- Plot 23 -

By Bulbz_D

857K 113K 39K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 31 -

6.3K 916 35
By Bulbz_D

'' ගවීෂ්... ''

මෙතුල ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා එහෙමම එහා පැත්තේ තිබ්බ ගල උඩින් වාඩි වුනේ , මිනිහාගේ අතේ මැහුම් දාලා තිබ්බ තුවාලෙත් බලලා... පහන් පූජා උත්සවේට කට්ටියම තැන තැන... සමහරු එයාලාගේ පහන් සරසනවා... සමහරු දවස් හතරක මහන්සියට ඉබාගාතේ වැටිලා.... වැඩවලට එහා මෙහා දුවන සේරම එක තැනකට ගේන්නේ ඉතින් පහන් උත්සවය තමයි.... දැන් ඉතින් සේරම ලැස්තියි.. හෝරාව උදා වෙන්න විතරයි තියෙන්නේ...

'' දැන් මොකො අත ? ''

'' අවුලක් නෑ සුදු මාමේ.. '' ගවීෂ් කිව්වේ එයාගේ අතේ තිබ්බ ෆ්ලෝටින් ලෑම්ප් එකේ කළු මාක පෙන් එකෙන් ලිය ලිය ඉදපු එක නවත්තලා සුදු මාමා දිහාවට හැරෙන ගමන්...

'' ෆ්ලෝටින් ලැම්ප්ස් ද යවන්නේ ? '' මෙතුල ඇහුවේ ගවීෂ් දත් සෙට් එකම පෙන්නලා හිනා වෙද්දි..

'' නෑ , ජේඩ් ලැන්ටන් එකක් යවන්න කිව්වා සීයා.. ''

'' ජේඩ් එකක් නං ඕක ගත්තේ ? ''

'' මේකත් යවනවා ඉතින් හුහ්.. ඇයි බෑද ? අන්න ඔයාගෙයි අවී මාමාගේ එක මං අරන් තිබ්බා ... යොවන්දි ගාව ඇති... ''

'' හ්ම් යොවන්දි දුන්නා... මං අවීට තියාගන්න කියලා මේ ආවේ ... එක්කෙනෙක් මේ ගග ගාවට වෙලා තනියම මොනවද කරන්නේ බලන්න... '' මෙතුල කිව්වේ ගවීෂ් බිම බලාගෙන යන්තං හිනා වෙද්දි...

'' තනියම ..... ද ? '' ගවීෂ් '' ද '' අකුර හයිලයිට් කළේ මෙතුලගේ උරහිසට උඩින් එහා පැත්ත බලන ගමන්.... මෙතුල ගවීෂ් දිහා බලලා ආයේ හිනා වෙලා පිටිපස්ස බැලුවේ මේ කොල්ලාගේ හොරේ අල්ලගන්න .. හරිනේ ඔය ඉන්නේ , ග්‍රහ වස්තුව වටේ කැරකි කැරකි..... ටිකක් විතර එහාට වෙන්න ආශක්‍යසිංහලා ඉදපු හරියේ මියුන් ගල උඩ වාඩි වෙලා කකුල් දෙකත් වතුරේ ඔබාගෙන ෆ්ලෝටින් ලැන්ටන් එකක මොනවද ලියනවා බරටම.... හ්ම් හ්ම්.. සාමාන්‍යයෙන් මල් වෙඩිවලට ආස නිසාම ඒවා තියන  තැනකින් හෙලවෙන්නැති ගවීෂ් කවදාවත් නැතුව ෆ්ලෝටින් ලැම්ප් එකක් අරන් පැත්තකට උන හේතුව ඇස් පනාපිට තියෙන්නේ ඔය ලස්සනට... ඉර බහින වෙලේ දෙන්නා ගං ඉවුරට වෙලා හැතැම්මයක් විතර දුරින් ඉදන් , මොනවා කරනවද මන්දා...

'' කතා කළා ද  ? '' මෙතුල ඇහුවේ ආයේ ගවීෂ් දිහා බලලා...

'' හහ් ?? මගේ අවතාරේවත් කතා කරන්නෑ ඕකා එක්ක... '' ගවීෂ් කිව්වේ ආයේම ගග දිහා බලලා රවන ගමන්...

''  ෆ්ලොටින් ලැම්ප් යවන්නේ , බාර උන ආත්ම මතක් කරන්න ගවීෂ්... '' මෙතුල කිව්වේ ෂුවර් එකට මේ කොල්ලා මේ ජාතියෙන් අතට ගත්තේ මියුන් ගත්ත නිසා මිසක් , හේතුව දැනගෙන නෙවේ කියලා අනුමාන කරපු නිසා...

'' දන්නවා සුදු මාමේ... මං මේක ගන්නකොට ඒ යොරෙල් මට කිව්වා... '' ගවීෂ් සැහැල්ලුවෙන් කිව්වේ ලැම්ප් එක හරවන ගමන්... 

'' එහෙනං කමක් නෑ... හ්ම් හ්ම්... දැන් නම් කළුවරයි නේහ් ? තව අදුරු වැටුනොත් අවීව හොයාගන්න බැරි වෙයි.... '' මෙතුල ටිකක් කලබලෙන් කිව්වේ නැගිටින ගමන්... වෙනදාට වේඝර්ණලාට කොච්චර රෑට ඇස් පෙනුනත් මොක ද අදුරු හෝරාව සුවිශේෂියි.... ඒ පැය වේඝර්ණාලාට විනිවිද දකින්න බැරිතරම් අදුරු පැයක්.....

'' මං මෙහෙන් ඉන්නං.. ? '' ගවීෂ් ඇහුවේ තාම මියුන් අතනින් නැගිටින්න අදහසක් තියෙනවා වගේ නොපෙනුන හින්දා....

'' අදුරු හෝරාව යනකං , පොඩ්ඩක් අපේ අය අතරේම ඉන්න නේ ද ගවීෂ්...වෙනදට වගේ කළුවරේ පේන්නේ නැහැ කියල දන්නවනේ ?  ''

'' හොදටම චෙක් කරලා තියෙන්නේ සුදු මාමේ.. '' ගවීෂ් කිව්වේ මෙතුල එක්කම ගලෙන් බහින ගමන්... මොනවා කිව්වත් ඉතින් කොල්ලා සුදුමාමා කියන දේකට පිටින් යන්නේත් නෑ.. මුළු විලේජ් එකම වගේ ඩ්‍රොප් සෝන් එකේ... ටිකෙන් ටික , අදුර වැටීගෙන දැන් නම් නොපෙනෙන තරමට ළං වෙලා... තාමත් අදුරේ පුංචි පුංචි ඡායාවන් පේනවා....අදුරු හෝරාව පටන් ගන්නේ බන්ෂ් එකේ ශ්ලෝක අවසාන උනායින් පස්සේ... එතනින් පස්සේ පැයක් යනකං අන්ධකාරය විතරයි...

'' හරි , පරිස්සමින් එහෙනම්.... මං දැන් අවී ගාවට යනවා.. පුළුවන් නං ඩියෝන්ලා ඉන්න හරියකින්ම ඉන්න.... දන්නවනේ ? කතා කරන්න බෑ , ෆෝන් එළි නෑ ... තනිකර කැපෙන්න අදුර විතරයි පැයකට.. '' මෙතුල කිව්වේ ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා එහා පැත්තට යන ගමන්.... ඒ වෙනකොටත් බහුතරයක් අය කළු පාට ජගුවර් වෙස් මුහුණ නහයෙන් උඩ වැහෙන විදියට දාගෙන.... සාක්කුවේ එල්ලලා තිබ්බ එයාගේ නහයෙන් උඩ ටික වැහෙන විදියට හැදුන ජගුවර් වෙස් මුහුණ  ඇදලා ගත්ත ගවීෂ් ඒක ගැට ගහගත්තේ , ලැම්ප් එක විනාඩියකට පැත්තකින් තියන ගමන්....

ගවීෂ් අදුරෙම උනත් වේඝර්ණලා ඉදපු පැත්තට යන්න කලින්ම ශ්ලෝකවල සද්දේ එන්න එන්නම අඩු වෙලා , පළවෙනි ඝන්ටාර සද්දේ මුළු ඩ්‍රොප් සෝන් එක පුරාම පැතිරුනේ , හුම් සද්දයක් නැති වෙන තරමට සම්පූර්ණ ඩ්‍රොප් සෝන් එකම නිහඩ වෙද්දි.... මෙච්චර වෙලා යන්තම් පෙනුන හැම ඡායාවක්ම සම්පූර්ණයෙන්ම අදුරු වෙනවා ගවීෂ්ට දැනුනා.. හ්ම් වේඝර්ණලාට පවා මේ අදුර විනිවිදින්න බෑ... වේඝර්ණලා ආශක්‍යලා වෙනසක් නැතුවම කිසිම සද්දයක් කරන්නැතුව ඉන්න තැන්වලම සන්සුන් උනේ අදුරු හෝරාව සිහිපත් කරන්න.... අවුරුදු දහස් ගානකට කලින් , බිහිසුනු කාලවකවානුව සිහිපත් කරන්න , මුතුන් මිත්තන්ගේ බාර වූ ආත්මයන් සිහිපත් කරන්න සේරම සන්සුන් වුනේ ඉදිකට්ටක් වැටුනත් සද්දේ ඇහෙන ගානට නිශ්ශබ්දව.... බිහිසුණු හෝරාවේ බය හැමෝගේම හදවත්වලට ඇතුළු වෙන්නේ , කොයි වෙලේ අනතුරක් වෙයිද දන්නැති අන්ධකාරයත් එක්ක.... ඒ බයත් එක්කම හෝරාව ගත කරන එක ඇත්තටම බිහිසුණු කාලේ සිහිපත් කරනවාට සමානයි....

ඇහැට හුරුවෙන්න බැරි තරම් අදුරක් ඩ්‍රොප් සෝන් එකේ තිබුණ නිසාම කිසිම කෙනෙක් හෙලවෙන්න හිතපු බවක්වත් පේන්න තිබුනේ නැති තරම්.... අතේ තිබ්බ ලැම්ප් එක තියාගෙන ගවීෂ් තොල් දෙක ඉරක් කලේ කොහේ යන්නද කුමක් කරන්නද වැටහෙන්නේ නැති ගානට... කෝමත් මේ පැයෙන් පස්සේ කොයි ලෝකෙන් හරි යොවන්දිව හොයාගන්න වෙනවා... එක්කො පැයේ අරුන් සෙට් එක එක්ක ඉන්න පුළුවන්.. එක්කො නිදාගන්න පුලුවන්...නැත්තන් -

ගවීෂ් ලොකු හුස්මක් ඇද්දේ අඩි දෙකක් පිටිපස්සට තියන ගමන්... වෙඩි බෙහෙත් සුවද , ඉටි සුවද , පොඩ්ඩක් මඩ වුන පොළවෙන් එන සුවද.... ළග පාත ඉදපු යොරෙල්ස්ලාගේ වෙන් කරලා අදුරගන්න බැරි සුවදවල්....  ගවීෂ් ගගේ සද්දේ ඇහෙන පැත්තට පුළුවන් විදියකට ගෑටුවේ , අන්ධකාරේට ඇස් හුරු කරගන්න දගලන ගමන්.. සැරින් සැරේ එයාව පහුවෙන යොරෙස්ලාගේ මැජෙන්ටා ඇස් , කහ ඇස් හෙලවන ඡායාවට ගැස්සෙනවා ගවීෂ්ට පේනවා... රහසින් මුමුණන සද්ද... ම්ම්...

මෙතන... ගවීෂ් නැවතුනේ අඩි තුනක විතර පරතරයක් ඉතිරි කරගෙන... හ්ම්ම්... රෝයල් මිරාජ් පර්ෆියුම් සුවදට මිශ්‍ර වුන අමුතුම සුවද... හරියටම මෙතන... මේ සුවද උබට වැරදෙන්න විදියක් නෑ ගවීෂ් !! එ් මියුන් !!!! හරියම මේ සුවද.... පොඩ්ඩක් සෙනග වැඩි ගතියක් දැනුන නිසාම ගවීෂ් අතට අහුවුන අතින් ඇදගෙනම මැද හරියකට වෙනකං ඇවිදගෙන ආවේ කිසිම සද්දයක් නැතුව... අත ආපස්සට ඇද්දේවත් , තල්ලු කළේවත් , හ්ම් සද්දයක්වත් නැති නිසා අල්ලගත්තේ හරි අතින්ද කියන සැකේ එක පාරට මතු වෙද්දි ගවීෂ් හිමින් මියුන්ගේ අත, අතැරියේ පොඩ්ඩකට නවතින ගමන්.. ඒත් ගවීෂ්ට අත අරින්න දෙන්නේ නැතුවම , ඒ තත්පරෙන් මියුන් ආයේම ගවීෂ්ගේ අතේ මැණික් කටුව ගාවින් තද කරලා අල්ලගත්තේ ගවීෂ් එහෙමම ගල් ගැහෙද්දි...  ගවීෂ් හුස්මක් අරගෙන සන්සුන් වුනේ කිසිම සද්දයක් නැතුව....

මියුන්ගේ සීතල මහපටගිල්ල එයාගේ අත උඩ තෙරපෙනවා ගවීෂ්ට දැනෙනවා.. අන්ධ මනුස්සයෙක් කරනවා වගේ මියුන්ගේ මහපිටගිල්ල ආයේම සැරයක් ගවීෂ්ගේ ඇගිලි උඩින් එහාට මෙහාට ගියේ ගවීෂ් කලබලයක් කරන්නැතුව බලාගෙන ඉද්දි...  මෙච්චර වෙලා හෙලවෙන්නම බැරි ගානට තදට අල්ලන් ඉදපු ග්‍රහණය හිමින් ලිහිල් කරපු මියුන් ගවීෂ්ගේ අතින් ආයේම අල්ලගත්තේ අඩියක් ඉස්සරහට තියන ගමන්... එයා අදුරගත්ත ද ? !! නිකන්ම ?? මෙහෙම අත අල්ලලා බලලා ?? ගවීෂ් ගවීෂ් ගවීෂ් !!!.. වටේ පිටේ කිසිම සද්දේ නැති නිසාම ඩාං ඩාං ගාලා ගැහෙන හාට් එකේ සද්දේ වටේ ඉන්න උන්ටත් ඇහෙනවද කියලාත් මිනිහාට ෂුවර් නෑ....

'' ම්.- '' ගවීෂ් කතා කරන්න කට ඇරියත් ආයේම නිහඩතාවය මතක් වෙලා තොල් දෙක තද කරගත්තේ මියුන්ගෙන් අත ඇදලා ගන්න ගමන්... එයාට මියුන්වත් , මියුන්ට එයාවත් පේන්නේ නැ කියන්න ගවීෂ් දන්නවා.. ඒත් මියුන් එතන ඉන්නවා කියලා ගවීෂ්ට දැනෙනවා..... හුස්ම ගන්න සද්දේ ඇහෙනවා... සාක්කුවට අත දාලා මියුන්ගේ ෆෝන් එක ගත්ත ගවීෂ් ඒක මියුන්ගේ බඩට තද කළේ මියුන් මුකුත් නොකියම ෆෝන් එක අතට ගනිද්දි.... ඒකටනේ ආවේ ගවීෂ්.. දැන් යන්න.... ගවීෂ්ගේ හිත වෝන් කළේ කකුල් නං සත පහකට ඇහුනේ නැති ගානට හෙලවෙන්නේවත් නැතුව තියෙද්දි... අද මියුන් වෙනස් ! තමුසේට හාට් එකක් ඉතිරි වෙන එකක් නෑ ගවීෂ්.. දැන්ම දිව්වත් පාඩු නෑ....

හිතන්නත් කලින් මියුන්ගේ අත එයාගේ උරහිසට තද වෙනවා ගවීෂ්ට දැනුනා.. එයා හිතුවක්කාරකමට පිටිප්සසට උනත් , ගවීෂ්ගේ අත් දෙකම එකට තියලා තද කරලා අල්ල ගත්ත මියුන් ගවීෂ්ගේ අතේ තිබ්බ ෆ්ලෝටින් ලැම්ප් එක උදුරලා අතට ගත්තේ ගවීෂ්ව අයිනකට අදින ගමන්... එයාගේ ලැම්ප් එකත් එක්කම ගවීෂ්ගේ එකත් අදුරේම පැත්තකින් තියපු මියුන් ගවීෂ් සන්සුන් වෙනකම්ම මැණික් කටුව ගාවින් තද කරලා අල්ලන් ඉදියේ එයාට පුළුවන් උපරිම හය්යෙන්... කොහෙ ද - දගලල දගලලාම මියුන්ගෙන් අත් දෙක රිලීස් කරගත්ත ගවීෂ් ඒ පරක්කුවට මියුන්ගේ ටීෂර්ට් එකේ කරින් අල්ලලා ඇද්දේ කේන්තියට දතුත් තද කරගෙන... මියුන් ආයේම අත උඩට අරන් ගවීෂ්ගේ මැණික් කටුව ගාවින් අල්ලගත්තේ කිසිම කලබලයක් නැතුව.... වේගෙන් ඇවිත් මූණේ වැදෙන හුස්මට ගවීෂ්ට කේන්ති ගිහින් කියලා මියුන්ට නොතේරෙනවාම නෙවේ...

'' ***මෙතන සෙල්ලම් කරන්න එපා. !****' ගවීෂ්ගේ කේන්තිය වෝන් කලේ මොකක්ද කියලා මියුන්ට තේරෙනවා... හැබැයි මීට වඩා කේන්ති ගන්න පුළුවන් ගවීෂ්ට... මියුන් ඒකත් දන්නවා...

''***** ඔහ්... මං තාම පටන් ගත්තේ නෑ.. ***''  මියුන් වචනෙන් නොකියම උත්තර දුන්නේ අනිත් අත ගවීෂ්ගේ කොන්ද දිගේ පහළට යවන ගමන්.....

'' ** යූ  !!! '' ගවීෂ් කෙදිරුවේ මියුන්ව පස්සට තල්ලු කරලා අතඇරලා දාලා....

'' ***හහ් ??**** '' පුළුවන් නම් කරලා පෙන්නපන් ගානට මියුන් අඩියක් ඉස්සරහට තිබ්බේ ගවීෂ් ආයේම එයාව එහාට තල්ලු කරද්දි... එහෙම ඕන ඕන විදියට අල්ලන්න ?? !!!! හීනෙන් තමයි !!! නිහඩතාවය රකින්න ඕන නැත්තන් මේ වෙනකොට එයාගේ කටින් මොන වචන පිටවෙලාද කියන්න ගවීෂ්ටම ෂුවර් නෑ... මොන මගුලක් වෙලා ද මේහ්? -

ගවීෂ් මුකුත් කියන්නැතුව මියුන්ව අල්ලලා අනිත් පැත්ත හරවලා තල්ලු කළේ එයාට යන්න කියලා සන් කරන ගමන්..... කියන දෙයක් අහනවා නං බැරිය ඉතින්.... මියුන් ආපහු හැරුනේ ගවීෂ්ගෙ වම් අතේ මැණික් කටුවෙන් අල්ලලා අත උඩට උස්සන ගමන්..... මියුන්ට තද වෙලා , වේගෙන් හුස්ම ගන්න විදියට ගවීෂ්ට ඒක හොදටමතේරෙනවා. හරි උට තද නොවුන වෙලාවක් තිබිලා තියෙද නැනේ.... සීයා කිව්වේ , උද්ධච්ඡකම ඇගපුරාම !!!

මියුන්ගේ අත එයාගේ අත දිගේ කැපුම තියන හරියෙන් නැවතෙනවා ගවීෂ්ට දැනුනා.. ඔයැයි කරපු වික්‍රම තමා පොඩි මහත්තයො ඔය... හහ්... නිකන් නෙවේ මැහුම් බරගානක් දාලා තියෙන්නේ..... ගවීෂ් හිතින් මිමිණුවේ කටත් ඇද කරන ගමන්... මියුන් බලන් ඉන්නේ අත දිහා ද එයා දිහා ද ? කළුවර වැඩි නිසාම ගවීෂ්ට ෂුවර් නෑ.... අඩුම මියුන්ටවත් කිසි දෙයක් පේන්නේ නැ කියන්න ගවීෂ් දන්නවා... මියුන් අත එහාට අදිනවායි ඒත් එක්කම එයාගේ අල්ල මියුන්ගේ කම්මුලේ ගෑවෙන විදියයි ගවීෂ්ට දැනුනා...ඇගිලි තුඩුවලට දැනෙනවා මියුන්ගේ ඇස් පිහාටු....එයාගේ ඇස් දෙක පියවිලා.... ගවීෂ් අත ගන්න ඇදලා , දැන්ම ගන්න... පසුතැවෙන්න එපා ගන්න..... ගවීෂ්ගේ හිත වෝන් කරද්දි ගවීෂ් ඔහේ බලාගෙන ඉදියේ එයාගේ ඇගිලි තුඩුවල වදින මියුන්ගේ ඇස් පිහාටු ගැන හිත හිත....  ඇස් දෙක පියාගෙනම ගවීෂ්ගේ අත කම්මුල දිගේ පහළට ගෙනාපු මියුන් ගවීෂ්ගේ අල්ල උඩින්ම තොල් දෙක තියලා තද කළේ ගවීෂ් අනිත් අතින් මියුන්ගේ උරහිස යන්තං අල්ලගෙන වැටෙන්නේ නැතුව ඉදිද්දි....

!ටමදඇහදමෙැහබදසහබසෙුබදුහබදසුහදස !!!!!

ගුරුත්වාකර්ෂණේ බිංදුවයි -විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය උපරිමයි - චුම්භක ආකර්ෂණ බල ප්‍රබලයි......... ඔක්සිජන් අඩුයි !!!!!! ගවීෂ්ගේ එයාගේ උරහිසින් අල්ලගත්තේ බැලන්ස් එක නැති වුන නිසා කියලා තේරුන මියුන් අනිත් අත ගවීෂ්ගේ ඉණ වටේ යවලා එයාව උරහිසට හේත්තු කරගත්තේ  ගවීෂ්ගේ සම්පූර්ණ බරම එයාගේ උරහිසට දැනෙද්දි.... ඇයි ඇයි ඇයි !! ඇයි රියැක්ට් කළේ ගවීෂ් !!! අදාළ නෑ වගේ අත ඇදලා ගත්තා නං ඉවරයිනේ... ගවීෂ් එයාටම සාප කරගත්තේ ලැජ්ජාවටම මියුන්ගේ උරහිස උඩින් නළල තියාගෙන මූණ හංගගන්න ගමන්... එක අතකට කළුවරේම උන එක ලොකු දෙයක් !! මුණ පේන වෙලාවක් උනා නං අන්ත අසරණයි.....

කතා කරවනවා මේකාව මං.. !! මේ අදුරු හෝරාව ඉවර වුන ගමන්ම කතා කරලා විසදගන්නවා...මියුන් ගවීෂ්ගේ අත අතඇරිලා හිමින් පිටට තට්ටු කරද්දි , ගවීෂ් අත ආයේ මියුන්ගේ කර උඩින් දැම්මේ සම්පූර්ණයෙන්ම මියුන්ව බදාගන්න ගමන්... අහුවෙන්නෙත් නෑ අත් දෙකට !! ඇටකටුගොඩ !!!! ගවීෂ් බැන බැනම මියුන්ව තව තද කරලා බදාගත්තේ උරහිස උඩින් දැනෙන නොදැනෙන ගානට තොල් තද කරන ගමන්....  මියුන් පොඩි එකෙක් ගානට නිකට එයාගේ උරහිස උඩින් තියාගනිද්දි ගවීෂ් ඇස් දෙක හිමින් පියාගත්තේ ඒ තත්පරේ උපරිමයෙන් විදින්න... මියුන්ගේ ඇගිලි තුඩු , එයාගේ බෙල්ල පිටිපස්සේ හිමින් වදින විදිය ගවීෂ්ට දැනෙනවා... තව දුරටත් එයා හිටගෙන ඉන්නේ කෙහෙම්මල් ගුර්ත්වාකර්ෂණේ නිසා නං නෙවේ කියන්න ගවීෂ්ට හොදටම ෂුවර්....

'' ඩාං '' අහසේ පත්තු වුන පළවෙනිම මල් වෙඩිල්ල !!!! ගවීෂ් ගැස්සිලා ගියේ පළාතම එළිය වෙලා යනවත් එක්ක මතු වුන ඔල්වරසන් එක්ක.. නිහඩතාවය ඉවරයි , අදුර ඉවරයි.... පහන් පූජා උත්සවය !!!!!!!  එයා කලබලෙන් පස්සට අඩියක් තිබ්බේ මියුන්ව එහාට කරන ගමන්....

මේ වෙද්දි තමුසේ ඉන්න ඕන මෙතන නෙවේ ගවීෂ් !!!

.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
176K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
688K 39.8K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...