- Plot 23 -

By Bulbz_D

863K 114K 39.5K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

-39-

5.9K 875 49
By Bulbz_D

වතාවත් සේරම උදේ හය වෙද්දි ඉවර කරලා , උදේ අටට සේරම වැඩ ටිකෙන් රිලීස් වෙලා , ගෙදර ඇවිත් වොෂ් දාගෙන ගවීෂ් යන්තං ඇදට පැන්නා විතරයි.. යාදම් වතාවත් දවස කියන්නේ මේ දවස් හතටම, රෙස්ට් එකක් කියලා ලැබෙන එකම දවස... ආයේ හෙට , යාදම් උත්සවේ අන්තිම දවස, යාදම් සැණකෙළිය... මුළු විලේජ් එක පුරාම කානිවල් එකක් වගේ කිව්වට වැරැද්දක් නෑ.... කනවා නං කෑම , බොනවා නම් බීම , සෙල්ලං කරනවා නං කරන්න පුළුවන් හැම සෙල්ලමක්ම..... නැටුම් බලනවා නම් , සිංදු නම් සිංදු.... හැම ජාතියම....එදාට නම් තනිකර ආතල් එකක් විතරයි ඉතිරි කොහොමත්... බාරදුර දූර බාර වැඩකටයුතු සේරම අහවර කොරලා , කූචි කුචි සොප්ට් සබන් ගාලා නාලා , සූද ගගහා ඇදට පැනලා ඇස් දෙක පියාගත්තා විතරයි ---

ආදරණීය ෆෝන් එක වැළපෙන්න අරගෙන !!!!....

දැන් නළවපන්කො.. ගවීෂ් කුණුහර්ප මුමුණන ගමන් ඇස් දෙකත් පියාගෙනම කොට්ටේ අස්සේයි , රෙද්ද අස්සෙයි හැම තැනම අත දදා ෆෝන් එක අතට අරගත්තෙත් හෙන ගේමක් දිලා.... අහ්හ්හ් ...... අහ්හහ් හහ්හ්.... අහවලානේ මේහ්..... එක ඇහැක් යන්තං ඇරලා ස්ක්‍රීන් එකේ බැලුව ගවීෂ් නිදිමත යනකං තව තත්පරයක් ඉදියේ ෆෝන් එක එහෙමම තියාගෙන..... තාම ඇහැරුනේ නෑ මිනිහා හරියට.... මූ මොක ද දන්නෑ මේහ්.... මොකා උනත් නින්ද මට ලොකුයි හ්හ්.... ගවීෂ් එහෙමම ෆෝන් එක ආන්ස කරලා කනේ තියාගත්තේ ඒකත් එක්කම බ්ලැන්කට් එක අස්සට තව චුට්ටක් රිංගලා ගුලි වෙන ගමන්...

'' ඇයි ? '' පැහැදිලි නැති , කුනු කුනු ගාන හිරි කැඩිලා නැති , මූසල , කුජීතම කම්මැලි කටහඩින් ගවීෂ් ඇහුවේ නින්ද කඩපු එකට සාප කර කර... යකු දවස් හතකින් එයාගේ සප්තලන් ඇද ඇස් දෙකට දැක්කේත්...

'' දැන් පහත් පහුයිනේ ? '' ටික වෙලාවක් සද්ද නැතුව ඉදපු මියුන් ඇහුවේ ගවීෂ් බාගේට ඇරපු ඇස් දෙකත් පුංචි කරගෙන බිත්තියේ තඩි ඔරලෝසුව දිහා බලද්දි.....

'' -ටහුඩු !!! පහයි විස්සයිනේහ්...'' ගවීෂ් තාම නිදිමතේම කිව්වේ හිමින් හිමින් කෙලින් වෙලා ඇදට හේත්තු වෙන ගමන්.... ඒත් යකූ මේ දැන් නේ ඇදට ආවේ..... ??? බුදු අම්මේ අත.... උරහිස.... කොන්ද ..... අය්යො බෙල්ල...... ඌහ්... ඇග පත හැම මගුලම රිදෙනවා... දවස් හතක් තිස්සේ අරහේ මෙහේ දුවලා පණ පිටින් ඉන්න එකම මදැයි..

'' ඇයි දැන් තමුසේ ? '' ගවීෂ් ඇහුවේ ඇස් දෙකත් නවත්තන්නේ නැතුව පොඩි කරන ගමන්... කෙහෙම්මල් නිදිමත තාම ගියේ නෑනේහ්... යායැව්ව්ව් !! ඈනුමුත් යනවා....

'' අහවල් එකට... !!! ''

'' එහෙනං මොන අහවල් එකට ද සිම් එක හින්දන්නේ ? ? '' ගවීෂ්නුත් ආපස්සට ඇහුවේ ඇස් දෙක වටයක්ම උඩ යවන ගමන්... මුගේ හෙන ඉම්පෝටන්ට් අහවල් එක !!...

'' අනේ මේ... පාඩුවේ හිටපන්... තමුසේගේ නෙවේ මගේ බිලනේ යන්නේ... ''

'' යකො මගේ ෆෝන් එකේ බැට්‍රි අපරාදේ !!! '' ගවීෂ්නුත් අතඅරින පාටක් නෑ......

'' මේ ඕනවට වඩා කියවන්න තියාගන්න එපා තමුසේ හරිද...... ''

'' උබ කියනකං ඉදියේ...හහ් '' ගවීෂ් ෆෝන් එකට රැව්වේ බ්ලැන්කට් එක ළගට අරන් තුරුල් කරගන්න ගමන්... මියුන් සද්දයක් නෑ....

' තමුසේ වැඩ ටික කරන්න ගත්ත ද ? ක්ලාසස් එහෙම මොක ද ? '' ගවීෂ් ඇහුවේ ආයේ ඇදට හේත්තු වෙලා...

'' දවල් ඉදන් කළා... ඇයි ?. ''

'' තේරෙන්නැති මොනා හරි තියේ නං කියහන්.... බොරු ඕන නෑනේ මට නං ඔය රෙද්දවල් බෑ..... හැබැයි යොවන්දිට නං පුළුවන්.. ''

'' ඕන නෑ.. යොවන්දි අක්කට තේරෙන්නැති දෙයක් තියේ නං මගෙන් අහන්න කියපන්... '' මියුන් කිව්වේ ගවීෂ්ගේ කටින් බකස් ගාලා හිනාවක් පනිද්දි... ගානක් නැතුව කියලා දැම්ම හැටි විතරක්... බොරුවක් නෙවේ හැබැයි කිව්වේත්... පිටින් හෙන මෝඩ පාටට පෙනුනට මියුන් කියන්නේ අයින්ස්ටයින් ගණයේ මොළයක්...

'' පුහ් .. ''ගවීෂ් හිතලාම නෝන්ඩියට සද්දයක් දැම්මා...

'' මං විහිළුවක් නෙවේ කළේ ..'' මියුන් ආයේ සැරෙන් කිව්වේ ගවීෂ් තොල් දෙක කරගනිද්දි..... හරි හරි ඉතින් තාම මේ ඇරියස් එක කවර් කරන්නේ අර සිද්ධියටනේ... දැන් ඕක ගැන කතා කරන්න ගියොත් ආයේ මියුන්ට තද වෙනවා.... මිනිහා හෙන සැරයි මොනා උනත්... ඇරැත් මහ වැරැද්දක්ද ඕක -ආයේ ආයේ අවුස්සන්නේ..

'' ....... ''

'' .................... ''

'' ........................''

'' ................. ''

ම්හු.. තාම දෙන්නාගෙන් එකෙක් කතා කරන පාටක් නෑ... හැබැයි එකෙක්වත් කට් කරන පාටකුත් නෑ.... එළියේ හුළගත් එක්ක වහින සද්දේ නං ගවීෂ්ට ඇහෙනවා.... වහලා තිබ්බ ජනේලේ වතුර බිංදු වැටිලා පහළට රූටලා පහළට වැටෙන සද්දේ නං ගවීෂ්ට ඇහෙනවා.... මොනා හරි කියපන් ඉතින්...

'' මොකක් ද උබට වෙන්න ඕන ? '' විනාඩි දෙක තුනක නිශ්ශබ්දතාවයකින් පස්සේ ගවීෂ් සන්සුන්ව ඇහුවේ මියුන් කියටවත් හේතුවක් නැතුව එයාට මේම කෝල් නොකරන බව දන්න නිසා... මලාට නෑ !!.. මැරුනත් නෑ... කොහොමත් එයාට මෙහෙම *හේතුවක් නැතුව* , කතා කර කර ඉන්න *හේතුවක්* තියෙන්න විදියක් නැනේ... ??

'' සුදු මාමාට කතා කළා ද ? '' මියුන් ඇහුවේ බර කටහඩකින්.... මියුන් ඒ ප්‍රශ්නේ අහපු විදියෙන්ම කතාව අනිවාරෙන්ම තව දුර යනවා කියලා තේරුන ගවීෂ් උත්තරයක් නොදීම ඇදෙන් බැස්සේ ජනේලේ ගාවට යන්න....

'' ඇයි ඒ උබ ඒම ඇහුවේ ? '' ගවිෂ් සන්සුන්ව ඇහුවේ එයාගේ කාමරේ ලොකු රවුම් ජනේලේ ඇරලා , ඒකේ පඩිය උඩින් වාඩි වෙන ගමන්..... හුළගත් එක්ක පින්නත් ඇවිත් මූණට වැදෙනවා... ඈත නොපෙනන තරමට හය්යෙන් වහිනවා...

'' එකක් කියන්නං තිමෞර්ය....මට බොරු කරන්න නං ලැස්ති වෙන්න එපා... ඒම කරන්න හිතන් ඉන්නවා නම් , තමුසේ මං ගැන හරියට දන්නෑ !!''

'' මං එහෙම කරලා නෑ තමුසේට !! ''

'' පොඩ්ඩක් හිටපන්.... සේරටම කලින් මට කියපන් ඇයි දැන් උබ ඔහොම කතා කරන්නේ කියලා ? '' ගවීෂ් ඇහුවේ නැගගෙන එන කේන්තියට... ආශක්‍යසිංහලාත් එතකොට සුදු මාමා ගැන ඒ ටිකට දැනගෙන ද !!!!

'' උබ දන්නවා ඇයි කියලා.... මං ඊයේ දැක්කා උබ සුදු මාමා එක්ක කතා කලේම නෑ... '' මියුන් කිව්වේ වෙනදට වඩා ගොඩක් සන්සුන්ව....

ඇත්ත.... ගවීෂ් ඊයේ රෑ සුදු මාමාගේ ඇස් දෙක මගඇරියේ එක පාරක් දෙපාරක් නෙවේ... සුදු මාමාව දකින දකින සැරේට උගුර හිර වෙනවා... ඉස්සර වගේ මූණ බලාගෙන කතා කරන්න බැරි තරමට අසරණ ගතියක් දැනෙනවා... අඩුම හෙට සුදු මාමාව නෙරපද්දි, මහා ලොකු වේඝර්ණ උරුමය විදියට එයාට කිසි දෙයක් කරගන්න බෑ.... සුදු මාමාගේ මූණ බලාගෙන කෝමද මේවා කියන්නේ ??ඉතින් ඊයේ දවසට ගවීෂ් නෙවේ , එක පාරක්වත් මෙතුල දිහා ඔළුව උස්සලා බැලුවේ...

'' ඒක මේ - '' ගවීෂ් තොල් දෙක තද කරගත්තේ මොනවා කියන්න ද කියලා හිතාගන්න බැරුව.... කතා කරන්න කෙනෙක් ඕන.... සුදු මාමා ඇරුනම ඒම කෙනෙක් ඉදලාත් නැ.. මියුන් කවුරු උනත් පවුලේ දෙයක් කෝම ද -

''නෑ... නෑ , රිලැක්ස් එකේ කතා කරපන්... මෙහේ හැමෝම දැනටම දන්නවා '' මියුන් ටික වෙලාවකින් කිව්වේ ගවීෂ් ලොකු හුස්මක් ගනිද්දි.....ඒත් තාම මිනිහා වචනයක්වත් කිව්වේ නෑ වැස්ස දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න....

සුදු මාමාට කෝමද කියන්නේ හෙට වෙනකොට එළියට බහින්න ලැස්ති වෙන්න කියලා..හැබැයි අනිත් අතට , සුදු මාමා ඒක මේ වෙනකොට දැනගෙන ඇති....අවුරුදු විසි හතක් සුදු මාමා හැදුනේ මෙතන.. මාමා මාමා ගෑවට මොකද , ගවීෂ්ට අම්මා තාත්තා හැමදේම සුදු මාමා... මහා ලොකු වයස් පරතරයක් නොතිබුනාට සුදු මාමා හැම අතින්ම ගොඩක් දේවල් දැනගෙන ඉදියා... යුවනිදු අය්යා එක්ක එකතු වෙලා කොහේ හරි ගිහින් ප්‍රශ්නයක් දාගත්තම , හැමතිස්සේම සුදු මාමා තමයි ඒවාට පන්ශ්මන්ට්ස් කැවේ.... ඉස්සර ඉදන් හැම වැරැද්දකදිම සුදු මාමා ගවීෂ්ව බේරගන්න දෙපාරක් හිතන්නේ නැ... ඒම කරපු සුදු මාමා , හෙට පවුලෙන් පන්නන කං තමුසේට බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නැ ????? මගුලේ වේඝර්ණ උරුමය !!!...

'' මං ඒක ගැන අහලා උබේ මූඩ් එක කෑවා ද ? '' ගවීෂ් සද්දයක් නැති නිසාම මියුන් ආයේ ටික වෙලාවකින් ඇහුවේ ගවීෂ් අමාරුවෙන් යන්තං හිනා වෙද්දි....

'' නෑ... ''

'' කතා කළා ද ? ''

'' නෑ යකො !!... ''

'' හරි අහපන්... කතා කළොත් හොද නැද්ද උබ ? ... '' මියුන් කිව්වේ ගවීෂ් එයාටම බෑ කියලා ඔලුව වනාගනිද්දි....

'' මට එයාගේ මූණ බලන්න බෑ .... උබට තේරෙනව ද ? නෑ උබට තේරෙන්නෙත් නෑ !!... උබට තේරෙන්නේ නෑ ඇයි !! වෙලාවකට මට මහ කේන්තියි ඕයි.. !!! සුදු මාමා දැනගෙන ඉදියා මේම වෙන්න පුළුවන් කියලා.. ඒ දැන ගෙනත්- ''

'' තිමෞර්ය..... ''

'' චුට්ටක් අහපන් ඉස්සෙල්ලා....!! ''

'' හරි උබ කියපන්කො..... '' මියුන් සන්සුන් උනේ ගවීෂ්ට කතා කරන්න ඉඩ තියලා....

'' උබට මතක ද යුවනිදු ? එයා සේරම දමලා ගහලා රට ගියා... සෑහෙන සතුටින් !!!... සුදු මාමා අද අඩයි... හෙට අඩයි.... අවි මාමා ගාවත් ටික දවසක් යනකම්ම අඩයි... !! ඒත් අවුලක් නෑ , අවි මාමා හැමදාටම ඉන්නවා ළග... හරි මං මේක ඇතුළේ තනිවෙයි මට ඒක කමක් නැ.. හැබැයි උබ දන්නවා ---.. ''

'' සුදු මාමාට හොදක් නං වෙන්නේ , තමුසේට අනිත් හැමදේම දරාගන්න පුළුවන් වෙන්න ඕන තිමෞර්ය..... ''

'' ඕයි !!!! ඒක මේ නිකන් මැන්ෂන් එකෙන් එළියට ඇදලා දැමිල්ලක් නෙවේ කියලා තමුසේ හොදටම දන්නවා!!! නිකන් නෙවේ ඇදන් ඉන්න ඇදුම පිටින්ම ..... උබ චාරිත්‍ර දන්නවා... දෙවෙනි පරම්පරාවම මූණට කෙළගහවි සුදු මාමාගේ ... මට බලන් ඉන්න ද කියන්නේ ???? කෝම ද!!!! එයා වැරැද්දක් කළේ නෑ .... ඇයි ..... ? ඇයි.... මට තේරෙන්නේ නෑ !!! පිළිලයක්ලු සීයා එයාට..... මොකක්ද පිළිලේ ? සීයාගේ පොඩි පුතා !!! අච්චර දෙයක් ලොකු අම්මට කළාටත් පස්සේ...... කිසිම ගානක් නැතුව...... කිසිම ගානක් නැතුව !!!!!! එයාගේ පොඩි පුතාටත් ඒකම කරනවා ???? '' ගවීෂ් කේන්තියෙන් ඇහුවේ අතත් මිට මොළවගන්න ගමන්.... කේන්තිය කෙසේ වෙතත් , මූණට වැදුන වැස්සේ පින්න අතරේම උණු කදුළු බිංදු එකකට පස්සේ එකක් පහළට බේරෙනවා ගවීෂ්ට තේරෙනවා....

'' ලස්සන හැමදේම කොහේ හරි කට්ටක් තිබුනා තිමෞර්ය.. ''
මියුන් කවදාවත් නැතුව සන්සුන්ව කතා කලේ , ගවීෂ් තොල් දෙක තද කරගනිද්දි... මූත් එක්ක කතා කරලා දිනන්න බැ කොහොමත්....

'' ඒත් ඉතින් ඒ සේරම කටු ඇවිත් ඇනෙන්නේ මගේ ඇගේනේ !! '' ගවීෂ් නහය උඩට ඇදලා කිව්වේ අතින් මූණ පිහිදාගන්න ගමන්.... කමක් නෑ , පින්න වැදිලාම අඩුව ද නැද්ද කියලා හොයාගන්න බෑ....

'' .............. '' මියුනුත් සද්දයක් නෑ... ගවීෂ් කෝල් කට් නොකරම වැස්ස දිහා ඔහේ බලාගෙන ඉදියේ පින්නට දැන් දැන් සීතලත් ඇග හරහා කාවදිද්දි... විනාඩි පහක් යනකං ඔරලෝසුවේ කටුව උඩට යන විදිය දිහා ගවීෂ් බලාගෙන ඉදියේ හිස් හැගීමෙන්..... ඊළග විනාඩි පහේ වැස්ස වහින දිහා.... තත්පරෙන් තත්පරේට වෙලාව තවත් යනවා.... වැස්ස නිසා අද ඉර බැහලා යන පාටක් නෑ.... එයාගේ කනේ තිබ්බ ෆෝන් එක ආයේ අතට අරගත්ත ගවීෂ් ස්ක්‍රීන් එක දිහා බැලුවේ මියුන් කට් කරලා ද කියලා හිතාගන්න බැරුව.. නෑ... තාමත් තත්පරෙන් තත්පරය කෝල් ඩියුරේෂන් එක වැඩිවෙනවා....

'' ම්මප්... උබ තාම ඉන්නව ද ? '' ගවීෂ් ෂුවර් නැති පිට ඇහුවේ ඩියුරේෂන් එකේ තිහේ ඉලක්කම පහු වෙලාත් ගොඩක් වෙලා නිසා....

'' ඔව්.... තමුසේ මීට කලින් වහිනකොට අහස දිහා බලලා තියේ ද ? ''

'' වහිනකොට ???? අහස දිහා ???'' ගවීෂ් එහෙමම උඩ බැලුවේ කලින් එහෙම බලපු බවක් මතක නැති නිසා... වහිනකොට වැස්ස දිහා මිසක් අහස දිහා බලන්නේ මොන මෝඩය ද ?

'' ඔය වැහි බිංදු වැටෙන්නේ කොහෙන්ද කියලා උබට පේනව ද ? '' මියුන් සන්සුන්ව ඇහුවේ ගවීෂ් මුකුත් කියන්නැතුව අත වැස්සට අල්ලද්දි..... වේගෙන් වැටෙන වැහිබිංදුවලට අත තෙමන්න යන්නේ තත්පර ගානයි.... සීතල වැහි බිංදු ඇවිත් අතේ වැදිලා විසි වෙනවා ගවීෂ්ට පේනවා... අහස දිහා බැලුවම, වැහි බිංදු වැටෙන්නේ අහසින් ද කියලාවත් හිතාගන්න බෑ....

'' ඒවා උඩින් වැටෙන නිසා අපි හිතනවා අහසින් වැටෙනවා කියලා.. නැතුව අහස බැලුවම උබටවත් මටවත් පේන්නේ නෑ වැස්ස අහසින් වැටෙන බවක්... අහස කොච්චර ලොකුද කියනවා නං , ඔය වැටෙන කෙහෙල්මල් වැහිබිංදු දැනෙන්නේ නෑ...තමුසේට තේරෙනව ද මං කියන දේ ? ..... ''

'' නෑ හැබැයි.... '' ගවීෂ් කිව්වේ මියුන් කියන දේ නොතේරෙන නිසා නෙවේ, වැඩිමනත් එක්ක අවුස්සන්න.....

'' *** !!! . ''

හරිනේ හරිනේ මිනිහා පිපිරුවා.... ! ගවීෂ් යන්තං හිනා වුනේ ජනෙල් පඩියෙන් බහින ගමන්.... අනේ මුගේ සන්සුන්කම !! පුහ්....

'' දැන් මගේ යකා අවුස්සන්නේ නැතුව , සුදු මාමාට කතා කරපන්...

'' අමො අමො... බිත්තර කට්ටක් නැද්ද මල්ලි හැංගෙන්න මට ආ ? '' ගවීෂ් ඇහුවේ මියුන් දැන් නං නහයෙනුත් පිඹින විදිය හිතින් මවාගන්න ගමන්... කෝමත් මලයා , මල්ලි කිව්වම එසේ මෙසේ තද විල්ලක් නෙවේනේ තද වෙන්නේ...

'' අනේ මේ !! තමුසේ එක්ක මේ විකාර කියවනවට වඩා වැඩ තියෙනවා මට ..!!! ''

'' ඉතින් අපි අල්ලන් ඉදියැයි ? ඉතින් ගිහින් වැඩක් කරගන්නවකො තමුසේ..... '' ගවීෂ් නෝන්ඩියට කිව්වේ එයාගේ කබඩ් එකෙන් ගත්ත ඈෂ් කලර් ටී එකට අත් දෙකයි බෙල්ලයි ඔබාගන්න ගමන්... යන්තං තෙමිලා තිබ්බ කොන්ඩෙත් හදාගෙන ගොම්මන් යාමේ දත් මදින්න කම්මැලි කමට ෆෝන් එකත් කනේ තියාගෙනම ටවල් එකෙන් මූණ පිහිදාගත්ත ගවීෂ් කාමරේ දොර ඇරියේ ඊළග තට්ටුවට නගින්න හිතාගෙන...ම්හ්.... රටක් වටින වැඩ තියේ කිව්වට තාම කට් කොරලා නං නෑ අදාළ පාර්ශවය....

'' මොකො උබට තියන්න අදහසක් නෑ ? '' ගවීෂ් කෙලින්ම ඇහුවේ එයාගේ කාමරේ දොර වහන ගමන්...

'' හරි ...පරිස්සමින් !! '' මියුන් සද්දේ ටිකක් අඩු කරලා කිව්වේ ගවීෂ් පඩිපෙළට තිබ්බ අඩියේ බැලන්ස් එකත් නැති වෙද්දි.....

'' හෝ්ව් හෝව් !! උබ මීට කලින් ඒම කියලා නෑ ??? ''

'' .............. ''

'' පොඩ්ඩක් හිටප-- ''' ගවීෂ් ආයේත් මොනවත් අහන්න කලින් මියුන් කෝල් එක කට් කළේ ගවීෂ් ස්ක්‍රීන් එක දිහා බලලා ඇස් දෙකත් ලොකු කරද්දි....ගස් ඔටුවා !!.. යකො ??? පරිස්සමින් ????? !!! පරිස්සමින් ???? මියුන් සැර ඩීප් වොයිස් එකෙන්.... *හරි... ! පරිස්සමින්..... යකුව්- බුහ්හ්හහ්හා.... මට පරිස්සමින් කියලා ද ඒ කිව්වේ ? හැබැයි කිව්ව විදියට හෙටම අතක් පයක් කැඩිලා කොහෙන් ඇදන් වැටෙයි ද දන්නැ හහ්... එහෙව් එකා ඔය ඔහොම ඉදියට.... විශ්වාස කොරන්න නරකයි ආශක්‍යසිංහලා.... ඒක පස්සේ බලාගමුකො.. දැන් ඊට වඩා ලොකු කතාවක් ඉතිරියි.... මියුන් හරි... සුදු මාමාට හොදක් නං වෙන්නේ , ඉවසන්න පුරුදු වෙන්නයි තියනේනේ ගවීෂ්.... අනිත් අතට මෙච්චර ලොකු ජීවිතේක නරක දවස් දෙකක් තුනක කදුළු කියන්නේ අහසට , වැස්ස වගේ දැනෙන්නැති දෙයක් වෙන්න පුළුවන් !!...

'' සුදු මාමේ.... '' සුදු මාමාගේ කාමරේ ගාවට වට දෙක තුනක් එහාට මෙහාට කැරකුනු ගවීෂ් හුස්මක් අරගෙන දොරට තට්ටු කළේ හිමින් මුමුණන ගමන්...

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

.
.
.


P.S - පොඩ්ඩක් වහින්න වගේ යන්නේ හැබැයි....

Continue Reading

You'll Also Like

172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
27.4K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
689K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
438K 86K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...