්ගේ අවසරය තියෙනවා නම් , මාත් එක්ක හවසක වෙරළ පැත්තට ගිහින් එන්න කැමතිද මගේ මෝඩ ගැනූ ළමයො ? ( ඇස් දෙක ඉස්සරහා කෙළවරක් පේන්නැති මුහුද තිබ්බට කමක් නැහැ , ක්ෂිතිජය කොච්චර දුර ද කියලා දන්නැති උනාටත් කමක් නැහැ , මට ඇත්තටම ඕන ඔයාගේ අතින් අල්ලගෙන කෙළවරක් හම්බුවෙනකම් ඇවිදින්නයි විතරයි! )

.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ආදරණීය කෙල්ලේ ,

ඔව් ,මේ ගෙවෙන්නේ ලස්සනම දවස්.... මාත් පිළිගන්නවා.... බය වෙන්න එපා ඔයා මගේ ළගින් ඉන්නකම් ලස්සන දවස් කවදාවත් ඉවර වෙන එකක් නැහැ... මට විශ්වාසයි...

ආදරණීය බූතයා...

.
.
.
.
.
.
.

සිනල්යා,

හවස හතරට , පුරුදු තැනටම...

භාති.

.
.
.
.
.
.
.
.

මෝඩ ඇපල්මල ,

අද හරි ලස්සනයි ! පිරිසිදු ලා නිල් පාට , චිත්‍රයක් වගේ.... නෑ නෑ ඔයා නෙවේ අහස.... (හරි හරි, ඔයාට තමයි කිව්වේ ඉතින්...) දන්නව ද , මේ බූතයා දැන් ඔය වගේම සුදු දිග ගවුමකින් ඔයාගේ අතින් අල්ලන් ඇවිදින්න සිහින මවනවා.... ඔයා ඔය වැඩ වලින් නිදහස් උන ගමන්ම , මං දිගට ලියලා එවන්නම් ඉක්මනින්ම , ඔයාව අද දැක්කම නොලිය බැරි වුනා....

ඔයාගේ බූතයා.....

.
.
.
.
.
.
.

සිනල්යා ,

තත්වේ තවත් දරුණු වෙනව ද ? මෙහේ නම් හොදක් පේන්නේ නැහැ.... අනිත් වේඝර්ණලා කෙසේ වෙතත් මට ඔයා එක්ක යුද්ධයක් ඕන නැහැ !! ( අහ්!!! මොකද මට ඔයාවයි ඕන... )

ඇත්තටම විහිළු කළාට මට බන්ෂ් එකෙන් හොද ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ... මගේ කෙල්ල , බය නැ නේ ද ? අපි මේක හිමින් විසදගමු.... ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නැහැ මම.... ( ඇත්තටම මෙයාලා දෙගොල්ලො ගහගත්තොත් ඔයා මට ගහලා මගේ අතක් පයක් කඩයිද කියලයි මට බය !! එච්චරට ඇට්ටර කෙල්ලනේ.... )

භාතිය....

.
.
.
.
.
.
.
.
.

මගේ ඇපල් මල ,

ඉතින් , කොහොම ද මං ස්තුති කරන්න ඕන මට වසන්තය ගෙනාවට ?

ආදරණීය බූතයා...

.
.
.
.
.
.
.

මුරණ්ඩු කෙල්ල ,

මගෙන් සුබ පැතුම් නැන්දේ !! .... එහෙනම් මතක ඇතුව එයාට නමක් දැන්ම හිතලා තියාගන්න....

භාතිය...

ප.ලි - හෙට හවසට අපි මුණගැහෙනවා නේද ? මං බලාගෙන ඉන්නවා....

.
.
.
.
.
.

නපුරු කෙල්ල ,

අපි මේ ටිකේම මුණ ගැහෙන නිසා ඔයාට මට ලියුම් එවන්න අමතක වෙලාවත් ද ?

මූණ උල් කරගත්ත බූතයා....

ප.ලි - ඔයාගේ දෙවෙනියි මගේ නංගියි ඩ්‍රොප් සෝන් එකේ අන්න... ( පොඩ්ඩක් ගුටියක් දෙකක් ඇන ගත්තදෙන් නේ ද ? )

.
.
.
.
.

කෙල්ලේ,

ලබන විසි තුන වෙනකම් මං මෙහේ නැහැ.. ආපු ගමන්ම ඔයාව මුණගැහෙන්නම්...

භාතිය...

.
.
.
.
.
.
.
.
.

නාහෙට අහන්නැති පුදුම හිතෙන ඇපල්මල ,

විශ්වාස කරන්න මගේ කෙල්ලේ ..... දැන් නම් මේ බූතයා කටත් ඇරගෙනයි ඉන්නේ.... මේක මෙච්චර කාලේකට මට ලැබුන හොදම උපන්දින තැග්ග.... ඔයා මේක හදන්න ගොඩක් මහන්සි වෙන්නැති... අර අනිත් බාගේ ඇවිදින් මට උදේ පාන්දර සුබ පතන කම් මට ඇත්තමයි මගේ උපන්දිනේ මතක් නොවුන තරම් !! ( කොච්චරද කියනවා නම් තව පොඩ්ඩෙන් මගේ අනිත් බාගේට ආපු තැග්ගක් කියලා ඒකත් එයාට දෙනවා !! මොන අපරාදයක් ද ඒම උනා නම් මං කියන්නේ....)

මට දැන් විසි අටක් නේ ද ? දෙය්යනේ ඔයාගේ වයසක ආදරේ ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුංචි ගෑනු ළමයො....

සතුටු බූතයා...

ප.ලි - මේ ලියුම අස්සේ හාදු ගොඩක් තියෙනවා, මගේ මෝඩ කෙල්ලට ඒවා පේනවා ද ?

.
.
.
.
.
.

එලිසබෙත් බෙනට් !! ,

ඉතින් මගේ මෝඩ කෙල්ල , කාලෙකින් නිදහසේ මෙසේට වාඩි වුනා ඔයාට ලියුමක් ලියන්න... පහු ගිය ටිකේම ඔයාට එවන්න සිද්ධ වුන ලියුම් මතක් උනාම මට හිතට අමාරුයි. ... ඔයා මට පුළුවන් තරම් දිගට ලස්සන දේවල් ලියලා එවද්දි , මං වාක්‍යයක් දෙකක් ලියාගන්න වෙලාව හොයාගත්තෙත් හරි අමාරුවෙන් ...ම්ම් , ඉතින් දැන් මේ ගෙවෙන්නේ තුන් වෙනි අවුරුද්ද නේද ? දන්නව ද , ඔයා ලොකු වෙලා ... මං ඇත්තමයි කියන්නේ... මට ඒක ගොඩක් ඔයාගෙන් දැනෙනවා...

ඔයාට දැන් විසි දෙකක් , මට විසි අටක්... අපි එච්චර ඉක්මනින් ලොකු උනා ද ? මට තාම මතකයි අර සුදු අශ්වයෙක් පිට කුමාරයෙක් එනකං බලාගෙන ඉදපු කෙල්ල...මට බූතයා කියලා කැගැහුවේ ? ( ඒමයි කියලා එදයින් පස්සේ ඔයා ගාව හොල්මන් කරන එකෙන් නැවතුනේ නැහැනේ මං ? )

මං අර පොතේ පිටු අතරේ අතරමං වෙලා වගේ සිනල්යා... ඔව් ඔයා මට අන්තිමට දීපු පොත.. ඔයා දන්නවා ඒ පොත මං මුලින්ම දැක්කේ ගොඩ කාලේකට කලින්.. ගොඩක් අයගේ අතේ ඒ පොත තිබුනා ... ඒත් මට ඒක කියවන්න ඕනය කියලා නම් හිතිලා තිබ්බේ නෑ , ඒත් කෙල්ලේ පුදුමයි මටම , අවුරුදු විසි අටේදි ඔයා මේක මගේ අතට දුන්නේ නැත්තන් මං දවසක මේ වගේ ලස්සන පරිච්ඡේද ගැන කියවන්නේ නැතුවම මැරෙන්නත් තිබුනා... (එක අතකට ඔයා ඒක මගේ අතට දුන්නේ නිකන්ම නෙවේනේ !! ) ජේන් ඔස්ටින් එළිසබෙත් ගැන කියන වචනයක් ගානේම මම මගේ මෝඩ ඇපල් මල හිතින් මවාගන්න එක එක එයාගේ පරිකල්පනයට කරන අසාධාරණයක්ද කියලත් මට සැකයි !! මේ කතුවරු හොදට දන්නවා හිතේ කිති කැවෙන්න ඕන වගේම කෙනිත්තෙන්න ඕන තැන්... ( හරියට ඔයා ලියලා එවන කවි වගේ....) ඉතින්

මගේ මෝඩ ගෑනු ලමයො , කලින් ලියුමේ ඔයා සමාජවාදය ගැන ආවේගයෙන් වගේ කියවලා තිබ්බ නිසාම ඊළග සැරේ අපි මුණ ගැහෙනකොට ඔයාගේ අතට දෙන්න *රතු පාට කවර* තියන පොත් දෙකක්ම දැන් මගේ අතේ තියෙනවා.... ( මට තියන ලොකුම බය , ලෙනින්ව අරක් අරගෙන මේ කෙල්ල මටත් ගහයි ද කියලයි!!)

ඉක්මනින්ම මට ලියන්න... මොකද ඔයාගේ බෝල අකුරු වටේට ඇස් කරකවද්දි මට දැනෙන කැරකැවිල්ල තමයි මට දැන් හැමදේම !!.... ( ආදරේටයි කිව්වේ...) මේ දවස්වල ඔයාව බලන්න ඕන නිසාම මං වැඩි වෙලාවක් නිදාගන්නවා... අනික හීනෙන් ඔයාව බලනකොට පරිකල්පනය මගේ අතේනේ !! ඔයා ඇත්තටම ........... - - නෑ නෑ ඒ ඇති..... ( හරි හරි නහය රතු කරගන්න එපා දැන් , මං විහිළුවටයි කිව්වේ...)

මං ,
මිස්ට ඩාර්සි බූතයා....

ප.ලි - දැනුයි මතක් උනේ ආයේ ඔයාව මුණ ගැහෙන්න වෙන්නේ ලබන විසි තුනෙන් පස්සේ විත්තිය.. ඉතින් මේ රතු කවර තියන සමාජවාදී පොත් දෙක මං ඔයාට මෙහෙමම එවන්නම්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* ආවා ගෙදර..

මේ තැන් තමයි සාමාන්‍යයෙන් හිතට වැදුනේම.... තව ෆොටෝස් නං තියෙනවා , ඒවාල මං ඉන්නවනේ ඉතිම් බෑනේ හිහි....

Continue Reading

You'll Also Like

439K 86.1K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
690K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
238K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?