- Plot 23 -

By Bulbz_D

869K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 30 -

6.5K 931 43
By Bulbz_D

දවස් දෙකක් හරියට නින්දක් නැතුව , අරවින්ද් පුටුව උඩට වැටුනේ හෙට පහන් පූජාවට ඕන කරන සේරම ලැස්ති කරලා ඉවර වෙලා.. හෙට විශේෂයි.. හෙට මුලු විලේජ් එකම අදුරු වෙනවා.....සේරමලා අදින්න ඕනත් කළු... එකිනෙකාගේ මූණ නොපෙනන තරම් අදුර සංකේතවත් කරන ජගුවර් වෙස් මුහුණු පළදින්න වේඝර්ණලාට වගේම ආශක්‍යසිංහලා ඇතුළු සේරම යොරෙල්ස්ලාට නියම වෙලා තිබුණා...
මියුන් පොදු කාමරෙන් ඇවිත් පුටුව උඩින් වාඩි වුනේ අරවින්ද්ගේ සීතල බැල්ම සත පහකට ගණන් නොගෙන... පොඩි අය සේරම නිදි.. ක්‍රිෂ් නිශා අක්කා එක්ක මෙවීනා ඩෙකරේෂන්ස් බලනවා... මේ දවස්වල කොහොමත් සේරමලාගේ ජීවිතය මේකනේ....

'' මං මේ උබෙන් අහනව ද නැද්ද කියලා බැලුවේ '' අරවින්ද් පටන් ගත්තේ ඔරලෝසුව දිහාත් බලන ගමන්... කොහෙද ආයේ පාන්දර ඇදුම් වැඩෙයි , පහන් ටිකයි චෙක් කරන්න තියෙනවා.. නිදාගන්න වෙලාවක් නෑ හරියට...

'' උබේ ෆෝන් එකට මොකද උනේ ? '' අරවින්ද් ඇහුවේ මියුන් උරහිස් දෙක අකුලද්දි... මියුන් උත්තරයක් නොදීපු නිසාම , යකා ඉහට නැග්ගත් මරාගන්න වෙලාවක් කලාවක් ශක්තියක් නැති නිසාම අරවින්ද් ආයේ පුටුව උඩින් ඇල වුනේ ඇස් දෙක පියවීගෙන එද්දි.. ඒත් ඉතිරි වැඩ ටික මතක් වෙනකොට නින්ද ලෙප්ට් වෙනවා...

'' එහ් !!! ෂිට් .. ඩ්‍රොප් සෝන් එකේ සෙකියුරිටි චෙක් කරන්න බැරි උනා !!! '' අරවින්ද් කිව්වේ තනියමම එයාගේ සංවාදේ දිගට අරන් යන ගමන් පුටුවෙනුත් නැගිටලා..

'' ඕන නෑ... අර කෙට්ටු උස යොරෙල් කොල්ලාට කිව්වා මං... '' මියුන් කිව්වේ අරවින්ද් එහෙමම වාඩි වෙද්දි...

'' හිවාන් ද ? එයා බලලා මදි නේහ් ? අනික කිසිම එළියක් නැනේ, දන්නවනේ පොඩ්ඩ එහේ මෙහේ උනොත්...  '' අරවින්ද් ඇහුවේ විශ්වාසයක් නැති පිට...

'' නේ මියුන් ? '' අරවින්ද් ආයේ ඇහුවේ මියුන්ගෙන් හරියට උත්තරයක් ගන්න... ලේසියට උත්තර දෙන එකෙක් නං බැරිය... මියුන් ඔළුව වැනුවේ අරවින්ද් දිහා බලාගෙන....

'' මගේ නං ඔළුවට වද දෙන්නේම පහන් පූජාව.. එතනින් පස්සේ නං අපිට ගේමක් නෑ... මට ඔය වේඝර්ණලා සත පහකට විශ්වාස නෑ !!! ''  අරවින්ද් කිව්වේ මියුන් ඒකටත් ඔළුව වනද්දි..

'' මේක රිදෙනවා වගේ දැන් නං.... '' උදේ පාන්දර වීරයා වගේ කපාගත්තට මොකද අරවින්ද් කිව්වේ වම් අත හරවලා බලන ගමන්... අච්චු බෙහෙත්වලට ලේ යන එක නැවතිලා තිබුනත් පුරුදු විදියටම මැහුම් දාපු තුවාලය සැරින් සැරේට රිදෙන්න ගන්නවා...  ක්‍රිෂ් සැරින් සැරේට පේන් කිලර්ස් දුන්න නිසාම කාගේන ඉදියාට මොක ද , සෙන්ටිමිටර් දෙකක් ගැඹුරු කැපුමක් කියන්නේ මදි නොකියන්න තරු පේන තුවාලයක්...

'' හ්ම්.. '' මියුන් මුකුත් කියන්නැතුව ඇස් දෙක පියාගෙන එහෙමම පුටුවට හේත්තු වෙලා ඉදියේ තව පැයකින් ආයේ කඩාගෙන ඉතිරි වැඩ ටික බලන්න යන්න වෙන නිසා..

'' එක අතකට අතේ කේස් එක වේඝර්ණලාටත් තියේනේ.... මට වඩා අරුගේ අන්ත අැති කෝමත්... උගේ ගැඹුරට කැපුනා මං දැක්ක විදියට.... හහ්... '' අරවින්ද් කිව්වේ එයාගේ අතේ බැන්ඩේජ් එක අල්ලලා මූණ අකුලන ගමන්...

''  මං ? නෑ ?. '' මියුන් ඒ පාර ඇහුවේ මියුන් උත්තර දීපු එකටත් අරවින්ද්නුත් ඇස් ලොකු කරද්දි.. මෙච්චර වෙලා අරන් ගිය එයාගේ සාමකාමී ඒකපාර්ශ්වික සංවාදයනේහ්....

'' තමුසේ නැතුව මමයැ ? ''

'' උපරිම එකහාමාරක් කැපෙන්නැති.. '' මියුන් එයාටම කියාගත්තේ අරවින්ද් දිහා අඩමානේට බලලා....

'' එකහාමාරක් ? ඉටිගෙඩිය... දෙකහා මාරක් තුනක් විතර යටට කැපුනා සමහර තැන්.. ''

'' පිස්සු !  '' මියුන් ආයේම එයාටම  කියාගත්තේ අරවින්ද්ව ඇහුනේ නැ වගේ පුටුවට හේත්තු වෙලා....

'' තමුසේ මොකක්ද කියන්නේ , මං දැක්ක එකනේ .. අනික ඉතින් තමුසේ අර කොහේ බලන්ද අත කැපුවේ ? උගේ මූණ - '' අරවින්ද් මැදින් නැවැත්තුවේ එයාගේ රින්ග් වෙන ෆෝන් එක අතට අරගෙන...

'' එහ් !! '' අරවින්ද්ගේ කටින් ටිකක් විතර සප්‍රයිස් උන සද්දයක් පිටවුනත් එතන ඉදියේ මියුන් කියල දැක්ක නිසාම මිනිහා කට වහගෙන කෝල් එක ආන්ස කලේ මියුනුත් ඒ පැත්ත හැරෙද්දි...

'' ම්ම්... මෙවීනා ?  '' අරවින්ද් සද්දේත් අඩු කරලා අහපු විදියට මියුන් සාක්කුවට අත් දෙක දාගෙන අරවින්ද් දිහාවට හැරුනේ අරවින්ද් තොල් දෙකත් තද කරගෙන අකමැත්තෙන් උනත් ස්පීකර් ඕන් කරද්දි... අනික කොහොමත් ඒම නොකළොත් මේ දැන් ඇස් දෙකෙන් ෆෝන් එක පුච්චන පෙනුමක් මියුන්ගේ මූණේ තිබ්බේ....

'' වැඩක් ද ? '' මෙවීනා ඇහුවේ කලබලෙන් නම් නෙවේ.... මියුන්ගේ ඇස් දෙක පුංචි වුනේ මෙවීනාම මුලින් කතා කරපු නිසා...

'' අහ් නැ... නැහ්.. '' මියුන් බලන් ඉන්න විදියට අරවින්ද්ට වචනත් පැටලෙනවා..

'' මෙහ්... අහ් ක්‍රිෂ් අක්කා අහන්න කිව්වා පේන් කිලර්ස් ටික ගත්තාද කියලා.. '' මෙවීනා අැහුවේ අරවින්ද් දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව මියුන් දිහා බලද්දි...

'' මං ගත්තා.. ''

'' නිශා අක්කා අහන්න කිව්වා ගොඩක් රිදෙනව ද කියලා... '' මෙවිනා ඇහුවේ මියුන් ආයේම ඇස් දෙක පුංචි කරද්දි...

'' නෑ එහෙම අවුලක් නෑ... '' අරවින්ද් ගානක් නැති ගානටම කිව්වේ අතේ තුවාලයක්වත් නැති ගානට.. තත්පරයක් දෙකක්... නෑ හෙන වෙලාවක් තිස්සේ දෙන්නම කතා නෑ.... මියුන් හේත්තු වෙලා ඉදපු තැනින් කෙලින් උනේ වෙලාව බලන ගමන්....

'' මෙවීනා.. '' අන්තිමට අරවින්ද් කතා කලා... පපුවේ ලොකු හුස්මක් තියාගෙන....

'' අහ්.. මේ තනොශ් අහනවා - ''

'' මං පස්සේ ගන්නම්.. '' අරවින්ද්නුත් කිව්වේ වෙලාව බලන ගමන්...

'' අහ්.. හරි '' 

අරවින්ද් මුකුත් කියන්නැතුවම කට් කළේ මියුන් දිහා තොල් දෙක තද කරගෙන බලන ගමන්.... මියුන් එක්ක කොච්චර වලි දාගත්තට මොකද මෙවීනා ගැන නම් අරවින්ද් පවා මියුන් එක්ක වැඩ කරන්නේ පරිස්සමින්...

'' ම්ම්.. නිකන් අරගෙන ඉතින්.. '' මියුන් අහන්න කලින්ම අරවින්ද් උත්තර දුන්නේ ගොරෝසු වේලුන කටහඩින්... මියුන් ඔළුව වනලා මුකුත් නොකිය දොර දිහාවට ගියේ ඩෙකරේෂන් පැත්තේ වැඩ ටික බලන්න යන්න තියෙන නිසා... ආශක්‍යසිංහ බේස්මන්ට් එකේ තුන්වෙනි කොරිඩෝ එක පහු කරන කම් කොල්ලො දෙන්නම නෙවේ හ්ම් සද්දයක් පිට කලේ...   බයික් එක එළියට ගත්ත මියුන් අරවින්ද්ට නගින්න කියලා සන් කළා මිසක් ඩ්‍රොප් සෝන් එකේ ආශක්‍යසිංහලා පෙරහැරටයි අනිත් දවස්වලටයි ඩෙකරේෂන්ස් ලැස්ති කරන පරණ හෝල් එක අැතුළට යනකම්ම දෙන්නගෙන් එක්කෙනෙක් නෙවේ කට ඇරියේ... සේරම වැඩ බරටම... බකට්වල දාපු කෙකටිය ,නෙළුම් මල් , පැත්තක හෙට ඕන කරන බකට් සැරසිලි.... තව ලොකු සේසත්..

'' උබ ඇයි කලින් කෝල් නොකළේ ?  '' මියුන් අන්තිමට නිශ්ශබ්දතාවේ බින්දේ අරවින්ද් හෝල් එකට අඩිය තියද්දිම වගේ.. හෝල් එක කෙළවරේ දෙන්නටම මෙවීනාව පේනවා....

'' මෙ-මෙ මෙවීනාට ? ''

මියුන් උත්තරයක් නොදීම ඇතුළට අඩිය තිබ්බේ අරවින්ද් බලාගෙන ඉද්දි.. එක අතකට එයාගේ උත්තරේ අරවින්ද්ට වචනෙන්ම ඕන උනේ නෑ... එයා ඇහුවේ ඒක කියන්න අරිවින්ද් දන්නවා...

'' මං මොනවා කියලා කියන්න ද ? '' අරවින්ද් , මියුන්ගෙන් ඇහුවේ වේලිලා ගිය කටහඩින්

'' උබේ අතට අවුලක් නැ කියලා එ්කිට කිව්වම ඇගෙන් කැල්ලක් යනව ද ? '' මියුන් ආපස්සට තදින් ඇහුවේ අරවින්ද් කටවහගනිද්දි...

'' ඒක එච්චර දෙයක් නෙවේනේ.. '' තත්පර ගානකට පස්සේ අරවින්ද් කිව්වේ ඈත තීන්ත වගයක් නාගෙන නිශා අක්කා එක්ක මොනව ද කියවන මෙවීනා දිහා බලලා....

'' අනික එයාට ඕන නම් අහන්න තිබ්බානේ...'' අරවින්ද් සද්දේ අඩු කරලා කිව්වේ සාක්කුවට අත් දෙක ඔබාගෙන ලොකු තොරණ දිහා බලන ගමන්....

'' අහන්නෑ කියන එකෙන් කියවෙන්නේ නෑ එයා උබ ගැන හිතන්නේ නැ කියලා...උබ දැනගන්න ඕන කියන්න !! '' මියුන් කිව්වේ අරවින්ද් මියුන් දිහාවට හැරෙද්දි...

'' එකපාරට මොකද උනේ උබට ? ''

'' ඇයි ? ''

'' නෑ ඉස්සර උබ කැමති නෑනේ , මං මෙවීනාට මේම... මේහ්..... ආදරේ කරනවට..''

'' කවුද කිව්වේ එතකොට දැන් කැමතියි කියලා ? '' මියුන් ආපස්සට අැහුවේ අරවින්ද් තත්පරේට තොල් දෙක තද කරගනිද්දි.... බැදලා කෑවත් උයලා කැවත් බිත්තරේ බිත්තරේමයි කියන්නේ නිකන් ද....

'' මොකක් හරි !! මෙතන අඩුපාඩු ටික අහගෙන වරෙන් කෙල්ලො ටිකෙන්... '' අරවින්ද් කිව්වේ මියුන්ව ඉසසරහට තල්ලු කරලා... මියුන් විනාඩි දෙකක් ඇතුළත අඩුපාඩු ටික අහගෙන ආපස්සට ආපු නිසාම අරවින්ද් ක්‍රිෂ්ට අත වැනුවේ එයා ඉදපු හරියේ අඩුපාඩු බලන ගමන්... අනිද්දා පූජා පෙරහැරට ඕන කරන සේසත්වල පාට මික්ස් කරන විදිය ගැන උපදෙස් ටිකක් දීලා අරවින්ද් මියුන් දිහාවට හැරැනේ ඉතිරි ටික බලන්න යනවද කියලා දැනගන්න... එක අතකට වේඝර්ණලා මොනව ද දන්නැ කරන්නේ ?

'' එහ් මට එක පාර දොළදුකක් ආවා , අර බෙළල් බට්ටො ඉන්න පැත්තට ගිහින් එමුද ? මොනාද කරන්නේ කියලාවත් හෙව්වේ නැනේ.... ?  '' අරවින්ද් ඇහුවේ මියුන් එයාට කලින්ම එළියට බැහැලා ඉවර නිසා..

'' බෑ !!!! දැන් අර ටික චෙක් කරන්න තියෙනවනේ..  '' මියුන් එක පාරින්ම රිජෙක්ට් කලේ අරවින්ද් බයික් එකට නැගින්නැතුව බලන් ඉදිය නිසාම බයික් එකට නගින ගමන්... කෝමත් මිනිහාගේ අත කපන් නිසා , මියුන්ට බයික් එක රයිඩ් කරන්න වෙලා තිබුනා.. අරවින්ද්ට අනුව , මියුන් එක්ක බයික් එකේ යන්න ලයිෆ් ඉන්ෂුවර්න්ස් පහ හයක් තිබ්බත් පාඩු නෑ.... කොයි වෙලේක හරි හැප්පෙනවා කියලා ඒ තරමට ෂුවර්..

'' පොඩ්ඩක් හිමින් යමන්. උබේ නෙවේනේ බයික් එක !!! '' අරවින්ද් කෑගහන්නේ මියුන්ට තියන ආදරේකට නෙවේ එයාගේ බ්ලැක් බියුටිට තියන ආදරේට... මියුන් සෙල්ලකාර විදියට වංගු ගන්න විදියට අරවින්ද්ගේ හුස්ම ටික යන්නෑ විතරයි... කවදාහරි මුට ලයිෂන් ගන්න නං වෙන්නෑ , දෙන එකාට හාට් ඇටැක් හැදෙනවා මේ පදින විදියට.... ගං ඉවුරේ ලොකු පරාසයක් එක්ක තියෙන බන්ෂ් එකේ පහන් උත්සවය තියන තැන හරහට බයික් එක බ්‍රේක් කරන ගමන් මියුන් කකුලක් බිමින් තියලා බැලන්ස් එක තියාගත්තේ එතන දූවිලිත් අවුස්සලා....පොඩි කාලේ ෆිල්ම් බලලා වැඩි වුනාම මේම වෙනවා එක්කො...  අරවින්ද් ඒ පරක්කුවට බයික් එකෙන් බැස්සේ මියුන් කට අයිනෙන් අරවින්ද්ට හිනා වෙලා බයික් එක පස්සට ගනිද්දි.... ගමනට පස්සේ අරවින්ද් සුදුමැලිත් වෙලාද මන්දා හීතල හුළග වැදුන වේගේට.....

'' නංගිව බැදගන්න කලින් දැන් හිතන්න වෙනවා ආපහු !!! '' අරවින්ද් ශාප කළේ මියුන් අරවින්ද්ව අවුස්සන්නත් එක්කම ආයේ බයික් එක රේස් කරද්දි.... එහෙමම බයික් එක පස්සට අරන් නවත්තපු මියුන් බයික් එකෙන් බැස්සේ හෙල්මට් එක ගලවලා කොන්ඩේ ගසන ගමන්.... හෙල්මට් එක අරවින්ද්ට අල්ලගන්න විසිකරපු මියුන් බයික් බයික් එකටම හේත්තු වුනේ අරවින්ද් බැන බැනම මියුන්ව එයාගේ බ්ලැක් බියුටිගෙන් එහාට කරද්දි.... බයික් එක වටේ වටයක් කැරකිලා ඒකට ආපදාවක් නැ කියලා කන්ෆර්ම් කරගත්තට පස්සේ තමයි අරවින්ද් මියුන්ව අතඇරියෙත්....

'' මේක වේඝර්ණලාගේ දෛවය ද අපේ දෛවය ද මන්දා , කියනකොටම අර ඉන්නේ අපේ බෙළල් බට්ටො සෙට් එකම..... '' අරවින්ද් කිව්වේ ආර්ය වේඝර්ණාරච්චි එක්ක අත් දෙක පිටිපස්සට තියාගෙන එයාලා දිහා බලාගෙන ඉදපු ගවීෂ්ව මියුන්ට පෙන්නන ගමන්... දැන් දෙන්නා එක්ක මෙතන ඇවිත් දාපු සද්දේට ඔහොම නොබලනවා නං තමයි පුදුමේ....ආර්ය වේඝර්ණාරච්චි අරවින්ද්ගේ උඩ ඉදන් යටටම විනිවිද යන්න බලනවා දැක්ක මියුන් ඒ හා සමානව බැල්මකින් ආර්ය වේඝර්ණාරච්චි දිහා බැලුවේ බයක් ගෑවිලාවත් නැති ගානට.... ආර්ය වේඝර්ණාරච්චි කවුද කියලා කියන්න ගවීෂ්ගේ ඇගේ තියන එක කැළලක් ගානේම මියුන් හොදටම අදුරනවා...

'' කවුද ඒ ? '' ආර්ය වේඝර්ණාරච්චි මියුන්ට ඇහෙන්නම ඇහුවේ ගවීෂ් දිහාවට හැරෙන ගමන්... මෙච්චර වෙලා මියුන් බලපු විදිය බලාගෙන ඉදපු නිසාම සීයා ඒක අහපු එකට ගවීෂ් දශමයක්වත් පුදුම වුන පාටක් පෙනුනේ නෑ... මියුන්ගේ කළුම කළු ඇස් දෙක ඒ තරං සීතල විදියට ගවීෂ් පවා දැකලා තිබුනේ නෑ...

'' මියුන් ආශක්‍යසිංහ... සබ් ෆැමිලි වන් '' ගවීෂ් වෙනුවට උත්තර ආර්ය වේඝර්ණාරච්චිට උත්තර දුන්නේ යොවන්දි....  ගවීෂ් ඔළුව වැනුවේ එයාලාව පාස් කරගෙන අරවින්ද් මියුන්ව ඇතුළට ඇදන් ගියපු විදිය බලාගෙන.....

'' අර භාතියගේ මේහ්..... ? ''

'' කවුද සීයේ ? '' යොවන්දි ඇහුවේ උත්තරයක් නැති ගවීෂ් දිහා බලන ගමන්..

'' භාතිය ආශාක්‍යසිංහ.... කලින් ආශක්‍යසිංහ උරුමය.... ඔය කොල්ලා නං , උගේම වෙන්න ඕන, තනිකර කපාපු පළුව.... ඔය ආශක්‍යසිංහලා ඒ දවස්වල පම්පොරි ගැහුවේ භාතියව ඔළුව උඩ තියන් තමයි.... ඒ ළමයත් ඔය වගේම තමයි ඒ කාලේ , උද්ධච්ඡකම ඇගපුරා.. වැඩි ආයුෂ නං තිබ්බේ නෑ ඉතින්....  '' සීයා ඒක කිව්වේ නෝන්ඩියට ද , ඉස්සර කාලේ කතාවක් විදියට ද නැත්තන් මියුන්ට අනතුරු ඇගවීමක් විදියට ද නැත්තන් තුනම එකතු කරලාද කියලා තේරුම් ගන්න බැරි වුන ගවීෂ් තොල් දෙක තද කරගත්තේ අැහුනේ නෑ වගේ හිමින් බිම බලාගෙන..

හැබැයි ඇත්ත තමයි , ඇග පුරාම උද්ධච්ඡකම !!!

.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
690K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
3.1M 236K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
27.4K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...