- Plot 23 -

By Bulbz_D

875K 115K 39.9K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 32 -

6.4K 959 98
By Bulbz_D

'' කොහෙද මෙච්චර වෙලා ඉදියේ ?  ''

දාඩිය නාගෙන දුවගෙන ආපු ගවීෂ්ව ඈත තියාම පිළිගත්තේ යොවන්දිගේ සද්දේ... ඒ පාර යොවන්දිට ටිකක් තද වෙලාද මන්දා.. සාධාරණයි සාධාරණයි... මෙතන තව පරක්කු උනා නම් එයාට වඩා බැනුම් අහන්නේ යොවන්දි.... වැරැද්ද එයාගේ නිසාම ගවීෂ් ලයිටර් එක ඉල්ලගත්තේ අති ගෞරවනීය ෆුල් ස්කේල් හිනාව යොවන්දිට දාන ගමන්.... කොහේද ? අත තාම වෙව්ලනවා , ගල් ගැහිලා වගේ.... කැපිලාත් හොදට තිබ්බ අතටනේ මේම කළේ  !!!!

'' ඒක පත්තු කරගන්නත් බෑ... '' යොවන්දි රවලා කිව්වේ ගවීෂ්ගේ අතින් ලයිට එක උදුරගන්න ගමන්....  යොවන්දිගේ  බැනුම් නම් තාම නැවතිලා නෑ... අත් දෙකෙන් තාම වැඩක් ගන්න බැරි තරමට ගල් වෙලා තියෙද්දි ලයිටර් එකක් පත්තු කරන්න ?  මේකිට ඕවා තේරෙනව ද !!!  තොල් දෙකත් තද කරගෙන ලොකු ජේඩ් ලැන්ටන් එක උඩට කරලා ගත්ත ගවීෂ් යොවන්දි ඒක පත්තු කරන කං බලාගෙන ඉදියේ ඒ වෙනකොටත් අහස ආක්‍රමණය කරන්න සේනාවක් ගානට එකින් එක එකතු වෙන පහන් එළි නිසා... ගග දිගටම පහන්වලින් එළිය වෙලා.... අපරාදේ කියන්න බැ මාරම ලස්සන අවස්ථාවක්... තුන්වෙනි පරම්පරාවම මේ වගේ දෙයක් දකින පළවෙනි වතාව..... හුළගත් එක්ක ඒ මේ අතට පාවෙන එළි.... වෙන විදියකට කිව්වොත් ප්‍රාර්ථනා....

ඩියෝන් එයාගේ ලැන්ටන් එක යවන්නත් කලින් සාර්ථක ලෙස පුච්චගෙන කර්ස් කරන සද්දේට ගවීෂ් ඒ පැත්ත හැරිලා හිනා වුනේ , ආශදිගේ ලැන්ටන් එක ඒ වෙනකොටත් උඩට අත ඇරලා ඉවර විදිය දැකලා...  සීයාගේ විතරක් නෙවේ , ඥාති පරපුරේම ඇටෙන්ෂන් එක කොහොමත් තියෙන්නේ යොවන්දි පත්තු කරන ලැන්ටන් එකෙන් අල්ලන් වටේ පිටේ උන්ගේ ලැන්ටන්ස්වලට හිනා වෙන ගවීෂ් දිහාවට.... මේකනේ ඕන ඉතින්... වේඝර්ණාරච්චිලාගේ ඊළග ගෞරවනීය ආදරණීය පෙම් වෘතාන්තය.....මොන රගපෑමක්ද ඉතින් ?... ගවීෂ් හිතුවේ යොවන්දි පත්තු කරපු ලැන්ටන් එකට හුළං පිරෙන කං එහෙමම උඩට කරලා අල්ලගෙන... එයාලාගේ රතු පාට එළියට පේන විදියට හදලා තිබ්බ ජේඩ් ලැන්ටන් එකට කලින්ම ආශක්‍යසිංහලාගේ නිල් පාට ජේඩ් ලැන්ටන් එක අහසේ පාවෙනවා මෙතනට උනත් ගවීෂ්ට පේනවා... හහ් අරවින්ද්ගේ එක... කාත් එක්ක ද දන්නැ යැව්වේ ?

'' එකායි දෙකයි තුනායි... ඔන්න... !! '' ගවීෂ් අතඇරියේ වටේ පිටේ සේරමලාගේ සද්දේ මැද්දේ... අහස පිරෙන්න තව තව ලැන්ටන්ස් එකතු වෙනවා..... සම්පූර්ණ අදුර වෙනුවට තැනින් තැන කහ පාට එළිවලින් ලස්සන වෙලා.... උඩට යන බකට් කණාමැදිරි එළි ගානටම පේන කං හැමෝම බෙල්ල රිදෙනකං අහස බලාගෙන.... ප්‍රාර්ථනා කියක් ඇතිද ඒ හැම එළියකම ? මගදි පිච්චිලා වැටෙන බකට්වලින් කී දෙනෙක්ගේ හිත් ගිනි ගන්නවා ඇත් ද ?

'' ඔයාලා මොනවද විෂ් කළේ ළමාාායි ? '' ආශදි තුන්වෙනි පරම්පරාවට ප්‍රශ්නේ යොමු කළේ ෆෝන් එකෙන් ගන්න තරමක් බකට්වල ෆොටො ගත්තට පස්සේ....

'' සුරංගනාවියක් වගේ කෙල්ලෙක් !! පුහ් ... කොහෙද යවන්නත් කලින් පිච්චුනානේ... සාපලත් ජීව්ත මේවා.. '' ඩියෝන් කිව්ව විදියට සේරමලා හිනා වුනේ උගේ පිටටත් ගහන ගමන්... මෙතන අගතියට පත් වෙලා ඉන්න එකත් විහිළුනේ මුන්ට... ලස්සන කෙල්ලෙක් ලැබෙන්නැද්ද දෙවියනේ....  !!!

'' චූටි මාමා තමයි ඒක විෂ් කරන්න ඕන.. ජිවිත කාලේම සින්ගල් වෙන්නද කොහේ හදන්නේ.. '' ආශදී කිව්වේ එහා පැත්තේ බරටම කතාවක ඉදපු සවින්ද එයාලාගේ පැත්ත හැරිලා හිනා වෙලා ආයේ හැරෙද්දි...

'' චූටි මාමා බදින්න හොයන්නේ ඩිග්‍රී..  අවුරැද්දකට කීයක් බදිනවද බලන්නකො.... නේහ් චූටි මාමේ ? . ''   බලන්න දෙයක් නෑ , තුන් වෙනි පරම්පරාව එයාගේ සුගුණේ කියනවා කියලා  තේරුන සවින්ද කණ්ණාඩි දෙක යටින් බලලා අායේ හිනා වෙලා හැරුනේ පොඩි උන් සෙට් එකම හිනා වෙද්දි...

'' මට ගවීෂ් අය්යා වගේ බයික් එකක් .. '' වාශිත් කිව්වේ ආශදී වෙන මුකුත් එපාද වගේ පොඩි එකා දිහා බලද්දි.... අපරාදේ කියන්න බෑ තුන් වෙනි පරම්පරාවෙ කොල්ලො හතර දෙනාම නරක් කළේ බයික් පිස්සුවයි , රස්තියාදුවයි තමයි .. දැන් මෙන්න අන්තිම එකාත් ඒ අඩිපාරේම ... යසයි !!!..

'' මං ඉතින් ස්ටඩිස් ටික තමයි... ගවීෂ් මොනව ද ? '' යොවන්දි ඇහුවේ ගවීෂ්ව කොන්ෆියුස් කරන ගමන්... හෙහ්... ලොකු අවුලක් තියේ -

'' අඩො මං හිතුවේ ලැන්ටන් එක උඩ යන්න කියලානේ.. '' ගවීෂ් කිව්වේ ඔළුවත් කස කසම.. ඇත්තනේ... ඕක යවද්දි වෙන මොනවා මතක් වෙන්නද ?

'' මොන මෝඩයෙක්ද මේහ් ? ඕක කෝමත් උඩ යනවානේ ? නැතුව පොළවට කිදා බහිනවැයි ? ''

'' අනේ උබේ එක ගියානේ පේන්නැති වෙනකම්ම උඩ හහ්.. '' ගවීෂ් ඩියෝන්ට නෝන්ඩිය දැම්මේ බකට් එක පිච්චුන එකේ අපහාසයට මිනිහා සයිලන්ට් වෙද්දි...

'' ගවීෂ්.. ''  ඔන්න එනවා අඩුපාඩුව !!!

'' සුදු මාමේ !! '' කලබලෙන් ගවීෂ් දිහාවට ආපු සුදු මාමා දිහා බලපු කට්ටියම කෑගැහුවේ අඩුවට ඉදපු සේරමලා එකතු වුන නිසා... මෙතුල මුකුත් කියන්නැතුව ගවීෂ්ව බදාගත්තේ ගවීෂ් ආයේ බය වෙද්දි....

'' දැක්කනේ දැක්කනේ.. නිකන්ද කියන්නේ සුදු මාමා වැඩියෙන් ආදරේ ගවීෂ්ට කියලා... '' ඩියෝන් කටත් ඇද කරලා කිව්වේ කෙල්ලො දෙන්නත් ඔළුව වනද්දි... දැක්කනේ ඉතින් .... ආපු ගමන් මෙතන අනිත් කවුරුත් පෙනුනේ නෑ.. ගවීෂ් තමයි ලොකු..... දැන් හැබැයි ගවීෂ්ට තියන පස්නේ ඒක නෙවේ... සුදු මාමා එයා තනියම ඉන්න වෙලාවට එයාව බදාගන්න එක හරි.. ඒත් මෙතන මොක ද මේ ? අර ඉන්නේ මස්සිනා-මාමා පොඩ්ඩත්.. රණ්ඩුවෙලාද මේහ් ? ගවීෂ් හිතුවේ අවිනාශ්ට බාගේට රවන ගමන්.... තව ටිකකින් ඕකා කනවා මගෙන් -----

'' මං මුකුත් කළේ නෑ පොඩි මෑන්ස් !!! '' ගවීෂ්ගේ මූණේ තිබ්බ මිනීමරු බැල්ම එක පාරින් තේරුම් ගත්ත අවිනාශ් කිව්වේ තුන් වෙනි පරම්පරාවේම ඇටෙන්ෂන් එක හොරාගන්න ගමන්...

'' කවුද එහ් ? '' ඩියෝන් ආශදීගෙන් අහනවා ගවීෂ් අහගෙන....

'' අවී මාමා ... '' යොවන්දි මිමිණුවේ ටිකක් එහාට වෙන්න ඉදපු දෙවෙනි පරම්පරාවේ ලොකු අයට ඇහෙන්නේ නැති වෙන්න...

'' අර ඇත්තද කියන්නේ සුදු මාමේ ? '' ගවීෂ් අවිනාශ්ව සත පහකට විශ්වාස නැති ගානට ඇහුවේ මෙතුල ටිකක් එහාට වෙද්දි.... දෙවෙනි පරම්පරාවේ බඩ පිස්සානේ... සුදු මාමා කෝමත් මේමයි...

'' ඇත්ත පොඩි මෑන්ස් !!! බකට් එක පිච්චුනා.. ඒකට අවුල් ලු ... ඉතින් පොඩි මෑන්ස්ව බලන්න ඕනයි කිව්වා.. '' අවිනාශ් කිව්වේ සාක්කුවට දාගෙන ඉදපු අත් දෙක එහෙමම තියෙද්දි උරහිස් දෙක උස්සන ගමන්.. හය්යො ඉතින් ඒකට ද මේහ්.....

'' එහ් එයා මාරම ගතිනේ අක්කේ... ? නේ  ? නේහ් ? '' ආශදී ඒ අස්සේ යොවන්දිගෙන් අහන විදියත් ගවීෂ්ට ඇහෙනවා... මේ කෙල්ලොත් ඉතින්.....

'' ඕක පිච්චුනා කියලා ඔය දෙන්නට මුකුත් වෙන්නෑ දෙයය්නේ ....  පිස්සුද ඕවා විශ්වාස කරන්න ?? '' ගවීෂ් කිව්වේ මෙතුලගේ පිටට තට්ටුවක් දාන ගමන්...

'' අපි දෙන්නා ගැන නෙවේ එයා විෂ් කළේ පොඩි මෑන්ස්...එයා මේ -  '' අවිනාශ් කිය කිය ඉදපු එක නැවැත්තුවේ මෙතුල එයා දිහාවට හැරිලා තොල් දෙක තද කරද්දි... මෙතුල බලපු විදියට අවිනාශ් අත උඩට අරන් කට සිප් කරගන්නවා වගේ කරලා පෙන්නුවේ තොල් දෙකම තද කරගන්න ගමන්...

'' සුදු මාමේ... සීයා දෙතුන් පාරක් මේ පැත්ත බැලුවා.. '' යොවන්දි මිමිණුවේ මෙතුලගේ වැලමිටෙන් අල්ලගන්න ගමන්....

'' කමක් නෑ , එයාට පෙන්නන්න තමයි කෝමත් එක්කන් ආවේ... '' මෙතුල කිව්වේ ඇස් දෙක ලොකු කරපු අවිනාශ්ගේ ෂර්ට් එකෙන් ඇදලා ළගට ගන්න ගමන්.... සබ්මිසිව් උනාට මොකද දෙය්යනේ සම්පූර්ණ පවර් එක තියෙන්නේ සුදු මාමා අතේනේ !! ගවීෂ් හිතුවේ අවිනාශ්ට නෝන්ඩි හිනාවක් දාන ගමන්... ඒත්  -

'' මොකට ද ඒ ඒහ් පෙන්නන්නේ ? '' ආශදී හෙන මෝඩ විදියට ඇහුවේ අවිනාශ් දිහයි සුදු මාමා දිහයි කටත් ඇරගෙන බලන ගමන්...

'' සුදු මාමේ දැන්ම එපා නේ ? '' ගවීෂ් විශ්වාසයක් නැති පිට ඇහුවේ යොවන්දි දිහත් බලන ගමන්....

'' මට මීයෙක් වගේ හැමදාම හැංගි හැංගි දුවන්න බෑ ගවීෂ්... එකම ගුල අස්සට වෙලා ඉන්නත් බෑනේ ? ''

'' හ්ම් ...සුදු මාමාගේ තීරණයක්... '' ගවීෂ් කරබාගත්තේ කොහොමත් සුදු මාමා ළගදිම යනවා කියලා දැනගෙන ඉදිය නිසාමයි... ඒත් තව ටිකක් තියාගන්න බැරිද සුදු මාමාව ? අනික් අතට සීයාට මේක අරහෙන් මෙහෙන් කන වැකිලා තියේ කියන්න ගවීෂ් හොදටම දන්නවා.....

'' අපි මේක කතා කළේ නෑනේ මේපල් !!! '' සේරටම වඩා අවිනාශ් ෂොක් වෙලා...

'' මේපල් ??????????????????? !!!'' ආශදී උගුර යටින් සද්දයක් දැම්මේ ඩියෝන් තාම මෙලො මගුලක් හිතාගන්න බැරුව හැමෝම දිහා මාරුවෙන් මාරුවට බලද්දි...

'' බය ද ? '' මෙතුල ඇහුවේ මෘදු ඒ වුනාට , ටිකක් තද විදියට...

'' නෑ . මට ඕන වෙලාවක ඔයාව ඉල්ලන්න පුළුවන් සර්ගෙන් !!! ඒත් මෙතූ - '' 

'' මට තරහා ගිහින් ඉන්නේ අවී ..!!! '' මෙතුල කිව්වේ සන්සුන් විදියට උනාට අවිනාශ් අත් දෙකම උස්සලා ආගිව්මන්ට් එක ගිව් අප් කළේ  ඇස් දෙක පියාගන්න ගමන්... පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නේ නිකන් ද ? සුදු මාමාගෙන් ඉගෙන ගන්න ඕන !!!...

'' ඕකේ .. මං ලෑස්තියි... '' අවිනාශ් කිව්වේ මෙතුලට ඔළුව වනන ගමන්...

'' ගුඩ් බෝයි.. !! '' මෙතුල කිව්වේ අවිනාශ්ගේ බඩට තට්ටුවක් දාන ගමන්....

'' ආශදී , ම්ම් ...  ඩියෝන් , එතකොට වාශිත් ... යොවන්දි දන්නවානේ... මේ අවිනාශ් ..... බර්ඩ්‍රේන් යොරෙල් කෙනෙක්....  මගේ - ''

'' ගෝඩ් !!! මේ සතියට අහපු දෙවෙනි සප්‍රයිස් එක !!! '' මෙතුල ඉවර කරන්නත් කලින් ආශදී මෙතුලව බදාගත්තේ මෙතුලව සන්සුන් කරන ගමන්....

'' මොකක්ද එක ? '' මෙතුල ඇහුවේ ආශදී ගවීෂ් දිහා බලලා හිනා වෙද්දි... ඒක ඒ දෙන්නාගේ රහසනේ.... හිහ්...

'' මට එච්චර හරියට තේරුන්නෑ , හැබැයි හලො බ්‍රෝ.... මං ඩියෝන්....  '' ඩියෝන් කිව්වේ එයාගේ අත අවිනාශ්ට දික් කරන ගමන්... අපරාදේ කියන්න බෑ ටියුබ් ලයිට් එකේ හොදම එක..... මෙතුල මුකුත් කියන්නැතුව ඩියෝන්ගේ පිටට තට්ටුවක් දැම්මේ ඩියෝන් සිදුවීම ගැන විස්තරයක් බලාපොරොත්තුවෙන් ආශදී දිහාවට හැරෙද්දි...

සුදු මාමා මුලින්ම ගියේ චූටි මාමා ගාවට....  චූටි මාමා කොහොමත් අහෙන් මෙහෙන් දන්නවානේ අවී මාමා ගැන.... චූටි මාමාත් ඒක සීයාට කියන එක හොදයි කියලා අනුමත කළා නම් , ගවීෂ් සන්සුන් උනේ චූටි මාමා කවදත් ගන්න තීරණවලින් කිසිම වෙලාවක නරකක් වෙලා නැති නිසා.... චූටි මාමා සුදු මාමාව , සීයා දිහාවට එක්කන් යනකං තුන් වෙනි පරම්පරාවම බලන් ඉදියේ සන්සුන්ව... දෙවෙනි පරම්පරාවේ දෙතුන් දෙනෙක් නං මුමුණනවා බල බල... එයාලාගේ මල්ලිලා ඩබල කරන දේවල් දිහානේ ඒ බලන්නේ.....ම්ම්... අවුලක් වෙනවා නම් පළවෙනි විනාඩි දහය ඇතුළත වෙන්න ඕන.... එහෙනම් මෙතන පුරාවට ලොකු කලබලයක් වෙනවා.... හැමෝම එයාලාගේ කතාවල ඉන්නවා වගේ ඉදියාට සැරින් සැරේට බලන්නේ සීයා දිහා....

'' මට හිතෙන්නේත් එක්කො බය වෙන්න දෙයක් නෑ නේ ගවීෂ් ?  සීයාට ඕක ආරංචි නොවී තියෙන්න විදියක් නෑ , ඒකනේ සුදු මාමාගේ පස්සෙන් මැරේජ් එකකට නොපැන්නුවේ... '' යොවන්දි කිව්වේ ඒ දිහා බලාගෙනම ගවීෂ් කල්පනාවෙන් ඔළුව වනද්දි....හිත කැඩෙන පැත්තක් නැතුවම නෙවේ...... සුදු මාමාට පවුල අතරින්න වෙනවා.... එතකොට වේඝර්ණ මැන්ෂන් එකේ උඩම තට්ටුවේ සුදු මාමාගේ කාමරේ හිස් වෙනවා... සුදු මාමා නැතුව - යටි තොල හපාගත්තේ දැන්ම මෙතන අඩන්න ඕන නැති නිසා...

හ්ම් , සීයා ඒක දැනටම දන්නවා කියන්න ගවීෂ් හොදටම දැනගෙන ඉදියා... ඉදලා හිටලා එයාගෙන් පවා ඒ ගැන අහන ප්‍රශ්න ගවීෂ් මගඇරියේ හිතලමයි... ඒක සීයා විරුද්ධ නම් , සමහර විට අවිනාශ්වත් මෙතුලවත් මේ වෙනකොට ජීවතුන් අතර නෑ !!!!.... ඒ ආර්ය වේඝර්ණාරච්චිගේ හැටි.... සමහර විට අවිනාශ් ,බර්ඩ්‍රේන් යොරෙල් කෙනෙක්ම නිසා...??  සමහර විට මේක දැන් විසි එක් වෙනි සියවස නිසා ?? නෑ ඒ දෙකම නෙවේ හේතුව !!! ඇත්තම හේතුව මේ විදියේ සම්බන්ධයකින් එයාලාගේ නුමුහුම් ලේ පිට යන්නේ නැති නිසා !! සුදු මාමාගෙන් එහාට වේඝර්ණ ලේ කොහේවත් යන්නේ නෑ !! ඒකම විතරයි සීයා මේකට විරුද්ධ නොවෙන්න හේතුව ගවීෂ්...  සමහර විට සුදු මාමා වේඝර්ණ නොවෙන සාමාන්‍ය කෙල්ලෙක් හොයාගත්තා නම් , මේ වෙනකොට සමහර විට -  හොද පැත්ත හිතන්න ගවීෂ්...!!! හොද වෙලාවට එක අතකට අවී මාමා කොල්ලෙක් උනේ !!!

ඒක සාමාන්‍යයි !! අවුරුදු දහස් ගානක් තිස්සේ එන එයාලාගේ පවුලේ ප්‍රධානම පිළිවෙත වුන යාදම් ගිවිසුම කඩනවාට වඩා නම් අතිශය සාමාන්‍යයි !!   කවදාවත් තමුසේට නං ඔහොම මියුන්ගේ අත අල්ලන් සීයා ඉස්සරහට යාමක් නෑ ගවීෂ්... මියුන්ටත් නෑ !!! අඩුම මොන මොන දේ උනත් තාම විසදුනේ නැති ලොකු කතාවක් මියුන්ගේ අතීතේ එක්ක හැංගිලා තියෙනවා කියන්න ගවීෂ්ට මතක නැතුවම නෙවේ... වතුරේ ඔබපු රබර් බෝලයක් හැමදාටම ගිල්ලලා තියාගන්න බැහැනේ.... අත ඇරිය දවසක හිතාගන්න බැරි වේගෙකින් උඩට මතු වෙනවා අනිවාරෙන්ම !!! අනික කො , ඒකාගේ අතින් අල්ලගන්න තියන ආසාව පැත්තකින් තියමුකො.. අඩුම අදවත් ඒකා හරියට වචනයක් කිව්වද ?  හෝව් ඉන්න !!!!!!! මියුන්ව එතන දාලා නේද ආවේ.... !!!

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~


A/N -

* පළවෙනිම දේ මං ඔයාලාගේ කමෙන්ට්ස්වලට රිප්ලයි කරන්නේ නැත්තේ , මට ඒවා නොවටින නිසා නෙවේ ළමයි ! මං හැම එකම අනිවා කියවනවා.. රිප්ලයි කරන්න වෙලාවක් නෑ කියන එක මහ ලැජ්ජ නැති හේතුවක් වෙන්නැති !! ඒත් ඒක තමයි ඇත්ත... ආදරෙයි , මෙච්චර දුරක් කියෙව්වට ( තාම මහ දුරක් නෑ හැබැයි.. බුහාහ්හ්හා..  ) .

*දෙවෙනි දේ , මං ටිකක් මේ දවස්වල ස්ට්‍රෙස්ඩ්.. ( ඒම වෙන්න එපැයිනේහ් ? හෙහ්.. ) ..  කතාවක් ලියන එකෙන් යටපත් වෙන්නේ නැති ස්ට්‍රෙස්ඩ් ගතියක් තියෙන්නේ.. නියපොතු ටික සාක්ෂි !! මේහ්හ්...  අවුල් ද දන්නෑ මේ ලියන දේවල්...

'' ඇත්ත ලෝකේ තිත්ත වෙලා නිසා , ඉමැජිනරියට වෙලා ගත කරන මේ පැය තමයි මට හොදම !!! ''

Continue Reading

You'll Also Like

177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
13.6K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
440K 86.2K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
27.5K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...