- Plot 23 -

By Bulbz_D

858K 113K 39.2K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 23-

6.9K 1K 129
By Bulbz_D

එකටත් ළගයි... ඒත් ගවීෂ් නෙවේ තාම ඇතුළට යන්න හිතුවේ... කෝමත් හවස හතරට නැගිට්ට එකේ මොන නිදාගැනිල්ලක් ද .... ගාඩ්න් එකේ එහාට වෙන්න තිබ්බ බෙන්ච් එකේ හචිං ඇර ඇර පිනී බාන ගමන් පොන්ඩ් එක ගල්වලින් පුරවන එක තමයි ගවීෂ්ගේ වැඩේ... වළාකුළු නැති නිසාමදො , හදත් තරු පිරිවරාගෙන ලස්සනට දිලිසෙනවා..

ජබොස්... තව තඩි ගලක් පොන්ඩ් එකට විසි කරලා ගවීෂ් ෆෝන් එකෙන් බෙන්ච් එකට තට්ටු කලේ ස්ක්‍රින් එක ආයේ ඔන් කරලා වෙලාව බලලා... එකයි දහයයි... වවුල්ලුත් නිදි... හොල්මනුත් ඇති... අත්තා , මුත්තා , කිරිකිත්තාගේ ඉදන් මේ ගෙදර නෙව ඉදියේ... හීතල හුළගටත් එක්ක එතකොට නං හිරිගඩු පිපෙනවා.. අරහෙන් මෙහෙන් උස ගස්වල කොළ සිරි සිරි ගානවා...

බුදු අම්මො. මෝහිණී !!!!.. !.. එක පාර ට්‍රම්පට් සද්දයක් එක්ක ෆෝන් එකේ ස්ක්‍රින් එක ඔන් උන නිසා තව පොඩ්ඩෙන් ගවීෂ් බෙන්ච් එකෙන් බිම... කලින් සතියේ ට්‍රිප් එක යන්න තියපු එලාම් එක... වීක්ලි වැටිලා.. ගවීෂ් බැන බැන එ්ක ඕෆ් කලේ මහ රැ හාට් ඇටැක් දෙනවට... එකයි විස්සයි... හරියන්නැ මේක... බෙන්ච් එක වටේ දෙපාරක් පැදකුණු කරපු ගවීෂ් අන්තිමට කන්ටැක්ට් ලිස්ට් එකේ කොළ පාට හාට් එක ගාව අත නැවැත්තුවා... පළවෙනි පාරට මේ කෝල් එකක් ගන්නේ... !!!!! එකායි.. දෙකාායි... තුනාායි...

ටීක් - ටීක් ... ෆෝන් එක ඕෆ් නැ එහෙනම් - ඊළග එක හිතන්නත් කලින්ම රින්ග්ස් යන එක නැවතුනා... කට් කළා ද ? ගවීෂ් ස්ක්‍රින් එක ඇස් දෙක ඉස්සරහට අරන් බැලුවා...  බිංදුවේ ඉදන් තත්පරේ තත්පරේ වැඩිවෙන ඩියුරේෂන් එක දැක්කම මිනිහාගේ අතත් එක්කම සීතල වෙලා ගියා... දැන් තමයි හාට් එක ආතල් ගන්න වෙලාව....

'' හ්හ් ?  '' ගවීෂ් ඇස් දෙක උඩ යැව්වේ එයාගේ කටහඩේ තිබ්බ නෝන්ඩියයි කේන්තියයි දෙකම  හොදට දැනෙන විදියට...

'' ඇයි ? '' මියුන් ඇහුවේත් ඒ ටෝන් එකෙන්ම තමයි..

'' ඇයි තමුසේ අාන්ස කලේ ? '' ගවීෂ් එයාටම ඔරවගන්න ගමන් ඇහුවේ ආයේම බෙන්ච් එකෙන් වාඩි වෙලා....

'' වැරදිලා..- ''

'' පොඩ්ඩක් හිටපන්... '' ගවීෂ් කලබලෙන් කිව්වේ මියුන් කෝල් එක කට් කළාද කියලා බලන්න ස්ක්‍රින් එක දිහා බලලා.. නැ තාම ටයිම් ඩියුරේෂන් එක පෙන්නනවා..

''තමුසේ ඇහැරිලා මොකද කරන්නේ ? '' ගවීෂ් ඇහුවේ බෙන්ච් එකට ඇගිල්ලෙන් අනින ගමන්..

'' ....... ''

'' ෆෝන් එක අතේ තියාගෙන මොනව ද කරන්නේ උබ ඔච්චරටම ? '' මියුන්ගෙන් උත්තරයක් නැති නිසා ගවීෂ් දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා...

'' ............ ''

'' ෆෝන් එකෙනුත් ගිටා ගහන්න ඉගෙන ගන්නව ද ? .. '' ගවීෂ් තුනිවෙනි ප්‍රශ්නෙත් ඇහුවේ මියුන්ගෙන් සද්දයක් නැති තැන.. ස්පීච්ලස් වෙන්න එපැයි.... අතටම අහුවුනානේ...

'' තමුසේට ඇහෙනව ද ඕයි ? මං තමුසේට කතා කරන්නේ.....  '' ගවීෂ් ආයේම කිව්වේ කේන්තියටම කටහඩ වෙව්ලද්දි... යකො වයසට ගරු කරලා උත්තර දීපන් අඩුම... ගස් ගදයා... !!! ගවීෂ් කිව්වේ බෙන්ච් එකටත් පයින් පාරක් ගහලා...

'' තමුසේ එළියේ ද ? හිටපන් ටිකක් බෙන්ච් එක කඩන්නැතුව....'' මියුන් සැර කලේ ගවීෂ්ව නිරුත්තර කරලා.. වීඩියො කෝල් ද ? නැ... එතකොට -

'' ආහ් ? ? කොහෙද ඉන්නේ උබ ? '' ගවීෂ් ෂොක් එකේ ඇහුවේ වට පිට බලන ගමන්... කොහෙද කට් කරලා ඉවරනේ... මහ රැ එකට මේම ආතල් දෙන්න නරකයි මොනවා උනත්... දැන් ඉතින්-  ගවිෂ්ගේ බ්‍රේක් නැති හිත නැවතුනේ ඈතින් ඇහුන අඩි සද්දේට... හොව්!!! මට කියන්න එපා---

'' සීයාට කියලා තියපන් වෙඩින් එක කෙරෙන්න ඕනං , ඒකට කලින් තාප්පේ ටිකක් උස්සලා තියාගන්න කියලා... '' මියුන්ගේ කටහඩ ආපු දිහාවට ගවීෂ් හැරුනේ වේඝර්ණ මැන්ෂන් එකේ තාම වහලා තියන ගේට්ටුව දිහයි ඈත පේන මැන්ෂන් එක දිහයි බලලා.. දෙය්යනේ මූ ඇතුළේ !!!!!යකො..මෙච්චර කල් ජිවිතේ මෙච්චර තර්ජනේක ද තිබිලා තියෙන්නේ.... මේක අස්සට සද්ද නැතුවම එන්න ආශක්‍යසිංහ කෙනෙක්ට මොන හය්යක් ද ??

'' තමුසේ කොහොම ද ඇතුළට ආවේ ? '' පපුව හරහා පටිය යන විදියට සයිඩ් බැග් එකක් දාගෙන ෆෝන් එක අතේ තියාගෙන ඉදපු මියුන් දිහා බලපු ගවීෂ් ඇහුවේ නොදැනිම අඩියක් ඉස්සරහට තියලා.. කොහෙද මියුන් නෙවේ උත්තර දුන්නේ... එයාගේ උත්තරේ දීලා එක පාරක් දුන්නා නම් ආයේ ආයේ කියන පුරුදු කොහොමත් මියුන් ගාව තිබ්බේ නැති තරම්.... මියුන් උගේ ගෙදර වගේ බෙන්ච් එක ගාව තණ බිස්සෙන් වාඩි වෙනවා ගවීෂ් බලාගෙන ඉදියා.. දැන් මොකද කරන්නේ ? වෙන කවුරුහරි දැනගත්තොත් ආශක්‍යසිංහ කෙනෙක් මේක ඇතුළෙම කියලා ? !!!

'' තමුසේ යන්න දැන්.. '' ගවීෂ්නුත් එතනම තණ බිස්සෙන් වාඩි වෙලා කිව්වේ මියුන්ගේ හිතුවක්කාර උත්තරේ හොදටම දැනගෙන...

'' උබ කියනකංමයි ඉදියේ.. '' මියුන් නෝන්ඩියට කිව්වේ ගවීෂ් කියපුවා සත පහකට ගණන් ගන්නැතුව... එකත් එකටම මෙච්චර කට්ටක් කාලා ඇතුළට ආවා නං මියුන් එච්චර ලේසියට යන්නැ කියන්න ගවීෂ් හොදටම දන්නවා... එතකොට මියුන් කෝල් එක ආන්ස කරද්දිත් ඉදලා ඇත්තේ මේ ළග... ම්ම්.... වෙඩින් එක කෙරෙන්න ඕන නං තාප්පේ උස්සගන්න කියන්නලු සීයාට... කන් දෙක ගිනි ගන්නවා වගේ දැනෙද්දි ගවීෂ් කකුල් දෙක අස්සේ මූණ ඔබාගත්තේ එයාගේ රතුපාට ඇස් දෙක හංගගන්න.... හැබැයි මියුන් එක්ක දවල් තිබ්බ කේන්තිය නිවිලාත් නැ ගවීෂ්ගේ.... එකත් එකටම මහ රැ මොනව ද විලේජ් එකේ කරන්නේ ?

බෑග් එකෙන් මොනව ද මොනව ද තඩී පොත් වගයක් එළියට ඇදපු මියුන් එයින් දෙකක් ගවීෂ්ට දුන්නා.... මේ මහ රෑ ? පොත් ? සිරියස්ලි ???? ගවීෂ් කටත් ඇරන් බලන් ඉදියේ පොත් දෙක අතට ගන්නවද නැද්ද කියලා හිතාගන්න බැරැව...

'' හොස්පිට්ල් රෙකෝඩ්ස් ? '' පොත්වලින් ආපු සුවදින්ම ගවීෂ් හිතාගත්තේ ටිකක් එහාට වෙන්න කනුවේ එල්ලලා තිබ්බ කහ පාට ඇන්ටික් ගාඩ්න් ලැම්ප් එක උගේ ගෙදර වගේ ගලවපු මියුන් ඒක ගෙනැල්ලා ගවීෂ්ගෙයි එයාගෙයි අතර මැදින් තියද්දි... මොකො බනින්න ද ඉතින්..? ගවීෂ් දිහා බලන්නවත් මහන්සි නොවුන මියුන් , එයාගේ බෑග් එකේ තිබ්බ තර්මො කප් එකයි , ස්පෙක්ස් දෙකයි , ඉයර්ෆෝන්ස් කේස් එකයි එළියට අදිනවා ගවීෂ් බලාගෙන ඉදියා... දැන් මේකට ද මෙහේ ආවේ..

'' මං දිහා බලන් ඉන්න නෙවේ තියෙන්නේ... '' මියුන් ඔළුව උස්සන්නැතුවම කිව්වේ ගවීෂ් නහයෙන් පිඹලා රවද්දි... අනේ බලන්නම කෙනානේ....

'' ඒ සෙල්ෆ් කන්ෆිඩන්ස් දැක්කම අම්බානෙක පව් කියලත් හිතෙනවා... ''  ගවීෂ් ආපස්සට නෝන්ඩියට කිව්වේ ඒ තත්පරේත් මියුන් දිහා බලලා... බලන් ඉන්න හිතෙන්නැත්තන් තමුසේට වෙනම ලෙඩක් වෙන්න ඕන ගවීෂ්... මේ සති දෙකේම තිබ්බ කලබල ගතිය එක තත්පරේට නැති වෙනවා , කහ එළිය වැටුන මියුන්ගේ මූණ දිහා බැලුවම... ගවීෂ් තාම බලන් ඉන්නේ එයා දිහා කියලා තේරුන මියුන් පොත එහෙමම තියලා ස්පෙක්ස් දෙක උඩින් ගවීෂ් දිහා බැලුවා... මියුන් එහෙමම මිඩ්ල් ෆින්ග එකෙන් ගවීෂ්ට සැලියුට් කලේ නෝන්ඩියට... ගවීෂ් ආපස්සට රවලා මියුන්ගේ අතේ මැණික් කටුව ගාවින් අල්ලලා අත පහළට දැම්මේ ඇස් දෙකත් පුංචි කරලා..

'' ආයේ ඕක කරන්න තියාගන්න එපා තමුසේ.. '' ගවීෂ් කිව්වේ මියුන්ගේ අත ඌ දිහාවටම දමලා ගහලා.. සෙල්ලමකට ගියානේ මේක....

'' තමුසේ හිතන්නේ , උබ කියන දේ මං අහයි කියලා ද ? ''

'' අහ් ඒම ද ... ආයේ කරලා බලපන් - '' ඒ පාර ගවීෂ්නුත් ඒක කිව්වේ සිරියස් පිට කියලා තේරුන මියුන් මුකුත් කියන්නැතුව ආයේම පොත දිග ඇරගත්තේ ගවීෂ්නුත් එයාගේ අතට ලැබුන පොත් දෙක දිහා බලද්දි... ම්ම්ම්... අගෝස්තු අට වෙනිදා රෙකොඩ්ස්... මියුන් හොයන්නේ මොකක්ද කියලා ගවීෂ්ට තේරෙනවා... හනේ ඒ වුනාට පොත් ? ඒලෙවල්වලට පාඩම් කරපු නැති එකේ පොත් එක්ක ආයේ- හය්යො මේ පොත් කරුමයක්..

'' මොනවද මේකේ බලන්න ඕන ? අර්ධ පර්ණාමික ගස් ඔටුවෙක්ගේ බර්ත් ඩීටේස්ල් ද ? '' ගවීෂ් නෝන්ඩියට ඇහුවේ මියුන්ගේ කකුලට පයින් එකක් අනින ගමන්..

'' මේ පොත විතරයි ඉතිරි.. '' මියුන් ඔළුවවත් උස්සන්නේ නැතුව උත්තර දුන්නේ ඊළග පිටුවට පෙරලන ගමන්...

''එහෙනං අහවල් රෙද්දකට ද මේ පොත් දෙක මට  දුන්නේ ? ''

'' අහවල් රෙද්දට.. '' මියුනුත් කැපෙන්නම උත්තර දුන්නේ ගවීෂ් දෙවෙනි පයින් පාරත් මියුන්ගේ කකුලට ගහද්දි...

'' අම්මපා , ඇයි තමුසේව ගෙදර මිනිස්සුන්ට අල්ලලා දීලා නිදහසේ නිදාගන්න යන්න බැරි මට .. ''

'' උබ මට ක්‍රෂ් නිසානේ '' මියුනුත් හෙන කන්ෆිඩන්ස් එකේ පොල්ලෙන් ගහන්න වගේ පොත පෙරලන ගමන්ම කිව්වේ ගවීෂ්ගේ කැස්ස උග්‍ර වෙද්දි... මොන විශ්වාසකෙන්ද මූ ඒම කියන්නේ... හහ්.... ක්‍රෂ් එක ? නිකන්ම ක්‍රෂ් එක ? දෙන්න තියෙන්නේ මුව ක්‍රෑෂ් කරලා ට්‍රෑෂ් කැන් එකට දාන්න පරක්කු උන එක උබේ වැරැද්ද ගවීෂ්.... ගවීෂ් දමලා ගහලා නැගිට්ටේ ඒ පරක්කුවට මියුන් ගවීෂ්ගේ මැණික් කටුව ගාවින් තදින් අල්ලගනිද්දි....

'' විකාර නැතුව වාඩිවෙයන් ඔහොම.. '' මියුන් සැර කලේ ගවීෂ් අත දමලා ගහද්දි... අද හවස ඉදන් කරපුවා මදිද.... කොහෙද මියුන් ආයේ අතින් අල්ලගත්තේ ඒ පාර නං ගවීෂ්ට අත අරින්න බැරි තරම් තදට මැණික් කටුව ගාවින් තද කරලා... හැම එකම උගේවගේ කන්ට්‍රෝල් කරන්න නම් දන්නවා... මෙතන්න කෑගහන්න බැරි නිසාම ගවීෂ් අත දෙතුන් පාරක් ඇදලා , බැරිම තැන එරමිණියා ගොතන් වාඩි වුනේ මියුන් හිමින් සැරේ අත බුරුල් කරලා පොත දිහාවට අවධානේ දෙද්දි... එයාගේ තර්මො කප් එකේ තිබ්බ කොෆී එක ගවීෂ් අතට දීපු මියුන් ගවීෂ්ගේ අතින් හිමින් අත ඇරියා... මියුන්ගේ ඇස් දෙකේ සම්පූර්ණ අවධානේ පොතට....

'' තමුසේ බීලා පෙන්නපන්.. මොන වස ද දන්නැ.. '' ගවීෂ් කිව්වේ මෙලො විශ්වාසයක් නැති ගානට කප් එක දිහා බලලා... අවුලක් කොෆී සුවද විතරයි එන්නේ... ගවීෂ් කිව්වේ කප් එකේ ස්මෙල් එක අල්ලන ගමන්... තව මියුන්ගේ සුවද ...

'' උබලාට සුවද දැනෙනව ද ? '' මියුන් සන්සුන්ව ඇහුවේ ගවීෂ් ඇස් පියාගෙන සුවද බලපු විදියට... හ්ම් වේඝර්ණාරච්චිලාට තියන හැකියාවන් ගැන මියුන් අහෙන් මෙහෙන් අහලා නොතිබුනාම නෙවේ...

'' හ්ම්...උබට මොන වගේ ඒවාද පුළුවන් ? '' එයා ඇහුව ප්‍රශ්නේට මියුන් මුකුත් කියන්නැතුව පොත දිහා බලාගත්තා.. ගවීෂ් පිච්චි පිච්චිම උගුරක් බීපු කප් එක මියුන්ට ආයේ දික් කලේ ටිකක් සන්සුන් වෙලා... මේ වගේ වෙලාවකට කොෆී එකකට සන්සුන් කරන්න බැරි දෙයක් නැති තරම්...

'' තමුසේ උත්තරේ දැනගෙන දන්නෑ වගේ අහන්න එපා '' මියුන් කේන්තියෙන් කිව්වේ ගවීෂ් කලින් අහපු ප්‍රශ්නේ ගැන කියලා එයාට අමුතුවෙන් කියන්න ඕන නැ...

'' උබට තමන්ව පිළිගන්න බැරි නං වැඩක් නෑ.... '' ගවීෂ් තදින් කිව්වේ මියුන් ඒක හංගන්නේ ඇයි කියලා හිතාගන්න බැරුව... ඒක සාමාන්‍යයි.. වෙන්න පුලුවන් දෙයක්...

'' තමුසේ මං ගැන දන්නවා වගේ කතා කරන්න එපා !!!.... '' මියුන් තදින් කිව්වේ ගවීෂ් එයාටම ලාවට හිනා වෙද්දි...

'' දැනගන්න ඕන දේවල් දන්නවා.. ඇයි නැද්ද ?  '' ගවීෂ් ආපස්සට ඇහුවේ මියුන්ගේ මූණ දිහා බලාගෙන... තත්පරයක දෙකක නිශ්ශබ්දතාවයක්....

' මොකද සද්ද නැත්තේ තමුසේ ? '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ කොන්ඩේ අවුල් කරලා.. වැවුනායින් පස්සේ කොන්ඩේ අත ගාපු පළවෙනි සැරේ... කොන්ඩේ සිනිදුයි... සති ගාණක් හිතේ තිබුනා මියුන්ගේ කොන්ඩේ අල්ලලා බලන්න... සීතල කොන්ඩේ අතරින් ඇගිලි තුඩුවලට දැනෙන මියුන්ගේ ඔළුවේ උණුහුම... ජිවීතේ කිසිම කෙනෙක්ගේ ඔළුව මෙහෙම අත ගාලා නැති ගවීෂ්ගේ සම්පූර්ණ අවධානයම මේ වෙද්දි මියුන් දිහාවට...

''අත ගනින්.. '' මියුන් ටික වෙලාවකින් සැර කලේ ගවීෂ්ගේ අත දමලා ගහලා... සප්‍රයිස් වෙන්න දෙයක් නැ.. ඒ මියුන්ගේ හැටිනේ.. ගවීෂ්ටත් හොස්ස අගින් මැස්ස යන්න බැරි උනාට මොකද මියුන්ගේ කන් පෙති රතු වෙලා තියන විදියට කේන්ති යන්නේත් නැ...

'' හහ්.. අං බොගේ අං දෙක කොච්චර මතු වෙලාද කියලා බැලුවේ.. . '' ගවීෂ් කිව්වේ රතු වුන කන්පෙතිවලින් ඇස් අහකට ගන්නැතුව... එදා වොෂ්රූම් එක ඇතුළේ යන එන මං නැති කලේ මේ කන් දෙක තමයි...  කියනවට විශ්වාස කරපන් , මියුන්ගේ කන් පෙතිවල හරි අමුතු ලස්සනක් තියෙනවා.. ගවීෂ් එහෙමම මියුන්ගේගේ බෙල්ල වටේ අත් දෙක යැව්වේ නළල මියුන්ගේ උරහිස උඩින් තියාගන්න ගමන්... මියුන්ව සයිඩ් හග් කරන්න ,එච්චර කන්ෆිඩන්ස් එකක් ආවේ කොහෙන්ද කියලා මිනිහාටම හිතාගන්න බැ.... දැන් මියුන් එයාව එහාට තල්ලු කරයි කියලා ගවීෂ්ට බය හිතෙන්නේම නැති තරම්...

'' මට උබෙන් මේක ඕන වෙලා තිබ්බේ.. ඒක නිසා තල්ලු කරන්න හිතන්නවත් එපා තමුසේ.. '' ගවීෂ් මියුන්ගේ කනටම මිමිණුවේ මියුන්ගේ හ්ම් සද්දයක් නැති නිසා.. මියුන් ගාව හරිම රස්නෙයි... හැමදාම ගවීෂ්ට ඕන වුන විදියේ රස්නයක්... හිතුවක්කාර හදවතට පොඩ්ඩක් සැර කරලා සන්සුන් කරන්න පුළුවන් විදියේ රස්නයක්... රණ්ඩු කරලා කරලාම හරි හැමදාම ලේ රස්නෙට තියාගන්න පුලුවන් විදියේ හැගීමක්... මියුන් ආපස්සට හග් කලේ නැති උනාට , එයාව එහාට තල්ලු නොකරපු එකම ගවීෂ්ට සහනයක්...

'' උබටත් දවසක කවුරුම ගැන හරි මේ ෆීලින්ග් එක දැනෙන්න ඕන...ඒත් එදාට උබ මං තරං අසරණ නොවෙන්න ඕන... '' ගවීෂ් නළල මියුන්ගේ උරහිස උඩ තියාගෙනම මිමිණුවේ අදුරේ තිබ්බ නිශ්ශබ්දතාවේ ආයේමත් එයාලාව ගිලගනිද්දි...

'
'
'
'
'
'

~ මතු සම්බන්ධයි ~




* මෙච්චරයි මේ සතියට.. Edit කරන්න පැයකට වඩා ගියා මං හිතන්නේ... මේ පොත නිසා තමයි තාම බැල්කනියෙන් පනින්න හිතෙන එක නවත්තගෙන ඉන්නේ.... නැත්තන් ළගදිම බෙන්සීන් වලය බෙල්ල වටේ ඔතාගෙන බෙල්ල වැළලා ගන්නවා... ඇහැට නොපෙනුනාට ඔය ක්ෂුද්‍ර ජීවියො නිසා මාරම අගතියට පත් වෙලා ඉන්නේ ඔව්..  ගෞරවයෙන් බුදුසරණයි , එහෙනම්..

Continue Reading

You'll Also Like

437K 85.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
236K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...