- Plot 23 -

Por Bulbz_D

868K 114K 39.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Más

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

-24-

6.7K 966 52
Por Bulbz_D

විනාඩියක් දෙකක් කිසිම සද්දයක් නැතුව ඉදපු මියුන් පොතේ ඉතිරිවෙලා තිබ්බ අන්තිම පිටු ටිකේ එන්ට්‍රිස් ටික පෙරළුවේ ගවීෂ්ට එහෙමම ඉන්න ඇරලා...හ්ම්. හිතුවා වගේම ඒකේ එයාගේ බර්ත් ඩිටේල්ස් ගැන කිසිම සදහනක් නැහැ... පොත වැහුවත් , මියුන් තාම ගවීෂ්ට එහාට යන්න කියලා කිව්වේ නැ... ගවීෂ් සැරින් සැරේට ගැහෙන විදියටයි , එයාගේ උරහිසට දැනෙන තෙතමනයයි නිසා ගවීෂ් අඩනවා කියලා මියුන් දන්නවා... එක අතකට ඒකාත් හර අමුතුම විදියේ කොල්ලෙක්... පොඩ්ඩ ඇත්තන් තද වෙන , කේන්ති ගියාම එයාටම කන්ට්‍රෝල් එකක් නැති , බරක් පතළක් නෑ වගේ හැමතිස්සේම හැසිරෙන්න බලන ඒත් ඇතුලෙන් හැම බරක්ම ඔළුවේ තියාගෙන හැම හැගීමකටම සාධාරණයක් කරන්න හදන සංවේදි වගේම ආදරණීය ඒත් ඒක හංගගෙන හැම ප්‍රශ්නයක්ම ආතල් එකට අරගෙන හිනාවෙන ජාතියේ කොල්ලෙක්...

'' මට උබට කියන්න ඕන උනේ....- ''

''එහාට පලයන්.... '' මියුන් මැද්දෙන් පැන්නේ ගවීෂ් ආයේම කටවහගනිද්දි..  වෙනදාට මොනා කරලා හරි එයා හරි කියලා ඔප්පු කරන්න දගලන ගවීෂ් කට පියාගෙන පැත්තකට වුනේ මියුන්ව ආයේ ආයේ නිරුත්තර කරලා... මුකුත් නොවුනා වගේ ගවීෂ්ට ආයේම රවපු මියුන් ෆෝන් එකට ඉයර්ෆෝන්ස් දෙක කනෙක්ට් කරලා කනේ ඔබාගත්තේ නිහඩතාවය දරාගන්නම බැරි තැන....   

'' නුඹ සදක් වෙලා පායා...
මට එළිය දුන් වගයි... 
නුඹ සදක් සේම බැස යයි...
මට ඉතිරි කළුවරයි.. '' 

එයාගේ ඉයර් ෆෝන්ස් දෙකේ ප්ලේ වෙන්නෙත් කරුම සිංදු තමයි...  කළුවරේ ලොස්ට් වුන දවසට තමුසේටත් කියන්න තියන සිංදුව මේක.. දැන්ම අහලා තියාගත්තට පාඩු නෑ එක අතකට....

ගවීෂ් කෙලින් වාඩිවෙලා අත් දෙකෙන් ජැක් එකක් ගහගත්තේ අහස දිහා බලන ගමන්...... මියුන්ගේ රස්නෙට ගිනිගන්න නළලේ  වේගෙන් ඇවිත් වදින හීතල හුළග , ඒ පුංචි රස්නෙත් අරගෙන යනවා ගවීෂ්ට දැනෙනවා... ඒත් මිනිහා සැලෙන්නැතුවම බලාගෙන ඉන්නේ හද දිහා... මේ අහස යටම , මේ හැගීම ලියවුන තවත් ඇස් කියක් මේ විදියිටම දැන් හද දිහා බලාගෙන ඇද්ද ? !! පුදුමයක් නෑ හද ගැන අච්චර සිංදු තියන එක .. ගවීෂ් හිතුවේ මූණේ වැදෙන හුළගට ඇස් දෙක හිමින් පියාගන්න ගමන්... ඇස් ඇරගෙන ඉදියා නම් කදුළු වුනත් ඒ හීතල හුළගට මිදෙන්න තිබුනා!!...

හද එළිය අයිති ලොවටයි - හද අයිති අහසටයි කියලා ඉරත් පැත්තකට උනා නං උබට මට කීයටවත් හෙට එළිවෙන්නෑ තිමෞර්ය....
මියුන් හිතින් මිමිණුවේ ගවීෂ්ගේ ඔළුවට පොල් ටොක්කක් අනින්න හිතාගෙන අත උස්සලා.... ඒත් නෑ... එක පුංචි ගල් කැටේකට පුළුවන් මුළු පොකුණක වතුර හොල්ලන්න... ආයේ වෙලාවක් යනකම්ම රැලි නැති නොවෙන විදියට...... මියුන් අත අතර මග නතර කරලා මිට මොළව ගත්තේ ලොකු හුස්මක් අරගෙන.... ඒ හුස්ම ආයේම ලොකු නිහඩතාවයකට අරාධනා කළත් --...  ගවීෂ් ආයේම මියුන්ගෙන් අහන්නේ නැතුවම උරහිස උඩින්ම ඔළුව තියාගත්තේ හිතුවක්කාර විදියට...

'' සැරයක් කිව්වනේ දැන්... !!!.'' මියුන් සැර කලේ ගවීෂ්ව අයින් කරන්න උරහිස අකුලන ගමන්... කොහේ ද අත්ත බදාගත්ත කෝලා වගේනේ...

'' උබට වීස් එකවත් තියද ඔච්චර හය්යෙන් හුස්ම ගන්නේ ? '' ගවීෂ් ඇහුවේ අන්තිමේ මියුන් මුකුත් කියන්නැතුව පුපුර පුපුර නිශ්ශබ්ද වෙද්දි...

'' ආයේ තමුසේ මෙතන විකාර කියවන්න ගත්තොත් - බලාගන්න පුළුවන්...  '' මියුන් සැර කලේ ගවීෂ් කට ඇරපු පරක්කුවට තොල් දෙක හම්ප් කරලා තද කරගනිද්දි.... මුකුත් කියන්නත් බෑ.. කිව්වට අහන්නෙත් නෑ....  පුදුම යකෙක්ට තමයි උබත් ක්‍රෂ් උනේ ගවීෂ් !! කරුම මෙව්වා කරුම... 

'' ආශා නැ-තිද මාත් එක්ක.... ම්...තනිව ඉන්නට...
කොළ පාට හැලු-නූඌඌ.... ඈත නිම්නයේ..එඒඒ.... ''

ගවීෂ් වචනෙන් වචනේට නවත්ත නවත්ත කිව්වේ නළල දශමයක්වත් උස්සන්නැතුව....කියවන්න නේ එපා කිව්වේ... සිංදු කියන්න එපා කිව්වේ නැනේ.... වචනෙන් වචනෙට ගවීෂ් නහය උඩට ඇදපු නිසාමදො මියුන් මුකුත් කියන්නැතුව තොල් දෙකත් තද කරන් ආයේ අහස දිහා බැලුවා...

'' කවුද උබට සිංදු කියන්න පුළුවන්ය කියලා කිව්ව එකා ? '' මියුන් නෝන්ඩියට ඇහුවේ ගවීෂ්ව අවුස්සන්නම තමයි...

'' ඔව්..ඩ්‍රෑන්ට තරං බෑ තමයි.. '' ගවීෂ් පරණ ඇරියස් එකටම කිව්වේ නළල මියුන්ගේ උරහිසේ හප්පලා...

'' බෑ තමයි ඉතින්.. ''

'' ලස්සන කොල්ලෙක් දැක්කම උබෙත් මයිලේ ඉදන් කෙලින් වෙනවනේ....'' ගවීෂ් ඒ පාර කිව්වේ ඇරියස් එකටත් එක්කම මියුන්ව එහාට තල්ලු කරලා... කමක් නෑ පළිගන්න එක්කම ෂර්ට් එකේ හොටු ගෑවා.. දැනට ඇති..

''තමුසේ දැන් ලස්සනයි කිව්වේ .. ඩ්‍රෑන්ටද  ? '' මියුන් ඇහුවේ ඇස් දෙක පුංචි කරන ගමන්... පස්සේ කිව්ව එක්ක වද්දගන්න ඕන එකාට දැන් වැදිලා තියෙන්නේ ඩ්‍රෑන්ට වැදෙන්න කියන ඒවා හහ්....

'' මුකුත් තිබ්බේ නැද ? '' ගවීෂ් ටොපික් එක වෙනස් කරන්නත් එක්කම මියුන්ගේ අතේ තිබ්බ පොත පෙන්නලා ඇහුවේ මියුන් මුකුත් කියන්නැතුව ඔළුව වනද්දි.. හග් කළ නිසාදො මන්දා මියුන් එයාගේ ඇස් මගඅරිනවා කියලා ගවීෂ්ට නොතේරෙනවාම නෙවේ.. ඔය පොඩ්ඩක් ඩෝං ගියාට මොකද ඉතින් හග් කරලා ඉවරනේ...හැබැයි මේ පාර නං ටිකක් තද වෙලා වගේ පොරට...

'' ඒ ඇරෙන්න වෙන මතක නැද්ද ? '' ගවීෂ් ආයේ ඇහුවේ සාමාන්‍ය මතකයකට වඩා දෙයක් එයාලාගේ ජාතියේ අයට පිහිටන නිසා.. මියුන් සද්ද නැතුව එයාගේ බෙල්ලේ තියන සුරය එළියට ඇද්දේ ගවීෂ්ට ඒක පෙන්නන්න... මියුන්ගේ බෙල්ලේ මේ සුරය විතරක් තියේද්දි පේන විදිය ගවීෂ්ට හොදටම මතකයි... කළු පාට නූලත් එක්කම මියුන්ගේ බෙල්ල කන්න හිතෙනවා ඒ වෙලාවට... කරන්න උනේ නැති එක වෙනම කතාවක්... කොහේද තමුසේට ඔළුව උස්සන්නවත් දුන්නද ඌ ? මේවා අයිතිවාසිකම් නඩු දාන්න ඕන සිද්ධි....

''  මේක අම්මා දාලා තියෙන්නේ.. '' මියුන් කිව්වේ සුරේ දිහා බලලා ලාවට හිනා වෙලා.. මියුන්ගේ ඒ හිනාව දිහා බලලා යන්තම් හිනාවුන ගවීෂ් සුරය අල්ලලා බැලුවේ ඒකේ අමුතුම පෙනුම නිසා...  කොටු හැඩේක කැටයම් ගොඩක් වගේ තිබුන සුරය අමුතුම භාණ්ඩයක් වගේ....  එයා ඒක අනිත් පැත්ත හරවලා බලන්නත් කලින්ම මියුන් තදින් ගවීෂ්ගේ අතින් අල්ලගත්තේ ගවීෂ්වත් ගස්සලා.. මියුන්ගේ නළල රැලි වැටිලා... ඇස් දෙක තද වෙලා...

'' අත ගන්න.. '' මියුන් හුස්ම එකතු කරගන්න මහන්සි වෙන ගමන් මිමිණුවේ අමාරුවෙන් හුස්ම ගන්න ගමන්... ගවීෂ් තත්පරේක පරක්කුවට අත එහාට අරන් ඇස් ලොකු කරන් බලන් ඉදියේ මියුන් අත් දෙක අස්සේ ඔළුව ඔබාගත්ත විදිය...

'' ඒයි.. මොකද උනේ ? '' ගවීෂ් කලබලෙන් ඇහුවේ මියුන් ළගට එන්න එපා කියලා අත උස්සද්දි... එකපාරට උන දේ හිතාගන්න බැරුව ගවීෂ් බලාගෙන ඉදියේ මියුන් අත් දෙක මිරිකගත්ත විදිය... නිල් පාටින් නහර පවා මතුවෙලා මියුන්ගේ... මියුන් සන්සුන් වෙනකං ගවීෂ් බලාගෙන ඉදියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව... එක පාරට මොකක්ද උනේ ?

එක සැරේටම ආපු එයාගේ ඔළුව පිපිරෙන සයිස් ඔළුව කැක්කුම යන්තං අඩු වුන ගමන්ම මියුන් ආයේම සුරය අතට අරගෙන අල්ලලා බැලුවේ වෙනසක් තියේ ද බලන්න... නැ.. කලින් වගේමයි... තාමත් සැරින් සැරේට ඔළුව කැක්කුම මතු වෙද්දි මියුන්ගේ නළල රැළි ගැහෙනවා.... ම්ම්ම්.... එතකොට -

'' මේක අල්ලන්න.. '' මියුන් හෙමින් ඔළුව උස්සලා කිව්වේ තාම එයා දිහා බලන් ඉදිය ගවීෂ්ට...

'' මට බෑ.. '' විනාඩි දෙක තුනකට කලින් මියුන්ගේ මූණේ ඇදුන වේදනාව මතක් කරපු ගවීෂ් කිව්වේ අත් දෙකම පිටිපස්සට අරගෙන...

'' කිව්වම කරපන්... !! ''

'' බෑ !!! කොහොම ද - ''

'' මුකුත් වෙන්නැ.... අල්ලපන් මේක... '' මියුන් සැර කළේ ගවීෂ්ගේ අතක් ඇදලා අරගෙන...

'' මට බෑ කිව්වනේ දැන්.. !!.. '' ගවිෂ් කිව්වේ අත ආපස්සට ඇදලා..

'' නිකන් හුරතල් නොවී ඕක අල්ලලා බලනවා එක පාරක්.. !!. '' මියුන් තදින් කිව්වේ ගවීෂ් ඒ පාර හුස්මක් අරන් එයාගේ මහපට ඇගිල්ල සුරය උඩින් තියද්දි... මියුන්ට විතරක් නෙවේ ඒ සුරේ වෙනසක් ගවීෂ්ටත් දැනෙනවා....එක තත්පරයකදී ගවීෂ්ගේ ඇස් දෙකේ රතුපාට ක්‍රිස්ටල් එළිය මතුවුනේ මියුන්ගේ නළල රැලි ගැහෙද්දි... ගවීෂ් ආයේම අත ගන්න කලින්ම මියුන් එයාගේ අතින් තදින් අල්ලගත්ත විදිය ගවීෂ්ට දැනුනා.. මියුන්ගේ තොල් ඉදන්ම සුදුමැලි වෙලා තිබ්බත් මියුන් නෙවේ ගවීෂ්ට අත ගන්න දුන්නේ... කොටින්ම එයාට අත අදින්න බැරි තරමට මියුන්ගේ ග්‍රහණය තදයි... එච්චර හය්යක් මෙච්චර දුර්වල වෙලා ඉද්දි ?

'' අත අරිනවා !! '' ගවීෂ් කිව්වේ එයාගේ උපරිම හය්ය දාලා අත එළියට ඇදලා...ඒ සැරේ මියුන්ම ගවීෂ්ගේ අත අතඇරියේ ඇස් දෙක තදින් පියාගන්න ගමන්... ඔළුව කොච්චර බරද කියනවා නම් මියුන්ගේ ඇස් එක්කම නිලංකාර වෙලා... හුස්ම ගන්න බැරිතරමට උගුර හිරවෙලා... මියුන්ගේ මූණම වගේ ඒ ඩිංගට දාඩියෙන් නැවිලා...

'' තමුසේට පිස්සුද !!! '' ගවීෂ් පුපුරු ගහන කේන්තියෙන් ඇහුවේ මියුන්ගේ කන හරහා වදින්නම පාරක් ගහලා...  කේන්තියේ තරමට මියුන්ගේ ඔළුවේ කැක්කුමත් අමතකයි ගවීෂ්ට.. ගවීෂ්ගේ පාරට මියුන් ඔහේ විසි උනේ , එයාම පොළවට අත තියලා වාරු වෙද්දි.... ආයේ ඔළුව උස්සන්නවත් පණක් නැති ගානට මියුන් එහෙමම පොළවට අත තෙරපුවේ ඇස් දෙක තද කරලා පියාගන්න ගමන්... තත්පර දෙකකින් කම්මුලේ පුපුරු ගහන එක අතුරුදහන් වෙලා ආයේම ඔළුව කැක්කුම තද වෙද්දි මියුන් වාරු දීලා තිබ්බ අතත් පණ නැති වුනේ , මියුන්ව තව බිමට ඇදලා දාලා... ඒත් කාගේනම ආයේ කෙලින් මියුන් සුරය අල්ලලා බැලුවේ අසිහියෙන් වගේ....

'' ඕක ගලවපන් දැන්ම !! '' ගවීෂ් කෑගැහුවේ මියුන් තත්පරයක් ඇතුළත ගවීෂ්ව එහාට තල්ලු කරද්දි... 

'' මං ගලවන්නැ.. ''  මියුන් ඇස් දෙක තදින් පියාගෙනම මිමිණුවේ ඔළුව පුපුරන්න වගේ දැනෙන වේදනාවට.. ආයේ සුරය ගලවල ගන්න ගවීෂ්ට ඒකට අත තියන්නත් බැ... තත්පර දෙකකට අල්ලලා මේම උනා නම්....  කලින් ක්‍රිෂ් බෙහෙත් දෙනවා දැකලා තිබ්බ නිසාම ගවීෂ් මුමුණ මුමුණ බැන බැනම මියුන්ගේ බැග් එකෙන් බෙහෙත් ඇවිස්සුවේ කේන්තියෙන්...

'' කට අරින්න.. '' ගවීෂ් සැර කලේ මියුන්ගේ කටට ඇගිලි දෙකක් දාලා බෙහෙත් ටික එහෙමම ඔබන ගමන්... වතුර නෑ කමක් නෑ...ඔහොම වෙලා මදි ඕකාට... හිතුවක්කාරකමට අත අතඇරපු නැති හැටි.. !!! ගවීෂ්ට තාම කේන්තියි.... මියුන් ඇස් දෙක තදට පියාගෙන ඉදපු නිසාම , ගවීෂ් සුරය දාලා තිබ්බ නූල පිටිපස්සෙන් ලිහලා ඒක අතට ගත්තේ කෙන්තියෙන්මයි... ආයේ දායි නැට්ට ගහේ මේක... !! මට අත තියන්න බැරි කිසි දෙයක් ඌ ගාව තියෙන්න දෙයි මං මේන් කියලා.... ගවීෂ් හිතුවේ සුරය එයාගේ සාක්කුවට ඔබාගෙන...

'' තිමෞර්ය.... ''

'' ඒ පාර මොකද තමුසේ ? '' ගවීෂ් අඩු නොවුන කේන්තියෙන් ඇහුවේ මැන්ෂන් එක පැත්තේ කලබලයක් නැ නේද කියලා කන්ෆර්ම් කරගන්න ඒ පැත්ත චෙක් කරන ගමන්... මෙච්චර බැන ගත්ත කෑගහගත්ත විදියේ හැටියට වැරදිලාවත් කවුරුම හරි අවදි වෙලා නම්...වේඝර්ණලා සාමාන්‍ය මිනිස්සු නෙවේනේ..... හොද වෙලාවට මැන්ෂන් එකට මෙතන ඉදන් සැලකිය යුතු දුරක් තිබ්බේ.... ප්‍රශ්නයක් නෑ වගේ.....මියුන් තාම උත්තර දුන්නේ නැති නිසාම ගවීෂ් ආයේම බැලුවේ මියුන් තාමත් එයා දිහා බලාගෙන ඉන්න විදිය.... දෙය්යනේ !!!!!!! ගවීෂ්ට උන් හිටි තැන් අමතක උනේ එයා නොදැනිම ඇගේ බැලන්ස් එක නැතුව අඩියක් පිටිපස්සට තියද්දි...මෙච්චර වෙලා කේන්තියට බුබුළු දාන සයිස් එකේ තිබ්බ ගවීෂ්ගේ ඇගේ ලේ කෙල්වින් බිංදුවටම ඇවිත් ගානට ගවීෂ් ගල් වෙලා... මියුන්ගේ ඇස් --

'' හෝල්ඩ් මී ප්ලිස්.... විල්  යූ....? '' මියුන්ගේ දුර්වල කටහඩ ගවීෂ්ව පියවි සිහියට ගෙනාවා...එයා එහෙමම කලබලෙන් මියුන් ගාවින් දණ ගහගත්තේ ඒත් එක්කම වගේ මියුන් මුලින් කපපු ගහක් ගානට  ගවීෂ් දිහාවට බර වෙද්දි... සිහිය තිබ්බට මියුන් බාගේට මැරිලා වගේ... ඒත් - . මියුන්ගේ අත තිබුන තැනත් තණකොළ පවා අමුතුම විදියකට දිලිසෙනවා... වටේ පිටේ හැමදේම වෙනස් වුන විදිය බර්ඩ්‍රේන් කෙනෙක් උන ගවීෂ්ට හොදටම දැනෙනවා....සොබාදහමේ රිද්මයත් එක්කම ගැළපුන හැමදේම වෙනුවට මෙතනදි ඒ හැමදෙයක්ම හිස් තැනක් වෙලා....හැමදේම වෙනස් උනේ එතකොට -

'
'
'
'
'
'
'

~ මතු සම්බන්ධයි ~

Seguir leyendo

También te gustarán

13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?